The Bitter Sweet Harmony ❤️🔥
Pari🖤
Previous Episode....❤️🔥
https://telegra.ph/The-Bitter-Sweet-Harmony-03-14
14th Episode...❤️🔥
ආරු රෑ වුනත් කමක් නෑ කියලා ගිහින් වොෂ් එකකුත් දාගෙන රූම් එකේ බැල්කනි එකට ගියේ නිරූවත් වඩාගෙන. බැල්කනි එකේ තිබ්බ හාන්සි පුටුවෙන් ඉඳගෙන දෙන්නා අහස බල බල හිටියා
" අම්මී.. හඳ මාමා අත ලුකුයිනේ.."
" ඒකනේ.. හඳ මාමා බත් ගොඩාක් කාලා ලොකූ වෙලා.. බබත් බත් ගොඩාක් කෑවොත් ඉක්මනට ලොකු වෙයි..."
නිරූ එක්ක හුරතල් කියෝ කියෝ ඉඳලා අන්තිමට නිරූට ආරුගේ පපුව උඩම නින්ද ගියා. ආරුටත් එතනම නින්ද ගියා.
ආරුව එකපාර ඇහැරුනේ එයාගේ කකුල එකපාර අමුතු සීතලක් එක්ක දන්න ගත්ත හින්දා.
ආරු බය වෙලා ඇස් ඇරියේ මොකක්ද කියලා හිතාගන්න බැරි වුන හින්දා. ඒත් ඉතින් ඉස්සරහා හිටිය කෙනා දැකලා ආරුගේ කටත් ඇරුනේ පුදුමෙට..
ඒ ආයුග්... ආයුග් ආරුගේ කකුලට බාම් එකක් ගානවා. ඒ හින්දා තමා ආරුට සීතලක් දැනිලා තියෙන්නේ. ආයුග්ම කරපු තුවාලේ දැන් ආයුග්ම සනීප කරනවා..
" ආයුග්..." ආරු පුදුමෙන් කතාකරද්දි තමා ආයුග් ඔලුව උස්සලා ආරු දිහා බැලුවේ.
" ආ.. තමුසේ නැගිට්ටද.. මොලේ අමාරුවක්ද මේ මහ රෑ නෑවේ.. ඒකත් සීතල වතුරෙන්ද නෑවේ බලනවා කකුල හොඳටම ඉඳිමිලා දැන්.. තමුසෙට මොලයක් නැද්ද.."
ආරුට කතා කරගන්න වචන ආවේ නෑ. මොකද අරුට හිතාගන්න බැරිවුනා ආයුග් කවදා ඉඳන්ද ආරු ගැන මෙච්චර හිතන්න ගත්තේ කියලා.
" තමුසේට කටක් නැද්ද... මේ පොඩි එකත් තියාගෙන මෙතනට වෙලා ඉන්නවා පින්න වැටිලා පොඩි එකීවත් ලෙඩ කරන්නද හදන්නේ..."
" ආයුග්..ඔයා.. මොකද මගේ කාමරේ කරන්නේ..." ආරු ගොත ගගහම ඇහුවා.
" ඇයි දැන් මම එන්න හොඳ නැද්ද.. මේක මගේ හොටෙල් එක.. මට පුලුවන් ඕන රූම් එකකට යන්න.. "
" ඒත්...."
ආයුග් එකපාර ආරුව හරහට වඩාගත්තා.
" මොකද කරන්නේ.. මාව බිමින් තියන්න..."
" කටවහගෙන ඉන්නවා..."
ආයුග් ආරුව ගෙනැල්ලා ඇඳෙන් තිබ්බා. ඊටපස්සේ ආරු තාමත් පපුව තුරුල් වෙලා හොඳට නිදාගෙන ඉන්න නිරූව ඇඳෙන් තියලා තට්ටු කරා.
ආයුග් ඒ දිහා හොඳට බලාගෙන හිටියා.
" තමුසේ ඇයි මෙයාව මෙච්චර හොඳට බලාගන්නේ..." ආයුග්.
" මොකක්... මොකක්ද ඒ කතාවේ තේරුම...මේ මගේ දරුවා මම එයාව හොඳට බලාගන්නවා..."
" ඒ කියන්නේ මේ ඉන්නේ මගෙත් දරුවා කියන එකනේ..."
