The Bitter Sweet Harmony ❤️🔥
Pari🖤
Previous Episode ....❤️🔥
https://telegra.ph/The-Bitter-Sweet-Harmony-04-10
26th Episode ......❤️🔥
ඩොක්ටර් රිපෝට් එක ආරුගේ අතටම දුන්නා.
" Congratulations මිස් සූරියආරච්චි... ඔයා අම්මා කෙනෙක් වෙන්න යන්නේ..."
" මොකක්... ඒත් මම...."
" ඇයි මිස් සූරියආරච්චි මොකක් හරි ප්‍රශ්නයක්ද..."
" නෑ.. මේ.. ඩොක්ටර් මට දැනගන්න පුලුවන්ද කොච්චර කාලයක්ද කියලා..."
" කලලයට සති හතරක් වගේ පෙන්නනවා මිස්..."
" ඩොක්ටර් ඇත්තටම මේක ඇත්තක් නේද..."
" ඔව් මිස්.. ඔයාගේ යුරීන් එකයි ස්කෑන් එකයි දෙකම බලන්නකෝ... දෙකේම පෙන්නනවා.. ඇයි මිස් මොකක් හරි ප්‍රශ්නයක්ද..."
" නෑ.. ඩොක්ටර්... නෑ..."
" හැබැයි මිස් තව දෙයක්... ඔයාගේ ගර්භාෂේ ටිකක් ඩැමේජ් වෙලා වගේ තියනවා... ඔයාට ලිංගිකව එකතු වෙද්දි මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියනවද... ඒ කියන්නේ මේ ළඟකදි නෙවෙයි...."
" අර්..මම.. මම... රේප් වෙලා තියනවා ඩොක්ටර්..."
" අහ්.. සොරි මිස්... එහෙනම් ඒකෙන් තම... කෝකටත් පළවෙනි මාස තුන ඒ කියන්නේ තව මාස දෙකක්වත් යනකන් ගොඩක් පරිස්සම් වෙන්න.. කෑමෙන් බීමෙන් වගේම ඇවිදිනකොට එහෙමත් බර උස්සන්න කරන්න එපා වැඩියේ.. මොකක් හරි අපහසුතාවක් දැනුනොත් ඉක්මනට හොස්පිටල් එකට එන්න..."
" හරි ඩොක්ටර් තැන්ක් යූ..." ආරු ඩොක්ටර්ගෙන් සමු අරගෙන හොස්පිටල් එකෙන් එළියට ආවත් කාර් එකට යන්නෙ නැතුව එළියේ තිබ්බ බෙන්ච් එකකින් ඉඳගෙන රිපෝට් එක දිහා බලන් හිටියා.
ආරුට හිතාගන්න බැරි වුනා මේ මොකකද වුනේ කියලා.
" මාසයක්... මාසෙකට කලින් මට මොනා හරි උනාද... මම කා එක්කවත් එකට හිටියේ නෑනෙ.... මාසෙකට කලින් කියන්නේ කවද්ද....මොන සතිය වගේද..." ආරු ෆෝන් අරගෙන කැලැන්ඩර් එක චෙක් කරා.
" අර්... මේ සතියේ මම... කොහෙද.. ගියේ... වැඩට ගියා.. ඔෆිස් එකට ගියා... මං කුරුණෑගල ගිහින් ආවේ මේ සතියේ නේද.. අහ්.. පොඩ්ඩක් ඉන්න මම ක්ලබ් එකට ගියේ මේ සතියේ... එදා... එදා රෑ වුනේ මොනාද කියලා මට මතක නෑනෙ.. අනික එදා මගේ ඇඳුනුත් අවුලක් නැතුව තිබ්බනේ... ඒත් බෙල්ලේ.. ඒ කියන්නේ ඒක මදුරුවෙක් හින්දා වුන දෙයක් නෙවෙයිද.. ඒ කියන්නේ එදා මම කා එක්ක හරි... දෙයියනේ ආරු ඔයා මොනාද මේ කරගත්තේ.. දැන් මම කොහොමද ආයුශ් අයියට මූණ දෙන්නේ... " ආරු ඉන්න තැනත් අමතක වෙලා අඬන්න ගත්තේ දැන් මොනා කරන්නද කියලා හිතාගන්න බැරුව. අඩුම තාත්තා කවුද කියන එකවත් නොදැන් මේ දරුවව බිහි කරන්නේ කොහොමද..
