The Bitter Sweet Harmony ❤️🔥
Pari🖤
Previous Episode ....❤️🔥
https://telegra.ph/The-Bitter-Sweet-Harmony-03-21
17th Episode....❤️🔥
" ආරු.... තාත්තේ SA Universal Hub කියන්නේ ඒකිගේ කම්පැනි එක... එතකොට ඒකි තමා මේ හැම්දේම පිටිපස්සේ ඉන්නේ..." නිශූ
" හරියටම හරි රුක්ෂි.. මම තමා මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ... හහ්... දැන් ඉතින් මම තමා මේ කම්පැනි එකේ අලුත් CEO... එහෙම නේද මිස්ටර් ප්‍රසාද්.. නැගිට්ටා නම් හරි නේද දැන් ඔතනින්..."
ආරු මීටින් රූම් එකේ දොර ඇරගෙන එනගමන් කිව්වා. කට්ටියට ඉබේටම නැගිටුනේ ආරුව දකිද්දි.
" අනේ මට ඒ තරන් ගෞරවයක්... හොඳයි හොඳයි ඒක ඒ විදිහටම තියාගන්න..."
ආරුත් එක්ක ආව ආරුගේ බොඩිගාඩ්ලා ප්‍රසාද්ව පැත්තකට තල්ලු කරා. ආරු ගිහින් ceo පුටුවේ ඉඳගත්තා.
" ආරු මොකක්ද මේකේ තේරුම..." සුදේශ්.
" අයියෝ මිස්ටර් සුදේශ් ඔයාට තේරෙන්නේ නැද්ද ඔච්චරටම.. මම තමයි දැන් CEO... So please sit down...."
" තමුසේ කොහොමද එහෙම ceo වෙන්නේ.. අයියේ ඔයාලා ප්‍රසාද්ට ඔක්කොම ශෙයාර්ස් ටික ලියන්න එතකොට බලමු මෙයා කොහොමද නටන්නේ කියලා..." නයෝමි.
ඒක ඇහුන ආරුට විතරක් නෙවෙයි සංජානටයි බොඩිගාඩ්ලාටත් හිනා.
" නයෝ නයෝ... තමුන්ට ඔලුවේ මොළයක් කියලා නැද්ද... ආ මට අමතක වුනානේ තමුන් මොළේ උඩ ඉඳගෙනම මොළේ තැලිලා ඇති ඒකනේ වැඩක් ගන්න බැරි... 51% ශෙයාර්ස් මම ළඟ තියෙද්දි වෙන කාටවත් ceo වෙන්න බෑ නයෝ...."
" නැ ඒක වෙන්න බෑ... තමුසේ වගේ පොඩි කෙල්ලෙක් කොහොමද මේ වගේ කම්පැනි එකක් බලාගන්නේ..."
" ෂික්... මේ මිස්ටර් ප්‍රසාද් ඔයාගේ වයිපරේගේ කන් ඇහීමනම් හොඳටම අවුල්... මිසීස් නයෝමි ඉස්සෙල්ලම ඉඳගන්නකෝ.... කිව්වම ඉඳගන්නවා...." ආරු හයියෙන් කෑගහලා කිව්වා. ඒකට බය වෙලා ආරුගේ නැන්දට නම් ඉබේටම ඉන්ඳවුනා.
" තමුසේගේ කන් ඇහෙන්නෙ නැද්ද... එතකොට තමුන්ලා ටිකට මන් වෙනම කියන්න ඕනද... ෂාන් මුන්ට ඉඳගන්න බෑ වගේ ඔයාලා ඉන්ඳන්නකෝ මෙයාලව..."
ආරුගේ බොඩිගාඩ්ලා ටික බලෙන්ම කට්ටියව පුටුවල ඉන්ඳවලා ඒ අය පිටිපස්සෙන් හිටගත්තා. මේ වෙද්දි නම් කට්ටිය බය භීරාන්ත වෙලා හිටියේ.
" නයෝ ඔයා ඇහුවා නේද මම මේ කම්පැනි එකේ බලාගන්නේ කොහොමද කියලා... සංජු මෙයාට කියන්නකෝ..."
" මිසිස් නයෝමි ඔයා අහලා තියනවද Sa Universal Hub කියන කම්පැනි එක ගැන..."