" ආ.. පිස්සුද.. "
" තමුසේ මාත් එක්ක විතරනේ හිටියේ එතකොට ඉතින් ළමයා මගෙනේ..."
" ඇයි මට වෙන කාත් එක්කවත් ඉන්න බෑද..." ආරුට මේ වෙලාවේ ආයුග් එක්ක කතා කරද්දි අර කලින් වගෙ බයක් දැනුනේ නෑ. අඩුම මේ වෙලාවේ ආයුග් එක්ක තනියම ඉඳලත් ආරුට කිසිම බයක් නෑ.
" තමුසේ මටම කොළේ වහනවද බේබි.. තමුසේ හිතන්නේ මම මේ ළමයා කාගෙද කියලා දන්නෑ කියලාද..." ආයුග් ආරු ළඟට ළං වෙමින් අහද්දි ආරුගේ ඇස් පුදුමෙන් ලොකු වුනා.
" ඒත් ඔයා කොහොමද..."
" මම වන්ෂොට් බන්.. තමුසේ පහුගිය අවුරුදු තුනේ කරපු කියපුවා ඔක්කොම මම දන්නවා..."
" ආයුග්.."
" මොකෝ.." කියන ගමන් ආයුග් ආරුගේ මූණ ළඟටම ළං වුනා. ආරුට පස්සට යන්න නම් ඉඩම් තිබ්බේ නෑ මොකද ආරු හිටියේ ඇඳේ පස්සට වෙලා.
ආයුග් ආරුගේ තොල්වලට බරවුනා. වෙනදා වගේ නෙවෙයි අද සියුම් විදිහට ආරුට රිද්දන්නේ නැතුව ආරුව සිපගත්තා. විනාඩි ගාණක්ම අරුගේ තොල් නතු කරන් ඉඳලා අන්තිමට ආරුගේ නළලට කිස් එකක් දුන්නා. ආරු නම් හිටියේ ආයුග්ගේ මේ වෙනස්වීම ගැන හිතාගන්න බැරුව.
ආරු ආයුග්ගේ ඇස් දිහාම බලන් හිටියේ ඒ ඇස්වල හැඟීම් කියවන්න වගෙ.. විනාඩියක් දෙකක් නෑ ඊටත් වැඩී දෙන්නට දෙන්නා ඇස් දිහා බලන් හිටියේ දැහැන් ගත වෙලා.
ඒකට බාධා වුනේ එකපාර නිරූ දඟලපු එක. ආරු පියවි සිහියට ඇවිල්ලා නිරූට හිමීට තට්ටු කරන්න ගත්තා. ආයුග් ආරු ළඟින් ඈත් වෙලා ගියේ ඇඳේ එහා පැත්තට. ඒ ගිහින් නිරූගේ අනිත් පැත්තෙන් ඇලවුනේ නිරූ ආරුටයි ආයුග්ටයි මැදිවෙද්දි.
" ඔයා මෙතන නිදාගන්නද යන්නේ...."
" ඔව්.. ඇයි මොකද..."
" ම්ම්ම්.. මේ.. මුකුත් නෑ..."
ආයුග් රූම් එකේ ලයිට් ඕෆ් කරලා දැම්මා.
මේ වෙලාවේ මේ දෙන්නට නම් නින්ද ගියාට ගොඩක් අය ගෙව්වේ නිදි නැති රැයක්.
එක්කෙනෙක් තමා ආයුශ්.
ආයුශ් හිටියේ නයෝමිලාගේ ගෙදර. වෙඩින් එක ඉවර වුනාට කට්ටියම දවසක් දෙකක් එහෙ නතර වුනේ කොහොමත් නෑදෑයෝ එකතු වුනාම දවස් දෙක තුනක් පාර්ටි දාන හින්දා. මේ වෙලාවේ අනිත් හැමෝම නිදි වුනත් ආයුශ්ට නම් නිදිමත ගෑවිලාවත් තිබ්බේ නෑ. ඒකට හේතුව ඉතින් ආරු තමා.
