The Bitter Sweet Harmony ❤️‍🔥

The Bitter Sweet Harmony ❤️‍🔥

Pari🖤
Bound by pain, United by love .....


Previous Episode .....❤️‍🔥


https://telegra.ph/The-Bitter-Sweet-Harmony-03-26



20th Episode....❤️‍🔥



ආයෙමත් බියර් ටින් එකක් කඩලා කටේ තියාග්න්න ගමන් ආයුග් කල්පනා කරේ එයා ඇත්තටම ආරුට ආදරේද කියලා.


ඇත්තටම කිව්වොත් ආරුව දැක්ක පළවෙනි දවසෙම ආයුග්ගේ හිතේ ආරු ගැන හැඟීමක් ඇතිවුන. ඒ හැඟීම දරාගන්න බැරුව තමා එදා ආයුග් ආරුව කිස් කරේ. තමන්ට මොනා වුනත් කමක් නෑ ආරුව බේරගන්න ඕනේ කියන තැන තමා ආයුග් හිටියේ. ඒත් ආරු කියන්නේ දිව්‍යාගේ දුව කියලා දැනගත්තම ආයුග්ට ලොකු තරහක් දැනුනා. ආරුව අරන් ඇවිල්ලා ආරුට වද දෙන හැම වෙලේම අඅයුග්ගේ හිත ඇතුළේ ආරු වෙනුවෙන් තරහක් වගේම වේදනාවකුත් ඇතිවුනා. අද අඅරු ආයුග්ව දාලා ගිය වෙලේ ආයුග්ට දැනුනේ එයාගේ මුලු ලෝකෙම  විනාශ වුන වගේ. එදා බීච් ගිය දවසේ ආයුග්ට දැනුනේ එයාගේ වයිෆුයි දරුවයි එක්ක බීච් ආවා වගේ.


" මම එයාට ආදරෙයි තමයි බන්...."



දවසක් දෙකක් ගෙවිලා ගියේ ආයෙමත් ආරුට ආයුග්ව මුණ ගැහෙන්නෙ නැතිවෙද්දි. ඒත් අඅරු නොදන්නවා වුනාට පහුගිය දවස් ටිකේම ආයුග් හිටියේ ආරුගේ පස්සෙන්ම තමා.


එදා විශේෂ දවසක්. ආරු පළවෙනියටම වැඩට යන දවස. ආරු පොලිසියේ ෆොරෙන්සික් ඩිපාර්ට්පන්ට් එකේ වැඩට යනවා.


ආරු උදෙන්ම නැගිටලා නිරූටත් කෑම හදලා ලෑස්ති වෙවී ඉද්දි ඇහුනේ  ඩොර් බෙල් එක වදින සද්දෙ. ඇනී අම්මා දොර අරිනවා ඇහුන හින්දා ආරු ලෑස්ති වුනා ඉක්මනට.


" කවුද ආවේ ඇනී අම්මා.."


" ස්ස්... " එකපාර කොණ්ඩේ බැද බැද හිටිය ආරුට පිටිපස්සෙන් ඇහුන සද්දෙන් ගැස්සිලා ගියා.


ඉක්මනට පිටිපස්ස හැරිලා බලනකොට දැක්කෙ රූම් එකෙ දොර ළඟ ඩාක් රෙඩ් රෝස් පොකුරකින් මූණ වහගෙන කෙනෙක් ඉන්නවා.


" අයියේ...." ආරු දන්නවා ඉතින් මේ ඉන්නේ ආයුශ් කියලා.


" ඔන්න මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට පළවෙනියටම වැඩට යන එකට මගෙන් තෑග්ගක්..." කියල ආයුශ් ආරුගේ අතට මල් පොකුරත් එක්ක ජුවලරි බොක්ස් එකක් දුන්නා.


" මේ මොකක්ද අයියේ..." ආරු එහාට මෙහාට කරලා බලමින් ඇහුවා.


" ඕපන් කරලම බලන්න..." ආයුශ් ආරු ළඟට ඇවිල්ලා ඉණ වටේ අත දාලා උරහිසින් ඔලුව තියාගෙන කිව්වා.


ඒකේ තිබ්බේ ලස්සනම ලස්සන මාලයක්...


" වාව් ඒක ලස්සනයි අයියේ...."


" කෝ දෙන්නකෝ..." ආයුශ්ම ආරුගේ බෙල්ලට මාලේ දැම්මා.


