The Bitter Sweet Harmony ❤️‍🔥

The Bitter Sweet Harmony ❤️‍🔥

Pari🖤
Bound by pain, United by love ....


Previous Episode ......❤️‍🔥


https://telegra.ph/The-Bitter-Sweet-Harmony-04-06



24th Episode ....❤️‍🔥



ආරු ඉක්මනට හිටපු තැනින් නැගිටලා එළියට දිව්වෙ ෆෝන් එක අරගෙන කෝල් එකක් ගන්න හිතාගෙන. ඒත් කෝල් එකක් ගන්නවත් ආරුට සිහියක් නෑ.


" අරකිව අල්ලගනින්..." බ්ලේඩ්ගේ අය ආරුගේ පස්සෙන් එද්දි ආරු පුලුවන් තරන් හැංඟි හැංඟි කොරිඩෝව දිගේ දිව්වා. කෙනෙක් ආරු අල්ලගන්න ළඟටම එද්දි ක්ලබ් එකේ රූම් එකකින් එළියට ආව අතක් ආරුව ඒ රූම් එකට ඇදලා ගත්තා.




පහුවදා උදේ ආරු නැගිටිද්දී ඔලුව සෑහෙන්න රිදී රිදී තිබ්බේ. ආරු නැගිටලා බලනකොට දැක්කේ ඉන්නෙ ගෙදර නම් නෙවෙයි කියලා. ඇඟත් හොඳටම රිදෙනවා. ආරු අමාරුවෙන් ඇඳෙන් බැහැලා එළියට ගියාම තමා දැක්කේ තාම ඉන්නේ ක්ලබ් එකේමයි කියලා.


අමාරුවෙන් අමාරුවෙන් ආරු කොහොමහරි කාර් එකට ගිහින් නැග්ගා. ඒත් කාර් එක ඩ්‍රයිව් කරන්න තරන් ආරුගේ ඇඟට ශක්තියක් තිබ්බෙ නෑ. ස්ටියරින් වීල් එක උඩින් ඔලුව තියාගෙන ආරු කල්පනා කරේ ඊයේ රෑ මොකද වුනේ කියලා. ඊයේ කවීන්ගෙන් බේරිලා එනකොට කවුරුහරි එයාව අර රූම් එකට ඇදලා ගත්තා මතකයි ඒත් එතනින් එහාට කිසිම දෙයක් මතකේ තිබ්බෙ නෑ. ඒ වෙලාවෙම තමා කවුරුහරි ඇවිල්ලා ෂටර් එකට තට්ටු කරේ. ආරු ඔලුව උස්සල බලද්දි ටිකක් දැකලා තියන කෙනෙක් හිටියත් ඒ කවුද කියන එක ආරුට මතක තිබ්බෙ නෑ.


" මැඩම් මොකක් හරි ප්‍රශ්නයක්ද..."


" ආ... නෑ... නෑ..."


" ඒත් මැඩම්.. මැඩම් මොකක් හරි අමාරුවකින් ඉන්නවා වගේනේ.. මැඩම්ව හොස්පිටල් එක්ක යන්නද..."


" ආ.. නෑ ඕන.. නෑ... පුලුවන් නම් මාව ගෙදරින් දාලා එන්න..."


" ආ හරි මැඩම්..."


ඒ කෙනා ඩ්‍රයිවින් ෂීට් එකට එද්දි ආරු පැසෙන්ජර් ශීට් එකට මාරු වුනා. ආරුගේ අපාර්ට්මන්ට් එක තියන බිල්ඩින් එකේ පාර්කින් එකෙ කාර් එක නැවැත්තලා ඒ කෙනා ආරුට කතා කරා.


" මැඩම්... මැඩම් අපි ආවා..."


ආරුට නින්ද ගිහිල්ලා තිබ්බේ.


" අහ්.. තැන්ක් යූ... ඒත් මම ඔයාට පාර කිව්වෙ නෑනේ..." ආරු කන්ෆියුස් වෙලා කිව්වා.


" අහ්.. මේ... ඇයි මැඩම්.. මට කිව්වේ ගෝල්ඩන් අපාර්ට්මන්ට් එක කියලා.."


" ආ.. මම කිව්වද... මටත් පිස්සුනේ... තැන්ක් යූ තැන්ක් යූ... මේක තියාගන්න ඔයා මට ලොකු උදව්වක් කරේ..." කියලා ආරු පර්ස් එකෙන් පන්දාහේ කොළ දෙකක් අරන් දුන්නා.