බියර් එකකුත් කටේ ගහගෙන බැල්කනි එකේ හුළං වැදි වැදී ආයුශ් කල්පනා කරේ ආරු කියපු දේවල්. ආයුශ්ගේ ඔලුව ඇතුළේ ආරු කියපු දේවල් දෝංකාර දුන්නා. ආයුශ් කොහොමත් දැනන් හිටිය දෙයක් තමා කොහොමත් සරලා ආරුව එයාගේ ලේලි කරගන්න කැමති වෙන්නේ නෑ කියන එක. ඒත් ආයුශ්ට ආරුව අමතක කරන්නත් බෑ.
" ආරු... මාත් ඔයාට වදයක්ද... මම ඔයාට ආදරෙයි ආරු.. මම ඔයාට ගොඩක් ආදරෙයි.. ඇයි ඔයා ඒක තේරුම් ගන්නෙ නැත්තේ.. ඒත් ඇයි ඔයා මට ආදරේ නැත්තන් ඇයි මම ඊයේ කිස් කරද්දි ඔයා සද්ද නොකර හිටියේ... ආරු.. ඔයා මගේ.. ඔයා මගේ විතරයි.. "
තවත් කෙනෙක් තමා සංජනා...
සංජනාගෙ නින්ද නැතිවෙන්න එක්කෙනෙක් තමා ආරු... ආරුත් එක්ක පහුගිය කාලේ එකටම හිටිය සංජනා හොඳටම දන්නවා ආරුගේ ජීවිතේ මොන වගේද කියලා. සංජනාට ගොඩක්ම දුක හිතුනේ ආරුට මේ එකපිට එක එන ප්රශ්න.
සංජනාගේ නින්ද කඩපු අනිත් කෙනා ගැන නම් ඉතින් සංජනාවත් දන්නෙ නෑ. සංජනා ආරුගේ රූම් එකේ ඉඳන් එයාගේ රූම් එකට යන්න ආවා. මේ රූම් ඉතින් එකට එකක් සෑහෙන ඈතින්. සංජනා ආරු ගැන සිහියෙන් ආව හින්දා වටපිටාව ගැන ලොකු අවබෝධයක් තිබ්බෙ නෑ. ඒ වෙලාවේ තමා සංජනා ඉස්සරහින් ආව කෙනෙක්ගේ ඇඟේ හැප්පුනේ. ඒ හැප්පුන පවර් එක කොච්චරද කියනවා නම් සංජනාව බිම වැටෙන්න ගියේ. ඒත් ඒ කෙනා සංජනාගේ ඉණ වටේ අත දාලා අල්ලගත්ත හින්දා සංජනා බේරුනා. ඒත් ඉතින් අනික් වැඩේ වුනේ සංජනා වැටෙන්න යද්දිම ඒ කෙනාගේ ෂර්ට් එකෙන් අල්ලගත්තා. සංජනා අල්ලගත්ත විදිහට ඒ ෂර්ට් එකේ බට්න් ටික කැඩිලා ගියේ ඒ කෙනාගේ ඇඟ නිරාවරණය වෙද්දි. සංජනාට එයා වැටෙන්න ගිය එක නතර වුනා කියලාවත් දැනුනේ නැත්තේ ඒ ඇඟ දිහා බලන් ඉන්න ගිහින් සික්ස් පැක් එක්ක ගානට මේන්ටේන් කරපු ඇඟ...
" මැඩම් ඇතිනේද මාව ඇස් දෙකෙන් කෑවා..."
ඒ කෙනා කියද්දි තමා සංජනා පියවි සිහියට ඇවිල්ලා ඈත් වුනේ.ඊටපස්සේ තමා ඒ මූණ දිහා බැලුවේ.
" අනේ සොරි මම හිතලා කරේ නෑ..." සංජනා රතු වෙච්ච මූණකින් කිව්වා.
" ආ ඒකට කමක් නෑ. ආයෙ යනකොට ඉස්සරහ බලාගෙන කල්පනාවෙන් යන්න නැත්තන් ඉතින් තව කී දෙනෙක්ගේ ෂර්ට් රිප් කරයිද දන්නෑ.." කියලා ඒ කෙනා ෂර්ට් එක හදාගන්න ගමන් ගියා.
සංජනාට රූන් එකට ආවට පස්සේ මතක් වුනෙත් ඉතින් එයාව තමා.
