The Bitter Sweet Harmony ❤️‍🔥

The Bitter Sweet Harmony ❤️‍🔥

Pari🖤
Bound by pain, United by love.....




Previous Episode ❤️‍🔥



https://telegra.ph/The-Bitter-Sweet-Harmony-02-17




02nd Episode❤️‍🔥



ආරු බයටම පිටිපස්සෙන් පිටිපස්සට ගියේ ආයුශ් ගේ ඇතුළට එද්දි.



ගේ ඇතුළට ඇවිල්ලා දොර වැහුවා.


ආරුට කෑගහන්න ඕන වුනත් වචන පිට වුනේ නෑ.



" හායි බේබි.... ඉතින් කොහොමද දවල් පැනලා දිව්වට බේරෙන්න පුලුවන් කියලා හිතුවද..." කියමින් ආයුශ් ආරු ළඟට ආවා.


ආරු පස්සෙන් පස්සට ගිහින් අන්තිමට බිත්තියේම වැදුනා.


ආරුට මොනා කරන්නද කියලා හිතාගන්න බැරි වුනේ මේ වගේ දේකට මූණ දුන්න පළවෙනි අවස්ථාව හින්දා.


ආරු බිත්තියේ වදිනවත් එක්කම ආරුට කොහාටවත් යන්න බැරි විදිහට ආයුශ් ආරුව බිත්තියට හිර කරගත්තා.


ආරුගේ ඇගම සීතල වෙලා ගියේ පිරිමි කෙනෙක් මෙච්චර ළඟින් ඉන්න පළවෙනි අවස්ථාව හින්දා.



" මොකද තමුසේ පැනලා යන්නේ ආ... තමුසේ කොහොමද හිතුවේ මගෙන් බේරෙන්න පුලුවන් ඇති කියලා... සාක්ෂි... ඒක නේද නම..."



ඒ පාර නම් ආරු බැලුවේ මොන මඟුලක්ද මේකා මේ කියන්නේ කියලා.



" මිස්ටර් ආයුශ් තමුන්ට මෙමරි ලොස්ට් එකක්වත් වුනාද..." ආරු බය  යටපත් කරගෙන කට ඇරියා.



" ආයුශ්....තමුසේ..." ආයුශ්ට තවත් මුකුත් කියන්න ලැබුනේ නැත්තේ කෝල් එකක් ආව හින්දා.



" මොකද බන්...."


" බොස්... කේස් එකක්... බ්ලේඩ් ඇවිල්ලා.. ඌ වට කරලා ඉන්නේ.. ඔතනින් කෙල්ලත් අරන් පැනගන්න බොස්.. ඌ කෙල්ලව ගන්න ඇවිල්ල ඉන්නේ..."


" මොන රෙද්දක්ද යකෝ... ඌ කොහොමද දන්නේ මේකි දැක්කා කියලා..."


" දන්නෑ බොස්... ඉක්මනට පැනගන්න..."


" මෙහෙ එනවා යන්න..." කියපු ආයුශ් ආරුගේ අතින් ඇදගෙන දොර පැත්තට යන්න ගත්තා.


" අතහරිනවා මාව... මාව මොන මඟුලකද එක්ක යන්නේ... අතහරිනවා..."



ආරු ආයුශ්ගෙන් බේරෙන්න පුලුවන් තරන් උත්සාහ කරා. ඒත් ඉතින් ආයුශ් කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයිනේ..



" දැන් තමුසෙට එන්න බෑ කියලද කියන්නේ..."


ආයුශ් ආරුව කරට ගත්තේ ආරුට කරකියාගන්න දෙයක් නැති වෙද්දි.



" අතහරිනවා මාව අතහරිනවා..." ආරු ආයුශ්ගේ පිටට ගහන්න ගත්තා.



" තමුසෙට මැරෙන්න ඕන්නන් කෑගහනවා..."



" එහෙනම් එකපාර මැරිලා යන්නම මරනවා විඳෝ විඳෝ මැරෙන්න තියන්නැතුව... අතහරිනවා මාව...."



ආයුශ්ද ආරුගේ කෑගැහිල්ල කනකටවත් ගත්තේ. ආයුශ් ආරුව එක්කන් පහළට එද්දි බෝඩිමේ ඇන්ටි පහළ ඉන්නවා.



