The Bitter Sweet Harmony ❤️‍🔥

The Bitter Sweet Harmony ❤️‍🔥

Pari🖤
Bound by pain, United by love.....



Previous Episode .....❤️‍🔥


https://telegra.ph/The-Bitter-Sweet-Harmony-03-24



19th Episode .....❤️‍🔥


" මැඩම් වාහන වගයක් අපිව ෆලෝ කරනවා... "

දිල්ෂාන් එහෙම කිව්වත් ආරුට වැඩි බයක් දැනුනේ නැත්තේ බොඩිගාඩ්ලා දහයක් විතර එයා එක්ක හිටිය හින්දා. ඒත් එකඔආර කාර් එක නතර වුනේ ඉස්සරහින් ගිය ආරුගේ බොඩිගාඩ්ලාගේ වාහනේක ටයර්වලට වෙඩි වැදුන හින්දා. ඒත් එක්කම පිටිපස්සෙන් ආව වාහනේටත් ඒකම වුනා. බොඩිගාඩ්ලා වාහනවලින් බැහැලා ඇවිල්ලා ඉක්මනට ආරුගේ වාහනේ වට කරගත්තේ කාටවත් ළං වෙන්න බැරි වෙන්න.. ඒත් ඒ අයවත් ඇවිල්ලා වට කරේ කළුපාට ඩිෆෙන්ඩර් පහක්...


වාහනවලින් විසිපහක් විතර බැස්සේ ඩිෆෙන්ඩර් පහ ආරුගේ වාහනේ වටේට කැරකෙද්දි. ඒ ආව අය ආරුගේ බොඩිගාඩ්ලාව විනාඩි පහක් යන්නත් කලින් බිම දැම්මා. ආරු බයෙන් බලාගෙන හිටියේ හොඳට අවුරුදු ගාණක් තිස්සේ ට්‍රේනින් වෙච්ච බොඩිගාඩ්ලා ඒ අය විනාඩි ගාණෙන් බිම දැම්ම හින්දා. දිල්ෂානුත් ආරුව පරිස්සම් කරගන්න කොච්චර උත්සාහ කරත් දිල්ෂාන්ට වුනෙත් අනිත් ගාඩ්ලාට වුන දේම තමා. ඊටපස්සේ පස්සේ එක්කෙනෙක් ආරුගේ ලැත්තේ දොර ඇරලා ආරුගේ නහයට ලේන්සුවක් ඇල්ලුවේ ආරුට සිහිය නැතිවෙන්න




ආරුට ආයේ සිහිය එද්දි හිටියේ ඇදක් උඩ...


ඇඳේ ඉඳගත්තු ආරුට එයා ඉන්න තැන අඳුනගන්න වැඩිවෙලාවක් ගියේ නෑ...


ඔව් ඒ පරණ තැනමයි...


ඒ ආරු දැනට අවුරුදු තුනකට කලින් දවස් දෙකක් තිස්සේ හිර වෙලා හිටිය තැන...


ආරුට ආයෙමත් පරණ මතකයන් ඔලුවට එද්දි ඇඳෙන් බැස්ස් අආරු කාමරේ අඳුරු මුල්ලකට ගිහින් ගුලි වුනේ වකුටු වෙලා අත් දෙකෙන් ඔලුවත් තද කරගෙන.


ඔලුව පුරා ඒ මතක දෝංකාර දෙද්දි ආරු හයියෙන්කෑගැහුවා.


ඒ සද්දේ ඇහුන සරස් වගේම ආයුග් දෙන්නා ඉක්මනට කාමරේට දුවගෙන ආවා.


ආයුග් තමා ඉස්සර වෙලාම දැක්කේ ආරු කාමරේ මුල්ලකට වෙලා වකුටු වෙලා ඉන්න විදිහ.


ආයුග් හෙමින් හෙමින් ආරු ළඟට ගිහින් ආරුට කතා කරා.


