The Bitter Sweet Harmony ❤️‍🔥

The Bitter Sweet Harmony ❤️‍🔥

Pari🖤
Bound by pain, United by love....


Previous Episode....❤️‍🔥


https://telegra.ph/The-Bitter-Sweet-Harmony-03-06


10th Episode.....❤️‍🔥


පරණ මතකෙන් මිඳුන ආයුශ් ආරුව වොෂෲම් එක ළඟට ගිහිල්ලා හෙව්වත් ආරු හිටියේ නැති තැන බයක් දැනුනේ ආයෙමත් ආරුට මොනාහරි වුනාද කියලා. 


හැමතැනම ආරුව හෙව්ව ආයුශ් දැක්කේ කොරිඩෝවේ කෙළවරක ආරු බිම වැටිලා ඉන්නවා...



" ආරු..." කියලා කෑගහන ගමන් ආයුශ් ආරු ළඟට දිව්වා.

ආයුශ් ගිහින් ආරුව ඔඩොක්කුවට ගත්තේ කම්මුල් දෙකට මාරුවෙන් මාරුවට තට්ටු කරන ගමන්.

ආරුගේ නහයෙන් ලේ ඇවිල්ලා තියන කොට ආයුශ්ට තේරුනා ආරුට මොකද වෙලා තියෙන්නේ කියලා.


ආයුශ් ඉක්මනට ආරු ළඟ වැටිලා තිබ්බ එයාගේ හැන්ඩ්බෑග් එක අරන් ඒකේ තිබ්බ බෙහෙත් බෝතලේකින් පෙත්තක් අරන් ආරුගේ කටට දැම්මා. බෑග් එකේම තිබ්බ පොඩි වතුර බෝතලෙන් වතුර ටිකකුත් පෙව්වා. 


ටිකකින් ආරු ඇස් ඇරියා.


" ආරු... ඔයා මාව හොඳටම බය කරා මැණික..." කියන ගමන් ආයුශ් ආරුව තදින් බදාගත්තා. 


" අයියේ... මට බෑ... මට ආයේ වෙඩින් එකට යන්න බෑ..." ආරු ආයුශ්ට තුරුල් වෙලා අඬන ගමන් කිව්වා.


" බය වෙන්න එපා මැණික... ආයුග් නෑ ඌ ගියා... කෝ දැන් අඬන්නෙපා හොඳ ළමයානේ..." ආයුශ් ආරුගේ කම්මුල් දෙක පිස දැම්මා. 


" කෝ නැඟිටින්න.. ම්... දැන් වොෂෲම් එකට ගිහින් මූණ චුට්ටක් හෝඳන් එන්න.. මම ඉන්නම් ඔයා එනකන් හරිද... මයූ පව්නේ මැණික.. දැක්කනේ ඔයාව දැක්කම තිබ්බ සතුට.. " 


ආරු ඔලුව වනලා ආයුශ් එක්ක වොෂෲම් ගිහින් ආවා.


" ම්ම්ම්... මේ ඉන්නේ... ආරු කිසිම දේකට බය වෙන්න එපා මම ඉන්නවා ඔයා එක්ක..."


" අයියේ ඔයා කොහොමද ආයුග්..." 


ආරුගේ තොල් දෙක උඩින් දබරැගිල්ල තිබ්බ ආයුශ්,


" ඒක දැන් වැඩක් නෑ.. Past is past... okay..." 


ආයුශ් එහෙම කියලා බලන් හිටියේ ආරුගේ තොල් දෙක දිහා. ආයුශ්ට හිතුනේම ආරුව සිපගන්න..


හිමින් හිමින් ආරුගේ මූණට ආයුශ් ළං වෙද්දි ආරුටත් ආයුශ් ගැන කියාගන්න බැරි අමුතු හැඟීමක් තිබ්බ හින්දා ආරුත් කිසිම දෙයක් නොකර හිටියා. 


ආරුගේ තොල්වලටම ළං වුනත් ආයුශ්ට මේ කරන්න යන දේ වැරදි වගේ හිතුන හින්දා ආරුගේ නළලට කිස් එකක් දුන්නා...



