The Bitter Sweet Harmony ❤️‍🔥

The Bitter Sweet Harmony ❤️‍🔥

Pari🖤
Bound by pain, United by love...


Previous Episode ....

https://telegra.ph/The-Bitter-Sweet-Harmony-02-21



04th Episode ❤️‍🔥



" ෂහ්... තමුසේ කැත වුනාට තමුසේගේ ඇඟ නම් මරු... අරකිටත් වඩා තමුසේ මාරම හොට් නේ..." 



ඒ මිනිහා ආරුගේ ඇඟ පුරාම අත් යවමින් කිව්වා.


ඒ විතරක් නෙවෙයි උගේ අතවැසියෝ ටික ආරු දිහා බලන් හිටියේ කන්න වගේ.


" ඔය කෙල්ලව අතහරිනවා බ්ලේඩ්...." 


ආරු ඔලුව උස්සලා බලද්දි දැක්කේ එතනට ආයුශ් ආයුග් වගේම තව දන්නෙ නැති අයත් ඇවිත් ඉන්නවා. 


" බ්ලේඩ් ඔය කෙල්ලව අතාරිනවා..." ආයුග් කෑගැහුවා.


" ඔය ඇවිල්ලා ඉන්නේ... මම මේකිව අතහරින්නේ නෑ... මේකිට සාක්ෂි දෙන්න මෙච්චර ආස නම් උබට විරුද්ධවත් සාක්ෂි දෙන්න තිබ්බනේ... ඒත් මේකි එහෙම කරේ නෑ... ඉතින් ඒ හින්දා මේකිට වෙන්නේ මැරෙන්න තමා.."


බ්ලේඩ් ආරුගේ ඇඟ දිගේ අත් යවමින් ආයේ කිව්වා.


ආරුට කෑගහගන්නවත් බැරුව දඟලගන්නවත් බැරුව කියාගන්න බැරි වේදනාවකින් තමා හිටියේ. ඒ විතරක් නෙවෙයි ආරුට දැනුනා නිකන් එයාව මත් වෙනවා වගේ ඒ හින්දම ආරුගේ ඇස් පියවී ගෙන ආවා ඒත් ආරු කොහොමහරි ඇස් ඇරගෙන ඉන්න උතසාහ කරා. 


ඒ අතරේ තමා ආරු දැක්කේ අර ගෑනු ළමයාගේ සිරුර හෙලවෙනවා.

ඒ කියන්නේ එයා මැරිලා නෑ. 


මේ අතරේ බ්ලේඩ් ආරුගේ ඩෙනිමටත් අත තිබ්බේ ආයුශ් ආරු ළඟට දුවන් එන්න හදද්දී.


" ආරු.... අතහරිනවා ආරුව..." කියන ගමන් ආයුශ් ආරු ළඟට එන්න හැදුවත් බ්ලේඩ්ගේ ගෝලයෝ ආයුශ්ලව වට කරගත්තා.


ආයුශ් ආරුව බේරගන්න බ්ලේඩ්ගේ ගෝලයන්ට ගහමින් ගුටි කමින් ඉස්සරහට ආවා. 

ආයුග් ගන් එක අරන් වෙඩි තියන් ගියත් බුලට්ස් ඉවර වුන හින්දා කට්ටිය එක්ක ගහගත්තා.

ආයුග්ගේ කට්ටියත් බ්ලේඩ් කට්ටිය එක්ක ගහගත්තා.


එතන එකම යුද පිටියක් වුනා.


ඒත් බ්ලේඩ් ආරුව නම් අතහඇරියේ නෑ. ආයුශ් කොහොමහරි කට්ටියටම පහර දෙන ගමන් ආරු ළඟට ආවා. ඒත් ආයුශ් ආවා කියලා දැක්ක බ්ලේඩ් ආරුගේ බෙල්ලට පිහිය තිබ්බ ඒක දැක්ක ආයුශ් අඩියක් පස්සට ගනිද්දී.


" උබලට මං මේකිව පණ පිටින් අරන් යන්න දෙන්නේ නෑ කොහොමත්..." කිව්ව බ්ලේඩ් ආරුගේ බෙල්ල කැපුවා.


බ්ලේඩ්ට බ්ලේඩ් කියලා කියන්නෙම බ්ලේඩ් එකපාරින්ම මිනිස්සු මරලා දාන හින්දා. 


ඒත් එක්කම බ්ලේඩ්ගේ නළලටම වැදුන වෙඩි පහරකින් බ්ලේඩ් බිම වැටුනා.







