The Bitter Sweet Harmony ❤️‍🔥

The Bitter Sweet Harmony ❤️‍🔥

Pari🖤
Bound by pain, United by love....


Previous Episode....

https://telegra.ph/The-Bitter-Sweet-Harmony-02-23



05th Episode....❤️‍🔥


ආයුශ්ගේ කල්පනා බිඳුනේ ඔපරේෂන් තියර්ටර් එකේ දොර ඇරගෙන එළියට ආව ඩොක්ටර් ආව හින්දා.



" ඩොක්ටර් මගේ දුව... එයා හොඳින් ද...." දිව්‍යා දුවගෙන ගිහින් ඩොක්ටර්ගෙන් ඇහුවා. මේ වෙනකනුත් දිව්‍යා දන්නෙ නෑ ආරුට මොකද වුනේ කියලා..



" සොරි... පේෂන්ගේ ඇඟට ඩ්‍රග් එකක් ඇතුළු වෙලා තියනවා.. ඒක එයාට විස වෙලා තියෙන්නේ හැබැයි එයාගේ ලේ ගිය හින්දා ටිකක් විතර විස ගතිය අඩුවෙලා තියනවා.. ඒත්  අපිට ඔයාගේ දුවට ලේ දෙන්න වෙනවා... ඒත් මේ වෙලාවේ අපේ බ්ලඩ් බෑන්ක් එකෙන් ගන්න විදිහක් නෑ..."



" මගෙන් ගන්න ඩොක්ටර්... මගෙන් ගන්න... මගෙන් අරන් මගෙ දුවව කොහොමහරි බේරලා දෙන්න..." දිව්‍යා.


" හරි යන්කෝ අම්මා එහෙනම්...."


දිව්‍යා ඩොක්ටර් එක්ක ගියා.


" නංගි ආරුගේ ලේ වර්ගේ මොකක්ද..."


" බී පොසිටිව් අයියේ..."


" අඩෙහ් එහෙනම් මටත් දෙන්න පුලුවන්නේ මම යන්නම් ඉක්මනට...."


ආයුශ් දිව්‍යාලාගේ පස්සෙන් යන්න හැදුවත් දිව්‍යාලා මේ වෙනකොට පේන්න හිටියේ නැති හින්දා ආයුශ් නර්ස් කෙනෙක්ගෙන් අහගෙන ගියා.


ඒ යනකොට දිව්‍යා අඬනවා.


" මට මොනා වුනත් කමක් නෑ... මගෙන් ලේ ගන්න...."


" ඇයි නැන්දේ... මොකක්ද ප්‍රශ්නේ..."


" අනේ පුතේ මගේ ලේ දෙන්න බෑලු... මගේ ප්‍රෙෂර් අඩු වෙලාලු...මං කොහොමද මගේ දුවව බේරගන්නේ..."


" බය වෙන්න එපා නැන්දේ මාත් බී පොසිටිව්... මං ආරුට ලේ දෙන්නම්... ඩොක්ටර් මගෙන් ගන්න...."


ආයුශ් ලේ දීලා පැයකට විතර පස්සෙ ඩොක්ටර් ඔපරේෂන් තියර්ටර් එකෙන් ආවේ මූණේ හිනාවකුත් එක්ක.


" ඔන්න අම්මේ ඔයාගේ දුවට දැන් කිසිම කරදරයක් නෑ දැන් නම් ඉතින් තියෙන්නේ පුලුවන් තරන් එයාට කන්න දෙන එක කරන්න තමා..."


ඒක ඇහුවම තමා දිව්‍යා ටිකක් පැත්තකින් වාඩි වුනේ...



පැය දෙකකට විතර පස්සේ ආරුට සිහිය ආවා. ඒ ව්ස්නකොටත් කට්ටියම ආරු ළඟ හිටියා.


" බය වෙන්න දෙයක් නෑ.. පේෂන්ගේ ලේවලින් අර විස සම්පූර්ණයෙන්ම ගිහින් නැති හින්දා පොඩි ක්ලාන්ත ගතියක් තියෙයි.. ඒක ප්‍රශ්නයක් නෙවෙයි... මිස්ටර් මට හිතෙන්නේ මේක පොලිස් කේස් එකක් ඒ නිසා..." ඩොක්ටර් දේවකට කිව්වා.


"ආ ඒක ගැන බය වෙන්න එපා ඩොක්ටර්... ඒවා අපි බලාගෙන තියෙන්නේ..." එවෙලේම දොර ඇරගෙන ආව ආයුශ් කිව්වා.


දිව්‍යා හිතුවේ ආයුශ් ආවා කියලා වුනාට ඇත්තටම ඒ ආවේ ආයුග්.


ආයුග්ගේ අතේ තියන වෙලුමෙන් තමා කට්ටිය හොයාගත්තේ.


" ඒත් මිස්ටර්..."


" ඩොක්ටර්... " ආයුග්ගේ තර්ජනාත්මක ස්වරයෙන් ඩොක්ටර් බය වෙලා එළියට ගියා.