මේ වෙද්දි බරපතලම ප්රශ්නේ වෙලා තිබ්බේ කවීන්ට. ආයුග්ගෙන් වැදුන වෙඩි පාරත් එක්ක කවින්ගේ ලේ සෑහෙන්න යන්න අරන් තිබ්බා. අන්තිමට නිශූට කවීන්ට ලේ දෙන්නත් වුනා. කවීන්ට සිහියක් පතක් නැතුව ඇඳක් උඩ වැටිලා හිටියේ අනික් අයගේ නින්ද නැති කරලා.
" මොකක්ද වුනේ.. කවීන්ට කොහොමද වෙඩි වැදුනේ..." සුදේශ්.
" ඔක්කොම අර සාක්ෂි කියන එකී හින්දා තමා.. ඒකිව බේරගන්න වන්ෂොට් ආවා ඌ අපේ බොසාට වෙඩි තිබ්බා..."
" එතකොට ඒකි මැරුනේ නැද්ද තාම..." නිශූ.
" ම්හ්.. ඒකිට සීරිමක්වත් කරගන්න බැරිවුනා... ඒකිත් ඉඳගෙන අපේ උන්ව බිම දැම්මනේ..අනික ඒකිට බොෆිගාඩ්ලත් ඉන්නවා..."
" බොඩිගඩ්ලා... ඒකිට එච්චර ආරක්ෂාවක් දාන්න ඒකි කවුද..." නාලි.
" සාක්ෂි කියන්නේ.. SA Universal Hub එකේ ownerලු.. අපේ කොල්ලො දෙන්නෙක්ව උන්ගේ පාර්ටියට ඇහැ දාගෙන ඉන්න යැව්වනේ උන් තමා කිව්වේ.."
" SA Universal Hub කියන්නේ මොකක්ද..." නාලි.
" ආ.. මැඩම්ලා දන්නෙ නැතුව ඇති.. දැන් කොළඹ පැත්තේ කොල්ලො කෙල්ලො පොර කන්නේ ඒකේ වැඩට යන්න.. මම හිතන්නේ දැනට 1000කට වඩා ඒකේ වැඩ.. අලුතෙන් බිල්ඩිමකුත් උන්ටම කියලා හදනවා..."
" ඒකිට එච්චර දෙයක් කරන්න සල්ලි කොහෙන්ද තාත්තේ..." නිශූ.
" අනේ මන්දා.. මම නම් කිසිම දේකට සල්ලි දුන්නෙ නෑ ඒකිට ඕ ලෙවල්වට වියදම් කරාට පස්සෙ මම කිසිම වියදමක් කරේ නෑ.." සුදේශ්.
" අපේ උන් කිව්වේ ඒකිම හම්බ කරලා දියුණු වෙලා තියෙන්නේ කියලා.. අපේ නැන්දාගේ පුතා ඒකේ ක්ලීනින්ග්වලට යනවා උගේ පඩියම 75000 පන්නලා.. මට ඇහිලා තියනවා කොල්ලා කියනවා ඒකේ ඕනර් කෙලින්ම කෝටි ගණන්වලින් හම්බ කරන්නේ කියලා..."
" තාත්තේ මට ඒ කම්පැනි එක ඕන.. ඒකිව මරලා හරි මට ඒක ඕන..." නිශූ තරහෙන් කෑගැහුවේ ඉන්නේ හොස්පිටල් එකේ කියලත් අමතක කරලා.
මේ අතරේ නිදාගෙන හිටිය ආයුග්ට ඇහැරුනේ ආරු මොනාහරි කියනවා ඇහිලා. ආයුග් ඇහැරිලා බලද්දි දැක්කේ ආරු හීනෙන් කෑගහනවා.
" අනේ එපා..මාව අතහරින්න... එපා.. ආයුග් එපා.. මව අතහරින්න..."
ආරු ඒ වචන ටිකම කිය කිය කෑගහනකොට ආයුග් පුදුමෙන් බලන් හිටියා. ආරුට හොඳටම දාඩියත් දාලා. අයුග්ට ආරුව නැගිට්ටවන්න හිතුනත් ආයුග් කරේ ටිෂූ එකක් අරන් ගිහින් ආරුගේ මූණ පිහිපු එක. ඊටපස්සේ ආරුගේ ඔලුව අතගාද්දි ආරු ටිකින් ටික සන්සුන් වුනා.
