The Bitter Sweet Harmony ❤️‍🔥

The Bitter Sweet Harmony ❤️‍🔥

Pari🖤
Bound by pain, United by love ....



Previous Episode .....❤️‍🔥


https://telegra.ph/The-Bitter-Sweet-Harmony-03-31



21st Episode ....❤️‍🔥



" ම්ම්... ආරු අපි දෙන්නා බදිමු...." ආයුශ් එකපාර කිව්වම ආරුට මොන වගේ දෙයක් කියන්නද කියලා හිතාගන්න බැරිවුන. ආරු මොනා කියන්නද කියලා හිතන අතරේ ආයුශ්ට කෝල් එකක ආවේ දන්නැති නම්බර් එකකින්. ආයුශ් ආරුගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙනම කොල් එක ආන්ස්වර් කරා.


" හෙලෝ...."


" හෙලෝ... ආයු... මේ මම..  මන්දි.." ඒ නම ඇහෙනවත් එක්කම ආයුශ් ඉද්ද ගැහුවා වගේ ආරුගේ ඔඩොක්කුවෙන් නැගිට්ටා.


" අයියේ ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද..." ආරු ආයුශ්ගෙන් ඇහුවේ ආයුශ්ගේ මූණත් එක්කම වෙනස් වුන හින්දා.


" ආ.. නෑ.. නෑ.. ඉන්න මම මේ කෝල් එක බලලා එන්නම්.." කිව්ව ආයුශ් එතනින් ගියා. ආයුශ් ගියාට පස්සෙ ආරු නිරූ ළඟට ගිහින් නිරූ එක්ක සෙල්ලම් කලා


" මන්දනා... ඇයි මට කෝල් ගත්තේ..."


" ආයු.. මම ඔයාට මන්දනාම වුනාද දැන්... මට සමාවෙන්න ආයු.. මම අද තමා ලංකාවට ආවෙ... මට ඔයාව හම්බෙන්න ඕන.."


" නෝවේ.. මන්දනා මට ඔයාව හම්බවෙන්න ඕන නෑ.. අනික මොකටද දැන් මට කෝල් ගත්තේ.."


" ආයු මට සමාව දෙන්නෙම නැද්ද... මම ඔයාව දාලා යන්න හේතුවක් තිබ්බා ආයු.. ප්ලිස්..."


" මන්දනා පරණ වෙච්ච දේවල් මට වැඩක් නෑ... අතීතය අතීතය විතරයි.. මට දැන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා.. ඒ හින්දා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න..."


" ආයු ප්ලීස්..."


" නෑ මන්දනා මට ආයේ කතා කරන්නෙපා..." කියලා ආයුශ් කෝල් ක කට් කරා. ආයුශ් බැලුවේ බීච් එක පැත්ත. ආරු නිරූ එක්ක හිනා වෙවී සෙල්ලම් කරන හැටි දැකලා ආයුශ්ගේ මූණටත් හිනාවක් ආවා.


ආයුශ් ආරුලා ඉන්න තැනට ගියේ අයිස්ක්‍රීම් තුනකුත් අරන්.


" දැන් කාලා ඉන්නකෝ දෙන්නා.."


අයිස්ක්‍රීම් කකා ඉද්දි තමා ආරුට කෝල් එකක් ආවේ. කෝල් එක එන්නෙ කේශ්ගෙන් කියලා දැක්කම නම් ආයුශ්ගෙ මූණ දෙක වුනා. ආරු ආයුශ්ගේ මූණ දිහාත් බලලා කෝල් එක ආන්ස්වර් කරා.


" හෙලෝ කේශ්..."


" ආ.. සාක්ෂි මට ටිකක් කතා කරන්න පුලුවන්ද.. ඔයා කොහෙද ඉන්නෙ..."


" අර්.. මම නම් මගේ බබායි බෝයිෆ්‍රෙන්ඩ් එක්කයි බීච් ඇවිල්ලා ඉන්නෙ.. මොකක් හරි ප්‍රශ්නයක්ද..."


" ප්‍රශ්නයක් නම් තමා සාක්ෂි.. මම පස්සෙ ගන්නම්.. නෑ ඒත් මේක ඉක්මනට ඉවර කරන්න ඕන.. මට පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද..."


" හරි කියන්නකෝ කේශ්..."


" අර අද අපිට හම්බුනු මර්ඩර් කේස් එක රිපෝටර් කෙනෙක්.. එයා මීට දවස් තුනකට කලින් අතුරුදහන් වෙලා තියනවා බොරැල්ලෙදි..."


