The Bitter Sweet Harmony ❤️‍🔥

The Bitter Sweet Harmony ❤️‍🔥

Pari🖤
Bound by pain, United by love...



Previous Episode....



https://telegra.ph/The-Bitter-Sweet-Harmony-02-19







03rd Episode ❤️‍🔥




ලෙක්චර් හෝල් එකට ගිය ආරුගේ එහා පැත්තෙන් ඇවිල්ලා කවුරුහරි ඉඳගත්තා.



ආරු පුදුමෙන් හැරිලා බැලුවේ කවුද මේ කවදාවත් නැතුව කෙල්ල ළඟින් ඉඳගත්තේ කියලා.




"කවීන්...."


" ගුඩ් මෝනින් සාක්ෂි...."


" ඔයා මොකද මෙතන කරන්නේ... ඔයාගේ ලෙක්චර්ස් මෙතන නෙවෙයිනේ...."


" ආ... ඒකද... මම ඔයාව හොයන් ආවේ..."


" මාව..."


" ඔව්... ඔයා ඊයේ මට උත්තරයක් දුන්නේ නෑනේ.. අපි යාලුවෝ වෙමුද කියලා...."


" අහ්... මේ... ඒත්.. ඒත්... මං ඇයි ඔයාව විශ්වාස කරන්න ඕනේ..."


" මං දන්නවා සාක්ෂි මම ඔයාට ගොඩක් වද දුන්නා... දවසක් දෙකක් නෙවෙයි අවුරුදු තුනක්... ඔයාට මට සමාව දෙන්න බෑ මට ඒක තේරෙනවා... ඒත් මම ඒ හැමදේම කරේ මම ඔයාට..." කියලා කවීන් කියද්දිම ලෙක්චර් ඇවිල්ලා ලෙක්චර් එක පටන් ගත්තා.


ලෙක්චර් එකේ ඒවා වැඩියේ තේරුනේ නැතත් කවීන් සාක්ෂි ළඟටම වෙලා හිටියා.


ලෙක්චර් එක ඉවර වෙලා ඊළඟ එකට යනකොටත් කවීන් සාක්ෂි පස්සෙන් ආවා.


" කවීන් ඔයාට මොනාද වෙලා තියෙන්නේ මෙහෙම මගේ පස්සෙන් එන්නේ... ඔයාට මම විතරක් නෙවෙයිනේ ඉන්න එකම යාලුවා කීයක් නම් ඉන්නවද ඇයි මගේ පස්සෙන් එන්නේ..."


" සාක්ෂි මම ඔයාට ආදරෙයි..."


ඒක ඇහුනාම නම් සාක්ෂි ගල් ගැහිලා නැවතුනා.


" මොකක්..."


" ඔව් සාක්ෂි මම ඔයාට ආදරෙයි... මම මෙච්චර කල් ඔයාට අර විදිහට සැලකුවේ ඔයා ළඟට වෙන පිරිමි ළමයි එන්නේ නැති වෙන්න... එතකොට ඔයා මගේ විතරයිනේ..."


මේ වෙලාවේ සාක්ෂි හිටියේ මොනා කියන්නද කියලා හිතාගන්න බැරුව.


ආරු කවින්ට කිසිම දෙයක් නොකියා ලෙක්චර් හෝල් එකට දිව්වා.


ලෙක්චර් එක පටන් ගත්තත් ආරුගේ ඔලුවේ හොල්මන් කරේ කවීන් කිව්ව දේ. ආරුට හිතාගන්න බැරි වුනේ ඇයි කවීන් එකපාර එහෙම දෙයක් කිව්වෙ කියලා.


ආරු ලෙක්චර් එක ඉවර වෙලා එද්දිත් කවීන් එළියට වෙලා ආරු එනකන් ඉන්නවා. ආරු කවීන්ව මඟ ඇරලා යන්න හැදුවත් කවීන් ආරුගේ පස්සෙන්ම ආවා.


" සාක්ෂි ටිකක් ඉන්න..."


" කවීන් මම ඔයා කියන දේ විශ්වාස කරන්නේ ඇයි කවීන්.."


" මම දන්නවා සාක්ෂි... ඒත් මාව විශ්වාස කරන්න... හරි ඔයාම කියන්න මම ඔයාගේ විශ්වාසේ ගන්න මොනාද කරන්නඕන... හරි ඉන්නකෝ..." කිව්ව කවීන් එහා පැත්තේ තිබ්බ බැම්මට නැග්ගා.


