The Bitter Sweet Harmony ❤️‍🔥

The Bitter Sweet Harmony ❤️‍🔥

Pari🖤
Bound by pain, United by love .....


Previous Episode .....❤️‍🔥


https://telegra.ph/The-Bitter-Sweet-Harmony-04-04


23th Episode ....❤️‍🔥


ආරුගේ කල්පනා ලෝකේ බිඳුනේ කෝල් එකක් ආව හින්දා.


" හෙලො..."


" හෙලෝ මේ සාක්ෂි නේද..."


" ඔව්... කවුද මේ කතා කරන්නේ..."


" මම මන්දනා.. ආයුශ්ගෙ ex girlfriend...." ආරුගේ හදවත එකපාර නතර වුන වගේ හැඟීමක් ආරුට ආවේ.


" අහ්.. කියන්න.. මගෙන් මොක්ක ද වෙන්න ඕන..."


" මට ඔයාව හම්බවෙන්න පුලුවන ටිකක්ට සාක්ෂි..."


" අර්... මොනාටද..."


" මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන.. ප්ලීස්...."


" ඕකෙ.. එහෙනම් හෙට හවස හතරට රෙඩ් හිල් කොෆි ෂොප් එකට එන්න.. " ආරු කොළඹ එයාගේ කම්පැනි එක ඉස්සරහ තිබ්බ කොෆි ෂොප් එක ගැන කිව්වා.


" හරි සාක්ෂි.. තැන්ක් යූ. මම එන්නම්.."


ආරු කෝල් එක කට් කරලා කල්පනා කරේ ඒ ගමන මොන මඟුලක් කඩාපාත් වෙන්න යනවද කියලා. ඒත් එක්කම කවුරු හරි දොරට තට්ටු කරා.


" එන්න ඇතුළට...." ආරු බැල්කනි එකට යන ගමන් කිව්වා.


කෙනෙක් ඇතුළට එන අඩි සද්දත් එක්ක ටික වෙලාවකින් ආරුගේ බඳ වටේ අත් දෙකක් බැඳුනා.


" මැණික.. තරහද..." ආයුශ් ආරුගේ කනට කරලා ඇහුවා.


" නෑ අයියේ..."


" ඔයා ප්‍රශ්නෙකද ඉන්නෙ මැණික... ඔයා කැමති නම් මට කියන්න මම ඕන වෙලාවක ඔයා කියන දේ අහනවා...."


ආරු අනිත් පැත්ත හැරිලා ආයුශ්ගේ පපුවට තුරුල් වුනා.


" අයියේ ඇයි මටම මෙච්චර ප්‍රශ්න එන්නේ..."


ආයුශ් ආරුව හරහට අරන් ගිහින් ඇඳෙන් තියලා ආරුගේ ඔඩොක්කුවෙන් ඔලුව තියාගත්තා.


" දැන් කියන්න බලන්න මගේ මැණිකට මොනාද තියන ප්‍රශ්න කියලා..."


" අයියේ... මම අද කරපු දේ වැරදිද..."


" නෑ මැණික.. ඔයාලා විදපු දුකත් එක්ක අද ඔයා කරපු දේට කාටවත් දොස් කියන්න බෑ.. සුදේශ් මාමා ඒ දඬුවම විඳින්න ඕන.. අනිත් දේ තමා නිශූ ඔහොම කෙනෙක් කියලා මම හිතුවේ නිශූ සෙතූට අර වගේ දෙයක් කරා කියලා නැන්දා කියද්දි මමත් පුදුම වුනා. ඔයා නිශූට දුන්නෙත් හරිම දඬුවම. ඔයා එයාගෙ අක්කා මැණික.. ඔයාට එයා ගැන තීරණ ගන්න අයිතිය තියනවද.. තේරුනා නේද.. දැන් ඒ ගැන හිතන්නෙපා.. දැන් කියන්නකෝ තව මොනාද කියලා..."


" අයියේ මම බ්ලේඩ් කියන්නේ කවුද කියලා දන්නවා.. ඒත් මම කෙනෙක්ට දුන්න පොරොන්දුවක් හින්දා මට බ්ලේඩ් කවුද කියන එක හෙළි කරන්න බෑ.. මේ වෙනකොට පොලිසියෙන් අවුරුදු ගාණක් තිස්සෙ බ්ලේඩ්ව හොයනවා.. බ්ලේඩ්ගේ අපරාධත් වැඩී... ඒ මදිවට ද්ඇන් බ්ලේඩ් මගේ පස්සෙ පන්නනවා මම දන්නෙ නෑ ඒ මොනාටද කියලා.. "


" මැණික... ඔයාට හදවතට තට්ටු කරලා අහන්න ඔයා බ්ලේඩ් ගැන ඇත්ත හෙළි කරන එකද හොඳ නැත්තන් ඒක රහසක් විදිහටම තියාගන්න එකද හොඳ කියලා.. ඔයා ගන්න ඕනම තීරණයකට මම එකඟයි.. මම දන්නවා ඔයා ගන්නේ හොඳම තීරණේ කියලා.. තේරුනානේ..."


