The Bitter Sweet Harmony ❤️🔥
Pari🖤
Previous Episode ❤️🔥
https://telegra.ph/The-Bitter-Sweet-Harmony-02-27
06th Episode ❤️🔥
" මෙයා කුමාරිහාමි වගේ නිදි මම තමා හැමවැඩක්ම කරන්න ඕන... වලං හෝදන්නයි ගෙවල් මිදුල් අතුගාන්නයි... ඒත් මම කිසිම වැඩක් කරන්නේ නෑ කියලා තමා ඇහුවොත්කියන්නේ..." නිශූ කාමරෙන් එලියට එන ආරු දැකලා කිව්වා.
නිශූගේ කට දන්න හින්දාම ආරු සද්ද නොකර ගිහින් මූණ හෝදගෙන ආවා.
" ෆෝන් එකම ඔබ ඔබ ඉන්නේ පාඩම් කරන්නේ නැද්ද..."
නිශූ පැය ගාණක් තිස්සේ ෆෝන් එක ඔබනවා ඔබනවා ඉවරයක් නැති හින්දා ආරු ඇහුවා.
" ඔව් දැන් මම මෙච්චර වෙලා කරපු වැඩ දැක්කේ නෑ මම ෆෝන් එක ඔබන එක විතරක් පේනවා.."
" ලොකු නංගි මේ... මම දැන් ඇහුවේ පාඩම් කරන්නෙ නැද්ද කියලා.. ඔයා දැන් පැය දෙකකටත් වැඩියේ කරේ ෆෝන් එක ඔබපු එක..."
" මං ෆෝන් එක ඔබනවා තමයි දැන් ඔයාට මොකක්ද තියන ප්‍රශ්නේ...."
" එයාට නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මට..." කියන ගමන් ගෙදර දොරින් ඇතුළු වුනේ දිව්‍යා. ඒ පිටිපස්සෙන් සෙතූත් ආවේ ස්කෝලේ ඇරිලා.
" අහ්... ඒ මොකක්ද..."
" මම පෙරේදා දාපු 15GB package එක අද වෙද්දි ඉවරයි... දවස් දෙකෙන් දෙකට පැකේජ් දාන්න සල්ලි ගස්වලින් කඩනවා කියලා හිතුවද නිශූ..."
" ඔව් ඔයාටත් පේන්නේ මම ෆෝන් එක ඔබන එක තමා... මෙයාට කරන වියදම් ගැන කියන්නේ නෑ.. මේ ගෙදර මම කොච්චර වැඩ කළත් ඒවා පේන්නෙත් නෑ... මෙයාට පන්තිවලටයි කෝස්වලටයි අර මෙයාගේ මහලොකු යාලුවා එක්ක ඇවිදින්න යන්නයි යන සල්ලි ගැන කියන්නේ නෑ... ඔක්කොමටම මම තමා පේන්නේ..." නිශූ ආරු දිහාට ඇඟිල්ල දික් කර කර කිව්වා.
" නිශූ මගෙත් ඉවසීමේ සීමාවක් තියනවා තමුසේ මේ වෙනක්න් කරපු හැමදෙයක්ම මම ඉවසුවා... තමුසේ හින්දා මම විදපු අපහාස... මම ඒ කිසි දේකට තමුසෙට මුකුත් කිව්වෙ නෑ.. එතකොට දැන් කිව්වා නේ මේ කෙල්ලට වියදම් කරන්නේ මං කියලා... හහ්... ආරු O/L කරාට පස්සේ එයාට මම මේ වෙනකන් සත පහක් වියදම් කරලා නෑ ඒ කෙල්ලගේ වියදම් බලාගත්තේ ඒ කෙල්ලමයි... කොටින්ම කිව්වොත් තමුසේලා දෙන්නගේ වියදම් බලාගන්නෙත් මේ කෙල්ල.. නැත්තන් තමුසේ ඉල්ලන ඉල්ලන වෙලාවට සල්ලි දෙන්න මට අර බත් පැකට් එකක් විකුණලා පුලුවන්ද... "
" ආ... ඒක තමා එතකොට ඔයාට මෙයාව ලොකු වෙලා තියෙන්නේ මෙයා හම්බ කරනවානේ... මං ගෙදරට වෙලා නිකන් නේ ඉන්නේ.."