" අර්.. ඔව්.. ඉතින්..."


" එයා ඊට කලින් දවසේ කොළඹ ඉන්න මැරයෝ ගැන ආර්ටිකල් එකක් දාලා තියනවා... ඒකෙදී බ්ලේඩ් වන්ෂොට් දෙන්නා ගැන තමා වැඩියෙන්ම ලියලා තියෙන්නේ.. "


" ඕකේ...ඒ කියන්නේ මේක වන්ෂොට්ගේ වැඩක් වෙන්නත් පුලුවන් එහෙමනේ..."


" ඔව් මොකද සමාහරවිට බ්ලේඩ්ගේ ස්ටයිල් එකට මරලා දාලා බ්ලේඩ්ගේ පැත්තට වැරැද්ද යන විදිහට කරපු දෙයක් වෙන්න පුලුවන්.. ඒත් ප්‍රශ්නෙකට තියෙන්නෙ පහුගිය දවස් ටිකේ වන්ෂොට්ගේ කිසිම අපරාධයක් වාර්තා වෙලා නෑ.. පහුගිය ටිකේ වන්ෂොට් එහෙ මෙහෙ වැඩිපුර පෙනී ඉඳලා තියනවා ඒත් කිසිම වැරැද්දක් කරලා නෑ.. අනිත් දේ තමා ඔයා දුන්න රිපෝට් එකේ විදිහට මේ ගෑනු ළමයාගේ ඇඟේ සමහර තැන්වල රසායනික ද්‍රව්‍ය ගෑවිලා තියනවා.. "


" ඔව් කේශ්... වන්ෂොට් වැරැද්දක් කරේ නෑ කියලා අපිට එයව සැක නොකර ඉන්න බෑ මොකද වන්ෂොට් කියන්නෙ හොඳ මූණ පෙන්නලා පස්සෙ ගේම් ගහන කෙනෙක්.. ඒක මම හොඳට දන්නවා.. බ්ලේඩ් ඔය වැඩේ කරලා නෑ ඒත් එයාගේ ගෝලයෝ ඔය වැඩේ කරලා තියෙන්නෙ පුලුවන්.. මොකද බ්ලේඩ්ගේ කැපිමේ විදිහයි ඔය කපලා තියන විදිහයි වෙනස්.. "


" මේ කේස් එක අමුතුම පැත්තකට යන්නේ... "


" කේශ් මට ඒ ගෑනු ළමයා ලිව්ව ආර්ටිකල් එක එවන්නකෝ.. මම උදේට ඔයාට හරියටම විස්තරයක් කියන්නම්..."


" ආ හරි සාක්ෂි... මට පුලුවන් නම් අර රසායනික ද්‍රව්‍ය තියෙන්න පුලුවන් තැන් ටිකක ලිස්ට් එකක් දානවද..."


" ආ හරි මම තාරකට කියන්නම්..."



ආරු කෝල් එක කට් කරනකන්ම ආයුශ් ආරුගේ මූණ දිහා බලාගෙන.


" අයියේ... මොකෝ මේ..."


" ලස්සන බැලුවේ..."


" අම්මෝ ඊරිසියාව... ඔෆිස් වැඩක් කතා කරේ බය වෙන්නෙපා..."


" ඒත් ආරු ඌ ඕනාවට වඩා වැඩී මම නම් කියන්නේ..."


" අයියේ.. කේශ් මාත් එක්ක එකම ටීම් එකම මිෂන් එකකට වැඩ කරන්නෙ ඒ හින්දා අපිට එකට වැඩ කරන්න වෙනවා.. අනික මම එයාව ගාණකට ආශ්‍රය කරන්නේ ඔයාට මං ගැනත් අවිශ්වාසද..." ආරුට තරහ ගියා. ආරු අකමැති දෙයක් තමා ඕනම කෙනෙක් එයාව පාලනය කරන්න එන එක.


" අයියෝ පිස්සුද ආරු.. මට ඔයාව විශ්වාසයි.. හරි දැන් ඒක ඉවරයි... යන් නේද ගෙදර.. දැන් හයත් පහුවෙලා.. නිරූ බබා යන්ද ගෙදර..." ආයුශ් ආරුවත් ශේප් කරගන්න කිව්වා.


ආරු ගෙදර ඇවිල්ලා වැඩ සේරම ටික ඉවර කරලා කෝල් එකක් ගත්තා ෂාන්ට.


