The Bitter Sweet Harmony ❤️‍🔥

The Bitter Sweet Harmony ❤️‍🔥

Pari🖤
Bound by pain, United by love....


Previous Episode....❤️‍🔥

https://telegra.ph/The-Bitter-Sweet-Harmony-03-05



09th Episode....❤️‍🔥


" ආ... මෙයානේ..."


" පුංචි නංගි රට ගියා කිව්වේ ලොස් ඇන්ජලීස්වලද හිටියේ..." මයුමි.


" ඔව්.. එයා එහෙ මියුසික් ඇකඩමියකට දැම්මා..."


" මරුනේ අප්පා... ඒක නෙවෙයි පුංචි... කෝ ආරු... නිශූ කිව්වා ආරු.."


" දුවේ... ආරු...." දිව්‍යා.


" ආ... තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. නැන්දේ ආරු තමා කතා කරේ තව විනාඩි පහෙන් එනවා කිව්වා... එනගමන් කම්පැනි එකේ වැඩක් බලන්න වුනු හින්දා පරක්කු වුනා කිව්වා..." ආයුශ්.


ආයුශ් ඒ කිව්ව කතාවට වැඩිපුරම පුදුම වුනේ ආයුග් නිශූ දෙන්නා...

මොකද ඒ දෙන්නම අවුරුදු තුනක් තිස්සේ හිතාගෙන හිටියේ ආරු මැරිලා කියලා.


ආයුග් එතනින් ගියේ සරස්ට කෝල් එකක් අරන් ඇත්ත නැත්ත හොයන්න කියන්න...



" ආයු ඔයාට මොකක්ද ඒ කෙල්ලත් එක්ක තියන සම්බන්ධය... " සරලා තරහෙන් ආයුශ්ගෙන් ඇහුවා.


" ඒ කියන්නේ ආරු ඉන්නවා නේද... නිශූ ඇයි ඔයා ආරු මැරිලා කියලා බොරු කිව්වේ..." මයුමි අහපු ඒ කතාව හින්දා ආයුශ් බේරුනා


" මෙච්චර හොඳට ඉන්න මම මැරිලා කියලා කිව්වෙ කවුද මිස් රුක්ෂි...."


හෝල් එකේ දොර පැත්තෙන් ඇහුන ඒ කටහඬෙන් එතන සද්දෙ දදා හිටිය හැමෝම බය වෙලා ගියා.


ආරු එනවා කියලා දැනගත්තම අර පරණ හිටිය ඔහේ මොකක් හරි ඇඳගෙන ඉන්න කැත ආරුව බලන් හිටිය හැමෝගෙම කටවල් ඇරුනේ අලුත් ආරුව දැකලා.


කළුපාට සාරියක් ඇඳලා හයි හීල්ස් දාලා සිමපල් මේකප් එකක් දාලා හිටිය ආරු පට්ටම ලස්සනයි. දිගට තිබ්බ කොණ්ඩෙත් කපලා තව කලර් කරලා ආරුගේ ඇගේ පාටත් වෙනස් වෙලා දැක්කම ඕන කෙනෙක්ට හිත යන ආරු කෙනෙක් තමා හිටියේ. බ්‍රේසස් කණ්ණාඩි ඒ එකකවත් නෑ..



" වාව් ආරු.... ඔයා එහෙනම් මගේ ඉල්ලීම ඉෂ්ට කරා..." ආයුශ් ආරු දිහා බලන් කටත් ඇරගෙන කිව්වා.


" මේක පටල ගන්න ගිහින් තමා මට සෑහෙන වෙලාවක් ගියේ.. මොකෝ කට්ටිය සද්දයක් නැත්තේ... " ආරු නිශූ දිහා සමච්චලෙන් බලමින් කිව්වා.


" ආයු... මේ කෙල්ලත් එක්ක ඔයාට තියන සම්බන්ධය මොකක්ද... මං කලිනුත් ඇහුවා..." සරලා.