ඩොක්ටර් ගියාට පස්සේ ආයුග් හැරුනේ ආරුගේ පැත්තට.


ඒ වෙලාවේ තමා ආයුග් දැක්කේ ආරු ළඟ ඉන්න දිව්‍යාව. දිව්‍යාව දැක්ක ගමන් ආයුග්ට පරණ මතක ගොඩක් එක පිට එක එන්න ගත්තේ ඔලුවෙන් දැනුනු ලොකු වේදනාවක් එක්කමයි.


ආයුශ් දැනන් හිටියත් ආරු දිව්‍යාගේ දුව කියලා ආයුග් දැනන් හිටියේ නෑ.


ඔලුව අල්ලගත්ත ආයුග් ඉක්මනටම කාමරෙන් එළියට ගියේ කට්ටියම පුදුමෙන් බලන් ඉද්දි.


කාමරෙන් එලියට ගිය ආයුග් කාමරේ දොර ළඟම බිම ඉඳගත්තේ පරණ මතක එක්ක තනිවෙද්දි.


" නෑ නෑ අම්මේ මම එහෙම දෙයක් කරේ නෑ..."


" උඹ මගේ දරුවව මරාගත්තා... යමන් මගේ ඇ දෙකට පේන්න ඉන්නේ නැතුව පලයන්... උඹ මගේ දරුවෙක් නෙවෙයි...."


" නෑ නංගි.. දිව්‍යා දැකලා තියන්නේ.... මගේ අසරණ දරුවා.."






" ආයුග් තමුසේ මොන හිතකින්ද ආයේ ආරුව බලන්න ආවේ..." ආයුග් දොර ළඟ ඉන්නවා දැක්ක ආයුශ් ඇහුවා.


ආයුශ් ෂර්ට් එකත් මාරු කරන් කට්ටියට කන්න ගේන්න ගිහින් හිටියේ.


හිතේ තිබ්බ තරහයි පරණ මතකවල වේදනාවයි එක්ක ආයුග් ආයුශ්ගේ ෂර්ට් එකේ කොලර් එකෙන් ඇල්ලුවා.


" සාක්ෂිට දිව්‍යාත් එක්ක තියන සම්බන්ධය මොකක්ද..."


" උබ ගෙදරින් ගියාට පස්සේ තිබ්බ නෑදෑකනුත් අමතක කරාද... සාක්ෂි කියන්නේ දිව්‍යා නැන්දාගේ ලොකු දුව.. උබට මතක නැද්ද පොඩි කාලේ එකට සෙල්ලම් කරපු කෙල්ලව... ඒ පොඩි එකීට උබ හින්දා තම අද හොස්පිටල් එකේ ඉන්න වෙලා තියෙන්නේ උබ හින්ද.. මට හේමා ඇන්ටි ඔක්කොම විස්තර කිව්වා.. උබට ලැජ්ජ නැද්ද යකෝ ඒ කෙල්ලට වද දෙන්නේ... ඒකි උබට විරුද්ධව සාක්ෂි දෙනවා නම් මෙලහකටත් දෙනවා .. ඒකිට පාඩුවේ ඉන්න දීපන්.. උබ ආයේ ඒකි දිහා හැරිලා හරි බැලුවොත් මම නරක මිනිහා කියන්න එපා..." ආයුශ් ආයුග්ට ඇඟිල්ලක් දික් කරලා කිව්වා.


ආයුග් ආයුශ්ගේ මූණට වැරෙන් පහරක් ගැහුවේ ආයුශ්ගේ තොල පැලිලා යන්න. ආයුශුත් ඒ එක්කම ගැහුවා.


" පලයන් මෙතනින් ආරුට ආයේ වද දෙන්න එන්න එපා..." කිව්ව ආයුශ් හොස්පිටල් රූම් එක ඇතුළට ගියා.



" ඈ ආයු අයියේ ඔයා වෙස් මාරු කරනවද අප්පා... දැන් ටිකකට ඇඳන් හිටියේ කළුපාට ෂර්ට් එකක්නේ... ඒ ටිකට දුඹුරු පාට එකක් ඇඳගෙන..." සෙතූ.


ආයුශ්ට එකපාර මොනා කියන්නද කියලා හිතාගන්න බැරුව බැලුවේ ආරු දිහා. ආරු මුකුත් කියන්න එපා කියන්න තොල් හෙලෙව්වා.


" ආ... මේ... සමහරවිට නංගි ඒ වෙලාවේ මේ ෂර්ටෙකකළු පාටට පේන්න ඇති.. නේද අංකල්... "


" ඒක තමයි පුතා මාත් නිකන් දැක්කේ ඒ වගේනේ.. සමහරවිට ලයිට් එළිය අඩු හින්දා ඒ වගේ පේන්න ඇති..."


" ආරු දැන් කොහොමද..." ආයුශ් ආරු ළඟට යන ගමන් ඇහුවා.


" ම්ම්... අවුලක්.. නෑ..." ආරු පහත් හඬින් කිව්වා.


