The Bitter Sweet Harmony ❤️🔥
Pari🖤
Previous Episode...❤️🔥
https://telegra.ph/%E0%B7%84%E0%B6%BD%E0%B6%BA-03-20
16th Episode....❤️🔥
ප්‍රසාද්ට කෝල් එකක් ආව එකෙන් දෙන්නගේ කතාවට බාධා වුනා.
" ඔව් කියන්න...."
" මේ හදිස්සියේ..."
" හා හරි එහෙනම් හෙට තියමු... නවයට හොඳයිනේ..."
" හරි හරි...." ප්‍රසාද් කෝල් එක කට් කරලා සුදේශ් දිහා බැලුවේ අවුල්සහගත මූණකින්.
" මොකද බන්..."
" ශෙයාර් හෝල්ඩර්ස්ලාගේ මීටින් එකක් බන්..."
" මොකක්... මේ ඊයේ පෙරේදානේ බන් ඇනුවල් මීටින් එක තිබ්බේ.. උන් මොනාටද දැන් ආයේ එකක් තියන්නේ.. අනික උබනේ බන් CEO උන්ට ඕන ඕන විදිහට එහෙම මීටින් තියන්න පුලුවන්ද... දැන් මොකටද එහෙම කරන්නේ..."
" දන්නෑ බන්... උන් කතා කරන විදිහෙන් මොකක් හරි සීරියස් දෙයක් වෙනවා බලමුකෝ මොනාද වෙන්නෙ කියල..."
මේ අතරේ ආරු හිටියේ ශෙයාර් හෝල්ඩර්ස්ලාගේ විස්තර චෙක් කර කර...
" මුන් ඔක්කොම දෙයි කියලා ශුවර්ද..."
" ඔව් බන්... උන්ට මේ ශෙයර්ස්වලට වඩා හතර පස් ගුණේකින් ආදායමක් එන ශෙයර්ස් දෙද්දි චාන්ස් එක මිස් කරගන්නවද බන්..." සංජනා..
" එතකොට මේ ශෙයාර්ස් සේරම එකතු වුනාම.. මට... ම්ම්... 49% ක් හම්බෙනවා නේද... ඒ කියන්නේ මම තමයි CEO වෙන්නේ...."
" ඔව්.. එතකොට වැඩිම ශෙයාර්ස් ගාණක් තියෙන්නේ උබටනේ..."
" මොකද දෙන්නා ඔය කරන්නේ...." කියන ගමන් දිව්‍යා ආවා.
" බලෙන් ගත්ත ඒවා රිටර්න් එකත් එක්කම ගන්න යන්නේ අම්මේ..."
" ආරු... පලිගන්න වැඩේ හොඳ දෙයක් නෙවෙයි..."
" ඒත් අම්මේ අපි වින්ඳ දුක උන්ටත් දැනෙන්න ඕන... මේක නම් මම කීයටවත් නවත්තන්නෙ නෑ.. සංජු... මම 49% ක් තියාගෙන හරින්නේ නෑ... ඒක 51%ක්වත් කරගන්න ඕනේ... නැත්තන් උන් ඔක්කොම එකතු වෙලා ඒ ශෙයාර්ස් එකෙක්ට ලිව්වොත් වැඩේ හබක්..."
" ඒත් බන් තව 2%ක ශෙයාර්ස් ගන්නේ කොහෙන්ද...මට මතක විදිහට ඉතුරු ශෙයාර්ස් සේරම..."
" ෆැමිලි ශෙයාර්ස්.... ඒක සීයාගේ වැඩක්... එයා හැමතිස්සෙම කිව්වේ මොනා කරත් කමක් නෑ 51%ක ශෙයර්ස් පවුල අතරේ තියාගන්න කියලා...." දිව්‍යා.
"තව 2%ක් දෙකක්... පවුලේ කාගෙන්ද..."
" ඒ ශෙයර්ස් බෙදිලා ගිහින් තියෙන්නේ කොහොමද බන්..."
" ඕක බෙදිලා ගියේ සීයගේ ළමයි අතර... මම ඒ කාලේ පොඩියි බන් මට මතක නෑ හරියටම... ඒ ෆයිල්ස් හොයාගත්තා නම් වැඩේ හරි.. කාටහරි ගේමක් දෙන්න තිබ්බා..."
