The Bitter Sweet Harmony ❤️🔥
Pari🖤
Previous Episode....❤️🔥
https://telegra.ph/The-Bitter-Sweet-Harmony-04-08
25th Episode....❤️🔥
" බ්ලේඩ්... උබ අහුවුනා අන්තිමට... දැන්ම යටත් වෙනවා..." කියන ගමන් ආවේ කේශ්.
" ආ... පොලිසියෙනුත් ආවද... හරි එහෙනම්..මාව ඇරස්ට් කරනවා නම් ඉස්සෙල්ලම වන්ෂොට්ව ඇරස්ට් කරලා ඉන්න... එතකොට මම නිකන්ම භාර වෙන්නම්..."
ඒත් එක්කම කේශ් එක්ක හිටිය කේශ්ගේ ප්‍රදානියෙක් මාංචු දෙකක් අරන් ඉස්සරහට ආවා.
" බ්ලේඩ් තමුසේ කියපු විදිහටම කරොත් හොඳයි...." ඒ කෙනා ආයුග් ඉස්සරහට ගිහින් හිටගත්තා. ඒත් ඒ කෙනා ඊළඟට කරපු දේන් තමා කට්ටියම පුදුම වුනේ.
ඒ කෙනා ආයුග්ට සැලියුට් කරා.
" සෑහෙන කාලෙකින් දැක්කෙ සර්... මූ සර්වම ඇරෙස්ට් කරන්න කියනවා මේ අපිට.." කියලා බ්ලේඩ් දිහා බලලා හිනා වෙලා මාංචු දෙක ආයුග්ගේ අතට දුන්නා.
මේ දිහා ආයුග් එක්ක ආවා කීප දෙනෙක් ඇර අනික් හැමෝම පුදුමෙන් බලන් හිටියේ. පුදුමේ කොච්චරද කියනවා නම් ආරුට දැනුනේ නෑ එයාගේ බෙල්ල කැපෙනවා කියලාවත්.
" මොකද බ්ලේඩ් පුදුමයිනේ.. තමුසෙත් අපිට තමුසේ කවුද කියන එක පෙන්නලා පුදුම කරානේ ඉතින් මත් උබට මං කවුද කියන එක පෙන්නලා පුදුම කරා...." ආයුග් හිනාවෙමින් කිව්වා.
" උබට උබේ අර පොලිසිය ඇතුළේ දාලා තියන කටු කන බල්ලෝ කිව්වෙ නැද්ද උබේ පස්සෙ පොලිස්කාරයෙක් එනවා දැන් අවුරුදු ගාණක් තිස්සේ ඉඳන් කියලා.. " ආයුග්.
" එතකොට උබ ද සිංහවංශ කියන්නේ...." කවීන්.
" ඔව් මම තමා... ආයුග් සිංහවංශ... "
ආරුට ඒ වෙලාවේ තමා තේරුනේ ඇයි එයාට ඒ වාසගම හුරුයි වගේ දනුනේ කියලා.
" බ්ලේඩ් දැන්ම යටත් වෙනවා.. පේනවානේ උබේ ඉන්න උන්ට වඩා අපේ උන් වැඩී... ඔය කෙල්ලව අතහැරලා දැන්මම යටත් වෙනවා.. "
" යටත් වෙන්න.. මේ මම... උබලා එහෙමද ආස... මම කොහොමත් ලෑස්ති වෙලා ආවෙ..." කිව්ව කවීන් එයාගේ ගෝලයෙක් දුන්න මාස්ක් එකක් දාගත්තේ කවීන්ගේ ගෝලයොත් මාස්ක් දාගද්දි.
ආයුග්ලට හිතන්නවත් වෙලාවක් තියන්නෙ නැතුව එයාලාගේ පැත්තට විසිවුනේ පරීක්ෂණ නළ වගයක්. ඒ ටික බිම වැදිලා පිපිරෙනවත් එක්කම කොළ පාටට අමුතු ගෑස් එකකින් ඒ පැත්තම වහගත්තේ කට්ටියම සිහිය නැතුව වැටෙන්න ගද්දි.
ආයුග්ලා ආයෙමත් නැඟිටිනකොට එතන බ්ලේඩ් හිටියේ නෑ. හැබැයි නිරූ හිටියා සිහිය නැතුව වැටිලා. ආයුග් දුවලා ගිහින් නිරූව වඩාගෙන නිරූගේ කම්මුල්වලට තට්ටු කර කර කතා කරත් නිරූට සිහියක් නෑ.