ආයුශ්ගෙන් ලැබුනු ඒ කිස් එකෙන් ආරුට ලොකු සතුටක් වගේම සැනසීමක් දැනුනා..


ඒත් හිතේ හීනියට දුකක් තිබ්බේ තමන්ට කවදාවත් ආයුශ් වගේ කෙනෙක්ගේ ආදරේ ලබා ගන්න බෑ කියන එක ආරුගේ හිතේ තදින්ම කා වැදිලා තිබ්බ හින්දා.


ඒ වගේම තව දෙයක් වුනේ ආරු ආදරේට බය එක...


" යන් නේද එහෙනම්..." කියලා ආරුගේ කනට කරලා කිව්ව ආයුශ් ආරුගේ අතින් අල්ලගෙනම වෙඩින් හෝල් එකට ගියා. 


ආරු ගිහින් දිව්‍යා ළඟින් ඉඳගත්තා.


" මොකෝ මෙච්චර වෙලා..."


" කෝල් එකක් ආවා අම්මේ..." ආරු බොරු කියන්න අකමැති වුනත් අම්මට ආයෙමත් එයා අසනීප වුනා කියලා හිත රිද්දන්න බැරි හින්දා එහෙම කිව්වා.


ඒත් එක්කම ආරුලා වාඩි වෙලා හිටිය ටේබල් එකට ආවේ අවුරුදු පනහක විතර පෙනුමක් තිබ්බ ගෑනු කෙනෙක්.


" ඉතින් කොහොමද... ඔයාලා මනමාලි පැත්තේ අය නේද..." ඒ කෙනා දිව්‍යා ළඟින් වාඩි වෙමින් කිව්වා.


" ඔව්... ඔයාලා.."


" ආ... අපි මනමාලයාගේ පැත්තේ... මේ ඔයාගේ දුවලද..." ආරුවයි සෙතූවයි පෙන්වමින් ඒ කෙනා ඇහුවා.


" ඔව්.. මේ ලොකු දුව.. මේ චූටි දුව..."


" අනේ.. හරිම සීදේවි ළමයි දෙන්නා... ඉතින් ඉතින් ඔයාලා කොහෙද ඉන්නේ මෙහේ කුරුණෑගලමද..."


" අර්... නෑ අපි මෙච්චර කල් හිටියේ නම් රට... අපේ ගෙවල් නුවරඑළියේ.. කලින් හිටියේ කුරුණෑගල තමා..."


" ආ.. එහෙමද.. එතකොට දුවලා දෙන්නයි කට්ටියම රටද හිටියේ..."


" ඔව්.. ලොකු දුවගේ ඉගෙන ගන්න වැඩ වලට ගියේ..."


" ආ.. දැන් වයස කීයද කැම්පස් එකේද තාම..."


" ආ... ලොකු එක්කෙනාටද..."


" ඔව්.."


" ආ... එයාට නම් දැන් අවුරුදු 26ක්... කැම්පස් නම් ගිහින් ඉවරයි දැන්..."


" අවුරුදු 26ක්ද මං හිතුවේ තාම විසි දෙකක් විසි තුනක් විතර ඇති කියලා වයස පේන්නේ නෑනේ... ඉතින් ඉතින් කොහෙ කැම්පස් එකටද ගියේ..."


" එයා ගියේ කොළඹ කැම්පස් එකට ඊටපස්සේ වැඩිදුර ඉගෙන ගන්න කියලා තමා රට ගියා හාර්වඩ් එකට..."


" හාර්වඩ් එකට... දෙයියනේ... ඒ කියන්නේ ඔයාගේ දුව සෑහෙන දක්ෂයිනේ..." 


ඒක ඇහුවම නම් දිව්‍යාගේ මූණට ආවේ ආඩම්බර හිනාවක්. 


හැබැයි ඉතින් මේ කතාව අහන් හිටිය ආරුටයි සෙතූටයි නම් තේරුනා මඟුලක් සෙට් වෙන්න තමා යන්නෙ කියලා.


