The Bitter Sweet Harmony ❤️‍🔥

The Bitter Sweet Harmony ❤️‍🔥

Pari🖤
Bound by pain, United by love .....


Previous Episode ....❤️‍🔥


https://telegra.ph/The-Bitter-Sweet-Harmony-03-22



18th Episode ...❤️‍🔥


" හහ්.. හහ්.. හහ්... මම කොහොමද මෙච්චර මෝඩ වුනේ..  රාක්ෂයෙක් වගේ මට වදම දුන්න මනුස්සෙයෙක් එකපාර හොඳ වෙද්දි මට හිතන්න තිබ්බා මොකක් හරි යටි අරමුණක් ඇති කියලා... ආයුග් තමුසේ මේ හින්දා නේද මට හොඳින් සැලකුවේ...  තමුසේ මාව රැවැට්ටුවා... ආයුග් තමුසේ මහබල්ලෙක්...." කිව්ව ආරු නිරූ ළඟට ගිහින් නිරූවත් වඩාගෙන අඬ අඬම එතනින් යන්න ගියා.


" සාක්ෂි තමුසෙට මගෙන් පැනලා යන්න බෑ.. දවසක මම තමුසෙගේ කටින්ම දැනගන්නවා බ්ලේඩ් කියන්නේ කවුද කියලා නැද්ද බලන්න..."

ආරු යන දිහා බලාගෙන ආයුග් කිව්වා.


ටැක්සි එකක ගෙදර ආව ආරු නිරූව සෙල්ලම් කරන්න තියලා ගියේ බාතෲම් එකට. වතුර මලත් ඇරගෙන ආරු ඇඬුවා. ආරු අනික් අයට තමන් දුර්වලයි කියලා පෙන්නන්න අකමැති කෙනෙක්. අඩුම නිරූටවත්.


ආරු මොනා වුනත් ආයුග්ව ටිකක් හරි විශ්වාස කරා තමන්ට දෙන්න පුලුවන් උපරිම වද දුන්නට පස්සෙත්. ආරුට ඒ අතරේ මතක් වුනේ නදුලිව. ආරුට අර සිද්ධිය වුනාට පස්සේ ආරු කාත් එක්කවත් කතාබහ කරේ නෑ. මාසයක් දෙකක් එහෙම ඉන්න ඇති. ඒ අතරේ තමා නදුලි එක දවසක් ඇවිත් ආරු එක්ක කතා කරේ.


" නංගී... මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන ප්ලීස් එළියට එන්න... ප්ලීස් නංගි.. මෙච්චර දවසක් ඔයා මාව බලාගත්තා නේද.. ප්ලීස් නංගී.. " ආරු නදුලිගේ අදෝනාව හින්දම එළියට ආවා. ඒ වෙනකොටත් නදුලිගේ කුස ටිකක් නෙරලා ඇවිල්ලා.


ආරු එළියට ආවම නදුලි ආරු අතට දුන්නේ මෙඩිකල් රිපෝට්ස් ටිකක්.


" අක්කේ...." ඒ තමා මාස ගාණකින් ආරු කාත් එක්ක හරි කතා කරපු පළවෙනි වචනේ.


" නංගී.. මම දරුවා ලැබෙද්දි මැරෙනවා.. මගේ ගර්භාෂෙට ඩැමේජ් වෙලා තියෙන්නේ... ඩොක්ටර් මට මේක කලින්ම කිව්වා... මම මෙච්චර දවසක් ඒක හංඟන් හිටියේ... මට පුලුවන් නම් ඔයා ලොකු උදව්වක් කරන්න ප්ලීස්..."


" මොකක්ද අක්කේ..."


" මගේ දරුවව බලාගන්න ප්ලීස්... හැම්දාටම ඕන නෑ.. එයාව එයාගේ තාත්තට බාර දෙනකන්..."


" අක්කේ මොනාද මේ කියන්නේ.. ඔයාට අච්චර වද දුන්නු මිනිහට දරුවව දෙන්න කියන්නේ.. මම මෙයාව බලාගන්නවා මගේ දරුවෙක් වගේ එයාට කිසිම වෙනසක් වෙන්න තියන්නේ නැතුව..."


" නංගී.. කවීන් කියන්නේ ඔයාලා හිතනවා වගේ එච්චර නරක මනුස්සයෙක් නෙවෙයි... එයා අද ඔහොම වෙන්න මාත් හේතුවක්..."


" ඒ කිව්වේ...."