" මැඩම්.. මොකක් හරි ප්‍රශ්නයක්ද..." ආරුගේ ඩ්‍රයිවර් දසිත් ඇවිල්ලා කතා කරද්දි ආරු එකපාරටම ගැස්සුනා.
ඉකමනට රිපෝට් එක හංඟලා කඳුලු පිහදා ගත්තා.
" අහ්... නෑ දසිත් යමු නේ..."
" මැඩම් ඇයි මැඩම් ඇඬලා..."
" දසිත් මම ඔයට හැමදේම කියන්න ඕන කියලා එකක් නැනේ.. අද හොස්පිටල් ආව එක කාටවත් කියන්නෙපා..." කිව්ව ආරු ගිහින් කාර් එකට නැග්ගා.
" මැඩම් ගෙදරනේ නේද..."
ආරුට හිතුනා ක්ලබ් එකට ගිහින් එන්න කෝකටත්.
" නෑ රෝයල් ක්ලබ් එකට..." දසිත්ට ආරුගේ මේ අමුතු හැසිරීම ලොකු ප්‍රශ්නයක් වුනත් ඒ ගැන ආරුගෙන අහන්න තරන් දෛර්යයක් තිබ්බෙ නෑ.
ආරු රොයල් ක්ලබ් එකට ගිහින් එහෙ සිකියුරිටි කෙනෙක් හම්බුනා.
" මට සීසීටීවී රෙකෝඩ්ස් වගයක් තියනව ගන්න පුලුවන් වෙයිද..."
" මිස් එහෙම ඔයාලා මේ ඇවිල්ලා ඉල්ලුවා කියලා සීසීටීවී රෙකෝඩ්ස් දෙන්න බෑ.. පොලිසියෙන් ආවත් වොරන්ට් එකක් නැතුව දෙන්නෙ නෑ..."
ආරුට තේරුනා මොකක් ද කරන්න ඕන කියලා. ආරු ශේප් එකේ පන්දාහේ කොළයක් සිකියුරිටිගේ අතට දුන්නා.
" හරි මිස් පැය කාලක් දෙන්නම් ඉක්මනට අරන් යන්න... " කියලා ඒ කෙනා ආරුව සීසීටීවී රූම් එකට අරන් ගියා.
ආරු සීසීටීවී රෙකෝඩ්ස් චෙක් කරත් එදා ආරු කොරිඩොර් එක දිගෙ දුවගෙන එන ටික තිබ්බත් ආරු ඒ රූම් එකට ගියේ කොහොමද කියන එක නෑ. එතන පැය හතරක පහක සීසීටීවී රෙකෝඩ්ස් අඩුයි.
" මෙතන කොටසක් අඩුයිනේ..."
" ඒවා අපි දන්නෙ නෑ මිස්... මිස්ගේ වැඩේ හරි නම් යන්න කරුණාකරලා..."
ආරු ක්ලබ් එකෙන් එළියට ආවේ බලාපොරොත්තු සුන්වුන මුහුණකින්.
ආරු ගෙදර ගිහිනුත් කල්පනා කරේ එදා මොනාද වුනේ කියලා. පැය ගාණක් දවස් ගාණක් කල්පනා කරත් ආරුට එදා වුන දේවල් මතක් කරගන්න බැරිවුනා. මේ වෙද්දි ආරු මේ දරුවව හදාගන්නවද නැද්ද කියල හිත හිත හිටියේ. ආරුට හිත හදාගෙන දරුවව නැති කරන්නත් බෑ.
ආරු එක දවසක් කණ්ණාඩිය ඉස්සරහට වෙලා නිකමට බඩට අත තියලා බැලුවේ බඩ පේනවද කියලා. තාම මාස එක හමාරක්වත් නැති හින්දා බඩ පේන්නේ නෑ. ඒත් ආරුට කෑම කන්න එහෙම අමාරු වුනා. අමාරුවෙන් කෑවත් ඒවා වෝමිට් වුනා. ආරු අනික් අයගෙන් මේ ගැන හංඟන් හිටියෙත් බොහොම අමාරුවෙන්. මොකද මෝනින් සික්නස් හින්දා ආරුට ටිකක් අමාරුයි.
ආරු මෙහෙම බඩ බල බල ඉන්න වෙලාවේ එකපාර ආයුශ් ඇවිල්ලා දොර ළඟ හිටගත්තා.