" මැඩම්..."


" මොකද ෂාන් ඔය පැත්තේ තත්වේ...."


" මැඩම්.. මෙහෙ වැඩ ටික නම් යනවා හරියට හැබැයි අර රුක්ෂි තමා විඩෙන් විඩේ කේස් දාන්නේ..."


" ඇයි එයා මොකද කියන්නෙ..."


" මැඩම් රුක්ෂිට මැනේජර් පොස්ට් එකකට තියා නෝමර්ල් ක්ලාක් කෙනෙක්ට තරන්වත් සුදුසුකමක් නෑ ඉතින් ඒ හින්දා මම පෝස්ට් එකක් දෙන්න බෑ කිව්වා.. ඊටපස්සේ මිස්ටර් සුදේශුත් ඇවිල්ලා මෙතන කෑගැහුව.. සෙතූ මිස් තමා බැනලා එයලව යැව්වේ.."


" ඒකත් එහෙමද... එහෙනම් මෙහෙම කරන්න.. රුක්ෂිට දැන් මොකක් හරි පෝස්ට් එකක් දීලා තියනවද..."


" ඔව් මිස්.. එයාලා මෙතන ඇවිල්ල කෑගහලා වැඩවලටත් ඩිස්ටර්බ් කරපු හින්දා මම නෝමර්ල් මැනේජර් පෝස්ට් එකක් දුන්නා..."


"ම්ම්... එහෙනම් එයාගේ ඒ ජොබ් එකෙන් නැති කරලා කම්පැනි එකෙන් එළියට දන්න.. රෙසිග්නේෂන් ලෙටර් එක දෙන්න..."


" මැඩම්..."


" රුක්ෂි කියන්නෙ මගේ නංගි තමා ෂාන්.. ඒත් එයා ඔනාවටත් වඩා වැඩියි... කවුරු මොන කියන් ආවත් කමක් නෑ ඔයා ඒ දේ කරන්නේ.. එක්කො සෙතූට කියන්නකෝ එයාට කියන්න කියලා.. ඒ විදිහට කරන්න එහෙනම්..."




පසුදින...



" තාත්තේ මේක කරන්න බෑ... " නිශූ කෑගහගෙන ගේ ඇතුළට ආවේ සුදේශ්ට දවල්ට කනගමන් ඉන්නකොට.


" ඇයි මොකද.."


" මේ...." කියලා නිශූ අතේ තිබ්බ ලෙටර් එක මේසේ උඩට විසි කරා. නාලි ඒක අරන් බැලුවේ මොකක්ද කියලා.


" රෙසිග්නෙෂන් ලෙටර් එක..." නාලි පුදුමෙන් නිශූ දිහ බලන ගමන් කිව්වා.


" මොකක්.. නිශූ ඔයා මොකටද අයින් වුනේ..." සුදේශ්.


" මට කම්පැනි එකෙන් අයින් වෙන්න පිස්සු කියලා හිතුවද තාත්තේ... මේක අර සාක්ෂිගේ වැඩ.. අද සෙතූ ඇවිත් මට රෙසිග්නේෂන් එක දීලා කිව්වා යන්න කියලා..."


" මොකක්..මුන් හදන්නේ අපිව කම්පැනි එකෙන් අයින් කරන්න තාත්තේ... මම සෙතූට හොඳ වැඩක් කරලා ආවේ.. බලමුකෝ මොකක්ද වෙන්නෙ කියලා..." නිශූ කුරිරු හිනාවක් දාලා කිව්වා.


" ඇයි මොනාද කරේ සෙතූට..." සුදේශ්.


" හවස් වෙනකොට ආරංචි වෙයි බලන්නකෝ.."




මේ අතරේ කම්පැනි එකේ හිටිය සෙතූ ෂාන් එක්ක කයියක් ගහලා එහෙම කැන්ටින් එක පැත්තට යන්න ආවා. සෙතූ ෂාන්ට කැමතියි. ෂානුත් සෙතූට කැමති වුනත් සෙතූ කියන්නේ ෂාන් වැඩ කරන මැඩම්ගේ නංගි හින්දා ෂාන් හැඟීම් හංඟගෙන හිටියා. සෙතූ වුනත් එයාගේ හැඟීම් පිටට දෙන්නෙ නැතුව හිටියේ අක්කා අකමැති වෙයි කියලා හිතලා.