" අනේ ඕන්නෑ මැඩම් මම සල්ලි බලාගෙන නෙවෙයි මැඩම්ට උදව් කරේ..."


" කමක් නෑ මේක ගන්නකෝ..." කිව්ව ආරු ලිෆ්ට් එකට ගියා.


ආරු ගෙදරට යන්න එනකොට දැක්කේ ආයුශ් කලබලෙන් ෆෝන් එකත් ඔබ ඔබ එනවා.


" අයියේ..."


" ආ.. ආරු.. කොහෙද උදේම ගියේ.."


" ආහ්.. මෙ..." ආරුට ආයුශ්ට කියන්න බෑනේ කවීන්ව හම්බෙන්න ගියා කියලා.


" ආරු මම වැඩට යන්න යන්නේ... හවසට ඇවිල්ලා කතා කරමුකෝ..." කියලා ආයුශ් ආරුගේ නළලත් සිපගෙන කලබලෙන් ගියා.


ඒත් මේ දෙන්නට දෙන්නම නොදැකපු දෙයක් තිබ්බා. ආයුශ් දැක්කෙ නෑ ආරුගේ බෙල්ලේ තිබ්බ රතු සලකුණු. ඒ වගේම ආරු දැක්කෙ නෑ ආයුශ්ගේ ඇඟේ තිබ්බ රතු සලකුණු වගේම නියපාරවල්.



ආරු ගෙදර එද්දිත් තාම නිරූ නිදී. ආරු වොෂ් එකක් දාගෙන ඇවිල්ලා ඇඳට වැටුනේ වැඩ කරන්න යන්න තරන් මූඩ් එකක් තිබ්බෙ නෑ කියලා. අනික ආරුත් වොෂ් දාද්දී තමා දැක්කේ එයාගේ බෙල්ලේ තිබ්බ රතු සලකුණු.


" ඒවා කොයිවෙලේද වුනේ... කවුරුහරි... නෑ නෑ ඒක වෙන්නබෑ.. මගෙ ඇඳුම් තිබ්බ විදිහටම තිබ්බා.. මදුරුවෝ කන්න ඇති සමහර විට... ඒත් මදුරුවෝ බෙල්ලමද කන්නේ..." ආරු ඒ ගැන හිත හිත ඉඳලම ආයේ නින්ද ගියා.




මේ අතරේ කවීන් හිටියේ නම් හොඳටම තරහෙන්. ඊයේ අතට ආව චාන්ස් එකත් මිස් වුනානේ.


" මිස්ටර් කවීන්.. ඔයාගේ වැඩ ෆේල් වෙනවනේ.. තව දවස් තුනක් ඇතුළත මට ආරන්‍යාව හම්බෙන්න ඕන... නැත්තන් ඔයාගේ විස්තර සේරම පොලිසියට යයි තේරුනානේ..."


කවීන් හිටියේ ලොකූ ප්‍රශ්නෙක දැන්. එක්කෝ ආරුව දවස් තුනක් ඇතුළත ලැබ් එකට එක්ක යන්න ඕන. නැත්‍තන් දවස් හතක් ඇතුළත හොඳ කෙනෙක් වෙන්න ඕන. කවීන්ට ආව හොඳම විසඳුම තමා දවස් තුනක් ඇතුළත ආරුව භාර දෙන එක.



ආයුශ් ආරුව හම්බෙන්න හවස එන්නම් කිව්වත් ආයුශ් ආවේ නෑ. මොකද ආයුශ් ඊයේ ක්ලබ් එකට ගියාට පස්සෙ බිව්ව එකෙන් එයාටත් මොකක් හරි වුනා. එයාටත් එදා රෑ වෙච්ච දේවල් මතක තිබ්බෙ නෑ. ඒ වගේ ම ඇඟේ තිබ්බ සලකුණුත් එක්ක ආයුශ් තවත් කන්ෆියුස් වෙලා හිටියේ.


ආයුශ්ට පහුවදා ගෙදර යන්න වුනේ සරලා එන්න කිව්ව හින්දා. ආයුශ්ට ආරුට මූණ දෙන එක අමාරු වුන හින්දා ආරුට මැසේජ් එකක් විතරක් දාලා ආයුශ් ගෙදර ගියා. ආරුටත් ඒ දේවල් ගාණක් තිබ්බෙ නැත්තේ ආරුත් මිෂන් එකේ වැඩවලට හිර වෙලා ගෙදර යන්නවත් වෙලාවක් තිබ්බෙ නැති හින්දා. මොකද ඔෆිසර් සිංහවංශ එක් දිගට එයා හොයාගත්‍ත විස්තර එව්වා. ආරුට නිරූ ගැන බලන්නවත් බැරිවුනා.