" මොකෝ මැණිකේ කණ්ණාඩිය ඉස්සරහට වෙලා හැඩ බලනවද..."
" ඔව් නේ... හැඩයි නේ මම..." කියන ගමන් ආරු වටයක් කැරකුනා.
" මගේ ආරු කොහොමත් හැඩයි තමා... මොකක්ද දැන් අරකට අඳින්නේ..."
"ම්ම්.. සාරි එකක් අදින්න කියලා බැලුවේ.. මයූ දාලා තිබ්බා එයාලා අඳින්නේ සාරි කියලා..."
" ම්ම්.. හොඳයි හොඳයි... I love you මැණික..."
" I love you too අයියේ..."
ආයුශ් අරුගේ ඇඳේ ඉඳගෙන ආරුවත් ඔඩොක්කුවට ගත්තා.
" ආරු මාව දාලා යන්න එපා කවදාවත්... හරිද..."
"ම්ම්ම්... මම යනවා.. ඔයා මට බොරු කරලා තිබ්බොත් හරි... වෙන කෙනෙක් ගාවට ගියොත් හරි මම යනවා... මොකද අයියේ එකපාර ඔහොම කියන්නේ.. මොකද වුනේ.. මොකක් හරි ප්‍රශ්නයක්ද..."
" නෑ මැණික... නෑ... ඔයා මාව විශ්වාස කරනවා නේද...."
" ඔව් අයියේ...."
ආයුශ් ආරුගේ තොල් එක්ක වරුවක් දඟ කළා. දෙන්නට ඈත් වෙන්න වුනේ නිරූ ආව හින්දා.
" නිරූවත් එක්කන්ද යන්නේ මැණික..."
" ඔව් අයියේ..."
" ඒක හොඳයි මැණික... හැමදාමත් හංඟන් ඉන්න බෑනේ...නිරූ බබා එන්න යන්න අපි දෙන්නා අයිස්ක්‍රීම් අරන් එමූ...." කියලා ආයුශ් නිරූ එක්ක ගියා.
ආරු ආයුශ්ගේ ඒ වචන අස්සේ හිර වුනා.
" මට මෙයාවත් හැම්දාම හංඟන් ඉන්න බැ... ඒත් මම කොහොමද කියන්නේ... අයියා මාව දාලා යයිනේ..."
දවසින් දවස ගෙවිලා ගිහින් family reunion එකේ දවසත් ආවා. ආරු කලින් දවසේ ඇවිල්ලා නුවරඑළියේ එළියේ නතර වුනා. දිව්යාලාත් ඇවිල්ලා හිටියේ. දිව්‍යාට ආරුගෙ මොකක් හරි වෙනසක් දැක්කත් ඒ ගැන අහන්න ගියේ නෑ.
"අම්මේ හෙට අපි යන්නම ඕනද...මගේ හිතට හරි නෑ නිකන් හෙට මොකක් හරි නරක දෙයක් වෙයි කියලා හිතෙනවා..."
" පිස්සුද ආරු.. මොනා වෙන්නද.. ඔයාලා මේ වගේ අවස්ථාවක් කවදාවත් මඟ ඇරගන්න හොඳ නෑ.. ඔයාලා අවුරුදු ගාණක් දුක් වින්ඳ ඒවාගේ ප්‍රතිඵල පෙන්නන්න පුලුවන් හොඳම දවස තමා හෙට..."
" අනේ මන්දා අම්මේ....මට නම් බෑ බෑ වගේ.."
" ඔයා ඒ දවස්වලත් ඔය වගේ ඒවා මඟ ඇරියා.. දැන් ඇති ආරු.... ඔයාට සනීප නැද්ද..."
" අහ්... මට... නෑ මං හොඳින්..."
" ඔයා ඔය මැරීගෙන ව්ඇඩ කරන එක අඩු කරන්න දැන්වත් පේන්නැද්ද කෙට්ටු වෙලත් එක්ක.. සුදුමැලි වෙලානේ ඉන්නේ..."
" මං හොඳින් අම්මේ.. කෝ මේ නිරූ..." කියලා ආරු එතනින් ශේප් එකේ මාරු වුනා.
ආරු ආවේ වැව ළඟට.
