The Bitter Sweet Harmony ❤️🔥
Pari🖤
Previous Episode ......❤️🔥
https://telegra.ph/The-Bitter-Sweet-Harmony-03-11
13th Episode....❤️🔥
" නදුලි.. අර අතුරුදහන් වුන කෙල්ල.. ඒකිව එදා අතුරුදහන් කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි සාක්ෂිම තමා.. ඒකට උබේ මල්ලිත් හවුල්.. නදුලිට ඊට මාස නවයකට පස්සේ ළමයෙක් හම්බෙලා තියනවා.. ඒත් ළමයා හම්බෙලා පහුවදා නදුලි මැරිලා ළමයාගේ භාරකාරිත්වය අරන් තියෙන්නේ සාක්ෂි.. ඒ ළමයා තමා නිරුකි කියන්නේ.. පහුගිය අවුරුදු දෙකම ළමයව බලන් තියෙන්නෙ සාක්ෂි..."
" ආ ඒකත් එහෙමද.. මං හිතුවේ ඒ කෙල්ල මගේ ළමයෙක් කියලා..."
" උබ නම්.. අනේ මන්දා බන්..."
මේ අතරේ ආරුලා තාමත් කට්ටිය ගැන කතා කර කර හිටියේ. ඒත් එක්කම ආරුලා ඉන්න තැනට ආවේ තවත් ක්ලාස්මේට් කෙනෙක්.
එයා එනවා ඉස්සරවෙලාම දැක්කේ ආරු. ආරුගේ හදවත හයියෙන් ගැහෙන්න ගත්තා. පළවෙනි ආදරේ අමතක කරන්නම බැරි ආදරේ කියලා කියනවනේ.. ඔව් ඒ ආරුගේ පළවෙනි ආදරේ.. ආරුට අනුව ඒක ඒකපාර්ශ්වික ආදරයක්...
" සොරි කට්ටිය මම එන්න පරක්කු වුනා..." ඒ කෙනා කියද්දි තමා අනිත් අය එයාව දැක්කේ.
" අඩොහ් කේශ් දැක්ක කල් යකෝ...." සත්සර.
" ඒකනේ බන්.. ඉතින් ඉතින් කොහොමද කට්ටියටම..." කියන ගමන් කේශ් ඇවිල්ලා පුටු රවුමේ ඉඳගත්තා. කේශ් ඇස් ඊටපස්සේ පුටු රවුම පුරාම ගියේ කෙනෙක්ව හොයමින් වගේ.. ඔව් හිතුවා වගේම ඒ ඇස් නතර වුනේ ආරු ළඟ.. කේශ්ව දැක්ක වෙලේ ඉඳන් ආරුගේ ඇස් තිබ්බෙත් කේශ් ළඟ.. කේශ්ගේ ඇස් ආරුගේ ඇස්වල ගැටෙද්දි ආරු ඉක්මනට අහක බලාගත්තේ එයා බලන් හිටියේ නෑ කියලා පෙන්නන්න..
" මං හිතුවේ කේශ් එන්නෙ නැති වෙයි කියලා.. මං නම දැම්මෙත් නෑ..." කියන ගමන් රශ්මි කොළ වගයක් අතරේ කේශ්ගේ නම තිබ්බ කොළේ හොයලා බෝල් එකට දැම්මා.
" එහෙනම් ආයේ පටන් ගමු නේ.. තව තුන්දෙනයි ඉන්නේ අපි බලමු ඊළඟ ජයග්‍රාහකයා කවුද කියලා...ම්ම්ම්.. හිරුණි..."
එතනින් නැගිට්ටේ ආරුට එහා පැත්තේ ඉඳන් හිටිය ගෑනු ළමයා.
" මම ගැන නම් කියන්න ගොඩක් දේවල් නෑ.. මොකද ඉතින් මමනේ පන්තියේ ඉස්සරවෙලාම පවුලක් පටන් ගත්ත කෙනා.. ම්ම්.. ඕ ලෙවල්වත් කරගන්න බැරි වුන එකට මම ඇත්තටම දැන් දුක් වෙනවා ඒක මගේ මෝඩකම.. ඇත්තටම කිව්වොත් මට ඔයාලා දකිද්දී ඊරිසියා හිතෙනවා විශේෂයෙන්ම සාක්ෂිව දකිද්දී.. " කියන ගමන් හිරුණි ආරු දිහා බැලුවා.