ආයුශ් ගෙදර යද්දි ගෙදර අය කොහෙ හරි යන්න ලෑස්ති වෙන ගමන් හිටියේ.


" කොහෙද යන්න යන්නේ..." ආයුශ් පුදුමෙන් අහද්දි නංගි මොනාහරි කියන්න හැදුවත් සරලා ඉස්සර වුනා.


" මේ ෂර්ට් එක දාගන්න ඉක්මනට ගමනක් යන්න තියනවා.. "


" කොහෙද යන්නෙ අම්මේ..."


" පුතා ගිහිල්ලම බලමුකො...."


ආයුශ් ෂර්ට් එකත් දාගෙන පහළට එනකොට සරලලා බඩු වගේකුත් කාර් එකට දාලා තිබ්බේ. සරලා ආයුශ් එක්ක කාර් එකට නඟිද්දි. ආයුශ්ගේ තාත්තා මල්ලි නංගි තුන්දෙනාම අනිත් කාර් එකට නැග්ගා. ආයුශ්ගේ තාත්තා තමා ඉස්සර වෙලා ගියේ. ආයුශ්ට යන පාර හුරු පුරුදු ගතියත් දැනුනා. අන්තිමට කාර්ස් ඇවිල්ල නවත්තපු ගෙදර ද්ඇක්කම තමා ආයුශ්ට සීන් එක තේරුනේ.


" අම්මේ මොකක්ද මේ කරන්න යන්නේ... මොකටද මෙහෙ ආවෙ..."


" වෙන මොනාටද කොල්ලො මනමාලියක් බලන්න.. මම කිව්වනේ අර ආරුව නම් බදින්න දෙන්නෙ නෑ කියලා..."


" හරි අම්මේ ආරුගේ මොකක්ද තියන අඩුව ආ... ආරු කොච්චර හොඳද..."


" හොඳ... වෙන කවුරු මගේ ලේලි වුනත් මම ඒකිව මගේ ලේලි කරගන්නෙ නෑ.. කටවහගෙන යන්.. ආයු... ඔයා මේකට අකමැති වුනොත් මම මැරෙනවා මේ ඇත්තමයි කියන්නේ..."


" අම්මේ...."


" කට වහගෙන එන්න..."


ආයුශ්ලා මේ ඇවිල්ලා හිටියේ මන්දනාලගේ ගෙදර. ආයුශ් අකමැත්තෙන් වුනත් ගේ ඇතුළට ගියා. ටිකකින් මන්දනා ඇවිල්ලා හැමෝටම තේ දීලා ආයුශ්ගේ එහා පැත්තෙන් ඉඳගත්තා.


" දෙන්නට තනියම කතා කරන්නත් ඕන ඇතිනේ... දෝණි පුතා එක්ක ගාඩින් කට ගිහින් කතා කරන්න..." මන්දනාගේ තාත්තා කිව්වා.


ආයුශ් මන්දනාගේ පස්සෙන්ම ගිහින් දෙන්නම ඉඳගත්තේ ගාඩ්න් එකේ ඔංචිල්ලාවේ. මේක ඒ දෙන්නා එතන ඉන්න පළවෙනි අවස්තාව නෙවෙයි ඇත්තටම කිව්වොත්.


" මතකද ආයු අපි ඉස්සර මෙතන ඉන්න හැටි...."

" මන්දනා මම ඔයාට කලිමුත් කිව්වා අතීතය අතීතය විතරයි... මට දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.. මම එයාට විතරයි ආදරේ තේරුනානේ..."

" ඒත් ආයු මේ ටික බලලා ඉන්නකෝ..." කියලා මන්දනා ආයුශ්ට ෆෝන් එක දුන්නා. ෆෝන් එකේ තිබ්බ ෆොටෝස් දැක්කම ආයුශ්ගේ අත් මිට මෙලවුනේ ඉබේටමයි.


එත් එක්කම නැගිට්ට ආයුශ් තරහෙන් කාර් එකත් අරගෙන ආයේ කොළඹ යන්නම පිටත් වුනා.