" ඔව් අයියේ.. තැන්ක් යූ අයියේ.. මගේ හිත දැන් ටිකක් නිදහස්..."


" කටින් නිකන් තැන්ක් යූ කිව්වට නම් ඇක්සෙප්ට් කරන්න බෑ.. ඇක්ෂන්වලින් තිබ්බොත් තමා හොඳ..." ආයුශ් මනමාල හිනාවක් දාලා කිව්වා.


" ඔයා නම් අයියේ... කෝ අයින් වෙන්න මම වොෂ් එකක් දාගෙන එන්නම්..."


" කිස් එකක් දෙන්න යන්න දෙන්නම්..."


ආරු ආයුශ්ගේ තොල්වට බර වුනේ කලින් දෙන්නට බාධා වුන කිස් එක කන්ටිනිවු කරන ගමන්.





පහුවදා ආරු ඔෆිස් එකට ගිහින් කේශ් එක්ක බ්ලේඩ්ගේ සිද්ධිය තවත් හොයලා බැලුවා.


" බ්ලේඩ්ගේ මෙච්චර අපරාධ වාර්තා තියනවද කේශ්...." ආරු ලැප් එකේ ෆයිල් එකක් ස්ක්‍රෝල් කරන ගමන් කිව්වෙ එතන අපරාධ 1000කටත් වඩා වාර්තා තියන හින්දා.


" ඔය පොලිසියට හම්බුනු ඒවා විතරලු සාක්ෂි තව ඒවා තියනවලු දන්නෙ නැති වුනාට... බලන්නකෝ තියන ඒවා මූ ඉන්නෙක මුළු රටටම සාපයක් මැරිලා යන එකමයි හොඳ..." කේශ්ගේ ඒ කතාව අඅරුගේ හිතටම වැදුනා


" කේශ් ඔයාට බ්ලේඩ් කියන්නෙ කවුද කියලා හොයාගන්න පුලුවන් වුනොත් ඔයා මොකද කරන්නේ..."


" වෙන මොනා කරන්නද බන් එක වෙඩි පාරයි දෙන්නේ මැරිලා වැටෙන්නේ ඒ වගේ අපතයෝ මැරෙන්නමයි ඕන. මු හින්දා කෙල්ලො පොඩි ළමයි කී දෙනෙක්ට නම් වෙච්ච දෙයක් නැද්ද..."


" බැරි වෙලාවක්වත් බ්ලේඩ්ට ඒ දේවල් කරන්න හේතුවක් තිබ්බොත්..."


" සාක්ෂි... හේතු එකක් නෙවෙයි දාහක් තිබ්බත් මූ කරන්නේ සහගහන අපරාධ මූ සෙල්ලම් කරන්නේ අහිංසක ජීවිතත් එක්ක.. වැඩියේ ඕන්නෑ මූ අර එමාගේ ප්‍රොජෙක්ට් එකටම හෙල්ප් කරන එකෙන් මුළු ලෝකෙම අනතුරේ දානවා එතකොටම හිතන්නකො මූ මනුස්සයෙක්ද කියලා..."


කේශ්ගේ ඒ වචන ටිකත් එක්ක ආරුට දැනුනේ එයා මේ රහස හංඟන් ඉඳලා කරන්නෙ වැරැද්දක් නේද කියලා. ඒත් එක්කම ආරුගේ ෆෝන් එකට මැසේජ් එකක් ආව හින්දා ස්ක්‍රීන් එක ඔන් වුනා. ආරු බැලුවේ ආව මැසේජ් එක දිහා නෙවෙයි වෝල් එකේ හිටිය නිරූ දිහා. නිරූගේ ඒ අහිංසක හිනාව දිහා.


" සාක්ෂි... සාක්ෂී... මොන ලෝකෙද ගියේ..." කේශ් ඇස් ඉස්සරහින් අත් යවද්දි ආරු පියවි සිහියට අවා.


" ආ.. නෑ.. කේශ්... සීක්‍රට් ටීම් එකෙන් එමාගේ ලැබ් එක ගැන ඉන්ෆොමේෂන් වගයක් ආවා කිව්වා නේද... "


" ඔව් මේ තියෙන්නේ... එයාලා බලලා තියෙන්නේ බ්ලේඩ්ගේ කට්ටිය පහුගිය කාලේ වැඩිපුරම ගැවසුනු තැන්.. මොනාද දන්නෑ මම බැලුවෙත් නෑ මොනාද කියලා....අර්... මේ තියෙන්නෙ... කුරුණෑගල.... උන් මොකටද කුරුණෑගල ඉන්නෙ.. එහෙද ලැබ් එක... "


" නෑ කේශ් ඒක වෙන හේතුවක්.... අනිත් තැන්..."