" මම මෙහෙම කිව්වට තරහ වෙන්න එපා සාක්ෂි.. ඒ කාලේ පන්තියේ හිටිය ලස්සනම ගෑනු ළමයා මම.. එතකොට කැතම කෙනා ඔයා.. ඒත් අද ඔයා තමයි ලස්සනම කෙනා.. ඔයා තමා පෝසත්ම කෙනා.. ඒ දවස්වල ඔයා කිසිම දේකට වියදම් කරේ නෑ මමම කට්ටිය එක්ක බැනලා ඇති ඔයා හරිම ලෝබයි කියලා.. ඒ විතරක් නෙවෙයි ඔයාගේ අම්මටත් මම එක එක දේවල් කියලා ඇති නැන්දා හිටිය විදිහට.. ඒත් සාක්ෂි මටයි වැරදුනේ ඔයා හොඳට ඉගෙනගත්තා අපි කිව්ව දේවල් ගණන් ගත්තේ නෑ.. අපි කාලෙ කකා විනෝද වෙද්දි ඔයා.. ඇත්තටම සාක්ෂි ඔයා නම් මාරයි ඔයා අද ඉන්න තැන.. මම මේ වෙලාවේ කියන්න ඕන මම ගැන වුනාට මට කියන්න දේවල් නෑ මම ජීවිතේ වරද්ද ගත්තා.. මට තාම අවුරුදු 26යි ඒත් මට මේ වෙනකොට ළමයි තුන්දෙනෙක් ඉන්නවා මම මගේ සැමියාගෙන් යැපෙන්නේ පවුල් ජීවිතය සුන්දර නෑ මම හැමවෙලේම හිතන් හිටියේ ආදරේ නැත්තන් කිසිම වැඩක් නෑ කියලා.. සාක්ෂි තමා හොඳම උදාහරණේ ආදරේ නැතුව ඕන දෙයක් කරන්න පුලුවන් කියන එකට..."
" හිරුණි... ඒක වැරදී... ආදරේ නැතුව නෙවෙයි මම මේ ගමන ආවේ.. මට අම්මගේ ආදරේ තිබ්බා.. අම්මා තමයි මගේ සාර්ථකත්වයට හේතුව.. අම්මා රැයක් දවාලක් නැතුව දුක් විඳපු එක තමා මගේ මෝටිවේෂන් එක වුනේ.. ඉතින් මම හිතන්නේ ඔයාට තේරෙනවා මම කියන දේ..."
" ඔව් සාක්ෂි මට තේරුනා.. සාක්ෂි මම ආඩම්බර වෙනවා මට ඔයාගේ ක්ලාස් මේට් කෙනෙක් වෙන්න ලැබිච්ච එකට.. ඒ වගේම මම කලින් මෝඩ විදිහට කරපු දේවල්වලට පුලුවන් නම් සමාව දෙන්න..."
ආරු හිනාවෙලා ඔලුව වැනුවා. හිරුණි මේ කරපු කතාව පුරාවටම කේශ්ගේ ඇස් තිබ්බේ ආරු දිහාට. ඒක සංජනාත් දැක්කා. සංජනා ආරුගේ අතට ඇන්නා.
" ඇයි බන්..."
" අර බලපන්..." කියලා සංජනා කේශ්ව පෙන්නුවා.
ආරු කේශ් තාමත් එයා දිහා බලන් ඉන්නේ කියලා දැක්කත් ගණන් ගන්නේ නැති බවක් පෙන්නුවා.
" ඉතින්..."
" ඉතින් කියන්නේ.. ඌ උබ දිහාමයි බලන් ඉන්නේ..."
" උට වපරේ..."
" හරි එහෙනම් අනිතිම දෙන්නා.. අපි බලමු මේ චාන්ස් එක කේශ්ගෙද... සිහිනිගේද කියලා..." රශ්මි බෝල් එකට අත දාන ගමන් කිව්වා. ඒත් එක්කම සිහිනිගේ නම ඇහිලා කේශ් බැලුවේ සිහිනි දිහා. ඒක දැක්කම ආරුගේ හිතටත් හීනියට වේදනාවක් දැනුනා.
" ජයග්‍රාහකයා වෙන්නේ... සිහිනි..."
" හායි ගායිස්... මම ගැන කිව්වොත්.. මම කැළණිය කැම්පස් එකට ගියේ..ම්ම්.. දැන් නම් BOC bank එකේ වැඩ.. තව මට බබෙක් ඉන්නවා දැන් එයාට අවුරුදු තුනක්.. තව මම නිපුන්ගෙන් අයින් වුනා... මේ වෙනකොට මම සිංගල්..." සිහිනි අන්තිම ටික කිව්වේ කේශ් දිහා බලලා ටිකක් බර කරලා.
සිහිනි කියන්නේ කේශ් ස්කෝලෙදී යාලු වෙලා හිටිය ගෑනු ළමයා.
" හරි ඉතින් ඊළඟ එක නම් කියන්න දෙයක් නෑනේ... කේශ්..."
" මම දැන් මං ගැන්ද කියන්න ඕන..." කේශ්.
" ඔව් උබ ස්කෝලෙන් අවුට් වුනාට පස්සේ කරපුවා කියපන්..." සදිල්.
"ම්ම්.. මම... මම ඒ ලෙවල් කෙළවගත්තා උබලා දන්නවානේ.. අර ලව් මඟුලක් කරන්න ගිහින්... අන්තිමට මම හිතාගන්න ඒ වගේ වසංගතවල නම් පැටලෙන්නේ නෑ කියලා..." කේශ් සිහිනි දිහා බලලා සම්ච්චලෙන් හිනාවෙලා කිව්වා. කට්ටියම සිහිනි දිහා බැලුවේ මොකද මේ වසංගතේ සිහිනි කියලා දන්න හින්දා. සිහිනි ඉක්මනට න්ම්බිම බලාගත්තා.