" සාක්ෂි..."


" එපා... මට මුකුත් කරන්නෙපා... අනේ මාව අතහරින්න... මාව අතහරින්න ප්ලීස්... " ආරු තවතවත් බිත්තිය මුල්ලටම යමින් කිව්වා.


මේ දිහා බලන් හිටිය සරස්ට ආරු ගැන ලොකු දුකක් දැනුනා.


" සාක්ෂී.. මේ බලන්න.. මම මුකුත් කරන්නෙ නෑ... කෝ එන්නකෝ මෙහාට...."


" නෑ.. ඔයා බොරු කියන්නේ...ඔයා මට රිද්දනවා... ඔයා තමා මට කරදර කරේ යන්න... මට කරදර කරන්නෙපා.... අනේ අම්මේ මාව බේරගන්නකෝ...." ආරු කෑගගහා ඇඩුවේ පොඩි එකෙක් වගේ.


මේ වෙනකොට ආයුග්ටත් තේරිලා තිබ්බේ එයා කලින් කරපු දෙයින් ආරු හොඳටම කඩා වැටිලා ඉන්නෙ කියලා.


ආයුග් ආරුව බලෙන්ම උස්සන් සාලෙට අරන් ගිහින් සෝෆා එකෙන් තිබ්බ. අර කාමරෙන් එළියට ආව හින්දා වෙන්නැති ආරු වටපිට බලලා ටිකක් සන්සුන් වුනා.


ආයුග් ආරු අතට වතුර වීදුරුවක් දුන්නේ බොන්න කියලා. ඒත් ආරු වතුර වීදුරුව අතේ තියාගෙන බලන් හිටියා. ආයුග්ට තේරුනා ඒ ඇයි කියලා.


" ඕකට මම මුකුත් දාලා නෑ ඕයි බොනවා ඕක...."


ඒත් ආරු බිව්වෙ නෑ. බැරිමතැන ආයුග් වතුර ටිකක් බීලා පෙන්නුවා ඊටපස්සේ තමා ආරු වතුර බිව්වෙ.


වතුර බීලා විනාඩි දහයක් විතර යද්දි ආරු යථා තත්ත්වෙට පත්වුනා. ඊටපස්සේ තමා ඉතින් හොඳම දේ වුනේ.


" ආයුග් තමුසෙට මොනාද ඕනේ ආ... බ්ලේඩ් කවුද කියන එක දැනගන්නද නැත්තන් මගේ අම්මා එක්ක තියන තරහා මගේ පිටින් යවන්නද... ආ... කියනවා..."


සරස් පුදුමෙන් බලන් හිටියේ දැන් ටිකකට කලින් බයේ කෑගගහා අඩපු කෙල්ල දැන් කතා කරන විදිහට.


" තමුසේට දැනගන්න ඕන බ්ලේඩ් කව්ද කියන එක නම් ඒක මම කියන්නෙ නෑ... අනික තමුසේ කියනවානේ මගේ අම්මා තමා තමුසේ මෙච්චර කල් ඔහොම ඉන්න හේතුව කියලා... එහෙනම් ඒකත් මම දැන් විසඳන්නම්... "


ඇත්තටම කිව්වොත් ආරු මේ කෑගහන කෑගැහිල්ලට ආයුගුත් බය වෙලා හිටියේ.


" කෝ මගේ ෆෝන් එක...."


" ටික්කා... කෝ ෆෝන් එක...." සරස් පැත්තක හිටිය කොල්ලෙක්ගෙන් ඇහුවා.


" ආ මෙන්න බොස්...." ඒ කොල්ලා කොල්ලගේ සාක්කුවෙන් ෆෝන් එක අරගෙන සරස් ළඟට යද්දි ආරු ගිහින් කොල්ලටත් රවලා ෆෝන් එක ගත්තා.


