The Bitter Sweet Harmony ❤️‍🔥

The Bitter Sweet Harmony ❤️‍🔥

Pari🖤
Bound by pain, United by love .....


Previous episode....❤️‍🔥

https://telegra.ph/The-Bitter-Sweet-Harmony-04-02


22nd Episode ....❤️‍🔥


ඒත් එක්කම ආරුට කෝල් එකක් ආවා.

" මැඩම්.. හොයාගත්තා..."

" ok මම එන්නම්..." ආරු ස්ටෝර් රූම් එක පුරාම බැල්මක් හෙළලා ගියේ සීසීටීවී රෙකෝඩ්ස් බලන්න.


" මැඩම් සෙතූ මිස් 1.33ට ස්ටෝර් රූම් එක ඇතුළට ගිහින් තියනවා.ඊට විනාඩි 12කට පස්සෙ කළු ඇඳගත්ත කෙනෙක් එළියට එනවා. එයා කැප් එකකින් මූණ වහන් ඉන්න හින්දා හොයන්න අමාරුයි. මේ ඉන්නේ..."


ආරු ඒ කෙනා දිහා හොඳට බැලුවා.


" හරි ඊළඟට..."


" ඒ කෙනා කෙලින්ම යන්නෙ ලේඩිස් වොෂ් රූම් එකට මිස්.. එයා වොෂ් රූම් එකට ගියාට පස්සෙ සෑහෙන ගොඩක් කට්ටිය එකපාර එළියට එනවා. අපිට පැහැදිලිව හොයන්න බෑ කවුද කියලා මොකද මේ ලන්ච් බ්‍රේක් එක වෙලාව හින්දා. හැබැයි අපි බැලුවා ස්ටෝර් රූම් එකට මේ කෙනා එන රෙකෝඩ්ස්.. මෙයා ස්ටෝර් රූම් එකට එන්න කලිනුත් වොෂ් රූම් එකට යනවා. අපි ඒ හින්දා සැක සහිත හතර වෙනෙක්ව තෝරගත්තා. ඒ අය තමා මේ ඉන්නේ.. "


ආරු විමසිල්ලෙන් ඒ රෙකෝඩ්ස් බලලා,


" අර ස්ටෝර් රූම් එකෙන් එළියට එන එකේ ෆොටෝ එකක් මේ හතර දෙනාගේ එකත් එක්ක කම්පෙයාර් කරන්න බලන්න..."


ආරු කිව්ව විදිහටම ඒ කොල්ලා කරා.


" දැන් අපිට පළවෙනි කෙනයි හතර වෙනි කෙනෙයි අයින් කරන්න පුලුවන්.. පේනවනේ ඒ දෙන්නාගේ උස ගැලපෙන්නේ නෑ මෙයාට.. ස්ටෝර් රූම් එක ළඟ එක සූම් කරන්න ටිකක්.. වම් අත පැත්තට..."


" මැඩම් ඒ අතේ බ්‍රේස්ලට් එකක් වගේ එකක් තියනවා..."


" රයිට්.. දැන් බලන්න අර දෙන්නගෙන් කාගෙද එහෙම එකක් තියෙන්නෙ කියලා..."


" දෙවෙනියට හිටපු කෙනාගේ තියනවා මැඩම්.. "


" කවුද ඒ...."


" විනාඩියක් දෙන්න මැඩම්..."


විනාඩියක් ගියෙත් නෑ ඒ කවුද කියලා හොයාගන්න පුලුවන් වුනා.


" මිස් මේ ඉන්නේ ඒ කෙනා නම නිකේශා..."


" නිකේශා..." නම හුරු හින්දා ආරු හොඳට ෆොටෝ එක බලද්දි තමා ඒ නිශූගේ යාලුවෙක් කියලා අදුනගත්තේ.


" එහෙනම් මේක කරේ තමුසේ..." කියලා අඅරු අත මිට මොලවලා මේසෙට හයියෙන් පාරක් ගැහුවා.


" දැන් වෙලාව කීයද..."


" දැන් පාන්දර දෙක හමාරයි මැඩම්..."


" හරි මේ වෙච්ච සිද්ධිය කවුරුත් දන්නෙ නෑනේ නේද... පිටට යන්න තියන්න එපා.. හෙටත් පුරුදු විදිහටම වැඩ පටන් ගන්න.. මම නිකේශා ගැන බලාගන්නම්... දසිත් යන්.. " කියලා ආරු ඩ්‍රයිවර්ට කතා කරා.


ආරු ආයෙමත් හොස්පිටල් එකට යන ගමන් කල්පනා කරේ නිශූ තමන්ගෙම නංගිව මරන තත්ත්වෙටම පත් වෙලානේ කියන එක. ෆෝන් එකේ මැසේජ් බලනකොට තමා ආරු දැක්කෙ කේශ්ගේ ඇවිල්ලා තියන වොයිස් මැසේජ් එක.