" මම ස්කෝලෙන් අවුට් වුනාට පස්සේ අවුරුද්දක් විතර ඔය එහෙ මෙහෙ රස්තියාදු ගගහා පොඩි පොඩි වැඩ කර කර හිටියා.. ඒත් එක දවසක් මම කෙනෙක්ව දැක්කා එයා ගොඩක් මහන්සි වෙලා වැඩ කරනවා දැක්කා.. ඇත්තටම මට මඟ ඇරුනු මැණිකක්.. ඉතින් මට හිතුනා මම මොනාහරි කරන්න ඕන කියලා ඒ වෙලාවේ තමා මට හම්බුනේ පොලිසියට අලුතෙන් කට්ටිය බඳව ගන්න එකේ පෝස්ට් එකක්.. එතනින් පස්සේ මම ට්‍රේනින්වලට එහෙම ගිහින් පොලිසියට බැදුනා.. මම දැන් සී අයි කෙනෙක්.. ලබන සතියේ ඉඳන් කොළඹ අපරාධ අංශේ වැඩ පටන් ගන්නවා.. "
ඒක ඇහුනම ආයේම සංජනා ආරුට තට්ටු කරා.
" අන්න උබව හොයාගෙන එනවද මන්දා.. "
" පිස්සුද බන්..."
" උබට වැඩ කරන්න වෙන්නෙ උන් එක්කනේ බන්.. ආව්.. ආව්.. ෆස්ට් ලව් එක පස්සෙන්ම එනවා දැන්..." සංජනා ඇහැක් ගහලා ආරුට කිව්වා.
කොහොමහරි කේශ්ගේ කතාවට බාධා වුනේ ආරුට ආපු කෝල් එකකින්. ආරු ෆෝන් එක දිහා බලලා ෆෝන් එක සයිලන්ට් කරා. ඒ හින්දා කේශ් ආයෙමත් කතා කරන්න ගත්තා.
" මම පොලිස් ස්ටේෂන් තුනක විතර වැඩ කරා පහුගිය කාලේ.. ම්ම්.. වැඩවලටම හිරවෙලා හිටිය හින්දායි අර වසංගතේකට අහුවුන හින්දයි මට කෙල්ලෙක් ගැන හිතන එකත්..."
ආයෙමත් කේශ්ගේ කතාවට බාධා වුනේ සංජනාට ආව කෝල් එකකින්.
සංජනා ෆෝන් එකේ ස්ක්‍රීන් එක දිහා බලලා බැලුවේ ආරු දිහා. ආරු හිසින් සන් කරේ ආන්ස්වර් කරන්න කියලා. ඒත් ඉතින් සංජනා එතනින් නැගිටලා යන්න හැදුවත් ඒක අමාරු වුනේ පුටු එකට එකක් හිරවෙලා හින්දා.
" සංජනා ඔයාට ප්‍රශ්නයක් නැත්තන් කෝල් එක ඔතන ඉඳන්ම ආන්ස්වර් කරන්න.. අපිට ප්‍රශ්නයක් නෑ..." සදිල්.
සංජනා ආයෙම බැලුවේ ආරු දිහා. ආරුත් කමක් නෑ කියන්න ඔලුව වැනුවා.
" හෙලෝ මිස්ටර් විලියම්..."
මේ කතාව යන්නේ Englishවලින්.
" මිස් සංජනා.. මට මිස් ආරන්‍යා එක්ක කතා කරන්න පුලුවන්ද..."
" සොරි මිස්ටර් විලියම්.. මිස් ආරන්‍යා මේ වෙලාවේ ඉන්නේ මීටින් එකක..."
" මිස් සංජනා මට විනාඩි දෙකයි ඕන.. ප්ලීස්..."
" සොරි මිස්ටර් විලියම්.. ඒක කරන්න විදිහක් නෑ.. අනික අපි මේ වෙනකොටත් ඔයාගේ ප්‍රොජෙක්ට් එක රිජෙක්ට් කරලා තියෙන්නේ..."
" ප්ලිස්.. මට පොඩ්ඩක් කතා කරන්න දෙන්න..."
" ඔයා කතා කරාට වැඩක් නෑ මිස්ටර්... මිස් ආරන්‍යාගේ තීරණය වෙනස් වෙන්නේ නෑ.."
" මිස් සංජනා ඔයාට ඔයාගේ ජීවිතේට ආසාවක් තියනවා නම් කරුණාකරලා මට මිස් ආරන්‍යා එක්ක කතා කරන්න දෙන්න..." මෙච්චර වෙලා කෝල් එක අහන් හිටිය ආරුට ඒක ඇහුනාම නම් තරහා ගියා
" මිස්ටර් විලියම් තර්ජනය කරලද වැඩ කරගන්න හදන්නේ ඒකත් මගේ මිනිස්සුන්ටම..." ආරු මෙච්චර වෙලා අනිත් අය එක්ක කතා නොකරපු විදිහේ දැඩි කටහඬකින් කිව්වා.
" ඕ මිස් ආරන්‍යා.. මට සමාවෙන්න මට ඔයා එක්ක කතා කරන්න විතරයි ඕන වුනේ.. ප්ලීස් ආයෙමත් අපේ ප්‍රොජෙක්ට් එක ගැන හිතලා බලන්න..."
" මිස්ටර් විලියම් මම අකමැතිම දෙයක් තමා මනුස්සයොන්ට දෙවනි අවස්ථාවක් දෙන එක.. මොකද මම එහෙම දෙන එකේ අත්දැකීම හොඳටම විදලා තියන කෙනෙක්..."