පහුවදා උදේ ආරු ඇහැරුනේ රූම් එකේ දොරට ගහන සද්දයක් ඇහිලා. දොරට ගහනවා විතරක් නෙවෙයි කෑගහනවත් එක්ක. ආරු එයාගේ එහාපැත්ත බලද්දි දැක්කේ ආයුග් නිරූවත් තුරුල් කරගෙන හොඳට නිදාගෙන ඉන්නවා.
" මේ දොර ඇරපන් දැන්වත්.. මම දොර කඩන්න ඉස්සරවෙලා වරෙන්.. උබ මැරිලද යකෝ..."
සංජනා තමා ඉතින් වෙන කවුද.
ආරු ඉක්මනට ඇඳ්රන් බැහැලා දොර ළඟට දිව්වේ නිරූ ආයුග් දෙන්නා ඇහැරෙයි කියලා බයට.
ආරු දොර ඇරිය ගමන් සංජනා කඩාගෙන බිඳගෙන කාමරේ ඇතුළට ආවේ ආරු සංජනාව අල්ලගන්න හදද්දි. සංජනා කාමරේට ඇවිල්ලා ආරුට බැන බැනගෙන ගියා.
" ඇති යන්තන් දැන් තමා උබව දැක්කම ඇඟට ලේ ටිකක් ඉනුවේ.. ඇයි යකෝ ඊයේ රෑ මුකුත් නෑ දොරත් වහගෙන දෙන්න හිතෙනවා කන පැලෙන්න එකක්.. හිතන් ඉන්නේ හෙණ ලොකු එක්කෙනා කියලා ආයේ උබ ඔය වගේ වැඩ කරොත් මම උබේ බෙල්ල මිරිකනවා ඇයි යකෝ.. මේක කරන්න පුලුව්නැයි.. අප්පටසිරි මගේ නිරූ බබා කෝ නිදාගෙනද හිටියේ.. " කියන ගමන් සංජනා බැලුවේ ඇඳ දිහා. ඇඳේ නිරූ විතරක් නෙවෙයි ආයුගුත් ඉන්නවා දැක්කම තමා සංජනා බය වුනේ.
" මේ යකා මොකද මෙතන කරන්නේ.." සංජනා කෑගැහුව හින්දා ආරු සංජනාවත් ඇඳගෙන බැලකනි එකට ගියා.
" මට කියපන් මූ මුලු රෑම මේ රුම් එකේ නෙවෙයි නේද හිටියේ..."
" අර්... මෙ... මේකේ තමා..."
" මොකක්.. උබට පිස්සුද.. උබ ඊයේයි පෙරේදයි දෙකේ කලන්තේ දදා වැටුනේ මූ හින්දා නේද..."
" ඔව් බන්.. ඒත් ඊයේ රෑ.. අනේ මන්දා මට තේරෙන්නේ මොකක්ද කියලා.. ඊයේ එයා හිටියා කියලා මට බයක් දැනුනේ නෑ.. උබ දන්නවද මගේ කකුලට බාමුත් ගෑවා බන්.. "
" මොකක්.. උගේ වයර් මාරු වෙලාද.. ඌ උබව මරන්න වගේනේ හිටියේ බන්..."
" මටත් නම් ඒක තේරෙන්නේ නෑ. "
" මට මේක කියපන්.. උබ ආදරේ ආයුශ්ට ආයුග්ටද නැත්තන් කේශ්ටද කියලා.."
" පිස්සුද බන්.. මම ඔය එකෙක්ටවත් කැමති නෑ.. අනික උබ හොඳටම දන්නවනේ මට ආදරේ තිත්තයි කියලා..."