" සාක්ෂි ඔයා කිව්වා හරි.. ඒ ගෑනු ළමයා වැඩ කරපු ඔෆිස් එකේ තමා එක සැකකාරයෙක්. අපි ආයෙමත් චෙක් කරලා බලද්දි හම්බුනේ මේ ගෑනු ළමයා ඌව රිජෙක්ට් තියනවා ඒකා මේ හැම්දේම මහමොලකාරයා. ඌ තමා කෙල්ලව කිඩ්නැප් කරලා තියෙන්නේ. උගේ කෝල් රෙකෝඩ්ස් බලද්දි තව තුන්දෙනෙක්ව හොයාගන්න පුලුවන් වුනා. ඊටපස්සේ උන්ට වද දීලා අහඟන්න පුලුවන් වුනා මොකක්ද වුනේ කියලා. ඒ ගෑනු ළමයා ඌව රිජෙක්ට් කරලා තියෙන්නේ හෙන සෙනඟක් මැද්දෙ ඌට ඒකට ලැජ්ජ හිතිලා තමා කෙල්ලට මේ වැඩේ කරලා තියෙන්නෙ. ඒකට උන් ගිහිල්ලා තියෙන්නේ උගේ යාලුවෙක්ගෙත් යාලුවෙක් වැඩ කරපු ලැබ් එකකට. එතනින් තමා එතකොට අර කෙමිකල් වැදිලා තියෙන්නේ. එතකොට මුන් පස්දෙනාම එකතු වෙලා තමා මේ අසමජ්ජාති වැඩේ කරලා තියෙන්නෙ.. හෙටම මුන් ටික උසාවියට දානවා... එතකොට ඒ කේස් එක ඉවරයි.. ඒක නෙවෙයි දැන් කොහොමද නංගිට.. අවුලක් නෑනේද..."


ආරුත් ඒකට පිලිතුරු යැව්වා.


" කේස් එක ඉවර නම් අවුලක් නෑ කේශ්. නංගිට දැන් හොඳයි. " ආරු කෙටියෙන් පිළිතුරු යැව්වා.


ආරු ඊටපස්සෙ දැක්කෙ සංජනා එවලා තිබ්බ නිරූ නිදියන් ඉන්න ෆොටෝ එකක්. ආරු ඒ ෆොටෝ එක දිහා බලන් ඉද්දී දසිත් එකපාර වාහනේ වේගේ වැඩි කරා.


" දසිත් මොකද වුනේ..."


" මැඩම් අපි කම්පැනි එකෙන් එළියට ආව වෙලේ ඉඳන් වාහන දෙකක් අපිව ෆලෝ කරනවා.. ඉස්සරහට එන්නේ ටිකක් පාලු පැත්තක්.. අනික පාන්දර හින්දා වාහනත් අඩුයි ඒහින්දා රිස්ක් එක වැඩී. මම ෂාන්ට මැසේජ් එකක් දැම්මා. ෂාන් ගාඩ්ලා ටිකක් එවයි මැඩම් අපි එතකන් පුලුවන් තරන් ඒ පැත්තට ගියා නම් හරි..."


" හරි දසිත්... මොකාද දන්නෑ ඒ ගමන මේ..."


මේ අතරේ...

" බොස්... මැඩම්ගේ පස්සෙන් වාහන දෙකක් යනවා.. බ්ලේඩ්ගේ උන්.. අපේ උනුත් ෆලෝ කරනවා... "

" වට්... මුන් නම්.. මොන මඟුලකට සාක්ෂිගේ පස්සෙන් එලවනවද මන්දා.. ක්‍රෑෂ් කරපන්... එකෙක්වත් ඉතුරු කරන්න එපා...."



ටික වෙලාවක් යනකොට දසිත්ට පුලුවන් වුනා පස්සෙන් ආව ව්ආහන දෙකෙන් ටිකක් දුරට යන්න ඒත් එක්කම තමා තේරුනේ තවත් ඒ වාහන පස්සෙන් එන්නේ නෑ කියලා.


අන්තිමට ආරු හොස්පිටල් එකට ආවා. ඒ වෙද්දි සෙතූට සිහිය ඇවිල්ලා.


" අක්කේ... ඇයි ඔයා ආවේ මේ හදිස්සීයේ..."


" චූටි නංගි.. ඔයාට මෙච්චර දෙයක් වෙලත් මම එහාට වෙලා ඉන්නෙ කොහොමද... ෂාන් ඔයා උදේට සුපුරුදු විදිහටම ඔෆිස් එකට යන්න.. මමත් එන්නම්.. මෙහෙම දෙයක් වුනා කියලාවත් අඟවන්න එපා.. "


" හරි මැඩම්..."


" මොකක්වත් අමාරුවක් තියනවද.." ආරු සෙතූගේ ඔලුව අතගාන ගමන් ඇහුවා.


" ම්ම්.. නෑ... ටිකක් සීතල ගතියක් එක්ක ඇඟට ටිකක් අමාරුයි ඇරිලා යයිනේ ඒක නම් නේ... අක්කේ කවුද මාව ස්ටෝර් රූම් එක ඇතුළේ හිර කරේ.. මම ඒ කෙනාව දැක්කෙ නෑ..."


" කරපු කෙනාව මම හොයාගත්තා.. එළි වෙනකන් ඉන්නකෝ බලාගන්නම් මම උන් ගැන...."


" කවුද ආරු මේ වැඩේ කරේ..." දිව්‍යා.


" නිශූ අම්මේ.. මට හිතෙන විදිහට නිශූ තමා මේක පිටිපස්සෙ ඉන්නේ..."