කැන්ටිමට යන්න ගිය සෙතූට ස්ටෝර් රූම් එක ළඟින් යද්දී ගෑනු ළමයෙක් කැගහන සද්දයක් ඇහිලා නතර වුනා. ආයේ ආයේමත් ඒ සද්දෙ ඇහුන හින්දා සෙතූ ළඟපාත පොල්ලක් වගේ මොකක් හරි එකක් තියනවද කියලා බැලුවේ කෝකටත් ආරක්ෂාවට කියලා. ඒත් එහෙම කිසිම දෙයක් හම්බුනේ නම් නෑ. අර ගෑනු ළමයාගේ සද්දෙ එන්න එන්නම වැඩි හින්දා සෙතූ වෙන කිසි දෙයක් හිත හිත ඉන්නෙ නැතුව ස්ටෝර් රූම් එක ඇතුළට ගියා. ඒකේ ඇතුළ කට්ට කරුවල හින්දා ෆෝන් එකේ චෝට් එකත් ගහගෙන ඉස්සරහට ඉස්සරහට ගිහින් සෙතූට කිසිම කෙනෙක් හම්බුනේ නෑ.


ඒත් එකපාරටම කවුරුහරි ඇවිල්ලා සෙතූගේ නහයට ලෙන්සුවක් තිබ්බ. ඒකෙන් ආව අමුතු සැරත් එක්ක සෙතූව සිහිය නැතිවෙලා වැටුනා. ඒ ආවේ නිශූගේ යාලුවෙක් නිකේශා කියලා. නිකේශා සිහිය නැති වෙලා ඉන්න සෙතූව ස්ටෝර් රූම් එකෙ මුල්ලකට ඇදලා දාලා අත් කකුල් බැදලා කටටත් ප්ලාස්ටර් එකක් ගැහුවා. ඊටපස්සෙ රූම් එකේ temperature එකත් අඩු කරලා සෙතූගේ ෆෝන් එක අරන් ඇවිල්ලා ස්ටොර් රූම් එක ඉස්සරහ තිබ්බ ඩස්බින් එකට දාලා එතනින් ගියේ නිශූටත් කො එකත් දීලා ඒ බව කියලා.


හවස ෂාන් වැඩ සේරමත් ඉවර කරලා යන්න ලෑස්ති වුනා. සෙතූ දවල් ඉඳන් පේන්න හිටියේ නැති හින්දා ෂාන් සෙතූට කෝල් ගත්තත් ආන්ස්වර් කරේ නෑ.


කෝල් දෙක තුනක්ම අරන් කිසිම ප්‍රතිචාරයක් නැති වෙද්දි ෂාන්ගේ හිතට බයකුත් දැනුනා.


" සමහරවිට ගෙදර ගියාද දන්නෙ නෑ.. ඒත් මට නොකියා යන්නෙත් නෑනේ..." ෂාන් එහෙම හිතන ගමන් කෝල් එකක් ගත්තේ දිව්‍යාට.


" හෙලෝ මැඩම් සෙතූ මිස් ගෙදර ආවද..."


" තාම ආවේ නම් නෑ පුතා... ඇයි එයා කම්පැනි එකේ නෙවෙයිද.. මට දවල් ඉඳන් කතා කරෙත් නෑ මම හිතුවේ වැඩ ඇති කියලාම්.."


" ආ.. එහෙමද මිස්... හරි හරි..."


" ඇයි පුතා කෝ සෙතූ.. සෙතූට මොකද වුනේ..."


" මේකයි මැඩම් මාත් සෙතූව දවල් ඉඳන් දැක්කෙ නෑ.. කෝල් ගත්තට ආන්ස්වර් කරන්නෙත් නෑ ඒකයි බැලුවෙ.. බය වෙන්නෙප මැඩම් කොහෙ හරි වෙලා වැඩද දන්නෙ නෑනේ.. මම බලන්නම්.." දිව්‍යාට කලබල වෙන්න එපා කිව්වාට ෂාන් නම් හිටියේ හොඳටම කලබල වෙලා.


" අනේ පුතා මොනාහරි කරලා මගේ කෙල්ලව හොයන්න මාත් එන්නම්.." දිව්‍යා කලබලෙන් කියලා කෝල් එක කට් කරා.