" පුතා ඔයාට කොහොම ස්තූති කරන්නද මන්දා.. ඔයා හිටියේ නැත්තන් දුවව බේරගන්න වෙන්නේ නෑ.."


" අයියෝ ඒක ලොකු දෙයක් නෙවෙයි නැන්දේ... අනික ඉතින් ආරු මගේ නෑනානේ.. නෑනව බලාගන්න එක මස්සිනාගේ වගකීමනේ..."


" ආයුශ්... අයියේ... තැන්ක් යූ...." ආරු..


" ම්ම්.... මගේ නෑනෝ ඔයාගේ තැන්ක් යූ එක නම් මට පිලිගන්න බෑ..."


කට්‍ටියම පුදුමෙන් බැලුවේ ඒ ඇයි කියලා.


" දැන් බලන්න මම ඔයාගේ ජීවිතේ බේරගත්තන්නේ ඉතින් ඒ හින්දා ඔයාට මාව බඳින්න වෙනවා..."


" ඈ... ඊට වඩා හොඳයි.. මැරිලා.. ගියා නම්..."


" ආරු... මොකක් ද ඒ කතාවේ තේරුම ආ..." දිව්‍යා.


" අක්කේ.. ආයු අයියා හරි හොඳයි අනේ.. මේ ඇත්තට ඔය දෙන්නා බඳින්නකෝ අප්පා... නැද්ද ආයු අයියේ..."


" ආයෙත් අහලා මම මෙයාට අද කීපාරක් කිව්වද නංගි.. ඔයා දන්නෑනේ මෙයා මට බැනපු විදිහ...මම ඔයාගේ නෑනා නෙවෙයි කිව්වා අරකද මේකද... එනවා මෙතන..."


ආරුගේ මූණ දිහා බලන් හිටිය හේමට තේරුනා ආරුට හොඳටම තරහ ගිහින් ඉන්නේ කියලා ඒ හින්දා හේමා කතාව වෙනස් කරා.


" දැන් රෑ වෙලානේ හොඳටම.. යන් කට්ටියම අපේ ගෙදර... ගිහින් මොනහරි කාලා බිලා නිදගෙන උදේට ආරුට කන්නත් අරන් එමු..."


" මං කන්න අරන් ආවා ඇන්ටි ආ මෙන්න... මේ ටික අරන් යන්න..." ආයුශ් හේමා අතට කෑම පාර්සල් ටික දුන්නා.


" පුතා මොකටද ඕවට මහන්සි වුනේ... අක්කේ මම ආරු ළඟ නතර වෙන්නම්..." දිව්‍යා.


" නෑ නෑ නැන්දේ ඔයා ගිහින් රෙස්ට් කරන්න... ඔයාගේ ප්‍රෙෂර් අඩුයි කියලා කිව්වනේ.." ඒක ඇහුවම කලබල වුනේ ආරු.


" අම්මේ... යන්න ගිහින් දැන්ම බෙහෙත්... ගන්න... මම හැමදාම.. කියනවා..."


" අයියෝ මට දැන් කිසිම ප්‍රශ්නයක් නෑ.. මම ඔයා ළඟ ඉන්නම්..."


" නෑ නෑ නැන්දේ ඒ වැඩෙ හරියන්නේ නෑ..  ආරු ඩිස්චාර්ජ් වෙනකොට ඔයාට ඇඩ්මිට් වෙන්න වෙයි ඔහොම ගියොත්... ඔයා යන්න මම ආරු ළඟ ඉන්නම්... හදිසියක් වුනොත් නර්ස් කෙනෙක්ට කතා කරන එකනේ.."


" ඒත් පුතේ..."


" ඒක නම් හොඳයි... දුවගේ ආරක්ෂාවටත් හොඳයිනේ... නංගි අපි ගෙදර යන්..." දේවක.



ටිකකින් ආයුශ්ව ආරු ළඟ ඉතිරි කරලා අනිත් අය ගියා.


" ආරු... ඔයා මොකටද අරූ එක්ක පැටලෙන්න ගියේ... ඌ මගේ සහෝදරයා උනත් පොඩි කාලෙම මිනීමරපු එකෙක්... ඒක ඌට පුරුද්දටම ගිහින් දැන්..."


" ඔය කියන්නේ ආයුග් ගැනද.."


" හ්ම්ම්..."


" මම එයා එක්ක බලෙන් පැටලුනේ නෑ.. දෙයියනේ... ඔයාලා නදුලිව බේරගත්තද..."


" නදුලි ඒ කවද..."


" එතන හිටිය ගෑනු ළමයා... බ්ලේඩ් එයාට සෑහෙන්න වද දීලා තිබ්බා.."


" මම එහෙම කිසි දෙයක් දැක්කේ නෑ.. ඒ වෙලාවේ මගේ ඔලුවේ වැඩ කරේ ඔයාව බේරගන්න ඕන කියන එක විතරයි... "


" එතකොට එයාට මොකද වුනේ... මේ හැමදේම වුනේ මං හින්දා.. බ්ලේඩ් මං එයාව හිරේ යවපු හින්දා තමා නදුලිට අරහෙම කරලා තිබ්බේ..." ආරු තමන්ගේ අත්වලින්ම ඔලුවට ගහගනිමින් කිව්වා.