" අක්කේ ඔයා ආවේ මයූ අක්කිගේ වෙඩින් එකට වුනාට යන්න වෙන්නේ ඔයාට වෙඩින් එකක් සෙට් කරගෙන තමා..." සෙතූ ආරුගේ කනට කරලා හිමීට මිමිණුවා. 


" අනේ මේ... මම නම් බඳියි..." 


සෙතූ ඉක්මනට ආයුශ්ට මැසේජ් එකක් දැම්මේ,


" අයියේ... අක්කට මඟුලක් සෙට් වෙන්න වගේ යන්නේ..." 


ආරුලාට ටේබල් දෙකක් විතර එහයින් කොල්ලො ටිකක් එක්ක සෙට් වෙලා හිටිය ආයුශ්ට ඒ මැසේජ් එක දැක්කම නම් ඉහ මොල රත් වුනා. 


ආයුශ් ඉක්මනට ආරු ළඟට ආවා.


" ඉතින් දුවගේ බඳින වයසත් හරිනේ... පිරිමි ළමයෙක් එහෙම ඉන්නවද..." අර ගෑනු කෙනා අහද්දිම තමා ආයුශ් ආවේ.


" ආරු... මැණික... මේ ටයි එක හදන්නකෝ අප්පා..." කියන ගමන් ආයුශ් හොඳට තිබ්බ ටයි එකත් ගලෝගෙන ආරු ළඟ දණගහගන්න ගමන් කිව්වා.


දිව්‍යාට නම් තේරුනා ආයුශ් ආවේ මොකටද කියලා. 

ආරු ටියුබ් ලයිට් හින්දා වෙච්ච දේ හිතාගන්න බැරිවුනා. ආරු ආයුශ්ගේ ටයි එක ආයුශ්ට ළං වෙලා බදින්න ගත්තා. 

ඒක දැක්ක අර ගෑනු කෙනා,

" ආ... මේ... මං ගිහින් එන්නම්කෝ... අපේ අය කතා කරනවා වගේ..." කියලා එතනින් ඉක්මනට ගියා.


එයා යනවත් එක්කම සෙතූ හයියෙන් හිනාවුනා. 

" සෙතූ..." දිව්‍යා සෙතූට සැර කරේ එළියට පනින්න හදන හිනාව හිර කරගන්න ගමන්. ආයුශ්ටත් හොඳට හිනා. අනේ ඉතින් අපේ ආරු විතරක් මොකටද මෙයාලා හිනා වෙන්නේ කියලා දන්නෙ නැතුව ටයි එක බැන්දා. 


" ආ.. දැන් හරි... ඈ අයියේ දැන් මේ ටිකක්ට කලින් මේ ටයි එක හොඳට තිබ්බනේ එක පාරට මොකද වුනේ..."


" මං නම් දන්නවා මොකද වුනේ කියලා... අයියේ ඒක රුසියාවටත් වඩා ලොකුයිනේ..


" මොන මඟුලක් දොඩවනවද මංදා.. මටත් තේරෙන විදිහට කියන්නකෝ අප්පා.. මෙතන හිනාවෙනවයි.. මොකක්ද වුනේ අම්මේ.."


" මුකුත් නෑ මුකුත් නෑ..."


ටිකකින් කට්ටිය කාලා බීලා එහෙම අන්තිමට මයුමිලා පිටත් වෙන වෙලාවත් ආවා. මයුමි අම්මටයි තාත්තටයි සමුදීලා ආවේ දිව්‍යා ළඟට.


" පුංචි.. ඔයා ආයේ අතුරුදහන් වෙන්නේ නෑනේද.. මං එනවා ඔයාව බලන්න.. ඉන්න තැනක් කියන්න ඕනේ හරිද..." 


" හරි හරි කෙල්ලේ මං කොහෙවත් යන්නෙ නෑ බය වෙන්න එපා..."


මයුමි අනිත් අයටත් සමු දීලා ආයුශ් ළඟට ආවා. 

" මොකෝ බන් උබ අඬන්න නම් හදන්නෙපා.. මට නම් බෑ කඳුලු පිහින්න.."