" අන්න ඒක තමා උබේ ප්රශ්නේ බන්.. උබ උබේ හිතම රවට්ටන් ඉන්නේ උබට ආදරේ කරන්න බෑ කියලා උබ දන්නවද ඊයේ කේශ්ව දැක්කම උබේ ඇස් දිලිසෙන්න ගත්තා.. උබ කී පාරක් ඌ දිහා බැලුවද කියලා උබවත් දන්නවද.. අනික තම උබ ආයුශ් අයියා එක්ක කතා කරද්දි උබ වෙනස්ම කෙනෙක් බන්.. උබ අපි එක්ක ඉන්න විදිහට නෙවෙයි ආයුශ් අයියා එක්ක ඉන්නේ උබ අපිට පෙන්නන තද ගති ආයුශ් අයියා එක්ක ඉදී නෑ.. අනික උබට මතකද අපි රට ඉද්දි ආයුශ් අයියා ආවම බලන්න උබ මුළු දවසම ආයුශ් අයියා එක්ක ඉන්නේ.. උබ දෙපාරක්ම ඉම්පෝටන්ට් මීටින් කැන්සල් කරා.. උබට ආයුශ් අයියාගෙන් කෝල් එකක් ආවත් උබේ හැසිරීම වෙනස් වෙනවා.. උබ කොහොමද බන් කියන්නේ උබට ආදරෙ තිත්තයි කියලා.. "
සංජනා කිව්ව ඒ දේත් එක්ක ආරු වැටුනේ ගැඹුරු කල්පනාවක. ආරුට ඇත්තටම හිතුනේ එයා ආදරේ කරනවාද කියලා. ඒත් ඒ කාටද කියන එක තමා හිතාගන්න බැරිවුනේ.
ආරුගේ කල්පනාව බිදුනේ ඩෝර් බෙල් එක රින්ග් වෙනවා ඇහිලා.
" මම බලන්නම්.. " කියලා සංජනා ගියා දොර අරින්න. ආරු ඇඳ ළඟට ඇවිල්ලා බලන් හිටියේ නිරූයි ආයුග් දෙන්නා දිහා. හරියට තාත්තයි දුවයි වගේ දෙන්නා නිදාගෙන ඉන්නේ. නිරූ ආයුග්ට තුරුල් වෙලා හොඳට නිදි.
මේ අතරේ හැබැයි දොර ඇරිය සංජනා නම් හිටියේ ඇස් අදහගන්න බැරුව. වෙන කවුරුත් නෙවෙයි ඇවිල්ලා හිටියේ ඊයා ඇඟේ හැපොඋන කෙනා.
" මේ එක්ස්කියුස් මී.. ආයුග් ඉන්නවද..."
" අහ්.. මේ.. ඉන්නවා ඉන්නවා..." සංජනා කිව්ව ගමන් ඒ කෙනා ඇතුළට ආවා. සංජනා ඒ පස්සෙන්ම ආවා.
" සාක්ෂි.. මූ රෑ මෙහෙද හිටියේ..." ඒ කෙනා ආරුගෙන් ඇහුවා.
" ඔව් අයියේ..." ඒ ආවේ සරස්.
" ඒයි.. යුග්.. නැගිටපන්.. නැගිටපන් බල්ලෝ.. තෝ හොඳට නිදි.. අර ලොක්කා උදේ පාන්දර ඉඳන් මට කෝල් කර කර වද දෙනවා කෝ උබේ අර ලදරම.. නැඟිටපන් යකෝ..."
" මොන මඟුලක්ද නිදියගන්න දීපන්කෝ..." ආයුග් ඇහැක් ඇරලා බලලා ආයෙම ඇස් වහගත්තා.
" ලොක්කට කෝල් එකක් ගනින්. අන්න කේස් එකක්ලු..."
" ඕ.. ෂිට්... පලයන්..." කියන ගමන් ආයුග් නැගිට්ටා. ආයුග් නිරූගේ නළලට කිස් එකක් දීලා නිරූව හිමීට කොට්ටවලට මැදි කරා. ඊටපස්සේ ගියේ ආරු ළඟට. ඒ ගිහින් ආරුගේ තොල්වලට බර වුනේ එතන සරස් වගේම සංජනාත් ඉන්නවා කියන එක අමතක කරල.
" මෝනිග් කිස් එක ඈ..." කියලා ආරුට ඇහැකුත් ගහලා ආයුග් එළියට ගියෙ සරස් ඒ පස්සෙන්ම යද්දි.
" මේ බන්.. කවුද ඒ.. " සංජනා සරස් දිහා බලලා ඇහුවා.
" උබ දන්නෑ වගේ අහන්නේ ආයුග්නේ යකෝ.." ආරු හිතුවේ ආයුග් කියලා
" ඒ ගස් ගෙම්බව මං දන්නැද්ද... අනික් කෙනා බන්..."