" ආරු ඕක නවත්තන්න... මං කොහොමහරි එයාව හොයාගන්නම්.. ආ ටිකක් ඉන්නකෝ බලන්න..." ආයුශ් ආරුව නවත්තලා ෆෝන් එක ගත්තා.


ඊළඟට ෆෝන් එකෙන් දැම්මේ නිව්ස් එකක්.


" අද දින සවස කොළඹ මුඩුක්කු වීදීයේ අතහැර දැමූ නිවසකදී පාතාල කල්ලි දෙකක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකදී නමගිය අපරාධකරයෙකු වන බ්ලේඩ් නැතහොත් මනුල යටවල නැමැත්තා ඝාතනය වී ඇත. ඔහුගේ කල්ලියටම අයත් තවත් අපරාධකරුවන් හතර දෙනෙකුගේ මළ සිරුරු සහ බරපතල ලෙස තුවාල වූ අපරාධ කරුවන් දෙදෙනෙක් හිර භාරයට ගෙන ඇත. මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක සිංහවංශ විසින් සිදු කරයි."



" ඒ කියන්නේ බ්ලේඩ් මැරුනද..."


" ඔව්... ආයුග් වෙඩි තිබ්බා ඒ හින්දා තමා ඔයා බේරුනෙත්...."


" එයා හිටිය හින්දා තමා එතකොට මං කලින් පාරත් බේරුනේ... ඒත් එයා මාත් එක්ක කතා නොකර ගියානේ.." ආරු ටිකක් දුකෙන් කිව්වා.


" ඌ හින්දානේ ඔයා මෙච්චර දුක් විඳින්නේ ආරු..."


" පිස්සුද ආයුශ් අයියේ... මාත් කලින් හිතන් හිටියේ එහෙම තමා ඒත් බ්ලේඩ් ආවේ මගෙන් පලිගන්න... "


" ඔයාගෙන් පලිගන්න... ඒ මොන මඟුලකටද..."


" මීට මාස තුනකට කලින් මම පොඩි වැඩකට ගිහින් එනකොට ගෑනු ළමයෙක් බේරගන්න කියලා කෑගහනවා ඇහුන හින්දා මම පොලිසියටත් කෝල් කරලා වීඩියෝ එකත් ඔන් කරගෙන ඒ සද්දේ ආපු පැත්තට ගියා. ඒ යනකොට දෙන්නෙක් ඉඳගෙන ගෑනු ළමයෙක්ට කරදර කරදර කරනවා... මට ගෑනු ළමයාව බේරගන්න පුලුවන් වුනා. ඒත් එක්කෙනෙක් පැනගත්තා.. බලනකොට ඒ බ්ලේඩ්... ඒකෙන් මේකෙන් කොහොමහරි බ්ලේඩ්‍ට හිරේ යන්න වුනා.. බ්ලේඩ් හිරේ ගිය පළවෙනි වතාව ඒකලු... ඌ හිරෙන් නිදහස් වුනාට පස්සේ අර ගෑනු ළමයාව ආයේ කිඩ්නැප් කරලා වද දීලා.. එයා තමා නදුලි කියන්නේ.. ඊටපස්සේ ඌ මටත් ඒ ටිකම තමා කරන්න හැදුවේ ඒත් එකපාරක් මාව වන්ෂොට්... ආයුග් බේරගත්තා... මේ පාරත් එයාම මාව බේරගත්තා..."


" එතකොට අර ආයුග් මිනියක් මරනවා ඔයා දැක්ක කතාව..."


" ආ... ඒක ඇත්ත... ඒත් මට අර ගෑනු ළමයාගේ සිද්ධියට සාක්ෂි දෙන්න ගිහින්ම සෑහෙන කට්ටක් කන්න වුනා.. ඒ හින්දා මට සාක්ෂි දෙන්න හිතකවත් තිබ්බේ නෑ.. පස්සේ ඒ මැරුනු කෙනා බ්ලේඩ්ගේ කෙනෙක් කියලා දැනගත්තාම මට කොහෙත්ම ඕන වුනේ නෑ සාක්ෂි දෙන්න..."


" හ්ම්... හරි එහෙනම්... ආරු දැන්වත් පරිස්සම් වෙන්න... ආරු..."


" ම්ම්ම්...."


" මාත් එක්ක දැන්වත් යාළුද..."


" ම්ම්ම්... මේ...  මට නංගි කිව්වා වෙඩින් එකේ වෙච්ච සිද්ධියේදී අයියා තමා අම්මගේ පැත්තට කතා කරේ කියලා... අනික ඉතින් මට ලේත් දීලානේ... ඒ හින්ද... ඉතින්ම්...."


" එහෙනම් යාලුයිනේ...." කියපු ආයුශ් පැනලා ආරුව බදා ගත්තා.


" ආව්...." එකපාරටම ආරුගේ බෙල්ලෙන් ආයේ ලේ එන්න ගත්තා.