මේ අතරේ දිව්‍යා.. ආරුගේ අම්මා හිටියෙ හොඳටම කලබල වෙලා.


දිව්‍යාට උදේ ඉඳන්ම ආරු ගැන බයක් දැනුනු හින්දා ව්ඩෙන් විඩේ ආරුට කෝල් කළා මැසේජ් කළා.


ආරුගෙත් පුරුද්දක් තිබ්බා ලෙක්චර් එකක් ඉවර වුනාම දිව්‍යාට මැසේජ් එකක් දාන්න. බෝඩිමට ආවම ආයෙ මැසේජ් එකක් දාන්න..


ඒත් අද නම් ආරුගෙන් මැසේජ් එකක් ආවේ නෑ. ආරු කවීන් එක්ක කලබලෙන් හිටිය හින්දා ලෙක්චර් එක ඉවර වෙලා මැසේජ් එක දාන්නත් බැරි වුනා දැන් මේ වුන සිද්ධිය හින්දා ආරුගෙන් කිසිම මැසේජ් එකක් ආවේ නෑ.


දිව්‍යා දිගින් දිගටම ආරුට කෝල් ගත්තත් කෝල්ස් ආන්ස්වර් කරේ නෑ. මොකද ආරුගේ ෆෝන් එක තිබ්බේ බෝඩිමේ ගේට්ටුව ඉස්සරහ වැටුනු බෑග් එකේ. 


දිව්‍යා කලබලෙන් ආරුට කෝල් ගන්න ගමන් සාලේ එහෙ මෙහෙ යන දිහා බලන් හිටියේ නිශූ.


" ඇයි මොකද වෙලා තියෙන්නේ..."


" අක්කා කෝල්ස් ආන්ස්වර් කරන්නේ නෑනේ..."


" හහ්... මෙලහකට කොල්ලෙක් එක්ක කොහෙ හරි ඇති..."


නිශූ කිව්ව මේ කතාවෙන් කලබලෙන් හිටිය දිව්‍යාට හොඳටම තරහ ගියා.


නිශූගේ කම්මුලට පාරක් ගැහුව දිව්‍යා,


" තමුසේ ඒ වගේ වැඩ කරත් මේ කෙල්ල එහෙම වැඩ කරන්නේ නෑ.. තමුසෙට අක්කා ගැන හොයන්න මට උදව් කරන්න බැරි නම් කට වහගෙන මෙතනින් පලයන්.. රත්තරන් වගේ ඉන්න කෙල්ලට කතා හදන්නේ..."


" ඔව් ඉතින් ඔයාට මම මොනා කරත් වැඩක් නෑ ඒකි තමා හොඳ..."


" ඔව්.. එ කෙල්ල නැත්තන් මෙලහකටත් මම මැරිලා නැත්තන් තමුසෙලාගේ මහ එකා වගේ මමත් උබලව දාලා ගිහිල්ලා.. ඒ කෙල්ල හරි මගේ හිතේ සැනසීමට ඉන්න හින්දා තමා උබ මට මෙච්චර වද දෙද්දිත් මම හිටියේ..."


" ඔව් ඔව්.. දැන් ඔක්කොටම වැරදි මම..."


" ඔව් උබ තමා.. මට නැති අපහාස විදින්න සැලැස්සුවේ උබ... අර කෙල්ල මට හදලා තිබ්බ හොඳ නම උබ එක තත්පරෙන් උබේ වැඩවලින් නැති කරලා දැම්මා.. ඒ කෙල්ල මහන්සියෙන් ගොඩ නඟා ගත්ත තැන උබ නැති කරා..."


" අම්මේ.... අම්මේ... අක්කගෙන් කෝල් එකක් එනවා..." කියන ගමන් එතනට ආවේ සෙතු.


" කෝ දෙන්න.... හෙලෝ ආරු ඇයි කෝල්ස් ආන්ස්වර් කරේනැත්තේ.. මම කීයේ ඉඳන්ද ගන්නේ..."


" ආ මේ දිව්‍යා... මම හේමා..."


" අක්කේ කෝ ආරු..."


" නංගි මේ... මේ...."


" අක්කේ කෝ මගේ දරුවා එයාට මුකුත් වෙලා නෑ නේද... එයාට කරදරයක්වත්ද..."