" මම ඉපදුනේ මුඩුක්කුවක.. ඒ මුඩුක්කුවෙම තමා කවීනුත් ඉපදුනේ.. මුඩුක්කුවේ ජීවිත ගැන ඔයාලා අහලා ඇති නංගි.. අපි කන්න බොන්න ටිකක් හොයාගන්නෙත් බොහොම අමාරුවෙන්... මට අවුරුදු පහළොවක් විතර වෙනකොට මගේ අම්මා හොඳටම අසනීප වුනා.. අම්මට බෙහෙත් කරන්න තරන් අපිට සල්ලි තිබ්බේ නෑ.. ඒ හින්දා මම ගිහින් තැන් තැන්වල පොඩි පොඩි කුලී වැඩ කරලා සල්ලි හෙව්වා. ඒත් මම ඒ හොයාගෙන එන සල්ලි මගේ බාප්පා කියන එකා මටත් කරදර කරලා මගෙන් ගන්නවා නංගී බාප්පා අතින් තමා මම ගෑනියක් වුනෙත්.. කවීන් කියන්නේ මගේ හොඳම යාලුවා ඒ දවස්වල.. කවීන් එක දවසක් මට බාප්පා කරදර කරනවා දැකලා බාප්පාට කැත්තකින් කෙටුවා.. ඒ තමා කවීන් කරපු පළවෙනි මිනී මැරුම... හැබැයි කවීන් කියන්නේ හොඳට ඉගෙන ගන්න කෙනෙක් ඒ හින්දා කවීන්ගේ දෙවෙනි අයියා මතකනේ එදා මැරුන කෙනා එයා තමා හිරේ ගියේ.. මම සල්ලි හොයන්න ඊටපස්සේ ගෙදරක වැඩ කරා. ඒ ගෙදර මහත්තයත් මට කරදර කරන්න ගත්තා.. එක දවසක් මම ගෙදර එනකොට කවීන් මගේ ඇගේ තිබ්බ තුවාල දැකලා මම එපා කියද්දි ඒ මහත්තයත් ගිහින් මැරුවා... එදා තමා කවීන් බ්ලේඩ් වුනේ ඒ මහත්තයා කියන්නේ මැරයෙක්.. කවීන් ඒ මහත්තයා ගාව හිටිය මැරයෝ සේරම එයා යටතට ගත්තා... ඒ විතරක් නෙවෙයි ඒ මහත්තයාගේ බිස්නස් ටිකක් කවීන් කරන්න ගත්තා.. කවීන්ගේ ලොකු අයියයි හිරේ ඉඳලා ආවට පස්සේ කවීන්ගේ දෙවෙනි අයියයිත් ඒකට උදව් කරා... කවීන්ගේ ලොකු අයියා හොඳ කෙනෙක් නෙවෙයි... මතකනේ එදා ඔයා මාව බේරගත්ත දවස.. එදා කවීන්ගේ ලොකු අයියා තමා මට කරදර කරන්න හැදුවේ ඒ ළඟ දෙවෙනි අයියත් හිටියා එයා මාව බේරන්න හැදුවේ හැබැයි පොලිසියට අහුවුනේ දෙවෙනි අයිය... මොකද කවීන් ඒ දේ දැනගත්ත ගමන් එයා එයාගෙම අයියව මරලා දැම්මා... නංගි එයා මං හින්දා එයගේ අයියවම මැරුවා... එතකොට හිතන්නකෝ..."


" ඒත් අක්කේ එදා ඔයාට අච්චර වද දීලා තිබ්බේ..."


" ඒ එයාට හොඳටම තරහ ගිහින් හිටියේ නංගී... එයාට ඔයාව මරාගන්න බැරිවුනා... එතකොට වන්ෂොට් හැමදාම එයාගේ වැඩ අවුල් කරා.. ඒක අන්තිමට ගියේ මගේ පිටින්... මොකද මමත් එයාව මඟ අරින් ගත්තා...නංගී මට පොරොන්දු වෙන්න.. කවීන්ව හොඳ කෙනෙක් කරලා මගෙ දරුවව එයාට දෙනවා කියලා..."


" අක්කේ... "


" ප්ලීස් නංගි... අම්මා කෙනෙක්ගේ අහිංසක ඉල්ලීමක් මේක... ප්ලීස් තව පොරොන්දුවක් වෙන්න කවීන් කියන්නේ කවුද කියලා කාටවත් කියන්නෙපා ප්ලීස් නංගි...."


" හරි අක්කේ බය වෙන්න එපා..."


එදා නදුලිට දුන්න පොරොන්දුව ආරු අවුරුදු තුනක් තිස්සේ අදටත් රකිනවා.. ඒ නිසාම තමා ආරු මොනා වුනත් බ්ලේඩ් කියන්නේ කවුද කියලත් හෙළි නොකළේ....


" අම්මී...." නිරූ ඇවිල්ලා බාතෲම් එකට තට්ටු කරන සද්දෙන් තමා ආරු පියවි සිහියට ආවෙ.


" නිරූ බබා... ඇයි මැණික..."


" බබාත බතගිනී අම්මී...."


" ඉන්න මැණික.. අම්මි ඉක්මනට එන්නම්..." ආරු කඩිමුඩියේ නාගෙන එළියට ආවා. ඇවිල්ලා ඇඳුමකුත් දාගෙන කෑම හැදුවා.


" බබා... වොෂ් එකක් දාගෙන එමුනේද.. බලන්න වැලි ඇඟේ...."