ආරුට මතක් වුනේ එදා මේ වැව ළඟදි ආයුශ් එක්ක යාලු වුන හැටි. ආරු බඩට අතත් තියන් හිතුවේ මේ දරුවා ගැන කිව්වොත් මේ අය මොන විදිහට රියැක්ට් කරයිද කියලා. ආරු දරුවා නැති කරන්න හිතන්න එක හේතුවක් තමා දිව්‍යා. දිව්‍යා කැමති නෑ අඅරු ළමයි එක්ක ඔට්ටු වෙනවට. දිව්‍යා කියන්නේ ඒක කාලේ නාස්ති කිරීමක් කියලා. ආරු නිරූව හදාගන්නවා කිව්ව වෙලේ වුනත් දිව්‍යා ඒකට කැමති වුනේ නෑ. ඒත් අන්තිමට ඒ වෙලාවේ ආරු හිටිය මානසිකත්වය ගැන හිතලා කැමැත්ත දුන්නා. ඒත් දැන් එදා වෙච්ච සිද්ධියත් එක්ක දිව්‍යා ආයේ වෙනස් වෙලා. දිව්‍යා නිරූ කියන්නේ බ්ලේඩ්ගේ දුව කියලා දැනගෙන දැන් නිරූ දිහා හැරිලවත් බලන්නෙ නෑ. ඒක ආරුට මේ ආපු පැය ගාණට හොඳට තේරුනා. තමන්ගේ ලේ නොවුනත් ආරුගේ පළවෙනි දරුවා නිරූ. නිරූට සීරීමක්වත් වෙනවට ආරු කැමති නෑ. දිව්‍යාගේ පැත්තෙන් එයත් හරි. එයාත් හිතන්නේ එයාගේ දුව ගැන. නිරූටම දිව්‍යා අකමැති වෙද්දි මේ තාත්තා කවුද කියලාවත් නොදන්න දරුවට කොහොමටවත්ම දිව්‍යා කැමති වෙන්නෙ නැති බව ආරු දැනගෙන හිටියා. ඒත් මේ වෙනකොට ආරුගේ හිත දරුවා හදාගන්න තැනටම ඇවිල්ලා තිබ්බෙ තාත්තෙක් නැතත් අම්මා ඉන්නවනේ කියන එක ආරුගේ හිතේ තිබ්බා. ඒ වගේම ආයුශ් මේක මොන විදිහට පිළිගනීද කියන සැකයත් ආරුගේ හිතේ තිබ්බා.
" එන දේකට මූණ දෙමු ආරු..." ආරු කුස තගාමින් මිමිණුවා.
ආරු පහුවදා සාරියත් ඇඳගෙන ඔක්කොම ටික ලෑස්ති වෙලා හීල්ස් දෙකකුයි ප්ලැට් සෙරෙප්පු දෙකකුයි අතේ තියාගෙන කල්පනා කරේ මොකක්ද දාන්නේ කියලා.
" නෑ ආරු බී කන්ෆිඩන්ට්..." කියලා තමන්ටම කියාගෙන ආරු හීල්ස් දෙකම තෝරගත්තා.
නිරූත් ලස්සන මල්කුමාරියක් වගේ.
ආරුලා එනකොටත් කට්ටිය ඔක්කොම වගේ ඇවිල්ලා හිටියේ. පුංචි ගෑනු ළමයෙක් එක්ක එන ආරු දිහාට හැමෝගෙම අවදානේ යොමු වුනා. දිව්‍යා ගෙදරි ආරුට කියලා තිබ්බෙ අහන ඒවට ආරුම උත්තර දෙන්න කියලා. ඒ හින්දා දිව්‍යා ආව ගමන් ගියේ ඒ මයුගේ අම්මා ළඟට. ආරුට එකපාරම නිකන් බයක් වගේත් නොදැනුනා නෙවෙයි.
" අනේ ආරු කවුද අනේ මේ චූටි කෙල්ලා.. ලස්සනේ බැ..." කියලා මයූ නිරූව වඩාගත්තා.
" මගේ දුව..."
" ඈ... උබට ළමයෙකුත් ඉන්නවද....යකෝ.."
" මයූ... පොඩ්ඩක් එන්න... මෙතන මේ මොකක්ද වෙන්නේ..." මයුමිට කවුරුහරි කතා කරපු හින්දා ආරුගේ අතට නිරූව දීලා මයුමි ගියා.