" අම්මා මං.... "


ආයුශ් කියන්න ගියත් ආයෙත් මයුමි මැදින් පැන්නේ ආයුශ්ට මුකුත් කියන්නෙපා කියලා ඉඟි කරන ගමන්.


" ආරු.. ඔයා සෑහෙන්න වෙනස් වෙලානේ.. මට එකපාර අඳුන ගන්නත් බැරිවුනා.. ඔයාව හම්බුනේ අවුරුදු 8කට විතර පස්සෙනේ..." කියමින් මයුමි ආරුව වැළඳගත්තා.


" ඉතින් ඉතින් මොකද දැන් කරන්නේ..."


"ම්ම්ම්.... එකක් කියලා නෑ ගොඩක් වැඩ කරනවා මයූ....ඔයත් අද ගොඩක් ලස්සනයි.. "


" මෙයා ගොඩක් වැඩ කරනවා කිව්වෙ මෙහෙම ඇදලා කරලා ඉන්න මෙලහකට වයසක මිනිහෙක්වවත් අල්ලන් ඇති..." නිශූ.


" හරි හරි... රුක්ෂි මට පේන්නේ ඔයාට කියන්න ගොඩක් දේවල් තියනවා වගේනෙ... කියන්නකෝ එහෙනම්.. අම්මේ ඉඳගන්න මෙයාට සෑහෙන කතාවක් කරන්න තියනවා වගේ..." කිව්ව ආරු පුටුවක් ඇදලා අරන් ඉඳගත්තා.


" මේ මට තමුසේ ගැන දොඩවන්න වුවමනාවක් නෑ.. තමුසේත් කොහොමත් සල්ලි හොයන්නේ මෙයා වගේ අර වගේ වැඩ කරලානේ... හහ්.. මෙතන එනවා අපිව තම්බන්න... " නිශූ දිව්‍යාව පෙන්වමින් කිව්වා.


දිව්‍යාට ඒ වෙලාවේ නිශූ ගැන සෑහෙන කලකිරීමක් දැනුනේ මෙච්චර අවුරුදු 18ක් තමන් හොදින් බලාගත්ත තමන්ගේ දරුවම මෙහෙම කියන හින්දා....


" කියලා වැඩක් නෑ.. කොහොමත් අම්මාගෙම දුවනේ... " සරලා..


" ඔව් මට සුදේශුත් කිව්වා මෙයාට වෙන සම්බන්ධයක් තියන හින්දා තමා එයා මාත් එක්ක සම්බන්ධයක් පටන් ගත්තේ කියලා... කවුද දන්නේ අර කෙල්ලත් වෙන මිනිහෙක්ගෙද කියලා..." නාලි.


මේ වෙලාවේ ආයුශ්ට සරලා තමන්ගේ අම්මා වුනත් ආවේ මාර තරහක්. ඒත් කොල්ලට මුකුත් කර කියා ගන්න බැරුව හිටියේ.


හැබැයි දුවෙකුට කවදාවත් බෑ තම්න්ගේ අම්මාට කවුරුහරි අපහාස කරනකොට බලන් ඉන්න.


ආරු පුටුවෙන් නැඟිට්ට පාර නාලිගේ කනට ගැහුවේ පාරේ සැරට නාලිගේ කම්මුලේ ඇඟිලි ටිකේ පාර හිටින්නම.


" තමුසේ මගේ අම්මා ගැන වචනයක්වත් කියන්න එපා.. හරී.. තමුසේ බැඳපු මිනිස්සු එක්ක නටන ගණිකාවක් විතරයි.. එතකොට තමුන්... තමුන් බේරුනේ ආයුශ් අයියාගේ අම්මා හින්දා නැත්තන් මගේ අත ඔය මූණේ වදින්නත් වැඩි වෙලාවක් යන්නේ නෑ.. එතකොට තමුසේ තමුන්ගේ අම්මටම ඔය කතා කියන්නේ හිතකිම්ද.. තමුසෙව අවුරුදු 18ක්ම අතපය නොකඩා හැදුවට තෑගිද ඒ..." කිව්ව ආරු නිශූගේත් කනට ගැහුවා.