" ටික්කා.. වරෙන් ඉක්මනට ... නිරූව හොස්පිටල් අරන් යමන්.. සිහිය එකන් කොහෙවත් යන්නෙපා.. මොනාහරි ඕන වුනොත් සංජනාට කෝල් කරලා අහගනින්...." කියලා නිරූව ටික්කා අතට දුන්නා.
" අර බල්ලා ආරුව අරන් ගියානේද... උබ තමා මේ ඔක්කොටම හේතුව..." කියලා ආයුශ් ආයුග්ට ගැහුවා.
" මේ ආයුශ් නවත්තපන් ඕක... ඒකා සාක්ෂිව අරන් ගියේ මූ හින්දා නෙවෙයි... සාක්ෂි ඌව දන්නේ දැන් සෑහෙන කාලෙක ඉඳන් සාක්ෂියි බ්ලේඩ් අතරෙයි තරහක් තියෙන්නේ දැන් අවුරුදු ගාණක ඉඳන්.. ඒකට මූට කරන්න දෙයක් නෑ මූ තමා හැම සැරේම සාක්ෂිව උගෙන් බේරගත්තෙ... අද සාක්ෂිව අරන් ගියේ සාක්ෂිව අර එමා කියන ගෑනිට ඕන වෙලා තියනවා ඒකිගේ පරීක්ෂණ වැඩවලට ඒ හින්දා...."
" ඇති බන්... දැන් ඕවා කිව්වා කියලා වැඩක් නෑනේ.. මේ මුලු කැලේම පීරලා හරි ඒ ලැබ් එක හොයාගනින්.. මේ ළඟපාතම තමා කොහෙ හරි ඇත්තේ..." ආයුග්.
මේ අය ආපු ඒ බිල්ඩින් එක තිබ්බේ කැලයක් මැද්දේ.
" සර් මායි සාක්ෂියි අද ලැබ් එක තියන තැන ගැන පොඩි ඉඟියක් හොයාගත්තා... හරියටම එතන තියනවද කියලා නම් දන්නෙ නෑ ඒ වුනාට මේ ලොකේෂන් එක තමා අපි සැක කරේ...." කේශ් ආයුග්ට ෆෝන් එක පෙන්වමින් කිව්වා.
" හරි එහෙනම් අපි එතනට ගිහින් බලමුකෝ ඉස්සෙල්ලම..." ආයුග්.
මේ අතරේ බ්ලේඩ් ආරුව එමාට භාර දීලා තිබ්බේ.
" හරි එහෙනම් මට කිව්ව වැඩේ මම කරා... දැන්ම සල්ලි ටික හම්බුනොත් හොඳයි..."
" මිස්ටර් මම දෙයක් කිව්වොත් කරනවා..." කිව්ව එමා ඒ වෙලාවෙම කවීන්ට මිලියන පනහක් ට්‍රාන්ස්වර් කරා.
" ම්ම්.. ගුඩ්... එහෙනම් අපේ ජොබ් එක ඉවරයි... පොලිසියෙන් කැලේම පීරනවා මේකිව හොයලා තව ටිකකින් මෙතනට එයි.. එහෙනම් අපි ගියා..."
" මොකක්... කවීන් තමුන්ට එහෙම කරන්න බෑ.. තමුසේ කිව්වා අපිට ආරක්ෂාව දෙනවා කියලා..."
" මම එහෙම කිව්වට සල්ලි ගත්තෙ නෑනේ.. ඒ හින්දා ඒක මගෙ වැඩක් නෙවෙයි බායි.." කිව්ව කවීන් එතනින් පැනගත්තා.
එමාට කරකියාගන්න දෙයක් නැතිවුනා. ඒත් එකපාර හොඳ අදහසක් ඇවිල්ලා වගේ එමා සිහිය නැතුව ඉන්න ආරු දිහා බලලා හිනා වුනා.
ආරුයි කේශුයි හොයාගෙන තිබ්බ ලොකේෂන් එක හරියටම හරි. ආයුග් කට්ටියක්ව ලැබ් එක වට කරන්න යවලා අනිත් අය එක්ක ඇතුළට ගියා.
