The Bitter Sweet Harmony ❤️‍🔥

The Bitter Sweet Harmony ❤️‍🔥

Pari🖤
Bound by pain, United by love.....



Previous Episode...❤️‍🔥


https://telegra.ph/The-Bitter-Sweet-Harmony-03-16




15th Episode...❤️‍🔥


" තමුසේ ඔහොම බලද්දි මට තමුසෙව ගිලින්න හිතෙනවා.. තමුසෙට මතකනේ මම තමුසෙගෙන් පලිගන්න එක තාම.. තමුසෙගේ අම්මයි නංගියි හොඳින් ඉන්න ඕන්නන් තමුසේ මම කියන විදිහට ඉන්න ඕන.. ඒ වගේම මම තමුසෙට යන්න දෙනවා දවසක.. ඒ කියන්නේ මම පලිගන්න එක නතර කරනවා.. ඒකට තමුසේ මට දෙයක් කරලා දෙන්න ඕන..."


ආයුශ් මේක දැකලා ආරු ළඟට එන්න ගියත් ඒත් එක්කම ආව සංජනා ආයුශ්ව නැවැත්තුවා.


" අහ්... ඒ.. මොකක්ද..." ආරුට හිතුනේ මොන මරාලයක්ද මේ කඩාපාත් වෙන්න යන්නේ කියලා.


" තමුසේ මට ළමයෙක් දෙන්න ඕන...."


" මොකක්...."


" තමුසෙ මට ළමයෙක් හදලා දෙන්න ඕන.." කියලා ආයුග් ආරුගේ කුස පෙන්වමින් කිව්වා.


" අහ්.. මම... ඒත් ඇයි මම..."


" මට ඕන තමුසෙගෙන්.... තමුසෙගේ කැමැත්තෙන් අකමැත්තෙන් මට වැඩක් නෑ... දැන් යනවා මම කෝල් ගන්න ඕනම වෙලාවක ආන්ස්වර් කරන්න ඕනේ.. තේරුනානේ..."


ආරු ඔලුව වැනුවා තේරුනා කියන්න. ආරුගේ නළල සිප ගත්ත ආයුග් ආරුව අතහැරියා.



ආරු ඉක්මනට ගියේ ආයුශ් ළඟට.


" ආරු... නිරූව ගන්න අද මං අරූ එක්ක දෙකින් එකක් විසඳගන්නවා..." නිරූව ආරු අතට දෙන ගමන් ආයුශ් කිව්වා.


" අයියේ එපා... ඒක දැන් ඉවරයි ඇති දැන්.. ඔය දෙන්නා රණ්ඩු වෙන්න ඕන නෑ.. සංජු වැඩ ටික හරිද..."


" හරි ආරු යන්න තමා තියෙන්නේ..."


" යන් අයියේ.. ඔයා නුවර යනවද අද..." ආරු තාමත් ආයුග් දිහා රවාගෙන බලන් ඉන්න ආයුශ්ගෙන් ඇහුවා.


" ආ ඔව්.. අම්මලා මඟ එනවා ඇති දැන්... මං කිව්වා මම මෙතන ඉන්නවා කියලා..."


" අයියේ නැන්දා බනින්නැද්ද මාව හම්බෙන්න එනවා කියලා.." ආරු අහද්දි ආයුශ්ට එකපාර මොකක් කියන්නද කියලා හිතාගන්න බැරි වුනේ ආයුශ් කාටවත් ආරුව හම්බෙන්න එනවා කියලා එන්නෙ නැති හින්දා.


" අහ්... මේ.. නෑ මුකුත් කියන්නෑ.. අනික ඒ කියන ඒවා කවුද ගණන් ගන්නේ... නිරූ බබා ඔයා යනවද එතකොට..." ආයුශ් හිමීට කතාව වෙන පැත්තකට හැරෙව්වා.


" මාමිත් යන් අපිත් එක්ක..."


" කමක් නැද්ද..."


" කමක් නෑ...."


" අනේ අනේ නිරූ බබා... යන් නේ... "


ආරුලාව ආයුශ් පිටත් කරලා යවන දිහා ආයුග් බලන් ඉන්නවා දැකලා එතනට සරස් ආවා.


" උබ මොනාද මේ කරන්නේ බන්..."


" ඇයි මොකද..."