මේ වෙද්දි වෙඩින් එකට ඇවිල්ලා හිටිය සමහර අයගේ අවදානේ මෙතනට වැටිලා තිබ්බේ.


" ආරු ඇති දැන් ඕක නවත්තන්න... අපේ ඇඟේ වදින්නෑනේ ඔය කතා.." දිව්‍යා.


" නෑ අම්මේ මේ හොඳටම ඇති අම්මා දැන් අවුරුදු ගාණක් තිස්සේ මුන්ගේ මේ අවලම් කතා ඇහුවා.. That's enough..."


" අවලම් කතා... මේවා අවලම් කතා නෙවෙයි ඇත්ත කතා.... තමුසේගේ අම්මා නටපු නාඩගම් දන්නෑ කියලද හිතන් ඉන්නේ... ආ.. හරියට ළමයෙක්වවත් හදාගන්න බෑ... හොඳවෙලාවට නාලි අක්කා හිටිය හින්දා නිශූ හරි හරියට හැදුනා..." නයෝමි.


" ම්හ්... ඇත්ත කතානේ... තමුන් තමා හැම මඟුලක්ම පතුරුව්න කෙනා ඒවත් මම දන්නවා.. මගේ අම්මා වැරැද්දක් කරා නම් ඒක මම දන්නවා.. තමුන්ලා ඔය හැම මඟුලම කියන්නේ අර සුදේශ් කියන මිනිහා කියන දේවල් අහලානේ නේද.. එහෙනම් මේකත් අහගන්නවා.. ඔය මිනිහා ගෑනු පස්සෙ යන්න පටන් ගත්තේ මේ අදක ඊයෙක නෙවෙයි ඉස්කෝලේ කාලෙ ඉඳන්මයි... ඒ කාලේ ඉඳන්ම අහල පහල හිටිය කෙල්ලොන්ටත් කරදර කරපු එකෙක්... මගේ අම්මා ඒ මිනිහට හම්බුනු එක දඩයමක් විතරයි... එතකොට තමුසේ කිව්වනේ මගේ අම්මට වෙන සම්බන්ධයක් තිබ්බ හින්දා තමා ඒ මිනිහා වෙන ගෑනියෙක් ගත්තේ කියලා නේ... ඒ මිනිහා බැන්ඳට පස්සෙ ගත්ත විසිවෙනි ගෑනි තමා තමුසේ.. මගේ අම්මා කරේ ගෙදරට වෙලා අපිව බලාගත්ත එකයි අපේ හැම වැඩක්ම කරපු එකයි.. අම්මා ඒ වැඩ ටික කරලා ඉවර වෙද්දී අඩුම තරමේ අම්මට අම්මගේ දෙයක්වත් කරගන්න කාලයක් තිබ්බේ නෑ... රුක්ෂි තමුසෙත් හොඳටම දන්නවා අම්මා වින්ඳ දුක.. අර මිනිහා රට පැනලා අම්මව ණය ගොඩකටත් හිර කරලා අන්තිමට වියදමවත් හම්බෙන්නේ නැතුව තියෙද්දි අම්මා කරේ පාරට බැහැලා බත් පැකට් විකුණපු එක... නාලි තමුසේ වගේ මගේ අම්මා ඇඟ විකුණුවේ නෑ... එතකොට නයෝමි තමුසෙට කිසි අයිතියක් නෑ මගේ අම්මට වචනය්ක්වත් කියන්න... තමුසෙට මුල මතක නෑ තමුසේව තමුසෙගේ ගෙදරින් එළියට දාපු වෙලාවේ ගෙදර ගෙනැත් තියාගෙන තමුසෙව බලාගත්තේ මගේ අම්මා තමුසේ ඇන්ඳේ මගේ අම්මගේ ඇඳුම්... තමුසෙට ළමයි හම්බෙච්ච වෙලාවේ තමුන්ට ළමයට දෙන්න කිරි ටිකක්වත් නැති වෙනකොට තමුසෙටයි තමුසෙගේ ළමයටයි දෙන්නටම සාත්තු කරේ මගේ අම්මා... එතකොට සරලා.. මම දන්නෙ නෑ මොකක්ද ඔයාට ඔච්චර මගේ අම්මත් එක්ක තියන තරහ කියලා.. ඒත් මම එකක් දන්නවා මගේ අම්මා කවදාවත් ඔයාට වැරැද්දක් කරලා නෑ කියලා.. ඒ හින්දා ආයේ එකෙක්වත් මගේ අම්මට වචනයක් හරි කිව්වොත් මම නරක ගෑනි කියන්නෙපා... තමුන්ලගේ පවුල් පිටින්ම නැති කරලා දානවා... රුක්ෂි.. තමුසේ පරිස්සම් වෙලා ඉන්නවා.. මොකද තමුසේ තමුසේගේ අම්මටයි එක එක දේවල් කිව්වේ තමුසෙට හැමදේම දීලා බලාගත්ත මනුස්සයටයි එහෙම කිව්වේ... " ආරු එක හුස්මට කට්ටියට බැන බැනගෙන ගියා.