ෂාන් සෙතූට දිගටම කෝල් ගන්න ගමන් කැන්ටින් එක පැත්තට ගියේ අවසානෙට සෙතූ කැන්ටින් එකට ගිහින් එනවා කියලා ගියපු හින්ද. ස්ටෝර් රූම් එක ළඟින් යද්දි ෂාන්ට ඇහුනේ ඩස්බින් එකෙන් ෆෝන් එකක් රින්ග් වෙන සද්දයක්. ෂාන් ගිහින් ඒ ෆෝන් ක ගත්තම දැක්කෙ ඒක සෙතූගේ කියලා.


" සෙතූ... සෙතූ..." කියලා කෑගහන ගමන් ෂාන් හැමතැනම සෙතූව හෙව්වෙ සෙතූට කරදරයක් වෙලා කියන එක ශුවර් හින්දා.

ෂාන් කියන්නෙ හොඳට පුහුණු වෙච්ච බොඩිගාඩ් කෙනෙක් ඒ හින්දා ඉවෙන් වගේ ෂාන් නිකමට ස්ටෝර් රූම් එකේ දොර අරින්න බැලුවා. හිතුව විදිහටම දොර ලොක්. යතුර අරන් එන්න තරන් සිහියක් තිබ්බෙ නැති හින්දා ෂාන් දොර කඩාගෙනම ඇතුළට ගියා. දොර අරිනවත් එක්කම ෂාන්ගේ ඇඟේ වැදුනේ සීතලම සීතල හුළඟක් ඇවිල්ලා ඇඟේ වැදුනා. ෂාන් කලබලෙන් ස්ටෝර් රූම් එක හැමතැනම සෙතූව හෙව්වා. අන්තිමට අත් කකුල් බැදලා දාලා සීතලට ගල් වෙලා ඉන්න සෙතූව ෂාන්ට හම්බුනා. මේ වෙනකොටත් පැය ගාණක්ම සීතලෙන් හිටිය හින්දා වගේම සෙතූට එකපාර මේ වෙච්ච දේ හින්දා ෆිට් එකත් හැදිලා හින්දා සෙතූගේ නාඩි වැටීමත් අඩුවෙලා තිබ්බේ. ෂාන් සෙතූව අත්දෙකට අරගෙන ඉක්මනට එළියට දිව්වෙ ඇස්වලින් කඳුලු වැටෙද්දි.




මේ දේවල් වෙන අතරේ ආරු හිටියේ කේශ් එක්ක මර්ඩර් කේස් එක බලන ගමන්. මුළු දවසම මහන්සි වෙලා මේ වෙනකොට දෙන්නට සැක කටයුතු කෙනෙක්ව හොයාගන්න පුලුවන් වෙලා තිබ්බා.


" සාක්ෂි.. මේ ඉන්නේ ඒ පස්දෙනා.. සීසීටීවීවල ඉන්නෙ මේ අය තමා...මම කට්ටියක්ව යැව්වා මුන් පස්දෙනාව ඇරස්ට් කරන්න.. මුන් ටිකට ශුක්‍රාණු සාම්පල් ටික මැච් වුනොත් කේස් එක නම් ඉවරයි..."


" ඒකත් නම් එහෙම තමා.. බලන් ගිහාම බ්ලේඩ්ටවත් වන්ෂොට්ටවත් මේකට සම්බන්ධයක් නෑ... හරිනේ ඉතින් මේ ගෑනු ළමයා ආර්ටිකල් එක ලිව්වෙ ඒ දෙනට විරුද්ධව.. එතකොට මරපු කෙනා මැරුවේ බ්ලේඩ් විදිහට... එතකොට බ්ලේඩ්ව අහුවෙලා ඒ කෙනා බේරෙනවා.. මේක මේ ගෑනු ළමයාගේ තරහාකාරයෙක් වැඩක් කේශ්.. මෙයා වැඩ කරපු තැනින් ගත්ත කට උත්තර ටික ආයේ බලන්න.. සමහර විට එය්හනින් හෝඩුවාවක් හම්බෙන්න පුලුවන්.. මොකද මේ වගේ අයට තරහාකාරයෝ ඉන්නේ පිට විතරක්..."


ආරුට කෝල් එකක් ආව හින්දා කියන්න ගිය එක නතර වුනා. කෝල් එක ගන්නෙ ෂාන් කියලා දැකලා ආරු ආන්ස්වර් කරනවද නැද්ද කියලා හිතලා ආයේ ආන්ස්වර් කරා.


" ෂාන් මම වැඩක ඉන්නෙ පස්සෙ ගන්නද..."