" මොකද නැත්තේ මම අහලා තියනවා.. මගේ ලොකු පුතාත් ඒකට යන්නනේ ඉගෙන ගන්නේ.. ඇයි අක්කේ චූටි පුතාත් ඒකේ නේද වැඩ..." නයෝමි ආරුගෙ නැන්දා දිහා බලමින් කිව්වා. ගෑනිගේ නම් කටක් හෙල්ලෙන්නෙවත් නෑ ඒතරන් බය වෙලා.
" ඉතින් මිසිස් නයෝමි දන්නවද ඒ කම්පැනි එකේ කීදෙනෙක් වැඩ කරනවද කියලා..."
" දාහකට වැඩියේ වැඩ කරනවා ඇති... දැන් මොකක්ද ඒකට තියන සම්බන්ධය මේක එක්ක..."
" ඉන්නකෝ කියන්න... ලංකාවේ තියන මේන් බ්රාච් එකේ මේ වෙනකොට වැඩ කරන අය 2500ක් ඉන්නවා එතකොට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්වල බ්‍රාන්ච් එකේ 2300යි කැලිෆෝනියාවේ 1700යි ලන්ඩන්වල 3200යි පැරිස්වල 2200යි ආයේ මොස්කව්වල 1200යි ටෝකියෝවල 1500 යි.... තව බ්‍රාන්චස් ටිකක් තව රටවල්වල ඕපන් කරන්න ළඟයි ඒවාවලටත් කට්ටිය ඉන්ටව් කරලා තියෙන්නේ මම කිව්වේ ඔය ගණන් වටයලා ඒ හින්දා කිව්වට වැඩියේ කට්ටිය ඉන්නවා..."
" ඉතින් ඕවා මට කියන්නේ..."
" කට වහගෙන අහගන්නවා නයෝමි...." ආරු සද්දයක් දාද්දි නයෝමිගේ සද්ද ලෙෆ්ට්.
" මිස්ටර් ප්‍රසාද් මේ කම්පැනි එකේ කීයක් විතර වැඩද මේ වෙනකොට..." සංජනා.
" 350ක් විතර..."
" ම්ම්ම්... 350ක්... මිසිස් නයෝමි ඔයාට මං මෙච්චර වෙලා කිව්ව SA Universal Hub එකේ ඕනර් තමයි ආරු කියන්නේ... ඉතින් 10000කටත් වඩා කට්ටියව පාලනය කරන ආරුට ඔයාලගේ මේ 350 එච්චර දෙයක් නෙවෙයි...." නයෝමිට නම් ආයේ කියන්න කිසි දෙයක් තිබ්බේ නෑ..
" දැන් කවුරුහරි විරුද්ධ ද මං CEO වෙනවට...." ආරු මේසේ වටේට විනිවිද යන බැල්මකින් බලමින් ඇහුවා. ඒත් කාටවත් කිසිම දෙයක් කියන්න තිබ්බේ නෑ..
" කාටවත් ප්‍රශ්නයක් තිබ්බත් මට වැඩක් නෑ... එහෙනම් මිස්ටර් ප්‍රසාද් මේ ඩොකියුමන්ට්වලට සයින් කරන්න... "
ප්‍රසාද්ටත් වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ. ඒ හින්දා ප්‍රසාද් සයින් කරා.
" ඕකේ එහෙනම්.. ෂාන්.. මේ කම්පැනි එක සුද්දයක් දාන්න... ආයේම හැම පෝස්ට් එකකටම හැම කෙනාවම ඉන්ටව් කරන්න සුදුසුකම් නැති අයව අයින් කරන්න..නෑයො බෑයෝ ගාගෙන ආවොත් අනිවාර්යයෙන්ම අයින් කරන්න... " කිව්ව ආරු යන්න නැගිට්ටා.
" ආරු මෙච්චර අවුරුදු ගාණක් තිස්සේ මම කරන් ආව කම්පැනි එක මේ බොඩිගාඩ් කෙනෙක්ට දීල විනාශ කරන්නද යන්නේ.." ප්‍රසාද්
" මිස්ටර් ප්‍රසාද්... ඇත්තටම කිව්වොත් මගේ මේ ඉන්න බොඩිගාඩ්ස්ලා ඔයාටත් වඩා හොඳට ඉගෙන ගත්ත සුදුසුකම් තියන අය... ඒ හින්දා කට වහගෙන පැත්තකට වෙන්න... මොකද දැන් මමයි CEO.. මට ඕන විදිහට තමා මෙතන වැඩ වෙන්නේ... යන්නම් නයෝ...." කියලා ආරු නයෝමිටත් ඇහැක් ගහගෙන එළියට ගියා.