ආයුශ් කලබල වෙලා ඉක්මනට ඩොක්ටර් කෙනෙක්ට කතා කරා. ඩොක්ටර් ආයේත් සැරයක් බැන්ඩේජ් එකත් හරිගස්සලා,


" හොඳට කතා කරා නේ..." කියලා ආරුගෙන් ඇහුවා රවලා.


ආරු දත් ටික පෙන්නලා විරිත්තුවා.


" මෙයාට කතා කරන්න දෙන්න එපා... දැන් කතා කරොත් ජීවිත කාලෙටම කතා නොකර ඉන්න වැඩේ වෙයි..." කියලා ආයුශ්ට කිව්ව ඩොක්ටර් එළියට ගියා.


" අනේ මම නම් කට..." ආරු ඩොක්ටර්ටත් ඇද කර කර මොනා හරි කියන්නයි ගියේ.


ඒත් ආයුශ් එකපාර ආරුගේ තොල්වලට බරවෙලා දෙතොල් සිපගත්තා. ටිකකින් ආරුගෙන් ඈත් වෙච්ච ආයුශ්,


" ආයේ කතා කරොත් මම තව කිස් එකක් දෙනවා හොඳේ.."


" යකෝ මේ අයියලා මල්ලිලා නම් කිස් කරන්නමද මන්දා ඉපදිලා ඉන්නේ..." ආයුග්ගේ කිස් එකත් මතක් වෙලා ආරුට කටට ඒ වචන ටික කියන්න ආවත් ආයෙමත් කිස් එකක් ඕන නැති හින්දා හිතුවා විතරයි.


"දැන් නිදාගන්න...." ආරුගේ ඔලුව අතගාමින් ආයුශ් කිව්වා.


ආරු මොනාහරි කියන්න කට ඇරලා ආයෙම කට වහගෙන ඇස් පියාගත්තා.






මේ අතරේ වන්ෂොට්ගේ තිප්පොළේ....


" පිස්සුද යකෝ ඔච්චර බොන්නේ මෙහෙ දීපන්..."


අරක්කු බෝතලේ අමු අමුවෙම කටේ තියාගෙනම බොන ආයුග්ගෙන් බෝතලේ උදුරලා ගන්න ගමන් වන්ෂොට්ගේ දකුණු අත වගේ ඉන්න මයිකල් කිව්වා.


" දීපන් මට ඕක... දීපන්..." ආයුග්ගේ කෑගහමින් ආයේමත් බෝතලේ ඇදලා ගත්තා.


" උබට ඔහොම ඔච්චර බොන්න තරන් මොකක්ද තියන ප්‍රශ්නේ.... අරකිත් අර හොඳට ඉන්නෙ දැන්..."


" ප්‍රශ්නේ... ප්‍රශ්නේ ඒකි තමා... ඒකිගේ අම්මණ්ඩි... දිව්‍යා.... ඒ ගෑනි මගේ ජීවිතේම විනාශ කරා... ඒකි හින්දා මට මගේයි කියලා කවුරුත් නැති වුනා... අද මම එකිගේ දුවව බේරගෙන... දන්නවා නම් මම මගේ අත් දෙකෙන්ම ඒකිගේ දුවව සාක්ෂිව මරලා දාන්නේ.. "


" මොනාද බන් උබ මේ කියන්නේ..."


" යකෝ මාව මං හයහතර නොදන්න කාලෙම මගේ අම්මගෙන් වෙන් කළේ දිව්‍යා... අදටත් මගේම පවුලේ උන් මට වෛර කරන්නේ ඒකි හින්දා... මට ඒකිව මරන්න ඕනේ.. ඒත් මෙච්චර අවුරුදු ගාණක් මම වින්ද දුක... "


" ඒ කියන්නේ... උබව..."


" ඔව් ඔව් යකෝ... මාව නොකළ වැරැද්දකට අහුකළේ ඒ බැල්ලි තමා... මම ඒකිට වෛර කරනවා... ඒකි මට අම්මා තාත්තාගේ ආදරේ නැති කරානේ... මම ඒකිට ඒකිව ළමයි ටික නැති කරනවා... ඒකි වැළපුනු විද්හට ඒකි වැඩිපුරම ආදරේ සාක්ෂිටනේ... සාක්ෂි wait and see...." ආයුග් මහ හයියෙන් හිනා වුනා.





පහුවදා උදේම දිව්‍යා ආරුව බලන්න ආවා.


" අම්මේ අම්මලා ගෙදර යන්න.. අරයත් තනියමනේ මොන මඟුලක් කරයිද දන්නෑ.. මට දැන් අඩුයිනේ..."


" ඒත්...."


" බය වෙන්න එපා නංගි.. ආරු කියන්නේ අපිට අපේම දරුවෙක් වගේ.. අපි එයාව බලාගන්නම් ඔයා යන්න..." හේමා.


" නැන්දා බය වෙන්න එපා මම නංගිව බලාගන්නම්.. නැන්දලා පරිස්සමට ගෙදර යන්න..." ආයුශුත් කිව්වා.