" නිශූ මේ විකාර දොඩවන්න එපා... මං ඔය තුන්දෙනාටම සලකන්නේ එක විදිහට... මේ කෙල්ල ගෙදර එන්නේ මාස ගාණකට සැරයක් ඒ ආපුහම මේ කෙල්ල ආස කෑම හදලා දිලා මෙයා ගැන බලනවා තමා... ආරු තට්ට තනියම කොළඹ ඉඳන් එයාගේ වැඩ සේරම කරනවා... "
" කවුද දන්නේ තනියමද ඉන්නේ කියලා.. රෑ තිස්සේ පිරිමි එක්ක කෝල්වල මම අහගෙන හිටියේ ඊයේ රෑ... මෙයා මොනා කරලා සල්ලි හම්බ කරනවද කියලා කවුද දන්නේ..." නිශූ ආරු දිහා අමුතු විදිහට බලලා කිව්වා. නිශූ කිව්ව දේ තේරුන ආරු නිශූගේ කනට ගැහුවා.
" ලොකු නංගි මම තමුසේ කියන දේවල් මෙච්චර දවසක් ඉවසන් හිටියා ඒත් තමුසේ දැන් මොනාද නොකියා කිව්වේ මම ඇඟ විකුණලා සල්ලි හම්බන කරනවා කියලා නේ... තමුසේ හිතුවද මාත් මහ එකා වගේ කියලා... මම සල්ලි හම්බ කරන්නේ කොහොමද කියලා අම්මා දන්නවා ඒ ගැන මට වෙන කාටවත් කියන්න වුවමනාවක් නෑ... අනික තව එකක් තමුසේ පහුගිය කාලේ අම්මට දාපු ලොකු කම් මං අහගෙන හිටියේ එක දෙයක් මතක තියාගන්නවා අර තාත්තා කියන එකා දාලා ගියාට පස්සේ අම්මා නොවිඳනා දුක් විඳලා අපිව බලාගත්තේ කියලා.. අම්මටත් අපූරුවට තිබ්බා අපිව දාලා යන්නේ ඒත් එයා මෙතන හිටියේ අපි හින්දා... එහෙම කරපු මනුස්සයට තමුසේ මොකද කරේ ආ... පාරේ බැහැලා යන්නවත් බැරි තැනට පත් කරා.. ගෙදර ඉඳන් තමුසෙම තමුසෙව වදපු හදපු අම්මට පද හැදුවා.. මේ මනුස්සයා තමුසෙලාට කන්න දෙන්න කොච්චර මහන්සි වෙනවද දන්නවද... තමුසෙම දැකලා තියනවනේ පාන්දර තිස්සේ ඇහැරගෙන ආයේ රෑ දෙගොඩහරියක් නැගිටගෙන වැඩ කරලා තමුසෙට නම්... ෂික්..." ආරුගේ ඇස්වල කඳුලු පිරුනේ පහුගිය අවුරුදු ගාණේ දිව්‍යා වින්ඳ දුක මතක් වෙද්දි.
" එයා අපිව හැදුවා නම් කරන්න එපැයි..." නිශූ ගාණකටවත් නැතුව කිව්වා.
" ෂික්... මේ වගේ එකියක් මොකටද අම්මේ... අර මං කිව්ව වෙලේ හොස්ටල් දැම්මා නම් අම්මා හිතේ සැනසීමෙන් හරි ඉන්නවා.."
