The Bitter Sweet Harmony ❤️🔥
Pari🖤
Previous Episode .....❤️🔥
https://telegra.ph/The-Bitter-Sweet-Harmony-04-13
28th Episode ....❤️🔥
පහුවදා උදේ ගෙදර යන්න සංජනා බඩු ලෑස්ති කර කර ඉද්දී ආරු ෆෝන් එක බැලුවා. එතකොට තමා ආරු ඇවිල්ලා තිබ්බ මැසේජ් දැක්කේ.
ඒවා දැකලා අරුගේ අතින් ෆෝන් එක වැටුනා.
" ආරු මොකද වුනේ...." සංජනා.
ආරු එකපාර හයියෙන් හිනා වෙන්න ගත්තා.
සංජන බිම වැටුන ෆෝන් එක අරගෙන බැලුවා. ඒකේ තිබ්බ දේ දැකලා සංජනාගෙත් ඇස් ලොකු වුනා.
" ආරු... මේ... මේ...."
" ඔව්... ඒ ආයුශ්... එයාම තමා..." ආරු හයියෙන් කෑගහද්දි එළියෙ හිටිය සරස් ආයුග් දෙන්නා දුවගෙන ආවා.
" මම ඌව මරනවා... උබට හැම වැරැද්දම දාලා ගියේ එතකොට ඌ හොඳයිද... මම ඌව කෑලිවලට කපනවා..." කිව්ව සංජනා තරහෙන් එළියට යන්න යද්දි සරස් ඉක්මනට සංජනාව අල්ලගත්තා.
" මොකක්ද වුනේ සංජූ.... ඒක කියලා ඉන්නකෝ ඊටපස්සේ ඔයාට ඕන එකාව මමම මරන්නම්..." සරස්.
" මේ බලන්න..." කියලා සංජනා ෆෝන් එක සර්ස්ට දුන්නා.
සරස් ෆෝන් එක බලලා ආයුග් දිහා බැලුවා. ආයුග් ෆෝන් එක දිහා බලලා බැලුවේ ආරු දිහා.
ආරු මේ වෙලාවේ බිත්තිය දිහා බලන් හිටියත් ආරුගේ මූණේ තිබ්බ හැඟීම් කියවගන්න කාටවත් බැරිවුනා.
" මේ ඉන්නේ මන්දනා නේද...." ආයුග්.
" ඔව් ඒකි තමා...." සරස්.
ඒකේ තිබ්බේ ආයුශ් මන්දනා එක්ක නිදියගත්ත ෆොටෝස් වගයක්. ඒ ටික අරුට එවලා තිබ්බෙ මන්දනා.
" ෆෝන් එක දෙන්න...." ආරු තද හඬින් කිව්වම ආයුග් දුන්නා.
ආරු ෆොටෝ ටික ආයුශ්ට දැම්මා. ඊටපස්සේ ආයුශ්ට කෝල් එකක් ගත්ත.
" හෙලෝ ආරු...."
" නෑ සාක්ෂී... සාක්ෂි කියලා කියන්න ආයුශ්... මොකද ඔයා මාව දාලා ගියානේ.. දැන් අපි දෙන්නට කිසිම සම්බන්ධයක් නෑ.. මම අනික් කෙල්ලො වගේ දාලා ගිය අය පස්සේ අඬාගෙන යන්නෙ නෑ.. මම එපා කියද්දි ගියා නම් මට ආයේ වැඩක්ම නෑ... ඉස්සෙල්ලම මම එවපු ෆොටෝ ටික බලන්න...."
ආරු එහෙම කියලා විනාඩියක් විතර සද්ද නොකර හිටියා. මේ වෙලාවේ හොස්පිටල් රූම් එකේ ඇතුළෙත් කිසිම සද්දයක් නෑ.. ඉදිකටුවක් වැටුනත් සද්දෙ ඇහෙනවා.
" බැලුවදා ආයුශ්... දැන් මොනාද කියන්න තියෙන්නේ... මගේ පිටම වැරැද්ද දැම්මනේ එතකොට දැන් මම විතරද වැරදි කරලා තියෙන්නේ..."
" ආරු.. මම කියන..."
" මට කියන්න දුන්නද ආයුශ් මට පැහැදිලි කරන්න දුන්නද... තමුන්වත් අම්ම්වත් මට පැහැදිලි කරන්න දුන්නද... "
" මට සමාවෙන්න ආරු එදා මම ක්ලබ් එකට ගිය දවසේ මට බීලා ඉද්දි මන්දනා එක්ක... මට සමාවෙන්න ආරු.. මට සමාවෙන්න..."