ආරු වටපිට බැලුවේ ආයුශ් කෝ කියලා බලන්න. දැනටමත් ආයුශ්ගේ ඇස් තිබ්බේ ආරුගේ දිහාට තමයි. ආරු ආයුශ්ව දැකලා අත වැනුවා. ආයුශ් ආරු ළඟට එන්න ගියත් සරලා රැව්වා විතරයි අඅයුශ් නතර වුනා. ආරුටත් සරලා රැව්වා.
ආරුට මෙච්චර සෙනඟක් ඉන්න තැනකට ආවත් තනියම ඉන්නවා ව්අගේ හැඟීමක් තමා තිබ්බෙ. ආරු ඒ හින්දා ගිහින් ටේබල් එකක වාඩි වුනා.
" නිරූ බබා.. මොනාද කන්නේ..."
" කන්න බෑනේ අම්මි... බබාත බදගිනි නෑ... "
" මෙතන මෙන්න කට්ටිය නිකන් කන්න ඇවිල්ලා.. බලන්නෙපැයි ළමයිනුත් උස්සගෙන..." සරලා ආරුට හින්ට් එකක් ගහන ගමන් එතනට ආවා.
ආරුට තේරුනා මේකට ගිය සම්පූර්ණ වියදම දැරුවේ ආරු කියන එක සරලා දන්නෙ නෑ කියලා. මොනා වුනත් ආයුශ්ගේ අම්මා හින්දා කට වහගෙන හිටියා.
" කියලා වැඩක් නෑ.. කාගෙද දන්නෑ ළමයා... ගිහින් මොකාගෙන් හදාගත්තද දන්නෙ නෑ..." නයෝමිත් එතනට ආවා.
" ආ... දැන් එතකොට තරහ වුනු අය ආය යාලු වුනාද..." ආරුට නයෝමි මොනාහරි කියද්දි නම් කටවහන් ඉන්න බැරිවුනා.
" මේකි මහ ඕන්නැති එකියක් අක්කේ.. මේකි තමන්ගෙම තාත්තාවත් හිරේ යැව්වනේ.. අනික අක්කේ බලන්නකොක් කම්පැනි එක ගත්ත හැටි... මේකි නම් මහ.. අර දිව්‍යා වගේම තමා.." නයෝමි.
" මේ නයෝමි කටවහගන්නවා හරිද... මං තමුන්ලට තාම පාඩමක් ඉගැන්නුවේ නෑ මතක තියාගන්නවා මට ඕන්නන් අර මිනිහව හිරේ දැම්මා වගේ තමුන්ලව පාරට ඇදලා දාන්න පුලුවන්... "
" බලන්නකෝ අක්කේ මේකි අපි වැඩිහිටියෝ කියලාවත් බලනවද කියලා.."
" මේකි මේකි මහ... මගේ කොල්ලගේ කරෙත් එල්ලුනානේ.. හිතාගෙන ඇති මගේ ලේලි වෙන්න... "සරලා.
" මේ නැන්දේ මම ඔයාට ගරුසරු දීලා කතා කරන්නේ ඔයා ආයුශ් අයියාගේ අම්මා හින්දා නැත්තන් මම දන්නවා කරන දේ.. අනික මම ආයුශ් අයියගේ කරේ එල්ලුනේ නෑ... අයියේ කියන්න ඔයාගේ අම්මට මම ඔයාගේ කරේ එල්ලුනාද කියලා..." ආරු අඅයුශුත් ම්ඒ දිහා බලන් ඉන්නවා දැකලා කිව්වා.
" ආරු පොඩ්ඩක් සන්සුන් වෙන්න දැන් මෙතන රණ්ඩු වෙන්න ඕන නෑනේ..." ආයුශ්.
" අයියේ දැන් මමද රණ්ඩු වුනේ ඔයාගේ අම්මනේ මං පාඩුවේ පැත්තකට වෙලා ඉද්දී මම ළඟට අඅවේ...ඔයත් දැන් එයාගේ පැත්තටද කතා කරන්නේ..."
" මගේ පුතා කතා කරන්නේ කොහොමත් මගේ පැත්තට තමා... අනික අද තමුන්ට මම හොඳ ව්ඇඩක් කරනවා බලාගෙන ඉන්නවා.. තමුසේ හිතන් ඉන්නැති මේ අප්පෙක් නැති ළමයා එක්ක මගේ කොල්ලාගේ කරේ එල්ලෙන්න.. ම්හ්.. හිතාගෙන ඇති..." සරලා.