" අම්මී අපි ආයේ බීත් යමුකෝ... තෝයිනේ අනේ... මාමිත් තෝයි..."


" ඉන්නකෝ අම්මි ආයේ දවසක බබාව එක්කන් යන්නම්.. හාද..."


" මාමිවත් එක්කන් යන්... එයා තෝයි අනේ... ආයුත් මාමි වගෙමයි... ඒත් ආයුත් මාමි නෙවෙයිනේ... "


" බබා කෝමද දන්නේ...."


" අයියෝ අම්මි ඒ මාමිගේ කොන්දේ දිගයිනෙ.. බබාගේ වගේමයි... "


" ම්ම්.. මගේ බබා ෂොක්නේ දැන්... හැබැයි නිරූ ඒ මාමි ඇවිත් කතා කළොත් ඔයා යන්නෙපා හරි..."


" හරි අම්මී... "



ආරු බබාවත් හෝදලා කන්න දීලා එයත් එක්ක කාලේ ගත කරේ නිරූ එක්ක ඉද්දී ප්‍රශ්න අමතක වෙන හින්දා.


නිරූවත් නිදි කරලා ආරු කෝල් එකක් ගත්තේ විහස්ට..


" හෙලෝ විහස් අයියේ... මගේ ගාඩ්ලා වැඩි කරන්න.. පුලුවන් නම් අපාර්ට්මන්ට් එක ළඟටත් දෙතුන් දෙනෙක් දාන්න..."


" හරි නංගි.. ඒත් ඇයි හදිස්සියේම...."


" මට හතුරෝ වැඩීනේ අයියේ... තව අම්මලාට ගාඩ්ලා වැඩි කරන්න.. එයාලා කොහෙ ගියත් අඩුම දහ දෙනෙක්වත් එයාලා එක්ක යවන්න.. කිසිම වෙලාවක කිසිම කෙනෙක් තනි කරන්න එපා.. හරී..."


" හරි නංගි.. මම දැන්ම වැඩේ පටන් ගන්නම්..."


" හරි අයියේ... "



ආරුට ඒත් එක්කම කෝල් එකක් ආවේ සිතූගෙන්.


" මොකෝ මැඩම් මාව මතක් වෙලා මේ මහ රෑ..."


" මහ රෑ කොහෙද අප්පා තාම නවයයිනේ..."


" එහෙමද... මොකෝ දැන් හදිස්සියෙ..."


" හදිස්සියක් නෑ පාලුයි අප්පා ඔයා නිරූවත් එක්ක ගියානේ..."


" නිරූ මම නැතුව ඉන්නවැයි මෝඩ සිතූ..."


" අනේ මේ ඔයා තමා මෝඩ... මේ ආයු අයියා එක්ක බබෙක් හදාගෙන නිරූව අපිට දීලා යන්නකෝ අප්පා.. මේ ගෙදරම සයිලන්ට්..."


" අනේ මේ.. නිකන් ඉන්නවා.. ගෙදර සයිලන්ට් නම් මොකක් හරි මඟුලක් කරලා අම්මාව අවුස්ස ගන්නවකෝ එතකොට දවස් ගාණකට අහගන්න පුලුවන්..."


" අම්මෝ... මතක් කරන්නවත් එපා ඒ වගේ දෙයක් නම්.. කම්මැලි අප්පා... ගෙදරට වෙලාම ඉද්දිත් එපා වෙනවා..."


" වැඩක් නම් තියනවා හැබැයි..."


" මොකක්ද..."


" කුරුණෑගල කම්පැනියේ වැඩ බලන්න තියනවා.. තාම ඉන්ටව් එක යනවනේ... කැමති නම් ගිහින් එන්න... ෂාන්ටත් ලේසි වෙයි..."


" ඇත්තටමද කිව්වේ..."


" ඔව්... ගිහින් එන්න.. දවස් තුන හතරක් ඉඳලා පරණ යාලුවොත් හම්බෙලා එන්න... අම්මා කැම්ති නම් අම්මාවත් එක්ක යන්න..."


" අනේ මරුනේ.. මේ අර ඔයා කලින් නතර වුනේ මේ ළඟදි ගිය වෙලේ නෙවෙයි අර ඔයාලාගේ පාර්ටිය තිබ්බේ..."


ආරුට තේරුනා මේ කියන්නේ ආයුග්ගේ හොටෙල් එක ගැන කියලා.


" ඉතින්...."


" ආන් ඒකෙන් රූම් එකක් බුක් කරලා දෙන්න ඈ... ඒ හොටෙල් එක මරු..."


" හොටෙල්වල නතර වෙන්න ඕන නෑ.. මම ප්‍රසන්ටේෂන් එකක් එවන්නම්.. ඒකේ තියනවා ගෙවල් පහ හයක් ඕන එකක් තෝරලා කියන්න මම අරන් දෙන්නම්.. ඔයා ලංකාවෙන් ගෙයක් ගත්තෙත් නැනේ..."