ආරු කිව්ව දේවල් අහලා දිව්‍යාගේ ඇස්වලට කඳුලු ඉනුවත් දිව්‍යා ආරු දිහා බලන් හිටියේ පුදුම ආඩම්බරේකින්.


ආයුශුත් ආරු දිහා සතුටින් බලන් හිටියේ අර ඉස්සර හිටිය දුර්වල කෙල්ල දැන් නැති හින්ද...


ඒත් කවුරුත් නොදන්න ආරුගේ දුර්වල පැත්තකුත් තිබ්බා...


" ආරු.. තමුසේ ඔහොමද වැඩිහිටියොන්ට කතා කරන්නේ..." කියන ගමන් එතන ආවේ සුදේශ්.


සුදේශ් එක්ක තව පවුලේ පිරිමි දෙතුන් දෙනෙකුත් ආවා.


" මිස්ටර් සුදේශ්.. මොකද ඇත්ත තිත්තයි නේද..."


ආරු මේ කිව්ව දේ සුදේශ්ට ඇහුනේ නෑ මොකද සුදේශ් බලන් හිටියේ දිව්‍යා දිහා. දිව්‍යාගේ ලස්සන දැක්කම සුදේශ්ගේ හිතට දැනුනේ පසුතැවීමක්.


ඒක දැක්ක නාලිට ඊර්ෂ්‍යාවක් දැනිලා ඇවිල්ලා සුදේශ්ගේ අතේ එල්ලුනා.


" අනේ බලන්නකෝ සුදේශ්.. ඔයාගේ ලොකු දුව මගේ කම්මුලට ගැහුවා මේ..." නාලි කම්මුල පෙන්වමින් කිව්වා.


" ආරු මොනා ද මේ කරන්නේ ආ.. තමුසේ ඔහොමද හැසිරෙන්නේ.. "


" තාත්තේ මෙයා මටත් ගැහුවා.." නිශූ.


" අනේ තොත්ත බබාලා දෙන්නා... ඔව් මිස්ටර් සුදේශ් මම හැසිරෙන්නේ මෙහෙම තමා.. ඉස්සර වගේ දෙකට තුනට නැමෙන්නේ නෑ මම... මම මේ දෙන්නට ගැහුවා තමා ආයේ මොනාහරි කිව්වොත් මම ආයෙමත් ගහනවා හැබැයි ඒක කම්මුකට වෙයිද කොහාට වෙයිද කියලා මම දන්නෙ නෑ.. "


" ආරු.. මම තමුසේගේ තාත්තා..."