" උඩ තට්ටුව වහලා දානවා..." කියපු ආයුශ් ආරුව එක්කන් ගිහින් බෝඩිම ඉස්සරහ නවත්තලා තිබ්බ ජීප් එක ඇතුළෙන් ඉන්ඳුවා.


ආරු හැදුවේ බැහැලා යන්න.

ඒත් එක්කම ආරුගේ පැත්තට බර වුන ආයුශ් කෙල්ලගේ දෙතොල් සිපගත්තා.


" තමුසෙට ආයේ කිස් එකක් ඕන්නන් පැනලා යන්න හදනවා..." ආරුගේ නළලටත් තට්ටුවක් දාලා ආයුශ් කිව්වා.



ආරුට කිසිම විදිහකින් ආයේ කිස් එකක් ඕන වුනේ නෑ. පැනලා යන්න හිතන්නවත් ආරුගේ මොලේ වැඩ කරෙත් නෑ.


මොකද ඒ ආරුගේ ෆස්ට් කිස් එක....


ආයුශ් ජීප් එක ස්ටාර්ට් කරගෙන වේගෙන් යන්න ගත්තේ පාරේ තිබ්බ වාහනත් නොතකමින්.



" වාව්... ඒක මරු.. තව ටිකක් හයියෙන් යන්න බෑද...." ආරු ෂීට් බෙල්ට් එකත් තදින් අල්ලගෙන කිව්වා.



" තමුසෙට සයිකොද ඕයි... මෙච්චර සීරියස් වෙලාවක මඟුලක් කියන්නේ..."



" හහ්... දැන් මමද බලෙන් ආවේ ආ... කන්න හම්බුනෙත් නෑ..  ඔයා කාවහරි මැරුවා කියලා මට ඇති වැඩක් නෑනේ... මට ඒක වෙන කෙනෙක්ට කියන්න කිසිම අයිඩියා එකක් නෑ.. එහෙම එකේ මට ඇයි පාඩුවේ ඉන්න දෙන්නේ නැත්තේ..."



" මම තමුසෙට පාඩුවෙ ඉන්න දුන්නත් අර කට්ටිය නම් ඉන්න දෙන්නෙ නැති වෙයි... " කියලා ආයුශ් පෙන්නුවේ පිටිපස්සෙන් එන වාහන පෝලිම.



" ආ... මොකක්ද ඒ කතාවේ තේරුම... එයාලා මොකටද මාව හොයන්නෙ.."



" උන් තමුසෙව හොයන්නේ මම මිනීමැරුවා කියන එකට සාක්ෂි ගන්න... ඊටපස්සෙ උන්ට පුලුවන්නේ මාව හිරේ දන්න..."



    " පොඩ්ඩක් ඉන්න පොඩ්ඩක් ඉන්න... එතකොට එයාලා කරන්න හදන වැඩේ සාධරණයිනේ... ඔයා මිනිහෙක්ව මැරුවානේ ඉතින්... එතකොට ඔයා මාව මේ පැහැරගෙන යනවද...."



" ඔව්... මම තමුසෙව පැහැරගෙන යනවා.. එහෙම තමා කියන්න වෙන්නෙ..."



" ෂිට්... මාව බේරගන්න... මේ මිනිහා මාව පැහැරගෙන යනෝ... බේරගන්න..." ආරු ඔලුව ෂටර් එකෙන් එළියට දාගෙන කෑගැහුවා.



" තමුසෙ කොච්චර කෑගැහුවත් තමුසෙව බේරගන්න එකෙක්වත් එන්නෙ නෑ... උන් ඔක්කොම මට බයයි.. "



" තමුසේ ඔච්චර කෙරුමා නම් මොකටද මේ බයේ දුවන්නේ.. හහ්... මේ එක මිනිහෙක් මරලා කියෝනවා... "



" එක මිනිහෙක්.. තමුසෙට සයිකොද.. අහලවත් නැද්ද one shot ගැන..."



" ආ one shotද අපේ පැත්තේ ඩොක්ටර් කෙනෙක් නම් හිටියා ඒත් එයාටයි ඔයාටයි තියන සම්බන්ධය මොකක්ද..."



" අර්... මෝඩ ගෑනි.... තමුසෙව මම..."