" මගේ කඳුලු පිහින්න ඕන නෑ දැන් එක්කෙනෙක් ඉන්නවානේ නේ.."


" ඈ..."


" ඔයාලා කාගෙන් හැංඟුවත් මගෙන් හංඟන්න බෑ.. අයියේ ආරුට ආදරෙයි නේද..."


" ඔව් බන්... "


" පරිස්සමින් අයියේ.. මං හිතන්නේ නෑ නැන්දලා කැමති වෙයි කියලා.. මාත් කැමති ඔය දෙන්නා සෙට් වෙන නම්.. කෝකටත් පරිස්සම් වෙන්න..." 


මයුමිලා පිටත් වුනාට පස්සෙ ආයුශ් ආවේ දිව්‍යලා ළඟට.


" දැන් නැන්දලා නුවරඑළි යනවද..." 


" ඔව් පුතේ... ඒක ලේසි... නැත්තන් හෙටත් වාහනවල... "


" අම්මේ ඔයාලා කාර් එක අරන් යන්න... ඩ්‍රයිවර්ට කියන්නම් හෙට ආයෙ එන්න කියලා මාව ගන්න.. " ආරු.


" ඇයි ආරු යන්නෙ නැද්ද..." ආයුශ්.


" නෑ අයියේ පරණ ස්කුල් එකේ reunion එකත් තියනවා හෙට.. මං ඔහොම්මම ඉන්නවා.. ගිහින් ආයේ එන්න බෑ..." 


" කොහෙද එතකොට ඉන්නේ...." 


" ආ.. මේ reunion එක තියෙන්නේ ඩේලියා එකේ මම රූම් එකක් බුක් කරා ඒකෙම මට ලේසිනේ එතකොට... ජොබ් එකේ වැඩ වගේකුත් තියනවා.. මට එතකොට නිදහසේ ඒ ටිකත් සෙට්ල් කරන්න පුලුවන්..." 


" යන් එහෙනම් මං ඔයාව ඩ්‍රොප් කරන්නම්.. නැන්දලා දැන් යනවානේ නේ.. " 


" ඔව් පුතා රෑ වෙද්දි යාගන්න පුලුවන් එතකොට...."


දිව්‍යාලාව පිටත් කරලා ඇරලා ආයුශ් ආරුව එක්කන් එයාගේ කාර් එක ළඟට ආවා.


ආයුශ් ආරු එක්කලා ඉන්න එක ගැන ගැන මේ වෙනකොට සරලාටත් වඩා තරහෙන් හිටියේ නිශූ. නිශූ ආරුයි ආයුශුයි යන දිහා බලන් ඉද්දි කෝල් එකක් ආවේ කවීන්ගෙන්.


" හෙලෝ බබා... මම ඔයාට කෝල් එකක් ගන්නමයි හිටියේ..." මේ වෙනකොට නිශූ කවීන් දෙන්නා අතර සම්බන්ධයක් පටන් අරන් තිබ්බේ. ඒත් ඇත්තටම කිව්වොත් ආදර සම්බන්ධයක් නම් නෙවෙයි...


" ඇයි මොකාද වුනේ..."


" මැරුන උන්ට පණ ඇවිල්ලා..."


" මොකක්... කාටද... නිශූ කියන එකක් හරියට කියන්නකො..."


" අරකි ආයේ ඇවිල්ලා ඒකි මැරිලා නෑ..."


" කවුද..."


" සාක්ෂි..."

" මොකක්..." ආරු තාමත් ජීවතුන් අතර ඉන්නවා කියලා දැනගත්තම කවීන්ටගේ ඇඟම පණ නැතුව යනවා වගේ දැනුනේ ආරුට තමන්ව විනාශ කරලාම දාන්න පුලුවන් කියලා දන්න හින්දා.


" ඒකි කොහොමද පණ පිටින් ඉන්නේ... ඒත් ඒකි මැරුනානේ..." 


" මැරිලා නෑ... අර යස අගේට ඉන්නේ... ඉස්සර හිටියටත් වඩා හොඳට උන් ඉන්නවා.. තනිකර සුඛෝපභෝගී ජීවීතයක් ගෙවන්නේ ඒක බලද්දිම පේනවා... "


" අහ්.. ඒත් මට තියන ප්‍රශ්නේ එදා ඒකි මැරුනානේ..."