ආරු මේ වෙලාවේ හිටියේ බ්ලේඩ්ගේ තවත් මිනීමැරුමක් පරීක්ෂා කරන ගමන්. ඇනී අම්මාගෙන් කෝල් එකක් ආවත් ඒ වෙලාවේ ෆෝන් එක අල්ලන්න බැරි හින්දා ආරු සද්ද නොකර හිටියා. ඒත් එකදිගටම ඇනී අම්මගේන් කෝල් එන්න ගද්දි කේශ් ආරුට කිව්වා කෝල් එක අරන් ඉන්න කියලා. ආරුටත් හිතුනේ නිරූට අසනීපයක්වත්ද දන්නෙ නෑ කියලා. ඒ හින්දා ආරු එක ග්ලවුස් එකක් ගලවලා කෝල් එක ආන්ස්වර් කරා.



" චූටි නෝනා... නිරූ බේබි නෑ..."


ආරුගේ අතේ තිබ්බ ෆෝන් එකත් වැටෙන්න ගියේ.


" මොකක්... ඇනී අම්මේ මොකක් ද ඒ කතාවේ තේරුම... කෝ මගේ දරුව..." ආරු කලබලෙන් කෑගහලා කියද්දි අහළපහළ හිටිය අයත් අඅරු ළඟට දුවගෙන ආවා.


" නෝනා.. සීසීටීවී එකේ තියනවා නිරූ බේබිව කට්ටියක් ඇවිල්ලා පැහැරගෙන යනවා...."


" මොකක්... මගේ දරුවා..." ආරුගේ අතින් ෆෝන් එක වැටුනේ සිහිය නැතුව වැටෙන්න ගිය ආරුව කේශ් පැනලා අල්ලගද්දි.


කේශ් වතුර ගහලා කොහොමහරි ආරුව නැඟිට්ටෙව්වා.


" කේශ්... මගේ දරුව..." ආරු අඬමින් කේශ්ගේ ෂර්ට් එකේ එල්ලෙමින් කෑගැහුවා.


" සාක්ෂි.. අඬන්නෙපා.. කෝ කියන්නකෝ මොකක්ද වුනේ කියලා.."


" කේශ් මට ගෙදර යන්න ඕන... ප්ලීස් මාව එක්කන් යන්න..."


" හරි සාක්ෂි යමු..." කියලා කේශ් ආරුව එක්කන් ගෙදර අවා.


ආරු එන මඟ දිගට දිගින් දිගටම ආයුශ්ට කෝල් ගත්තත් ආයුශ් එක කෝල් එකක්වත් ආන්ස්වර් කරේ නෑ.


" අනේ අයියේ ආන්ස්වර් කරන්නකෝ...." ආරු අඬනගමන් කියද්දි කේශ්ට ආයුශ්ට ගැන දැනුනේ පුදුම තරහක්.


ආරු සංජනාට කෝල් එකක් අරන් මේ ගැන ඉක්මනට කිව්වා.


ආරු ගෙදර එද්දි ඇනී අම්මාත් ගේ ඉස්සරහට වෙලා බිම ඉඳගෙන අඬනවා.


" අනේ චූටි නෝනා මම බාතෲම් එකට ගිහින් එන ටිකට මේක වෙලා තියෙන්නේ නෝනා.. අනේ මගේ නිරූ බේබි...." ඇනී අම්මත් අඬනවා.


" ආන්ටි සීසීටීවී රෙකෝඩ්ස් ටික පෙන්නන්න බලන්න..."


කේශ් සීසීටීවී රෙකෝඩ්ස් ටික බලද්දි ආරුත් අඬ අඬම ඒ දිහා බලන් හිටියා. ආරුට පුලුවන් වුනා එතන හිටිය එක කෙනෙක් අඳුනගන්න..


ආරු ඒ වෙලාවෙම කෝල් එකක් ගත්තේ ආයුග්ට.


" හෙලෝ... "


" ආයුග් තමුසෙට මොනාද ඕනේ... තමුසෙට ඕනේ බ්ලේඩ් කවුද කියන එක දැනගන්නනේ මම කියන්නම්... අනේ මට මගේ දරුවව දෙන්න ආයුග්.. ඒ දරුව මොනා දන්නවටද...."


" ආරන්‍යා මොනාද මේ කියන්නේ... ඇයි නිරූට මොකද... "


" ආයුග් රඟපාන්න එපා... මම තමුසෙගේ ඇක්ටින්වලට රැවටුනා තමා කලින් ඒත් දැන් ඒකට වෙලාව නෙවෙයි මට මගේ දරුවව දෙන්න ආයුග් මම වැදලා කියන්නම්.. අනේ ප්ලීස්...." ආරු අඬා වැටෙද්දි ආයුග්ගේ හිතට දැනුනේ ලොකු වේදනාවක්.