" මැඩම්.. ටිකක් ඉන්න ... මැඩම්... සෙතු... සෙතූ..." ෂාන්ට වචන එන්නෙත් නෑ.. ෂාන් කතා කරන විදිහෙන් ආරුට තේරුනා සෙතූට මොනාහරි වෙලා කියලා.


" ෂාන්.. චූටි නංගිට මොකද.. එයාට මොන වෙලාද..." ආරු කලබලෙන් ඇහුව.


" මැඩම්.. සෙතූව හොස්පිටල් නතර කරා..."


" මොකක්.. ඒත් ඇයි.. චූටි නංගිට මොනාද වුනේ ෂාන්.. මට හරියට කියනවා..." ආරු ඉන්න තැනත් අමතක වෙලා කෑගහද්දි ආරු එක්ක වැඩ කරන අයත් ආරු දිහා බැලුවා. ඒත් ආරුට ඒ ගැන සිහියක් තිබ්බෙ නෑ.


" මැඩම් කවුරුහරි සෙතූව ස්ටෝර් රූම් එකේ හිර කරලා ඒකේ temperature එකත් හොඳටම අඩු කරලා ඒ මදිවට ස්ස්තූට ෆිට් එකත් හැදිලා දැන් අයි සී යූ එකට දාලා ඉන්නේ..."


" මොකක්... එයාට ගොඩක් අමාරුද ෂාන්..." ආරුගේ ඇස්වල කඳුලු පිරිලා. සෙතූ කියන්නේ ආරුගේ දරුවෙක් වගේ ආරු බලාගත්ත නංගි.


" දන්නෑ මැඩම් තාම ඩොක්ටර් එළියට ආවේ නෑ.. එක්කන් එද්දිත් නාඩි වැටෙන එක අඩු වෙලා තිබ්බේ..."


" ෂාන්.. මම දැන්ම එනවා.. මම දැන්ම එනව මොන ලෝකෙන් හරි ඕන කරන හැමදේම ගෙනැල්ලා මගේ නංගිව බේරගන්න.. මම දැන්ම එනවා.. "


" මැඩම් කලබල වෙන්න එපා.. මම හැම්දේම බලාගන්නම්.. "


" හරි ෂාන්.. කෝ අම්මා අම්මට කිව්වද..."


" දිව්‍යා මැඩමුත් හොස්පිටල් එකට ඇවිල්ලා ඉන්නෙ මැඩම් ආපු වෙලේ ඉඳන් ICU එකේ දොර දිහා බලන් ඉන්නව.."


" ෂාන් ඩොක්ටර් ආවම අම්මට ඩොක්ටර් එක්ක කතා කරන්න දෙන්න එපා. ඔයා ගිහින් කතා කරන්න.. ක්9ච්චර සීරියස් වුනත් අම්මට දැනගන්න එපා.. ෂාන් දන්නවනේ අම්මගේ තත්ත්වෙත් අවුල් කියලා.. මම පුලුවන් තරන් ඉක්මනට එනවා..."


" හරි මැඩම්...මැඩම් බය නොවී ඉන්න.."


කෝල් එක කට් කරපු ආරු ඔලුව මේසේ ගහගත්තේ එකපාර මොනා කරන්නද කියලා හිතාගන්න බැරි හින්දා. කේශ් මේ දිහා බලන් ඉදලා අදත් ආරුට වතුර බෝතලයක් දුන්නා. කේශ් දිහා බලලා ආරු වතුර බෝතලේ අරන් එක හුස්මට වතුර බෝතලෙන් භාගයක්ම ඉවර කරා. ආරුගේ ඇස්වල කඳුලු පිරිලා.


" සාක්ෂි මොකක්ද ප්‍රශ්නේ.. නංගිට මොකද වෙලා තියෙන්නේ..."


" නංගි හොස්පිටල් කේශ්.. මට යන්න ඕන.. "


" හරි හරි සාක්ෂි.. ඔයා යන්න මේ වැඩ ටික මම බලාගන්නම් බය වෙන්න එපා.. ඒත් ඊට කලින් ඔයා සන්සුන් වෙලා ඉන්න.. හදිස්සියෙන් කිසිම වැඩක් කරන්න බෑනෙ..."


ආරු ඉක්මනට කෝල් එකක් ගත්තේ සංජනාට.


" හෙලෝ සංජු.. මේ දැන්ම කාර් එකක් එවන්න මට කුරුණෑගල යන්න.. "


" කුරුණෑගල.. මේ හදිස්සියේ..."