" නෑ නෑ නංගි... මේ ආරුට උණ ගැනිලා අපි හොස්පිටල් එක්ක ආවා... ෆෝන් එක ගෙදර දාලා ගිහින් ඒකයි...මේ..."


" ආරු හොඳින් ඉන්නවා නේ අක්කේ උදේ ඉදන්ම මගේ හිතට හරි නෑ..." 


" ආ නෑ නංගි ආරු හොඳින් ඉන්නවා... මේ... ඔය එනවද දෝණිව බලන්න..."


" අක්කේ ආරුට ඒ කියන්නේ අමාරුද එයාව හොස්පිටල් නතර කරන්නත් වුනාද..."


" ආ... මේ.. නංගි දුවට ටිකක් උණ ගතිය වැඩි...ඒ හින්දා හොස්පිටල් නතර කරා... කොහොමත් දවස් තුන හතරක් හොස්පිටල් එකේ ඉන්න වෙයි..." 


" අක්කේ මම එන්නම්.. කොහෙ හොස්පිටල් එකේ ද ඉන්නේ රජයේ එකේද..."


" නෑ නෑ නංගි ආරෝග්‍යා එකේ ඉන්නේ ඔයා ඇවිල්ලා කියන්නකෝ... අපි එන්නම් එක්ක යන්න..."


" හරි එක්ක මම පුලුවන් ඉක්මනට එන්නම්.. ආරුට මොනාහරි ගේන්න ඕනද..."


" නෑ නෑ නංගි මුකුත් ඕන නෑ..."


හේමා ඉක්මනට කෝල් එක කට් කළේ හේමාට ඇඬෙන්න ආව හින්දා. මොකද ආරුට වෙච්ච දේ කියන්න තරන් හේමට හිතේ හයියක් තිබ්බේ නෑ..



" අක්කා හොස්පිටල් නවත්තලාලු... ඉක්මනට ලෑස්ති වෙන්න යන්න..."


" මොනා වෙලාද අම්මේ..." සෙතු.


" උණලු..." 


" උණ හැදිච්ච කෙනෙක් බලන්න අපි දවසෙන් භාගයක්ම බස්වල බඩගාන්න කියලද කියන්නේ... මට නම් බෑ.. ඔයාලට ඕන්නන් යන්න..." නිශූ.


" යන්න බැරි උන් ඉන්නවලා මම තනියම හරි යනවා. " කිව්ව දිව්‍යා ඉක්මනට ගියේ හොස්පිටල් යන්න ලෑස්ති වෙන්න.


" ඇයි චූටි අක්කේ අම්මට ඔහොම වද දෙන්නේ... අනික අක්කා අපිට ලෙඩක් දුකක් කිව්ව ගමන් දුවන් එන්නේ නැද්ද..."


" ඒකි ගියපාර මට උණ ගැනුනු වෙලේ ආවද නෑනේ... මම යන්නෙත් නෑ..."


" ඔයාව නම් හදන්න බෑ චූටි අක්කේ..."


ටිකකින් දිව්‍යා සෙතු එක්ක හොස්පිටල් එකට යන්න පිටත් වුනා. මේ වෙනකොට හවස් වෙලා තිබ්බත් ආරු ගැන තිබ්බ හිතේ බය හින්දම දිව්‍යාට ආරුව බලන්නම ඕන වුනා.


කුරුණෑගල ඉඳන් කොළඹට යන්න තියෙන්නේ එසේ මෙසේ දුරක් නෙවෙයි වුනත් ආරු නිසාම දිව්‍යා පිටත් වුනා. 


දිව්‍යා හිතේ මොන තරන් දුකක් තිබ්බත් අල්ලපු ගෙදර අයට නිශුවත් ටිකක් බලන්න කියලා ඒ හදිස්සියට නිශූට රෑට කන්නත් හදලා තමා පිටත් වුනේ.




දිව්‍යා ගෙදරින් ගිය ගමන් නිශූ කෝල් එකක් ගත්තේ සුදේශ්ට. ඒ කියන්නේ ආරු නිශූ සෙතු තුන්දෙනාගේ තාත්තට.


" තාත්තේ දැන් තමා වෙලාව කට්ටියම ගියා..."


" හරි මම එන්නම්..."






දිව්‍යා පැය ගාණක් තිස්සේ බයික් එක එළවගෙන ගිහින් අන්තිමට ආරෝග්‍යා එක ළඟට ආවා. මේ වෙනකොට රෑ නවයටත් කිට්ටුයි.