" ආ සරස් අයියා.. එයා තමා ආයුග්ගෙ හොදම යාලුවා දෙන්නා තමා මැර වැඩ ඔක්කොම කරන්නේ...."
" හැම මැරයම නරක නෑ නේ බන්...."
" ආ.. Something wrong..."
" Nothing wrong... but I just fell in love..."
" what.. love..."
" yeah..පලයන් පලයන් ලෑස්ති වෙයන් යන්න..." කියලා ආරුව බාතෲම් එකට තල්ලු කරලා සංජනාත් ගියා.
ආරුලා ලෑස්ති වෙලා චෙක් අවුට් වෙන්න රිසෙප්ෂන් එකට ආවා. ඒ වෙද්දිත් එතනට ආයුශ් ඇවිල්ලා.
" ගුඩ් මෝනිග් ආරු.."
" ගුඩ් මූනිග් අයියේ.. ඊයේ මම කිව්ව ඒවට සොරි.. මම ඒ වෙලාවේ තරහෙන් හිටියේ..."
" ඉට්ස් ඕකේ ආරු.. කෝ දෙන්න නිරූව මට..." කියලා ආරුගේ ඔලුවත් අතගාලා නිරූව වඩාගත්තා.
" සාක්ෂි..." පිටිපස්සෙ ඉඳලා කවුරුහරි කතා කරන සද්දෙ ඇහිලා ආරු පිටිපස්ස හැරිලා බැලුවා.
" කේශ්.... ඔයා ගියේ නැද්ද..."
" නෑ සාක්ෂී.. රෑ වුන හින්දා මම හොටෙල් එකේම නතර වුනා.. සාක්ෂි.. මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඕන.. තනියම..." ආයුශ් දිහා බලමින් කේශ් කිව්වා.
" අර්... ඕකේ..." කියලා ආරු පැත්තකට ගියේ කේශුත් ඒ පස්සෙන්ම එද්දි. ආයුශ්ගේ නම් ඇස් තිබ්බේ ආරු ළඟම තමා.
" අර බබා...."
" ඒ මගේ දුව... නිරුදි..."
" ලස්සනයි.. නම වගේම දුවත්..."
" ඉතින්..."
" සාක්ෂි මට ඔයාට කියන්න දෙයක් තියනවා.. මේක කිව්වෙ නැත්තන් මගේ හිතට සැනසීමක් දැනෙන්නේ නෑ මම ඊයේ රෑ පුරාමත් කල්පනා කරා.. ඒත් මට පොරොන්දු මම කියන දේවල් හින්දා ඔයා මාත් එක්ක තරහ වෙන්නෙ නෑ කියලා..."
" අර්.. ඔයා මොනා ගැනද කියන්නේ කේශ්.. මම ඇයි ඔයා එක්ක තරහ වෙන්න ඕන..." ත්තටම කිව්වොත් කේශ් මොන කිව්වත් ආරුට කේශ් එක්ක තරහ යන්නෙ නෑ. ඒක ස්කෝලේ කාලේ ඉඳන්ම තියන දෙයක්.