" පර්ෆෙක්ට්...." ආයුශ්.


" අයියේ... "


" ම්ම්..." ආයුශ් බලන් හිටියේ කණ්ණාඩියෙන් පේන ඒ දෙන්නාගේ රූපේ දිහා.


" නැන්දා අපි දෙන්නාගේ සම්බන්ධයට කැමති නෑ නේද..." ආරු.


" ආරු..  දැන් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා මැණික... රිලැක්ස්.. මම ඒක බලාගන්නම්...."


" ඒත් අයියේ කවදාහරි දවසක ඔයාට නැන්දාද මංද කියන තීරණේ ගන්න වුනොත් ඔයා කාවද තෝරගන්නේ..."


ආරුගේ ඒ ප්‍රශ්නෙන් ආයුශ් ගොලු වුනා.  ආයුශ් ආරුව එයාගේ පැත්තට හරෝගෙන ආරුගේ මූණ අත් දෙක අතරට අරගෙන,


" එහෙම දෙයක් වෙන්නෙ නෑ මැණික බය වෙන්නෙපා...හරි දැන් ඕවා අමතක කරලා දාලා දැන් වැඩට යන්න..."


" අප්පා.. තව ටිකෙන් පරක්කු වෙනවා.. ඒක නෙවෙයි අයියේ.. ඔයා ඔහොම නිවාඩු ගන්න ගිහින් ඔයාට ජොබ් එක නැතිවෙයි ඈ.. "


" ම්හ්... නෑ එහෙම වෙන්නේ නෑ... දැන් ඉතින් මම හැම්දාම එනවා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව බලන්න..."


"ආ... "


" මම ට්‍රාන්සර් එකක් ගත්තා.... දැන් ඉතින් මාත් කොළඹ..."


" වාව්.. මරුනේ එහෙනම්.... එතකොට කොහෙද ඉන්නේ..."


" මෙහේ ඔයා එක්ක අවුලක් නෑනේ..."


" ඇත්තටමද... ඒත් අයියේ නැන්දා දැනගත්තොත් ඔයාට ජොබ් ර්කත් දමලා ගහලා ගෙදර යන්න වෙයි...."


" ඒ... පිස්සු කෙල්ල... මම අපාර්ට්මන්ට් එකක් ගත්තා... මම තමා ඔයාගේ අලුත් neighbor...."


" ඒකනේ මම බැලුවේ...."


" අම්මී..." නිරූ ඇනී අම්මත් එක්ක රූම් එක ළඟට ආවා.


" මගේ චූටි බබා දැන්ම නැගිට්ටද.. මැණික.. කෝ එන්න බලන්න අම්මි ළඟට..." ආරු නිරූව වඩාගත්තා.


" අම්මී... අපි බීත් යන් ආයේ....මාමි ඔයා ආයේ එක්ක යනෝ නේත..." ආරුට තේරුනා නිරූට ආයුග්වයි ආයුශ්වයි පැටලිලා කියලා.


" මම කවද්ද නිරූ බබාව බීත් එක්කන් ගියේ බබෝ...."


" අයියෝ... නිරූ... බීත් යමු අපි මාමා එක්ක.. දැන් මාමාත් වැඩට යන්න ඕන අම්මිත් වැඩට යන්න ඕනා.. අපි ගිහින් ඇවිල්ලා යන් හරී.. අම්මි වැඩට ගිහින් එනකන් මගේ මැණික.. ඇනී අම්මා එක්ක කරදර නොකර ඉන්න ඕන..."


" හලි අම්මී...."



ආයුශ් ආරුව ඔෆිස් එකට එක්කන් ආවා. ඒ එන අතරමඟදී ආරු දැක්කේ තේ කඩයක් ළඟ ඉන්න ආයුග්, සරස්, ටික්කා තුන්දෙනා. ආරුගේ ඇස් දෙක ආයුග්ගේ ඇස් දෙක එක්ක ගැටුනේ එකපාරමයි.


" ආරු කීයටද ඕෆ් වෙන්නේ මම එන්නම් එක්ක යන්න..." ආයුශ්ගේ කටහඬින් තමා ආරු ආයුග්ගේ ඇස් දෙකෙන් මිදුනේ.


" ඕන්නෑ අයියේ.. මම ඩ්‍රයිවර්ට එන්න කියන්නම්..."