ඒ වෙනකොටත් විහස්ගෙනුයි සංජනාගෙනුයි ආයුශ්ගෙනුයි බරට කෝල් ඇවිල්ලා.


ආරු ඒ එකක්වත් ගණන් ගන්නෙ නැතුව කෝල් එකක් ගත්තේ දිව්‍යාට.


" හෙලෝ අම්මේ..."


" කියන්න ආරු...."


" අම්මේ අම්මට මතක ආයුශ් අයියාගේ මල්ලි නැතිවුන දවස...."


" මට මතක නැත්තෙ ඇයි ආරු... එදා තමා මම කෙනෙක් මැරෙනවා ඇස් දෙකෙන් දැක්ක දවස...."


ආයුග්ගේ අත්මිට මෙලවුනේ තරහෙන්.


" අම්මේ මට එදා වෙච්ච දේ කියන්න...."


" ඇයි ආරු මම කලින් දවසකත් කිව්වා නේද..."


" ඔව්... ඒත් මට ආයේ දැනගන්න ඕනේ..."


" එදා මම කුස්සියේ ඉදලා එද්දි පඩිපෙළ ළඟ ළමයෙක් වැටිලා හිටියා.. එයා සිහිය නැතුව හිටියේ පඩිපෙළ උඩ ආයුග් හිටියා... මම කට්ටියට කතා කරගෙන ළමයාව හොස්පිටල් එකට එක්කගෙන යන අතරේ එයා මැරුනා.. ඒකත් මගේ අත් දෙක උඩම...."


" හරි අම්මේ අම්මා දැක්කද ආයුග් එයාව තල්ලු කරනවා..."


" පිස්සුද ආරු... මම දැක්කේ ළමයා වැටිලා ඉන්නවා විතරයි..."


" අම්මා කාටහරි කිව්වද එතකොට පෆිපෙළ උඩ ආයුග් හිටිය කතාව..."


" අර්... මට මතක විදිහට මම නයෝමිට කිව්වා... මම හොස්පිටල් එකට ළමයාව අරන් යද්දි නයෝමිත් ආවා ඒ වෙලාවේ එයා විස්තර අහද්දි මම කිව්වා..."


" එතකොට අම්මා කොයි වෙලාවෙවත් කිව්වෙ නෑනේ ආයුග් ළමයාව ත්ල්ලු කරා කියලා..."


" පිස්සුද ආරු..."


" හරි අම්මේ මම තියන්නම් එහෙනම්...." කිව්ව ආරු කෝල් එක කට් කරලා ආයුග් දිහා බැලුවා.


" තමුසේ කියන්නේ මට ඕක විශ්වාස කරන්න කියලද.." ආයුග් තරහෙන් ඇහුවා.


" මම දන්නවා ඔහොම කියනවා කියනවා... ඉන්නකෝ ටිකක්..."


ආරු කෝල් එකක් ගත්තේ ප්‍රසාද්ට.


" හෙලෝ මිස්ටර් ප්‍රසාද්... මට නයෝමි එක්ක කතා කරන්න ඕනේ..."


" ආරු වැඩිහිටියොන්ට කතා කරන්නෙ ඔහොමද..."


" ඔව් එහෙම තමා.. නයෝමිට දෙන්න ෆෝන් එක..."


" හෙලෝ..."


" නයෝමි... තමුන්ට මතකද සරලා නැන්දාගේ පුතා මැරුන දවස..."


" ඕව් මතක තියන් ඉන්න මට පිස්සු ඇයි..."


" මේ නයෝමි... තමුසේ මගෙන් අහගන්නෙ නැතුව කියනවා... එදා ආයුග් ඒ කියන්නේ සරලා නැන්දා අතහැරලා දාලා ඉන්න පුතා තමා ඒ ළමයව මැරුවේ කියලා කවද කිව්වේ.."


" වෙන කවුද ඉතින් ඔයාගේ අම්මා තමා..."