" උබ මොනාද අර සාක්ෂිත් එක්ක නටන නාඩගම... ඊයේ වෙනකන් උබ හැදුවේ ඒකිට වද දෙන්න.. ඒත් ඊයේ රෑ ඒකිත් එක්ක නිදියලා ලව් කරනවා..."


" සමහර දේවල් තියනවානේ බන් කරගන්න ඕන්නන් නරකින් වැඩ කරන්න බෑ ඒකට ටිකක් හොඳ වෙන්න ඕන.."


" ඒ කියන්නෙ උබ..."


" රඟපානවා... ඒකිව රවට්ටනවා... ඒකි දන්නවා බ්ලේඩ් කියන්නේ කවුද කියලා ඒකිගේ කටින් ඒක එළියට ගන්න නම් මම ඒකිට හොඳයි වගේ හැසිරෙන්න ඕන...."


" උබ නම් මහ... ෂිට්... මම උබට දෙයක් කියන්නම් උබ දවසක පසු තැවෙයි ඔය කරන ඒවට.. එදාට උබට හිතෙයි මම අපරාදෙනේ මෙහෙම හැසිරුනේ කියලා...." කිව්ව සරස් තරහින් යන්න ගියා.




මේ අතරේ කාර් එකේ යන ගමන් හිටිය ආරු ෂටර් එකෙන් එළිය බලාගෙන කල්පනා කරේ දැන් ආයුශ්ටයි ආයුග්ටයි මොකද කරන්නෙ කියලා. ඇත්තටම සංජනා උදේ කිව්වා වගේ එයා එයාගෙම හිත රවට්ටන් ඉන්නෙ කියලා ආරු දන්නවා. ආරු ආයුශ්ට කැමති වුනේ මීට අවුරුදු තුනකට කලින් ආයුශ් එයාව බේරගන්න ආව වෙලේමයි. ඒ විතරක් නෙවෙයි ඒ වෙනකොට එයාට ආයුග් ගැනත් හිතේ තිබ්බා. ආයුග් හම්බුනු දවසෙමයි එයා ආයුග්ට කැමති වුනේ.



" මොනාද බන් කල්පනා කරන්නේ...." සංජනා.


" මුකුත් නෑ බන්..."


" මුකුත් නැති වෙන්න විදිහක් නෑ.. උබ මොනාද කේශ්ට කිව්වේ..."


" මං කිව්වා යාලුවෝ වගේ ඉමු කියලා.."


" උබ දැන් මොනාද කරන්න හිතන් ඉන්නෙ බන්.. බලපන්දැන් ආයුශ් අයියාත් උබේ පස්සෙන් එනවා අනික් එකා ආයුග්කාරයා.. හැබැයි මං නම් කියන්නේ බන් ආයුග්ගෙන් ඈත් වෙලා ඉඳපන් ඌ එකපාර හොඳ වුනේ හොඳකට වෙන්න බෑ... උබට ගැළපෙන්නේ ආයුශ් ආයියා බන්..."


" ම්ම්ම්..  මං දන්නවා ඒත් මට ආදරේ කරන්න බෑ බන්..."


" ඔන්න ඕක තමා උබේ අවුල බන්.. උබ ඔහොම ඉදලා තමා කේශ්වත් නැති කරගත්තේ... උබ දැන් ඇයි ඔච්චරටම ලව් කරන්න බය.."


" ඒක මං හැදුනු විදිහ.. ඒක ඔයාට තේරෙන්නේ නෑ සංජු... කවදහරි පවුලේ වැඩිමලා වෙලා බලන්න ඒ චරිතේ පිටින් පේනවට වඩා සංකීර්ණයි... මම ඒක හොඳටම අත්විදලා තියනවා.."


" එහෙම කියලා බන්..."