" නෑ මිස්ටර් ඔයාට වැරදිලා... මගේ තාත්තා මැරුනා මට ඉන්නේ අම්මා විතරයි.. ඒ හින්දා කට වහගෙන පැත්තකට වෙලා ඉන්න..." කිව්ව ආරු ආයෙමත් පුටුවෙන් ඉඳගත්තා.


සුදේශ් ආයේමත් මොනාහරි කියන්න කට ඇරියත් ඒත් ඒක නොකියා හිටියේ තමන්ගේ අතේ තමා වැරැද්ද තියෙන්නේ කියලා හොඳටම දන්න හින්දා.


" තාත්තේ මේකිට නිකන් ඉන්න දෙන්නෙපා තාත්තේ... මට පේන්නේ මේකි බැංකුවක්වත් මංකොල්ල කාලාද කොහෙද ඉන්න හිටින්නවත් නැතුව හිටිය උන් නැත්තන් මෙහෙම ඇඳන් ඉන්නේ.. අර බලන්න අරයගේ අතේ තියන ෆෝන් එක... ඒක Iphone එකේ අලුත්ම version එක.. ලක්ෂ ගාණක් වෙනවා..."


" ඔහ්... රුක්ෂි ඔයාට දැන් ප්‍රශ්නේ අපි ඇඳලා පැළඳලා ඉන්න එකද... සෙතූ එයාගේ ෆෝන් එක ගත්තේ එයාගේ සල්ලිවලින්මයි.... මේ වෙනකොට එයාගේ කිසිම වියදමක් අපි බලන්නේ නෑ.. එයා එයාටම කියලා ගෙදරකුත් ලොස් ඇන්ජලීස්වලින් අරන් තියෙන්නේ... තමුන්ට පසු තැවෙන්න වෙයි කියලා මම කලින්ම කිව්වා රුක්ෂි... "


" ඒ කියන්නේ දැන් අම්මලා දුවලා ඔක්කොම ඇඟ විකුණලා සල්ලි හොයනවද..." නාලි


ඒකට තරහ ගිය ආරු ආයෙමත් නාලිගේ කම්මුලට ගැහුවා.


ඒක දැක්ක සුදේශ් අනිත් අතට ආරුට ගහන්න ගියත් ඒ අත ඇවිල්ලා ආරුගේ කම්මුලේ නම් වැදුනේ නෑ..


" මිස්ටර් සුදේශ්.. මොකද මේ තමුන්ගේ දුවටම අත උස්සනවද..."


ඒ කටහඬ ඇහුනාම නම් ආරුට දැනුනේ එයාගේ ඇඟ ඇතුළෙන් වෙව්ලනවා වගේ හැඟීමක්...


ඒ තමා ආරුගේ දුර්වලකම...


ඔව් සුදේශ්ගේ අත අල්ලගත්තේ ආයුග්...


" හායි බේබි... ඉතින් කොහොමද සෑහෙන කාලෙකට පස්සෙනේ..." ආරුගේ ඉණ වටේ අත යවමින් ආයුග් ආරුගේ කනට කරලා කිව්වා.


" මයූ.. දැන් මෙතන කට්ටියම හිටියම වෙඩින් එකේ වැඩ වෙනවද ආ... දැන් කෑම වෙලාවටත් ළඟයි.. කට්ටියම යන්න දැන්..." ආයුග්ගේ සද්දෙත් එක්ක කට්ටිය එතනින් ගියා.


ආරුගේ කතාවත් එක්ක සමහරුන්ට එතනින් යන්න වුවමනාව තිබ්බත් යන්න බැරුවයි හිටියේ.


" අම්මේ මං වොෂෲම් එකට ගිහින් එන්නම්..." කිව්ව ආරු ආයුග්ගේ අත්වලින් මිදුනා.