" සමාවෙන්න... සමාවෙන්න... හහ්... ඒක හරිම ලේසියි නේද ආයුශ් සමාවෙන්න.. තමුසේ... ඇත්තමයි ආයුශ්... එතකොට තමුසේ දැන දැනම මාත් එක්කත් සම්බන්ධය තියාගත්තා... ආයුශ් මමද තමුන්ගේ පස්සෙන් ආවේ... මමද අ.. පිරිමි ඔක්කොම එකයි කියලා තමුසේ ආයේ ඔප්පු කරා ආයුශ්.. තමුසෙගේ මන්දනාට කියනවා මට මේ වගේඅඟුල් එවන්නෙපා කියලා ඒවගෙන් මගේ හිත රිදෙන්න දැන් මට හිතක් නෑ තේරුනානේ ආයුශ්..." කිව්ව ආරු කෝල් එක කට් කරා.
ආරු එහෙම්මම ඇඳේ ඉඳගෙන අඬන්න ගත්තා. සංජනා ආරු ළඟට ඇවිල්ලා ආරුව වැළඳගත්තා.
" ඇයි සංජූ... ඇයි සංජූ මටම මෙහෙම වෙන්නේ මම මොකක්ද කරපු වරද... මගේ තාත්තා කියන කෙනා ඉස්සෙල්ලම මට පිරිමින්ව එපා කෙරෙව්වා... පිරිමි විශ්වාස කරන එක එපා කෙරෙව්වා... ඊටපස්සේ මම පාඩුවේ හිටියනේ.. ඇයි ආයුශ් එහෙම කරේ සංජූ... එයා දැනගෙන ඉඳලනේ එතකොට... ඇයි මගේ ජීවිතේට ආව පිරිමි ඔක්කොම එහෙම... ඇයි මටම එහෙම වෙන්නේ... "
" ඒවා හිතන්නෙපා ආරු... දැන් ඒවා හිතන්නෙපා..."
" හිතන්නැතුව කොහොමද සංජූ... මම හැමදේම කරේ අම්මා වෙනුවෙන් අන්තිමටම එයත් මාව දාලා ගියා... මම මොකක්ද කරපු වැරැද්ද සංජූ.... හැමෝගෙම ජීවිත වෙනුවෙන් මම ආස කරන දේවල් අතහැරපු එකද... අපිට සල්ලි නැති කාලේ මම කීයක් නම් දේවල් අතහැරියද මගේ වියදම අඩු කරන්න... ඔයාට මතකනේ මම ස්කෝලේ එන එක පවා අඩු කර.. පවුලේ වැඩිමලා හින්දා මම පොඩි අයට තැන දෙන්න කියලා කොච්චර නම් දේවල් කරාද... ලොකු නංගී එයා කරපු දේ අන්තිමට... චූටි නංගි මට මෙහෙම දෙයක් වෙලත් මට එක කෝල් එකක්... අඩුම මැසේජ් එකක්... ඇති සංජූ... මට දැන් මහන්සියි.... මට බෑ දැන්..."
" ආරු.... බය වෙන්නෙපා මැණිකේ... අපි ඉන්නවා ඔයාගේ ඕනම දේකට... මම ඔයාව කවදාවත් අතහරින්නේ නෑ මැරෙන්න වුනත් එනවා උබ එක්ක..."
සංජු ආරු එක්ක කතා කරලා ආරුව සනසගෙන කට්ටියම ආපහු කොළඹ ආවා.
ආරු අපාර්ට්මන්ට් එකට යද්දි හැරිලා බැලුවේ ආයුශ්ගේ අපාර්ට්මන්ට් එක දිහා. සුසුමක් හෙලලා ආරු ඇතුළට ගිහින් ඇඳට වැටුනා.
ටිකකින් සංජනා ඇවිල්ලා ආරුට කතා කරා.
" ආරු මම ගිහින් එන්නම්... උදේම එන්නම්.. ආයුග් අයියා ඉන්නවා."
" මොකක්... එයා මොකටද ඉන්නේ...."
" ආරු... ඔයා තනියම හදිසියේ මොනාහරි..."