" කවීන් මොකද ඔය කරන්න යන්නේ...."


" හැමෝම එන්න... හැමෝම හොඳට අහගන්න...මේ ඉන්නේ සාක්ෂි... මම එයාට ආදරෙයි... මම එයාට ගොඩක් ආදරෙයි... කිසිම කෙනෙක් එයාට කිසිම කරදරයක් කරන්න බෑ.... සාක්ෂි මෙච්කර කල් මම ඔයාට කරදර කරපු ඒවට මට සමාවෙන්න... ප්ලීස් දැන්වත් මගේ ආදරේ පිළිගන්න..."



හැමෝගෙම ඇස් ආරුගේ පැත්තට යොමු වෙලා තියෙද්දි ආරු හිටියේ කරකියාගන්න දෙයක් නැතුව.


ඒ වෙලාවෙම එතනට ආවේ ආයුශ්.


" කවීන් තමුසේ මෙච්චර කල් මේ කෙල්ලට වද දීලා දැන් ආදරෙයි කියන්න තමුසෙට ලැජ්ජ නැද්ද..."


" ආයුශ් අයියේ.. ඔයාලට ඒක තේරෙන්නේ නෑ.. මෙච්චර කල් මම ඒ හැමදේම කරේ මම සාක්ෂිට ආදරේ හින්දා මට ඕන වුනේ සාක්ෂිව මගේ විතරක් කරගන්න..."


" තමුසෙ කියන්නේ අපි ඒවා විශ්වාස කරන්න ඕන කියලද... ආරු එන්න යන්න..." කිව්ව ආයුශ් ආරුගේ අතින් අල්ලන් එතනින් ගියා.



ඒ පස්සෙන්ම ආව කවීන් ආරුගේ අනික් අතින් අල්ලගත්තා.


" ආයුශ් අයියේ සාක්ෂිව අතාරින්න... මම එයාට ආදරෙයි...."


" තමුසේ ආරුට ආදරේ වුනාට ආරූ මගේ... උබ අහලා ඇතිනේ නෑනා අයිති මස්සිනාට කියලා...."


" නෑනා...."


" ඇති.... හොඳටම ඇති...  දෙන්නම මාව අතහරිනවලා.... මිස්ටර් ආයුශ් මගෙන් ඈත් වෙලා ඉන්නවා.. නෑනා අයිති මස්සිනාට වෙන්නැති ඒත් මම තමුන්ගේ නෑනා නෙවෙයි... මට තමුන්ගේ පවුල එක්ක කිසිම සම්බන්ධයක් නෑ... එතකොට කවීන්... මම ආදරේ විශ්වාස කරන්නේ නෑ.. මොකද මම ඕන තරන් දැකලා තියනවා ආදරේ හින්දා දුක් වින්ඳ අයව.. මටත් ඒ අයගෙන් එක්කෙනෙක් වෙන්න කිසිම උවමනාවක් නෑ..." කිව්ව ආරු එතනින් ගියා.


ආරු බයික් එකත් අරන් ගේට් එකෙන් එළියට එද්දි දැක්කේ ඊයේ කෙල්ලව රෑ එක්කන් ගිය ආයුශ්ගේ ට්වින් කැම්පස් එක ඉස්සරහ ඉන්නවා.


කෙල්ලට දැන් හැමෝම එක්ක තිබ්බේ තරහක් හින්දා ඒ කෙනාව ගනන් ගන්නෙත් නැතුව ගියා.


ඒත් ඉතින් ආයුශ්ගේ ට්වින් කෙල්ලගේ පස්සෙන්ම ඇවිල්ලා පාලු පාරක් බලලා කෙල්ලගේ බයික් එක හරස් කරලා වාහනේ නැවැත්තුවා.


බයික් එක වාහනේ වදින්නැතුව අනූනවයෙන් බේරුනේ.


" තමුසෙට මාව මරන්න ඕන්නම් එකපාර මරනවා... මෙහෙම ඇවිල්ලා වද දෙන්නේ නැතුව වන්ෂොට්..."


" ආ.. බේබි... මාව අඳුනගෙන තියෙන්නේ... මම ඔයා හොඳින්ද තියලා බලන්නනේ ආවේ...ම්ම්... මේ ඉන්නේ හොඳට..."


වන්ෂොට් ආරු ළඟට ඇවිත් ආරුගේ නිකටෙන් අල්ලලා මූණ වන්ෂොට්ගේ පැත්තට හරෝගෙන කිව්වා.


ඊළඟට ආරුගේ හෙල්මට් එකත් බලෙන්ම ගැලෙව්වා.