" ඒත් මං කොහොමද හිත හදාගෙන ගෙදර යන්නේ... ඔයාලා කිසිම කෙනෙක් මට වෙච්ච දෙයක් කියන්නෙත් නෑ... ආරු ඔයත් මගෙන් දැන් දේවල් හංගන්න පුරුදු වෙලා නේද..."


" නැ නෑ අම්මේ... මේ... මේකයි වුනේ... අම්මට මතක ද මං කිව්වා මං දැන් මාස තුනකට විතර කලින් රේප් වෙන්න ගිය ගෑනු ළමයෙක්ව බේරගත්තා කියලා..."


" ඔව්..."


" ආං ඒ වෙලාවේ හිරේ ගිය කෙනා තමා මට මේ දේ කරේ... හරි හරි දැන් බය වෙන්න එපා.. එයා මැරිලා දැන්.. මට කරදරයක් කරන්න කවුරුත් නෑ..."


" ඒත්... එතකොට ඒ මිනිහව මැරුවේ කවුද..."


ඒකට මොකක කියන්නද කියලා හිතාගන්න බැරුව ආරු ආයුශ්ගේ මූණ දිහා බැලුවා. ආරුට ඕන වුනේ නෑ අම්මට ආයුග් ගැන කියලා කලබල කරන්න.


" ආ... මේ නැන්දේ... මේ... පොලිසියෙන් ආවනේ වෙඩිතිබ්බා... මැරුනා... සිමපල්..."


" ඒත් ඉතින්...."


" අයියෝ නැන්දේ... මමත් එතන හිටියා ඒක තමා වුනේ... ආරු මාත් එක්ක කෝල් එකක ඉන්න වෙලාවේ තමා කිඩ්නැප් කරේ..."


" ආ... ආයුශ් අයියා මොකටද අපේ අක්කා එක්ක කෝල් එකේ හිටියේ..." සෙතූ ඇසුත් හීනි කරගෙන සැකෙන් බලමින් ඇහුව.


" මේ නිකන්... මේ චූටි නංගි පොඩි උනට වැඩක් නෑනේ... මැදින් පනින්නේ නැතුව ඉන්නකෝ..." ආරු.


" හරි හරි ඇති දැන්... එහෙනම් අපි යන්නම්.. මම හෙට එන්නම් ආරු.. පණ්ඩිතයා වගේ බලෙන් ටිකට් කපාගන්නේ නැතුව සනීප වෙනකන් ඉන්න ඕනේ..."




සති දෙකක් විතර ගෙවිලා ගියේ ආරුව සම්පූර්ණයෙන්ම හොඳ කරලා. මේ වෙනකොට ආයුශ් ආරුගේ පස්සෙන්ම හිටිය හින්දා කවීන්ට ආරුට ළඟට ළංවෙන්න බැරුවයි හිටියේ. ඒත් ඉතින් කවීනුත් වැඩේ අතහැරියේ නෑ කොහෙන්හරි හරි ඇවිල්ල ආරුගේ ලෙක්චර්ස් වෙලාවට ආරු ළඟට ආරු දිහා බලාගෙන ඉන්නවා.


ආරු එයාගේ හොඳම යාලුවා සංජනා එක්ක කෝල් එක්ක ඉඳන් වොෂෲම් එකට ගියා. සංජනා තමා ආරුට ඉන්න එකම යාලුවා.


" එතකොට උබ කියන්නේ උබට සිකුරු ලබලා දැන් කවීනුයි උබේ මස්සිනායි දෙන්නම පස්සෙන් එනවා..."


" ඔව් බන්... මට වොෂෲම් එකට විතරයි තනියම යන්න දෙන්නේ ලෙක්චර්ස්වල කවීන් ළඟ... එළියේ ඉන්න වෙලාවට ආයුශ්..."


" ඒක නෙවෙයි අර අනික් මස්සිනාකාරයා මැරයා... ඌ නැද්ද... ඌනේ උබෙ කිස් එකත් ගත්තේ..."


" අනේ මේ... ආයුග්ට වෙච්ච දෙයක් නෑ.. මම දැන් සති දෙකකින් එයාව දැක්කෙ නෑ... අනේ මන්දා අප්පා..."


" මොකෝ පාලුද..."


" පිස්සුද ඕයි... තියනවා ඕක... මං වොෂෲම් ඇවිල්ලා ඉන්නේ..."


" ඉඳපන් මැණිකේ මම වීඩියෝ කෝල් එකක් ගන්නම්ම්.."


" අනේ පලයන්..." කෝල් එක කට් කරපු ආරු වොෂෲම් එකක් ඇතුළට ගියා.


වොෂෲම් එකෙන් එළියට එන්න යද්දි ආරුට ඇහුනේ කවුරුහරු කතා කරන දේවල් ටිකක්.


" මොකක්ද බන් කවීන්ට වෙලා තියෙන්නේ කවීන් අර කණ්ණාඩි පොළඟි පස්සෙන් යන්නේ මෙච්චර ලස්සන අපි ඉද්දී..."


