The Bitter Sweet Harmony ❤️‍🔥

The Bitter Sweet Harmony ❤️‍🔥

Pari🖤
Bound by pain, United by love .....



Previous Episode ......❤️‍🔥

https://telegra.ph/The-Bitter-Sweet-Harmony-04-11



27th Episode....❤️‍🔥


" මිස්... ඔයා පරිස්සම් වෙන්න ඕන කියලා දන්නෙ නැද්ද... ඔයාගේ ඩොක්ටර් කිව්වෙ නැද්ද නැත්තන් ඔයා දන්නෙ නැද්ද ඔයා ප්‍රෙග්නන්ට් කියලා..." ඒ ඩොක්ටර් අහද්දි ආරුට කට උත්තර නැති වුනා. ආරු ආයුශ්ගෙයි දිව්‍යාගෙයි මූණු දිහා මරුවෙන් මාරුවට බැලුවා.


" මොකක් ආරු ප්‍රෙග්නන්ට්..."


" අයියේ මම..."


" ආරු... ඔයා මාව රැවැට්ටුවද..." ආයුශ් බිඳුණු හඬින් ඇහුවා.


" අහ්... මම යන්නම්... ඔයාලා ප්‍රශ්න විසඳගන්න..." කියලා ඩොක්ටර් නර්ස් එක්ක එළියට ගියා. ආයුගුත් ඒ පස්සෙන්ම එළියට ගියා.


" අයියේ.. මම දන්නෑ අයියේ මාව විශ්වාස කරන්න..."


" ඒ කියන්නේ දරුවා ආයුශ්ගේ නෙවෙයිද...." දිව්‍යා.

ආයුශ් නෑ කියන්න ඔලුව වැනුවා.


ඒත් එක්කම දිව්‍යා ආරුගේ කනට ගැහුවේ ආරු බලාපොරොත්තු වෙලා හිටිය විදිහටමයි.


" තමුසෙත් තමුසෙගේ මහ එකා විදිහටමයි හැදෙන්නේ බලන් ගියාම... මම හිතන් හිටියෙත් තමුසෙවය්හ් හොඳට ඉඳී කියලා මේ කොල්ලා එක්ක... මීට වැඩියේ හොඳයි මාව මරලා දාපන්... උබලගේ මේවා බලන්න මම හිටියනේ.. ෂික්... ෂික්... තමුසෙව මගේ දුවක් කියන්නත් ලැජ්ජයි... මේ බඩේ ඉන්න එකා ඉපදෙන්න බෑ ආරු රට යන්... ඇබෝෂන් කරනවා ඕකව...."


ඒක ඇහුනම නම් ආරුට යකා නැග්ගා.


" ඇති ඇති හොඳටම ඇති... අම්මේ ඔයාට මාව රූකඩයක් වගේද පේන්නේ... ඔව්.. කොහොමත් මම මගේ ජීවිත කාලෙම හිටියේ ඔයාගේ රූකඩයක් වගේනේ ඔයාට ඕන හැමදේම මම කරා... ඔයා කිව්ව අය ආශ්‍රය කරා... ඔයා එපා කියන ඒවා නොකර හිටියා... හහ්... මගේ මේ වැරැද්දට... ඒත් පොඩ්ඩක් ඉන්න ව්ඇරැද්දක් කියලා දැනගන්නවත් ඔයා මට කතා කරන්නද දුන්නද නෑනේ... මම මට කියලා මෙච්චර කාලෙකට දෙයක් ඉල්ලුවේ නෑනේ අම්මේ... නිරූව හදාගත්ත එක විතරයි මම ඉල්ලුව එකම දේත්.. අදත් මම කියන්නම්... අම්මා අකමැති වුනත් මට වැඩක් නෑ මම මගෙ දරුවව හදාගන්න.. මේ මගේ ලේවලින් හැදුනු දරුවා.. අම්මේ අම්මත් අම්මා කෙනෙක් නෙද කොහොමද හිත හදාගෙන ඔහොම කියන්නේ...." ආරුට තරහ වැඩිකමට ඇඩෙනවා. අනික ආරු අදම තමා දිව්‍යාට මෙහෙම කතා කරේ.


" තමුසෙට ඒ දේ කරන්න බෑ නම් අදින් පස්සෙ මේ අම්මා නෑ තමුසෙට... තමුසේ මේ රත්තරන් කොල්ලාගේ මූණක් බලාගෙන කොහොමද ඔහොම කරේ... මම යනවා ආයේ මගේ ඇස්වලට පේන්න එන්න එපා..." කිව්ව දිව්‍යා ගියා.