" වෙන හේතුවක්... මොකක් හරි... අනිත් තැන්... ම්... නුවර... පොඩ්ඩක් ඉන්න.. මේ ලොකේෂන් එක හැබැයි ලැබ් එකකට වගේ ගැළපෙනවා කියන්න බෑ..."


" කෝ බලන්න..." ආරු අරන් බැලුවා.


" නෑ කේශ්... මේ වගේ තැනක් ලැබ් එකකට තෝරගන්න පුලුවන්.. ඔයා කියන්නේ මේ කඳු හින්දානේ.. ඒත් මේ ක්ල්‍යිමේට් එකයි පරිසරයයි ගැළපෙනවා මේ අය කරන්න යන ප්‍රොජෙක්ට් එකත් එක්ක බලද්දි...ඒ හින්දා මේක ලැබ් එක තියන තැන වෙන්න චාන්ස් එකක් තියනවා.. ආයේ මොනාද... කොළඹ... ඒ ඉතින් මෙයාලා ගැවසෙන තැන්නේ කොහොමත්... "


ඒත් ඊළඟට තිබ්බ දෙයින් ආරු පුදුම වුනා.


" අහ්..."


" ඇයි සක්ෂි..." කේශ් ලැප් එක අරන් බැලුවා.


" මුන් මොකටද ඔයා පස්සෙන් එන්නේ සාක්ෂි... මෙතන තියන විදිහට මේ ළඟකදි ඉඳන්නේ කැරකෙන්නෙ.. අනික ඔයා කිව්වෙ කුරුණෑගල කේස් එකත්.. එදා හොටෙල් එකේ වෙච්ව්හ දේ.. සාක්ෂි ඔයාට මොකක්ද බ්ලේඩ් එක්ක තියන සම්බන්ධය..."


" කේශ්... බ්ලේඩ්ව මම දන්නෙ අඅවුරුදු තුනක ඉඳන්.. බ්ලේඩ් මාව පැහැර ගෙන තියනවා.. මට ඇටෑක් කරලා තියනවා ඒ හැම සැරේම මාව බේරගත්තේ වන්ෂොට්.. මතකනේ එදත්.. වන්ෂොට් කියන්නේ මගේ මස්සිනෙක්.. ආයුශ් අයියාගේ අයියා.. ට්වින්.. මම ඔයාට කලින් කියලා තියනවනේ.. බ්ලේඩ්ගේ එක සිද්ධියකට මම සාක්ෂිකාරයෙක් වුනා ඒ හින්දා බ්ලේඩ් මාව කිඩ්නැප් කරේ.. ඒත් එදා හොටෙල් එකේ සිද්ධියෙන් පස්සෙ බ්ලේඩ් මම පස්සෙ එන එක නැවතුනා.. මොකද මම එයාගේ රහසක් දන්න හින්දා.. ඒත් මට හිතාගන්න බැරි ඇයි මේ අඅයෙමත් කියලා..."


" එතකොට ඔයා කියන විදිහට වන්ෂොට් කියන්නේ හොඳ කෙනෙක්ද සාක්ෂි..."


ඒකට සමච්චලේට හිනාවුන ආරු,


" පිස්සුද කේශ්.. එයා කරපු එක හොඳ ව්ඇඩකින් වැරදි වහන්න බෑනෙ.. වන්ෂොට් කියන්නෙ හොඳ කෙනෙක් නෙවෙයි.. එයා තමා මට මේ ලෝකේ පෙන්නන්නම බැරි කෙනා.. මහ වංචාකාර රැවටිලිකාරයෙක්.. "


හවස ආරු ලෑස්ති වුනේ මන්දනාව හම්බෙන්න යන්න. ආරු මන්දනාට එනවා කිව්ව වෙලාවටත් කලින්ම ගියේ කම්පැනි එක පැත්තෙත් කැරකිලා එන්න. මොකද සෑහෙන දවසකින් ආරුට යන්න බැරිවුන හින්දා.


හරියටම කිව්ව වෙලාවට කොෆිෂොප් එකට අඅව ආරු මන්දනට කෝල් එකක් ගත්තා.


" මම ටේබල් නම්බර් 10වල ඉන්නවා සාක්ෂි..."


ආරු ටේබල් එක හොයාගෙන යද්දි දැක්කෙ ඒ ටේබල් එකේ ඉඳන් හිටිය ගෑනු ලමයව. ඇත්තටම කිව්වොත් මන්දනා කියන්නේ ලස්සනම ලස්සන ගෑනු ළමයෙක්.


ඒත් ආරුට එයාව දැක්කම නිකමට හිතුනේ ආරුයි මන්දනායි දෙන්නා එකවගේද කියලා. ආරු ඒ ගැන හිතන ගමන්ම ගිහින් මන්දනා ඉස්සරහින් ඉඳගත්තා. ඒත් ඊළඟට මන්දනා කිව්වදෙයින් ආරුගේ සැකය හරි ගියා.