" කවීන් විතරක් ඇයි බන් ආයුශ් අයියේ... මට නම් ඒකිව දකිද්දි මරන්න තරහ... ඒකිගේ කිසිම ලස්සනක් තියනවද බලපන්... අපි වගේ සුදුද... දත් ටික... ඊයා..."


" කියලා වැඩක් නෑ... මේකි වශියක්වත් දීලද දන්නෑ බන්... "


" අඩෙහ් ඒත් මට ආරංචි විදිහට කවීන් නම් පස්සෙන් යන්නේ ප්ලෑනකට..."


" ප්ලෑනක් ඒ මොකක්ද..."


" මතක්ද එදා අර ඒකිව රැග් කර කර ඉද්දී ආයුශ් අයියා ඇවිල්ලා කවින්ට බැනලා තිබ්බා... ඊට පස්සේ කවීන්ට ඒක..."


ඒ කෙල්ලගේ කතාව නතර වුනේ එකපාර කෝල් එකක් එන සද්දහක් ඇහින හින්දා. අවාසනාවක මහත ඒ කෝල් එක ආවේ ආරුට.


ආරු හිටිය වොෂෲම් එකේ දොර එක කෙල්ලෙක් ඇරියා. තව කෙල්ලක් ඇවිල්ලා ආරුගේ කොණ්ඩෙන් ඇදගෙන එළියට අරන් ගියා.


" උබ අපි කිව්ව දේවල් ඕකොම සද්ද නොකර අහන් හිටියා නේ... එහෙනම් මෙන්න උබට අපෙන්..." කිව්ව කෙල්ල වොෂෲම් එකක් ඇතුළේ තිබ්බ වතුර බාල්දියක් ගෙනැල්ලා ආරුගේ ඔලුවේ ඉඳන්ම හැලුවා.


" අනේ මට යන්න දෙන්න... මම මුකුත් කරේ නැ..." ආරු ඒ අයගෙන් බැගෑපත් වෙමින් ඉල්ලුවා. ආරු ගොඩක් අය වගේ ශක්තිමත් කෙනෙක් නෙවෙයි ඉතින් එයාට එතන හිටිය කෙල්ලෝ හතර පස් දෙනා එක්ක හැප්පෙන්න දෛර්‍යයක් තිබ්බේ නෑ.


" යන්න දෙන්න... ඒවා කොහෙද අපිත් එක්ක..." කෙල්ලො හතර පස් දෙනා මාරුවෙන් මාරුවට ආරුට ගැහුව. ආරු අමාරුවෙන් ඒ හැම පාරක්ම ඉවසගෙන හිටියා. කිසිම කෙනෙක් ආවේ නෑ ආරුව බේරගන්න. අන්තිමට ආරුගේ කටින් ලේ ආවම තමා ඒ අය ඒක නැවැත්තුවේ.


ආරු අමාරුවෙන් නැඟිටලා කොහොමහරි එළියට ගියා. ඒ යද්දි ආයුශ් ඉන්නවා දැක්කම ආරු ආයුශ්ව මඟ ඇරලා ඉකමනට බෝඩිමට ගියා.


ආරුට කැමපස් යන එකත් එපා වුනේ තව තවත් ඒ විදිහට ගුලි වෙන්න වෙනවා කියලා දන්න හින්දමයි. අතට අහුවුන බඩු දෙක තුනක් බෑග් එකකට දාගෙන ආරු ගෙදර යන්න පිටත් වුනා.


රෑ දහයට විතර කවුරුහරි දොරට තට්ටු කරන සද්දෙට දිව්‍යා බයෙන් බයෙන් දොර ඇරියා.


" ආරු... මේ රෑ..."


" එන්න හිතුනා අම්මේ..." කිව්ව ආරු කෙලින්ම ගියේ එයාගේ කාමරේට.


එකපාරම ආරු මෙහෙම ආවේ ඇයි කියලා හිතාගන්න බැරුව දිව්‍යාත් ආරුගේ පස්සෙන්ම කාමරේට ආවා.


" ආරු... කලින් එනවා කියලාවත් කිව්වේ නෑනේ... අනික හෙටත් කැම්පස් නේද..."


" නෑ අම්මේ... අපේ ලෙක්චර් ටික දවසකට එන්නේ නෑ ඒ හින්දා ගියාට වැඩක් නෑ... මම ගෙදර ආවා ඒ හින්දා... දැන් මාස හතර පහකින් ගෙදර ආවෙත් නෑනේ..." ආරුට ඇත්ත සිද්ධිය කියන්න ඕන වුනේ නැති හින්දා බොරුවක් කිව්වා.


" ම්ම්.. එහෙනම් කමක් නෑ.. කන්න මොනාහරි හදන්නද... ඔයා එනවා කියලා කලින් කිව්වා නම් මම උයලා තියනවා..."


" එපා අම්මේ.. අම්මේ මම කාලා ආවේ... අම්මා නිදාගන්න.. "


" ඔයා ඇඟ හෝදන්න එන්නකෝ... මම කිරි එකක් හදලා දෙන්නම්..." කිව්ව දිව්‍යා ගියා.