" ෂික්.. ඒකිව මම වැදුවා කියන්නත් ලැජ්ජයි තනිකර මහ එකා විදිහටමයු හැදෙන්නේ.. "


" අම්මේ ආරේ ගති අරින්න බෑනේ.. අම්මා දැන් එයා ගැන හ්ඉතන්න එපා අම්මට අපි දෙන්නා ඉන්නවනේ..."


ආරු සෙතූගේ ඇඳටම ඔලුව ගහගෙන උදේ වෙනකන් නිදාගත්තා. ෂානුත් උදේ වෙනකන්ම ගියේ නෑ. කොහොම හරි උදේ නැගිටලා දිව්‍යා රූම් එකේ තිබ්බ ටීවී එකේ ප්‍රවෘත්ති දැම්මෙ ප්‍රවෘත්ති බලන එක දිව්‍යාගේ පුරුද්දක් හින්දා. ආරු හිටියේ දොඩම් ගෙඩියක් සුද්ද කරලා කන ගමන්.


" මේ අක්කේ.. මටත් දෙන්නකෝ..."


" සුද්ද කරගෙන කනවා හලෝ අර තියෙන්නේ ඇති වෙනකන්..." ආරු සෙතූට පේන්න තව දොඩම් බිකක් කටේ දාගත්තා.


" අනේ අක්කේ.. මමනේ ලෙඩා හලෝ දෙනවකෝ..."


" බෑ.. සුද්ද කරගෙන කනවා අතපය තියනවනේ..."


" මොන සද්දයක්ද.. මොනාද ආරු තවත් පොඩි උන් වගේ රණ්ඩු වෙන්නේ... " දිව්‍යා කෑගැහුවා විතරයි ආරුයි සෙතුයි සයිලන්ට්.


මේ වලිය දිහා බලන් හිටිය ෂාන් දොඩම් ගෙඩියක් සුද්ද කරලා සෙතූට දුන්නා.


" ඒයි ෂාන් මමයි බොස්..." ආරු බොරුවට කෑගැහුවා.


" ආ.. ඉන්න මැඩම් මම මැඩම්ටත් එකක් සුද්ද කරලා දෙන්නම්..."


" එපා එපා මස්සිනේ.. මට මගේ අත තියනවා..."


" මස්සිනා..." සෙතුයි ෂානුයි දෙන්නම එකපාර කියන ගමන් බැලුවේ ආරු දිහා. දිව්‍යා විතරක් නෙවෙයි දසිතුත් පුදුමෙන් බැලුවා.


" ඔව් ඇයි ප්‍රශ්නයක්ද.. ඔය දෙන්නා දැන් කොච්චර කාලයක් ඕක හංඟන් ඉන්නවද..."


" නෑ මැඩම්.. මට සෙතූ මිස් එක්ක..."


" මම දන්නවා ෂාන් දැනට එහෙම එකක් නෑ කියලා.. ඒත් ඉතින් දෙන්නගෙම හිතේ තියනවනේ.. මගේ නම් විරුද්ධත්වයක් නෑ.. අම්මා මොකද කියන්නේ..."


" ම්ම්.. මටත් නම් විරුද්ධ වෙන්න දෙයක් නෑ.. ෂාන් කියන්නේ හොඳ ළමයෙක්නේ..."


" මේ ෂාන්.. එහෙනම් මෙහෙම කරමු.. මම ඩොක්ටර් එක්ක කතා කරා.. චූටි නංගිව දවල් වෙද්දි ටිකට් කපයි.. එයාව එක්කන් ගෙදර එන්න.. අද ඔයාට ලීව්.. අම්මේ යන්ද... "


" හරි යන් එහෙනම්..." ඒත් කට්ටිය යන්න හදද්දිම ටීවී එකේ ගිය නිව්ස් එක දැකලා දසිත් කැගැහුවා.

"මැඩම් අර අපිව පාන්දර ෆලෝ කරපු වාහන දෙක..."

කට්ටියම බැලුවේ ටීවී එක දිහා.


" අද දින පාන්දර තුන හමාරට පමණ කුරුනෑගල දක්ෂිණ අදිවේගී මාර්ගය අසලදී වාහන දෙකක් අනතුරට ලක්වී ඇත. වාහන දෙකෙහි සිටි සියලු දෙනා මියගොස් ඇති අතර පොලිසිය පවසන පරිදි සීසීටීවී දර්ශනවලට අනුව එම වාහන දෙක තවත් වාහන දෙකක් මඟින් අනතුරට ලක් කර ඇති බවත් පසුව වාහනවල සිටි අය අතර ඇති වූ ගැටුමෙන් පළමුව පැමිණි වාහනේ දෙකෙහි සියලු දෙනා ජීවිතක්ෂයට පත් කර ඇති බවයි. පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ තවදුරටත් සිදු කරගෙන යනු ඇත..."

" ආරු මෙහෙම දෙයක් වුනා කියලා ඇයි කලින් කිව්වෙ නැත්තේ..." දිව්‍යා.