" සංජු මගේ සමහර රහස් තියනවා කවුරුත්ම දන්නේ නැති.. අඩුම අම්මාවත්... උබ දන්නවනේ පොඩි කාලේ ඉඳලම මං හිටියේ අම්මා එක්ක කියලා.. කට්ටිය කිව්වේ මමයි අම්මයි ඉන්නේ යාලුවෝ වගේ කියලා ඒක ඇත්ත.. ඒත් යාලුවෙක් උනාම දෙන්නට දෙන්නා අදහස් බෙදාගන්නවා අපි අතට එහෙම දෙයක් වුනේ නෑ බන්.. අම්මා හැමවෙලේම අම්මාගේ දුක මට කිව්වා අපිත් එක්ක ඉඳලා අම්මා දුක් විඳිනවා කියලා කිව්වා.. උබ දන්නවද ඉස්සරාපි අතින් පුංචිම පුංචි වැරැද්දක් වුනත් අම්මා අපිට පැය ගාණක් බනිනවා.. ඒ හින්දා තමා ලොකු නංගි වැඩිපුරම රණ්ඩු වුනේ.. ලොකු නංගි අපෙන් වෙන් වෙන්න අම්මත් එක හේතුවක්... ඒක අම්මට කිව්වට අම්මා පිලිගන්නේ නෑ මොකද අම්මා හැමතිස්සෙම හිතන්නේ අම්මගේ පැත්තෙන් විතරයි.. උබ දන්නෑ ඉස්සර ඒ කියන්නේ අපි හතේ අටේ වගේ ඉන්න කාලේ මට රෑට නින්ද යන්නෙ නෑ ඇයි හැමදාම රෑට අම්මයි තාත්තයි රණ්ඩු.... ඒ විතරක් නෙවෙයි ටික කාලෙකින් තාත්තා රට ගියාම අම්ම අවුරුද්දක් විතර ගියාට පස්සේ තාත්තා එක්ක කතා කරන එක නැවැත්තුවා ඊටපස්සේ තාත්තා කතා කරේ මට.. උබට කියන්න ඒ කාලේ තමා මගේ ජීවිතේ මට එපාම කරපු කාලේ..  ඒ කාලේ මම අම්මටයි තාත්තටයි මැදි වෙලා මාර දුකක් වින්දේ.. ඒ දවස්වල තමා මම හිතුවේ ගෙදරින් ගිහින් තනියම ජීවත් වෙන්න.. උබ කිව්වනේ මම කේශ්ව නැති කරගත්තා කියලා.. ඔව් බන්.. මොකද මම මම වෙන්න ඉස්සර වෙලා මගේ අක්කා කියන චරිතේ රඟපාන්න වුනා බන් ඒකේදි මට නංගිල මගේ පැත්තට අත දික් කරන්නේ නැති කෙනෙක් වෙන්න වුනා.. ඊටපස්සේ තාත්තා සල්ලි එවන්නෙ නැති වුනාම මට ඕන වුනේ සල්ලි හම්බ කරන්න... ඒ හින්දා මම මගේ හීනේත් නැති කරගත්තා බන් මට ඩොක්ටර් වෙන්න තිබ්බ ආසාව ඒකත් මං දන් දුන්න.. මට ඕන වුනේ පවුල ගොඩගන්න අම්මට හරිගමන් ජීවිතයක් අරන් දෙන්න.. පවුලේ වැඩිමලා විදිහට මට දැනුනේ ඒක මගේ වගකීම කියලා.. මම ඒ හැම්දේම කරා බන්... ලොකු නංගිව අතහැරියට චූටි නංගිට ජීවිතේ හදලා දුන්නා අද අම්මත් සතුටින් ඉන්නවා.. මට විසි කරන්න තරන් සල්ලිත් තියනවා.. ඒත් සතුට කියන එක නෑ බන්.. මම ඉස්සර හිතන් හිටියේ සල්ලි තියනවා නම් ඔක්කොම හරි කියලා..." ආරු එයාගේ දුක සංජනා ඉදිරියේ කිව්වේ මෙතෙක් එයා වෙන කාටවත්ම කියලා නැති දේවලුත් එක්ක.


" උබ පව් බන්.. " කියලා සංජනා ආරුගේ ඔලුව අත ගෑවා. සංජනාට මතක් වුනේ ස්කෝලේ කාලෙත් ආරුට මොන තරන් කරදර ආවත් එයා හිනාවෙලාම හිටියා. මේ වෙනකනුත් එයා එයාගේ වේදනාව අනික් අයගෙන් හංඟන්නමයි හිතුවේ.


" මං ආයුශ් අයියට චාන්ස් දෙනවා...."


ආරු එහෙම කියද්දි සංජනා පුදුමෙන් ආරු දිහා බැලුවා.