" මට අපාර්ට්මන්ට් එකට බඩු ටිකක් ගන්නත් ඕනේ..."


"හරි මම ඕෆ් වෙන්න ළං වෙලා කෝල් එකක් දෙන්නම්කෝ...."


ආයුශ් ඔෆිස් එක ළඟින් කාර් එක නතර කරා. ආරු ආයුශ්ටත් බායි කියලා කාර් එකෙන් බැහැලා යන්න හැදුවෙ.


" ආරු.. මොනාහරි අමතක වුනාද..."


ආරු කාර් එකේ වටපිටත් බලලා ඇඳුම දිහත් බැලුවේ මොනාහරි අඩුද කියලා.


" ආරු..." ආරු එකපාර ආයුශ් දිහා බැලුවම ආයුශ් ආරුව ළඟට ඇදලා අරන් තොල්වලට කිස් එකක් දුන්නා.


" ම්ම්ම්.. දැන් හරි... දැන් ගිහින් හොඳට වැඩ කරන්න... " කියලා ආරුගේ නළලටත් කිස් එකක් දීලා ගියා.


ආරු ඔෆිස් එක ඇතුළට ගියේ ටිකක් චකිතයකින්.


" මිස්... ඔයා අලුතින් ෆොරෙන්සික් එකට ආව මිස් සාක්ෂි වෙන්නැති..." අවුරුදු 30ක විතර පිරිමි කෙනෙක් පොලිස් කිට් එකෙන් ඇවිල්ලා ඇහුවා..


" අර්... ඔව්.. මම තමා..."


" මිස් ඔයාට අපේ චීෆ් එන්න කිව්වා...එන්න මාත් එක්ක යන්..." කියලා ඒ කෙනා ඉස්සර වුනා. ආරුත් ඒ පස්සෙන් ගිහින් අන්තිමට රූම් එකක් ළඟ නතරවුනා.


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති... රූම් එකේ දොරේ ගහලා තිබ්බ බෝඩ් එකත් කියවන ගමන් ආරු ඇතුළට ගියේ ආරු එක්ක ආපු කෙනා දොර අහද්දි.


" එක්ස්කියුස් මී සර්..." ආරු කතා කරන ගමන් ආවා.


" ආ එන්න මිස් සාක්ෂි... ඉඳගන්න..."


ආරු පුටුවකින් ඉඳගත්තේ සර් කෝල් එකක හිටිය හින්දා.


" කොල්ලො තව ටික කාලයයි තියෙන්නේ වැඩේ ඉවර කරෙ නැත්තන් වෙන දේ මම කිව්වනේ... උබ මේ දවස් ටිකේ වැඩෙ කරන්නෙ නෑ කියලා මට ආරංචියි.. හැබැයි උබ තවත් ඔහොම පිස්සු නට නට හිටියොත් මම දැන්මම දුෂ්කර දානවා.. "


-----------


" හා.. එහෙනම් මතක තියාගෙන වැඩ ටික කරන්න ඕන.. මම ඔයාලාගේ ටීම් එකට අලුතෙන් දෙන්නෙක් දානවා.. ෆොරෙන්සික් එකට අලුතින් ආපු ලීඩර් කෙනෙක්.. එයාත් ඔය මිෂන් එකට සම්බන්ධයි.."


ඒ කතාවෙන් ආරුට තේරුනා මේ කියන්නේ එයා ගැන වගේ කියලා. ඒත් ඉතින් මොන මිෂන් එකක් ගැන ද කියන්නෙ කියලා තේරුනේ නෑ.


" තව කොල්ලෙක්ව මං දාලා තියෙන්නේ ඒ දෙන්නා මේ පැත්තේ වැඩ බලාගනී.. හැබැයි උබ පිස්සු කෙලින්න බෑ තේරුනානේ....හරි එහෙනම්... " කියලා කෝල් එක කට් කරපු සර් ආරු දිහාට හැරුනා.


" ඉතින් මිස් සාක්ෂි කොහොමද... වැඩ කරන පළවෙනි දවස නේ අද..."


" ඔව් සර්... සර් මට එන්න කිව්වෙ..."


" මිස් සාක්ෂි... මම ඔයාට එන්න කිව්වෙ ඔයාට තියනව ලොකූ වැඩක්.. ඇත්තටම කිව්වොත් අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකෙම අනාගතේ තියෙන්නෙ ඔයා කරන දේ මත..."