" ප්ලීස් මිස් ආරන්‍යා..."
" මොකද මිස්ටර් විලියම් ඔයාගේ කම්පැනි එකම විනාශ් කරගන්න ආසද.. කලින් වතාවේ තමුසේගේ පුතාගේ අතයි කකුලයි විතරයි ගියේ..."
" අනේ නෑ මිස් ආරන්‍යා..."
" එහෙනම් ආයේ කෝල් ගන්න එපා ඕකේ..." කිව්ව ආරු කෝල් එක කට් කරා.
සමහරුන්ට ආරු කතාකරේ මොනාද කියලා නොතේරුනත් ආරු කරේ තර්ජනයක් කියලා තේරිලා ආරු දිහා බලන් හිටියේ පුදුම වෙලා.
" අර්.. මේ.. ඇයි හැමෝම මං දිහා බලන් ඉන්නේ..."
" අහ් මේ.. හරි එහෙනම් අපේ මේ ගේම් එක ඉවරයි එහෙනම් කට්ටිය කන්නයි බොන්නයි තියෙන්නේ..." රශ්මි.
කට්ටිය කාලා බීලා සින්දුවක් දෙකක් එහෙම කියලා එක්කෙනා දෙන්නා යන්න පිටත් වුනා. අනිත් අය සේරම ගියාම අන්තිමට ඉතුරු වුනේ ආරුයි සංජනායි රශ්මියි සදිලුයි කේශුයි...
" රශ්මි දැන් යන්නේ..." සංජනා.
" හස්බන්ඩ් දැන් මඟ එනවා ඇති සංජනා.. ඔයාලා නම් මෙහෙ නතර වෙනවානේ නේද.. "
" ඔව් අපි හෙට උදේම පිටත් වෙනවා.."
ආයෙමත් ආරුට කෝල් එකක් ආවා. ඒක නම් ආයුශ්ගෙන්.
" හෙලෝ අයියේ..."
" තාම පාර්ටිද..."
" දැන් තමා ඉවර වුනේ.... මොක්ද කරන්නේ..."
" අපි මේ වැව රවුමට ආවා..."
" මේ රෑ..."
" දන්නැද්ද කොල්ලො සෙට් එක කාලෙකින්නේ..."
" හා හා.. ඒකත් එහෙමනේ නේ... "
ඒත් එක්කම මේ කට්ටිය හිටිය හෝල් එකට කඩාගෙන බිඳගෙන සෙට් එකක් ආවා. සමහරු ගාව පිහි සමහරු ළඟ ගන් තවත් අය ළඟ පොලු.. ඔක්කොම පහළොවක් විතර හිටියා.
කට්ටියටම එකපාර වෙන්නේ මොකක්ද කියලා හිතාගන්න බැරිවුනා. ඒත් එක්කම තව ෆෝමල් ඩ්‍රෙස් ඇඳගත්තු පස් හය දෙනෙක් ඉක්මනට ඇතුළට දුවගෙන ආවා.
අර කලින් ආපු සෙට් එක පස්සේ ආව සෙට් එකත් ගහගන්න ගත්තා. රශ්මියි සංජනායි බයෙන් කොල්ලො දෙන්නා පිටිපස්සෙ හැංගුනා. ඒත් ආරු බලන් හිටියේ මේ ආව අය කවුද කියලා. ෆෝමල් ඩ්‍රෙස් සෙට් එක නම් ආරුගේ බොඩිගාඩ්ලා ඒත් කලින් ආව අය. ආරුට එතන හිටිය එක්කෙනෙක් නම් අඳුනගන්න පුලුවන් වුනා. ඒ බ්ලේඩ්ගේ කෙනෙක්.
" බ්ලේඩ්...."
ආරුගේ කටින් ඒ වචනේ පිටවෙද්දි කේශ් ආරු දිහා පුලුමෙන් බැලුවා. මේ අතරේ තාමත් ආයුශ් හිටියේ කෝල් එකේ. ආයුශ්ට වෙඩි සද්ද එහම ඇහෙද්දි ආයුශුත් කලබල වුනා.
" ආරු.. මොකක්ද වෙන්නේ ඔතන..."
ඒත් ආරු කිසිම උත්තරයක් දෙන්නෙ නැතුව කෝල් එක කට් කරා. ඒත් එක්කම කට්ටියක් ආරු දිහාට එද්දි ආරුගේ ගාඩ්ලා දෙන්නෙක් ඉක්මනට ඇවිල්ලා ආරුව කවර් කරගත්තා.. මේ අයට එළිය යන්න විදිහක් තිබ්බෙත් නෑ..
සමහරු වෙඩි වැදිලා බිම වැටෙද්දි පිහි පාරවල් කාගෙන ගහගද්දි ඒ තැන ලේ විලක් වුනා. කොහොමහරි එක්කෙනෙක් ආරුගේ පැත්තට වෙඩි තිබ්බා. ආරු ළඟ හිටිය ගාඩ් කෙනෙක් ඉක්මනට ආරුව පැත්තකට තල්ලු කරේ ඒ ගාඩ්ගේ අතකට වෙඩි වදිද්දී. කේශුත් ආරුගේ පැත්තට ආව තව දෙන්නෙක්ට ගහලා එක්කෙනෙක්ගේ අතේ තිබ්බ ගන් එකක් ගත්තා.