" චූටි නංගිව හොස්පිටල් ඇඩ්මිට් කරලා බන්..."


" ඒ මොනා වෙලාද.. අමාරුද නංගිට..."


" මං පස්සෙ විස්තර කියන්නම් බන්.. මට ඉක්මනට කාර් එකක් එවපන්.. ආ.. තව එකක්.. පුලුවන් නම් නිරූව..."


" හරි බන් මම නිරූව බලාගන්නම්.. උබ පරිස්සමට යමන් මම දැන්ම කාර් එකක් එවන්නම්.. උබ ගිහින් කෝල් එකක් ගනින් මතක් කරල.."



විනාඩි දහයක් යන්නත් කලින් කාර් එකක් ආවා. ඒකෙන් ඉක්මනට ආරු කුරුණෑගල යන්න පිටත් වුනා. මේ වෙනකොට හවස හයටත් ළං වෙලා තිබ්බේ. ආයුශ් වෙනදා වගේම ආරුව ගන්න ආවා. ඒත් හය පහු වුනත් ආරු නැති තැන ආයුශ් ආරුට කෝල් එකක් ගත්තා.


" හෙලෝ මැණික.. අද වැඩ වැඩීද..."

ආයුශ්ගේ කටහඬ ඇහෙනවත් එක්ක ආරු මෙච්චර වෙලා ඇස්වල හිරකරන් හිටිය කඳුලු කැට බිම වැටුනේ ඉකි ගගහා ඇඩෙද්දි.


" අයියේ..." ආරුට වචන එන්නෙ නෑ ඇඬෙනවා.


ආයුශ් කලබල වුනේ ආරු අඬනවා ඇහිලා.


" ආරු.. ඇයි මැනික... මොකක්ද වුනේ..." ආයුශ් කාර් එකෙන් බැහැලා ආරුගේ ඔෆිස් එක ඇතුළට යන ගමන් ඇහුවා. ආයුශ් හිතුවේ ආරු තාම ඔෆිස් එකේ කියලා.


" අයියේ.. චූටි..." එකපාර ඉස්සරහින් ආව කෙනෙක්ගේ ඇඟේ හැප්පුන හින්දා ආයුශ්ගේ අතින් ෆෝන් එක වැටුනා


" මොන රෙද්දක් කරනවද.." කියලා ආයුශ් ඉක්මනට ෆෝන් එක ඇහිඳගත්තා.


" ආ.. සොරි මිස්ටර්..." බලනකොට හැප්පිලා තියෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි කේශ්.


" තමුසේ.. කෝ ආරු..." ආයුශ් තරහෙන් කේශ්ගේ කොලර් එකෙන් අල්ලගෙන ඇහුවා.


" මිස්ටර් මේ ඔයාට මොනාද වෙලා තියෙන්නේ.. සාක්ෂි කුරුණෑගල ගියා.. එයාගේ නංගී හොස්පිටල් ඇඩ්මිට් කරලා..." කේශ් තරහෙන් ආයුශ්ගේ අත් දෙක ගසලා දාන ගමන් කිව්වා.


" අයියේ..." ෆෝන් එකෙන් ආරුගේ කටහඬ ආයෙනත් ඇහෙද්දි තමා ආයුශ්ට තේරුනේ ඇයි මේ ආරු අඬන්නෙ කියලා.


ආයුශ් ආයෙමත් කාර් එකට යනගමන් ආරු එක්ක කතා කරා.


" මැණික.. බය වෙන්නෙපා නංගිට මුකුත් වෙන්නෙ නෑ.. දැන් කොහෙද ඉන්නේ..."


" තාම.. තාම.. මඟ.. අයියේ..."


" කෝ අඬන්නෙපා මැණික.... මාත් එන්නම් දැන්ම..."


" එපා එපා අයියේ.. මට පුලුවන්.. අයියා වැඩත් පාඩු කරන් එන්නෙපා.."


" ආරු මට ඔයාගේ වැඩ්වලට එන්න මේ ලෝකේ තියන ඕන වැඩක් දාලා එන්න පුලුවන්... මම එන්නම්..."


" එපා අයියේ.. පුලුවන් නම් නිරූව බලන්න.. මම ගෙදර යන්නෙවත් නැතුව ආවෙ..."



ආරු හොස්පිටල් එකට එද්දි සෙතූව රූම් එකකට දලා.