" ආරන්‍යා කියන දේ තේරුම් ගන්න.. නිරූ මං ළඟ නෑ.. ඔයාට වැරදිලා.. දැන් ඔයා කොහෙද ඉන්නේ..."


" ගෙදර..."


" ඉන්න මම එන්නම්..."



ආරු අඬාගෙනම බිත්තියට හේත්තු වුනා. තාම ගේ ඇතුළටවත් ගියේ නෑ. ඒ වෙලාවෙම තමා ආයුශ් ආයෙමත් ගෙදර ආවේ. ඒ එනකොට ආරු ගේ ඉස්සරහ අඅඬනවා දැක්කම ආයුශ් ඉක්මනට ආරු ළඟට දිව්වා.


" මැණික... මොකද මේ... ඇයි මේ අඬන්නේ...." ආයුශ් ආරුව පපුවට තුරුල් කරගෙන ඇහුවා.


" අයියේ... අයියේ.. මගේ.. දරුව... මගේ... නිරු... එයා ... නෑ... එයාව.. කිඩ්නැප් කරලා..."


" මොකක්...." ආයුශ්ටත් කිසිම දෙයක් හිතාගන්න බැරිවුනා. ආයුශ්ගේ ඔලුවත් හොඳටම අවුල් වෙලා තිබ්බේ.


" සාක්ෂි... අපි යන් පොලිසියට... අපේ ටීම් යවමු බබාව හොයන්න..." කේශ් කිව්වා.


එතකොටම ආයෙමත් ලිෆ්ට් එක ඇරුනේ සංජනා එද්දි.


" ආරු... ආරු.... මොකද වුනේ...."


" සංජු නිරූ...."


ආයෙමත් පාරක් ලිෆ්ට් එක ඇරුනා. ඒ වෙලාවේ ආවේ ආයුග්. ආයුග්ව දැක්කම ආරු දුවලා ගිහින් ආයුග්ගේ කොළර් එකේ එල්ලුනා.


" කෝ මගේ දරුවා ආයුග්... කෝ මගේ දරුවා..."


" ආරන්‍යා කියන දේ අහන්න.. මම දන්නෑ ... මම නිරූට මුකුත් කළේ නෑ..."


" නංගි ඇත්තටම අපි නිරූව කිඩ්නැප් කරේ නෑ...." සරස් .


" එතකොට කෝ මගේ දරුවා...."


ඒත් එක්කම ආරුට කෝල් එකක් ආවා. ඒ කවීන්.


ආරුට එතකොට තමා තේරුනේ කවුද ඇත්තම කිඩ්නැපර් කියලා.


" හෙලෝ සක්ෂි... ඉතින් කොහොමද..."


" කවීන්... නිරූ ඔයා ගාව නේද... " ආරු අඬ අඬම ඇහුවා.


" ඔව් මං ගාව තමා.. හරිම ලස්සන බබෙක්... රට පටවන්න පුලුවන් සුපිරි ගාණකට... ම්ම්... ඒත් නෑ.. එහෙම කරොත් ඔයා හොයාගනීනේ.. ඊට ව්අඩා හොඳයි අඩි හයක් යටට යවන එක.... සාක්ෂි තමුසේ මම එවන ලොකේෂන් එකට අද රෑ නවය වෙද්දි ආවේ නැත්තන් තමුසෙට මේකිගේ මිනියවත් බලන්න හම්බෙන්නේ නැති වෙයි... තව එකක් තමුසේ තනියම එන්න ඕන.. තේරුනානේ.. තමුසෙගේ අර මහ ලොකු මස්සිනාලා දෙන්නා හරි පොලිසියෙන් හරි ආවොත් උබේ ළමයාට වෙන දේ දන්නවනේ.."


" එපා... එපා... මම එන්නම්... කවීන් නිරූට මුකුත් කරන්නෙපා.... නිරූ කියන්නේ..."


" ලොකේෂන් එක එව්වා වෙලාවට එනවා.. තනියම..." කියලා කවීන් කෝල් එක කට් කරා.


" ආරු ඇයි කවීන් නිරූව පැහැර ගත්තේ... කවීන්ටයි ඔයාටයි තියන තරහ මොකක්ද...." ආයුශ්.


" කවීන් තමා බ්ලේඩ් කියන්නේ...." ආරු කෑගැහුවා.


" මොකක්...." කේශ් ආයුශ් ආයුග් තුන්දෙනාම කිව්වා.