" ෆයිල්ස් කවදා ඒවද... ඒවා නම් හොයාගන්න පුලුවන් උබ ඇතුළට දාපු කෙනා තාම ඉන්නවනේ..."
" එහෙනම් ඉක්මනට එවන්න කියපන්කෝ... දැන් අවුරුදු 19කට කලින් ඒ ශෙයාර්ස් ටික බෙදුනේ..."
පැය භාගයක් ඇතුළත ආරුට ෆයිල්ස් ටික හම්බුනා.
" අඩෙහ් බන් 51%ක්ම එක්කෙනෙක්ගේ නමටනේ තිබිලා තියෙන්නේ..." සංජු.
" ඔව්... තාත්තානේ කම්පැනි එක හැදුවේ.. එයා ගාව ශෙයාර්ස් 51%ක් තියාගත්තා..."
" මේකේ විදිහට සීයාගේ ළමයි තුන්දෙනාට 10% ගාණේ බෙදිලා ගිහින් තියනවා... කිරි අම්මට 12%යි සීයාගේ නංගිට 2%යි මුනුබුරෝ මිනිබිරියන්ට 1% ගාණේ.. හැබැයි... මට.. 2%යි.."
" පොඩ්ඩක් හිටපන්... මුණුබුරෝ මිණිබිරියෝ කීයක් හිටියද..."
" ඒ වෙනකොට 6යි... නැන්දාගේ 3යි අපේ 2යි බාප්පාගේ 1යි...."
" එතකොට කීය ගාණෙද එක්කෙනෙක්ට..."
" 1% යි හැබැයි මට 2%යි...."
" ඒ ඇයි උබට විතරක්..."
" මම තමා සීයාගේ ෆේවරිට්.... ඒ හින්දා තමා මට වැඩි..."
" අඩෙහ් කට්ටිය කේස් දැම්මේ නෑ..."
" මොකද බන් නැත්තේ...."
" ඉතින් බන් ඒ 2% තියනවනේ උබට... හරිනේ 51%..."
" තිබ්බා ඒත් දැන් නෑ බන් බාප්පොච්චා ලියාගත්තා..."
" අපරාදේ බන්.. දැන් මොකද කරන්නේ..."
" අම්මේ අපි සයින් කරපු ඩොකියුමන්ට් තිබ්බා නේද..."
" ඉන්න මං අරන් එන්නම්..."
දිව්‍යා ෆයිල් ටික ගෙනැත් දුන්නට පස්සේ ආරු සෑහෙන වෙලාවක් ෆයිල් ටික චෙක් කරේ ආපහු එයාගේ ශෙයාර්ස් ටික ගන්න විදිහක් හොයාගන්න.
" ආ මේ තියෙන්නේ... මම ශෙයාර්ස්වල ගාණ ගෙව්වම මට ආයෙමත් ශෙයාර්ස් ටික හම්බෙනවා..."
" කීයකටද දුන්නේ..."
" ලක්ෂ හතලිහකට නේද අම්මේ..."
" ඔව් ගේ බේරගන්න ලක්ෂ හතලිහක්නේ ඕන වුනේ..."
"සංජු මට දැන් ශෙයර්ස් බෙදිලා ගිහින් තියන විදිහ පෙන්නන්න...."
" මෙන්න..."
" එතකොට මේකේ විදිහට.. නැන්දාගේ 10% එහෙම්මම තියනවා... ආච්චිගේ 2% එයාගේ දරුවො දෙන්නා අතරේ බෙදිලා ගිහිල්ලා... පොඩ්ඩක් ඉන්න... අම්මේ මේ සුදේශ්ට කොහොමද 11%ක් තියෙන්නේ එයා අපේ ශෙයාර්ස් ටික බාප්පට දුන්නෙත් එයාගේ ශෙයර්ස් ටික දීලා ණය බේරනවා කියලානේ... "
" ඔව් මටත් එහෙම තමා කිව්වේ අනික හරි නම් 10% නේ තියෙන්න ඕන..."