ඒත් ආරුගේ අවාසනාවට ආරුගේ ඔලුවටම ගන් එක තියන්න එක්කෙනෙක්ට පුලුවන් වුනා. ඒත් ඉතින් ආරු ඉස්සර හිටිය කෙනා නෙවෙයිනේ.. ඒ කෙනා ආරුගේ ඔලුවට ගන් එක තියන් ආරුගේ පිටිපස්සේ හිටියේ. ආරු එකපාර එයාගේ ඔලුවෙන් පිටිපස්සට ගැහුවේ පිටිපස්සේ හිටිය කෙනාගේ නහය කැඩෙද්දි. එතනින් නවතින්නෙත් නැතුව ගහන්න ඕන හොඳම තැනට ගැහුවේ ඒ මිනිහා ඒකත් අල්ලන් බිම වැටෙද්දි. ආරු ඊටපස්සේ ඉක්මනට ඒ මිනිහාගේ ගන් එක ගත්තා.
" බොස් වැඩේ හරියන්නෑ..." එකෙක් බ්ලේඩ්ට කෝල් කරලා කිව්වා
ආරුත් එක්කෙනෙක්ට දෙන්නෙක්ට වෙඩි තියලා බිම දාද්දී ගන් එකේ බුලට්ස් ඉවර වුනා. ඒත් එක්කම කේශ් බිම දැම්මේ ආරු අඳුරගත්ත ගෝලයව. ආරු බුලට්ස් ඉවර බව පෙන්නන්නේ නැතුව ගිහින් ඒ මිනිහාගේ අතක් උඩින් කකුල තිබ්බේ හීල්ස්වලට ඒ මිනිහාගේ අත තුවාල වෙලා කෑගහද්දි.
" කෝ තමුසෙලාගේ ලොක්කා... මොකද බයේ හැංගිලාද.." ආරු ශේප් එකේ ඒ මිනිහාගේ ගන් එක ගන්න ගමන් කිව්වා.
" නෑ සාක්ෂි... බය වෙන්න එපා මම ඔයා වගේ බයේ හැංගුනේ නෑ..." කියන ගමන් ආවේ බ්ලේඩ්.. හරි හරි කවීන් තමා ඒත් ඉතින් මාස්ක් එකක් දාලා ආව හින්දා වෙන කාටවත් අඳුරගන්න බැරිවුනා.
ඒත් එක්කම ආව තව සෙට් එකක් ආරුගේ ගාඩ්ලා ටික බිම දාලා රශ්මි, සදිල්, සංජනා වගේම කේශ්වත් යටත් කරගත්තා. ඊටපස්සේ බ්ලේඩ් හිමීට හිමීට ආරු ළඟට ආවා.
" ඉතින් සාක්ෂී.. කොහොමද අවුරුදු තුනකට පස්සේ නේ.. තමුසේ මැරුනා කියලානේ මම හිතාගෙන හිටියේ..."
" ම්ම්.. මම මැරෙන්න.. හීනෙන් තමා ඉතින්.. මිස්ටර් බ්ලේඩ්.. අහ් නෑ නෑ.. මිස්ටර් ක..."
" සාක්ෂි... මම තමුසෙව කොහොමත් මරනවා තමුසේ කැමතිද තමුසේගේ මේ යාලුවෝ ටිකත් මැරෙනවා දකින්න..." බ්ලේඩ් එයාගේ පිහිය ආරුගේ බෙල්ලට තියන ගමන් ඇහුවා.
" බ්ලේඩ් තමුසේ හිතුවද මාව මැරුවොත් තමුසේ කවුද කියන එක වැහිලා යයි කියලා.. අනික තමුසේ මට මගේ යාලුවෝ ගැන කියලාද මාව බය කරන්න හදන්නේ පුලුවන් නම් එක්කෙනෙක්ට හරි සීරීමක් කරනවා ඒ ක්ෂණික බ්ලේඩ් කියන්නේ කවුද කියලා ලෝකෙම දැනගනී.. අනික මම මැරිලා ඉපදුන කෙනෙක් මට මැරෙනවා කියන්නේ එච්චර දෙයක් නෙවෙයි..." ආරු සමච්චලෙන් හිනාවෙලා කිව්වා.
" ඒකත් එහෙමද.. ඒත් ඉතින් මම අද තමුසෙව අතහරින්නේ නෑනේ.. උබ විතරක් නෙවෙයි මම මුන්වත් මරනවා.. තව මම උබව දැන්ම මරන්නේ නෑ.. උබ තමා මට බය කියන්නේ මොකක්ද කියලා පෙන්නපු එකී ඒ හින්දා මම උබව නිකන් ම අතහරින්නේ නෑ සාක්ෂී..."
" පුලුවන් නම් අතක් හරි තියපන් බ්ලේඩ්.. මම උබව ඉවරයක් කරනවා අතහැරපන් ඒකිව..." කියන ගමන් ආවේ ආයුග්..