" ඇත්තටමද..."


" ඔව් බන්... ආයුශ් අයියා දැන් අවුරුදු තුනකටත් වඩා මං හින්දා දුක් විඳිනවා..."


" අම්මෝ ඇති බන් ලොකු දෙයක්..."




ආරුලා ආවේ දිව්‍යාගේ නුවරඑළියේ ගෙදරට.


හවස අනික් අය උයන පිහන වැඩ කරද්දි ඒවටත් එහෙන් මෙහෙන් උදව් කරලා ආරු ආවේ වැව ළඟට. ඒ ඇවිල්ලා වැවට කකුල් දෙකත් දාගෙන ඉඳගෙන බලන් හිටියේ ඈතින් පේන කඳු දිහා. මේ වෙනකොට ඉර බැහැලා ගිහින් හින්දා අමුතු ලස්සනක් තිබ්බා.


ආරු පැයක් දෙකක් එතන ඉන්න ඇති. ආරුගේ දැහැන බිඳුනේ සංජනා කතා කරපු හින්දා.


" ආරු..."


" ම්හ්..." ආරු පිටිපස්ස නොබලම සංජනා එක්ක කතා කරා.


" මොකද ඔතන කරන්නේ..."


" ලස්සන බලනවා.."


" ආයුශ් අයියට කැමති කියලා කියන්නේ කවද්ද...."


" ආයේ හම්බුනු දවසක කියනව මම එයාට ආදරෙයි කියලා.."


" ආරු... මාත් ඔයාට ආදරෙයී...."


ආරු එකපාර පුදුමෙන් හැරිලා බැලුවේ ඒ ආයුශ්ගේ කටහඬ හින්දා. මේ වෙනකොට සංජනා පේන්නත් නෑ..


" ආයුශ් අයියේ..." ආරු කලබල වෙච්ච පාර එකපාර වැවට වැටුනා. ආයුශ් දුවලා ගිහින් වැවට පැන්නේ ආරුට පීනන්න බෑ කියලා හොඳටම දන්න හින්දා. ආයුශ් ආරුව අරන් ගොඩට ඇවිල්ලා තණකොළ ගොල්ලේ දිගා වුනා.


" අම්මෝ ඒක හීනයක් නෙවෙයි නේද එහෙනම්...." කිව්ව ආයුශ් ආරුව ඇදලා අරන් පපුවට තුරුල් කරගත්තා.


" ආරු ඔයා ඇත්තටම මට ආදරේද...."


" ඔව් අයියේ...."


" මට දැනෙන්නේ නිකන් මුළු ලෝකෙම මට හම්බුනා වගේ ආරු... " කිව්ව ආයුශ් ආරුගේ නළල සිප ගත්තා.


තවත් වෙලාවක් දෙන්නා බිම දිගාවෙලා අහසේ හඳ දිහා බලාගෙන හිටියා. ටිකෙන් ටික සීතල තද වෙනකොට තමා දෙන්නට මතක් වුනේ තෙමිලා ඉන්නේ කියලා.


" ආරු යන් ඇතුළට... තෙමිලත් එක්කනේ ඉන්නේ දැන් හෙම්බිරිස්සාව හදාගන්නත් වෙනවා..."


දෙන්නා ගේ ඇතුළට එනකොට දිව්‍යාට තේරුනා දැන් දෙන්නා යාලු වෙලා ඉන්නෙ කියලා.


" දෙයියනේ මොකද ඔය තෙමිලා...." දිව්‍යා.


" වැවට වැටුනානේ අම්මේ..." ආරු.


" අනේ මන්දා ආරු මෙච්චර ලොකු වෙලත් තාම පොඩි එකෙක් වගේනේ හැසිරෙන්නේ... පුතාට දෙන්න ඇඳුමක් කොහෙන්ද දැන්...."


" ආ... මේ.... ආයුශ් අයියාගේ ඇඳුමක් මං ගාව තියනවා..."


කට්ටියම ආරුව විනිවිද යන බැල්මකින් බැලුවම ආරුට තේරුනා වැඩේ වැරදුනා කියලා.


" මේ මේ... ඇයි අයියා පැරිස් ආව වෙලාවේ... මේ... ඇඳුමක් දාලා ගියානේ ඒක තියෙන්නේ.. මේ.. මම අයියට දෙන්න ගෙනාවේ...."