" එතකොට බාප්පට තියනවා 24% ක්.... ඒ කියන්නේ කිරි අම්මාගේ 12% ත් එක්ක.. ඉතුරු 2% මගේ එකද එතකොට හරිනේ අම්මේ.. සුදේශ් ගාව තියන වැඩිපුර 1% ලොකු නංගිගේ... මුන් ඔක්කොම එකතු වෙලා අපිව කලින් ඉඳලම රවට්ටලා තියෙන්නේ..."
" කියලා වැඩක් නෑනේ ආරු... නැන්දේ ඔයා කොහොමද අප්පා එච්චර අවුරුදු ගාණක් උන් එක්ක හිටියේ..."
" ඒවා කලින් කරපු පව් දුවේ... ආරු උන් එහෙම කරලා තියනවා නම් කිසිම සමාවක් දෙන්න හොඳ නෑ... අපි බොරුවටනේ දුක් වින්ඳේ..."
" බය වෙන්නෙපා අම්මේ මං දෙන්නම් වැඩේ... සංජු අපේ බාප්පාකාරයාගේ නම්බර් එක හොයාගත්තද..."
" ඔව් මේ තියෙන්නේ...."
ආරු කෝල් එකක් ගත්තා ප්‍රසාද්ට..
මේ වෙලාවේ ප්‍රසාද් සුදේශ් එක්ක ඔෆිස් එකට වෙලා බිල් වගයක් බල බල හිටියේ. අඳුනන්නේ නැති නම්බර් එකකින් ආව කෝල් එකක් හින්දා ප්‍රසාද් ඔෆිසියල් විදිහටම කතා කරා.
" හෙලෝ... ප්‍රසාද් සූරිය ආරච්චි ස්පීකින්... "
" බාප්පේ මම ආරු..." ආරු වැඩේ කරගන්න ඕන හින්දා අකමැත්තෙන් වුනත් ටිකක් යටහත් පහත් විදිහට කතා කරා.
" ආරු...." ප්‍රසාද් පුදුමෙන් කියද්දි සුදේශුත් බැලුවා. සුදේශ් ප්‍රසාද්ට ඉඟි කළේ ස්පීකර් ඔන් කරන්න කියලා.
" ඔව් බාප්පේ... මම උදව්වක් ඉල්ලගන්න කතා කරේ..."
" මගෙන්... මොකක්ද වෙන්න ඕන..." ප්‍රසාද් ටිකක් රෙෂ්පට් එකට කිව්වා.
" බාප්පේ මට මගේ ශෙයාර්ස් ටික ආයේ ඕන..."
" මොකක්..."
" මට මගේ ශෙයාර්ස් ආපහු ඕනේ..."
" ආරූ.. මතකනේ මම කිව්ව එක... ශෙයර්ස්වල ගාණ දුන්නොත් තමා..."
" හරි මං දෙන්නම්.. මට ශෙයර්ස් ටික දෙන්න එච්චරයි..."
" හරි දෙන්නම්ම්... හැබැයි මේ වෙනකොට ශෙයාර්ස්වල ගාණ කෝටි ගණන්වලට ගිහින් තියෙන්නේ ඔයාගේ මට මතක විදිහට 2%ක්ද කොහෙද නේ තිබ්බේ.. මේ වෙනකොට.. ඒක නම්... ම්ම්... කෝටි 3ක්වත් ගන්න වෙනවා..."
" හරි මම දෙන්නම්.. මම අනිද්දට එනවා.. අනිද්දා උදේ 8.30 වෙද්දි ඔෆිස් එකට එන්නම් සල්ලිත් ගේනවා මට මගේ ශෙයර්ස් දෙන්න..."
" ඕකේ... එහෙනම් අනිද්දා හම්බෙමු.." කියලා ප්‍රසාද් කෝල් එක කට් කරා.
" මේකි මොකද බන් එකපාර ශෙයාර්ස් ඉල්ලන්නේ..."
" දැන්ද දන්නෙ නෑනේ බන් ශෙයර්ස් ගන්න සල්ලි හොයාගත්තේ..." සුදේශ්.
" ඇයි බන් දැන් උබමනේ කිව්වේ කිව්වේ ඒකිට කම්පැනි එකක්ම තියනවා කියලා..."