ආරු ඇවිල්ල කාර් එකට නැග්ගේ මාර සතුටකින්.
" අඩෙහ් මරු බන්... බලන්න තිබ්බේ උන්ගේ මූණු ටික... තැලිච්ච තක්කාලි වගේ... හහ්... " සංජනා.
" තාම පටන් ගත්තා විතරයි බන්... මං උන්ගේ ශෙයාර්ස් ටිකත් ශේප් එකේ ගන්නවා ... " ආරු කිව්වා. ඒ එක්කම තමා ආරු දැක්කේ කම්පැනි එක ළඟින් නවත්තපු කාර් එකක්.
ඒ කාර් එකෙන් බැහැලා ඇතුළට ගියේ කවීන්.
" කවීන්...." ආරු පුදුමෙන් කිව්වේ කවීන් මොකද මෙහෙ කරන්නෙ කියලා හිතාගන්න බැරුව.
" මොකෝ බන්..." සංජනා ආරු බලන පැත්ත බලන ගමන් ඇහුවා.
" මට අර යන කෙනා මොකද මෙහෙ කරන්නේ කියලා සම්පූර්ණ විස්තරයක් ඕනේ.. ෂාන්ට කියන්න...."
ආරු ආයෙමත් නුවරඑළි ගිහින් එහෙ තව දවස් තුන හතරක් ඉඳලා කොළඹ ආවා.
කොළඹ ඇවිල්ලා කම්පැනි එකේ අලුත් බිල්ඩින් එකේ වැඩත් බලලා ආයෙමත් අපාර්ට්මන්ට් එකට ආව ආරුට කෝල් එකක් ආවේ ආයුග්ගෙන්.
" විනාඩි දහයයි දෙන්නේ ඉක්මනට පහළට එනවා... ගමනක් යන්න..."
ආරු අද ආයුග් එක්ක දෙකෙන් එකක් විසඳගන්නවා කියලා එළියට යන්න ලෑස්ති වුනා. නිරූවත් ඉක්මනට ලෑස්ති කරගත්තේ ඇනී අම්මාත් නිවාඩුවක් අරන් තිබ්බ හින්දා.
ආරු කාර් එක ළඟට එද්දි ආයුග් ආරුට කාර් එකේ දොර ඇරියා. ආරු පුදුමෙන් වගේ ආයුග් දිහා බලලා කාර් එකට නැග්ගා.
" මොකද මෙයාවත් එක්කන් ආවේ..." ආයුග් නිරූ දිහා බලමින් ඇහුවා.
" නිරූව බලාගන්න අද කවුරුත් නෑ...."
" නිරූ බේබි... අපි කොහෙද යන්නෙ... බබා කැමති කොහෙ යන්නද.."
" බීත්...."
කාර් එක ගිහින් තැනක නවත්තනකන්ම දෙන්නා අතරේ කිසිම කතාවක් තිබ්බේ නැ.. කාර් නැවැත්තුවට පස්සෙ තමා ආරු දැක්කේ කොහාටද ඇවිල්ලා ඉන්නෙ කියලා. නිරූ ඉල්ලුව වගේම ආයුග් ඇවිල්ලා තියෙන්නේ බීච් එකට.
" අනේ අපිට වෙන කොහෙවත් යන්න බැරිද...." ආරු බයෙන් මුහුද දිහා බලමින් ඇහුවා.
" මොකද තමුසේ බයද.. එනවා යන්න බොරු නොකර..."
" අනේ මට බෑ... මට බෑ මම එන්නෙ නෑ...."
ආයුග් මොකද කරේ ආරුගේ පැත්තේ දොර ඇරලා ආරුව වඩා ගත්තේ නිරූ එක්කම.
" මාව බිමින් තියන්න.. මට බීච් යන්න බෑ... අනේ මාව බිමින් තියන්න..." ආරු කෑගහද්දි වට පිට ඉන්න අයත් බලනවා.