මේ අතරේ ආරුටත් සිහිය ආවා. ආරුට එකපාර කකුල් දෙක යටින් දැනුනේ දරා ගන්න බැරි සීතලක්. ඒක සීතලක් වුනාට ආරුට දැනුනේ කකුල් දෙක පිච්චෙනවා වගේ. ආරුගේ බෙල්ලත් ගොඩක් රිදුනේ මොකේට හරි හිර වෙලා වගේ. අත් දෙක පිටිපස්සට කරලා බැඳලා.
ආරු බිම බලනකොට දැක්කෙ එයා ඉන්නෙ අයිස් කුට්ටියක් උඩ කියලා. ඒ වගේම එයාගේ බෙල්ලට තොණ්ඩුවක් දාලා. අයිස් කැටේ දිය වෙන්න දිය වෙන්න ආරුගේ බෙල්ල හිර වෙනවා.
ඒ වෙලාවෙම තමා ආරුව හොයාගෙන ඇතුළට අඅව සෙට් එක එතනට ආවේ.
" ආරු...." කියන ගමන් ආයුශ් දුවගෙන යන්න ගියත් පැත්තක ඉඳගෙන හිටිය එමා කතා කරා.
" මොකෝ මිස්ටර් මැරෙන්න ආසද...."
කට්ටිය ඒ වෙලාවේ දැක්කේ ආරුගේ පිටිපස්සෙ ඉන්න කෙනෙක් ගන් එකක් ඒම් කරගෙන ඉන්නවා. ඒ වගේම ආරු පැටලිලා ඉන්න උගුල ඒක තමා බයානකම.
ආරුගේ බෙල්ලට තොන්ඩුවක් දාලා ආරුව අයිස් කැටයක් උඩ තියලා අයිස් කැටේ යටින් රත් කරනවා. ඒ හින්දා අයිස් කැටේ වේගෙන් දිය වෙනවා. මේක ලැබ් එකේ නිකන් එළිමහන් තැනක් වගේ එකක්. ඒ හින්දා පොඩි ඇලපාරක් තිබ්බා. ඒ ඇලපාර මැද තියන ගලක් උඩ පරීක්ෂණ නළයක් එල්ලලා තියනවා ඒක ආරුගේ තොණ්ඩුව තියන ලණුවට සම්බන්ධ කරලා තිබ්බේ. ආරු දඟලද්දි ඒ පරීක්ෂණ නළේ ගලේ වදිනවා. කට්ටියට තේරුන විදිහට ආරුව බේරගත්තොත් පරීක්ෂණ නළේ කැඩිලා ඒකේ තියන ඒවා ඇළපාරට එකතු වෙනවා. ඒත් පරීක්ෂන නළේ ගලවලා ගත්තොත් ඒ ට්‍රැප් එකේ හැටියට ආරුගේ බෙල්ල හිර වෙනවා.
ආයුග් පරීක්ෂණ නළේ ගැන එච්චර හිතන්නෙ නැතුව ආරුව බේරගන්න ආරුගේ පැත්තට යන්න ගියේ. ඒත් එක්කෙම ආරුගේ පිටිපස්සෙ හිටිය කෙනා ආයුග්ගේ අතකට වෙඩි තිබ්බා.
" හදිස්සි වෙන්නෙපා මිස්ටර... ඔයා ගිහින් අරයව බේරගත්තොත් මේ ටියුබ් එක කැඩිලා virus x එක එකතු වෙයි මේ වතුරට...."
" මොකක්.. virus x...." ආරු අමාරුවෙන් කිව්වා.
" ඉතින් මට මොකද..." කිව්ව ආයුග් ආයෙමත් ආරු ළඟට එන්න ගියේ. ඒත් මේ පාර නැවතුනේ ආරු කෑගැහුව හින්දා.
" එපා.. එන්නෙපා... මං ගැන... හිතන්නෙපා... අරක ගලවලා... දාන්න.. ඒක... ඇළට වැටුනොත් ඉවරයි..."
" මට ඒවගෙන් වැඩක් නෑ.. තමුසෙව බේරගෙන මිසක් මම මෙතනින් යන්නෙ නෑ.. " ආයුග්.
" මිස්ටර්... මේ virus x හින්දා ඇමරිකාවේ ගම් දෙකක් සම්පූර්ණයෙන්ම වහලා දැම්මා.. ඇයියේ දන්නවද... ඒ ගම්වල අයට මේ virus x එක හැදිලා තිබ්බා.. ඉතින් ඒ අය මැරිලා යනකන්ම ඒ ගම් වැහුවා... හහ්... දැන් මේක මේ වතුරට වැටුනම.. ගිහින් කෙලින්ම වැටෙන්නේ ඔයාලාගේ මහවැලි ගඟට... ඉතින් ඊටපස්සේ ලංකාවම ඉවරයි... හහ්..."