" ආ එතකොට මාව ගෙදරින් යවන්න තමා කට්ටියගේ ප්ලෑන නේ... හහ්... අපි බලමුකෝ කාටද යන්න වෙන්නේ කියලා..."කිව්ව නිශූ ෆෝන් එක අරන් කෝල් එකක් ගත්තා.
" තාත්තේ අද තමා දවස...." කියලා කෝල් එක කට් කරා.
" තමුසේ මේ වෙනකන් එතකොට ඒ මිනිහට කතා කරාද..." දිව්‍යා.
" ඔව් මම කතා කරා තමා... ඔයා මොනා කරන්නද... ඒ මගේ තාත්තානේ මම කතා කරනවා... ඒකට ඔයාට මුකුත් කරන්න බෑ මොකද ඔයාට මං ගැන තියන අයිතියට සමාන අයිතියක් තාත්තාටත් තියනවා... සෙතූ ඔයාටත් ඕන්නං තාත්තා එක්ක ඉන්න පුලුවන්.. තාත්තා අපිව හොඳට කන්න බොන්න අඳින්න දීලා බලාගනී..."
" චූටි අක්කේ මෙච්චර මේ අවුරුදු හතක් තිස්සේ අපි දුක් විඳිද්දී හැරිලා බැලුවේ නැති මනුස්සයෙක් එක්ක මට යන්න ඕන නෑ... මට අම්මා ඉන්නවා ඒ හොඳටම ඇති... අනික මේ වෙනකන් අම්මා අපිට කන්න බොන්න අඳින්න අඩුපාඩු කරේ නෑනේ... හරියට තාත්තා ඉද්ද්දී ඒ ඔක්කොම අරන් දුන්නා වගේ... මට අම්මා හොඳයි..."
" ඔව් ඔව් තමුසෙත් ඒ පැත්ත තමානේ කොහොමත් මම දන්නවා.. ඒත් ඉතින් සෙතූ තමුසේ හෙණ පාඩුවක් කරගන්න යන්නේ.. නාලි අම්මා නම් හරි හොඳයි මෙයා වගේ නෙවෙයි.."
" නාලි අම්මා.. දැන් තමුසේ එතකොට අර පවුල් කඩපු ගෑනිට අම්මේ කියලාත් කියනවද... තමුසෙට මෙච්චර කල් හදපු වදපු අම්මට අම්මේ කියන්න බෑ ඒ නැට්ටිච්චිට අම්මා කියන්න පුලුවන්... උන් එච්චර හොඳයි නම් ඇයි මෙහාට වෙලා ඉන්නේ යනවාකෝ යනවා මේ ගෙදරින්... තමුසේ තවත් නම් මේ ගෙදර ඉන්නෙපා..." ආරු තරහෙන් කෑගැහුවා.
" එයා නෙවෙයි මේ ගෙදරින් යන්න ඕන තමුන්ලා... ඇයි නිශූ මැණිකේ මේ කම්මුලක් රතු වෙලා මුන් ගැහුවාද...." කියන ගමන් ගෙට ගොඩවුනේ නාලි. එහෙමත් නැත්තන් සුදේශ්ගේ අනියම් පෙම.
" මේ ගෙදර අයිති මට... දැන් ඉතින් ඉන්න අය ඉඳලා අනික් අය ගියාට කමක් නෑ..." කියන ගමන් සුදේශුත් ආවා ගේ ඇතුළට.
" හහ්... මේ ගෙදර කවද්ද ඔයාගේ වුනේ... මේ ගෙදර අයිතිය කාටවත් නෑ තමුන්ට නම් කොටින්ම නෑ..." දිව්‍යා.
" අනේ දිව්‍යා මැනිකේ... මේ ගෙදර මගේ වුනේ දැන් දවස් දෙකකට කලින් මේ..." කියන ගමන් සුදේශ් දිව්‍යාට ලියවිලි වගයක් පෙන්නුවා.
ඒකාතට අරන් බලපු දිව්‍යාට දැනුනේ ඔලුවට හෙණ වදිනවා වගේ හැඟීමක්..