" ෂාන් ඩොක්ටර් මොකද කිව්වෙ..." රූම් එක ඉස්සාහට වෙලා එහෙ මෙහෙ කලබලෙන් ඇවිදින ෂාන්ගෙන් ආරු ඇහුවා.


" දැන් අවුලක් නෑ මැඩම්.. හෙට උදේ වෙන්න කලින් සිහිය එයි කිව්වා.. ෆිට් එක හැදුන හින්දා තමා ටිකක් අමාරු වෙලා තියෙන්නේ."


ෂාන් එහෙම කිව්වම තමා ආරුට සැනසීමක් දැනුනේ. ආරු රූම් එකේ දොර ඇරගෙන ඇතුළට යද්දි දැක්කෙ දිව්‍යා සෙතූගේ ඇඟට හොට් වොටර් බෑග් එහෙම තියනවා.


" අම්මේ..."


" ආරු ඔයත් මේ ඉක්මනට ආවද.. දැන් නම් අවුලක් නෑ.. තාම සීතල තමා තියෙන්නේ ඩොක්ටර් කිව්වා මේ ටික තියන්න කියලා. බෙහෙත් දීලා තියෙන්නෙ කොහොමත් ඉක්මනට සිහිය එයි..."


ආරු මුකුත් කියන්නෙ නැතුව ගිහින් සෙතූගේ අතකින් අල්ලගත්‍තා. ඒ අතෙන් දැනුන සීතලට ආරුගේ හිතේ තරහක් ඇතිවුනේ මේ දේ කරපු කෙනා ගැන හිතිලා. ආරු ඉක්මනට එළියට ගියේ ෂාන්ව හම්බෙන්න.


" ෂාන් මොකාද මේ බලු වැඩේ කරලා තියෙන්නේම්.."


" ඒක තමා මැඩම්... මම කොල්ලො ටිකක් යැව්වා සීසීටීවී චෙක් කරන්න කියලා.."


" ෂාන් ඔයා මෙතන ඉන්න.. දැන් නංගිට අවුල්ක් නෑනේ.. ඔයා නංගිවයි අම්මවයි බලාගන්න.. මම ගිහින් මේක කරපු එකාව මරලා එන්නම්..." කිව්ව ආරු ඊළඟට ගියේ කම්පැනි එකට. ඒ යද්දිත් කොල්ලො සීසීටීවී චෙක් කරනවා.


" මොනා හරි හම්බුනාද..."


" තාම බලනවා මැඩම්.."


" ඉක්මන් කරනවා.. කෝ වැඩට හිටපූන් ඔක්කොම ගියාද.."

ආරුගේ තරහා හොඳටම වැඩි වෙලා තිබ්බෙ.


" ඔව් මැඩම්.."


ආරු කොල්ලොන්ට ඒ වැඩේ කරන්න කියලා ගියේ ස්ටොර් රූම් එක බලන්න. ඒ වෙද්දිත් ෂාන් දොරකඩපු විදිහටම තාම තියනවා. ආරු ස්ටෝර් රූම් එක ඇතුළට ගියා. ගිහිනාරු ඉස්සෙල්ලම බැලුවේ හීට් එක. මොකද සෙට්ගූව එක්කන් ගියත් හරි තාම කවුරුත් ම මෙතනට ආවෙ නෑ. හීට් එක 10 °C වෙනකන් අඩු කරලා.


ආරු ඊළඟට හොයාගෙන ගියේ සෙතූ කොහෙ ඉන්න ඇද්ද කියලා හිතන ගමන්. ආරුට වැඩි වෙලාවක් යන්න ඉස්සර වෙලා එතනත් හම්බුනා. ෂාන් සෙතූගේ අත් කකුල්වල තිබ්බ ලණු වගේ කටේ තිබ්බ ප්ලාස්ටර් එකත් ගලවලා දාලා තිබ්බ හින්දා ආරු ලේසියෙන්ම ඒ තැන හොයාගය්හ්තා. ආරු තරහෙන් ඒ ලණු අරන් විසි කරේ මේ දේ කරපු උන්ට හොඳ දඬුවමක් දෙනවා කියන එක හිතේ තියන්


ඒත් එක්කම ආරුට කෝල් එකක් ආවා.


" මැඩම්.. හොයාගත්තා..."



________________________________________


හරි ඔන්න අද ඔයාලට චාන්ස් එක.. කියන්න බලන්න සුපිරි දඬුවමක්... හොඳම එක මම තෝරගන්නවා...


එහෙනම් පටන් ගන්න..


Reaction දාන්න.. comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤


Report Page