" අනේ අම්මෝ මට නම් එපා... ගේ නම් තෝරලා දෙන්නම්.. ඒත් මට ගෙවල් එපා.. මම මගේ සල්ලිවලින් ගෙයක් ගන්නම්.. මම ස්වාධීන කෙල්ලක් හරිත..."


" ම්ම්.. හරි හරි... මට ගේ තෝරලා දෙන්නකෝ... අදම තෝරන්න.. හෙට ගේ ගත්තා ඔයා අනිද්දට ගියා හරිනේ එතකොට..."


" ඕකේ.. කෝ නිරූ..."


" නිදි..."


" හරි එහෙනම් ඔයා අරක දාන්නකෝ... මේ අක්කේ.."


" ඇයි..."


" බෑන්ඩ් එකෙ කට්ටිය ලංකාවේ ටුවර් එකක්ට එනවලු..."


" හා මං සංජුට කියන්නම් ඔක්කොම ලෑස්ති කරන්න කියලා..."


" මගේ හොඳ අක්කා.. අයි ලව් යූ ඈ...."


" අනේ තියාගන්නෙකයි ඇත්තේ ඔයාගෙ ලව් එක..." කිව්ව ආරු කෝල් එක කට් කරා.




ආරු ගෙවල්වට විස්තර යවලා පැය භගයක් ගියේ නෑ ආයේ සිතූ කෝල් ගත්තා..


" අක්කේ මේ.. මතකද ඒ දවස්වල මම ඔයාට කිව්වා හංදියේ ගෙයක් හදනවා ඒක සුපිරි තට්ටු තුනකට වගේ හදන්නේ කියලා..."


" ඔව් ඔව් අර හැමදාම කෝල් කර කර හූල්ලන ගෙදරනේ..."


" අන්න හරි.. ඒක තමා.. ඒ ගෙදරත් තියනවා ඔයා එව්ව ප්‍රසන්ටේෂන් එකේ.. ඒ ගේ නම් සුපිරි..."


" කලින් පදිංචි වෙච්ච එකක්ද... මම ඒ වගේ එව්වා එපා කිව්වද..."


" නෑ නෑ ඒක කන්ස්ට්‍රක්ෂන් එකකින් විකුණන්න හදපු එකක්... තට්ටු තුනයි... බෙඩ් රූම්ස් හයයි.. කිචන් දෙකයි ඉන්ඩෝ අවුට්ඩෝ... හැම රූම් එකකටම ඇටෑච් බාතෲම්.. ආයේ වෙනම එළියෙ බාතෲම් එකයි පහළ තට්ටුවේ බාතෲම් එකයි.. ගරාජ් එකේ වාහන පහක් එකපාර පාර්ක් කරන්න පුලුවන්.. ස්ලැබ් එකේ ස්විමින් පූල් එක... ගාඩ්න් එකත් මරු.. ගාඩ්න් එකෙ පොන්ඩ් එකක් තියනවා ඒක තමා සුපිරිම්... ආයේ ගේ ඇතුලේ ලිවින් එකේ තියනවා කෑල්ලක් ගස් වවලා බුදු පිළිමයක් තියල පොඩි දියඇල්ලක් එක්ක.. අක්කේ ඒක මාරම ලස්සනයි.. තව ස්ටඩි රූම් එකයි ලයිබ්‍රි එකකටයි රූම්ස් තියනවා.. ස්ටොර් රූම් දෙකක් තියනවා.. පැන්ට්‍රියක් එක්ක.. තව සර්වන්ට් රූම් දෙකක් තියනවා.. "


" මරු වගේ නේද... ඒක හොඳයිද ඒ කියන්නේ..."


" ආයෙත් අහලා ... ඒක පට්ට.. ඒක ගමුකෝ..."


" හරි මං සංජුට කියන්නම්කෝ.. ෂාන්ට කියන්නම් ඒකට ෆර්නිචර්ස් ගන්න කියලා ආ නැත්තන් මෙහෙම කරන්නකෝ හෙට ඔයාම ගිහින් ඒ ටිකත් බලන්න.. අම්මවත් එක්ක යන්න..."


" හා අක්කෙ.. එහෙනම් හෙට උදේම යන්නම්.."


" හා යන්න... එහෙනම් මම තියන්නම් සංජුට කියන්න ඕනනේ..."


" හා..."



පහුවදා සිතූලා ගිහින් ගෙදරට ඕන කරන බඩු එහෙම ගත්තා. හොඳම වැඩේ කියන්නේ මේ ගෙදරට ගෙවල් දෙක තුනකට එහයින් තමා සුදේශ්ගෙ ගෙදර එ කියන්නේ කලින් ආරුලාගේ ගෙදර වගේම ප්‍රසාද්ගේ ගෙදරත් තිබ්බේ. ඕපදූපකාරි නයෝමිට තමා ඉස්සර වෙලාම ආරංචි වුනේ මේ ගෙදර විකුණලා කියලා. නයෝමි සුදේශ්ලාගේ ගෙදර දුවගෙන ආවේ නාලිට මේ ආරංචිය කියන්න.