" අම්මේ....අම්මේ...." කියලා ආරු ඇඳෙන් බැහැලා දිව්‍යාගේ පස්සෙන් යන්න ගියත් අන්තිමට වුනේ කෙල්ලගේ අතේ තිබ්බ කැනියුලා එකට අත තුවාල වුන එක විතරයි. දිව්‍යා හැරිලාවත් බලන්නෙවත් නැතුව යන්න ගියා.


ආයුශුත් ඒ එක්කම නැඟිටලා යන්න ගියා.


" අයියේ ඔයත්...."


" මට සමාවෙන්න ආරු.. මම හිතුවේ නෑ ඔයා මෙහෙම කරයි කියලා..."


" එතකොට ඔයා කරපු දේ හරිද අයියේ... ඔයා අද මගේ ඉස්සරහම මන්දනා එක්ක එන්ගේජ් වුනෙ.. ඒ මන්දනා තමා මාව පූල් එකට තල්ලු කරෙත්... ඔයා හොඳටම දන්නවා මට පීනන්න බෑ කියලා එහෙම වෙලත් ඔයා බේරගත්තේ මන්දනාව... ඇයි අයියේ එහෙම කරේ... ඇයි එහෙම කරේ... මම ප්‍රෙග්නන්ට් වෙලා නොහිටියත් ඔයා ඒ දේ කරනවනේ.. ඔයා මට ආදරේ කරේ බොරුවටද එතකොට... මන්දනා කිව්වා වගේ මම එයා වෙනුවට ඔයා තෝරගත්ත කෙනෙක්ද..."


ආයුශ් කිසිම දෙයක් නොකියා යද්දි ආරු හොඳටම අඬන්න ගත්තා.


ආයුශ් දොර ළඟට ගිහින් හැරිලා බලලා,


" මට සමවෙන්න ආරු...." කියලා මුමුණලා යන්න ගියා.


ආයුග් ඩොක්ටර් හම්බෙලා ආයේමත් ආරු බලන්න ආවේ මාර සතුටකින්. ඒත් ඒ එද්දි අඅරු බිම වැටිලා හොඳටම අඬනවා. ආයුශ්වත් දිව්‍යාවත් හිටියේ නෑ.


" ආරන්‍යා මොකද වුනේ...."


" අම්මා... අම්මා... මාව දාලා ගියා... අයියා එයත් ගියා... " කියන ගමන් ආරු අඬන්න ගත්තා.


" මම ඉන්නවා ඕන දේකට ඔයා එක්ක ආරන්‍යා..." කියන ගමන් ආයුග් ආරුව තුරුල් කරගත්තා.


" ආරන්‍යා ඔයා දරුවව නැති කරන්නෙ නෑ නේද...." ආයුග් අහද්දි ආරු පුදුමෙන් ආයුග් දිහා බැලුවා.


" මම දරුවා නැති කරනවා නම් මගේ අම්මා මාව දාලා යනවද ආයුග්... එයාට මගේ ද්අරුවව නැති කරන්න ඕන වුනේ... මගේ දරුවව.. එයාට තාත්තා කෙනෙක් ඕන නෑ එයාට මං ඉන්නවා.. මම එයාව බලාගන්නවා..." ආරු අඬන ගමන්ම කිව්වා.


" ආරන්‍යා මේ දරුවාගේ තාත්තා මම...."


ආයුග් එහෙම කිව්වම ආරු ආයුග්ගෙන් ඉකමනට ඈත් වුනා. ආරුගේ ඇස් තරහෙන් පිරිලා ගියා.


" තමුසේ... තමුසේ මගේ ජීවිතේම විනාශ කරා අඅයුග්.. තමුසෙට සතුටුද දැන්.. මගේ අම්මා මාව දාලා ගියා මම ආදරේ කරපු කෙනා මාව දාලා ගියා... තමුසෙට සතුටුද දැන්.. තමුසෙට ඕන වුනෙත් ඒකනේ... මම තමුසෙට වෛර කරනවා ආයුග්...I hate you...ආ... ආව්..." කියන ගමන් ආරු එකපාර බඩ අල්ලගත්තේ බඩෙන් ලොකු වේදනාවක් අඅව හින්දා.