" මැරිලා නෑ බබා ඒකි හොඳට ඉන්නවා..."


" ශුවර්ද ඒ සාක්ෂිමයි කියලා..."


" ඔව් මට එක බඩවැල කඩන් ආපු එකීව අඳුරගන්න බෑ කියලා හිතුවද..."


" ම්ම්... ඒකි පණපිටින් ඉන්නවා නම් ඒක තවදුරටත් වෙන්න හොඳ නෑ ඒකි මැරෙන්න ඕන.. මේ පාර නම් චාන්ස් එක මිස් කරගන්න බෑ..."


" ඒත් ඒකිට මාර බොඩිගාඩ්ලා ගොඩක් නේ ඉන්නේ.. අර ආයුශ්කාරයා පස්සෙන්මයි.. ඒ මදිවට ආයුශ්කාරයා වගේ තව එකෙක් ඉන්නවා බලනකොට ඌ ආයුශ්ගේ නිවුන්නාලු..."


" හ්ම්ම්.. මං දන්නවා ඌ තමා වන්ෂොට් කියන්නේ..."


" වන්ෂොට්..."


" ඔව්.. ඌ තමා මට ඉන්න එකම ප්‍රතිවාදියා.. ඌ හින්දා තමා හැමතිස්සෙම මගේ වැඩ අවුල් යන්නේ..."


" ඌ දන්නවද ඔයා ගැන..."


" නෑ මං ගැන දන්නේ අරකි විතරයි මම හිතන්නේ.. මට තියන ප්‍රශ්නේ මේ වෙනකන් ඒකි කාටවත් මේ ගැන කිව්වේ නැද්ද් කියලා..."


" කියලා නම් ඔයා ඔහොම ඉන්නෙ නෑනේ බබා.. මට හිතාගන්න බැරි මේකි කොහොමද එකපාර අවුරුදු තුනකට පස්සේ එකපාර කඩාපාත් වුනේ කියලා..."


" දැන් කෝ ඒකි..."


" ඒකි ආයුශ් එක්ක ගියා..." 


" කොහාටද ගියේ කියලා දන්නෙ නැද්ද..."


" නෑ..."


" හ්ම්ම්... මං හොයාගන්නම්කෝ.. ඒකි ආයේ ආවේ ඒකිගේ මරණේ හොයාගෙන තමා ඉතින්..."



මේ අතරේ පොලිස් ඔෆිසර් සිංහවංශට කෝල් එකක් ආවේ නියෝජ්‍ය පොලිස්පතිගෙන්.


" ගුඩ් ඊවින්ග් සර්...."


" ගුඩ් ඊවිනින්ග් කොල්ලෝ..."


" සර් හදිස්සියේ.."


" හදිස්සියේ කියන්නේ කොල්ලෝ දැන් අවුරුදු පහකටත් වඩා ඇදෙන කේස් එක ගැන අහන්න තමා ගත්තේ... දැන් කවද්ද ඕක ක්ලෝස් කරන්නේ... "


" සර් මට තව ටික කාලයක් දෙන්න.."


" ටික කාලයක් කියන්නේ දැන් අවුරුදු පහකටත් වඩා දුන්නනේ කොල්ලො... දැන් බලපන් තාම බ්ලේඩ්ගේ වැඩ නතර වෙලා නෑ.. බ්ලේඩ් මැරුනා නම් උගේ වැඩ ටිකක් හරි අඩු වෙන්න එපැයි බන්.. තව මාස තුනයි... මාස තුනෙන් කේස් එක ක්ලෝස් කරන්න ඕනේ.. නැත්තන් දුෂ්කර සේවේ තමා.." 


" හරි සර්..."


ඔෆිසර් සිංහවංශ තරහෙන් කෝල් එක කට් කරේ ළඟ තිබ්බ මේසෙටත් මිට මොලවලා ගහන ගමන්. පාරේ සැර කියන්නේ මේසේ උඩ තිබ්බ බඩු බිම.