" මම මෙච්චර කල් තනියමනේ හිටියේ සංජූ... මට මගේ ඉතුරු කාලෙත් එහෙම ඉන්න පුලුවන්... මට මගේ දරුවෝ දෙන්නා ඉන්නවානේ මට ඒ ඇති..."
" නංගී... ඒත් දරුවොන්ට තාත්තා කෙනෙක් ඕන...ඔයාලාගේ ආරක්ෂාවට පිරිමියෙක් ඕන..." සරස් කාමරයට එනගමන් කිව්වා.
" ම්හ්... මෙච්චර කල් හිටියේ නැති අය දැන් මොකටද... මම නිරූව දැන් අවුරුදු තුනකට කිට්ටු වෙන්න බලාගන්නවා නිරූ මේ වෙනකන් මගෙන් තාත්තාව අහලා නෑ.. මට මගේ අනිත් දරුවත් ඒ වගේම හදාගන්න පුලුවන්... ආරක්ෂාව.. මට ඇතිවෙන්න සල්ලි තියනවා බොඩිගාඩ්ලා දහයට සීයක් හරි ගන්න පුලුවන්... මම කවදාවත් පිරිමියෙක්ගෙන් යැපෙන්නෙ නෑ.. මට කාවවත් ඕනෙත් නෑ..."
" ඒත් මට ඔයාව ඕනේ අරන්යා..." ආයුග් ආරු ළඟට එනගමන් කිව්වා
" මම කියන දේ පොඩ්ඩක් අහන්න ආරන්යා... මට ඔයාව ඕනේ... ඔයාට මාව ඕන නොවෙන්න පුලුවන් ඒත් මට ඔයාව ඕනේ... මෙච්චර කාලෙකට මම කරපුවට සමාවෙන්න.. ප්ලීස්... මට මගේ දරුවා වෙනුවෙන්වත් ඉන්න දෙන්න... ඔයා මේ දරුවට ආදරේ කරනවා වගේම තමා මාත් ආදරේ කරන්නේ... ප්ලීස් ආරන්යා...." ආයුග් ආරු ළඟ දණගහගෙන ඉල්ලුවා.
" හොඳයි ඉන්න පුලුවන්... ඒත් මගේ කිසිම දේකට අත දාන්න බෑ... කිසිම දේකට...."
" හරි... මම ඔයා කියන විදිහටම ඉන්නම්...."
දවස් දෙකක් ගියා. ආරු ගෙදරින් එළියට ගියේ නෑ මේ දවස් දෙකේම. එක්කො නිරූ එක්ක නැත්තන් බැල්කනි එකට වෙලා ඈත බලන් කල්පනා කරනවා. පහුගිය දවස් දෙකේම සරස් සංජන දෙන්නා විඩෙන් විඩේ ආවා. ආරු ආයුග්ට ගෙදර ඉන්න චාන්ස් එක දුන්නත් ආරු හැසිරුනේ ගෙදර එහෙම කෙනෙක් නෑ වගේ. ආරු ඒ හැසිරුනු විදිහෙන් ආයුග්ගේ හිත ගොඩක් රිදිලා තිබ්බේ.
රෑ වෙලා ආරු කාමරේට ගියාට පස්සේ ආයුග් කෙලින්ම ගියේ බාර් එකට. ෂොට් එකක් දෙකක්... නෑ පහ හයකට වඩා ගන්න ඇති.. අන්තිමට සරස් ඇවිල්ලා ආයුග්ගේ ග්ලාස් එක උදුරලා ගත්තම තමා ආයුග් ඒ වැඩේ නැවැත්තුවේ.
" පිස්සුද යකෝ උබ මොකද මේ කරන්නේ... අර කෙල්ල ගෙදර දාලා උබ ඇවිල්ලා මෙහෙම බිව්වම හදිස්සියක්වත් වුනොත් මොකද කරන්නේ.. "
" මට පිස්සු තමා බන්.. මට පිස්සු... මම ඇයි බන් ආරන්යාට එච්චර වද දුන්නේ....."
" උබ නංගි එක්ක එකපාරක් හරි කතා කරලාබැලුවද.."
" කතා කරන්නත් එයා මගේ මූණ දිහාවත් බලන්නෑ බන්..."