ආරුට එකපාර බයක් දැනුනේ මොන මඟුලක් කඩාපාත් වෙන්න යනවද කියලා හිතාගන්න බැරුව.


" සර්..."


" සාක්ෂි.. ඔයා ලංකාවට එන්න කලින් රිසර්ච් එකක් කරා නේද ප්‍රොෆෙසර් වොට්සන් එක්ක.."


" ඔව් සර්.. අපි ඒ රිසර්ච් එකේ අවසාන ටික කරන් එද්දි තමා ප්‍රොෆෙසර් ඇක්සිඩන්ට් වුනේ... ඒකෙන් ප්‍රොෆෙසර් කෝමා එකට ගිය හින්දා අපි රිසර්ච් එක නතර කරා..."


" රායිට්... එතකොට සාක්ෂිට මතකද ඔයාලා එක්ක හිටිය එමා කාටර්..."


" ආ.. ඔව්.. එයා ප්‍රොෆෙසර් එක්ක ළඟින් ඉඳන් වැඩ කරපු කෙනෙක්.. ඒත් එයා එක දවසක් වැරදි විදිහට අපේ රිසර්ච් එකක තොරතුරු එළියට යවලා තිබ්බ හින්දා ප්‍රොෆෙසර් එයාව ටීම් එකෙන් අයින් කළා. ඒත් ඊට පස්සෙ එයාට මොනා වුනාද කියලා නම් කවුරුත් දන්නෙ නෑ..."


" අන්න එයා තමා දැන් ප්‍රශ්නේ... එයා රුසියාවත් එක්ක එකතු වෙලා රිසර්ච් එකක් කරනවා.. අන්න ඒකෙන් එයා වෛරස් එකක් හදන්න යන්නෙ.. ආරංචි විදිහට එයා ලංකාව තමා තෝරන් තියෙන්නෙ එයාගේ ලැබ් එක දාගන්න..."


" ඒත් සර් ලංකාවේ ලැබ්වල ෆැසිලිටීස් අඩුයිනේ..."


" ලංකාවේ ෆැසිලිටීස් අඩුවුනාට නීතිය තද නෑ.. ඒ හින්දා එයාට කිසිම බාධා ම්වක් නැතුව වැඩ කරගන්න පුලුවන්.. මම හිතන්නෙ ඒ නිසා තමා ලක්කාව තෝරගන්න ඇත්තේ..."


" ඉතින් සර් ඒ ගැන දැන දැනම ලංකාවට එන්න දෙන්නෙ..."


" සමහර දේවල් තියනවානේ සාක්ෂි නවත්තන්න අමාරු.. දැන් බලන්න බ්ලේඩ්.. අපේ කට්ටිය දැන් අවුරුදු ගාණක් තිස්සෙ බ්ලේඩ් කියන්නෙ කවුද කියලා හොයනවා ඒත් මේ වෙනකන් කිසිම කෙනෙක්ට හොයන්න බැරිවුනා. අපේ හොඳම ඔෆිසර්ස්ලා තමා ඒ මිෂන් එකට ඉන්නෙත්.. ඉතින් ඒ වගේ තමා මේකත්.. මේකේ තියන අනිත් දේ තමා එමා කාටර්ට ලංකාවේ මැරයෙක් උදව් කරනවා.. කොළඹ ඉන්න ප්‍රදානම අයගෙන් කෙනෙක්.. ආරංචි විදිහට ඒ බ්ලේඩ්.."


" බ්ලේඩ්... ඒත් සර් මෙහෙ ඉන්න එකම මැරයා බ්ලේඩ් විතරක් නෙවෙයිනේ.. සමහර විට ඒ වන්ෂොට් වෙන්නත් පුලුවන්නේ.."


" සාක්ෂි... අපේ ඔත්තුකාරයෝ ඉන්නවානේ එයාලාගෙන් ආපු තොරතුරු තමා මම කිව්වෙ .. අනික මම එමා කාටර් වුනා නම් මම තෝරගන්නෙත් බ්ලේඩ්ව.. මොකද මෙහෙ පොලිසියටත් වඩා බලය ගෙනියන්නේ බ්ලේඩ්.. ඔයාව මම ටීම් එක..."