" අක්කේ අක්කේ දන්නවද වැඩක්..."


" මොකක්ද ..."


" අර තට්ටු තුනේ හොඳට හදලා තියන ගෙදර... ආන් ඒක විකුණලා..."


" ඇත්තට... කවුද දන්නෑ නේ ගත්තෙ.. කෝටි පහ හයක්වත් ඇතිනේ ගෙදරට..."


" කෝටි හතකටලු විකුණලා තියෙන්නේ... මට අපේ අල්ලපු ගෙදර ගෑනි කිව්වේ.. ඒකි නෑයෙක්ලුනේ ඒ ගේ හදන වැඩේ කරලා තියෙන්නේ.. කවුද කෙල්ලෙක්ලු ගන්නේ කෝටි හතයි කිව්වලු එකපාර කැමති වුනාලු ආයේ අඩු කිරිලි ඒවා මේවා මුකුත් නෑලු.. ඊයේ රෑ කිව්වලු අද උදේ ගත්තලු..."


" අඩෙහ් එච්චර සල්කි තියන කෙල්ලොත් ඉන්නවද අප්පා... "


" ආයෙත් අහලා.. ආන් දැන් ගෙදරට බඩු අදිනවා.. දැන් ලොරි පහ හයකට වඩා ආවා..."


" මොකද කියන්නේ ඒ පැත්තට ඔලුව දාලා බලමුද..."


නාලිටයි නයෝමිටයි අනුන්ගේ දේවල් හොයන්නැතුව ඉන්න බැරි හින්දම කරේ ඒ ගෙදරට ගියපු එක.


ඒ වෙනකොටත් සිතූ හිටියේ ආරුට වීඩියෝ කෝල් එකක් අරන් ගාඩ්න් එක පෙන්න පෙන්න. සිතූ ඈත තියාම දැක්කා ඩබල එනවා. සිතූ ශේප් එකේ දිව්‍යාටත් පෙන්නුවා. දිව්‍යා ඒ දෙන්නව දැක්කම මොකද කරේ වැඩ කරන අයට ටිකක් සද්දෙ වැඩි කරලා අණ දුන්න එක.


" අක්කේ අර ඉන්නේ දිව්‍යාද..." නයෝමි ඇඟිලිවලිනුත් ඉස්සි ඉස්සි ගේට් එක ළඟට වෙලා නාලිගෙන් ඇහුවා.


" ඒ වගේ නේද නංගි... අර ඉන්නේ පොඩි කෙල්ල නේද..." සිතූව පෙන්වමින් නාලි කිවා.


" ඒ කියන්නේ උන්ද මේ ගෙදර අරන් තියෙන්නේ..."


" ඒ වගේ. මේ යන් ඉක්මනට ... උන් දැක්කොත් වස නෝන්ඩිය..."


සිතූ දැක්කා දෙන්නා ශේප් එකේ ලෙෆ්ට් වෙන්න යන්නේ කියලා..


" පුංචි මොකද ගෙදරට ගොඩ වෙන්නේවත් නැතුව යන්නේ.." සිතූ නෝන්ඩියට හිනාවක් දාලා නයෝමිට කිව්වා.


දෙන්නට වස නෝන්ඩිය.


" ආ... මේ...."


" එන්න. එන්න... පුංචි තේ එකක් බීලා යන්.. අම්මේ මේ බලන්නකෝ කවුද ඇවිත් ඉන්නේ කියලා..."


නයෝමිව බලෙන්ම සිතූ ගේ ඇතුළට ඇදගෙන ගියා. නයෝමියි නාලි කට ඇරගෙන ගේ දිහා බලන් හිටියේ මොකද මේ වගේ ලක්සරි ගෙයක් දෙන්නා මීට කලින් දැකලා තිබ්බේ නෑ. අනික සිතූලා ගෙනාපු ෆර්නිචර්ස් ඒවත් ලක්සරි..


" ඉඳගන්නකෝ පුංචි... අම්මේ කන්න මොනාහරි දෙමු නේ... ඉස්සරලාම අපේ ගෙදර ආව කට්ටියනේ..." කියලා සිතූත් සෝෆා එකෙන් ඉඳගත්තා. දිව්‍යාත් ඇවිල්ලා පැත්තකින් ඉඳගත්තා. ටිකකින් සර්වන්ට් කෙනෙක් ඇවිල්ල බීමයි කෑම ජාති තුන හතරකුයි තියලා ගියා.


" ඉතින් මොකද දෙන්නා මේ පැත්තේ..." දිව්‍යා කට ඇරියා. ආරුත් මේ ඔක්කොම ලයිව් බලාගෙන හිටියේ.