" අනේ මන්ද දන්නෙ නෑ බන්... මට කියන්න තියෙන්නේ ඉවසන්න කියලා තමා... නංගි කවදහරි සමාව දෙයි... පහුගිය ටිකේ වුන දේවලුත් එක්ක කෙල්ල අවුල් වෙලානේ ඉන්නේ... "
ආයුග්ට කෝල් එකක් ආවා ඇනී අම්මගෙන්.
" හෙලෝ ඇනී අම්මා... මොකක් හරි හදිස්සියක් ද..."
" අනේ අඅයුග් මහත්තයෝ චූටි නෝනා මේ රෑ කොහෙද ගිහින්...."
" මොකක්.... ආරන්යා... ඇනී අම්මේ තනියම... ශුවර් එකට...."
" ඔව් අඅයුග් මහත්තයෝ කාර් එකක යතුරකුත් අරගෙන එළියට යනවා මම සීසීටීවී එකෙන් දැක්කේ... මම නිරූ බේබි අඬනවා ඇහිලා කාමරේට ගිහින් බලද්දි චූටි නෝනා හිටියේ නෑ ඒ හින්දා තමා දැක්කේ චූටි නෝනා යන එක... අනේ මගේ චූටි නෝනට කරදරයක්වත් වෙයිද දන්නෑ මහත්තයෝ...."
" ඇනී අම්මා කලබල වෙන්නෙපා.. මම ආරන්යාව හොයාගෙන එන්නම්..." කියලා ආයුග් කෝල් එක කට් කරා.
"ආරන්යා ගිහින්ලු බන්....ටික්කට කොල් එකක් ගනින් ඉක්මනට... මුළු කොළඹම සර්ච් කරන්න කියපන්... අපිත් යන්...." කියලා ආයුග් ඉක්මනට ආවා.
ආයුග් පැය කාලක් විතර වාහනේ එහාට මෙහාට ගියා. එතකොට තමා ටික්කගෙන් කෝල් එකක් ආවේ.
" බොස් මැඩම් බීච් එකේ ඉන්නවා...."
ආයුග් සරස්වත් හිටිය තැනම බස්සලා ඉක්මනට බීච් එකට ගියා. ටික්කලා ඒ වෙනකොටත් ආරුට ඈත ඉඳන් ආරක්ෂාව දෙනවා. ආරු ළඟට කිසිම කෙනෙක්ට ළං වෙන්න ඉඩක් තිබ්බෙ නෑ.
ආයුග් වාහනේ ආරුගේ කාර් එක ළඟින්ම නවත්තලා ආරු ඉන්න පැත්තට ගියා. ආරු ළඟටම යන්නෙ නැතුව ආරුගේ පිටිපස්සෙන් නැවතුනා.
හොඳම වැඩේ කියන්නේ ආරු හිටියේ මේ වෙලාවේ බරපතල වැඩක. දවස් ගාණකට පස්සෙ අද ආරු බඩ පිරෙන්න කනවා. හැබැයි බත් නෙවෙයි ස්ට්රීට් ෆූඩ්ස්... කෙල්ලගේ වටේම එක එක ජාතියේ කෑම..
ආයුග්ට ලාවට හිනාවකුත් ගියා. කට්ටියගෙම ඇඟේ ලේ රත් කරලා මෙයා කරන වැඩේ දැකලා. කකා ෆෝන් එක බලනවා.
ආරු දැනගෙන හිටියේ නෑ ආයුග් ආවා කියලා.
ආරු හිටියේ කන ගමන් ඉන්ස්ටග්රෑම් එකේ රීල්ස් බලන ගමන්.
ඒ වෙලාවේ එකපාරටම ආව රීල් එකක් දැකලා ආරුගේ කල්පනාව ඒකේම නතර වුනා.
ඒකෙ තිබ්බේ....
vampire diaries කියන tv show එකේ characters දාලා හදපු රීල් එකේ.
ඒකේ heroine Elena gilbert, me or world කියලා අහනවා...
එතකොට එලීනා ආදරේ කරපු stephan salvatore තෝරගන්නේ world.... හැබැයි ඒකෙ මුලින්ම villain විදිහට හිටිය damon salvatore කියන්නේ Ilet the world burn for you කියලා.
ආරුට ඒකෙන් මතක් වුනේ ඊයේ සරස් කියපු දෙයක්. ආරු පැත්තකට වෙලා කල්පනා කර කර ඉන්නවා දැකලා සරස් ආරු එක්ක කතා කරා.