" එක්ස්කියුස් මී සර්..." කියන ගමන් තවත් කෙනෙක් ඇතුළට ආවා. කට හඬ හුරුපුරුදු හින්දා ආරු හැරිලා බලනකොට දැක්කෙ ඇවිල්ලා ඉන්නේ කේශ් කියලා.


" සාක්ෂි ඔයා මෙහෙ..." කේශ් පුදුමෙන් ආරු දිහා බලමින් ඇහුවා.


" ආ ඔය දෙන්නා අඳුනනවද එහෙනම් වැඩේ තවත් ලේසියි... කේශ් ඇවිල්ල ඉඳගන්න.. ඔය දෙන්නට තමා වැඩේ ගෙනියන්න තියෙන්නේ..." කේශුත් ඇවිල්ලා ආරුගේ එහාපැත්තෙන් ඉඳගත්තා.


" හරි එහෙනම්.. මේ ෆයිල් එකේ ඩීටේල්ස් තියනවා.. මේ වෙනකන් මිෂන් එකේ කරපු දේවල් එහෙම සමහර තොරතුරු අපි අයින් කරලා තියනවා හේතුවක් මත.. මොකද මේක අන්ඩර්කවර් මිෂන් එකක්.. අපේ ඔෆිසර්ලා වැඩ කරන්නේ සීක්‍රට් ඔෆිසර්ස්ලා විදිහට.. ඔය දෙන්නට තියෙන්නේ මෙහෙ ඉඳලා වැඩ ටික මැනේජ් කරන්න.. ඒ වගේම සාක්ෂි ඔයාට තියන වැඩේ තමා එමා කාටර්ව නතර කරන එක.. එයා බැරිවෙලාවත් එයාගේ වැඩේ කරගත්තොත් ලෝකෙම අනතුරේ... කේශ් ඔයා උදව් කරන්න ඕනේ සාක්ෂිට එමාගේ ලැබ් එක හොයාගන්න අපේ අනිත් අයත් හොයයි.. "


" ඕකේ සර්..."


" ඕකේ සර්..."


" හරි එහෙනම් දැන් දෙන්නට යන්න පුලුවන්.. ඕල් ද බෙස්ට්.."


ආරුයි කේශුයි දෙන්නා එළියට ආවා. කේශ් නම් පුදුමෙන් හිටියත් ආරු නම් එහෙම නෑ. මොකද ආරු දැනන් හිටියා එයාට කේශ්ව හම්බෙනවා කියලා.


" සාක්ෂි.. මට නම් හිතාගන්නවත් බෑ අපි ආයේ හම්බුනා කියන එක..."


ආරු හිනාවකින් විතරක් පිළිතුරු දුන්නා. ඒත් එක්කම කේශ්ට කෝල් එකක් ආවා.


" ආ හරි දැන්මම එන්නම්.. ලොකේෂන් දාන්න..."



" සාක්ෂි.. මර්ඩර් එකක් වෙලා.. ඔයාටත් එන්න වෙනවා...."


" හරි යන්..."


ආරු කේශ්ගේ ජීප් එකේම නැඟලා ප්ලේස් එකට ගියා. ඒ වෙනකොටත් ෆොරෙන්සික් එකෙන් ටීම් එකක් ඇවිල්ලා. ආරුට ඒ අයව අඳුනගන්න වැඩිවෙලාවක් ගියේ නෑ. මොකද කලින් දවසේ ආරු විස්තර බලා ගත්ත එයාගේ ටීම් එකේ අය තමා හිටියේ.


" මැඩම් අපි වැඩ පටන් ගත්තා... මැඩම් එනවද මර්ඩර් එක බලන්න.." එතන හිටිය තාරුක ආරු ළඟට ඇවිල්ලා ඇහුවා.


" ආහ්.. ඔව් යමු..." කියලා ආරු මර්ඩර් එක වුන තැනට ආවා.


එතන තිබ්බේ ගෑනු ළමයෙක්ගේ මිනියක්. නිරුවතින් තිබ්බ සිරුර පුරාම කැපුම් පාරවල් තැලුම් පාරවල්. සමහර තැන්වල යකඩ කූරකින් පිච්චුන සලකුනු.


ග්ලවුස් දෙකක් දාගත්ත ආරු සූක්ෂම විදිහට මිනිය පරීක්ෂා කරා. වටපිටාවත් ටීම් එකේ අය එක්ක පරීක්ෂා කරලා සාක්ෂි හොයාගත්තා.