" කවුද කිව්වේ මේ අප්පෙක් නැති දරුවෙක් කියලා... නිරූ බබා එන්න තාත්ති ළඟට...." කියන ගමන් ඒ තැනට ආවෙ ආයුග්.
ආරු පුදුමෙන් බැලුවේ ආයුග් දිහා. ආයුග් ආරුට ඇහැක් ගැහුවා.
" පුතේ.. ඔයා අවද... අනේ මගේ පුතා..."
" මිසිස් සරලා ඔයාට වැරදිලා.. මම අනාතයෙක්..."
" උබ මගේ පුතාලා දෙන්නම අල්ලගත්තා නේද.. උබ මහ..." කියන ගමන් සරලා ආරුගේ කනට ගහන්න ගියේ. ඒත් ආයුග් ඒ අත අල්ලගත්තා.
" මිසිස් සරලා.. මම කිව්වනේ මම අනාතයෙක් කියලා..."
" අනේ පුතේ ඇයි එහෙම කියන්නේ.. මේ අම්මට සමාවෙන්න ද්අරුවෝ... අම්මා දැනගෙන හිටියේ නෑනේ..."
" තමන්ගේ දරුවව විශ්වාස කරේ නැති ගෑනු කෙනෙක්ට මම කවදාවත් අම්මා කියන්න කැමති නෑ.. එ නිසා තවත් ඔය දේ කියන එක නතර කරන්න.. අනික මම ලේසියෙන් සමාව දෙන කෙනෙකුත් නෙවෙයි... නිරූ බබා අයිස්ක්‍රීම් කනවද කේක් කනවද..."
" කේක්..."
" ම්ම්.. හරි යන්.... තමුන්ලා දැන් මෙතනින් ගියොත් හොඳයි නැත්තන් මම මේ පර්ටිය දැන්ම නතර කරනවද.. අනික දැන් තමුසෙලා මෙතන කතා වුනානේ මෙයා නිකන් කන්න අඅවේ කියලා.. තමුසෙලා ඒ කියපු කෙනාම තමා අද මෙතන සේරම වියදම් බලාගත්තේ ඒ හින්දා කට වහගෙන යනවා... තමුසේ ආයුශ්.. මහ ලොකු බෝයිෆ්‍රෙන්ඩ් ආරු තමුසෙගේ කෙල්ල නේද... එඑකිට අච්චර බනිද්දි සද්ද නොකර ඉන්නේ.. අනික නැන්දේ ඔයා ආරුගේ අම්මා නේද... ඇයි ටිකක් ඇවිල්ලා කතා කරන්නෙවත් නැත්තේ.. මයූ මෙහෙ එනවා.. ඇවිල්ලා ආරු එක්ක ඉන්නවා..." ආයුග් වටේ හිටිය අයටත් බැනලා නිරූ එක්ක ගියා.
මයූ ඇවිල්ලා ආරු එක්ක එක එක ඕප දූප කතා කර කර ඉද්දි ආරු දැක්කේ හෝල් එකට එන මන්දනාව. මන්දනා එක්ක ආව අනිත් අය මන්දනාගේ දෙමව්පියෝ වෙන්නැති කියලා ආරුට හිතුනා. ඒත් එඑ අය මොකටද අඅවේ කියලා නම් අඅරුට තේරුනේ නෑ. ඒ වගේම මන්දනා ආරුව දැකලා දැම්මෙත් අමුතු හිනාවක්. ආරු මයූගෙන් ඒ අය ආවේ ඇයි කියලා අහන්න ගියත් ඒත් එක්කම හෝල් එක මැද තිබ්බ ස්ටේජ් එකට නැග්ග ආරුගේ කසින් කෙනෙක් කතා කරන්න ගත්තා.
" හොඳයි අද ලංකාවේ වටේම හිටියේ අපේ නෑයෝ ඔක්කොම ඇවිල්ලා ඉන්නවා... මෙහෙම දෙයක් කරමු කියලා අයිඩියා එක අපිට දුන්නෙ සරලා නැන්දා ... තැන්ක් යූ නැන්දේ.. ඇත්තටම කිව්වොත් මම අද කවදාවත්ම දැකලා නැති නෑයොත් දැක්කා.. ඒ වගේම අද විශේෂ දවසක්... අපේ සහෝදරයෙක් අද නාස් ලණුව දාගන්න යන්නේ... ඔව් ඔව්.. එන්ගේජ් වෙන්න යන්නේ.. එහෙනම් අපි කපල් එකට එන්න කියමු ස්ටේජ් එකට... ආයුශ් වරෙන් බන් නංගිව එක්කන්..."