" මරනවද.... මරන්න කලින් කෝල් එකක් ගන්න දෙනවද... අම්මා එක්ක කතා කරන්න ඕනෙ.. "



" අර්.... දැන් නම් මම ඇත්තටම තමුසෙව මරනවා... " කියන ගමන් ආයුශ් එළියට ගත්තේ ගන් එකක්...



" මේ ෆෝන් එක පොඩ්ඩක් දෙන්...."


ආරුගේ කතාවට මැදින් බාධා වුනේ එකපාර වෙඩිපාරක් හින්දා ජීප් එකේ පිටිපස්සෙ ග්ලාස් එක බිඳිලා ගිය එකෙන්.



" හරි උබලා ඉල්ලන් කන්න හදන්නේ.." කිව්ව ආයුශ් ස්ටියරින් වීල් එක අතහැරලා දාලා පිටිපස්සට එබිලා පස්සෙන් ආව වාහන දෙකේ ටයර්වලට වෙඩි තිබ්බා.


වාහන දෙකටම එකපාර කන්ට්‍රෝල් නැතුව දෙක ඒ දෙකේම වැදුනා.


ඒත් එක්කම ජීප් එක හරෝගත්ත ආයුශ් ඒ කට්ටිය ආව පැත්තට යන්න ගත්තේ ආරු බයටම ඇස් වහගනිද්දි.


අර හැප්පුනු වාහන දෙකට පැත්තෙන් ආයුශ් ජීප් එක දැම්මේ ජිප් එක ළඟ තිබ්බ තාප්පෙ වැදිලා සීරිලා ගිනි පුලිඟු විසි වෙද්දි.


ආයුශ් ඒ එක්කම අර වාහන දෙකෙන් එකක තෙල් ටැංකිය තියන පැත්තට වෙඩි තිබ්බා.


ඒ වාහනවල හිටිය අයත් ආයුශ්ට වෙඩි තියන්න ගත්තා.


ඒත් ඉතින් ඒ අයට ආයුශ් එක්ක හැප්පෙන එක නම් ලේසි වුනේ නෑ.


ආයුශ් ලයිටර් එකක් පත්තු කරලා ඒ වාහන දෙක පැත්තට විසි කරන ගමන් ජීප් එක වේගෙන් ඉස්සරට අරගෙන ගියා.



එකපාර මහ සද්දයක් එක්ක අර වාහන දෙක පිපුරුවේ එක වාහනයක් අඩි දහයක් විතර උඩ ගිහින් බිම වැටෙද්දි.



" බුදු අම්මෝ.... ඒක නම් මරු...." ආරු පිටිපස්ස බලාගෙන කිව්වා.



ආයුශ් පුදුමෙන් ආරු දිහා බැලුවේ වෙන කෙල්ලො නම් මේ වෙනකොට බයටම සිහිය නැති වෙලා ඒත් මේකි ඉඳගෙන එන්ජෝයි කරන හින්දා.



ඒත් එක්කම ජීප් එකේ ඉස්සරහ වීදුරුව කඩාගෙන පිහියක් ඇවිල්ලා වැදුනේ පිටිපස්සෙ ශීට් එකේ.



" ආ.. ලොක්කා බැහැලා තියෙන්නේ වැඩේට..."



ආරුගෙ නම් ඇඟත් එක්කම සීතල වුනේ තව චුට්ටක් එහා මෙහා වුනා නම් එහෙම ඒ පිහිය ඇවිල්ලා වදින්නේ බෙල්ලෙ හින්දා.


ඊටත් වඩා බය හිතුනේ ඉස්සරහින් එන වාහනේ දැකලා. ඒක කාගෙන මෙයාලාගේ පැත්තටම එනවා.


ආයුශ් ජීප් එකේ වේගේ වැඩි කරලා ආයෙමත් ස්ටියරින් වීල් එක අතහැරලා ගන් එකට බුලට්ස් දාලා ගන් එක ලෝඩ් කරා. ඊටපස්සෙ ඉස්සරහින් එන වාහනේ ඩ්‍රයිවර්ට වෙඩි තිබ්බා.


ආරු හිතුවේ නෑ ඒක ඒ මනුස්සයට වදී කියලා ඒත් ඒක ඒ මිනිහගේ නළල පසාරු කරගෙන ගියා.


ඒත් එක්කම තවත් පිහියක් ආවේ ආයුශ්ගේ පැත්තට.