" ඔහොම දෙයක් වුනා කියලා මම දන්නෙත් දැන් අම්මේ.. ඒ වාහන දෙක අපිව ෆලෝ කරා ඒත් ටික වෙලාවකින් වාහන දෙක නැතුව ගියා.. ඒ වාහන දෙක කාගෙද දන්නෙ නෑ.. මම බලන්නම්කෝ.. දැන් යන්..."


ආරු ගෙදර ඇවිල්ලා ලෑස්ති වෙලා ගියේ කම්පැනි එකට. ගිය ගමන් කට්ටියට නිකේශාව එක්ක එන්න කිව්වා. ඊටපස්සේ කෝල් එකක් ගත්තේ සංජනාට.

" ගුඩ් මෝනින් කෙල්ලේ.. මොකෝ ඔය පැත්තේ තත්වේ.. නංගිට මොකද දැන්..."

" දැන් නම් හොඳයි බන්.. ටිකට් කපයි දවල් වෙද්දි.. කෝ නිරූ..."

" මම ඔෆිස් එකට ආවා බන්.. නිරූ ඇනී අම්මා එක්ක ගෙදර.. ආයුශ් අයියත් උදේ ඇවිල්ලා නිරූව බලලා ගියා. කුරුණෑගල යන කතාවකුත් කිව්වා."

" අයියටත් පිස්සුද මන්දා බන්.. තියන වැඩත් දාලා මෙහෙ එනවා.. මේ ඒක නෙවෙයි මට අර ගෙදර ඔප්පුව දාපන්.. ඒකේ ව්ඇඩ ඔක්කොම ඉවරනේ..."

" ඔව් බන්.. දැන් ගෙදර තියෙන්නේ උබේ නමට..."

" රයිට්.. එහෙනම් අද ඔක්කොම ඉවරයි.. "

" කවුද බන් සෙතූට ඔහොම දෙයක් කරලා තියෙන්නේ..."

" මට හිතෙන විදිහට නිශු බන්.. මම මේක කරපු එකීව එක්කන් එන්න කිව්වා දැනගන්න පුලුවන් එතකොට..."

" ෂික්.. මොකක්ද බන් නිශූට උබලා එක්ක ඔච්චරටම තියන වෛරේ..."

" ඒවා කියලා වැඩක් නෑ බන්..මම පස්සෙ ගන්නම් මේ ප්‍රශ්නේ විසඳලා ඉන්නම්කෝ..." ආරු කෝල් එක කට් කරේ නිකේශා ආව හින්දා.


" ඉතින් නිකේශා..අඳුරන්න පුලුවන් නේ නේද..."


" ඔව් අක්කේ...." නිකේශා ආරු දිහා බලන්නැතුව බිම බලාගෙනම කතා කරා.


" නිකේශා.. ඊයේ මගේ චූටි නංගිව කවුරුහරි ස්ටෝර් රූම් එකේ හිර කරලා.. දන්නවද ඒ ගැන..."


" ම්හ්.. මේ.. මම... මං දන්නෙ නෑ අක්කේ..." නිකේශා ගොත ගහමින් කිව්වා.


" ඒකත් එහෙමද... එහෙනම් මේක බලන්නකෝ අඳුරන කෙනෙක්ද කියලා..." ආරු නිකේශාට ලැප් එකේ දාලා පෙන්නුවේ සීසීටීවී රෙකෝඩ්ස් ටික. ඒ ටික දැක්කම නිකේශාට ඒසී එකෙත් දාඩිය දැම්මා.


" ඉතින් නිකේශා දන්නවද මේ කවුද කියලා.."


" මම.. නැ...මම දන්නෙ නෑ...."


" ඒත් අපි නම් හොයාගත්තා කවුද කියලා.. බලන්නකෝ මේ බ්‍රේස්ලට් එක දිහා..." ආරු ලැප් එකේ තවත් ෆොටෝ එකක් දාලා පෙන්නුවා. නිකේශා ඒක දැක්ක ගමන් ඉක්මනට එයාගේ වම් අත හංඟගත්තා.

" මොකද නිකේශා දන්නවද මේ බ්‍රේස්ලට් එක කාගෙද කියලා..." ආරු පුටුවෙන් නැඟිටලා එන ගමන් ඇහුවා.


" අහ්.. නැ.. මම ... දන්නෙ නෑ... "


" නිකේශා තමුසේ තවත් කාටද බොරු කියන්නේ ආ... " කියලා ආරු නිකේශා හංඟන් හිටිය අත එළියට ගත්තා. අරන් බ්‍රේස්ලට් ගලවලා ගත්තා.නිකේශා පුටුවෙන් බිමට පැනලා ඉක්මනට ආරු ළඟ දණගහගත්තේ අඬන ගමන්.


" අනේ අක්කේ.. මට සමාවෙන්න මම ආයේ එහෙම කරන්නෙ නෑ.. අනේ මට සමාවෙන්න අක්කේ...."


" සමාවෙන්න... එහෙම කොහොමද සමාවෙන්නේ නිකේශා ඊයේ මගේ නංගි මැරෙන්නෙ නැතුව බේරුන එකම ලොකු දෙයක්.. ඊයේ කෙල්ල පැය පහක් විතර අර සීතලේ අර මඟුලේ හිර වෙලා.. ඒ මදිවට ෆිට් එකත් හැදිලා... තමුසෙට මම සමාව දෙන්න මම මරියතුමී කියලා හිතුවද ආ... " ආරු නිකේශාගේ අතක් උඩින් එයාගේ හීල්ස් එකක් තියන ගමන් කිව්වා. නිකේශාගේ අත හිල් වෙලා ලේ එන්න ගත්තා.