" ආ ඔය ආවේ මදිපාඩුව.. වන්ෂොට්... තමුසේ මම මේකිට මොනාහරි කරන්න හදන හැමවෙලේම එනවානේ.. තමුසේ මේකිට ලව්ද..."
" මම මේකිට.. හහ්.. හීනෙන් තමා.. ඒත් උබ ඒකිට සීරීමක්වත් කරන්න බෑ ඒකි මගේ දඩයම.. ඒකිට සීරීමක් හරි කරන්න පුලුවන් මට විතරයි.. අතහැරපන්.." කියලා ආයුග් බ්ලේඩ්ගේ අතට වෙඩි තිබ්බා.
" ආරු..." ආයුශුත් එතනට දුවගෙන ආවා.
" ෂහ්.. වීරයෝ ඔක්කොම එන්නේ මෙයාව බේරගන්නනේ.. වාව්..." බ්ලේඩ්.
" අන්න උබට වැරදුන තැන බ්ලේඩ්.. මේ කතාවේ මම වීරයා නෙවෙයි දුෂ්ටයා..." ආයුග්.
" තමුසෙලා දෙන්නම අපි හොයන අපරාධකාරයෝ දෙන්නෙක්.. ඉන්නවා මම උබලව දැන්ම ඇරස්ට් කරනවා..." කේශ් එයාව අල්ලන් හිටිය කෙනාට ගහලා බිම දාමින් කිව්වා.
" කේශ් ඔයා මේවට මැදිහත්වෙන්න එපා පැත්තකට වෙන්න..." ආරු.
" සාක්ෂී.. ඔයා මේ අපරාධකරයොන්ව බේරනවද... මුන් මිනීමරුවෝ..."
" ආයුග් මේ අයව එළියට යවන්න.. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි තුන්දෙනාටනේ...." ආරු සංජනාලාව පෙන්වමින් කිව්වේ ටිකක් හයියෙන් හුස්ම ගන්න ගමන්.
" එහෙම කොහොමද සාක්ෂි මම තමුසෙලාව අතහරින්නේ... ආ... තමුසේ දන්න දේ හොඳටම වැඩිනේ.. තමුසේ මැරුනොත් මම මුන්ව අතහරින්නම්.. අද වන්ෂොට්ටවත් බෑ තමුසෙව බේරගන්න.. තමුසේගේ අතේ තියන ගන් එකෙන් තමුසෙටම වෙඩි තියාගන්නවා...."
" ආරු.. එපා ඒ දේ නම් කීයටවත් කරන්නෙපා..." සංජනා කෑගැහුවේ ආරු අතේ තියන ගන් එක දිහාත් බලනවා දැකලා.
ආරු ගන් එක හිමින් හිමින් එයාගේ ඔලුවෙන් තියාගත්තා. ඒත් එක්කම ආයුශ් කෑගහගෙන ආරු ළඟට දුවගෙන එන්න ගියත් බ්ලෙඩ්ගේ කට්ටිය ආයුශ්ව අල්ලගත්තා.
ආයුග් එද්දි වැඩියේ කට්ටිය එක්ක ආවේත් නැති හින්දා ආයුග්ට කරන්න දෙයක් තිබ්බේ නෑ. ආරු ගන් එකේ ට්‍රිගර් එක ඇද්දේ සංජනා වගේම රශ්මිත් බයෙන් ඇස් වහගනිද්දී.
" ආරු එපා...." කියන ගමන් ආයුශ් කට්ටියව තල්ලු කරලා දාලා ආරු ළඟට දුවන් එන්න ගත්තා. කේශුත් ඒ එක්කම ආරු ළඟට දිව්වා.
ඒත් ආයුග් එයාගේ අතේ තිබ්බ ගන් එකෙන් රශ්මි සංජනා සදිල් තුන්දෙනාව අල්ලන් හිටිය තුන්දෙනාට වෙඩි තිබ්බේ මැරිලාම වැටෙන්න.
ඒත් එක්කම ආරුගේ ගන් එකත් පත්තු වුනා.
ඒත්....
ආරුට මුකුත් වුනේ නෑ.. මොකද ඒ අර බුලට්ස් නැති ගන් එක.. ආරු එයා ගාව තිබ්බ අනිත් ගන් එකෙන් බ්ලේඩ්ට වෙඩි තිබ්බේ බ්ලේඩ්ගේ වම් උරහිස පසාරු කරගෙන උණ්ඩය යද්දි.
" සාක්ෂී.. තමුසේ..." බ්ලේඩ් වේදනාවෙන් කෑගැහුවා.
" බ්ලේඩ්... තමුසේ කොහොමද හිතුවේ මාව මරන්න ආ.. තමුසේ කවුද කියන එක වෙන කවුරුත් දැනගන්න ඕන නැත්තන් තමුසෙගේ මේ වහල්ලු ටිකත් අරගෙන මෙතනින් යනවා.. "
බ්ලේඩ් වැඩේ වැරදුනා කියලා තේරුන හින්දා කොල්ලො ටිකටත් එන්න කියලා සංඥා කරලා අමාරුවෙන් නැඟිටලා එළියට ගියා. ඒත් එක්කම ආයුග් ඇවිල්ලා අල්ලගත්තේ ආරුගේ බෙල්ලෙන්.