" ඩොක්ටර්....ඩොක්ටර්...." ආයුග් කෑගහන්න ගත්තේ ආරුගේ කකුල් දිගේ එන ලේ දැකලා බය වෙලා.


ඩොක්ටර් ආවම ආයුග් ඩොක්ටර්ට ආරුව චෙක් කරන්න දීලා එළියට ගියා. ආයුග්ට මතක් වුනේ එදා ක්ලබ් එකේදි වුන දේ.


පුරුදු විදිහටම එදත් ආයුග් ආරුගේ පස්සෙන් ගිහින් හිටියෙ. එකපාර ආරුගේ පස්සෙන් කට්ටියක් පන්නනවා දැකලා ආයුග් ආරුව එයා හිටිය රූම් එකට ඇදලා ගත්තා. ආරුව තුරුල් කරගෙන ඒ අය ගියාද කියලා බලන් ඉන්නකොට එකපාර ආරු ආයුග්ගේ ෂර්ට් එකෙ බටන් ගලවන්න පටන් ගත්තා.


" සාක්ෂි... මොනාද මේ කරන්නේ..."


ආයුග්ගේ තොල් මතට ඇඟිල්ලක් තිබ්බ ආරු,


" ෂ්ෂ්.... Don't call me sakshi... call me Aranya... what a beautiful name..." කියාලා ආයෙමත් ආයුග්ගෙ ෂර්ට් එකේ බටන් ගලවලා අයුග්ගේ පපුව සිපගත්තා.


ආයුග්ට තේරුනා කවුරු හරි ආරුට ඩ්‍රග් එකක් දීලා කියලා.


" සාක්ෂි... බලනවා මම කවුද කියලා..."


" නොට් සාක්ෂී... I'm Aranya..."


" හරි ආරන්‍යා බලන්න හොඳට මම කවුද කියලා..."


" ඔයා මගේ ආයු....ආයු...."


ආයුග්ට තේරුනා ආරු එයාව ආයුශ් කියලා හිතන් ඉන්නෙ කියලා.


" මම ආයුශ් නෙවෙයි ආරු මම ආයුග්...."


" මම දන්නවා ඔයා මගේ ආයු... මට ඔයාව ඕනේ.. " කියන ගමන් ආරු ආයුග්ගේ බෙල්ල දිගේ අත යැව්වා.


කාගේ වුනත් ඉවසීමේ සීමාවක් තියනවනේ. ආයුග් එකපාර ආරුගේ දෙතොල් අල්ලගත්තේ ආරුත් ආයුග්ට සපෝට් කරද්දි. ඒත් ආයුග් පියවි සිහියට ඇවිල්ලා ආරුව ඈත් කරා එකපාරටම.


" නෑ.. මේ දේ හරි නෑ.. මම ඔයාව හොස්පිටල් එක්ක යන්නම්..." කියලා ආයුග් ආරුට කිව්වත් ආරු ආයුග්ව ඇඳට තල්ලු කරා.


" ම්ම්... හොස්පිටල් නෙවෙයි යන්න ඕන... "


අන්තිඅමට ආයුග්ගේත් ඉවසීමේ සීමාව පැනලා ආරු එක්ක අනුරාගි හෝරා කිහිපයක් ගත කරා. ආරු නින්දට වැටුනට පස්සේ ආයුග් කල්පනා කරේ මොකද කරන්නෙ කියලා. ආයුග් දැනගෙන හිටියා ආරු මේ දේ දැනගත්තොත් තමන්ට තවත් වෛර කරනවා කියලා. ඒ හින්දාම ආරුගේ ඇඳුම් ආයෙම තිබ්බ විදිහටම අන්ඳලා ආයුග්ගේ රූම් එකෙන් පිටවුනා. රූම් එක ළඟ ගාඩ් එකටත් කට්ටිය දැම්මා. උදේ ආරුව ඇරලුවේ ආයුග්ගේ කොල්ලෙක් තමා.


ආයුග් ඒ වුන දේ කවදාවත් ආරුට නොකියා ඉන්නවා කියලා හිටියත් අද ආරු ප්‍රෙග්නන්ට් කියලා දැනගත්තම ආයුග්ට තවත් ඒ දේ නොකියා ඉන්න බැරි වුනා.


ආයුග් කල්පනා ලෝකේ ඉන්නකොට තමා ඩොක්ටර් එළියට ආවේ.


" ඩොක්ටර්.."


" අපි එයාට නින්ද යන්න බෙහෙත් දුන්නා.. miscarriage එකක් වෙන්න ගියේ මිස්ටර්... එයාව හොඳට බලාගන්න හිත කලබල කරන්නෙපා.."