" ආ... අක්කේ.. එපා.. මාව අතහරින්න.. ප්ලීස්.. මාව අතහරින්න...."


" කියනවා තමුසෙට කවුද ඒ දේ කරන්න කිව්වේ..." ආරු හීල්ස් එක තවත් තද කරන ගමන් ඇහුවා.


" මට... කවුරුත් කිව්වෙ නෑ... ආ.. රිදෙනවා.. අනේ මාව අතහරින්න..."


" තමුසේට කියන්න බෑ නේද එතකොට... හරි එහෙනම්... බ්‍රයන්..." කියලා ආරු දොර පැත්ත බලලා කතා කරා. ඒත් එක්කම හැඩිදැඩි බොඩිගාඩ්ලා පස් දෙනෙක් ඇතුළට ආවා.


" මැඩම්...."


" මේකිව ස්ටෝර් රූම් එකට දානවාලා.. temperature එක 7°C ට අඩු කරන්න.. හවස පහ වෙනකන් එළියට ගන්න එපා..."

ඒක ඇහුන ගමන් නිකේශා හයියෙන් අඬමින් කෑගැහුවා.

" අනේ අක්කේ.. මට ඒ දේ කරන්න කිව්වේ රුක්ෂි... එයා මට කිව්ව හින්දයි මම එහෙම කරේ.. අනේ මට යන්න දෙන්න.. ප්ලීස් මට යන්න දෙන්න..."


" හරි එහෙනම් මම හිතපු දේ හරි.. ඒත් නිකේශා මම කෙනෙක්ගෙන් එකම ප්‍රශ්නේ සැරින් සැරේ අහන්න කැමති නෑ... බ්‍රයන් මෙයාව දාන්න ස්ටෝර් රූම් එකට පැය පහකින් එළියට ගන්න.. නිකේශා අදින් පස්සෙ තමුසෙට මෙහෙ ජොබ් නෑ..."


නිකේශා කෑගහද්දිම බ්‍රයන් තව බොඩිගාඩ් කෙනෙක් එක්ක නිකේශාව ඇදගෙන ගියා.


ආරු ඊටපස්සේ ගිහින් කාර් එකට නැග්ගේ ගෙදර යන්න. යන අතරමඟදි විහස්ට කෝල් එකක් ගත්තා.

" ආ.. මැඩම් සංජනා මැඩම් එවන්න කිව්ව ෆයිල් ටික ෆැක්ස් කරලා තිබ්බා කොහාටද ගේන්න ඕන..."

" ගෙදරට අරන් එන්න විහස්.. තව මම කිව්ව සුදේශ්ගේ වීඩීයෝ ටික ලෑස්තියි නේද..."

" ඔව් මැඩම් ඒ ටික හරි... "

" හරි එහෙනම් ඉක්මනට එන්නකෝ...."


ආරු ගෙදර යනකොට විහස් ඇවිල්ලා තිබ්බා.

" මෙන්න මැඩම්..." විහස් දුන්න ෆයිල් ටික අරන් ආරු මුල ඉඳලා අඟටම චෙක් කරා.

" පර්ෆෙක්ට්.... වීඩීයෝ ටික..."

" මෙන්න.. " විහස් ටැබ් එක දුන්නම ආරු ඒකත් අරන් බැලුවා.

" විහස් මේකේ මම සිලෙක්ට් කරලා තියන ඒවා ටික අපි එහෙ ගියාට පස්සෙ පොලිසියට යවන්න.. දැන් යන්... අද තමා කට්ටියක් ස්ප්‍රායිස් වෙන්නෙ..."


ආරු ඊළඟට ගියේ සුදේශ්ලාගේ ගෙදර. තනියම නෙවෙයි ගාඩ්ලා විස්සක් විතර ගියා අඅරු එක්ක.


" හ්ම්ම්.. තියන බඩු ඔක්කොම එළියට ඇදලා දාන්න.. " ආරුගේ අණත් එක්ක ගාඩ්ලා ටික ඇතුළට ගිහින් ඇතුළේ තිබ්බ වඩු ඔක්කොම එකින් එක ගෙනැල්ලා එළියට විසි කරා.


ආරු වාහනේට හේත්තු වෙලා ඒ දිහා බලන් හිටියේ හරිම සතුටින්. නාලි නිශූ සුදේශ් තුන්දෙනාම වෙන දේ හිතාගන්න බැරුව කෑගහමින් එලියට ආවා. එළියේ ඉන්න ආරුව දැක්කම ඊටවඩා පුදුම වුනා.


" ආරු. මොකක්ද මේ වැඩේ තේරුම..." සුදේශ් ආරු දුහාට කෑගහමින් ආවා.


" තේරුම...ඇයි මිස්ටර් සුදේශ් මොකක්ද ප්‍රශ්නේ..." ආරු ගාණකටවත් නැතුව ඇහුවා.


" මොකද මේ කරන්නේ ආරු... මගේ ගෙදර බඩු එළියට දාන්නේ..."