" ආ මේ.. අපිඅලුත් ගෙදරට කවුද ආවේ කියලා බලන්න ආවේ..." නයෝමි දිව්‍යාගේ ඇස් මඟ අරිමින් කිවා.


" මේ ගේ නම් ආරුගේ.. අපි මේ ආවේ ආරුට වෙලාවක් නැට්ගි හින්දා.. බඩු ටික අස් කරලා දාන්න... "


" ආ.. එහෙමද... එතකොට ආරු මෙහෙ පදිංචියට එනවද...." නාලි.


" නෑ... අක්කා ඉන්නේ කොළඹ.. එහෙ එයාට මීට වඩා හොඳ අපාර්ට්මන්ට් එකක් තියනවා. මේ ගෙදර මොකක්ද... මේක ගන්න කිව්වේ එයාට මෙහෙ වැඩ බලන්න එන වෙලාවට නතර වෙන්න..." සිතූ ටිකක් ලොකුකමින් කිව්වා.


" ආ... ඒකත් එහෙමද.. එතකොට ඔයාලා..."


" අපි මෙහේ ඉන්නේ නෑ.. නුවරඑළියේ ආරු මට අරන් දුන්න ගෙදරක් තියනවා දැනට එහෙ ඉන්නවා... සිතූ ආයේ ලොස් ඇන්ජලීස් යන්න ඕනේ එයාගේ ෂෝ පටන් ගන්නවා ලබන මාසේ ඉඳලා..." දිව්‍යා.


" සිතූගේ ෂෝ..."


" ආ.. සිතූ කියන්නේ සින්ගර් කෙනෙක්... එහේ බෑන්ඩ් එකක් වැඩ ඔයාලා දන්නෙ නැතුව ඇති එහෙ ප්‍රසිද්ධ බෑන්ඩ් එකක්... සිතූ මේ ලංකාවට ආවේ වැකේෂන් එකක්ට එහේ ගිය ගමන් ඉතින් ආයේ වැඩ... මාසයක් විතර වැඩ කරලා ආයේ රෙස්ට් කරනවා...."


" සල්ලි හොයන්නනේ මෙ ඔක්කොම නේද..." නයෝමි


" අප්පෝ නෑ පුංචී... ඔයා හිතනවා වගේ මම එච්චර මහන්සි වෙන්නෙ නෑ අනික නිකන් හිටියත් සල්ලි හම්බෙනවා.. මගේ සෝෂල් මීඩියාවලින්ම මට මාසෙකට ලක්ෂ 10ක් විතර හම්බෙනවා ආයේ එක ෂෝ එකක් කරනවා කියන්නේ ලක්ෂ පහක් අතේ... සල්ලි කියන්නේ දැන් ඉතින් සුම්මා.. අක්කා හින්දා තමා හැම්දේම... මම මේ ජීවිතේටම ගත්ත හොඳම තීරණේ තමා අම්මයි අක්කයි එක්ක යන්න තෝරගත්ත එක... අක්කා මාව හොඳම මියුසික් ඇකඩමියකට යවලා ඉගැන්නුවා.. අද ඉතින් මම සැපේ ඉන්නවා.." ආරු නාලිටත්හින්ට් එකක් ගහලා කිව්වා.


" මේ අපි යන්නම්... පස්සේ දවසක් එන්නකෝ...." නයෝමි තවත් හිටියොත් තව කතා අහන්න වෙනවා කියලා දන්න හින්දා ශේප් එකේ මාරු වුනා. දෙන්නා ගෙවල්වලට ආවේ පුපුර පුපුර.


කොහොම හරි ආරුගේ කම්පැනි එකේ අලුත් බිල්ඩින් එක ඕපන් කරන දවසත් ආවා. ආරු උදේම සාරියක් ඇඳ ඇඳ හිටියේ සෙරමනි එකට යන්න. ඒ එක්කම තමා ඇහුනේ ගෙදර බෙල් එක ගහන සද්දෙ. ඇනී අම්මා නිරූව නාවන හින්දා ආරු සාරියත් එහෙන් මෙහෙන් පටල ගෙන ගියේ කවුද කියලා බලන්න.


" අයියේ...."


ඇවිල්ලා හිටියේ ආයුශ්. ආරු ආසම ඩාක් රෙඩ් රෝස් බොකී එකක් අරගෙන.


" සප්‍රයිස්..."


" මම හිතුවේ ඔයා එන්නෙ නැතිවෙයි කියලානේ අයියේ..."


" මම කොහොමද මැණිකේ ඔයාගේ ජීවිතේ ලස්සන දවසක් මඟ ඇරගන්නේ... ඔහොමද සාරිය ඇඳන් යන්නේ...."


" නෑ නෑ දොර අරින්න ඕන හින්දා හදිස්සියට ආවේ...."


දොර වහලා ආරුව ඉණෙන් ඇදලා ළඟට ගත්ත ආයුශ්.


" මොකද කියන්නේ මම අන්ඳන්නද...."


" අනේ පුලුවන් වැඩක් කියන්න අයියේ..."