" මොකද බන්...." සිංහවංශගේ එක්ක වැඩ කරන තව පොලිස් ඔෆිසර් කෙනෙක් වුන ගමලත් ඇහුවා.


" ෂික් අර බ්ලේඩ් කියන එකාව මං අහුනු ගමන් මරනවා යකෝ..."


" ඒකත් ඌ කවුද කියලා හොයන්න ඉන්න එපැයි බන්.. දැන් අවුරුදු පහක් තිස්සේ අපිත් ඒකනේ හොයන්නේ..." 


" මාස තුනක් ඇතුළත කේස් එක ක්ලෝස් කරන්න කිව්වා බන්..."


" ඔහ් ෂිට්.. එච්චර ඉක්මනට කොහොමද බන්..."


" අපිට මොකක් හරි මඟ ඇරිලා තියනවා බන්... එදා මැරුනේ බ්ලේඩ් නෙවෙයි මට ඒක සීයට දාහක් ශුවර්.. එතකොට මේ බ්ලේඩ් කවුද... අර බ්ලේඩ් විදිහට හිටිය එකා හිරේ ගිය කේස් එක මොකක්ද..."


" අර කෙල්ලක්ව රේප් කරන්න ගිය කේස් එකනේ බන්..."


" ඒ කෙල්ල කවුද.. කවුද සාක්ෂි දුන්නේ..."


" කෙල්ල නදුලි... සාක්ෂි දුන්නේ සාක්ෂි..."


" නදුලි ඇන්ඩ් සාක්ෂි.... දැන් කෝ නදුලි..."


" නදුලි ගැන අවුරුදු තුනකින් ආරංචියක් නෑ.. එදා බ්ලේඩ් මැරුන දා ඉඳන් කෙල්ලත් අතුරුදහන්..."


" ඒකි ගැන හොයපන්.. මට හිතෙන්නේ ඒකි දන්නවා ඇති බ්ලේඩ් ගැන..."


" ඒත් බන් ඒකිත් අනික් කෙල්ලෝ වගේ අතුරුදහන්ද දන්නෙ නෑනේ..."


"උබ කවුද කියලා අමතක වුනාද.. පොඩ්ඩක් පොලිස් මොළෙන් හිතපන්..." 




මේ අතරේ ආයුශ් ආරුව හොටෙල් එකට එක්ක ඇවිල්ලා රූම් එක ළඟට වෙනකන්ම ආවා.


" අර්... මේ..." ආරු කියන්නේ මොනාද කියලා හිතාගන්න බැරුව ගොත ගගහා හිටියා.


" ම්ම්.. බෙහෙත් ටික බොන්න මතක් කරලා.. අපි ආයේ යන් ඩොක්ටර්ව මීට් වෙන්න.. දැන් පරණ ඒවා හිතන්නේ නැතුව කාලා බීලා නිදාගන්න හරිද..." ආයුශ් ආරුගේ ඔලුව අතගාමින් කිව්වා.


" ඔයා යනවද..."


" ඇයි එපාද..." ආයුශ් ආරුගේ මූණ ළඟට ළං වෙමින් ඇහුවා.


"අහ්.. නෑ.. නෑ.. මේ.. නිකන්.. මං අනිද්දට නුවරඑළියේ යනවා..."


" ම්ම්ම්ම්...."


" එහෙනම්... මම යන්නම්..."


" හා..." 


ආරු ආයුශ්ට හිතෙන් බනින ගමන් කාමරේට යන්න ගියා.


" ම්ම්ම්... හා.. එච්චරයි.. බොරුවට පස්සෙන් එනවා පිරිමි ඔක්කොම එකයි..." 


ඒත් එක්කම ආරුව ඇදලා ගත්ත ආයුශ් ආරුව රූම් එකේ දොරට හේත්තු කරේ ආරුගේ දෙපැත්තට අත් දෙක තියලා ආරුට හෙල්ලෙන්නවත් බැරිවෙන්න..


" අයියේ.."