" හෝව් හෝව්.. මිස්ටර් සුදේශ්.. අන්න එතන නම් ඔයාට වැරදුනා.. මේක මගේ ගෙදර.. මම කරන්නේ මගෙ ගෙදර නතර වෙලා ඉන්න.. ආ නෑ නෑ.. අනවසරයෙන් නතර වෙලා ඉන්න අයව එළියට දාන එක... ප්‍රශ්නයක්ද..ආ..."


" මේක කවද්ද තමුසේගේ ගෙදර වුනේ..." නිශු.


" ආ.. මැඩම්.. තමුන් ඔහොම ඉන්නවා මට තමුසේ එක්ක විසඳගන්න වෙනම ප්‍රශ්නයක් තියනවා.. මිස්ටර් සුදේශ් මෙන්න බලගන්නවා මේක මගේ ගෙදර..." කියලා අඅරු පෙන්නුවේ ගෙදර ඔප්පුව. ඒකේ තිබ්බේ ආරුගෙ නම.


" මේක... මේක වුනේ කොහොමද..."


" කොහොමහරි වුනානේ... බ්‍රයන් මේකිවත් අරන් ගිහින් දාන්න කම්පැනි එකේ ස්ටෝර් රූම් එකට.. මේකි හෙට උදේ වෙනකන්ම හිටියදෙන් සෙතූ බලාගනියි මෙකි ගැන... "


ඒ වෙලාවෙම බ්‍රයන් ඇවිල්ලා නිශූව අල්ලගත්තා.


" ආරු මොකක්ද ඔය කරන්නේ මේ තමුසෙගේ නංගි නේද..." නාලි.


" තමුන් කටවහගන්නවා.. මේකි මගේ නංගි කියන එක අද පාන්දර වෙනකන් මගේ හිතේ තිබ්බා ඒත් මේකි තමන්ගේ නංගිවම මරන්න හිතපු වෙලේ ඉඳන් මේකි මගේ නංගි නෙවෙයි...."


" මම තමුසෙව මරනවා.. තමුසේ වැඩිකල් ඉන්නේ නැ කොහොමත්.. " නිශූ තවමත් කෑගහ්ද්දි බ්‍රයන් නිශූට පහරක් ගැහුවේ සිහිය නැතිවෙන්න.


සුදේශ් ඇවිල්ලා එකපාර ආරුගේ කනට පාරක් ගහන්න ගියේ. ඒත් ඊට ඉස්සර වුන විහස් ගහපු පාරෙන් සුදේශ් ආරු ඉස්සරහ දණ ගැහුවා.


" වාව්.. මරුනේ මිස්ටර් සුදේශ්.. තමුන් මං ඉස්සරහ දණ ගැහුවා නේ.. හහ්.. තමුසෙට ආයේ මේ ඉඩමේ පස් පාගන්නවත් බෑ තේරුනානේ.. ආ.. තව පොඩ්ඩෙන් අමතක වෙනවනේ.. නාලි තමුසෙට මං ළඟ සප්‍රායිස් එකක් තියනවා.. විහස් ටැබ් එක දෙන්න..."


ආරු නාලිට පෙන්නුවේ සුදේශ් වෙන ගෑනියක් එක්ක ඉන්න වීඩීයෝ වගයක්.


" සුදේශ් තමුසේ මාවත් රැවැට්ටුවාද එතකොට.. " කියන ගමන් නාලි කෙලින්ම අල්ලගත්තේ සුදේශ්ගේ බෙල්ලෙන්.


" මාව අතහැරපන් ගැනියේ.. " කියන ගමන් සුදේශ් නාලිගේ කොණ්ඩෙන් ඇද්දා.


ඊළඟට දෙන්නා එතන මරාගත්තේ අහලපහල ගෙවල්වල මනුස්සයොත් බලන් ඉද්දී. හොඳම දේ කියන්නේ ආරුගේ ගෙදර ස්ලැබ් එකට මෙ සීන් එක හොඳට පේනවා. දිව්‍යා ස්ලැබ් එකට වෙලා මේ සිද්ධිය දිහා බලන් හිටියේ හරිම සතුටින්. තමන් අවුරුදු ගාණක් දුක් වින්ද එකට ආරු සාධරණයක් ඉෂ්ට කරන එක ගැන දිව්‍යා ආරු ගැන ආඩම්බර වුනා.


ඒත් එක්කම තමා ආරුලා හිටිය තැනට පොලිසියෙන් ආවේ. පොලිසියෙන් ආපු අය කෙලින්ම ගියේ සුදේශ් ළඟට.


" තමුන් සුදේශ්ද..." සුදේශ් නාලි එක්ක වලිය නවත්තලා ආයෙ බැලුවා.


" ඔව් මම තමා..."


" අපි තමුන්ව ඇරස්ට් කරනවා.. තමුසේ වාහන දහයකට කරපු දෙයක් නෑ ෆිනෑන්ස් කම්පැනි දහයකින් ඒ හින්දා තමුසෙට විරුද්ධව පැමිණිලි කරලා තියනවා.. ඊට අමතරව තමුන් ඉඩම් ජාවාරම්.. වගේ දේවලුත් කරලා තියනවා..." කිව්ව පොලිස්කාරයෝ සුදේශ්ව ඇරස්ට් කරා.