" මේක.... මේක වෙන්න විදිහක් නෑ...." දිව්‍යාගේ අතින් ඒ කොළේ අතහැරෙද්දී ආරු අරන් බැලුවා.
ඒක ඒ ගෙදර ඔප්පුව. මේ වෙනක්න් ගෙදරට ඔප්පුවක් තිබ්බේ නෑ. සුදේශ් එයාගේ නමට ඉඩමට ඔප්පුවක් හදලා. එදා ආරුව හොස්පිටල් ඇඩ්මිට් කරලු දවසේ නිශූ සුදේශ්ට කතා කරේ ඕන කරන ලියවිලි ටික අරන් යන්න.
" දැන් ඉතින් යන අය ගියොත් හොඳයි..." සුදේශ් දිව්‍යාගෙ කන ළඟට කරලා කිව්වා.
" යන්න කලින් මේකත් අත්සන් කරලා යනවා... අනික මට සෙතූව ඕනේ..." සුදේශ්.
" මොකක්... බෑ ඒක නම් කවදාවත් වෙන්නෙ නෑ..."දිව්‍යා ඉක්මනට සෙතූව ළඟට ගන්න ගමන් කිව්වා.
" සෙතූ මැනිකේ... එන්න තාත්තා ළඟට... ඔයාට ඕන හැමදේම මම දෙන්නම්..."
" බෑ මං එන්නේ නෑ... මට මගේ අම්මා ඉන්නවා මට වෙන කවුරුත් ඕන නෑ..."
" අපිට අපේ පාඩුවේ ඉන්න දෙනවද... මම දැන්ම පොලිසියේ පැමිණිලි කරනවා... තමුට බෑ එහෙම අපිව මේ ගෙදරින් යවන්න... දැන් අවුරුදු 24ක් තිස්සේ අම්මා මේ ගෙදර ඉන්නේ... තමුන් මේ ගෙදර අවුරුදු දහයක්වත් හරි හමන් විදිහට හිටියද නෑනේ..."
" ආනේ මට අමතක වුනානේ මගේ ලොකු දුවව... අමතක කරන්නේපා මමයි තමුසෙට ඉගෙන ගන්න සල්ලි වියදම් කරේ කියලා....තාත්තේ අරකට සල්ලි මේකට සල්ලි කිය කිය..."
" හහ්... මට වියදම් කරා.. ඒක වෙන්නැති මගේ විභාගෙට මාස ගාණක් තියලා අපිව දාලා ගියේ කිසිම වියදමක් දෙන්නැතුව හිටියේ... ත්මුන් මට වියදම් කරා කියලානේ කිව්වේ... හරියටම හිතලා බලන්න කවුද වියදම් කරේ අපිට කියලා... තමුන්ගෙන් ඒ සල්ලි ඉල්ලගන්නත් අම්මා කොච්චර ගුටි කන්න ඇද්ද... ඇයි මේ ඔයාගේ මහලොකු දෝණි දැන් ටිකකට කලින් කිව්වා හැදුවා නම් ඒ දේවල් කරන්න ඕන කියලා ආං ඒකත් එහෙම කියලා හිතාගන්න..."
" ආ ඒකත් එහෙමද එතකොට... ඒත් මම තමුසේව නම් මේ ගෙදර තියාගන්නේ නෑ... දැන්මම තුන්දෙනාම ගෙදරින් එළියට බැස්සොත් හොඳයි...."
" එහෙම කො..."
" ආරු ඇති... සෙතූ ගිහිම් ඔයාගේ බඩු ටික ගන්න... තියන බෑග්වලට දාගන්න... ආරු ඔයාගෙත් මෙහෙ තියන ඒවා ගන්න.. "
" අම්මේ ඒත්...."