" තමුසෙට මොනාද ඕනේ... මාව අතාරිනවා..."


" එහෙම කොහොමද බේබි මම ඔයාව අතාරින්නේ... ඊයේ තමුසෙට දුන්න කිස් එකෙන් පස්සෙ මට පිස්සු හැදිලා වගේනේ... "


ආරුට තේරුනා එන පොට නම් හොඳ නෑ කියලා. ඒත් ඉතින් ආරු මුකුත් කරන්න ඉස්සර වෙලා වන්ෂොට් ආරුගේ දෙතොල්වලට බර වුනා.


හරි නම් ආරු වන්ෂොට්ව ඈත් කරන්න ඕන වුනත් ඇත්තටම ආරුට ඕන වුනෙත් නෑ ඈත් වෙන්න.


ඒත් එක්කම කවුරුහරි ඇවිල්ලා එකපාර වන්ෂොට්ව ඇදලා අරන් ගැහුවා.


" තමුසේ...." වන්ෂොට්.


" ආයුග්...."


ඒ ආවේ වෙන කවුරුත් නෙවෙයි ආයුශ්.


ආයුශ් ආරුගේ පස්සෙන්ම කැම්පස් එකෙන් එළියට ආවේ ආරු එක්ක කොහොමහරි කතා කරන්න.

ඒත් ආයුශ් එළියට එද්දිම දැක්කේ වන්ෂොට්...

එහෙමත් නැත්තන් ආයුශ්ගේ ට්වින් ආයුග්...


ආයුග් ආරුගේ පස්සෙන් යනවා දකිද්දි ආයුශුත් ඒ පස්සෙන්ම ආවා. එක තැනකදි ඒ අයව මඟ ඇරිලා කොල්ලා ආයෙමත් ආරුව හොයාගනිද්දි දැක්කේ ආයුග් ආරුව කිස් කරනවා. ආයුශ්ට යකා නැග්ගා ඒක දැකලා.


" ආයුග් තමුසේ ආරුගෙන් ඈත් වෙලා ඉන්නවා... ආරු මගේ... ආරු මගේ විතරයි..." ආයුශ් ආයුග්ට ගහපු පාරෙන් ආයුග්ගේ තොල් පැලිලා ලේ ආවා.


අතින් ලේ පිහ දාපු ආයුග් පිටිපස්සෙ හංඟන් හිටිය ගන් එක එළියට ගත්තා. ඒක දැක්කාම නම් ආරුට තරු පෙනුනා.


" උබට ඕනේ දැන් මාවත් මරන්නද ආයුග්... තමුසේ අපේ මල්ලිව මැරුවා වගේ... මරපන්... මරපන් මාව..." කියන ගමන් ආයුශ් ආයුග්ගේ ඉස්සරහට ගියා. ආයුග්ගේ තරහා ඒ කියපු දේවල්වලින් තවත් වැඩිවෙලා ආයුග් ගන් එකත් ලෝඩ් කරලා ගත්තා.


" එපා.. එපා.. ප්ලීස් ඔය දේ නම් කරන්නෙපා..." ආරු ගිහින් ආයුග්ගෙයි ආයුශ්ගෙයි මැදින් හිටගත්තා.


" තමුසේ පැත්තකට වෙනවා..."


" ප්ලීස් ඔය දේ කරන්නෙපා..." ආරු ආයුග්ගේ අතින් අල්ලගත්තා.


" තමුසේ මේකි හින්දා බේරුනා කියලා හිතාගනින්... "


" ප්ලීස් ඔය දෙන්නම මට මගේ පාඩුවේ ඉන්න දෙනවද... මම ඊයේ උදේ වෙනකන් කිසිම ප්‍රශ්නයක් නැතුව හිටියා.. ආයුශ් නෑනා නෑනා කියලා මගේ පස්සෙන් එන්නෙපා... මොකද මට සූරියආරච්චිලත් එක්ක කිසිම සම්බන්ධයක් නෑ.. මම එයාලව අතහැරලා දාලා ගොඩක් කල්..."


" ආරු..."


" ෂට් අප්... Don't call me ආරු... මගේ නම සාක්ෂි... සාක්ෂි කියලා කතා කරන්න... දැන් ප්ලීස් මෙතනින් යන්න.. මට ඔයාව දකිද්දිත් තරහයි..."


" ආරු...ම.."