ආරු මේ වෙන දේවල් දිහා සතුටින් බලන් හිටියේ කොහොමත් ආයේ සුදේශ්ට මැරෙනකන් හිරබත් කන්න වෙනවා කියලා දන්න හින්ද.



ආරු ගෙදර එද්දි ආයුශ්ගේ කාර් එක ගෙදර නතර කරලා තිබ්බා. ආරු ගෙට ගොඩ වෙනවත් එක්කම නිරූ ඇවිල්ලා ආරුගේ ඇඟේ එල්ලුනා.


" අම්මී...."


" නිරූ බබා ඔයත් ආවද...."


" නිරූ බබා විතරක් නෙවෙයි මමත් ඉන්නවා... " කියන ගමන් ආයුශ් ආරු ළඟට ඇවිල්ලා ආරුව බදාගත්තා.


" අම්මෝ ඇති යන්තන්. දැන් තමයි මාව ටිකක් චාර්ජ් වුනේ..." ආයුශ් කිව්වා. මොන මඟුලක්ද ඒ කිව්වෙ කියලා හිතාගන්න බැරුව ආරු ආයුශ් දිහා බැලුවා.


" මොකෝ ඔහොම බලන්නේ.. මට තව ටිකක් චාර්ජ් වෙන්න තිබ්බා නම් මරු.. නිරූ බබා බලන්න ආච්චි අම්මා කෝ කියලා.. " ආයුශ් නිරූව එතනින් යැව්වා.


" අයියේ මොකක්ද ඒ චාර්ජ් වෙන කතාව..."


" ආ ඒකද.. ඉන්නකෝ මම කරලම පෙන්නන්න..." කිව්ව ආයුශ් ආරුව බිත්තියට තද කරගෙන තොල්වලට බරවුනා. විනාඩි ගාණක් තිස්සේ දෙන්නා සිපගත්තේ පිපාසෙන් හිටියා වගේ. දෙන්නා ඈත් වුනේ කවුරු හරි උගුර පාදනවා ඇහිලා. දෙන්නා ඉක්මනට ඈත් වෙලා බලනකොට දැක්කේ පඩිපෙළ ළඟ ඉඳලා ෂාන්, සෙතූ, දිව්‍යා තුන්දෙනාම දෙන්නා දිහා බලන් ඉන්නවා. ආරු ඉක්මනට ආයුශ්ගේ පිටිපස්සෙ හැංඟුනේ ලැජ්ජා හිතුන හින්දා.


" ඒ.. මොකද හැංගෙන්නේ..."


" අනේ යන්න අයියේ අම්මලත් දැක්කා.." කිව්ව ආරු කාමරේට යන්න ගියේ කට්ටියට මුණ දෙන්න ලැජ්ජ හිතුන හින්දා.


" ආරු ඔහොම ඉන්න..." දිව්‍යා කතා කරපු හින්දා ආරු නතර වුනා.


" මොකක්ද අරහේ වුනේ කියලා කියන්න පුලුවන්ද..."


" ආ.. මේ සුදේශ්ව හිරෙට යැව්වා අම්මේ මැරෙනකන්ම එළියට එන්න වෙන්නෙ නෑ කරලා තියන වැරදි ඔක්කොම අල්ලලා දුන්නා.. "


" එතකොට නිශූව කොහෙද අරන් ගියේ..."


" අ.. එයාව කම්පැනි එකට අරන් ගියේ.. සෙතූ එයව ඔයාට භාටයි ඔයා මොනා කරත් කවුරුත් මුකුත් කියන්නෙ නැ.. " ආරු සෙතූ දිහා බලමින් කිව්වා.


" ආරු.. ඔයා එන්න එන්න නපුරු වෙනවා..." දිව්‍යා.


" අම්මේ.. ඒ මනුස්සයොම තමා මගේ ළඟ හිටිය අහිංසක චරිතේ මැරුවේ.. මම නපුරුයි තමා..."


ඒත් එක්කම ආරුට කෝල් එකක් ආවේ කේශ්ගෙන්.


" හෙලො කේශ්..." කේශ්ගෙ නම ඇහෙද්දි නම් ආයුශ්ගේ මූණ ඊරිසියාවෙන් පිරුනා.


" සාක්ෂි.. අරුන් ටිකව හිරේ යැව්වා.. ජීවීතාන්තය දක්වා සිර දඬුවම්..."


" උන්ට එහෙම වෙන්න ඕන කේශ්..."


" නංගිට මොකද..."


" එයාව ගෙදර එක්ක ආවා කේශ්.. දැන් අවුලක් නෑ.. ඒක නෙවෙයි මොකද අපේ වැඩේ තත්වේ..."


" තත්වේ කියන්නේ.. අම්මටසිරි හොඳම සීන් එක කියන්න අමතක වෙනවනේ තව ටිකෙන්..."


" මොකක්ද..."


" කුරුණෑගල වාහන දෙකක් සිද්ධියක් දැක්කද නිව්ස්වලට කියනවා..."


" ඔව් මම දැක්කා.. ඒ වාහන දෙක පාන්දර මාව ෆලෝ කරන් ආවේ..."


" මොකක්.... ඒ වාහන දෙක බ්ලේඩ්ගේ...."