" මොකෝ බෑ කියලද..."


" ආ... ඒ කියන්නේ කෙල්ලොන්ට සාරිත් අන්දලා තියනවාද..."


" මම බලන් ඉඳලා තියනවා අම්මා නංගි චූටි කාලේ නංගිට සාරි අන්ඳවපු එක... මොකෝ කියන්නේ ට්‍රයි කරමුද..." ආයුශ් තොලත් හපාගෙන කිව්වා.


" As you wish...."


ආයුශ් ඉතින් දෙපාරක් හිතන්නෙ නැතුව ආරුව උස්සන් ගියේ ආරුගේ රූම් එකට.


එ ගිහින් ආරුට සාරිය අන්ඳවන්න ගත්තා. ආයුශ්ගේ අත ඇඟේ වදින වදින වාරයක් ගාණේ ආරුට දැනුනේ ඇඟට කරන්ට් එක වදිනවා වගෙ හැඟීමක්. ආරුගේ උපදෙසුත් එක්ක ආයුශ් ආරුට ලස්සනට සාරිය ඇන්ඳුවා.


" වාව් මැණික... මාර ලස්සනක්නේ..." ආරුගේ ගෙල මුල සිපගත්තු ආයුශ් ආරුගේ උරහිසින් නිකට තියාගන්න ගමන් කණ්ණාඩියෙන් බලාගෙන කිව්වා.



" අයියානේ ඇන්ඳුවේ එහෙම තමා එතකොට..."


" මේ ෆොටෝ එකෙක් ගහමු... අද ඔෆිසියල් විදිහට අපේ රිලේෂන්ෂිප් එක එළියට දාමු.. හාද..."


" අයියට අවුලක් නැත්තන් මට කිසිම ප්‍රශ්නයක් නෑ..."


ආයුශ් ආරු එක්ක මිරර් සෙල්ෆි තුන හතරක් වගේම බැල්කනි එකට ගිහිල්ලත් ආයේ ෆොටෝස් ගත්තා. ඒ ක්ෂණිකවම ආරුවත් ටැග් කරලා සෝෂල් මීඩියාවලට දැම්මා.


මේ ෆොටෝස් දැක්ක ආයුග් තරහෙන් අතේ තිබ්බ මත්පැන් වීදුරුව කුඩු කරේ අත තුවාල වෙලා ලේ ගලද්දි.


ඒ විතරක් නෙවෙයි නිශූත් මේ ෆොටෝ දැකලා තරහෙන් පිපිරුවා. මොකද එදා ආයුශ්ව දැක්කට පස්සේ නිශූටත් ආයුශ් ගැන පොඩි ක්‍රශ් එකක් ඇතිවෙලා තිබ්බේ.



මේ අතරේ කවීන් හිටියේ ආරුගේ අලුත් බිල්ඩින් එක ඉස්සරහ තියන කොෆි ෂොෆ් එකට වෙලා ආරු ගැන ඔත්තු බලන ගමන්.


ඒ අතරේ තමා කවීන්ට අඳුනනනේ නැති රට නම්බර් එකකින් කෝල් එකක් ආවේ.


( මේ කන්වසේෂන් එක ඉන්ග්ලිෂ් හොඳේ...)



" හෙලෝ..."


" හෙලෝ මිස්ටර කවීන්... මම එමා කාටර්... මම විද්‍යාඥවරියක්...."


" අර්... හොඳයි... මගෙන් මොකක්ද වෙන්න ඕන...."


" මම ලංකාවේ ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න යනවා.. ඒකට මට ඕන කරන සප්ලයිස් වගේම ආරක්ෂාවත් ඔයා දෙන්න ඕන...."


" මම ඇයි එහෙම කරන්න ඕන... මට වෙන වැඩ නැතුවැයි...."


" මිස්ටර් කවීන්... ඔයාටමනේ බ්ලේඩ් කියලා කියන්නෙත්... ඔයාව මේ වෙනකොට පොලිසියෙන් හොයනවා... ඉතින් මම පොලිසියට ඔත්තුව දුන්නොත් ඔයා තමා බ්ලේඩ් කියල.. ම්ම්... එතකොට ඉතින් හිතන්නකොක්..."


" හරි මම වැඩේ කරන්නම්... හැබැයි මට මොකක්ද මේකේ වෙන්නෙ කියලා දැනගන්න ඕනේ...."


" ඕකේ.. මේ ප්‍රජෙක්ට් එකේදි අපි කරන්නේ වයිරස් එකක් හදන එක... මතකනේ කොරෝනා වයිරස් එක... ආන් ඒ වගේ හැබැයි ඊට වඩා භයානක එකක් තමා අපි හදන්නේ.. මම ඇමරිකාවේ ඉන්නේඑ.. මෙහෙ ඒ වගේ වැඩ කරන එක ටිකක් අවුල් ඒකයි මම ලංකාව තොරගත්තේ... "


" එතකොට තමුන්ලා ඒ වයිරස් එක ඉස්සර වෙලා පතුරුවන්නෙත් ලංකාවේ...."