ඒත් ඉතින් ආයුග් න. ආරුව ගෙනත් තිබ්බේ බීච් එක අයිනෙන්මයි. එකපාර රැල්ලක් එනවා දැක්ක ආරු දුවන්න හැදුවත් ආයුග් යන්න නොදී අල්ලගත්තා.
" අම්මි මාව බිමින් තියන්නකෝ..." නිරූ කියද්දි ආරු නිරූව බිමින් තිබ්බා.
රැල්ලක් එනවා දැකලා ආරු ආයුග්ගෙන් බේරිලා ආයෙමත් දුවන්න හදද්දි ආයුග් මොකද කරේ ආරුව අල්ලන් කිස් කරපු එක. ආරුගේ කකුල් මුහුදු වතුරෙන් තෙමිලා යද්දි ආරු බයෙන් ගැහුනා.
ආයේ ආයේත් රැලි එද්දි ආයුග් කරේ ආරුට යන්න නොදී අල්කගෙන් රැලි පාගපු එක. ටික වෙලාවක් යද්දි ආරුටත් ඒකට ආස හිතුනා. නිරූ නම් හොඳට සෙල්ලම.. සංජනා කොහොමත් මාසෙකට සැරයක්වත් නිරූව බීච් එකකට එක්කන් යනවා ඒ කවදාවත් ආරු නම් යන්නෙ නැ.
" මොකද තමුසේ ඔච්චර බය..." පැය භාගයක් විතර ආරු එක්ක වතුරේ නටලා ගල්පරයක් උඩ ඉඳගන්න ගමන් ආයුග් ඇහුවා.
" ම්ම් දන්නෑ.. මම පොඩි කාලේ ඉඳලම බයයි... අම්මා නම් කියන්නෙ මම ගිය ආත්මේ මුහුදේ ගිලිලා වෙන්න ඇතිලු මැරෙන්න ඇත්තේ... අද තමා මම පළවෙනි වතාවට රැල්ල පෑගුවේ..." ආරු නිරූ සෙල්ලම් කරන දිහා බලාගෙන කිව්වා.
" මොනාද කන්නේ වඩ ගෙන්නද.. නිරූ වඩ කනවද..."
" නිරූ ගොඩක් සැර නම් කන්නෙ නැ... ආ... ඉස්සො වඩ එපා නිරූට ඉස්සො ඇලජික්..."
" හ්ම්ම්.. කොහෙවත් යන්නැතුව ඔහොම ඉන්නවා...." කියපු ආයුග් වඩ ගේන්න ගියා.
ආරු ආවෙ ආයුග් එක්ක තියන ගනුදෙනුව ඉවරයක් කරන්න වුනත් ආරුට ඒ දේ අමතක වෙලයි තිබ්බේ. වෙනදට අම්මලා එක්ක ට්‍රිප් ගියත් ආරුට දැනුනේ මේ පැය භාගේ තමා එයා වැඩිපුරම සතුටු වුන වෙලාව කියලා. ආයුග් නිරූ දෙන්නා එක්ක ඉද්දී ආරුට හිතුනේ එයාගේ පවුල සම්පූර්ණයි කියලා.
ආරුගේ කල්පනා ලෝකෙ කඩාගෙන වැටුනේ ආපු කෝල් එකකින්. ඒත් ඒ කවුද කියලා දැක්කම ආරුට දැනුනේ තමන් ගැනම කල කිරීමක්. ඔව් ඒ ආයුශ්. ආරු වටපිට බැලුවේ බැරි වෙලාවත් ආයුශ් ඇවිල්ලාවත්ද කියලා.
" හෙලෝ අයියෙ..."
" මොකෝ මැණික කරන්නේ..."
" නිරූ එක්ක පාර්ක් ආවා අයියෙ..." ආරුගෙ කටට එකපාර ආව බොරුව කිව්වා.
" හුළඟ වගෙ නේද මැණික... නිරූට තොප්පියක්වත් දලා ද තියෙන්නෙ නැත්තන් කෙල්ලට හෙම්බිරිස්සාව හැදෙයි.."
" ආ.. ඔව් අයියේ.. මේ මුහුදට ළඟ හින්දා වෙන්නැති හුළඟ නම්.."