" බ්ලේඩ්ගේ..."


" ඔව්... සාක්ෂි.. උන් ඔයාව ෆලෝ කරන්නේ මිෂන් එකට ඔයා ඉන්නවා කියලා දැනගෙනද..."


" වෙන්නත් පුලුවන් කේශ්.. මට කොහොමත් බ්ලේඩ් එක්ක ගනුදෙනුවක් තියනව.. මතකනේ එදා හොටෙල් එකේදි..."


" සාක්ෂි ඇත්තටම මොකක්ද ඔයාට ඒ අයත් එක්ක තියන ගනුදෙනුව.. වන්ෂොට්... ඌත් එදා ආවනේ..."


" ඒවා පරණ දේවල් කේශ්.. මම බලාගන්නම් බ්ලේඩ් ගැන... හරි එහෙනම් මොනාහරි හොයාගත්තොත් මට කියන්නකො අර ලැබ් එක තියන තැන පුලුවන් ඉක්මනට හොයාගන්න ඕන. මම හෙට එනවා එතකොට බලමුකෝ... බායි ..."


" ආ හරි සාක්ෂි බායි....".


ආරු කෝල් එක කට් වුනාට පස්සෙ බලන් හිටියේ නිරූ දිහා. ආරු නිරූ හින්දා බ්ලේඩ්ගේ කේස් එකෙදි අසරණයි.


" ආරු මොකක්ද වුනේ කවුද ඔයාව ෆලෝ කරේ.." ආයුශ්.


" බ්ලේඩ් මාව ෆලෝ කරනවා අයියේ..."


" මොකක්.. ඒ මොන මඟුලකටද..."


" පරණ කේස්ම වෙන්න ඇති... චූටි නංගි කවද්ද ඔයාට LA යන්න තියෙන්නේ...."


" ලබන සතියේ යන්න ඕන අක්කේ නිවාඩුව ඉවරනේ..."


" අම්මේ ඔයත් චූටි නංගි එක්කම යන්න... මෙහෙ ඉන්න එක ටිකක් රිස්ක් එක වැඩි..."


" ආරු එහෙනම් ඔයත් එන්න අපි එක්ක යන්න.. මට ඔයාව නැති කරගන්න බෑ ආරු අවුරුදු තුනකට කලින් වෙච්ච සිද්ධිය හින්දත් අපි ගොඩක් දුක් වින්දා...."


" අම්මේ හැමදාම හැංගි හැංඟි ඉන්න බෑනේ.. මම මේ ප්‍රශ්නේ ඉකමනටම ඉවර කරලා දානවා එතකන් ඔයාලා රට යන්න... ෂාන් ඔයත් කැමති නම් යන්න පුලුවන්..."


" නැ මැඩම්.. මම සෙතූ එක්ක එෆෙයාර් එක පටන් ගත්තට මම වැඩ කරන්නෙ මැඩම්ට... මම ලංකාවේම ඉන්නවා මැඩම්..."


"ංආරු මොකක්ද වෙන්නෙ ආ... මේවට අර ආයුග් සම්බන්ධ ද..."ආයුශ්.


" අයියේ සමහර දේවල් තියනවා මමත් හරියට උත්තර දන්නෙ නැති ඒ හින්දා එඑ ගැන කතා නොකර ඉමු..." කිව්ව අඅරු රූම් එකට ගියා.


ආරු ඇදට වැටිලා සිවිලිම දිහා බලන් කල්පනා කරේ මේ ප්‍රශ්නේ ගැන. දැන් ආයුග්ගෙන් කිසිම කරදරයක් නැතත් කවීන් මොන මඟුලක් කරනවද කියල ආරුට තේරුනේ නෑ. නදුලිට දුන්න පොරොන්දුවත් එක්ක ආරු හිටියේ කිසිම දෙයක් කරගන්න බැරුව.


ආරුගේ කල්පනා ලෝකේ බිඳුනේ කෝල් එකක් ආව හින්දා.


" හෙලො..."


" හෙලෝ මේ සාක්ෂි නේද..."


" ඔව්... කවුද මේ කතා කරන්නේ..."


" මම මන්දනා.. ආයුශ්ගෙ ex girlfriend...." ආරුගේ හදවත එකපාර නතර වුන වගේ හැඟීමක් ආරුට ආවේ.


" අහ්.. කියන්න.. මගෙන් මොක්ක ද වෙන්න ඕන..."


" මට ඔයාව හම්බවෙන්න පුලුවන ටිකක්ට සාක්ෂි..."


" අර්... මොනාටද..."


" මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන.. ප්ලීස්...."


" ඕකෙ.. එහෙනම් හෙට හවස හතරට රෙඩ් හිල් කොෆි ෂොප් එකට එන්න.. " ආරු කොළඹ එයාගේ කම්පැනි එක ඉස්සරහ තිබ්බ කොෆි ෂොප් එක ගැන කිව්වා.


" හරි සාක්ෂි.. තැන්ක් යූ. මම එන්නම්.."


________________________________________


පේනයක් කියන්න යන්නේ... ඔව් මට පේනවා ඉක්මනටම කෙනෙක් මැරෙන්න යනවා..


හහ්....


reaction දාන්න comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤


Report Page