" තියනවා තමා බන් ඒත් ඉතින් ඒවා ඇතුළේ මොන වගේ වියදමක් යනවද දන්නෙ නෑනේ..."
මේ අතරේ ආරුට නම් යකා නැගලා හිටියේ..
" උන් ලක්ෂ හතලිහක් අපිට දීලා දැන් ලක්ෂ 300ක් ඉල්ලනවා... "
" ආරු ඔයා ඇත්තටම ලක්ෂ 300ක් දෙනවද..."
" පිස්සුද බන්... මම දෙන්නේ ලක්ෂ හතලිහයි... ශෙයාර් හෝල්ඩර්ස්ලා මීටින් දැම්මා කිව්වේ කවදා කීයටද..."
" අනිද්දා 9ට..."
" ම්ම්.. එහෙනම් ඒ වැඩෙත් හරි.. හෙට හවසට අපි ආයේ කුරුණෑගල යනවා... අම්මේ ඔයත් එනවද..."
" අනේ මට නම් බෑ ආරු.. මං නිරූවත් බලාග්රන ගෙදරට වෙලා ඉන්නම්.. "
" හරි එහෙනම් අනිද්දට දෙන්නම් වැඩේ..." ආරු හයියෙන් හිනාවෙලා කිව්වා.
ඇත්තටම කිව්වොත් ආරු එහෙම හිනා වෙද්දි සංජු විතරක් නෙවෙයි දිව්‍යාත් බයයි.. මොකද කිව්වොත් ආරු අන්තිමට ඔය විදිහට හිනා වුන දවසේ එයා සම්පූර්ණ කම්පැනි එකක්ම විනාශ කරලා දැම්මා ආයේ අවුරුදු සීයකටවත් ගොඩ එන්න බැරි වෙන්න..
පහුවදා හවස ආරුලා කුරුණෑගල ගියා. මේ පාර නම් ආරුලා නතර වුනේ වෙන හොටෙල් එකක.
පහුවදා උදේ ආරු තනියම සූරියආරච්චි එන්ටර්ප්‍රයිසස් එකට ගියේ සංජුව කාර් එකේ තියලා. ඒ වෙනකොටත් ඔෆිස් එකේ කට්ටිය එකතු වෙලා. ආරුගේ නැන්දා සුදේශ් නිශූ ප්‍රසාද් නයෝමි කට්ටිය ඉන්නවා.
ආරු ඔෆිස් එක ඇතුළට ගිහින් කට්ටියටම හිනා වුනා. ඒත් ඉතින් ආරුගේ ඒ හිනාව පිටිපස්සේ තියන දේවල් දැනන් හිටියා නම් නයෝමි ආරුට කවදාවත් ඊළඟට අවමන් කරන්නෙ නෑ.
" අන්තිමට අපි ළඟටම එන්න වුනානේ.. ආරු.. තමුසේ එදා හැසිරුනේ කොහොමද.. හරියට අපි නැතුව ඕනම දෙයක් කරන්න පුලුවන් වගේ.. ඒත් ඉතින් අන්තිමට අපේ කකුල් දෙක ළඟ..." කියලා හිනාවුනා.
" කියලා වැඩක් නෑ පුංචි.. හිතන් ඉන්නේ මහ රැජින කියලා..." නිශූ.
ඒත් ඒ කිසිම දෙනෙක්ව ගණන් ගත්තේ නැති ආරු ප්‍රසාද් ළඟට ගියා.
" බාප්පේ වැඩ ටික හරිද මට ගන්න පුලුවන්ද..."
" හරි කෝ සල්ලි..."
ආරු එයාගේ පර්ස් එකෙන් ගත්තේ කාර්ඩ් එකක්.
" ආ මෙන්න මේක බලන්න..."
ප්‍රසාද් කාඩ් එක අරන් මැෂින් එකෙන් බැලුවා. ඒත් ඒකේ තිබ්බේ ලක්ෂ හතළිහයි.
" මේකේ තියෙන්නේ ලක්ෂ හතලිහයි... මම කිව්වේ කෝටි තුනක් කියලා.. හරි නම් කෝටි පහක් වෙනවා ඒත් ඉතින් මම අපේ එක්කෙනෙක් හින්දා දුන්නේ තුනට..."