" මගේ අම්මා කිව්වද ආයුග් ඒ ළමයව පඩිපෙළෙන් තල්ලු කරලා මැරුවා කියලා..."


" ඔව් එහෙම තමා කිව්වේ...."


" කොයි වෙලේද..."


" හොස්පිටල් එකේ ඉඳන් ගෙදර අඅව වෙලේ..."


" නයෝමි... තමුසේ ඇත්තමද කියන්නේ... මගේ අම්මා කිව්වේ මොකක්ද හරියට කියනවා..."


" අර්.. මේ..."


" තටමන්නේ නැතුව කියනවා අයිසේ..."


" දිව්‍යා කිව්වේ ආයුග් පඩිපෙළ උඩ හිටියා අර ළමයා බිම වැටිලා හිටියා කියලා.."


" එතකොට දැන් කොතනද මැරුවා කියලා කිව්වේ..."


" ඉතින් ඒ කොල්ලා තල්ලු කරපු හින්දානේ අර ළමයා වැටෙන්න ඇත්තේ..."


" නොදන්න දේවල් කියවන්නැතුව ඉන්නවා නයෝමි..." කිව්ව ආරු කෝල් එක කට් කරා. ඊටපස්සේ කෝල් එකක් ගත්තේ ආයුශ්ට.


" දෙයියනේ මැණික කොහෙද ඉන්නෙ ඔයා... සංජු කෝල් අරන් කිව්වා ඔයාව කිඩ්නැප් කරා කියලා..."


සරස් බැලුවේ ආයුග්ගේ මූණ දිහා. සමහර දේවල් හිතේ තියන් හිටියට මුණෙන් පෙන්නනවනනේ.. සරස්ට කොච්චර සීරියස් දෙයක් මෙතන වෙනගමන් තිබ්බත් බකස් ගාලා හිනා ගියා. හැබැයි ඉතින් සරස්ට රැව්වේ ආයුග් විතරක් නෙවෙයි ආරුත් රැව්වා.


" අයියේ මම හොඳින් ඉන්නවා බය වෙන්න එපා... මට සරලා නැන්දාගේ නම්බර් එක දෙන්න..."


" ඒ මොකටද..."


" දෙන්නකෝ අයියේ...."


" ඉන්න මං දාන්නම්..."


" හරි එහෙනම්..." කිව්ව ආරු කෝල් එක කට් කරා.


ඊළඟ කෝල් එක සරලට.


" හෙලෝ නැන්දේ මං ආරු..."


" ආරු.... තමුන් මොකටද මට කෝල් ගන්නේ.. මගේ කොල්ලවත් අල්ලගෙන මෙතන..."


" හෝව් හෝව් නැන්දේ ගරු කරලා කතා කරා කියලා මෙතන ඔලුවේ නඟින්න එන්න එපා.. අනික මම ආයුශ් අයියව අල්ල ගත්තේ නෑ... අනික මෙතනට දැන් ඒක ඇදලා ගන්නත් එපා.. මට කියන්න ඔයාගේ තුන්වෙනි පුතාව මැරුවේ ආයුග් කියලා ඔයාට කිව්වෙ කවුද..."


" වෙන කවුද තමුන්ගේ අම්මණ්ඩි මිසක්... දැන් ඒක මොකටද මෙතනට..."


" ම්ම්.. පොල් ගාන්න... මගේ අම්මම ඇවිල්ලා කිව්වද ආයුග් ඔයාගේ ළමයව මැරුවා කියලා... ආ..."


" නෑ.. මට නයෝමි කිව්වේ දිව්‍යා කිව්වා කියලා..."


" ආ.. ඒකත් එහෙමයි නේ... ඉන්නකෝ එහෙනම්..." කිව්ව ආරු කෝල් එකට නයෝමිවයි දිව්‍යාවයි ඇඩ් කරා.


" ආරු ඇයි මේ.. කවුද මේ අනිත් අය..." දිව්‍යා.