" ආරු තවත් මේ ගෙදර ඉන්න ඕන නෑ අපි යන්...." කිව්ව දිව්‍යා ගේ ඇතුළට ගිහින් පැය භාගෙකට විතර පස්සෙ ආවේ බෑග් දෙකතුනකුත් එල්ලන්. සෙතූත් එයාගේ පොත් ඇඳුම් එහෙම පුලුවන් තරන් බෑග්වලට දාගත්තා. ආරුගේ නම් එච්චර දේවල් තිබ්බේ නෑ මොකද ආරු පහුගිය අවුරුදු තුනේ වැඩිහරියක් හිටියේ බෝඩිමේ හින්දා.
" සෙතූ ඇඳුම් නම් වැඩියේ ගන්න ඕන නෑ පොත් ටික ගන්න.... ආ මෙන්න අද ඉඳන් තමුන්ටයි මටයි කිසිම සම්බන්ධයක් නෑ... ඒ වගේම සෙතූගේ භාරකාරිත්වය මට ඕනේ..." කිව්ව දිව්‍යා මේසේ උඩ තිබ්බ බයික් දෙකේ යතුරු ගත්තා.
" ඒයි ඒයි ඒ දෙක තියනවා.. ඒවා ගත්තේ මගේ ත්‍රීවිල් එක විකුණලාන්නේ..."
" මිස්ටර් සුදේශ් ඔයාට වැරදිලා තමුන්ගේ ත්‍රීවිල් එක විකුණලා මං කරේ තමුසේගේ ණය බේරපු එක... මේ බයික් දෙකම ගත්තේ ආරු... ඒ ආරුගේ සල්ලි..."
දිව්‍යායි ආරුයි සෙතුයි ගෙදරින් ඇවිල්ලා ටිකක් පාලු තැනක නතර වුන.
" අම්මේ අපි දැන් කොහෙද යන්නෙ..." සෙතු.
" මගේ බෝඩිමද යන්ද අම්මේ ඉඩ තියනවනේ... ඉන්න පුලුවන්... මං එපාර්ට්මන්ට් එකත් බලලා තියෙන්නේ ඒක ගත්තේ නැත්තේ මගේ scholarship එක හරි ගියොත් දැම්ම වැඩක් නැති හින්දා...".
දිව්‍යා එයාගේ පර්ස් එක ඇඳලා ගත්තේ කාඩ් එකක්. ඒක දිව්‍යා ආරුගේ අතට දුන්නා.
" ආරු මේකේ ඔයා පහුගිය අවුරුදු හතම හම්බ කර කර මට එව්ව සල්ලි තියනවා... මේ වෙනකොට පොලීත් හැදිලා ලක්ෂ 80ත් පන්නලා තියෙන්නේ මේකෙන් ඔයාට හොඳ ගෙයක් ගන්න පුලුවන්... සෙතුව බලාගන්න පුලුවන් නම්... මම රට යන්නම් මං ගැන මට බලාගන්න පුලුවන්..."
" පිස්සුද අම්මේ... එතකොට ඔයා මං එව්ව සල්ලි වියදම්කරේ නැද්ද..."
" නංගිලාට එව්ව ඒවා මං එයාලාගේ ඒවට වියදම් කරා..."
" හරි ඉතින් අම්මේ මේ ඔයාගේ සල්ලි මගේ නෙවෙයි...මං ඒක දුන්නේ අම්මට... අනික මං අම්මව අතහරී කියලා නම් හීනෙකින්වත් හිතන්න එපා... සෙතූ ඔයාගේ පොත් ටික නේද ඕකේ තියෙන්නෙ... අද හෙට කොහොමත් පාඩම් කරන්න වෙන්නෙ නෑ.. ම්ම්ම්... මෙහෙම කරමු ඉන්නකෝ චුට්ටක් මට විනාඩියක් දෙන්න..." කිව්ව ආරු කෝල් එකක් ගත්තා.
" හෙලෝ විහස්.... නුවරඑළියේ ගෙදර වැඩ ටික මොකද..."