" මම මේ වෙනකන් මේ ලෝකේ එක වගෙ හත්දෙනෙක් ඉන්නවා කියන එක විශ්වාස කරේ නෑ සාක්ෂි... ඒත් ඔයාව දැක්කම මට ඒක ඇත්ත කියලා තේරුනා. ඒක හින්දා තමා එතකොට ආයු ඔයාව තෝරගත්තේ.. "


" what's thet mean mandana... Are you saying that i'm a subtitle for you...." ආරුට මන්දනාගේ කතාවට යකා නැග්ගා.


" නෑ නෑ සාක්ෂි.. මම නිකන් කිව්වෙ.. ඒත් මම අද ආවේ ඔයාගෙන් උදව්වක් ඉල්ලගෙන... "


" මොකක්ද.. " ආරු ඕනාවට එපාවට ඇහුව.


" අපි මොනාහරි බොන ගමන් කතා කරමු.. ඔයාට මොනාද කොෆි..."


" නෝ.. හොට් චොක්ලට්...."


ඕඩර් එක දුන්නට පස්සෙ ඉස්සෙල්ලම කතා කරේ මන්දනා.


" සාක්ෂි... මම හිතන්නෙ ආයු සමහර විට මන් ගැන ඔයාට කියලා ඇති..."


" නෑ අයියා මට වැඩකට නැති දේවල් ගැන කියන්නෙ නෑ.. කෙලින්ම ඔයාට කියන්න ඕන දේ කියන්න වටේ යන්නෙ නැතුව..."


" හොඳයි... සාක්ෂි... මට මගේ ආයුව ඕනේ..."


" ඕහ්.. සොරි.. මන්දනා... දැන් ඔයාගේ ආයු කෙනෙක් නෑ දැන් ඉන්නෙ මගේ ආයුශ්... He is mine..."


" සාක්ෂි... ඔයා ඔයාවම රවට්ටගන්නවා නිකමට බලන්න මමයි ඔයයි එක වගේ.. ඒ හින්දා තමා ආයු ඔයා එක්ක යාලු වෙන්න ඇත්තේ..එයාට මම නැති තනිය මකාගන්න තමා ඔයාව ඕන වෙන්න ඇත්තේ..."


" මන්දනා.. ඉතින් ඇයි එහෙනම් ඔයා අයියව දාලා ගියේ... ඔච්චර අයියව ඔයාට ඕන නම් දාලා නොයා ඉන්න තිබ්බානේ..."


" සාක්ෂි... මම ආයු එක්ක යාලු වෙලා අවුරුදු තුනක් විතර ගියාට පස්සෙ තමා දැනගත්තේ මට කැන්සර් එකක් කියලා.. ඒකෙන් පස්සෙ මට බය හිතුනා මට අඅයුව දාලා යන්න වෙයි කියලා.. මට ආයු එක්ක මගේ ජීවිතේ විදින්න බැරි වෙයි කියලා.. ඒ හින්දා තමා රට ගියේ මගේ ට්‍රීට්මන්ට්වලට මට හොඳටම හොඳ වෙන්න අවුරුදු හතරක් ගියා.. මම මේ ළඟදි තමා ලංකාවට ආවේ.. ඒත් මම එද්දි ආයු ඔයා එක්ක යාලු වෙලා.. ප්ලීස් සාක්ෂි මට මගෙ ආයුව දෙන්න.. ප්ලීස් සාක්ෂි.. මම අඅයුට ගොඩක් ආදරෙයි මට එයාව ඕනේ සාක්ෂි... " මන්දනා ඇස්වලින් වැටෙන කඳුලු පිහගන්න ගමන් ආරුට කිව්වා.


" ඇති මන්දනා ඕක නවත්තනවා.. මම එදත් තමුසෙට පැහැදිලිව කිව්වා තමුසේ මගේ අතීතේ විතරයි කියලා මම ආදරේ ආරුට විතරයි..." එකපාර ආයුශ් කෑගැහුව සද්දෙන් මන්දනා විතරක් නෙවෙයි ආරුත් ගැස්සුනා.


" අයියේ ඔයා මෙහෙ මොකද කරන්නේ..."


" මම ඔයාව හොයන් ආවේ මැණික.. එන්න යන්න.. මේ වගේ ගෑනු එක්ක කතා කරන්න ඕන නෑ.. " කිව්ව ආයුශ් ආරුගේ අතින් අල්ලන් ඇවිල්ලා නතර වුනේ කාර් එක ළඟින්. ආරුට කාර් එකේ දොරත් ඇරලා දීලා සීට් බෙල්ට් එකත් දාලා ආයුශුත් ඇවිල්ලා ඉඳගත්තා.


" ආරු ඇයි මට කිව්වෙ නැත්තේ මන්දනාව හම්බෙන්න එනවා කියලා..."


" සොරි අයියේ..."