ආයුග් දෙපාරක් හිතන්නෙ නැතුව එමාගේ නළලටම වෙඩි තිබ්බා. ඒත් එක්කම ආරුගේ පිටිපස්සෙ හිටිය කෙනා ආයෙමත් ආයුග්ට වෙඩි තිබ්බා ඒකත් ආයුග්ගේ උරහිසකට වැදුනා. ආයුග් ඒ කෙනාටත් වෙඩි තියලා මරලා දැම්ම.
මේ වෙනකොට ආරු අයිස් කැටේ උඩ ඇඟිලි තුඩුවලින් හිටගෙන හිටගෙන හිටියේ. ආයුශ් මාරුවෙන් මාරුවට ආරු දිහායි පරීක්ෂණ නළේ දිහායි. ආරුව බේරගත්තොත් ලංකාවම අනතුරේ. එමා කිව්ව දෙයින් ම තේරුනා මේකට බෙහෙතකුත් නෑ කියලා.
ඒ හින්දා ආරුද නැත්තන් ලංකාවද කියන එකෙන් ආයුශ් ලංකාව තෝරගත්තා.
ආරුගේ බෙල්ලෙන් එන වේදනාවත් එන්න එන්න වැඩි වෙන හින්දා ආරුගේ ඇස්වලින් කඳුලු වැටෙන්න ගත්තා. ඒත් එක්කම ආයුශ් ඇළ පැත්තට දිව්වෙ පරීක්ෂණ නළේ අයින් කරන්න. ආරු ළාවට හිනාවුනේ මේ වෙලාවේ කරන්න තියන හොඳ වැඩේ ඒක හින්දා. ආරු හිනාවෙලාම ඇස් පියාගෙන මෙච්චර වෙලා එයා අමාරුවෙන් තියන් හිටිය ඇඟිල්ල අයිස් කුට්ටියෙන් අයින් කරගත්තා. ඒ එක්කම ආරුගේ බෙල්ල හිර වුනා.
ඒත් ආයුග් ඒ ලණුවට එකදිගට වෙඩි තිබ්බේ ලණුව කැඩිලා යන්න. ලණුව කැඩිලා ආරුව බිමට වැටෙනවත් එක්කම ආයුග් දුවලා ගිහින් ආරුව වැටෙන්න නොදී අල්ලගත්තා.
ආයුශ් පරීක්ෂණ නළේ අරන් තිබ්බ හින්දා ලංකාවත් බේරුනා. ආරු අමාරුවෙන් ඇස් ඇරලා බලද්දි දැක්කේ එයාව අල්ලන් ඉන්න ආයුග්ව වගේම පරීක්ෂණ නළේ අරන් දුවගෙන එන ආයුශ්ව.
" ඒක... සාන්ද්‍ර... සල්ෆියුරික්.. එකක.. බස්සන්න..." කිව්ව ආරුට සිහිය නැතිවුනා.
ආරුට සිහිය එනකොට හිටියේ හොස්පිටල් එකේ ඇඳක් ඉඩ. ආයුශ් ආරු ළඟ ඉඳගෙන හිටියා.
" මැණික... අම්මෝ ඇති යන්තන්... ඉන්න මම ඩොක්ටර්ට එන්න කියන්නම්.." කිව්ව ආයුශ් එළියට දිව්වා.
ආරුට ඇඳේ ඉඳගන්න තරන් හයියක් තිබ්බෙ නෑ. ඔලුවෙන් බෙල්ලෙන් කකුලේ යටිපතුල්වලින් ලොකු වේදනාවක් දැනුනා.
" ආරු... දැන් මොකද... පිස්සු වැඩනේ කරන්නේ...ඔය ජොබ් එක ඕන්නෑ දැන්මම අයින් වෙන්න.. මගේ ලේ ටික පිච්චෙනවා ඔයා දිහා බලන් ඉඳලා.." දිව්‍යා ආරුගේ ඔලුව අතගාමින් කිව්වා.
" අම්මා.. මෙහෙ.." ආරු.
" ඇයි මට නොකියා ඉන්න කියන්නද ගියේ කට්ටියට...." දිව්‍යා.
" අම්මේ... නිරූ... නිරූ.. කොහෙද...."