" සාක්ෂි එතකොට ඔයා දැනන් හිටියද බ්ලේඩ් කියන්නේ කවුද කියලා..." කේශ් පුදුමෙන් ඇහුවා.


" ඔව් ඔව් මම දැනගෙන හිටියා.... "


" ආරු ඇයි ඔයා ඕක කලින් කිව්වෙ නැත්තේ එහෙනම් මේ දේ වෙන්නෙ නෑනේ...." ආයුශ්.


" මම නදුලි අක්කට පොරොන්දු වුනා අයියේ... ඒකයි මම මෙච්චර දවස් කිව්වෙ නැත්තේ...."


" ඒ කියන්නේ බ්ලේඩ්ද නිරූගේ තාත්තා...." සංජනා පුදුමෙන් ඇහුවා.


" එතකොට ඒ ළමයා සාක්ෂිගේ නෙවෙයිද..." කේශ්.


" නිරූ කියන්නේ නදුලි අක්කගෙයි කවීන්ගෙයි දරුවා...." ආරු.


" නංගි අපිට ලොකේෂන් එක දෙන්න අපි ගිහින් දරුවව බේරගෙන එන්නම්..." සරස්.


" අයියේ ඔයාලට ඕන කවීන්ව මරන්නනේ... ඒත් මට මගේබ්දරුවව ඊට වඩා වටිනවා... මම තනියම ගිහින් මගේ දරුවව බේරගන්නම්..." කිව්ව ආරු ලිෆ්ට් එක පැත්තට යන්න හැදුවා. ඒත් ආයුශ් ආරුට යන්න නොදී අල්ලගත්තා.


" තමුසෙට මැරෙන්නද ඕන ආරන්‍යා..." ආයුග් කෑගැහුවා.


" ආයුග් තමුසෙ මාව එකපාරට දෙපාරක් මැරුවා... මට මැරෙන එක ලොකු දෙයක් නෙවෙයි... අයියේ මාව අතහරින්න මට යන්න දෙන්න.."


ආයුග් ආරුගේ බෙල්ලට ගැහුවේ ආරුට සිහිය නැති වෙන්න.


" මොකක්ද බල්ලො උබ ඒ කරේ..." ආයුශ් ආරුව අල්ලගෙන කිව්වා.


" උබට ඕන මේකි මැරෙනවා බලන්නද... සරස් ලොකේෂන් එක ගනින්..." කිව්ව ආයුග් යන්න ගියා. කේශුත් ලොකේෂන් එක ශෙයාර් කරගෙන පොලිසියට ගියා. ආයුශ් ආරුව ඇඳෙන් තියලා සංජනාව ආරු ළඟින් තියලා ආරුගේ ගාඩ්ලාටත් එන්න කියලා.