" නංගි මට ඔයාට කියන්න දෙයක් තියනවා.. ඒක ඔයා කොයි විදිහට ගනීද කියලා දන්නෙ නෑ.. ඒත් මට මේ දේ කියන්නම ඕන... නංගී ඔයා තමා ආයුග්ගේ අවුරුදු 29ටම ආයුග් ආදරේ කරපු එකම කෙනා.. ඌ ඔයා වෙනුවෙන් පණ වුනත් දෙයි... නංගි එදා නැන්දලාට කතා කරලා ප්රශ්නේ විසඳලා ගියාට පස්සේ ආයුග් කරේ දවස් ගාණක්ම බීපු එක... ඒත් මොන විදිහට බීලා හිටියත් ඌ ඔයා යන හැම පස්සෙනම ආවා.. නංගි දන්නෙ නැතුව ඇති බ්ලේඩ්ගේ උන් ඔයා පස්සේ පැන්නුවේ පිස්සු බල්ලො වගේ.. ආයුග් ඒ හැම එකෙක්වම මරලා දැම්මා.. ඒ දවස් ටිකේ ඔයා පස්සෙන් හිටපු හින්දා ඌ චීෆ්ගෙන් බැනුනුත් ඇහුවා.. ඇයි එදා නිරූව පැහැර ගත්ත වෙලේ... ඌ ඔයාව බේරගන්න කරපු දේ.. ඌ හරි නම් පොලිස්කාරයෙක් විදිහට එදා අර කෙමිකල් එක ඇළට වැටෙන්න ගිය එකෙන් බේරගන්න ඕන... ඒත් ඌ කරේ ඔයාව බේරගන්න දුවපු එක... එදා මං ඌට බැන්නත් එක්ක... ඌ ඒත් කිව්වේ මුළු ලෝකෙම විනාශ වුනත් ඌ තෝරගන්නේ ඔයාව කියලා... ඌ චීෆ්ගෙන්ගුටිත් කෑවා එදා ඒ කරපු දේට... ඌ ඔයාට කලින් කරපු දේවල්වලට සෑහෙන්න විදවනවා නංගි... මම ඔයාගෙන් එකම එක දෙයයි ඉල්ලන්නේ ඌට සමාව දෙන්න නංගී.. ඌ ඔයාට ඇත්තටමයි අඅදරේ කරන්නේ... ඌ ආයුශ් වගේ නෙවෙයි...."
ආරුට මතක් වුන ඒ කතාවත් එක්ක ආරුට හිතුවේ එයා හරියට එලීන වගේ නේද කියලා. ස්ටෙෆන් ඩේමන් දෙන්නා වගේම ආයුග් ආයුශ් කියන්නෙත් සහෝදරයෝ.. මල්ලි වුන ස්ටෙෆන් ලෝකේ තෝරගද්දි ආයුශුත් එදා කරේ ඒක. අයියා ඩේමන් එලීනාව තෝරගන්නවා වගේ ආයුග් කරන්නෙත් ඒක.
" ඔයා හරිම පුදුම මනුස්සයෙක් ආයුග්...." ආරු කිව්වා.
ආයුග් හිතුවේ ආරු එයාව දැකලා එහෙම කිව්වා කියලා. ඒ හින්දා ආයුග් ගිහින් ආරු ළඟින් ඉඳගත්තා.
" ඇයි එහෙම කිව්වේ ආරන්යා..."
ආරු පුදුමෙන් ආයුග් දිහා බැලුවේ මොන ලෝකෙන් කඩාපාත් වුනාද කියලා හිතාගන්න බැරුව.
" තමුසෙ මොකද මෙතන කරන්නේ..."
" අහ්... සොරි... මම... මම..."
ඒත් ඊළඟට ආරු කිව්ව දෙයින් ආයුග්ගේ කටත් ඇරුනා.
" ආයුග් මාව මැරි කරනවා... මේ මාසේ ඉවර වෙන්න කලින්... හැම කෙනෙක්ටම එන්න කියන්න ඕන වෙඩින් එකට...."
__________________________________________
එච්චර ලේසියෙන් සමාව දෙන එක නම් සැකයිනේ...
ඒක නෙවෙයි ඔයාලා vampire diaries බලලා තියනවද.. බලලා තියන අය ආසම character එකේ නම දාගෙන යන්න බලන්න.. මගේ නම් klaus mikelson ❤️🔥
reaction දාන්න comment කරන්න...
ආදරෙයි හැමෝටම 🖤