" නිරූ මේ හොස්පිටල් එකේ නෙවෙයි ඉන්නේ එයා එයි ඉක්මනට... "
" අම්මේ නිරූට..."
" නෑ එයාට කිසිම කරදරයක් නෑ... ඉස්සරවෙලා ඔයා ගැන හිතන්න ආරු..."
ඩොක්ටර් ආවා. ආරුව බලලා ආරුට බෙඩ් රෙස්ට් කරන්න කියලා ඩොක්ටර් ගියා.
" අයියේ.. අරකට මම කිව්ව දේ කරාද..." ආරු ආයුශ්ගෙන් ඇහුවා.
" මම ඒක කේශ්ට දුන්නා මැණික... කේශ්ලා ඒක ගැන බලාගනී.. ඔයා බය වෙන්නෙපා....මට සමාවෙන්න මැණික.. මම ඒ වෙලාවේ ඒ දේ තෝරගත්තට..."
" නෑ.. අයියේ... සමාව ඉල්ලන්න.. ඕන නෑ... ඒක තමා ... ඒ වෙලාවේ... කරන්න ඕන දේ..."
මේ වෙලාවේ ආයුග් නිරූව එක්කන් ආරු හිටිය හොස්පිටල් එකට එනගමන් හිටියේ.
" මොකක්ද බන් උබ අර වෙලේ ඒ කරේ..." ආයුග් එයාට තුරුල් වෙලා නිදියන් ඉන්න නිරූ දිහා බලන් ඉද්දි සරස් ඇහුවා.
" මොන වෙලේද..."
" මොන වෙලේද... උබ අර ටියුබ් එක ගන්නෙ නැතුව සාක්ෂිව බේරගත්තේ... අන්න ඒ වෙලාවේ..."
" ඒ වෙලාවේ එතන මේ මුළු ලෝකෙම විනාශ වෙන දෙයක් තිබ්බත් මම ආරන්යාව තමයි බේරගන්නෙ බන්..."
" උබ ආදරෙන් අන්ද වෙලාද ඉන්නෙ බන්.. අනික ඒකි උබේ මල්ලි එක්ක යාලු වෙලා ඉන්නේ... ඌම කෙල්ලව තෝරගන්නෙ නැතුව ගිහින් අර ටියුබ් එක ගත්තේ.. ඌ එහෙම කරපු හින්දා හොඳට ගියා... නැත්තන් චීෆ්ට උත්තර බඳින්න ගිහින් අපිව අමාරුවේ වැටෙනවා..."
" ඌට ආරන්‍යාට වඩා වටින දේවල් තිබ්බට මට මේ ලෝකෙ තියන වටිනම දේ ආරන්‍යා බන්..."
" ඒකි උබට කැමති නෑ බන්... එහෙම වෙලත් උබට පිස්සුද.. උබ චීෆ්ගෙන් කොච්චර නම් බැනුම් ඇහුවද... අනික උබ හිතනවද ඒකි ආයුශ්ව දාලා කවදාවත් උබ ළඟට එයි කියලා උබ කරපුවා මතක නම් ඒකි උබ දිහා හැරිලාවත් බලන්නෙ නෑ බන්..."
" මට හම්බුනේ නැත්තන් මම දිගටම බලන් ඉන්නවා එයාව හම්බෙනකන්.. හැබැයි මට හිතුනොත් එයාව ගන්න මට කාගෙවත් කැමැත්තෙන් වැඩකුත් නෑ. "
" අනේ මන්දා බන්.. උබට නම් පිස්සු.. මට සංජු කිව්වා ඒකි උබට කොයි තරන් නම් වෛර කරනවද කියනවා... අනික උබ අර කරපු දෙයින් ඒකි කොච්චර විඳවලාද දන්නවද... උබ බොරු මඟුලකට ඒකිට වද දුන්නා.. අන්තිමට උබට මොනාද හම්බුනේ කියපන්කෝ... අඩුම උබට එකදිගට ආන්ටි කෝල් ගන්නවා උබ ඒවාවත් ආන්ස්වර් කරනවද නෑනේ.. උබට මොනාද ඕන වුනේ බන්...."
" ඇති ඇති බන්.. මම ඒ කරපුවට දැන් පසු තැවෙනවා.. අඩුම රෑට නින්ද යන්නෙත් නෑ ඒවාම මගේ මතකෙට එනවා.. "
" එතකොට හිතපන් ඒ කෙල්ල ගැන... ඒකි කොච්චර විඳවන්න ඇද්ද..."