" ආරු ආයේ එයාව හම්බෙන්න එපා.. මට ඔයාව විතරයි ඕනේ... ඔයා මගේ විතරයි... මම ඔයාගෙ විතරයි තේරුනානේ.. "


ආරු ඔලුව වැනුවම ආයුශ් ආරුහේ නළල සිපගත්තා. ආරුලාගේ පස්සෙන්ම එළියට ආව මන්දනා මේ දිහා බලන් හිටියේ සෑහෙම තරහකින්.




මේ වෙලාවේ තරහෙන් හිටිය එකම කෙනා මන්දනා විතරක් නෙවෙයි. ඒ කවීන්. කවීන්ගේ දෙවෙනි ගෝලයෝ සෙට් එකත් ආයුග්ගේ අතින් මැරුනා මේ සතියේ. කවීන් හිටියේ පුදුම තරහකින්. කවීන් කෝල් එකක් ගත්තේ ආයුග්ට.


" හෙලෝ වන්ෂොට්... මම බ්ලෙඩ්..."


" ඔහ්.. මයි ෆ්‍රෙන්ඩ්... මොකෝ මට ගත්තේ..."


" තමුසේ මගේ වැඩවලට මැදිහත් වෙන්නෙපා වන්ෂොට්...."


" මොන වැඩේද බ්ලේඩ්... තමුසේගේ ගොඩක් වැඩවලට මම මැදිහත් වෙනවනෙ.. හහ්..." ආයුග් හයියෙන් හිනාවෙද්දි කවීන්ගේ තරහ දෙගුණ තෙගුණ වුන.


" වන්ෂොට්... තමුසේ මගේ උන් මරන එක නවත්තන්න ඕන.. නැත්තන් මම තමුසෙගේ දේවල් විනාශ කරනවා..."


" අහ්.. එහෙමද.. ඒත් තමුසෙ වැරදි දේකටනේ අත තියන්න යන්නෙ බ්ලේඩ්... ඒකි මගේ.. මගේ විතරයි... තමුසේ ඒකිට අත තියනවා කියන්නේ ඉතින් මම තමුසෙගේ ඔක්කොම විනාශ කරනවා..."


" තමුසෙගේ... ඒකිව තමුසෙගේ මල්ලි තියාගෙන ඉන්නෙනේ වන්ෂොට්... එතකොට උබලා එකගේ කනවද...."


" කට වහගනින්.. උබේ ජරා කට.. උබ සාක්ෂිට අතක් හරි තිබ්නොත් උබට මම මට වන්ෂොට් කියන්නෙ ඇයි කියලා මතක් කරලා දෙනවා.. ඒ හින්දා පරිස්සමින් ඉඳපන්...." කිව්ව ආයුග් කෝල් එක කට් කරා.






ආයුශ් එක්කම ගෙදර ආවත් ආරු නිශ්ශබ්දයි. වෙනදට ආරු අනිවාර්යයෙන්ම ආයුශ්ට දවසේ වෙච්ච දේවල් අතෝරක් නැතුව කියනවා.


ආරු ගෙදරට යන්න දොර අරින්න යද්දි ආයුශ්ට ආරුව ඇදගෙන ගියෙ එයාගේ ගෙදර. ආරුව සෝෆා එකට තල්ලු කරපු ආයුශ් ආරුගේ නිකටෙන් අල්ලගත්තා.


" ආරු මැණික... මොකක්ද ප්‍රශ්නේ.. ඔයා වෙනදට මෙච්චර නිශ්ශබ්දව ඉන්නෙ නෑනේ...."


" අයියේ... ඔයා මාව මන්දනා වෙනුවටද තෝරගත්තේ..." ආරු ඇස් දෙකේ කඳුලු පුරවගෙන ඇහුවේ ඒ වෙලාවේ මන්දනා ළඟ හිත හයියෙන් හිටියත් ආරුට දැන් එයාගේ කඳුලු පාලනය කරගන්න බැරුව.


" ආරු මොනාද මැණික මේ කියන්නේ මොනා වුනත් මම ආදරේ ඔයාට තේරුනානේ..." කිව්ව ආයුශ් ආරුගේ තොල්වලට බර වුනා. තොල්වලින් නතර නොවී ආරුගේ ගෙලත් සිපගත්තේ ආයුශ්ගේ අයිතිය රතු සලකුණුවලින් සනිටුහන් කරමින්. ඊටපස්සේ ආරුගේ නළල සිපගත්ත ආයුශ්,


" දැන් ඕවා ගැන හිතන්නෙ නැතුව මගෙ මැණික ගිහින් වොෂ් එකක දාලා කාලා බීලා නිදාගන්න හරි..."



ආරු ගේ ඇතුළට ඇතුළු වෙද්දි නිරූ පුරුදු විදිහටම ඇවිල්ලා ආරුව බදාගත්තා.


" අම්මී...."