" ඉන්න අම්මේ ටිකක්... මම මේ නඩුවක් විසඳනවා... නයෝමි කියනවා මගේ අම්මා මොකක්ද කිව්වෙ කියලා එදා සරලාගේ ළමයා මැරුන වෙලේ..."


" ඇයි දැන් මම කිව්වෙ..." නයෝමි.


" නයෝමි මම දෙපාරක් කියන්නෙ නෑ.. කියනවා ඒ හින්දා..."


" දිව්‍යා මට කිව්වෙ ළමයා බිම වැටිලා හිටියා ආයුග් පඩිඕළ උඩ හිටියා කියලා..." නයෝමි.


" එතකොට මගේ අම්මා කොතනවත් ආයුග් තමා මැරුවේ කියලා කිව්වද..."


" නෑ... " නයෝමි.


" මොනාද ආරු මේ කියන්නේ.. මොකක්ද මෙතන වෙන්නේ.. මම කවද්ද ආයුග් ඒ දරුවව මැරුවා කියලා කිව්වේ..." දිව්‍යා.


" නෑ අම්මේ ඒක ඉවරයි... සරලා නැන්දේ ඔයාට ඇහෙන්න ඇතිනේ දැන් නයෝමි කිව්ව දේ.. එතකොට ආයුග් තමුන්ටත් පැහැදිලිනේ මගේ අම්මා කවදාවත් එහෙම දෙයක් කිව්වෙ නෑ කියලා..."


" ආරු.. ආයුග් කොහොමද ඔයා ළඟ... ඒ නරුමයා ඔයාට ආයේ කරදර කරාද...." දිව්‍යා.


" මොකක්ද ඒ කතාවේ තේරුම... ආයුග් ආරුට කරදර කරා.." සරලා.


" ඔව් තමුන්ගේ පුතා හින්දා මගෙ දුව දැන් අවුරුදු තුනක් තිස්සෙ අදටත් දුක් විදිනවා.. තමුසේගේ පුතා මගේ දුවට දෙන්න පුලුවන් වද ඔක්කොම දුන්නා.. ආයුග් තමුසේ නම් මහ..." දිව්‍යා.


" ඇති ඇති අම්මේ.. ආයුග් මට කරදර කරේ නෑ.. ආයුග් දැන් කියන්න මොකක්ද එදා වුනේ කියලා.. "


ඒත් ආයුග් කතා කරේ නෑ.


" ආයුග් තමුසේ දැන් මෙච්චර කාලයක් කියෙව්වා නේද තමුසේ නොකරපු වැරැද්දක් හින්දා දුක් වින්දා කියලා.. දැන් කියනවා ඒක..."


" හරි ඉන්නවා... එදා අපි සෙල්ලම් කරද්දි මම තමා අනික් අයව අල්ලන්න හිටියේ කොහොමහරි චූටි මල්ලි මම එමවා දැකලා පහළ තට්ටුවට දුවන්න ගත්තා. ඒත් එකපාර එයාගේ කකුල පැටලිලා පඩිපෙළ දිගේ පෙරලි පෙරලි ගිහිල්ලා බිත්තියේ වැදුනා.. ඒ වෙලාවෙ එයාගේ ඔලුව පැලුනා ඒත් එයා ආයෙ නැගිට්ටා. මම එයාගේ තුවාල බලන්න ළඟට යන්න ගියේ ඒත් මල්ලිට එකපාර බැලන්ස් එක නැතිවවෙලා පඩිපෙලේ ඉතුරු ටිකත් පෙරලිලා ගිහින් වැටුනා. මල්ලි ළඟට මම යන්න යද්දි තමා දිව්‍යා නැන්දා ආවේ....."


" එතකොට මගේ පුතාව මැරුවේ නෑ එයා මැරිලා.... ඒක ඇක්සිඩන්ට් එකක්..." සරලා.