" හරි ඩොක්ටර් තැන්ක්‍ යු..."


ආයුග් ඇතුළට ගිහින් ආරුව බැලුවා. ආරුට හොඳටම නින්ද ගිහින් ආරුගේ ඔලුවත් අතගාලා නළලට කිස් එකක් දීලා ආයුග් ආරු ළඟිනම ඉඳගත්තා.


ආරු නැඟිටිනකොට දැක්කේ එයා ළඟ ඉඳගෙන ඉන්න සංජනාව.


" සංජු..."


" ආරු ඔයා නැඟිට්ටද... බඩ රිදෙනවද තාම ඩොක්ටර්ට කතා කරන්නද.."


" ඕන්නෑ සංජූ... අම්මා මාව දාලා ගියා සංජූ.. " කියන ගමන් ආරු සංජනාව බදාගෙන අඬන්න ගත්තා.


ඒ එක්කම ඇහුනේ ආරුගේ ෆෝන් එකට නොටිෆිකේෂන් වගයක් එන සද්දේ.. ඒ වෙලාවේ ආරුට ඒක ඇහුනේ නෑ.


ආරු තවත් වෙලාවක් සංජනාව බදාගෙන අඬද්දි සංජනා ආරුව සැනසුවා.


" ආරු... මේ බලන්න.. ඔයාගේ ඕන ද්ඒකට මම ඉන්නවා හරිද... දැන් ඔය දේවල් අමතක කරන්න මැණිකේ.. බලන්න ඔයාගේ බඩේ ඉන්න චූටි පැටියට හොඳ නෑනේ ඔයා ඔහොම අඬද්දි..."


" සංජූ.. ඒ ආයුග් සංජු... ඔයා ද්අන්නවද තාත්තා කවුද කියලා දන්නෙ නැතුව මම කොච්චර කල්පනා කරාද කියලා.. මම ඔයාට කිව්වෙත් නෑ.. මට බය හිතුනා සංජූ.."


" හරි හරි දැන් ඒවා ඉවරනේ.... "


" අම්මී..." ආයුග් නිරූව ව්අඩාගෙන ඇතුළට ආවා. ආයුග්ව දැක්කම ආරුගේ තරහ ආයෙමත් ඇවිස්සුනා.

ඒක දැක්කම සංජනා ඉකමනට ආරුගේ අතින් අල්ලගත්තේ ආරුව සන්සුන් කරන්න.


" අම්මී ඇයි අඬන්නේ... " ආයුග් නිරූව ආරු ළඟින් තිබ්බම නිරූ ආරුගේ කම්මුල් අතගාමින් ඇහුවා.


" මුකුත් නෑ මැණික... මගේ නිරූ බබා කෑවද... බඩගිනීද...."


" නෑ මාමි මට සැන්විත් අලන් දුන්නා.. තොකෝ එකකුත් බිවා.. බඩ පුල්..." නිරූ බඩත් අතගාලා පෙන්වමින් කියද්දි ආරුට හිනා ගියා.


" ම්ම්... ෂෝයි නෙ.... සංජූ මට ගෙදර යන්න පුලුවන්ද..."


" අයියේ ඩොක්ටර් මොකද කිව්වෙ..." සංජනා ආයුග්ගෙන් ඇහුවා.


" ආ... හෙට උදේට ටිකට් කපන්න පුලුවන් කිව්වා...."


පහුවදා උදේ ගෙදර යන්න සංජනා බඩු ලෑස්ති කර කර ඉද්දී ආරු ෆෝන් එක බැලුවා. එතකොට තමා ආරු ඇවිල්ලා තිබ්බ මැසේජ් දැක්කේ.


ඒවා දැකලා අරුගේ අතින් ෆෝන් එක වැටුනා.


________________________________________


පොඩි එපියක් තමා.. වෙලාව නෑ ළමයි...

මැසේජ් එවන්න ඇත්තේ කවුද... එච්චර ශොක් වෙන මැසේජ් මොනා වෙන්න ඇද්ද....

මම කවුරු කාට දෙනවද කියන එක තීරණය කළේ කතාව ලියන්න පටන් ගද්දිමයි ළමයි.. මගේ බොරුවට අහුවුන අයත හිටියානේ😁

reaction දාන්න.. comment කරන්න..

ආදරෙයි හැමෝටම 🖤

Report Page