" මගේ චූටි මැණික... මොකෝ කරේ අද... "


" අම්මී... මං ඇනී අම්මි එක්ක බීත් ගියා... තෝයි අනේ... අපි ආයේ යන්..."


" ම්ම්ම්... අපි ආයේ පස්සෙ දවසක යමු මැණික.. දැන් රෑ වෙලානෙ... කෝ බබා වොෂ් දැම්මද..."


" නෑනේ..."


" යන් අම්මි එක්ක වොෂ් දාන්න..."


ආරු අදත් සුපුරුදු විදිහට වැඩ ටික ඉවර කරලා නිරූට කව කව ඉද්දි කේශ්ගෙන් කෝල් එකක් ආවා.


" කියන්න කේශ්..."


" සාක්ෂි.. බ්ලේඩ්ගේ තවත් වැඩක්..."


" ඒ මොකක්ද..."


" අද මේ දැන් පැයකට විතර කලින් 13න්වෙනි චෙක් පොයින්ට් එක ළඟින් සැක සහිත වාහනයක් ගියා. මමත් ඒ වෙලාවේ තමා එතනට ආවේ. චෙක් පොයින්ට් එකේ වෙනදටත් ඉන්න අය ඒ වාහානේ චෙක් කරන්නෙ නැතුව යවපු හින්දා මම පස්සෙන් පන්නන් ගිහිල්ලා බැලුවා. පිරිමි පස් දෙනයි ගෑනු පස්දෙනයි.. සිහිය නැති කරලා අරන් යනවා.. එයාලාව හොස්පිටල් එකට යැව්වා අරුන් ටික ඇරස්ට් කරා.. අරුන් ටික ගැන හොයලා බලනකොට උන් බ්ලේඩ්ගේ උන්... "


" ඒ විදිහට කට්ටියව පැහැරගත්තේ ලැබ් එකටවත් ගෙනියන්නද කේශ්... හොස්පිටල් එකෙන් මුකුත් කිව්වෙ නැද්ද..."


" නෑ තාම.. මම චීෆ්ව දැනුවත් කරා.. අපි දැනට හොයාගත්ත ඒවා ගැන කිව්වා. චීෆ් කිව්වා ඔෆිසර් සිංහවංශ ඉතුරු ටික බලාගනී කියලා. එයා ලැබ් එක තියන තැන බලයි කියලා... අපිට පුලුවන් නම් බ්ලේඩ් කියන්නේ කවුද කියන එක හොයාගන්න කිව්වා.. ඒත් බන් මෙච්චර කල් මම හිතන්නේ අවුරුදු පහක් විතර මිෂන් එකක් අරන් ගිහිල්ලත් ඔෆිසර් සිංහවංශට හොයාගන්න බැරිවුන දේ අපිට හොයාගන්න පුලුවන් වෙයිද..."


" බලමුකෝ කේශ්.. මට හොස්පිටල් එකෙන් දෙන රිපෝට් ටික හෙට ලැබෙන්න සලස්සන්නකෝ..."


" හරි සාක්ෂි.. good night..."


" good night කේශ්..."


ආරු නිරූට කෑම කවන ගමන් කල්පනා කරේ මොනා කරන්නද කියලා. නිකමට වගේ මීට අවුරුදු තුනකට කලින් කවීන්ගේ නම්බර් එක අහබෙන් සේව් කරගත්ත එක මතක් වෙලා ආරු නිකමට කෝල් එකක් ගත්තා. ඔව් ඒ නම්බර් එක වැඩ.


" හෙලෝ..."


" හෙලෝ කවීන්... මම සාක්ෂි...."


" සාක්ෂි... "


" කවීන් මට ඔයාව හම්බෙන්න ඕන... "


" සාක්ෂි... ඔයා මොකටද මාව හම්බෙන්නේ.."


" කවීන්..."


" okay ...එහෙනම් හෙට රෑ නවයට රෝයල් ක්ලබ් එකට එන්න...."


" okay...."


" හැබැයි සාක්ෂි.. තමුසෙගේ අර මස්සිනාලා දෙන්න නම් එක්කන් එන්නෙපා.. තේරුනානේ..."


" නෑ කවීන් මම තනියම එන්නේ.."




ආරුට හිතුනේ මෙක තමා මේ වෙලාවේ කරන්න තියන හොඳම දේ කියලා.


ආරු මෙහෙම හිතද්දි කවීන් නම් හිටියේ පට්ට හැපි එකේ.. මාලුවා දැල එලලා තියෙද්දි දැලට එන්නෙ නැතුව කෙලින්ම අතටම එනවනේ..


ආරු පහුවදා ඔෆිස් එකට ගිහින් එතන වැඩත් කරලා ආයේ කම්පැනි එකටත් ගිහින් එතන කරන්න තිබ්බ වැඩ ටිකත් ඉවර කරා. ඊටපස්සේ එළියට එද්දි ආරු දැක්කෙ ටිකක් දැකලා හුරුපුරුදු මූණක් එකපාර හැංඟෙනවා. ආරු ඒ පැත්තට ගිහින් බලද්දි දැක්කේ කෝල් එකක ඉන්න සරස්ව.