ආයුශ් එකපාර එහාට වුන හින්දා ආයුශ්ගේ බෙල්ල නොකැපී අනූනවයෙන් බේරුනා.


ඒත් ඒකෙන් ආයුශ්ගේ අතේ බාහුව කැපුනේ ලේ ගලන්න ගද්දි.


ආරු බයෙන් මේ හැමදේම දිහා බලන් හිටියා. ඒත් එක්කම තවත් පිහියක් ආවේ ආරුගේ පැත්තට.




ඒත් එක්කම ආරුට සිහිය නැතිවුනා.







ආරු ආයේ නැගිටිනකොට හිටියේ බෝඩිමේ ඇඳ උඩ.



" ඒක හීනයක්... අම්මෝ දෙයියනේ ඒත් ඒ වගේ හීනයක්...."




ඒත් ඉතින් ඒක හීනයක් නෙවෙයි කියලා තේරෙන්නත් ආරුට වැඩි වෙලා ගියේ නෑ.


ආරු දැක්කේ එයාගේ ඇඳුමේ තිබ්බ ලේ.


" ඒක හීනයක් නෙවෙයි..."


ආරු ඉක්මනට ඇඳුම් ඈත් කරලා බැලුවේ කොහෙ හරි තුවාල වෙලාද කියලා.


ඒත් පුදුමේ කියන්නේ ආරුට සීරීමක්වත් වෙලා නෑ. ඒත් ආරුට හොඳට මතකයි ආරුගේ පැත්තට පිහියක් ආවා.



" ආරු දැන් ඒක ගැන හිතන්න එපා... ඒක ඉවරයි... අමතක කරලා දන්න...වෙලාව කීයද... දෙයියනේ හතයි නේද... අට හමාරට ලෙක්චරස්... පයින් බඩ ගන්නත් එපැයි අද නම් ලේට් වෙයි වගේ...."



ආරු ඉක්මනට ඉක්මනට ලෑස්ති වුනේ කැම්පස් එකට යන්න.



ලෑස්ති වෙලා පහළට එද්දි දැක්කේ ආරුගේ බයික් එක නවත්තලා තියනවා. ආරු පුදුමෙන් ගිහින් බැලුවේ ඒ තමන්ගේ බයික් එකමද කියලා.



" දෝණි ඔයා නැගිට්ටද..." බෝඩිමේ ඇන්ටි හේමා.


" ආ ඔව් ආන්ටි.... ගුඩ් මෝනින්ග්..."


" ගුඩ් මෝනින් දෝණි..."


" ආන්ටි මගේ බයික් එක...."


" ආ... අර කට්ටිය ගෙනාවේ..." කියලා හේමා ගේට්ටුව ළඟ පෙන්නුවා.


" ඈ... මම එයාලව දන්නේ නෑනේ... ගරාජ් එකේ මට මතක විදිහට ඔහොම කවුරුත් හිටියෙත් නෑ..."


" ඔය වන් ෂොට්ගේ කට්ටිය දෝණි...."


" වන් ෂොට්...." ආරුට මතක් වුනේ ඊයේ රෑ ආයුශ් වන්ෂොට්ව දන්නවද කියලා අහපු එක.


" වන්ෂොට් කියන්නේ කවුද ආන්ටි... ඊයේ ආයුශ් ඔහොම කෙනෙක් ගැන කිව්වා තමා..."


" දෙයියනේ දෝණි... ඔච්චර අවුරුදු තුනක් කොළඹ ඉඳලත් වන්ෂිට් කියන්නෙ කවුද කියලා දන්නෙ නැද්ද...."


" නෑ..."


" අර ඊයේ ආවේ එයා තමා වන්ෂොට්... එක වෙඩි පාරින් මිනිස්සුන්ව මරන්නෙ... කොළඹ රන් කරන්නේ උන් තමා..."


" ආ... ඒත්..."


" ඊයේ ඔයාව වන් ෂොට් එක්කන් එද්දි රෑ දොළහත් පහුවෙලා.. මං බයේ හිටියේ ඔයාට මොනාහරි වෙලා ඇති කියලා.. අම්මො දෝණි සීරීමක්වත් නැතුව ඉන්නවා දැක්කම තමා මගේ ඇඟට ලේ ටිකක් ඉනුවේ... මොනාටද දෝණි උන් එක්ක පැටලෙන්න ගියේ..."