" හරි හරි ඕකට ගොත ගහන්න ඕන නෑ.. දැන් දෙන්නා ගිහින් නාගන්නකෝ.. ආරු එහෙනම් ආයුට ඔහොම්මම ටවල් එකකුත් දෙන්න..."


දෙන්නා නාගෙන එනකොට කෑම ලෑස්ති කරලා. කෑම කාලා ආයුශ් යන්න කියලා නැගිට්ටා.


" කොහෙද යන්නේ..." ආරු.


" තව රෑ වෙන්න ඉස්සරවෙලා මම යන්නම් ආරු..."


" දැන් රෑ වෙලානේ පුතේ... අනික කොච්චර නම් දුරක් යන්න තියනවද.. මෙහෙ නතර වෙන්න අද රෑට.. උදේට යන්න පුලුවන්නේ..." දිව්‍යා.


" ඒකනේ එහෙම කරා නම් හරිනේ අයියේ..." ආරු.


" ඒත් පොඩි ප්‍රශ්නයක් තියනවනේ අම්මේ.. අපේ ගෙදර තියෙන්නේ කාමර හතරයි.. එකක් මගේ එකක් අම්මගේ එකක් අක්කගේ අනිකේ සංජනා අක්කා.. එතකොට ආයු අයියා කොහෙද ඉන්නේ..." සිතූ.


" ඔන්න මං කිව්වා මට නම් කාමරේ ෂෙයාර් කරගන්න බෑ..." සංජනා සිතූට ඇහැක් ගහලා කිව්වා. වැඩේ තේරුන සිතූත්,


" මටත් බෑ..."


" හරි ඉතින් ආයු පුතා ආරුගේ කාමරේ නිදාගන්න රෑට මට ප්‍රශ්නයක් නෑ ඒක...."


" අම්මේ...." ආරු.


" දැන් ඉතින් දෙන්නා කපල් නේ ආයේ මොකටද..." දිව්‍යා.


" අම්මේ අපි දෙන්නා යාලු වෙලා තාම පැය ගාණයි...."


" මට නිදිමතයි අප්පා... සිතූ සංජූ එන්නකෝ මේ ටික කිචන් එකෙන් තියන්න..." කියලා දිව්‍යා ශේප් එකේ මාරු වුනා.


සංජනාත් ආරුට ඇහැක් ගහලා දිව්‍යාගේ පස්සෙන් ගියා.


ආයුශ් ආරු දෙන්නා මූණට මූණ බලාගත්තේ යාලු වෙච්ච පළවෙනි දවසෙම දෙන්නට එකම රූම් එකේ ඉන්න වෙන හින්දා.


ආරු රූම් එකට යද්දි ආයුශුත් ඒ පස්සෙන්ම ආවේ නිරූව වඩාගෙන. නිරූට නම් දැනටමත් ඇස් පියවෙනවා. ආරු නිරූව ඇඳෙන් තියලා හිමීට තට්ටු කරා... ආයුශ් ඒ දිහා බලන් ඉන්නවා දැක්කම ආරුට මතක් වුනේ ඊයේ රෑ ආයුග් එක්ක ගෙවුන මොහොතවල්..


" ආරු මොනාද මේ හිතන්නේ.. දැන් ඔයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා..." ආරු තමන්ටම මුමුණගත්තා.


ආරු නිරූව නිදිකරන අතරේ ආයුශ් බැල්කනි එකට ගියා. ආරුගේ බැල්කනි එකට ලස්සනට වටපිටාව පේනවා. ටිකකින් ආරුත් ආවා.


" අයියේ...."


" බබා නිදි ද...."


" හ්ම්ම්...."


" එහෙනම් එන්නකෝ චුට්ටක් ආශ්‍රය කරන්න..." කියලා ආයුශ් ආරුව ඇදලා අරන් අත්වැටට හිරකරගත්තා.


" අයියේ..."


" ආදරෙයි ආරු...." ආයුශ් ආරුගේ කනට කරලා හිමීට මිමිණුවා.


" මාත් ආදරෙයි අයියේ...."