ආරු බැලුවේ මොකක්ද මේ වෙන්නෙ කියලා. ආයුශ්ගේ මූණ දිහා බලද්දි ආයුශ් ඕනකමින්ම ආරුව මඟ ඇරලා මන්දනා ළඟට ගිහින් මන්දනා එක්ක ස්ටේජ් එකට නැග්ගා. ආරුට දැනුනෙ එකපාර පපුව හිරවුන වගේ හැඟීමක්. ආරුගේ ඇස්වලින් කඳුලු කැට කඩාගෙන වැටුනා. මේක දැක්ක දිව්‍යාත් ශොක් වුනේ හිතාගන්න බැරුව. දිව්‍යා ඉක්මනට ආරු ළඟට ගිහින් ආරුගේ අතින් අල්කගත්තේ ආරුව සනසන්න හිතාගෙන. ආයුග් මේ වෙලාවේ මෙතන හිටියේ නෑ ආයුග් නිරූව දීලා වැඩකට එළියට ගිහින් හිටියේ.
ආරු ඉක්මනට හෝල් එකෙන් එළියට ගියේ තවත් මේ දේ බලන් ඉන්න බැරි හින්දා. ආයුශ් දැක්කත් ආරු යන එක ඒත් මේ වෙනකොට ආයුශුත් සෑහෙන්න අසරණ වෙලා හිටියේ. ආයුශ් මන්දනා එක්ක එන්ගේජ් වුනේ නැත්තන් සරලා මැරෙනවා කියලා තිබ්බේ. දැන් වුනත් සරලාගේ අතේ වහ කුප්පියක් තියනවා.
ආරු දුකෙන්ම ආවේ හෝල් එක ළඟට තිබ්බ පූල් එක ළඟට. පූල් එකේ වතුර දිහා බලාගෙන ආරු ඇඩුවේ ආරුගේ කඳුලු පූල් එකට වැටෙද්දි. ආරු දන්නෙ නෑ එයා කොච්චර වෙලා ඇඬුවද කියලාවත්. මොකද ආරුගේ හිත හොඳටම රිදිලා තිබ්බේ. ආරු ආදරේට අකමැති වෙලා ඉද්දි ආයුශ්ම බලෙන් ආරුගේ ජීවිතේට ඇවිල්ලා දැන් මෙ කරපු දෙයින් ආරුට ආයුශ්ව තිත්ත වුනා.
ආරු එකපාරටම ගැස්සුනේ පිටිපස්සෙ ඉඳන් කවුරුහරි කතා කරපු හින්ද.
" ඉතින් කොහොමද සාක්ෂි... සප්‍රායිස් වෙන්න ඇති නේද..."
ඒ මන්දනා..
" මං කිව්වානේ මට අයුශ්ව දෙන්න කියලා.. ඔයා බෑ කිව්ව හින්දා මමම ගත්තා.. බලන්නකෝ මේ රින්ග් එකේ ලස්සන... ෂාහ්.. දන්නව මේකෙ වටිනාකම කොච්චරක්ද කියලා.. මේක ලක්ෂ තුනක් වටිනව.. දැක්කානේ ඒකෙන්ම ආයුශ් මට කොච්චර ආදරෙයිද කියලා..."
" බොරු කියන්නෙපා මන්දනා.. අයියා තමුසෙට ආදරේ නැ... අයියා තමුසෙට ආදරෙ නැ.. "
" මොකද කියන්නේ මම ඔප්පු කරන්නද ආයුශ් ආදරෙ මට කියලා..." කියන ගමන් මන්දනා ආරු ළඟට ආවා. එකපාර ආරුවත් අල්ලගෙන පූල් එකට පැන්නා.
මෙ පූල් එක අනික් පූල්වලට වඩා ටිකක් ගැඹුරුයි. හොඳට පීන්නන පුලුවන් අය තමා මේ පූල් එකට එන්නේ. පොඩි ළමයි වැටෙයි කියලා අත්වැටක් දාලා තිබ්බේ. ඒත් ඒකෙන් ලොකු අයව නවත්තන්න බෑ.