" ආ.. මැඩම් තව ගාඩ්න් එකේ පොඩි පොඩි වැඩ ටිකක් විතරයි තියේන්නේ... කොහොමත් අප්‍රේල් මුල වෙද්දි වැඩ ඔක්කොම කම්ප්ලීට්.."
" ඒ කියන්නේ ගාඩ්න් එක විතරනේ... අපිට අද වුනත් පදිංචි වෙන්න පුලුවන්නේ.."
" ඔව් මැඩම්... ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද මැඩම්..."
" හරි එහෙනම් හෙට අපි පදිංචියට එනවා... ගෙදර බඩුත් සේරම හරිනේ..."
" ඔව් මැඩම් ඒකත් හරි..."
" හරි එහන්ම් හෙට උදේට අරලියා හොටෙල් එකට කාර් එකක් එවන්න... තව බයික් දෙක එහාට ගෙන්න ගන්න විදිහකුත් හදන්න..."
" හරි මැඩම්... හෙට උදේ 8 වෙද්දි මං කාර් එක එවන්නම්..."
ආරු කෝල් එක කට් කරා.
" හරි ඕක්කොම සෙට්... මං අම්මට බර්ත්ඩේ එකට ගිෆ්ට් එකක් දෙන්න හිටියේ... දැන් ඉතින් ඒක කලින්ම දෙන්න වෙනවා අවුලක් නෑ... යන් හොටෙල් එකට..."
" අක්කේ අරලිය හොටෙල් එකේ නතර වෙන්න සෑහෙන ගාණක් යයිනේ..."
" අයියෝ චූටි නංගි... ඔයාගේ අක්කා අර ඉස්සර හිටිය දුප්පත් ආරු නෙවෙයි... එයාට දැන් ලක්ෂය කියන්නේ එච්චර ගාණක් නෙවෙයි හරී..."
පහුවදා උදේ කාර් එක ආවම තුන්දෙනාම නුවර එළි ගියා. දවල් වෙද්දි ඕන තැනට එන්න පුලුවන් වුනා.
" ආරු මේක...."
" ඔව් අම්මේ... අම්මට හැමදාම ඕන වුනේ මේ වගේ ගෙයක්නේ ඉතින් මම හැදුවා..."
කන්දක තිබ්බ ඒ ලස්සන හුරුබුහුටි ගෙදර ළඟින්ම ගඟක් ගලනවා. හරිම ලස්ස්න වටපිටාවක් දැක්කත් හිත නිවෙනවා.

" අක්කේ අඩොහ්... මේක නම් සුපිරි.. අනේ අම්මා ඔයා මාව ගෙදරින් එලවන්න එපා හොඳේ අනේ අම්මේ... මං මේ ගෙදරට ආදරෙයි..." කිව්ව සෙතූ ගෙට දුවලා ඉවරයි.
සෙතූගේ කෝලමට කට්ටියටම හිනා.
" අම්මේ ගාඩ්න් එකේ තව වැඩ ටිකක් තියනවා කිව්වා... මම ඒ ටිකත් ඉක්මනට ඉවර කරන්නම්... විහස් කෝ අර ටික..."
" ආ මැඩම්..." කිව්ව විහස් ආරුගේ අතට ඩොකියුමන්ට් වගේකුයි යතුරු කැරැල්කුයි දුන්නා.
" අම්මේ මේ ගෙදරින් අම්මාගෙන් උදුරගන්න කාටවත් බෑ... මේ ගෙදර ඩිජිටල් ලොක් තියනවා මේක එක්ස්ට්‍රා කී එක... එතකොට මේකත් අම්මට... ආයේ අම්මා කිසිම වැඩක් කරන්න ඕන නෑ.. ගෙදර වැඩවලට එක්කෙනෙක් ලබන සතියේ ඉඳලා එනවා..." ආරු ඊයේ දිව්‍යා දුන්න කාඩ් එක ආයෙමත් දිව්යාටම දීලා කිව්වා.