" මේ මේ.. ආන්ටි..."


" මොකක් වුනත් කමක් නෑ දුවේ පරිස්සමින් ඉන්න.. ඊයේ බ්ලේඩ්ගේ අතකොලුවක් මරලා දාලා දවාලේ ආරංචි විදිහට වන් ෂොට්ගේ වැඩක් ඒක..."

ආරුට තේරුනා මේ කියන්නේ එයා දැක්ක සිද්ධිය ගැන කියලා.


" ඒ හින්දා තමා ආන්ටි වන්ෂොට් මගේ පස්සෙන් එන්නේ.. මම දැක්කා එයා ඒ මිනිහට වෙඩි තියන හැටි.."


" දෙයියනේ... කෙල්ලේ... හොඳටම පරිස්සම් වෙන්න වෙනවා... ඔයා තාම පණපිටින් ඉන්න එකත් ලොකු දෙයක්.. මීට කලින් ඔහොම සිද්ධියක් දැක්ක එක්කෙනෙක්වත් පැය විසි හතරක්වත් ජීවත් වුනේ නෑ... "


ඒක ඇහුවම නම් ආරුගේ ඇඟ සීතල වෙලා ගියා.


" ආන්ටි ඒත් එයා ඊයේ මාව මරන්න චාන්ස් එක තිබිලත් මැරුවේ නෑනේ... හැබැයි තව කට්ටියක් නම් පස්සෙන්ම පැන්නුවා මරන්න.. ආන්ටි කියන්නේ පිහියකින් ගැහුවා මට අම්මෝ මට ඒකෙන් තමා සිහිය නැති වුනේ...."


" දෝණි.... ඔයා ඔය කියන්නේ බ්ලේඩ් ගැන.."


" බ්ලේඩ් ඒ කවුද..."


" වන් ෂොට් බ්ලේඩ් දෙන්නා කියන්නේ පරම වෛරක්කාරයෝ දෙන්නෙක්... එහෙනම් අංකල් ඇවිල්ලා කිව්ව කතාව හරි... ඊයේ මොකක් හරි ලොකු වලියක් ගියාද... අංකල් කිව්වා එහා පාරේ වාහන දෙකක් පිච්චිලා තියනවා කියලා ඇතුළේ හිටිය අයත් මැරිලා..."


" ඔව් ඒක කරේ වන් ෂොට්.... ඒත් බ්ලේඩ් මගේ පස්සෙන් එන්නෙ.."


" හරි ඉතින් දෝණි... වන් ෂොට්ව හිරේ දාන්න බ්ලේඩ් සෑහෙන පාරක් ට්‍රයි කරා.. ඒත් ඒ එකක්වත් හරි ගියේ නෑ... දැන් දෝණිව හොයන්නේ සාක්ෂි ගන්න වෙන්න ඇති..."


" ඒත් ආන්ටි ඒ මිනිහත් ඊයේ මාව මරන්නනේ හැදුවේ..."


" අනේ මන්දා දෝණි මට නම් තේරෙන්නේ නෑ... මට කියන්න පුලුවන් එකම දේ පරිස්සම් වෙන්න කියලා විතරයි... දැන් උදේට කාලද..."


" නෑ ආන්ටි කැන්ටින් එකෙන් කනවා.. මං යන්නම් එහෙනම්...." කිව්ව ආරු බයික් එකත් අරන් පිටත් වුනා.

ඒ එක්කම ගේට්ටුව ළඟ හිටිය දෙන්නත් ආරුව ෆලෝ කරන්න පටන් ගත්තා. ඒත් ඒ අය ආවේ කැම්පස් එකේ ගේට් එක ළඟට විතරයි.


ආරුගේ ඔලුව අවුල් වෙලා හිටියේ මේ වැටුනේ මොන මරාලයක්ද කියලා හිතලම...

ආරු කැන්ටින් එකට ගිහින් කෑම එකකුත් අරන් පැත්තකින් ඉඳ ගත්තා. ආරු පාඩුවේ කෑම කකා ඉන්නකොට ආරු ළඟින් ඇවිල්ල ඉඳගත්තේ ආයුශ් දුලාන් දෙන්නා.