" ම්ම්.. එහෙම වෙන්නැති... මොකෝ දැන් වැඩ එහෙම.. වැඩියේ මහන්සි වෙන්න එපා හරිද... බෙහෙත් එහෙම බොනවානේ වෙලාවට..."
" ඔව් අයියේ.. " ආරුගේ ඇස්වලට කඳුලු ඉනුවේ තමන් ගැන මෙච්චර සැලකිලිමත් වෙන මනුස්සයට නේද මේ බොරු කරන්නේ කියලා. ඒ එක්කම තමා ආරු දැක්කේ ආයුග් එනවා.
" අයියේ නිරූ හැමතැනම දුවනවා.. මම අයියට ගෙදර ගිය ගමන් ගන්නම්ම්.."
" හරි මැණික.. පරිස්සමින්..."
" ඔයත් අයියේ..."
කෝල් එක කට් වෙනවත් එක්කම ආරුගෙන් එකපාර ඉකියක් පිටවුනේ ආයුශ්ව මේ තරන් රවට්ටන එක පවක් කියලා ඒ පපුවට දැනුනු හින්දා.
ආරු අඬනවා දැක්ක ආයුග් ආරු ළඟට දුවගෙන ආවා.
" සාක්ෂි.. මොකද මේ ඇයි අඬන්නේ.. තමුසෙට මොකෙක් හරි මොනා හරි කිව්වද..." ආයුග්.
" ඔය අඬන එක නවත්තලා කියනවා සාක්ෂි.. කවුද මොනාද තමුසෙට කිව්වේ.. "
" ඇති ආයුග්... අපි මේ දේ නතර කරමු.. මට තව දුරටත් මෙ දේ කරන් යන්න බෑ.. ප්ලීස් මාව අතහරින්න... මම ආයුශ් එක්ක යාලු වෙලා ඉන්නේ.. මට බෑ එයාට වැරැද්දක් කරන්න.. ප්ලිස්ස් දැන් මේක හොඳටම ඇති..."
" සාක්ෂි මොනාද මේ තමුසේ කියන්නේ... තමුසේ කොහොමද ඌව තෝරගත්තේ ආ.. කියනවා..." ආයුග් ආරුගේ උරහිස් දෙකෙන් අල්ලලා හොලවන ගමන් කිව්වා.
" එයා මට ආදරෙන් සලකද්දි.. මං හොයලා බලද්දී .. මම ඇයි එයාව තෝරගන්නේ නැත්තේ ආයුග්... ප්ලීස් මට යන්න දෙන්න.. දැන් මේක හොඳටම ඇති..."
" හරි මං තමුසෙට යන්න දෙන්නම්... ඒත් මට තමුසේ මේ දේ කියන්න ඕනේ... කවුද බ්ලේඩ් කියන්නේ...." ආයුග් ඇහුව ඒ ප්‍රශ්නෙන් පුදුම වුන ආරු ඉන්න තැනිනුත් නැගිට්ටා.
ආයුග් දිහා ටික වෙලාවක් බලන් හිටිය ආරු මූණේ තිබ්බ කඳුලු අත්ලෙන් පිහගෙන හිනාවුනා.
" හහ්.. හහ්.. හහ්... මම කොහොමද මෙච්චර මෝඩ වුනේ.. රාක්ෂයෙක් වගේ මට වදම දුන්න මනුස්සෙයෙක් එකපාර හොඳ වෙද්දි මට හිතන්න තිබ්බා මොකක් හරි යටි අරමුණක් ඇති කියලා... ආයුග් තමුසේ මේ හින්දා නේද මට හොඳින් සැලකුවේ... තමුසේ මාව රැවැට්ටුවා... ආයුග් තමුසේ මහබල්ලෙක්...."
_________________________________________
කවදාවත් කරන්න හොඳ නැති දෙයක් තමා ගෑනු කෙනෙක්ව ආදරෙන් රවට්ටන එක... මොකද එයා පළිගන්න ගද්දි යක්ෂණියකවත් අන්ත වෙනවා...
ආරු කොහොම ආයුග්ගෙන් පළිගනීද...
comment කරන්න... Reaction දාන්න
ආදරෙයි හැමෝටම 🖤