" සාක්ෂී.. තමුසේ දන්නවානේද බ්ලේඩ් කියන්නේ මොකාද කියලා... කියපන් කවුද ඌ..." ආරුගේ බෙල්ල තද කරමින් ආයුග් ඇහුවා.
ආයුශ් ඇවිල්ලා ආයුග්ට ගහලා ආරුව ආයුග්ගෙන් ඇදලා එයා ළඟට අර්න් තුරුල් කරගත්තා .
" ආයුග් දැන් මේ හොඳටම ඇති.. තමුසේ හින්දා තමා අරූ ආරුගේ පස්සෙන් පන්නන්නේ.. ආයේ තමුසේ ආරුට අතක් හරි තිබ්බොත් මම උබව..."
" ඇයි උබ මට මොනා කරන්නද ආ.. කියපන් උබ මට මොනා කරන්නද.. උබ මෙකිගේ කවුද එහෙම කියන්න ආ.. කියපන්.. " ආයුග් ආයුශ් ළඟටම එන ගමන් ඇහුවා.
" ආරු මගේ යකෝ... ආරු මගේ... " ආයුශුත් ආයුග්ට දෙවෙනි වෙන්නේ නැතුව කැගැහුවා.
" ඒකි කොහෙද බන් උබේ වෙන්නේ.. ඒකි මගේ වුනේ අවුරුදු තුනකට කලින්.. උබ දන්නෑනේ නේ හරියට නැද්ද බේබි... කියනවකෝ මූට.. තමුසෙට මතකනේ සේරම..." කියන ගමන් ආයුග් ආරුව ළඟට ඇදලා ගත්තා. ආයුග් ඒ ඇදලා ගත්ත පාර ආරුගේ හීල්ස් එක්ක ආරුගේ බැලන්ස් එක එකපාර නැතිවෙලා ආරුව ආයුග්ගේ පපුව උඩට වැටුනා.
ආරු ආයුග්ගෙන් ඈත් වෙන්න හැදුවත් ආරුගේ කකුල පෙරලිලා තිබ්බ හින්දා ආයෙමත් ආයුග්ගේ ඇඟටමයි වැටුනේ. ඒක දැක්ක ආයුශ් ආරුව හරහට වඩා ගත්තා.
" තමුසේ ආයේ ආරු ලඟ ඉන්නවා දැක්කොත් මම තමුසේ මගේ කවුද කියන එකත් අමතක කරනවා..." ආයුශ්
" අයියේ මාව බිමින් තියන්නා..." ආරු.
" මම මේකිව ආයේ ආයේ මගේ ළඟට ගන්නවා උබ මොනා කරන්නද ආ..." කියපු ආයුග් ආයුශ් ළඟ හිටිය ආරුව ආයුශ්ට පෙන්නම කිස් කරේ ආරුගේ තොලකුත් තුවාල කරලා. ආරුව අතහැරෙන හින්දා ආයුශ් කරකියා ගන්න දෙයක් නැතුව පස්ස්සට වුනා.
ඒත් එක්කම කේශ් ඇවිල්ලා ආයුග්ට ගැහුවේ ආයුග්ටත් තරහා ගිහින් ඒ දෙන්නා ගහගනිද්දී. ආරු ආයුශ්ගේ අතේ ඉඳන් දඟලලා දඟලලා කොහොම හරි බිමට බැස්සා.
" ඕක නවත්තන්න... කේශ් ප්ලීස්.. ඕක නවත්තන්න.. " ආරු අමාරුවෙන් කොර ගගහගෙන ගිහින් දෙන්නගේ මැද්දට පැන්නා.
ඒත් ආයුග් ආරුව තල්ලු කරලා පැත්තකට දැම්මා. ඒක දැක්ක ආයුශුත් රණ්ඩුවට ගියා.
" ඕක නවත්තනවලා.. තමුසෙලා ඕක නැවැත්තුවේ නැත්තන් මම මැරෙනවා.. " ආරු ගන් එකක් ඔලුවට තියාගනිමින් කිව්වා.
" තමුසේ ඔය බුලට්ස් නැති ඒවා පෙන්නුවට අපි බය වෙන්නෙ නෑ.. " කිව්වා ආයුශ් කේශ්ට ගැහුවේ කේශ්ගේ කටින් ලේ එද්දි.
ඒත් එක්කම ආරු ළඟ තිබ්බ වීදුරුවකට වෙඩි තිබ්බම ඒකට බය වෙලා නම් තුන්දෙනා ඈත් වුනා.
" තමුසෙලාට මොනාද ඕන.. ආ.. ඇයි මටම වද දෙන්නේ.. ආයුග් තමුසෙට තරහ තියෙන්නේ මාත් එක්කනේ ඒක තමුසේ මාත් එක්ක විසඳගන්නවා.. ආයුශ් අයියේ ප්ලීස්.. දැන් මේක හොදටම ඇති.. කේශ් ඔයත් එහෙමයි මම දන්නෑ ඇයි ඔයා මේ රණ්ඩුවට මැදි වුනේ කියලා ඒත්..."