ආයුග්ගේ ඇස්වලින් කඳුලු වැටෙන්න ගත්තේ පසු තැවීමට. මෙච්චර කල් ගල් හිතක් එක්ක හිටිය ආයුග්ටම විශ්වාස නැතිවුනා එයාගේ ඇස්වලින් කඳුලු වැටෙද්දි.
" මාමි... ඇයි උයා අඳන්නේ..." නිරූ මේ දෙන්නගේ සද්දෙට ඇහැරිලා තිබ්බා. එයා එයාගේ පුංචි අත්වලින් ආයුග්ගේ කම්මුල් පිස්සා. නිරූ කිව්ව දේ ඇහිලා සරස් පුදුමෙන් ආයුග් දිහා බැලුවා.
" නෑ බේබි... මාමි අඬන්නේ නෑ.. බබාට බඩගිනීද...."
" මත අම්මි ඕන..."
" තව චුට්ටයි බේබි අපි අම්මි ළඟට යන් හරි... "
" හලී... "
ආයුග් සරස් එක්කම නිරූව දෙන්න ආරු නැවතිලා හිටිය හොස්පිටල් රූම් එකට ආවා. ඒත් ආයුග්ට ඇතුළට යන්න තරන් හිතට හයියක් තිබ්බෙ නෑ. මොනා වුනත් ආරුව දකිද්දි ආයුග්ට එයාගේ වැරදි මතක් වෙනවා.
" උබ ගිහින් නිරූව දීලා වරෙන්.." සරස් අතට නිරූව දෙන ගමන් ආයුග් කිව්වා.
" උබ එන්නෙ නෑ...."
" නෑ යමන්..."
සරස් නිරූව එක්කන් ඇතුළට ආවා. ආරුට නිරූව දැක්කම තිබ්බ හැම වේදනාවක්ම අමතක වුනා. ආරු නිරූව තුරුලු කරගෙන සිපගත්තෙ වෙන කාටවත් නිරූව ගන්න දෙන්නෙ නැතුව.
" මැණික ඔයාගේ තුවාල පෑරෙයි කෝ නිරූව දෙන්න මම ගන්නම්.." ආයුශ් කිව්වත් ආරු නෙවෙයි නිරූව අතහැරියේ.
ආයුශ් ආරුගේ කොණ්ඩේ හදලා නළල සිපගත්තා. මේ දිහා අඅයුග් එළියට වෙලා බලාගෙන හිටියේ. දිව්‍යා නිකමට දොර දිහා බලනකොට දැක්කේ ආයුග් එළියට වෙලා ඉන්න විදිහ. දිව්‍යා ගියා ආයුග් ළඟට.
" නැන්දේ..."
" ආයුග්... ඔයා මගේ දුවව බේරගත්තා.. ඒකට ගොඩාක් ස්තූතියි... ආරුට මොනාහරි වුනා නම් මට ඒක දරාගන්න අමාරුයි... ඒත් ආයේ මගේ දුවට ළං වෙන්නෙපා... මගේ දුවගෙන් ඈත්වෙලා ඉන්න.. මගෙ දුව වින්ඳ දුක හොඳටම ඇති.. දැන් ආයුශ් පුතා ඉන්නවා එයා ළඟ...මං කියපු දේ තේරුනානේ.."
" ඔව් නැන්දේ මට තේරුනා.. මා ආරන්‍යාට ඕනාවටත් වඩා වද දුන්නා.. ඒත් කවදාහරි එයාට මාව ඕන වුනොත් මම එයා එක්ක ඉන්නවා..." කිව්ව ආයුග් ආරු දිහාත් එකපාරක් බලලා යන්න ගියා.
ආරුට තවත් දවස් දෙක තුනක්ම හොස්පිටල් එකේ නතර වෙන්න වුනා. මේ වෙද්දි බ්ලේඩ්ගේ ජඩවැඩ සම්පූර්ණයෙන්ම නතර වෙලා තිබ්බේ ඒ වගේම කවීන් එදා පැනගත්ත එක මේ වෙනකන් හොයාගන්නත් බැරිවුනා. ආරු හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් වුනත් තවත් සති දෙක තුනක්ම ගෙදරට වෙලා ඉන්න වුනා. මේ අතරේ සෙතූ රට ගියා. ආයුග් එයාගේ වන්ෂොට් පාර්ට් එක නතර කරලා පොලිසියේම වැඩ පටන් ගත්තා.