ආරුගේ තොල්වලට බරවුනු ආයුශ් ආරුගේ තොල් සියුම්ව සිපගත්තා. වෙනදා වගේ නැතුව ආදරයත් එක්ක මිශ්‍ර වෙච්ච ඒ සිපගැනීම ආරු වින්ඳේ ඇස් පියාගෙන.


" මැණික... හැමදාම මාත් එක්ක ඉන්න.. මොන දේ වුනත් මම ඔයාව දාලා යන්නේ නෑ..."


ආරුගේ හිතට දැනුනේ අමුතුම හැඟීමක්.


" අයියේ නිදාගන්න යමුනේ.. ඔයා හෙට වැඩට යන්න ඕන නේද..."


" ඔව්නේ... මොකෝ කියන්නේ...." කියලා ආයුශ් දඟකාර විදිහට තොලක් හපාගෙන ආරු දිහා බැලුවා.


ඒ බැල්මට නම් ආරුගේ ඇඟ සීතල වෙලා ගියා.


" අයියේ..." ආරු බයෙන් කියද්දි ආයුශ්ට හිනාගියා.


" හයියෝ.. විහිලුවක් කරේ බය වෙන්න එපා... අපි දෙන්නා මැරි කරනකන් මම ඒ වගේ ඒවට එන්නෙ නෑ බය වෙන්න එපා..." ආයුශ් ආරුගේ හිස අතගාමින් කිව්වා.


" දැන් කියන්නකෝ මම කොහෙද නිදියන්නේ.. සෝෆා එකත් නම් අවුලක් නෑ..."



" සෝෆා එකේ නිදියන්න ඕන නෑ.. අයියා නිරූට එහා පැත්තෙන් නිදාගන්න මං මේ පැත්තෙන් නිදාගන්නම්...."


" ම්ම්....Great idea..."



පහුවදා උදේ ආරු නැඟිටලා බලනකොට ඊයේ වගේම අදත් නිරූ ආයුශ්ට තුරුල් වෙලා නිදි. කලින් දවසේ ආයුග්..


ආරු වොෂ් එකකුත් දාගෙන කිචන් එකට ගියා. ඒ යනකොට දිව්‍යා හැමෝටම තේ හදනවා.


" අම්මේ... උදේට මොනාද..."


" ම්ම්.. බත් උයලා කරවල තෙල් දාලා සම්බෝලයි පරිප්පුයි... මදි නම් තව පපඩමක් බැඳලා කමු..."


" අම්මෝ අවුරුදු ගාණකට පස්සේ එහෙම කෑමක් හම්බෙන්නේ...."


" සංජුත් නැඟිටලා ඉන්නේ.. එයාට මේ තේ එක දෙන්න.. කෝ ආයු නැගිට්ටද..."


" නෑ තාම අම්මේ...."


" එහෙනම් එයා නැගිට්ටම හදලා දෙමු.."


ආරු සංජනාව හොයාගෙන කාමරේට ගියා.


" ගුඩ් මෝනින් සංජු..."


" ගුඩ් මෝනින්ග් කෙම්ලේ... අම්මේ මූණේ තියන එළිය... කොහොමද ඊයේ රෑ..."


" මුකුත් වුනේ නෑ බන්..."


" ආයුශ් අයියා උබව ළඟ තියන් සිල් ගත්තා කියලද උබ කියන්නේ..."


" නිකන් ඉඳපන්කෝ.. ආ මේක බීපන්... මේ සංජූ.. ඔයා අයියට කිව්වද එදා ආයුග් මගේ රූම් එකට ආව කතාව...."


" පිස්සුද යකෝ... ඒක කිව්ව නම් හොඳට තියෙයි.. හැබැයි උබ දැන් ආයේ ආයුග් එක්ක කිසිම විදිහක සම්බන්ධයක් තියාගන්න බෑ.. තේරුනානෙ..."


" ඔව් බන්... මම ඒක ඉක්මනට ඉවර කරනවා..."





උදේට කාලා එහෙම ආයුශ් වැඩට යන්න පිටත් වුනා.


ආයුශ් යනවත් එක්කම ආරුට කෝල් එකක් ආවේ ආයුග්ගෙන්. සංජනාත් දැක්කා ඒ කෝල් එක එනවා සංජනා ආරුට රවාගෙනම ගේ ඇතුළට ගියා.


" ගුඩ් මෝනින් බේබි...."


" ගුඩ් මෝනින් ආයුග්..."