" සාරිය ඇඳගෙන ආවට මට ඉතින් ඔයාව වර්ණනා කරන්නත් බැරි වුනානේ... ඔයා අද ගොඩාක් ලස්සනයි මැණික.. මට කන්න හිතෙනවා.." ආයුශ් ආරුගේ කනට මිමිණුවා. 


ඒ වචන ඇහෙද්දී ආරුව රතුවුනා. 


" මොකාද කියන්නේ මම චුට්ටක් රහ බලන්නද...ම්ම්..." ආයුශ් ආරුගේ ඉණ වටේ අතක් යවමින් ඇහුවා. සාරියට නිරාවරණය වෙලා තිබ්බ තැන්වල ආයුශ්ගේ අත වදිද්දී ආරුට දැනුනේ ඇඟට කරන්‍ට් වදිනවා වගේ..


ආරුගේ පිළිතුරක් බලාපොරොත්තු නොවී හිටිය ආයුශ් ආරුගේ තොල්වට බර වුනා. 


ආදරණීය විදිහට ආරුගේ තොල් සිපගත්ත ආයුශ් අවසානෙදී ආරුගේ නළල සිපගෙන,


" මම ගිහින් එන්නම් මැණික... පරිස්සමින් ඉන්න..." කියලා කිව්වා.


ආරු කිසිම දෙයක් නොකියා ඔලුව විතරක් වැනුවේ ලැජ්ජාව වැඩිකමට...


ආයුශ් ගියාට පස්සෙ වොෂ් එකක් දාගත්ත ආරු ලැප් එකත් අරන් ඇඳට වැටුනේ වැඩ වගයක් ඉවර කරන්න. ඒ වෙලාවේ තමා සංජනාගෙන් විඩීයෝ කෝල් එකක් ආවේ.


" ආ.. චූටි මැණිකේ.. අපි ගන්නකන් කෝල් එකක්වත් නෑනේද..."


" නෑ බන් දැන් තමා වොෂ් එකක් දාගෙන ආවේ.. මේ දැනුත් අර ව්ඩ ටික ඉවර කරලා දාන්න හැදුවේ.. තව සති දෙකකින් වැඩට යන්න එපැයි..."


" උබ නම් බොරුවට බන් වැඩට යන්නේ... දැන් බලපන් කොච්චර ආදයම් එන මාර්ග තියනවද.. උබට අහේනියක් නෑනේ.."


" මම ජොබ් එකට යන්න හිතුවේ සල්ලි බලාගෙන නෙවෙයි බන්.. ඒක මට කාලෙක ඉඳන් තිබ්බ හීනයක්.. සමහරවිට ඒකෙන්වත් මට සැනසීම ලැබෙයි..."


" අනේ මන්දා බන් ඒත් වැඩ ගොඩ ගහගන්න එපා.. මොකෝ අද තත්වේ..."


"ම්ම්.. දන්නැද්ද නෑදෑ සනුහරේ වැඩ දැම්මා.. මම බැන්නා.. තව... තව.. ඒක ඕන්නෑ බන්..." ආරු ආයෙමත් ඒ සිද්ධිය මතක් කරන්න ගියේ නැත්තේ ආයුග්ව මතක් වුන හින්දා.


" මොකො මස්සිනාකාරයා එහෙම හම්බුනේ නෑ... "


" එයා මාව හොටෙල් එකටත් ඇරලලා ගියේ..."


" ආව් ආව්.. කෙල්ල රතු වෙනෝ..." 


" අනේ නිකන් හිටපන්... කෝ මගේ නිරූ පැටියා...." 


" අම්මේ ආං ඉන්නවා.. උබ ගියපු වෙලේ ඉඳන් අම්මා අම්මා අම්මා.. කෑම ටික කවාගත්තෙත් බොහොම අමාරුවෙන්.."


" කෝ කතා කරන්න..."


" නිරූ මෙන්න අම්මි කතා කරනවා..."


" අම්මී...." 


____________________________________


ආරු ආයුශ්ට ආදරේද... ඒක නම් මම දන්නෙත නෑ...😁


Reaction දාන්න Comment කරන්න...


ආදරෙයි හැමෝටම 🖤




Report Page