ආරුගේ ඇඟ දැනටමත් ගැහෙන්න අරන් තිබ්බේ..


" අක්කේ ඉන්න මාත් එන්නම්..." කියමින් සෙතූ නැඟිට්ටත්


" එපා එපා මට තනියම යන්න පුලුවන්..."


ආරු වෙඩින් හෝල් එකෙන් ඉක්මනට එළියට ගියේ ඒ පස්සෙන් ආයුග් වගේම ආයුශුත් එද්දි.


අවුරුදු තුනකට කලින් ආරුට සිද්ධ වුනේ මොකක්ද කියලා අදටත් කවුරුත් දන්නෙ නෑ.. මොකද ආරු මේ වෙනකන් කාටවත් ඒ ගැන කිව්වෙ නෑ...


ඒත් ආරුගේ පැහැදිලි වෙනසක් ආයුග් ආවම තිබ්බා කියලා දැක්ක ආයුශ්ට ආයුග් ගැන සැක හිතුනා. ඒ නිසාම තමා ආයුග් ආරුගේ පස්සෙන් යද්දි ආයුශුත් ආවේ.


ආයුශ් ආයුග්ගේ පස්සෙන් ගිහින් ආයුග්ව අල්ලගත්තේ කොලර් එකෙන්.


" උඹ නේද දැන් අවුරුදු තුනකට කලින් ආරු නැතිවෙන්න හේතුව..."


සමච්චලේට වගේ ආයුශ්ට හිනාවුන ආයුග්,


" ඇයි මොකෝ තමුසේගේ ආරු කිව්වෙ නැද්ද මොනාද වුනේ කියලා... ෂහ්.. මට නම් හොඳට මතකයි ඈ... ඒකිගේ ඇඟ... ම්ම්ම්... දැන් ඉස්සරටත් වඩා ලස්සනයි..."


ආයුග් කිව්ව දේට තරහ ගිය ආයුශ් ආයුග්ට මිට මොලවලා ගැහුවා. ආයුගුත් ආපිට ගහද්දි දෙන්නා එතන එකම වලියක් දාගත්තා. අන්තිමට හොටෙල් එකේ වේටර්ස්ලා දෙන්නෙක් ඇවිල්ලා තමා දෙන්නව අමාරුවෙන් දෙපැත්තට කරේ.


ඒ එක්කම අඅයුග්ට කෝල් එකක් ආව හින්ද ආයුග් හොටෙල් එකෙන් ගියා.


ආයුග් ගියාට පස්සේ ආයුශ් ආවේ ආරුව හොයාගෙන. මොකද දැන් ආයුශ් හොඳටම දන්නවා මේ හැමදේම පිටිපස්සෙ ආයුග් ඉන්නවා කියලා.


ඒත් එක්කම ආයුග්ට මතක් වුනේ මීට අවුරුදු තුනකට කලින් වෙච්ච දේවල්.


එදා ආයුශ් පාරවල් ගානේ පිස්සෙක් වගේ රැයක් දවාලක් නැතුව ආරුව හෙව්වා. කොහොමහරි රෑ වෙලා පාරේ යනකොට ආයුශ් දැක්කේ පාර මැද ගෑනු ළමයෙක් එකපාර වැටෙනවා. ඒ ගෑනු ළමයා ඇඳන් හිටිය ගවුම හුරුපුරුදු එකක් හින්දා ආයුශ් ඒ පැත්තට දිව්වත් ඒ වෙද්දි වේගෙන් ආව ජීප් එකක් ඒ ගෑනු ළමයා හැප්පෙන්න ඔන්න මෙන්න හිටියේ. ඒත් වාසනාවකට වගේ කොහෙන්දෝ ආව ගෑනු ළමයෙක් ඒ වැටිලා හිටිය ගෑනු ළමයව පැත්තකට තල්ලු කරා. ඒත් ඒ ගෑනු ළමයට බේරෙන්න බැරිවුනේ අර ආපු ජීප් එකට එයා හැප්පෙද්දි. ආයුශ් අර පැත්තට තල්ලු වෙච්ච ගෑනු ළමයා ගාවට දුවගෙන ගියා.