" මොකෝ අරූ ඊයේ රෑ ඔහෙ හිටියේ.."


" ආ..." ආරු පුදුමෙන් වටපිට බැලුවේ ආයුග් කොහොමද දන්නෙ කියලා.


" ඔයා කොහොමද..."


" අනේ බේබි... මගේ කොල්ලො හැමතැනම ඉන්නවා විශේෂයෙන්ම ඔයාගේ වටේ... ඒක නෙවෙයි කවද්ද කොළඹ එන්නේ..."


" තව දවස් දෙකකින් විතර එනවා..."


" හ්ම්ම්... ආවම මාව හම්බෙන්න එනවා මතකනේ මම කිව්ව දේ..."


" ආයුග් ඔයාට ඕන ගාණක් මම දෙන්නම්... ඔයාට මේක නවත්තන්න බෑද..."


" සාක්ෂී... සාක්ෂී... සල්ලි කියන්නේ මට එච්චර දෙයක් නෙවෙයි... තමුසේ දැක්කනේ හොටෙල් එක.. ඒ හොටෙල් එක විතරක් නෙවෙයි ලංකාව වටේම හොටෙල්ස් විස්සකට වඩා තියනවා... අනික ඒක විතරක්ම නෙවෙයි මගේ ආදයම් මාර්ගේ... තමුසේ හිතන්නේ සල්ලිවලට හැම්දේම ගන්න පුලුවන් කියලද සාක්ෂී... තමුසේ කොළඹ ආවම මට කතා කරනවා..." කිව්ව ආයුග් කෝල් එක කට් කරා.


තමන්ට ආයුග්ගෙන් කිසිම ගැළවීමක් නෑ කියලා ආරුට තේරුනා. ආරු ඒකත් කල්පනා කර කර එනකොට සංජනා කතා කරා.


" ආරු.. වැඩේ හරි.. අරුන්ගේ කම්පැනි එකේ ශෙයාර් හෝල්ඩර්ස්ලා ටික දැන් අපේ පැත්තේ ඉන්නේ.. ඔයා කියන වෙලාවක ශෙයාර්ස් ටික අපේ අතේ... ඒ කියන්නේ කම්පැනි එකත් ඔයාගේ තමා..."


" මරු සංජූ.. උන් අපිට කරපුවට පලිගන්න එහෙනම් ලෑස්තියි...."


" ආරු.. මොකද කරන්න යන්නේ..." දිව්‍යා අරුගේ මූණේ තියන කුරිරු හිනාවත් එක්ක ඇහුවේ.


" අම්මේ සූරියආරච්චි එන්ටර්ප්‍රයිසස් එක වැඩි දවසක් නොයා අපේ අතේ... අම්මට මතකනේ අපි කන්න බොන්නවත් නැතුව දුක් විඳිද්දී උන් බලෙන් අපේ ශෙයාර්ස් ටිකත් අරගෙන සැප වින්දා.... නයෝමි මැඩම්ට මම හොඳ පාඩමක් උගන්නනවා... "


" ආරු මොන දේ කරත් පරිස්සමින්.. අනික උන්ගේ දේවල් අපිට ඔක්න නෑ..." දිව්‍යා.


" නෝ වේ... අම්මේ අම්මට මතකනේ උන් අපෙන් ශෙයාර්ස් ටික ලියාගත්ත දවසෙමයි මම අම්මට කිව්වේ මම ආයෙමත් අපේ ශෙයාර්ස් ටික ගන්නවා හැබැයි ශෙයාර්ස් විතරක් නෙවෙයි මුලු කම්පැනි එකත් එක්කම කියලා.. ඒක පටන් ගත්තා.. දැන් ඉතින් මගෙන් බේරෙන්න කාටවත් බෑ..." කිව්ව ආරු කාමරේට ගියා.


" අම්මේ අක්කට මොකද වෙලා තියෙන්නේ.. ඇයි එයා එකපාර මෙහෙම හැසිරෙන්නේ.."