" හරි හරි බන් නංගි ඉන්නවා අවුලක් නෑ.. මට පොඩ්ඩක් මගේ කෙල්ල ගැනත් බලන්න දීපන්කෝ..." කියලා සරස් කෝල් එක කට් කරලා හැරෙද්දි තමා දැක්කෙ අත් දෙකත් බැඳගෙන බලන් ඉන්න ආරුව.


" ආහ්.. නංගි..."


" සරස්... ඒක නේද අයියගේ නම..."


" ආ නංගිට මාව මතකයිනේ..."


" ඔව්... ආයුග්ද කිව්වෙ මං ගැන ඔත්තු බලන්න කියලා..."


" මේ .. මේ... මේකයි... නංගි..."


" ආරු... කොහෙද බන් යන්නේ..." කියන ගමන් ආරු ළඟට ආවේ සංජනා.


" සරස් අයියේ ඔයා මෙහේ..." සංජනා.


" සංජු ඔයා මෙයාව අඳුනනවද...." ආරු පුදුමෙන් ඇහුවා.


" ආ.. මේ.. ආරු.. අපි දෙන්නා.. දැන්.. මේ.. ටික දවසකට කලින්... කෝෆි එකක් බොන්න ගියා..."


" දෙන්නම එකක්ද බිව්වෙ.. උබට සල්ලි නැත්තන් කියන්න තිබ්බනේ..." ආරු කින්ඩියක් දැම්මේ දෙන්නාගේ ටිලින් ටිලින් එකක් තියනවා කියලා තේරිච්ච හින්දා.


" අනේ ආරු..."


" හරි හරි මම යනවා මට ව්ඇඩක් තියනවා.. අදත් යමන් ගිහින් කොෆි එකක් බීපන්..." කියලා ආරු සරස්ව සංජනා එක්ක දාලා ගෙදර ආවා.


අද ආරු ගෙදර ආවේ ආයුශ් එකක නෙවෙයි. හැබැයි ආරු ගෙදර යන්න යද්දිම ආයුශ් එයාගේ ගෙදර දොර ඇරගෙන ආවේ කෝල් එකක ඉඳගෙනම.


" හරි හරි අම්මේ.. මම එන්නම්... අනිද්දනේ.. එනවා එනවා.. "


------------------


"මේ අම්මේ මම කලින්ම කිව්වනේ.. මම ඌ එක්ක කතාවට යන්නෙ නෑ.. එච්චරයි.. "


------------------


" අනේ අම්මේ... ඌ මගේ සහෝදරයා වෙන්න ඇති ඒත් මට ඌ එක්ක කිසි සම්බන්ධයක් නෑ.. හැබැයි ඉතින් මම ගෙදර එන එකත් නතර කරගන්න තමා අම්මා හදන්නේ ඔය... මා තියනවා.." ආයුශ් තරහෙන් කෝල් එක කට් කරන එක දිහා ආරු බලන් හිටියා.


" අයියේ.. මොකක්ද ප්‍රශ්නේ..." ආරු එහෙම අහද්දි තමා ආයුශ් දැක්කේ ආරු ඉන්නවා.


" අ.. මේ අම්මනෙ ආරු අවුලක් නෑ.. දැන්ද එන්නේ..."


" ඔව් අයියේ.. කම්පැනි එකට ගිය එකෙන් ටිකක් පරක්කු වුනා..."


" හරි එහෙනම්... මම ගිහින් එන්නම්.. මං කිව්වේ කැම්පස් එකේ සෙට් එක අද පාර්ටිය කියලා..."


" ආ හරි අයියේ.. කොහෙද පාර්ටිය තියෙන්නේ..."


" රොයල්ස් ක්ලබ් එකේ..."


ඒක ඇහුනම තමා ආරුට හීන් දාඩිය දැම්මෙ.


" ආ.. එහෙමද... ගිහින් එන්න අයියේ එහෙනම්..."



ආරු ගේ ඇතුළට ඇවිල්ලා කල්පනා රෑට ආයුශ්ව හම්බුනොත් මොකද කරන්නෙ කියලා.


මොකක් හරි එකක් කරගන්නවා කියලා හිතාගෙන ආරු නවය වෙද්දි ක්ලබ් එකට යන්න ලෑස්ති වුනා. නවය වෙද්දි ක්ලබ් එකට ළඟට ඇවිල්ලා කවීන්ට කෝල් එකක් ගන්න යද්දි කෙනෙක් ආරු ළඟට ආවා.


" මිස්.. සාක්ෂි වෙන්නැති..."


" ඔව්...."


" VIP room number 10 එකේ කවීන් සර් ඉන්නවා..."


" අහ්.. ඕකේ..."