" මෙයාට එච්චරද දන්නෑනේ බබා තියෙන්නේ.. තිබ්බ සේසතම එකතු කරගෙනද දන්නෙ නෑනේ ආවේ..."
" බාප්පේ.. මේ ඩොකියුමන්ට් එකේ පැහැදිලිවම තියනවා මම ශෙයාර්ස් ටික ගන්න බාප්පාට දෙන්න ඕනේ බාප්පා මට දුන්න ගාණ කියලා... ඉතින් බාප්පා මට දුන්නේ ලක්ෂ හතලිහයිනේ.. මට මතකයක් නෑ මට කෝටි ගාණක් දුන්නා කියලා..." ආරු ළඟ තිබ්බ පුටුව ඇදලා අරන් ඉඳගෙන කකුලක් පිට කකුලක් දාලා ඉඳගෙනම කිව්වා.
" ඒත්..."
" ඒත් මේත් නෙවෙයි සැක නම් බලන්නකෝ..." කියලා ආරු ඩොකියුමන්ට් එක මේසෙට විසි කරා.
ඩොකියුමන්ට් එක බලපු ප්‍රසාද්ට වැඩේ වරදිනවා කියලා තේරුන හින්දා මොකද කරේ ඒකේ තිබ්බ කොළ සේරම කීතු කීතු වෙන්න ඉරල දැම්මා.
නයෝමි ඒක දැකලා හොඳට හිනා වුනා.
" දැන් තමුසේ මොනාද කරන්නේ..."
" අයියෝ බාප්පේ ඔයා හිතුවද මම මෝඩයි කියලා ඔයාට ඔරිජිනල් එක දෙන්න..." කියපු ආරු කෝල් එකක් ගත්තේ සංජුට.
" සංජු... ඔරිජිනල් ඩොකියුමන්ට්ස් ටික එවන්න.. මිස්ටර් වරුන්ටත් එන්න කියන්න ඒ එක්කම..."
" මොකද තමුසේ කාව හරි ගෙන්නලා අපෙන් ශෙයාර්ස් ගන්නද හදන්නේ... ආරු තමුසේ කෝටි තුනක් දෙනකන් ශෙයාර්ස් දෙන්නේ නෑ..." ප්‍රසාද්.
" ආරු ඔයාට හොඳට සල්ලි තියනවානේ ඉතින් දුන්න නම් ඉවරනේ..." සුදේශ්.
" මිස්ටර් සුදේශ්.. මම පාරේ ඉන්න හිඟන්නෝන්ට කෝටි තුනක් දුන්නත් තමුන්ලට නම් දෙන්නේ නෑ.. "
" එහෙනම් තමුසේ මොකටද ශෙයාර්ස් ඉල්ලන්නේ..." නිශූ.
ආරු නැඟිටලා නිශූගේ කනට ගැහුවා.
" වැඩිහිටියෝ කතා කරද්දි මැදින් පනින්න එපා..."
" තාත්තේ බලන්නකෝ..."
" ආරු මේ තමුසේගේ නංගි නේද නංගිට ඔහොමද සලකන්නේ..."
" මිස්ටර් සුදේශ්... මට ඉන්නේ එක නංගියයි එයා මේ වෙනකොටත් තාම නිදි ඇති ගෙදරට වෙලා..."
ඒත් එක්කම දොර ඇරගෙන කෝට් සූට් ඇදගත්ත කෙනෙක් ආවා.
" මැඩම් මෙන්න.." කියලා ඒ කෙනා ආරුට ෆයිල් එකක් දුන්නා..
" මේ තියෙන්නේ ඔරිජිනල් ඩොකියුමන්ට් එක මිස්ටර් ප්‍රසාද්...."
ඒ එක්කම සුදේශ් ඉස්සරහට ආවේ ආරුගෙන් ඩොකියුමන්ට් එක ගන්න. ඒත් ඉතින් ආරුගෙන් ඩොකියුමන්ට් එක ගන්න වෙන්නේ හීනෙන් තමා..
" හෝව් හෝව්.. මිස්ටර් සුදේශ් හදිස්සි වෙන්න එපා... මිස්ටර් වරුන් මෙයාලට කියන්න..."