" පිස්සුද ආරු... මේ ගෙදරටම ඔයාට සෑහෙන වියදමක් යන්න ඇති එපාර්ට්මන්ට් එකක් ගන්නත් ඕන කිව්වා නේද මේක තියාගන්න... මට මොනා හරි කරලා සල්ලි හොයාගන්න පුලුවන්.. මෙච්චර ලොකු වත්තක් තියන එකේ මට වගා කරලම සල්ලි හොයන්න පුලුවන්..."
" අම්මේ මේ බලන්න..." කිව්ව ආරු ෆෝන් එකේ තිබ්බ දෙයක් පෙන්නුවා
ඒක දැක්කම දිව්‍යාගේ ඇස් ලොකු වුනා.
ඒකේ තිබ්බේ ආරුගේ බෑන්ක් account එකේ ඉතිරි ගාණ. මේ වෙනකොටත් ඒකේ මිලියන 25ක් තිබ්බා...
" අම්මේ මේ මගෙ එක එකවුන්ට් එකක් විතරයි.. මට තව එකවුන්ට් පහක් තියනවා... මට සල්ලි කියන්නේ දැන් එච්චර දෙයක් නෙවෙයි... මතකද අම්මා මට කිව්වා සල්ලි බලේ පෙන්නන්නේ නැති තරමට මනුස්සයන්ගේ ඇත්ත ස්වරූපෙත් පේනවා කියලා...අම්මා හිතනවද මට මෙච්චර සල්ලි තියනවා කියලා පෙන්නුව නම් කවදාවත් ලොකු නංගිවත් තාත්තාවත් අපිව ඒ ගෙදරින් එළියට දායි කියලා නෑනේ... මම කිව්ව දේ අකුරටම පිළි පැද්දා මනුස්සයොත් අඳුනගත්තා...."
" ආරු මට ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි දුවේ..." දිව්‍යාගේ ඇස්වල සතුටු කඳුලු පිරිලා.
" අම්මේ එන්නකෝ... මේ ගෙදර මරු අප්පා... බලන්නකෝ... අම්මා ආස විදිහටමයි ඕක්කොම තියෙන්නේ...." සෙතූ ගේ ඇතුළේ ඉඳන් කෑගැහුව හින්දා දිව්‍යාත් ගෙදර බලන්න ගියා.
තවත් සතියක් විතර දිව්යලත් එක්ක ඉඳලා තමා ආරු ආයෙමත් කොළඹ ආවෙ. ඒත් එදා වෙච්ච සිද්ධියත් එක්ක ආයෙමත් ආරුට කැම්පස් යන්න නම් කල්පනාවක් තිබ්බේ නෑ. ඒත් ආරු Harward university එකට දාලා තිබ්බ application එක approve වෙලා තිබ්බ හින්දා ආරුට කැම්පස් යන්න වුනා ඒ ගැන බලන්න.
පහුගිය ටිකේම කවීන්ගෙනුයි ආයුශ්ගෙනුයි දිගට හරහට කෝල් ආවත් ආරු ඒ එකක්වත් ආන්ස්වර් කරේ නෑ. ආයුශ් බැරිම තැන දිව්‍යාට කතා කරලා තමා ආරු ගැන අහගත්තේ.
එදා කොහොමහරි ආරු කැම්පස් එකට ගියාම සුපුරුදු විදිහටම කවීනුයි ආයුශුයි ආවා. ඒ දෙන්න මුකුත් කියන්න ඉස්සරවෙලා ආරු මෙහෙම කිව්වා.