" සිතූ ඔයාලට මතක නෑ පොඩි කාලේ ඉඳන් ආරු විඳපු දුක.. ආරු මෙහෙම කරේ නැත්තන් තමා පුදුමේ... ඔයාලාගේ කිරි අම්මා උනත් සහිරු ඉපඳුනාට පස්සේ ආරුට වෙනස්කම්මයි කරේ.. නයෝමි උල්පන්දම් දීලා ආරු බොරුවට ගුටි කාලාත් තියනවා... ඔයාලාගේ ළමා කාලෙ ඔයාලා වින්ඳ දුකට වඩා දුකක් ආරු විඳලා තියනවා.. "







මේ අතරේ සුදේශ් වගේම සුදේශ්ගේ මල්ලි ප්‍රසාද් හිටියේ සූටිය ආරච්චි එන්ටර්ප්‍රයිසස් එකේ.


" අඩෙහ් මේ දවස්වල මාර විදිහට බිස්නස් ඈ... උබ කියන්නේ ඊයෙත් කෝටියක ඩීල් එකක් ආවා..." ප්‍රසාද්.


" එහෙනම් හොඳයිනේ බන්... උබ නිශූට මැනේජර් පෝස්ට් එක දෙනවනේ නේ.. මම කොහොමත් මගෙ ශෙයාර්ස් ටික නිශූට තමා ලියන්නේ..."


" උබට නිශූව ශුවර්ද බන්... ඒකි උබේ දුව තමා ඒත් හිතපන් අවුරුදු ගාණක් දිව්‍යා මහන්සියෙන් හදලා හදලා අන්තිමට ඒකි දිව්‍යාව පාවලා දුන්න එකේ උබ ගැන කියන්න දෙයක් නෑනේ..."


" ඒක නම් එහෙම තමා බන්.. ඒත් නිශූට සල්ලි තියනවා නම් නිශූ අපේ පැත්තේ... ඒක තමා මම ශෙයාර්ස් ටිකත් දෙන්නේ.. කොහොමත් නිශූට දැන් උන් එක්ක තරහ වැඩී... ආරු කම්පැනි එකක් පටන් අරන් ඒකේන් සුපිරියට උන් සල්ලි හොයනවා.. නිශූට දැන් ඕනේ මොනාහරි කරලා ඒ කම්පැනි එක ගන්න..."


" ආරු කොහොමද බන් එහෙම කම්පැනි එකක් පටන් ගන්නේ..."


" උබ දන්නවනේ කවීන්ව.. "


" ඔව් ඔව් අර උබලා ගෙදර යන එන කොල්ලනේ..."


" ඔව්... කවීන්ගේ ගෝලයෙක් තමා විස්තර හොයලා කිව්වේ... ඒකි ගාව වැඩ කරන ක්ලීනර් කෙනෙක්ටම පනහ පන්නලා පඩිලු... එකි ගාව දාහකට වැඩියේ වැඩලු...."


" මොකක්... යකෝ අපි දැන් මේ කම්පැනි එක අවුරුදු පනහකට වඩා රන් කරනවා ඒත් බන් අපේ ඉන්නෙත් තුන්සිය ගාණක්නේ..."


" ඒක තමා බන් කියන්නේ.. ඒකිට මං හිතන්නේ උතුරන්න සල්ලි දැක්කනේ වෙඩින් එකේදිත්..."


" ඒක නම් කියලා වැඩක් නෑ... දිව්‍යාගේ කරේ තිබ්බේ දියමන්ති මාලයක්ද බන්.. නයෝමි මට ගෙදර ආපු වෙලේ ඉඳන් කියන්නේ ඒ වගේ එකක් ඕනේ කියලා.."


" අඩෙහ් දියමන්ති ද ඇත්තටම.. දන්නවා නම් මම මාලේ කඩාගන්නවනේ..."


ප්‍රසාද්ට කෝල් එකක් ආව එකෙන් දෙන්නගේ කතාවට බාධා වුනා.


" ඔව් කියන්න...."


" මේ හදිස්සියේ..."


" හා හරි එහෙනම් හෙට තියමු... නවයට හොඳයිනේ..."


" හරි හරි...." ප්‍රසාද් කෝල් එක කට් කරලා සුදේශ් දිහා බැලුවේ අවුල්සහගත මූණකින්.


" මොකද බන්..."


_________________________________________


මොකද කියන්නේ පවුල් පිටින් අතුගාලා දාමුද...

ආයුග්කාරයා ඕනාවට වඩා වැඩී අඩි හයක් යටට යවමුද....

Reaction දාන්න comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page