හැමදේම සාමාන්‍ය විදිහට ගියා ආයුශ්ගේ ජීවිතේ ඇරෙන්න. ආයුශ්ට මේ වෙනකොට ගෙදරින් සෑහෙන්න ප්‍රෙෂර් කරා මන්දනාව බඳින්න කියලා.
" ආරු අපි බඳිමු..." ආයුශ් ආරුගේ ගෙදර ඇවිල්ලා ඉන්න වෙලාවක ආරුගෙන් ඇහුවා.
" අහ්.. බඳින්න... මේ හදිස්සියේ..."
" හදිස්සියක් නෙවෙයි මැණික... හැබැයි නැත්තෙමත් නෑ දැන් වයසත් යනවනේ.. අම්මා දන්නවනේ ඉතින්..."
"ම්ම්... ඒත් අයියේ තිහ පනිනකන්වත් ඉන්න ඕන බඳින්නනන්....කෝ මේ නිරූ..." කියලා ආරු ඒ කතාව මඟ ඇරලා ගියා.
දිව්‍යා එපා කිව්වත් ආරු තාමත් ෆොරෙන්සික් එකේ වැඩ කරා. ඉඳලා හිටලා ආයුග්වත් හම්බෙනවා ඒත් ආරු ආයුග්ව ගණන් ගත්තෙ නෑ.
දවසක් ආරුට කෝල් එකක් ආවේ මයුමිගෙන්.
" හෙලෝ ආරු..."
" මයූ.. මොකෝ මේ අපිව මතක් වෙලා..."
" ඔයා ඉතින් හරි බිසීනේ ඒ හින්දා මම කෝල් අරන් කරදර කරන්නෙ නෑ අනේ... මම මේ පණිවිඩයක් කියන්න ගත්තේ..."
" පණිවිඩයක්... ඒ මොකක්ද..."
" ආරු අපි මේ... family reunion එකක් තියන්න කතා වුනේ..."
" ම්ම්... හොඳයි... මගෙන් මොනාද වෙන්න ඕන..."
"ම්ම්... මේ ඔයා එන්න තමා ඕන... කැමති නම් මුදල් ආදාර කරත් අවුලක් නෑ..."
" එහෙමද... මුදල් ආදාර කරන එක නම් ප්‍රශ්නයක් නෙවෙයි... ඒත්..."
" අනේ ආරු එන්න බෑ කියන්න නම් එපා... මම පුංචාටත් කතා කරා... පුංචා කිව්වා ඔයා කැමති නම් ඒ දෙන්නත් එනවා කියලා..."
" ඒකත් එහෙමද.. කවද්ද තියෙන්නේ... ලබන මාසේ 5 වෙනිදා.. තව සති දෙකක්ම තියනවනේ ප්ලීස් එන්නකෝ... අනේ ආරූ...."
" ම්ම්... 5 නේද... කොහෙද තියෙන්නේ...."
" නුවර... ආයුග් අයියගේ හොටෙල් එකක...."
" ඒ කියන්නේ එයත් එනවද..."
" ඒකටනේ ආරු family reunion කියන්නේ.. අනේ එන්නකෝ ප්ලීස්..."
" ම්ම්... හරි හරි එහෙනම් එන්නම්කෝ....."
" තැන්කූ තැන්කූ..."
" ඔයාගේ account details එවන්නකෝ මම සල්ලි එවන්නම්.. සාමාන්‍යයෙන් කීයක් ව්ඉතර යනවද..."
" අපි ලක්ෂ 3කින් ගාණට කවර් කරා..."
" හරි මම ඔයාට ලක්ෂ 5ක් දාන්නම් ඔක්කොම ටික බලාගන්න... මම එදාට එන්නම්.. මට ලොකේෂන් එකයි වෙලාවයි දාන්න..."
" අම්මේ ආදරෙයි ඈ..."
" අනේ පලයන්න..." කිව්ව ආරු හිනා වෙමින් කෝල් එක කට් කරා.
ආරු මේ වෙලාවේ හිටියේ ඔෆිස් එකේ.
" සංජු මට ලබන මාසේ 4,5,6 තියන වැඩ ටික පෝස්ට්පෝන් කරන්න.. අත්‍යවශ්‍යම ඒවා තියනවා නම් හතරවෙනිදා උදේට දාන්න..."
" ඇයි මොකක් හරි මඟුලක්ද..."
" Family reunion එකක් බන්..."