පැයකටත් වඩා කාලයක් තොරතුරු හෙව්ව ආරු අන්තිමට මිනිය ලැබ් එකට යැව්වෙ මරණ පරීක්ෂණය කරන්න. ඊටපස්සේ ආරු ඇවිල්ලා පැත්තක තිබ්බ ගස් කොටයක් උඩ ඉඳගත්තෙ ඔලුව නිදහස් කරගන්න. මොකද ආරුට තිබ්බන්ප්‍රශ්නයක් තමා රේප් කේස් බලන්න බැරි එක. ඒ හින්දා එයා ඉගෙනගන්න කාලේ සෑහෙන අපහසුතාවයකට පත්වෙලා තියනවා. ඒකට හේතුව වෙන මොකක්වත් නෙවෙයි අවුරුදු තුනකට කලින් වෙච්ච දේම තමා. ආරු ඔලුවත් තදින් අල්ලගෙන පැත්තකට වෙලා ඉඳන් ඉන්න දිහා ටික වෙලාවක් බලන් හිටිය කේශ් ව්අතුර බෝතලේකුත් අරන් ආරු ළඟට ආවා.


" සාක්ෂි... ආ වතුර ටිකක් බීලා ඉන්න..." කේශ් වතුර බෝතලේ මූඩිය ඇරලා ආරුට දෙන ගමන් ආරු ළඟින් ඉඳගත්තා.


ආරු වතුර බෝතලේ අරන් හිමීට උගුරක් දෙකක් බිව්වෙ මිනිය ඇම්බියුලන්ස් එකට දාන දිහා බලන්.


" සාක්ෂි.. ඔයාට මොකක් හරි අවුලක්ද. ඔයා මොකක් හරි අමාරුවකින් ඉන්නවා වගේ..."


" නෑ කේශ් අවුලක් නෑ.. මගේ ඔලුව ටිකක් රිදෙනවා.. " ආරු කියද්දිම ආරුගේ අතට වැටුනේ උණු ලේ බිංඳවක්.


" සාක්ෂි ඔයාගේ බහයෙන් ලේ එනවා..." කේශ් කලබලෙන් එයාගේ සාක්කුවේ තිබ්බ ලේන්සුවක් ගන්න ගමන් කිව්වා.


" ඕ ෂිට්...."


කේශ් ආරුව එයාගේ පැත්තට හරවගෙන හිමීට ඒ එන ලේ පිහ දැම්මා. ඒත් ලේ එන එකනම් නතර වුනේ නෑ.


" සාක්ෂි.. යන් හොස්පිටල්..." කියන ගමන් ආරුගේ අතින් අල්ලගත්ත කේශ් නැඟිටින්න හැදුවත් ආරු හිමින් සැරේ අත ආයෙමත් ගත්තා.


" ඕන්නෑ කේශ්.. මේක සාමාන්‍ය දෙයක්... මට පුලුවන් නම් උදව්වක් කරන්න..."


" මොකක්ද..."


" මගේ බෑග් එක ඔයාගේ ජීප් එකේ ඒක ගෙනත් දෙන්න..."


ඒ සැනින් කේශ් ඉක්මනට දුවලා ගිහින් බෑග් එක අරන් ආවේ එතන හිටිය අනිත් අය පුදුමෙන් බලන් ඉද්දි. ආරු බෑග් එකෙන් බෙහෙත් ටික අරන් බිව්වා.


" සාක්ෂි.. මොකක්ද ඔයාට තියන අසනීපේ.. ඇයි මෙහෙම..."


" මට ඩිප්‍රෙෂන් කේශ් ඒකයි ලේ ආවේ.. බය වෙන්න දෙයක් නෑ..."


" ඩිප්‍රෙෂන්... ඒත් සාක්ෂි..."


" කේශ් ඔයාලා හිතනවා වගේ මගේ ජීවිතේ ලස්සන එකක් නෙවෙයි... අර්.. දැන් ඒවා වැඩක් නෑ.. අර කේස් එක ගැන සමරි එකක් මමඇනට දෙන්නම්.. හවස් වෙද්දි මම ඔයාට සම්පූර්ණ විස්තර ටික දෙන්නම්..."


" හරි කියන්නකෝ..."