පහුවදා උදේ ආරු නැගිටින කොට දහයට විතර. පාන්දර වෙනක්න්ම ඒ වුන සිද්ධිය මඟ අරින්න ඕන හින්දා වැඩ ගොඩක් කරලා නිදාගත්තේ පාන්දර 4ට.. ඒ වෙලාවේ තමා දිව්‍යා නැඟිට්ටේ කඩේට ගෙනියන්න කෑම හදන්න.. පණ්ඩ්තයා වගේ දිව්‍යාටත් උදව් කරන්න ගිහින් දිව්‍යාගෙනුත් හොඳ බැනුමක් අහලා තමා ආරු නිදාගත්තේ.


ආරු ගෙදර ආපු බවක් නිශූවත් සෙතූවත් දැනන් හිටියේ නෑ. දෙන්නම ස්කෝලේ ඇරිලා එද්දි ආරු ගෙදර දොරකඩට වෙලා ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා දකිද්දී තමා දෙන්නම පුදුම වුනේ.


"අම්මෝ කුමාරිහාමිට ගෙදරඑන්න මතක් වෙලා තියෙන්නේ..." නිශු හින්ට් එකක් පාස් කරගෙනම ගේ ඇතුළට ආවා.


" අක්කේ ඔයා ආවද... මේ කන්න මොනාද ගෙනාවේ..." සෙතූ පොඩි එකෙක් අම්මා ළඟ දැවටෙනවා වගේ ආරු ළඟට වෙලා ඇහුවා.


"මේ.. හදිස්සියේ ආපු හින්දා මුකුත් ගේන්න බැරි වුනා.. රෑ වෙලා රයිස් එකක්වත් ගේමු..."


" මරුනේ.... බීම එකකුත් ගේමු ඈ... මේ අක්කේ පාඩම් දගේකුත් තියනවා අහගන්න... අරයගෙන් ඇහුවම බොරු කියලා දෙන්නෙ අප්ප..."


" ඔව් ඉතින් මං මොනා හරි කියලා දුන්නොත් බොරු තමා... දැන් ඉතින් ඉන්නවානේ මහලොකු අක්කා... දැන් ඔක්කොටම එයාව ලොකු..." නිශු.


" නිශූ... මගෙම් දැන් ගුටි කන්න තමා හදන්නේ ඉතින් ඔය... ගිහින් තියන වැඩක් කරගන්නවා..."


" ඔව් මේ ගෙදර මං මොනාහරි කිව්වොත් වැරදී... ඔයාගේ මහලොකු දුව හරි..."


" ලොකු නංගි ඇති දැන්....අම්මේ රෑට උයන්න එපා රයිස් ගේමු..." කිව්ව ආරු කාමරේට ගියා.



පහුවදා උදෙත් ආරු නැගිටිද්දී දහයත් පහුවෙලා.


" මෙයා කුමාරිහාමි වගේ නිදි මම තමා හැමවැඩක්ම කරන්න ඕන... වලං හෝදන්නයි ගෙවල් මිදුල් අතුගාන්නයි... ඒත් මම කිසිම වැඩක් කරන්නේ නෑ කියලා තමා ඇහුවොත්කියන්නේ..." නිශූ කාමරෙන් එලියට එන ආරු දැකලා කිව්වා.


නිශූගේ කට දන්න හින්දාම ආරු සද්ද නොකර ගිහින් මූණ හෝදගෙන ආවා.


" ෆෝන් එකම ඔබ ඔබ ඉන්නේ පාඩම් කරන්නේ නැද්ද..."


නිශූ පැය ගාණක් තිස්සේ ෆෝන් එක ඔබනවා ඔබනවා ඉවරයක් නැති හින්දා ආරු ඇහුවා.


" ඔව් දැන් මම මෙච්චර වෙලා කරපු වැඩ දැක්කේ නෑ මම ෆෝන් එක ඔබන එක විතරක් පේනවා.."


" ලොකු නංගි මේ... මම දැන් ඇහුවේ පාඩම් කරන්නෙ නැද්ද කියලා.. ඔයා දැන් පැය දෙකකටත් වැඩියේ කරේ ෆෝන් එක ඔබපු එක..."


" මං ෆෝන් එක ඔබනවා තමයි දැන් ඔයාට මොකක්ද තියන ප්‍රශ්නේ...."


" එයාට නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ මට..."


_________________________________________


ආවේ කවුද කියලා දන්නවනේ නේ....

මැරිච්ච ඕතරීට පණ එන්න ඕන්නන් comments දාන්න( ස්ටිකර් නම් එපා ඔයාලගේ අකුරු ටිකක්ම දාන්න හොඳේ...) reaction දාන්න...

පුලුවන් කෙනෙක් ගෙස් කරන්න බලන්න ඊළඟට වෙන දේ පොඩි හින්ට් එකක්... ඒකේ ආරුගේ තාත්තා ඉන්නවා...

mission start....


Report Page