ආරුට සිහිය එනකොට හවස පහට විතර. ආරු දැක්කෙ සංජනාටත් එයට එහාපැත්තෙම නින්ද ගිහින් තියනවා. ආරු ෆෝන් එක අරගෙන ඉක්මනට කාමරෙන් එළියට ආවා. ඒ එනකොට තමා දැක්කෙ ගේ පුරාම ඉන්න ගාඩ්ස්ලා. ආරුට තේරුනා මේක එයා ගෙදරින් එළියට යන්නෙ නැතිවෙන්න කරපු වැඩක් කියලා. ඒත් අම්මා කෙනෙක්ව නවත්තන්න කාටවත් බෑනෙ. ආරු මොකද කරේ ආපහු එයාගේ රූම් එකට ගිහින් ආයුශ් එයාට දීලා තිබ්බ ආයුශ්ගේ ගෙදර එක්ස්ට්‍රා කී එක ගත්තා. එයාගේ කාර් එකේ යතුරත් ගත්තා. ඊටපස්සෙ හුඩී එකකුත් ඇදගෙන බැල්කනි එකට ගියා. ඒත් පස්සෙ තමා සංජනාව මතක් වුනේ. ඉක්මනට ගිහින් බාතෲම් එකෙ ෂවර් එක ඇරලා බාතෲම් එක ලොක් කරා. ඊටපස්සේ අල්මාරියෙන් සාරියක් අරන් ඇවිල්ලා බැල්කනි එකේ අත් වැටේ ගැට ගැහුවා. ආරුගේ බැල්කනි එක තිබ්බේ ආයුශ්ගේ ගෙදර කාමරේක බැල්කනි එකකට ටිකක් ළඟින්ම් හැබැයි මෙ පරතරේ පැනගන්න බැරිවුනොත් තට්ටු 20ක් පහළට වැටෙනවා. ආරු රිස්ක් එක දැන දැනම සාරියේ අනිත් කොණ ඉණ වටේ බැදගෙන අත්වැට උඩට නැගලා ආයුශ්ගේ ගෙදර බැල්කනි එකට පැන්නා. ඒත් අවාසනාවත් විදිහට ආරුට පුලුවන් වුනේ නෑ ඒ පැත්තට පැනගන්න. ඒත් ආරුට පුලුවන් වුනා බැල්කනි එකේ යට කොටස අල්ලගන්න. අතත් තුවාල කරගෙන සෑහෙන වීර්‍යක් දාලා ආරු බැලකනි එකට පැනගත්තා. ඊටපස්සේ ඉක්මනට ආයුශ්ගේ ගෙදරින් එළියට එන්න ආවත් ඊටපස්සේ තමා දැක්කේ ආරුගේ ගෙ ඉස්සරහා ඉන්න ගාඩ්ලා ටික. ආරුට ඒ අයට නෝට් වෙන්නෙ නැති වෙන්න ගෙදරින් පැනගන්න ඕන වුන. ඒ හින්දා ආරු සෑහෙන වෙලාවක් එළියේ ඔත්තු බල බල ඉඳලා කොහොම හරි එළියට පැනගත්ත එක. ඊට පස්සෙ ආරු කෙළින්ම යන්න පටන් ගත්තේ කවීන් එවලා තිබ්බ ලොකේෂන් එකට. මේ වෙද්දි නවය වෙන්න ඉතුරු වෙලා තිබ්බේ පැය තුනක් විතර වගේ වුනත් ඒ ලොකේෂන් එකට යන්න පැය හතරක්වත් යනවා ඒ හින්දා ආරු කවදාවත් එයා ගිහින් නැති තරන් වේගෙකින් කාර් එක ඩ්‍රයිව් කරා.


ආරු ගෙදරින් පැනගෙන පැය භාගෙකට විතර පස්සෙ සංජනාට ඇහැරුනා. සංජනා ආරු නැති හින්දා කලබලෙන් හෙව්වත් බාතෲම් එකෙ වතුර වැටෙන සද්දෙ හින්දා ආරු බාතෲම් එකේ ඇති කියලා හිතුවා. ඒත් පැය භාගයක් විතර බලන් හිටියත් ආරු ආවෙ නැති හින්දා දොරට තට්ටු කරා ඒත් කිසිම ප්‍රතිචාරය නැති තැන ගඩ්ලට කතා කරේ දොර කඩන්න. ඒත් ඊටපස්සේ තමා තේරුනේ බාතෲම් එක එළියෙන් ලොක් කරලා තියෙන්නෙ කියලා. කට්ටිය හැමතැනම ආරුව හෙව්වා. අන්තිමට එක ගාඩ් කෙනෙක් තමා දැක්කෙ ආරු බැල්කනියේ බැන්ඳ සාරිය.


සංජනා ඉක්මනට ආයුශ්ට කෝල් එකක් අරන් කිව්වා ආරු ගෙදරින් පැනලා ගිහින් කියලා. මේ වෙනකොට ආරු සෑහෙන දුරක් ගිහින් හිටියේ.


ආරුට හරියටම නවය වෙද්දි කවීන් එන්න කිව්ව තැනට එන්න පුලුවන් වුනා. ඒක පරණ බිල්ඩින් එකක්. ආරු එන්න කලින් එතනට ආයුග් ආයුශ් ඇවිල්ලා තිබ්බා. ආරු ඒක දැනන් හිටියේ නෑ. කවීනුත් මේ වෙද්දි එතනට ඇවිල්ලා.


ආරු කවීන්ට කෝල් එකක් ගන්න ගමන් බිල්ඩින් එක ඇතුළට දිව්වා.


" හෙලෝ කවීන් මම ඇවිල්ලා ඉන්නේ...."


" හ්ම්ම්... ඇතුළටම එන්න.. තමුසේ අරුන්ව එක්ක ආවේ නෑනේ..."


" නෑ කවීන්..."


ආරු දුවගෙන දුවගෙන ඇතුළටම ගියාම අන්තිමට කවීන්ව හම්බුනා.


" කවීන් මගෙ දුව.. මගේ දුවව මට දෙන්න..."


" ඔය කෙල්ලව ගේනවලා..."


කවීන්ගේ ගෝලයෙක් නිරූව එක්කන් ආවා.


" අම්මී...."


" නිරූ..." ආරු දුවගෙන ගිහින් නිරූව බදාගෙන ඇඬුවා.