ආරුවයි මන්දනාවයි දෙන්නම වතුරේ ගිලෙන්න ගත්තා. වතුරට බය පීනන්න පුලුවන්කමක් තිබ්බෙ නෑ. ආරුව ඉක්මනටම වතුරේ ගිලුනා. ඒත් පුලුව්න්න් තරන් හයියෙන් ආරු කෑගැහුවේ උදව් ඉල්ලලා. මන්දනාත් ඊට නොදෙවෙනි වෙන්න කෑගැහුවා. මේ සද්දෙ හෝල් එකේ හිටිය අයටත් ඇහිලා එළියට දුවගෙන ආවා.ආයුගුත් ගිය වැඩේ ඉවර කරලා එද්දි තමා ආරු කෑගහන සද්දෙ ඇහුනේ. පූල් එක පැත්තෙන් ඇහුන හින්දා ආයුග් ඉක්මනට දාගෙන හිටිය කෝට් එකත් ගලවලා විසි කරන ගමන් දිව්වා. ආයුශුත් ඉක්මනට ඇවිල්ලා වතුරට පැන්නා.
ආරු හිතුවේ ආයුශ් එන්නේ ආරුව බේරගන්න කියලා උනත් ආයුශ් ගියේ මන්දනා ළඟට. ඒකෙන් ආරුගේ හිත තවත් කැඩිලා ආරුව ගිලිලලම ගියා.
ආයුශ් මන්දනාව ගොඩින් තියලා ආරුව ගන්න යන්න හැදුවත් මන්දනා ආයුශ්ව අල්ලගෙන.
" ආයු මට අමාරුයි...." කිව්වා. ඒත් ආයුශ් මන්දනාගේ අත ගසලා දාලා ආරු ළඟට යන්න යද්දි තමා දැක්කේ දැනටමත් ආයුග් අඅරුව ගොඩට අරන් කියලා.
ආයුශ් ආරු ළඟට යන්න හැදුවත් මන්දනා ආයුශ්ව අල්ලගත්තා. මේ අතරේ ආයුග්ගේ තුරුලේ හිටිය ආරු බලන් හිටියේ ආයුශ් දිහා.
" අයියේ.. ඇයි ඔයා.. මාව අතහැරියේ..." ආරු වේදනාවෙන් ඇහුවා.
" ආරු.. මට සමාවෙන්න... මන්දනා අසනීපෙන් ඉන්නේ ඒකයි මම..."
" ඇති.. ඇති.. ඇති අයියේ..මට ඔයා.." ආරුට ඉතුරු ටික කියන්න හම්බුනේ නැත්තේ සිහිය නැතිවුන හින්දා.
ආරුව ඉක්මනට හොස්පිටල් එකට අරන් ගියා. ආරුට සිහිය එද්දි ඩොක්ටර් කෙනෙකුයි නර්ස් කෙනෙකුයි ආරුව චෙක් කරනවා. ආයුශ් ආයුග් දිව්‍යා තුන්දෙනාම ආරු ළඟ.
" මිස්... ඔයා පරිස්සම් වෙන්න ඕන කියලා දන්නෙ නැද්ද... ඔයාගේ ඩොක්ටර් කිව්වෙ නැද්ද නැත්තන් ඔයා දන්නෙ නැද්ද ඔයා ප්‍රෙග්නන්ට් කියලා..." ඒ ඩොක්ටර් අහද්දි ආරුට කට උත්තර නැති වුනා. ආරු ආයුශ්ගෙයි දිව්‍යාගෙයි මූණු දිහා මරුවෙන් මාරුවට බැලුවා.
" මොකක් ආරු ප්‍රෙග්නන්ට්..."
________________________________________
හරි දැන් ඔයාලා ආයුශ් වුනා නම් මොන විදිහටද රියැක්ට් කරන්නේ.. කියන්න බලන්න...
දැන් යන් මම අහපු ප්‍රශ්නෙට... මගේ පර්සනල් චැනල් එකේ එක ළමයෙක් ඔන්න හරි උත්තරේ දුන්නා.. උත්තරේ තමා නිරූ... ඔයලට මතක ඇති මම නුහීගේ වගේම ලියාගෙත් පළවෙනි ළමයව මැරුවා.. ආරුට අනුව ආරුගේ පළවෙනි ළමයා නිරූ...
reaction දාන්න comment කරන්න...
ආදරෙයි හැමෝටම 🖤