" ඔව්.. දැන් හරිනේ නේද.. හැමෝටම තේරුනානේ දැන් මොකක්ද වුනේ කියලා.. අඅයුග් දැන්වත් මට වද දෙන එක නවත්තන්න...."


" ආයුග් පුතේ ඇයි ඔය දේ කලින් කිව්වෙ නැත්තේ...." සරලා.


" ඔයාලා මට ඒ දේ කියන්න චාන්ස් එකක් දුන්නද නෑනේ..."ආයුග්.


" හරි දැන් ප්‍රශ්නේ විසඳුනානේ දැන් අම්මලා පුතාලා ඕන එකක් කරගන්න එකයි තියෙන්නේ..." කියලා ආරු කෝල් එක කට් කරා.


එතකොටම තමා එළියෙන් කලබල කරන සද්දයක් ඇහුනේ. ටික්කාත් එළියේ ඉඳන් ඇතුළට ආවා.


" මොකද බන් එළියේ සද්දේ..." සරස්.


" මැඩම්ගේ යාලුවා ඇවිල්ලා.. එයා..." ටික්කාට කියලා ඉවර කරන්න හම්බුනේ නෑ එතනට කඩාපැන්නේ සංජනා. සංජනා ආරුව දැක්ක ගමන් පැනලා ආරුව බදාගත්තා.


" ආම්මෝ ආරු ඇති යන්තන් දෙයියනේ.. දැන් පැය කීයක් තිස්සේ ඔයාව හොයනවද.... "


ආරුව අතහැරලා දාලා සංජනා හැරුනේ ආයුග් දිහාට.


" මේ තමුසේ ආරුගෙන් ඈත් වෙලා ඉන්නවා.. ඇයි යකෝ මේකිට බෙහෙත් කරලා කරලා ටිකක් ලෙඩ හොඳ කරගෙන ආවා විතරයි තමුසේ ඇවිල්ලා ඔක්කොම වැඩි කරා... එතකොට තමුන් තමුනුත් මුගේ මේ වැඩවලට උදව් කරන එකෙක් නේ..." සංජනා සර්ස්ට ඇඟිල්ල දික් කරලා කිව්ව


" මේ මම... පිස්සුද නංගි... මූට මං කිව්වා මේ නංගිට කරදර කරන්නෙපා කියලා.. මේකා අහන එකෙක් ඇයි බන්..."


" ආයුග් ආයේ තමුන්ට මාත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ... අනික මම තමුසෙගේ මල්ලි එක්ක යාලු වෙලා ඉන්නේ.. ආයුශ් කියන්නේ මගේ ආදරේ මට බෑ එයාට පිටුපාන්න.. දැන් මේ ප්‍රශ්නේ විසඳිලානේ තියෙන්නෙ ඒ හින්දා මට කරදර කරන්නෙපා ආයේ.. එහෙම වුනොත් මම පොලිසි යනවා.. ඇත්තටමයි කිව්වේ... ඒ හින්දා ආයේ අපි කොතනින් හම්බුනත් තමුසෙයි මායි කියන්නේ ආගන්තුකයෝ... good bye..." කිව්ව් ආරු සංජනාගේ අතකිනුත් ඇදගෙන ගෙදර යන්න ගියා.



ආරු යන දිහා ආයුග් බලන් හිටියේ කිසිම හැඟීමක් නැති කෙනෙක් වගේ.




ආරු ගෙදර ගිහින් පැය භාගයක් ගියෙ නෑ ආයුශ් ආවා.


" අයියේ ඔයා මොකද මෙහෙ කරන්නේ... වැඩ නේද..."


ආයුශ් පැනපු ගමන් ආරුව බදාගත්තා.


" මාව දලා යන්නෙපා මැණික.. මට ඒක දරාගන්න බැරිවෙයි... ප්ලීස්.."


" අයියේ මොනාද මේ කියන්නේ..."