ඔව් ඒ හිටියේ ආරු... ආරුව හොඳටම තුවාල වෙලා සිහිය නැතුව හිටියේ... ආරුව ඉක්මනට අත්දෙකට ගත්ත ආයුශ් ඉක්මනට ආපු වාහනෙන්ම ආරුව හොස්පිටල් එක්ක ගියා...


ආයුශ්ට අර ගෑනු ළමයා ගැන බලන්න බැරි වුනා. එයත් ඇඳන් හිටියේ ආරුගේ වගේම ගවුමක් හින්දා එතනට ආව බ්ලේඩ්ගේ වගේම වන්ෂොට්ගේ අයත් හිතුවේ ඒ ආරු කියලා. ඒ මැරුන ගෑනු ළමයාගේ මූණ හොඳටම ඩැමේජ් වෙලා තිබ්බ හින්දා අදුනගන්න බැරුවයි තිබ්බේ.


ආයුශ්ට ආරුව දැක්කම මොකක් හරි වැරැද්දක් වෙලා තියනවා කියලා දැනුනු හින්දා ආයුශ් ආරුව අරන් ආවේ යාලුවෙක්ගේ තාත්තේ හොස්පිටල් එකකට.


ආරුව බලපු ඩොක්ටර් කිව්ව දේත් එක්ක ආයුශ්ට තමන් ගැනම දුකක් ඇතිවුනේ ආරුව පරිස්සම් කරගන්න බැරිවුනා කියන හැඟීමෙන්. එදයින් දවස් දෙකකට පස්සෙ ආරුට සිහිය ආවත් ආරු පිරිමි අය දකිද්දි මාර විදිහට බය වුනේ..


ඒ වගේම ආයුශ්ට අද තමා තේරුනේ ආරු ඇයි අනිත් අය දකිනවටත් වඩා තමන්ව දකිද්දි බය වුනේ කියලා. මොකද ආයුශ් ආයුග් දෙන්නා එකම වගේ හින්දා.


ආරුව මාසයක් විතර හොස්පිටල් එකේම තියාගෙන බෙහෙත් කරා. තවදුරටත් ආරු ලංකාවේ හිටියොත් ආයෙමත් කරදරයක් වෙයි කියලා හිතලා වගේම මේ වෙනකොට ආරුට හාවර්ඩ්වලින් එන්න කියලා දිනත් දීලා තිබ්බ හින්දා ආරුව ඇමරිකාවකට යැව්වා. ආරු එයාට හාව්‍අර්ඩ් යන්න ලැබෙනවා කියලා දැනගත්ත ගමන් සෙතූටයි දිව්‍යාටයිත් ඇමරිකා යන්න ඔක්කොම ලෑස්ති කරලා සෙතූටත් මියුසික් ඇකඩමියක් බලලා තිබ්බ හින්දා ඒ දෙන්නත් එහාට ගියා...



පරණ මතකෙන් මිඳුන ආයුශ් ආරුව වොෂෲම් එක ළඟට ගිහිල්ලා හෙව්වත් ආරු හිටියේ නැති තැන බයක් දැනුනේ ආයෙමත් ආරුට මොනාහරි වුනාද කියලා.


හැමතැනම ආරුව හෙව්ව ආයුශ් දැක්කේ කොරිඩෝවේ කෙළවරක ආරු බිම වැටිලා ඉන්නවා...



_______________________________________


හේ... හේ.... ආරු මැරුනේ නෑනේ... 😁


ඒත් ඉතින් ඉස්සරහට වෙන්න යන ඒවට නම් මම වග කියන්නේ නෑ හොඳේ...😁


Reaction දාන්න... comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page