" නෑ නෑ.. අපි ලංකාවේදි ටෙස්ට් කරනවා විතරයි.. අපි මේක දෙන්නේ රුසියාවට.. රුසියාවෙන් අපිට හොඳ ගාණක් ගෙවනවා...ඔයා අපිට අපේ වැඩ ටික කරගන්න ප්ලේස් එකකුයි... ඒ වගේම අපේ පරීක්ෂනවලට ගන්න මිනිස්සුයි හොයල දෙන්න ඕන.. තව පැය 24ම ආරක්ෂාව දෙන්නත් ඕනේ.. අපි ඔයාට මාසෙකට මිලියන 10ක් ගෙවනවා..."


" හරි මම වැඩේ කරන්නම්..."


" තව දෙයක් කරන්න ඕන.. මේක තමා වැදගත්ම වැඩේ... "


" අපිට මිස් ආරන්‍යා සූරියආරච්චිව කිඩ්නැප් කරලා ඕන..."


" ආරන්‍යා සූරියආරච්චි ඒ කවුද...." කවීන්ට ඒ සාක්ෂි කියන ගාණක් තිබ්බේ නෑ.


" එයා තමා හාවර්ඩ්වලට හිටිය ප්‍රෆෙසර් වොට්සන්ගේ අවසාඅන ගෝලයා.. ප්‍රොෆෙසර් වොට්සන්ගේ අවසාන ප්‍රොජෙක්ට් එක තමා ඕනම වයිරස් එකක් අඩපණ කරන බෙහෙතක් හොයාගන්න එක. ඒකේදි එයාගේ ඇසිස්ටන් වුනේ මිස් ආරන්‍යා එයා තමා දන්නේ ඒ බෙහෙතේ රෙසිපි එක.. ඒ හින්දා තමා අපිට එයාව ඕනේ..."


" හරි මට ඒ කෙනාගේ විස්තර දෙන්න.. මම වැඩේ කරන්නම්...."





ආරු අලුත් කම්පැනි එකේ වැඩ හින්දා එක දිගටම දවස් තුන හතරක්ම කම්පැනි එකට ගියා. එක දවසක් කොහොමහරි අපාර්ට්මන්ට් එකට එනගමන් ඉන්නකොට ඩ්‍රයිවර් වාහනේ වේගේ වැඩි කරා.


" ඇයි මොකද දිල්ෂාන්...."


" මැඩම් වාහන වගයක් අපිව ෆලෝ කරනවා... "

දිල්ෂාන් එහෙම කිව්වත් ආරුට වැඩි බයක් දැනුනේ නැත්තේ බොඩිගාඩ්ලා දහයක් විතර එයා එක්ක හිටිය හින්දා. ඒත් එකඔආර කාර් එක නතර වුනේ ඉස්සරහින් ගිය ආරුගේ බොඩිගාඩ්ලාගේ වාහනේක ටයර්වලට වෙඩි වැදුන හින්දා. ඒත් එක්කම පිටිපස්සෙන් ආව වාහනේටත් ඒකම වුනා. බොඩිගාඩ්ලා වාහනවලින් බැහැලා ඇවිල්ලා ඉක්මනට ආරුගේ වාහනේ වට කරගත්තේ කාටවත් ළං වෙන්න බැරි වෙන්න.. ඒත් ඒ අයවත් ඇවිල්ලා වට කරේ කළුපාට ඩිෆෙන්ඩර් පහක්...


වාහනවලින් විසිපහක් විතර බැස්සේ ඩිෆෙන්ඩර් පහ ආරුගේ වාහනේ වටේට කැරකෙද්දි. ඒ ආව අය ආරුගේ බොඩිගාඩ්ලාව විනාඩි පහක් යන්නත් කලින් බිම දැම්මා. ආරු බයෙන් බලාගෙන හිටියේ හොඳට අවුරුදු ගාණක් තිස්සේ ට්‍රේනින් වෙච්ච බොඩිගාඩ්ලා ඒ අය විනාඩි ගාණෙන් බිම දැම්ම හින්දා. දිල්ෂානුත් ආරුව පරිස්සම් කරගන්න කොච්චර උත්සාහ කරත් දිල්ෂාන්ට වුනෙත් අනිත් ගාඩ්ලාට වුන දේම තමා. ඊටපස්සේ පස්සේ එක්කෙනෙක් ආරුගේ ලැත්තේ දොර ඇරලා ආරුගේ නහයට ලේන්සුවක් ඇල්ලුවේ ආරුට සිහිය නැතිවෙන්න


_________________________________________


ආරුව පැහැරගත්තේ කවුද....


ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න... මේවා ඉවර වෙන්නෙ නැද්ද අප්පා...

ඕතරී : ප්‍රශ්න ඉවර වෙන්නේ කතාව ඉවර වුන දවසට😁


Reaction දාන්න Comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤


Report Page