" මිස්ටර් ප්‍රසාද්... ඔයාගේ කන්ට්‍රැක්ට් එකේ පැහැදිලිවම කියලා තියනවා මිස් ආරන්‍යා ඔයාලට දෙන්න ඕන ලක්ෂ හතලිහක් විතරයි කියලා... ඒ අනුව ඔයාල ඊට වඩා එක සතයක් හරි ගත්තොත් මිස් ආරන්‍යාට පුලුවන් ඔයාලට විරුද්ධව පැමිණිලි කරන්න.. හැබැයි මිස් ආරන්‍යා එහෙම කරොත් ඔයාලට බොහෝදුරට මිස් ආර්න්යාට වන්දියකුත් ගෙවන්න වෙනවා.. මොකද ඔයාලා ශෙයර්ස් ටික මිස් ආරන්යාගේන් ගන්න කලින් අවුරුදු පහක ඉඳන් ඒ ශෙයාර්ස්වලින් ලැබෙන ලාබේ දීලා නෑ.. ඒ අනුව ඔයාලට කෝටි හයක මුදලක් මිස් ආරන්‍යාට ගෙවන්න වෙනවා.. ඉතින් මිස්ටර් ප්‍රසාද් මොකද කියන්නේ අපි නඩු මඟට යන්න ද නැත්තන් මේක ගොඩින් බේරනවද..."
වරුන්ගේ කතාව අහපු ප්‍රසාද්ට තේරුනා තව ටිකක් කියවන් ගියොත් වැඩේ වරදිනවා කියලා.
" හරි මම දෙන්නම්..."
" බබා එපා එහෙම කරන්න.. මේකිගේ රෙෂ්පට් එක වැඩි හොඳටම..."
" නයෝ.. ඇති දැන් ඕක... ආරු මෙන්න ඩොකියුමන්ට් ටික මම සයින් කරලා දෙන්නම් බලලා ඔයත් සයින් කරන්න..." කියලා ප්‍රසාද් ශෙයාර්ස් ටික ආරුගේ නමට හැරෙව්වා. අන්තිමට ආරුට හිතුව විදිහටම වැඩේ කරගන්න පුලුවන් වුනා.
" එහෙනම් වැඩේ හරි අපි යනවා... දැන් ඔයාලට මීටින් එකකුත් තියනවනේ.." කියලා ආරු ගියා.
" තාත්තේ ඒකි කොහොමද දන්නේ මීටින් එකක් තියනවා කියලා..."
" අනේ මන්දා.. මල්ලි ආරුත් දැන් ශෙයාර් හෝල්ඩර් කෙනෙක් හින්දා එයත් මීටින් එකේ ඉන්න ඕන නේද..."
" ඕන්නෑ ඕන්නෑ ආරු එතනත් මොකක් හරි ප්‍රශ්නයක් කරයි... අපි යන් දැනටමත් 9.10යි..." කියලා කට්ටිය මීටින් එකට ගියා.
" මිස්ටර් ප්‍රසාද් අපි හදිසියේම මීටින් එකක් තියන්න කිව්වේ ඔයාට දෙයක් දැනුම් දෙන්න... අපි අපේ ශෙයාර්ස් විකුණනවා..."
" මොකක්...ඒත් ඇයි මේ හදිස්සියේම..."
" හදිස්සියේමකියන්නේ.. සමහර දේවල් තියනව මිස්ටර් ප්‍රසාද් ආපු වෙලේ ගන්න ඕන... ඇත්තටම කිව්වොත් අපි වෙන කම්පැනි එකක ශෙයාර්ස් එක්ක මේ කම්පැනි එකේ ශෙයාර්ස් මාරු කරගන්නවා..."
" මිස්ටර් වන්නිනායක් දැන් එයාල ඔයාලාගේ මේ ශෙයාර්ස්වලට එයාලගෙන් කොච්චරක් දෙනවද..."
" අපිට 1% ගාණේ දෙනවා.. මිස්ස් නයෝමි..."
" අයියෝ මිස්ටර් වන්නිනායක ඔයාට මෙහෙ 8%ක් තියනවා එතකොට ඔයා ඒ 8% දාලාද 1%ක් ගන්න යන්නේ..." කියලා නයෝමි හිනා වුනා.