" මේ ගෑනු ළමයා මම හිතන්නේ අවුරුදු 22ත් 27ත් අතර කෙනෙක් වෙන්න ඕන.. ඇගේ තියන තුවාලත් එක්ක බලනකොට මෙයාව දවස් හතරක් විතර තියාගෙන රේප් කරලා තියනවා. එයාගේ ඇඟේ සියුම් පිහියක් වගේ දෙයකින් කරපු කැපුම් පාරවල් තියනවා ඒවා ලේ යන්න කපපුවා නෙවෙයි වේදනාවක් දෙන්න කපපුවා.. එතකොට මෙයාගේ රහස් ප්‍රදේශයට තුවාල කරලා තියනවා තවත් ආයුධයකින්...ඔලුවේ කෙස් උගුල්ලලා තියනවා.. තව පොල්ලක් වගේ දෙයකින් මෙයාට ගහලා තියනවා ඇඟ පුරාම ඒ හින්දා තැලුම් පාරවල් තියනවා.. හැබැයි මෙයා මැරිලා තියෙන්නේ බෙල්ල කපලා හින්දා.. එක කැපුම් පාරකින් මරලා තියෙන්නේ ඒ ස්ටයිල් එක අනුව ඒ බ්ලේඩ්ගේ ටීම් එකේ කෙනෙක් වෙන්න ඕන..."


" බ්ලේඩ්ම වෙන්නැති.. මේ ගෑනු ළමයා රිපෝටර් කෙනෙක්.. මෙයා ඌ ගැන ලියලා තියන ඒවට තරහේ වෙන්නැති..."


" නෑ ඒ බ්ලේඩ් නෙවෙයි.... බ්ලේඩ්ගේ ටීම් එකේ කෙනෙක්..."


" කොහොමද හරියටම කියන්නේ සාක්ෂි.."


" කේශ්... ඔයාලා නොදන්නවා වුනාට මම මෙහෙ ඉන්න ප්‍රදානම මැරයෝ දෙන්නම එක්ක ගනුදෙනු කරපු කෙනෙක්...." කිව්ව ආරු නැගිටලා එයාගේ ටීම් එක ආව වාහනේ ළඟට ගියා.



හවස් වෙද්දි මිනිය පරීක්ෂා රිපෝර්ට් එකක් හදපු ආරු කේශ්ට ඒක දුන්නා.


" තැන්ක් යූ සාක්ෂි...."


" ඒක මගේ ඩියුටි එක කේශ්... එහෙනම් මම යනවා..."


" අර්... සාක්ෂි චුට්ටක් ඉන්න.. මම ඔයාව ඇරලවන්නම්.."


" ආ.. කමක් නෑ කේශ්.. මගේ බෝයිෆ්‍රෙන්ඩ් දැනටමත් ඇවිල්ලා මම එනකන් බලන් ඉන්නවා.." කියන ගමන් අඅරු පෙන්නුවේ කාර් එකෙට හේත්තු වෙලා නිරූවත් තියන් බලන් ඉන්න ආයුශ්ව.


" ඒ වන්ෂොට් නේද..."


" නෑ කේශ්.. ඒ ඉන්නෙ ආයුශ්... වන්ෂොට්ගේ ට්වින්... එහෙනම් මම ගිහින් එන්නම්..." කිව්ව ආරු කේශ්ට සමුදීලා ගියේ ආයුශ් ළඟට්.


" ඒ ඔයාගේ ෆස්ට් ලව් එක නේද..." ආයුශ් කේශ් දිහා රවලා බලන ගමන් ඇහුවා.


" අම්මොක් මෙන්න එක්කෙනෙක්ට ජෙලස් හිතිලා..." ආරු කේශ්ගේ කම්මුලක් මිරිකමින් කිව්වා.


" ඌ මොකද මෙහෙ කරන්නේ..." ආයුශ් තරහෙන් ඇහුවා.


" අයියෝ අයියේ කේශ් වැඩ කරන්නෙත් මෙහෙනේ..."


" ඌ හිටියට කමක් නෑ වැඩියේ ළං වෙන්නෙපා හරි..."


" අප්පෝ මෙයාගේ ජෙලස්... බය වෙන්නෙපා අයියේ මම කේශ්ව අමතක කරලා ඉන්නේ... දැන් එයා මගෙ යාලුවෙක් විතරයි..."