ආරු ඒ රූම් එක හොයාගෙන යද්දි කවීන් හිටියා ඒ රූම් එකේ.


" ඉතින් සාක්ෂි.. කොහොමද..."


ආරු ගිහින් කවීන් ඉඳන් හිටිය සෝෆා එකට එහාපැත්තේ සෝෆා එකෙන් ඉඳගත්තා.


ආරු කවීන් ඇහුව දේට උත්තර දුන්නෙ නම් නෑ.


" ඉතින් මොනාද බොන්නේ...."


" මුකුත් එපා... කවීන් මම ඔයාගෙන් දෙයක් ඉල්ලන්න ආවේ..."


" මොකක්ද..."


" ප්ලීස් මේ කරන දේවල් නතර කරන්න..."


ඒක ඇහුවම කවීන් හයියෙන් හිනාවුනා.


" නතර කරන්න.. මොකෝ දැන් පොලිස් බලේ අතට අරන්ද ඔහොම කියන්නේ...."


" කවීන් මම එහෙම දේකට නෙවෙයි කියන්නේ.. ප්ලීස් ඔය වැඩ නතර කරන්න.. මොකද ඔයාව පොලිසියෙන් හම්බුන ගමන් මරලා දාන්න ඉන්නේ..."


එතකොටම වේටර් කෙනෙක් ආවා බීම වීදුරුවක් අරගෙන. ආරු ඒක ගත්තෙ නෑ.


" මොකෝ සාක්ෂි.. ඔයා ඔහොම කිසිම දෙයක් බොන්නෙ නැතුව හිටියොත් මම කොහොමද ඔයා කියන දේට එකඟ වෙන්නෙ..." කවීන් එහෙම කියද්දි ආරු මොකද කරේ කවීන් බිබී හිටිය වයින් බෝතලෙන්ම වීදුරුවකට වයින් ටිකක් දාගෙන බිව්වා.


" හරි දැන් කියන්න.. කවීන් ඔය වැඩ නතර කරන්න.. ඔයාට පසු තැවෙන්න වෙයි කවීන්.. ඔයා වෙනුවෙන් බලන් ඉන්න අයත් ඉන්නවා. ඒ හින්දා පොඩ්ඩක් හිතලා බලන්න..." ආරු.


" මොකෝ සාක්ෂි ඔයා මට ලව්ද..." කවීන්.


ආරුට එකපාර නිකන් ඇඟට රස්නයක් වගේ දැනුනා. ආරු ඒක ගණන් ගත්තේ නෑ. ඒත් නිකන් මත් ගතියක් එක්ක ඒ රස්නේ එන්න එන්න වැඩි වුනා.


" කවීන්... පොඩ්ඩක් මම කිව්ව දේ ගැන හිතලා බලන්න.. මම සතියක්.. අහ්... සතියක් දෙන්නම්.. ම්ම්... ඔයා... එතනින් පස්සෙත්.. මේ වැඩ කරන් ගියොත්... මම ඔයා කවුද... කියන එක... කියනවා..." ආරු මත් ගතියෙන් වැනි වැනීම කිව්වා.


" ඒ ඉතින් ඔයා සතියක් හිටියොත්නේ සාක්ෂි...."


ඒ වෙලාවේ තමා ආරුට තේරුනේ කවීන් මොනාහරි එයාට දීලා තියනවා කියලා.


" මම බීම එක..."


" අයියෝ සාක්ෂි.. ඔයා කොච්චර බුද්ධිමත් ද කියලා මම දන්නවනේ... ඒ හින්දා මම ඩ්‍රග් එක දැම්මේ ඔයා ගත්ත ග්ලාස් එකට.. ඔයාම තමා ඉතින් වැඩේ වරද්දගත්තේ..." කියලා හයියෙන් හිනා වුනා.


ආරු ඉක්මනට හිටපු තැනින් නැගිටලා එළියට දිව්වෙ ෆෝන් එක අරගෙන කෝල් එකක් ගන්න හිතාගෙන. ඒත් කෝල් එකක් ගන්නවත් ආරුට සිහියක් නෑ.


" අරකිව අල්ලගනින්..." බ්ලේඩ්ගේ අය ආරුගේ පස්සෙන් එද්දි ආරු පුලුවන් තරන් හැංඟි හැංඟි කොරිඩෝව දිගේ දිව්වා. කෙනෙක් ආරු අල්ලගන්න ළඟටම එද්දි ක්ලබ් එකේ රූම් එකකින් එළියට අඅව අතක් ආරුව ඒ රූම් එකට ඇදලා ගත්තා.


__________________________________________


ආයුශ් ඉන්නෙත් ක්ලබ් එකේ නේද ළමයි😁

මම තරහයි ඔයාලා එක්ක... ඔයාලා දැන් reaction දාන්නෙත් නෑ comment කරන්නෙත් නෑ😪

ඒත් ඉතින් මම ආදරෙයි හැමෝටම 🖤

Report Page