හේමාගේ හස්බන්ඩ් දේවක දිව්‍යලාව එක්කන් යන්න ආවා. 


තුන්දෙනා ගිහින් අන්තිමට නතර වුනේ ඔපරේෂන් තියර්ටර් එක ළඟ. ඒ විතරක් නෙවෙයි ඒ ළඟම හිටන් හිටියේ ආයුශ්. නිකන්ම නෙවෙයි ලේ පිරුනු ෂර්ට් එකක් ඇඳගෙන. 


මේ සිද්ධිය දැක්කම දිව්‍යාට තේරුනා ආරුට මොකක් හරි ලොකූ කරදරයක් වෙලා කියලා.


" අක්කේ කෝ මගේ ආරු... ඔයා කිව්වේ එයාට උණ කියලා නේද... කෝ මගේ දුව...." දිව්‍යා හේමා ළඟට ඇවිල්ලා හේමාගේ අත් දෙකෙන් අල්ලගෙන ඇහුවේ ඇස් දෙකෙන් කඳුලු කැට කඩාගෙන වැටෙනකොට.


මේ වෙද්දි සෙතු නම් ආයුශ්ව අඳුනගෙන තිබ්බා.

මොකද මීට අවුරුදු තුනකට කලින් පවුලේ තිබ්බ වෙඩින් එකකදී කට්ටිය දිව්‍යාට එක එක දේවල් කියද්දි ආයුශ් තමා දිව්‍යාගේ පැත්ත කතා කරේ.


" ආයු අයියේ ඔයා මොකද මෙතන කරන්නේ..."


" නංගි ඔයා මාව දන්නවද... ඔයා නිශූද සෙතුද..."


" මං සෙතු අයියේ... මට අයියව මතකයි...අක්කට මොකද වුනේ අයියේ ඇයි අයියගේ ඇඳුමේ ලේ තියෙන්නේ.... ඒ ලේ...."


" ආරුගේ...." කිව්ව ආයුශ්ට මතක් වුනේ දැන් පැය හතරකට විතර කලින් සිද්ධ වුනු ඒ සිදුවීම.


ආයුග් බ්ලේඩ්ට වෙඩි තිබ්බේ බ්ලේඩ් ආරුගේ බෙල්ල කපන්න හදනවත් එක්කමයි. ආයුග්ගේ බුලට් එක බ්ලේඩ්ට වඩා ඉස්සර වුනාට ආරුගේ බෙල්ල කපන්න බ්ලේඩ්ට පුලුවන් වුනා.


ආයුශ් දුවලා ගිහින් ආරුව බැඳලා තිබ්බ ලණු ටික ලෙහන්න හැදුවත හදිසියට කොරොස් කටටවත් අත දාන්න බෑ කියනවා වගේ ආයුශ් කොච්චර දැඟලුවත ලණු ටික ලෙහන්න බැරි වුනා. ඒ අතරේ ආරුගේ බෙල්ලෙන් හෝ ගාලා ලේ ගලනවා. ආයුශ්ගේ ඇස්වලින් කඳුලු කැට කඩාගෙන වැටුනේ ආරුව බේරගන්න බැරිවෙනවා කියන එක තේරුන හින්දා.


ආයුශ් දඟලන දැඟලිල්ල දැක්ක ආයුග් ඇවිල්ලා ආරුගේ බෙල්ල කපපු පිහියෙන්ම ලණු ටික කපලා දැම්මා. ඊටපස්සේ තමා ආයුශ් ආරුව එක්කන් හොස්පිටල් ආවේ. ආයුග් ගිහින් හේමාට මේ ගැන කිව්වා.


ආයුශ්ගේ කල්පනා බිඳුනේ ඔපරේෂන් තියර්ටර් එකේ දොර ඇරගෙන එළියට ආව ඩොක්ටර් ආව හින්දා.


" ඩොක්ටර් මගේ දුව... එයා හොඳින් ද...." දිව්‍යා දුවගෙන ගිහින් ඩොක්ටර්ගෙන් ඇහුවා. මේ වෙනකනුත් දිව්‍යා දන්නෙ නෑ ආරුට මොකද වුනේ කියලා..


" සොරි..."


____________________________________

ළමයි ඔයාලා අහලා තිබ්බනේ ආරුගේ තාත්තා මැරිලද කියලා... නෑ ළමයි එයා ජීවත වෙනවා...


reaction දාන්න... comment කරන්න...


ආදරෙයි හැමෝටම 🖤

Report Page