" ඔයා එහෙම හිතුවට උගේ හිතේ මොනා තියනවද දන්නෙ නෑනේ..."


" අයියෝ අයියේ..." ආරුට මුකුත් කියන්න හම්බුනේ නැත්තේ ආයුශ් එකපාර තොල්වලට බරවුනු හින්දා. ආයුශ් ඈත් ව්එනකන් ඉඳලා ආරු ලැජ්ජාවෙන් වටපිට බැලුවේ කවුරු හරි දැක්කද දන්නෑ කියල කියලා. ආරු නොදැක්කා වුනාට ඒ දේ කේශ් දැක්කා. කේශ්ට පෙන්නම තමා ආරුගේ අයිතිය පෙන්නන්න ආයුශ් එහෙම කරේ.


" අයියේ ඔයා නම්.. ඒක නෙවෙයි නිරූ බබා මොකෝ මෙහෙ කරන්නේ..."


" අපි බීත් යනෝ නේද මාමි.."


" ඒකනේ මැණික.. බලන්න අනේ මේ ෆස්ට් ලව් එකක් ඇවිල්ලා අපේ මූඩ් එකත් කෑවනේ.. ආරු නඟින්න කාර් එකට අපි යන් බීච්..."



තුන්දෙනාම බීච් එකට ඇවිල්ලා සතුටින් එහෙ මෙහේ නැටුවා. ආරු නම් රැලි පාගන්න ගියෙ නෑ ආරු කරේ පැත්තකට වෙලා බලන් හිටිය එක. ආයුශ් ආරුට කතා කරෙත් නැත්තේ ආරු බීච් එන්න අකමැති හින්දා. ඒත් ඉතින් ආයුශ් නොදන්න දෙ තමා දැන් ආරු කැමතිම තැන්වලින් එකක් තමා බීච් එක කියන්නෙ කියන එක.


ආරුට ආයුශ් නිරූ දෙන්නා දිහා බලන් ඉන්නකොට මතක් වුනේ එදා ආයුග් එක්ක බීච් ආව එක. ආයුග් බලෙන්ම රැලි පාගන්න එක්ක ගිය එක.


" ෂිට්.. මේ මොන හෝහපුටුවා මොන මඟුලකට මගේ ඔලුවට ආවද මන්දා..." කියන ගමන් ආරු ඔලුවට එකක් ගහගත්තේ තරහින්මයි.


නිරූ එක්ක සෙල්ලම් කරලා ආයුශ් ටික වෙලාවකින් ආරු ළඟට ආවේ නිරූට අලුත් යාලුවෝ ටිකක් හම්බෙලා සෙල්ලම් කරන්න ගත්ත හින්දා.


" මොනාද මැණික කල්පන කරන්නේ..." ආරුගේ ඔඩොක්කෙවෙන් ඔලුව තියාගන්න ගමන් ආයුශ් ඇහුවා.


" මුකුත් නෑ අයියේ..." ආරු ආයුශ්ගේ ඔලුව පුරා ඇඟිලි යවන ගමන් කිව්වා.


" අම්මා මාර සනීපයි ඈ.. බැරිවෙයිද හැම්දාම මෙහෙම මසාජ් එකක් දාගන්න... " ආයුශ් ඇස් දෙක වහගනිමින් කිව්වා.


" හරි ආසයිනේ..."


" ම්ම්... ආරු අපි දෙන්නා බදිමු...." ආයුශ් එකපාර කිව්වම ආරුට මො

න වගේ දෙයක් කියන්නද කියලා හිතාගන්න බැරිවුන. ආරු මොනා කියන්නද කියලා හිතන අතරේ ආයුශ්ට කෝල් එකක ආවේ දන්නැති නම්බර් එකකින්. ආයුශ් ආරුගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙනම කොල් එක ආන්ස්වර් කරා.


" හෙලෝ...."


" හෙලෝ... ආයු... මේ මම.. මන්දි.." ඒ නම ඇහෙනවත් එක්කම ආයුශ් ඉද්ද ගැහුවා වගේ ආරුගේ ඔඩොක්කුවෙන් නැගිට්ටා.



_______________________________________


මරාලයක්ද.... නෑ නා බය වෙන්නෙපා... ආවේ පරාලයක්😁

දැන් නම් කතාව ඉවර කරන්නත් කාලේ ඇවිල්ලා ළමයි...

reaction දාන්න ..comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page