" මිසිස් නයෝමි... අපිට ශෙයාර්ස් කොච්චරක් තියනවද කියන එක නෙවෙයි වැදගත්... අපිට ලැබෙන ප්‍රොෆිට් එක කොච්චරක්ද කියන එකයි... මම මෙහේ 8% න් ගන්නේ මාසෙකට ලක්ෂ 10ක් විතර හැබැයි මට ඒ කම්පැනි එකේ 1%න් මාසෙට කෝටියක් ගන්න පුලුවන්... ඉතින් මම දියමන්තියක් අතහරින්න ඕනද තිරිවානා ගලක් වෙනුවෙන්... අපිට ඕන වුනේ ඔයාලාව දැනුවත් කරන්න විතරයි . තව ටිකකින් ඒ හැම ශෙයාර් එකක්ම අපි ඒ කම්පැනි එකේ ඕනර්ගේ නමට හරවනවා.. අපිට ඔයාලා මොනාද කියන්නේ කියන එක වැදගත් නෑ එහෙනම් අපි යනවා ගුඩ් බායි..."
ශෙයාර් හෝල්ඩර්ස්ලා සේරම නැගිටලා යන්න ගියා.
" පොඩ්ඩක් ඉන්න මට දැනගන්න පුලුවන්ද කවුද ශෙයර්ස් ගත්තේ කියලා... ඒ එක්කනාමද..."
" ඔව් එක්කෙනෙක් තමා ශෙයාර්ස් ඔක්කොම ගන්නේ එයාගේ කම්පැනි එක තමා SA Universal Hub.." කියලා ගියා.
" තාත්තේ මට ඒ කපැනි එකේ නම හුරුයිනේ.. කලින් අහලා තියනවා වගේ... "
" මටත් එහෙම තමා ඒත් හරියටම මතක නෑ කවුද කියලා..."
" අඩෙහ් එක්කෙනෙක් ඒ ඔක්කොම ගන්නවා කියන්නේ ඒ කෙනා අතට කම්පැනි එක යනවා එයාටනේ එතකොට 49%ක්ම යන්නේ..."
" එතකොට මොකද කරන්නේ මල්ලි... වෙන කෙනෙක් අතට නම් යන්න දෙන්න බෑ මේක හදන්න තාත්තා මහන්සි වෙච්ච තරන්..."
ආරු හිතුවා වගේම ප්‍රසාද් එයාගේ හොඳම ඔප්ෂන් එකට ආවා.
" එකම එක දෙයයි කරන්නේ තියෙන්නේ අපි එක්කෙනෙක් නමට ශෙයාර්ස් සේරම හරවන්න ඕන. එතකොට ඒ කෙනාට 51%ක් තියන හින්දා කම්පැනි එක පිට යන්නේ නෑ..."
" ඒක හොඳ අයිඩියා එකක් නම් තමා ඒත් ආරු නම් දෙයි කියලා හිතන්න බෑ..." සුදේශ්.
" ආරු.... තාත්තේ SA Universal Hub කියන්නේ ඒකිගේ කම්පැනි එක... එතකොට ඒකි තමා මේ හැම්දේම පිටිපස්සේ ඉන්නේ..." නිශූ
" හරියටම හරි රුක්ෂි.. මම තමා මේ හැමදේම පිටිපස්සේ ඉන්නේ... හහ්... දැන් ඉතින් මම තමා මේ කම්පැනි එකේ අලුත් CEO... එහෙම නේද මිස්ටර් ප්‍රසාද්.. නැගිට්ටා නම් හරි නේද දැන් ඔතනින්..."
ආරු මීටින් රූම් එකේ දොර ඇරගෙන එනගමන් කිව්වා.
__________________________________________
ළමයි අද අපි නෑයොන්ට බනිමූ....
මම පටන් ගන්නම්... නෑයො තරන් කරදර කාර... එපා වෙන ඕපදූප හොයන හදි හූනියම් කරන සෙට් එකක් වෙන කොහෙවත නෑ..
එහෙනම් ඔයාලාගේ වාරේ...
reaction දාන්න.. comment කරන්න..
ආදරෙයි හැමෝටම 🖤