" අර්.. මෙ.. සාක්ෂි.. මම ඔයාට අපි අට වසරේ ඉන්න කාලේ ඉඳන් ආදරේ කරා.. මම මුලින්ම ඒ හැඟීම මොකක්ද කියලා තේරුන් ගන්න බැරුව හිටියෙ මොකද මට ඒ වගේම හැඟීමක් ඇතිවුනේ ඔයා ගැන විතරයි.. එදා ඉඳලා අද වෙනකන්ම.. මම සිහිනි එක්ක යාලු වුනා තමයි... ඒත් මම ආදරේ කරේ ඔයාට විතරයි ඒ කාලේ කොලුකමට මම යාලු වුනේ අනිත් අය විහිලු කරපු හින්දා මට කෙල්ලෙක් නෑ කියලා.. ඒත් මට සිහිනි ගැන ඔයාගැන ඇතිවුනා වගේ කිසිස්ම හැඟීමක් දැනුනේ නෑ ඒ හින්දම තමා සිහිනි මගෙන් බ්රේක් අප් වුනේ.. සිහිනිත් දැනන් හිටියා මම ඔයාට කැමති කියලා... මොකද මම එයා එක්ක ඉද්දිත් මගේ ඇස් තිබ්බේ ඔයා දිහාට.. ඔයා ළඟට වෙන කොල්ලෙක් එද්දි මට මාර තරහයි.. මම සමහරු එක්ක වලි දාගෙන තියනවා උන්ට හේතුව කියන්නේ නැතුව.. මම ඔයාට මගේ ආදරේ කියාගන්න බැරුව හිටියේ සාක්ෂි.. මොකද මම බය වුනා ඔයා මාව රිජෙක්ට් කරයි කියලා.. මොකද ඔයා ඒ කාලේ හිටියේ ඉගෙනීම විතරක්ම ජීවිතේ කරගෙන ඒ හින්දා මගේ හැඟීම් ඔයාට කියන්න මම බය වුනා.. ඒත් මම දැන් පසු තැවෙනවා ඒ කාලේ මම ඔයාට කියලා තිබ්බා නම් කියලා.. සාක්ෂි මම දන්නවා මම පරක්කුයි කියලා ඒත් මම ඔයාට ආදරෙයි.. ඔයා තමා මගේ පළවෙනි ආදරේ ඒක කවදාවත්ම වෙනස් වෙන්නෙ නෑ.. ඒ වගේම මගේ ආදරේ කවදාවත් අඩුවෙන්නේ නෑ.. ප්ලීස් දැන් ඔයා මාත් එක්ක කතා නොකර ඉන්න එපා.. මට මේටික ඔයාට කියන්න විතරයි ඕන වුනේ..."
" නෑ කේශ්.. අපි හැමදාම යාලුවෝ වගේ ඉමු.. හැමදාටම..."
" තැන්ක් යූ සාක්ෂි.. මට එකපාරක් ඔයාව..." කේශ් කියන්න යනදේ ආරුට තේරුන හින්දා ආරු අතදෙක දික කරා. ඊටපස්සේ කේශ් ආරුව වැළඳගත්තේ කේශ්ගේ ඇස්වලින් වගේම ආරුගේ ඇස්වලිනුත් කඳුලු වැටෙද්දි.
හැබැයි ඉතින් මේ දිහා බලන් හිටිය ආයුශ්ගේ නම් ඇස්වලින් ගින්දර පිටවෙන්නේ.
කේශ්ට සමුදීලා ආරු හැරුනේ ආයේමත් ආයුශ් ළඟට එන්න. ඒත් ඉතින් ආයුග් කොහෙදෝ ඉඳන් ඇව්ල්ලා ආරුව ඇදලා ගත්තා. ආයුශ් බලන් ඉන්න හින්දා ආරු ආයුග්ව ඈත් කරන්න හැදුවත් ආයුග් කරේ තව තවත් ආරුව තුරුල් කරගත්ත එක..
" ආයුග් මාව අතහරින්න...."
" බෑ මම අතහරින්නේ නෑ... මට තමුසෙගෙන් ගන්න පලියක් තියනවා තාම.."
ආරු ඇස් ලොකු කරලා ආයුග් දිහා බැලුවේ ආයෙමත් අර පරණ යකාමද කියලා.
" තමුසේ ඔහොම බලද්දි මට තමුසෙව ගිලින්න හිතෙනවා.. තමුසෙට මතකනේ මම තමුසෙගෙන් පලිගන්න එක තාම.. තමුසෙගේ අම්මයි නංගියි හොඳින් ඉන්න ඕන්නන් තමුසේ මම කියන විදිහට ඉන්න ඕන.. ඒ වගේම මම තමුසෙට යන්න දෙනවා දවසක.. ඒ කියන්නේ මම පලිගන්න එක නතර කරනවා.. ඒකට තමුසේ මට දෙයක් කරලා දෙන්න ඕන..."
__________________________________________
මොකක් වෙන්න ඇද්ද කරන්න කියන්න යන්නේ....
ආයුග් ඇත්තටම හොඳ වෙලාද...
එහෙනම් comment එකක් දාගෙන යන්නකෝ... ( තව එකක් first love එක ගැනත කැමති අය කියන් යන්නකෝ...)
ආදරෙයි හැමෝටම 🖤