" ආ ඇති ඇති දැන්... සාක්ෂි... තමුන් අපි එක්ක යන්න එන්න ඕන... නැත්තන් ඉතින් මේ කෙල්ලව මම මරනවා...." කවීන් ආරු ළඟට ඇවිල්ලා නිරූව ඇදල ගන්න ගමන් කිව්වා.


" එතකොට..."


" මේකිව තමුසෙලාගේ අම්මා ගාවට ගිහින් දායි... මොකද මේකිව මරාගන්න ඕනද..." කියන ගමන් කවීන් නිරූගේ බෙල්ලට පිහිය තිබ්බා.


" එපා ... එපා... කවීන් මේ ඔයාගේ දුව කවීන්... නිරූ කියන්නේ ඔයාගේ දුව..."


" මම කවද්ද තමුසේ එක්ක හිටියේ සාක්ෂි..."


" ඒ නදුලි කවීන්.... නිරූ කියන්නේ නදුලි අක්කගෙයි ඔයාගෙයි දුව...."


" මොකක්..." කවීන් පුදුමෙන් නිරූ දිහා බැලුවා.


" කවීන් ඔයාට සැක නම් DNA test එකක් වුනත් කරන්න... මේ ඉන්නේ ඔයාගේ දුව... "


" හහ්... තමුසේ ඕවා කියලා මගේ හිත වෙනස් කරන්නද හදන්නේ සාක්ෂි... ඒවා හීනෙන් තමා.. මේකි මගේ දුවක් උනත් මට කමක් නෑ.. තමුසෙට විශ්වාස නැත්තන් මම මේකිව මරලම පෙන්නන්නද..."


" එපා.. එපා... මම එන්නම්.. නිරූව අතහරින්න..."


ආරු කැමැත්තෙන්ම කවීන්ට භාර වුනා.



" ආරු එපා..." කියලා කෑගහන ගමන් හැංඟිලා හිටිය තැනින් එළියට ආවේ ආයුශ්.


" තමුසේ නෑ නෑ කිව්වට මුන් කොහෙන්ද කඩන් පාත් වුනේ සාක්ෂි...." කවීන් තරහෙන් කිව්වේ ආයුග් එළියට එනවා දැකලා.


" මම දන්නෑ.. මමඑක්කන් ආවේ නෑ.. ප්ලීස් නිරූට යන්න දෙන්න..." ආරු කවීන් ළඟ දණින් වැටිලා ඉල්ලුවා.


" කවීන් තමුසෙට මැරෙන්න ඕන නැත්තන් දැන්මම ඔය ද්එන්නවම අතහරිනවා..." ආයුග්.


" එහෙම කොහොමද වන්ෂොට්... උබ මට හෙණ පාට් දැම්මා නේ මේකිව අල්ලන්න එපා කියලා දැන් බලපන්..." කිව්ව කවීන් ආරුගේ කොණ්ඩෙන් අල්ලලා ළඟ තිබ්බ බිත්තියක ඔලුව ගැහුවා.


" ආහ්..." ආරුගේ ඔලුවෙන් ලේ ගලන්න ගත්තා.


" කවීන් ආරුව අතහරිනවා...." ආයුශ් ආරු ළඟට දුවගෙන එන්න ගත්තා. කවීන් ඒ එක්කම ආරුගේ බෙල්ලට පිහිය තිබ්බේ ආයුශ් එතනම නතර වෙද්දි.


" උබලා මේකි මැරෙනවා බලන්න ආස නම් වරෙන්... වරෙන් ඉතින්...."


" බ්ලේඩ්... උබ අහුවුනා අන්තිමට... දැන්ම යටත් වෙනවා..." කියන ගමන් ආවේ කේශ්.


" ආ... පොලිසියෙනුත් ආවද... හරි එහෙනම්..මාව ඇරස්‍ට් කරනවා නම් ඉස්සෙල්ලම වන්ෂොට්ව ඇරස්ට් කරලා ඉන්න... එතකොට මම නිකන්ම භාර වෙන්නම්..."


ඒත් එක්කම කේශ් එක්ක හිටිය කේශ්ගේ ප්‍රදානියෙක් මාංචු දෙකක් අරන් ඉස්සරහට ආවා.


" බ්ලේඩ් තමුසේ කියපු විදිහටම කරොත් හොඳයි...."

__________________________________________


වෙඩිමක් ගමුත... නැත්තන් මළගෙයක් කරමුත...

reaction දාන්න comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page