" සාක්ෂි මම ඔයාට ආදරෙයි.. මම ස්කෝලේ යන කාලෙ ඉදන් ඔයාට ආදරේ කරන්නේ..." කේශ් හිතුවේඑවත් නැති වෙලාවක එහෙම කිව්වා. ඒක ඇහුනම ආරුට එකපාරට මොනා කියන්නද කියලා හිතාගන්න බැරුව කේශ් දිහාම බලන් හිටියා. ඒත් ඒක ඇහුවම ආයුශ්ට තරහ ගිහින් කේශ්ට ගැහුවා.
" ආයුශ් අයියේ.. මම කිව්වා දැන් ඕක ඇති.. ඔයාලා මාව සෙල්ලමකට ගත්තද.. එක්කෙනෙක්ට මම සෙල්ලම් බඩුවක් වෙලා තියෙන්නේ ඔය දෙන්නත් ආදරෙයි කියනවා.. මම මේ ලෝකේ වැඩිපුරම වෛර කරන වචනේ තමා ආදරේ කියන්නේ.. ඒ හින්දා ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.. කේශ් ඔයා මට ඔය වචන ටික මීට අවුරුදු දහයකට කලින් කිව්වා නම් මම සතුටු වෙන්න තිබ්බා ඒත් දැන් ඒ හිටිය කෙනා නෙවෙයි ඉන්නේ.. ආයුශ් අයියේ මම දන්නවා ඔයා මට ආදරෙයි කියලා ඒත් ඔයා දන්නවා මටවෙච්ච දේවලුත් හොඳටම ඔයා හිතනවද ඔයාගේ අම්මා මම වගේ කෙල්ලෙක්ට කැමති වෙයි කියලා.. ඒ හින්දා ප්ලීස් මට ඇති වෙලා තියෙන්නේ මට මගේ පාඩුවේ ඉන්න දෙන්න... රශ්මි සදිල්.. සොරි අද වුන දේවල්වලට ආයේ ඔයාලට එහෙම කිසිම කරදරයක් වෙන්නෙ නැතිවෙයි.. " කිව්ව ආරු නොන්ඩි ගගහාම එත්නින් එළියට ගියා. සංජනාත් ඒ පස්සෙන් දිව්වා.
ආරු කෙලින්ම ගියේ කාමරේට. ඒ යනකොටත් ඇනී අම්මා නිරූ එක්ක සෙල්ලම. ඇනී අම්මාව එළියට යවපු ආරු නිරූව බදාගත්තා.
" අම්මී... අම්මිත දෝ මතයිද..."
" ඔව්නේ. බබී.... ඔයා අම්මිව දොයි කරවනවද.."
" ඕකේ.. හබයි බබාත තොක්ලට් ඕනේ..."
" අනේ අනේ මගේ චූටි කෙල්ල දැන් පගාව ඉල්ලන්නත් පුරුදු වෙලාද.." නිරූ එයාගේ පුංචි දත් ටික පෙන්නලා හිනා වෙද්දි ආරුගේ හිතට පොඩි සතුටක් දැනුනා. එත් එක්කම රූම් එකේ දොරට තට්ටු කරේ සංජනා..
" ආරු මේ දොර අරින්න..."
" සංජූ... මට ටිකක් පාඩුවේ ඉන්න දෙන්න.. බය වෙන්න එපා මම මුකුත් කරගන්නේ නෑ නිරූ ඉන්නවා මං එක්ක..."
ආරු රෑ වුනත් කමක් නෑ කියලා ගිහින් වොෂ් එකකුත් දාගෙන රූම් එකේ බැල්කනි එකට ගියේ නිරූවත් වඩාගෙන. බැල්කනි එකේ තිබ්බ හාන්සි පුටුවෙන් ඉඳගෙන දෙන්නා අහස බල බල හිටියා
" අම්මී.. හඳ මාමා අත ලුකුයිනේ.."
" ඒකනේ.. හඳ මාමා බත් ගොඩාක් කාලා ලොකූ වෙලා.. බබත් බත් ගොඩාක් කෑවොත් ඉක්මනට ලොකු වෙයි..."
නිරූ එක්ක හුරතල් කියෝ කියෝ ඉඳලා අන්තිමට නිරූට ආරුගේ පපුව උඩම නින්ද ගියා. ආරුටත් එතනම නින්ද ගියා.
ආරුව එකපාර ඇහැරුනේ එයාගේ කකුල එකපර අමුතු සීතලක් එක්ක දන්න ගත්ත හින්දා.
________________________________________
මොනාද දෙයියනේ මේ වෙන්නේ.. ඒ පාරෆස්ට් ලව් එකකුත් කඩාගෙන පැනලා... ( හේ.. හේ.. මං දන්නවා ගොඩක් අය එහෙම හිතනවා ඇතිනේ...)
තව දෙයක් දැන් සමහරුන්ට ප්‍රශ්නයක් ඇති ඇයි ආරුට ආයුග් එක්ක ෆයිට් කරන්න බැරි කියලා.. ළමයි කෙනෙක් කොච්චර ශක්තිමත් වුනත් එයාට මුහුණ දෙන්න වුන භයානක සිද්ධියකට මුල් වෙච්ච කෙනෙක් ආයෙමත් දකිනකොටත් වුනත ඒ කෙනාට පැනික් එකක් එන්න පුලුවන්.. අන්න ඒක තමා ආරුටත් වෙන්නෙ හොඳේ...
Reaction දාන්න.. comment කරන්න....