" මිස්ටර් ආයුශ්.... මම එකපාරක් කිව්ව දෙයක් ආයේ කියන්නේ නෑ.. එතකොට ඔයා..." ආරු ආයුග් දිහාට ඇඟිල්ල දික්කරා.


" ඔයා මගෙන් ඈත් වෙලා ඉන්න.. මම කිව්වනේ මම පොලිසියට සාක්ෂි දෙන්නෙ නෑ කියලා.. ඒ හින්දා මට මගේ පාඩුවේ ඉන්න දෙන්න ප්ලීස්..." කිව්ව ආරු බයික් එකත් අරගෙන එතනින් ගියා.


ආරු ගිහින් බෝඩිමේ ගේට් එක අරින්න බයික් එකෙන් බැස්සා. ඒත් එක්කම කවුරුහරි ආරුගේ මූණට ලේන්සුවක් තිබ්බ එකෙන් ආරුට සිහිය නැති වුනා.


ආරුට සිහිය එද්දි ආරු හිටියේ පුටුවක බැදලා. ආරුට හෙලවෙන්නවත් විදිහක් නෑ. අඩුම කෑගහගන්නවත් බෑ කටට සෙලෝටේප් ගහලා.


" ආ මැඩම් මේ සිහිය ඇවිල්ලා තියෙන්නේ..." කියන ගමන් ආරු ඉස්සරහට කෙනෙක් ආවා. ඒ කෙනාව දැක්කම ආරුගේ ඇස් පුදුමෙන් ලොකු වුනේ ඒ කෙනාව අඳුනගත්ත හින්දා.


ඒත් ආරුට කට ඇරලා කතා කරන්න විදිහක් තිබ්බෙ නෑ.


" මාව අඳුනගත්තද මැඩම්... අමතක වෙන්න විදිහක් නෑනේ නේද... තමුසෙ හින්දා මම මාස තුනක්... ඔව් මාස තුනක් හිරේ හිටියා... බලපන්.. දැන් අරකි දිහා.. උබ එදා කරපු දේන් වැඩක් තියනවද කියලා..."


ආරු බැලුවේ ඒ මිනිහා පෙන්නපු දිහා. ඒ දැක්ක දෙයින් ආරුගේ ඇස්වල කඳුලු පිරුනා.


එතන තිබ්බේ ගෑනු ළමයෙක්ගේ නිරුවත් සිරුරක්.


ඒ කෙනාව අඳුනගන්න එකත් ආරුට අමාරු වුනේ නෑ. ආරු පුටුවේ ඉඳගෙනම දැඟලුවේ මෙතනින් ගැලවෙන්න.


" තමුසෙ කොච්චර දැඟලුවත් තමුසෙට අද මෙතනින් ගැලවෙන්න වෙන්නෙනෑ.. අද මං තමුසෙව... ම්ම්ම්.. රේප් කරනවා...හහ්... එදා තමුසේ කරපු දේට අද විඳවන්න ලෑස්ති වෙනවා.. මම තමුසෙට අරකිට කරපු දේම කරනවා..."


ඒ මිනිහා ආරු ළඟට ඇවිල්ලා ආරුගේ ටී ෂර්ට් එක ඉරුවා.


ආරුට කෑගහගන්නවත් බැරුව ආරු හිටියේ හොඳටම අසරණ වෙලා.


" ෂහ්... තමුසේ කැත වුනාට තමුසේගේ ඇඟ නම් මරු... අරකිටත් වඩා තමුසේ මාරම හොට් නේ..."


ඒ මිනිහා ආරුගේ ඇඟ පුරාම අත් යවමින් කිව්වා.


ඒ විතරක් නෙවෙයි උගේ අතවැසියෝ ටික ආරු දිහා බලන් හිටියේ කන්න වගේ.


" ඔය කෙල්ලව අතහරිනවා බ්ලේඩ්...."


__________________________________________


එකම දවසේ ප්‍රපෝසල් තුනක්... ඔයා ආරු නම් කාගේ එකද භාරගන්නේ... ( මතක තියාගන්න ආරු දන්නේ නෑ කවීන් මේ දේ කරන්නේ සෙල්ලමට කියලා...)

ළමයි මම පැය ගාණක් එපියක් ටයිප් කරනවා. පන්සියගාණක් කියවලත් සීයක්වත් reaction දාන්නේ නැති වුනාම කතාව දාන්න හිතෙන්නෙ නෑ ළමයි...

කතාව ඉස්සරහට අරන් යනවද නැද්ද කියන එක ඔයාලාගේ අතේ තියෙන්නේ..

Reaction දාන්න.. comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page