" අප්පෝ... උබට ඔය මඟුලට යන්නම ඕනද.. බොරුවට ගිහින් හිත රිද්දගන්නනේ වෙන්නෙ බන්..."
" ඒ ඉස්සරනේ... බලමුකෝ ගිහින්ම..."
" ඕන එකක්.. මේ කන්න මොනාහරි ගේන්නද..."
" මට නම් කන්න බෑ බන්.. උබ මොනාහරි කාපන්.."
" උබ දවල්ට කෑවෙත් නෑ උදේටත් කිරි එකක් විතරයි නේද බිව්වා කිව්වේ..."
" අප්පෝ කෑම දකිද්දිත් අප්පිරියායි බන්.."
" ඒ උබත් නම්.. ළමයි හම්බෙන්න ඉන්න ගෑනු වගේනේ බන්.. මම යනවා..."
සංජනා ගියත් ආරු හිටියේ සංජනා කිව්ව වචන අස්සෙ හිරවෙලා.
" මට කලන්තේ ගතියත් තිබ්බා... කෑම දැක්කම අප්පිරියාවකුත් දැනුනා.. පොඩ්ඩක් ඉන්න පීරියඩ්ස් හැදෙන්න තිබ්බේ සති දෙකකට කලින්..දෙයියනේ මම ප්‍රෙග්නන්ට් ද...නෑ එහෙම වෙන්න බෑ මම කා එක්කවත් එහෙම හිටියේ නෑනේ...නිකන් වෙන්න ඇති..."
ආරු තමන්ටම කියාගත්තා. ඒත් වොෂෲම් යන්න කියලා හිතාගෙන නැඟිට්ට ආරුව කලන්තයක් අල්ලලා ආයේම පුටුවටම වැටුනා. ආරුට සිහිය ආවේ සංජනා ඇවිල්ලා කතා කරද්දි.
" අඩෙහ් උබට පුදුම නින්දක්නේ ගිහින් තිබ්බේ මැරිලා වගෙ නිදි..."
" අහ්... මේ... ටිකක්... සංජු මම ගෙදර යනවා ටිකක් මහන්සියි..."
" හරි යමන් යමන්... උබේ මූණත් එක්කම මැලවිලා තියෙන්නේ මොනාහරි කාපන් ඈ ගිහින්..."
" හරි හරි බන්..."
ආරු සංජනාට ගෙදර යනවා කිව්වත් ඇත්තටම ගියේ හොස්පිටල් එකට. යුරීන් ටෙස්ට් එකකුයි ස්කෑන් එකකුයි දෙකක්ම කරලා ආරු ඩොක්ටර් එනකන් නොඉවසිල්ලෙන් බලන් හිටියේ මේ දවස් ටිකේ එයාගේ වෙනසට හේතුව හොයාගන්න.
ඩොක්ටර් රිපෝට් එක ආරුගේ අතටම දුන්නා.
" Congratulations මිස් සූරියආරච්චි... ඔයා අම්මා කෙනෙක් වෙන්න යන්නේ..."
____________________________________
කාගේ දරුවෙක්ද මන්දා නේ..... ඔන්න දැන් කියයි ආයුග්ගෙනේ කියලා... හී හී... වෙන මනුස්සයෝ නැද්ද මේ ලෝකේ ඇත්තටම....
ඔන්න හෙටත් එපියක් ලබාගන්න චාන්ස් එකක් තියනවා. මම අහන ප්‍රශ්නෙට හරි උත්තරේ ගෙස් කරන්න විතරයි තියෙන්නේ.. මගේ ළමයි ටික වැඩ්ඩොනේ...
එහෙනම් අපි ප්රශ්නය බලමු.
මතකනේ මම කිව්වා මම කෙනෙක්ව මරන්න යන්නෙ කියලා. ඒත් මම හිත වෙනස් කරගත්ත මම ඒ කෙනාව මරන්නෙ නෑ. ඔයාලට තියෙන්නේ ඒ කෙනා කවුද කියලා ගෙස් කරන්න විතරයි.
මෙන්න ඉඟි....
1. ඒ කෙනාව මම මීට කලින් කතා දෙකකම මරලා දැම්මා.
2. හැබැයි කලින් ඒ මැරුනු අය වගේ නෙවෙයි මෙයා. මෙයා ටිකක් වෙනස්.. ඒත් ඒ ආදරේ එකමයි...
එහෙනම් comment කරන්න.. reaction දාන්න..
ආදරෙයි හැමෝටම 🖤