" ආ නංගි ගුඩ් මෝනින්.... තනියම කනවනෙ..." දුලාන්.

දුලාන්ට රැව්ව කෙල්ල ඒ දෙන්නව ගණන් ගන්නේ නැතුව කන්න පටන් ගත්තා.


" ආරු... ගුඩ් මෝනින්....." ආයුශ් කතා කරද්දි නම් ආරුට මල පැන්නා. ඇයි යකෝ ඊයේ රෑ මරන්නම එක්කන් ගිහින් දැන් මුකුත් නොවුන ගාණට කතා කරන හින්දා.


" මේ ආයුශ් තමුන්ට මොනාද ඕන ආ... මම සාක්ෂි නොදී ඉන්න එකනේ... මම කිව්වනේ මම කාටවත් කියන්නේ නෑ කියලා..."


" ආරු ඔයා මොනා ගැනද කියන්නේ.. මොන සාක්ෂිද...." ආයුශ් ඇහුවේ මුකුත් හිතාගන්න බැරුව. දුලානුත් හිටියේ කන්ෆියුස් වෙලා.


" ඇයි ආයුශ් තමුසේ බබාද... නැත්තන් මෙමරි ලොස්ට් එකක්වත්ද... ඇයි යකෝ.. ඊයේ රෑ තමුසෙත් එක්ක ගිය හින්දා තව ටිකෙන් මට මැරෙන්න වෙන්නේ... තමුසෙට එක මිනිහෙක් බෑ නම් මිනිස්සු සීයක් මැරුවත් මට කමක් නෑ... මාව අතහරිනවා..."


" ආරු ඔයා මේ මොනා ගැන ද කියන්නේ මම මිනී මැරුවා... එතකොට ඊයේ රෑ මම කොහෙද ඔයාව මං කොහෙද එක්ක ගියේ...."


" ඒකනේ බන් උබ අපි එක්කනේ හිටියේ ඊයේ රෑ..." දුලාන්.


" එතකොට තමුසෙගේ හොල්මනද ඊයේ රෑ මාව කිඩ්නැප් කරේ.."


" කිඩ්නැප්... පිස්සුද නංගි මූ ඊයේ රෑ පුරාම හිටියේ අපි එක්ක කුප්පියක් දදා..."


" ආරු ඒ මගේ හොල්මන නම් නෙවෙයි... ඒත් ඒ මගේ ට්වින්...."


" මොකක්... ට්වින්...." ආරු.


" ඈ යකෝ උබට ට්වින් කෙනෙකුත් ඉන්නවද... උබ මෙච්චර කල් උබත් එක්ක හිටිය මට කිව්වෙ නෑනේ එහෙම මඟුලක්..." දුලාන්


" ඒ මගේ අයියා බන්... එයා මට වඩා විනාඩි දොළහකින් වැඩිමල්.... එයා පොඩි කාලේ ඉඳන් හැදුනේ ආච්චියි සීයයි එක්ක... එයා ගැන ලොකු දෙයක් මම දන්නෙත් නෑ... ආරු ඔයාට කොහෙන්ද එයාව හම්බුනේ..."


" ආයුශ්... මට දැන් family reunion කර කර ඉන්න බෑ... එයා තමා වන් ෂොට් කියන්නේ... එච්චරයි මම දන්නේ...." කිව්ව ආරු එතනින් නැගිටලා ගියා.


" වන්ෂොට්...."


" අඩෙහ් වන්ෂොට් කියන්නේ අර මැරයා නේද බන්... එතකොට ඌ උබේ අයියද...."


ආයුශ් හිටියේ කල්පනාවක වැටිලා. ආයුශ්ට ආරු ඒ කියලා ගිය දේ විශ්වාස කරගන්න බැරුව හිටියේ .


ලෙක්චර් හෝල් එකට ගිය ආරුගේ එහා පැත්තෙන් ඇවිල්ලා කවුරුහරි ඉඳගත්තා.


ආරු පුදුමෙන් හැරිලා බැලුවේ කවුද මේ කවදාවත් නැතුව කෙල්ල ළඟින් ඉඳගත්තේ කියලා.


__________________________________


කවුද එන්න ඇත්තේ....


ONE SHOT


reaction දාන්න....comment කරන්න.....

ආදරෙයි හැමෝටම🖤



Report Page