" ප්ලීස් ඔය දෙන්නම මට මගේ පාඩුවේ ඉන්න දෙන්න.. පහුගිය අවුරුදු තුනේම මම මගේ පාඩුවේ හිටියා මට කරදර කරෙ ඔයා විතරයි කවීන්... ඒත් දැන් ඔය දෙන්නා හින්දා මම වෙනද නොවින්ඳ කරදර දැන් මගේ පස්සෙන් එනවා... ප්ලීස් මගෙන් ඈත් වෙන්න... අනික ඔය දෙන්නා මගේ පස්සෙන් එන්නේ මගේ මොනා තියනවද... මම ලස්සනයි කියලද... නෑනේ... මේ කැම්පස් ඉන්න කැතම කෙල්ලන්ගෙන් එක්කෙනෙක් තමා මම... ඉතින් මට මගේ පාඩුවේ ඉන්න දෙන්න..." කිව්ව ආරු එතනින් ගියා.
ආයුශ්ට තේරුනා ආරුට කවුරුහරි කරදර කරලා තියනවා කියලා ඒ හින්දා ආයුශ් ඒ ගැන හොයන්න ගියා.
ඒත් කවීන්ට නම් ඒවගෙන් වැඩක් වුනේ නෑ. කවීන්ට මේ වෙද්දි තේරිලා තිබ්බ දේ තමා ආරුගෙන් ආදරේ කරලා නම් පලිගන්න බෑ කියලා මොකද ආරුගෙ හිත හොල්ලන්න කැම්පස් එකේ ඉන්න කඩවසම්ම කොල්ලො දෙන්නා වෙච්ච කවීන් ආයුශ් දෙන්නට බැරිවුන හින්දා.
අනික මේ වෙන කොට කවීන්ගේ හිතේ ආරු ගැන ඉස්සර තිබ්බටත් වඩා තරහක් තිබ්බා.
කවීන් කාටහරි කෝල් අරන්,
" ලෑස්ති වෙයන් අද ඒකිව ඉවරයක් කරනවා..." කියලා කිව්වා.
ආරු US යන්න ඕන අනිත් දේවල් ලෑස්ති කරන්නත් එක්කම කියලා කැම්පස් එකෙන් පිටත් වුනා. ඒත් ආරුට වැඩි දුරක් යන්න ලැබුනේ නැත්තේ ආරුගේ බයික් එක හරහා දැම්ම කළු පාට වෑන් එකකින් ආරුව පැහැර ගත්ත හින්දා.
ආරු සිහිය එද්දි හිටියේ එදා වගේම පුටුවක බැඳලා දාලා. අනික් දේ තමා ආරු දැක්කේ එදා එයාව පැහැරගත්ත වෙලේ හිටිය කට්ටියක්ම තමා ආයෙමත් ඉන්නෙ කියලා.
" ඉතින් සාක්ෂි... ඔයාව නමන්න ආදරේට බෑ නේද..." ඒ කටහඬ ආරු අඳුනගත්තා.
" කවීන්...."
" ඔව් කවීන් තමා... ඉතින් සාක්ෂි... ඔයා මට ආදරේ කරන්න බෑ කිව්වා නේ... මේ කවීන්ව ලැජ්ජ කරපු එකම කෙල්ල උබ ඉතින් මම උබට නිකන්ම යන්න දෙන්නෙ කොහොමද... "
" කවීන්... ඔයා... ඔයාට මොනාද ඕනේ... ඇයි මේ ඔයා ළඟ බ්ලේඩ්ගේ කට්ටිය ඉන්නේ...."
" බ්ලේඩ්ගේ කට්ටිය බ්ලේඩ් ළඟ ඉන්නෙ නැතුව වෙන කා ළඟ ඉන්නව සාක්ෂි...."
_______________________________________
ටැපලිලා වගේ නේ... මොකෝ කියන්නේ ටැපලිල්ල ඉවර කරලා ඊළඟ එපියෙන් කතාව ඉවර කරන්නද....
ළමයි මං කිව්වනේ රියල් ලයිෆ් එකේ පුංචි පුංචි කොටස් මේකට එනවා කියලා.... අද මේකේ ඒ වගේ කොටසක් තිබ්බා... හැබැයි... මෙච්චරමත නෙවෙයි...
reaction දාන්න comment කරන්න....
ආදරෙයි හැමෝටම 🖤