" මට බයයි මැණික... ආයුග් ඔයාව අයිති කරගනී කියලා.. "


" අයියෝ අයියේ පිස්සුද අනේ.. ඔයා වැඩ කරන ගමන්ද මේ ආවේ.. බලන්නකොක් හැටි.. එන්න කෝ ගිහින් වොෂ් එකක් දාගන්න..."


ආයුශ් ආරු දෙන්නා ආදරෙන් කාලෙ ගත කරද්දි තවත් කෙනෙක් නම් හිටියේ එයාගේ හැඟීම් කියවගන්න බැරුව.


" මොකද බන් මේ.. තෝ තනියම බිව්වද යකෝ මේ ටින් ඔක්කොම... බලපන්.. බියර් කේස් එකක්ම ඉවරද කොහෙද..." සරස් ආයුග්ගේ කාමරේ පුරා වැටිලා තියන බියර් ටින්වලට පයින් ගහගෙන ආයුග් ළඟට අඅවා.



ආරු ගිය වෙලේ ඉඳන් ආයුග් කරන්නේ කාමරේට වෙලා අඬන එක.


" මම එයාට ගොඩක් රිද්දුවා නේ බන්.... මං මහ අපතයෙක් බන්... ආයේ එයා මං දිහා බලන් එකක්වත් නෑ.. මට ඒකිව ඕනේ බන්.. මට සාක්ෂිව ඕනේ..."


" මම උබට ඕක කලින් කිව්වා බන්.. උබට පසුතැවෙන්න වෙනවා කියලා.. උබ තම ඇහුවේ නැත්තේ දැන් විඳවපන්.. උබ මට මේ දේ කියපන් උබ සාක්ෂිට ආදරෙයි නේද..."


" මං දන්නෑ බන් මං දන්නෑ මට ඒකිව ඕනේ.. මට සාක්ෂිව ඕනේ..." ආයුග් සරස්ට බියර් කෑන් එකකින් දමලා ගහමින් කිව්වා.


ආයෙමත් බියර් ටින් එකක් කඩලා කටේ තියාග්න්න ගමන් ආයුග් කල්පනා කරේ එයා ඇත්තටම ආරුට ආදරේද කියලා.


ඇත්තටම කිව්වොත් ආරුව දැක්ක පළවෙනි දවසෙම ආයුග්ගේ හිතේ ආරු ගැන හැඟීමක් ඇතිවුන. ඒ හැඟීම දරාගන්න බැරුව තමා එදා ආයුග් ආරුව කිස් කරේ.


තමන්ට මොනා වුනත් කමක් නෑ ආරුව බේරගන්න ඕනේ කියන තැන තමා ආයුග් හිටියේ.


ඒත් ආරු කියන්නේ දිව්‍යාගේ දුව කියලා දැනගත්තම ආයුග්ට ලොකු තරහක් දැනුනා. ආරුව අරන් ඇවිල්ලා ආරුට වද දෙන හැම වෙලේම අයුග්ගේ හිත ඇතුළේ ආරු වෙනුවෙන් තරහක් වගේම වේදනාවකුත් ඇතිවුනා.

අද අරු ආයුග්ව දාලා ගිය වෙලේ ආයුග්ට දැනුනේ එයාගේ මුලු ලෝකෙම විනාශ වුන වගේ. එදා බීච් ගිය දවසේ ආයුග්ට දැනුනේ එයාගේ වයිෆුයි දරුවයි එක්ක බීච් ආවා වගේ.


" මම එයාට ආදරෙයි තමයි බන්...."

_________________________________________


අන්තිමට එයා ඒ දේ පිළිගත්තා එහෙනම්... ඒත් ඉතින් එයා පරක්කු වැඩි නේද ළමයි....


comments reactions එහෙම අඩුයිනේ..


ඒ හින්ද reaction දාන්න comment කරන්න...


ආදරෙයි හැමෝටම 🖤

Report Page