THE MAFIA BOSS🖤

THE MAFIA BOSS🖤


CHAPTER 22🖤🍁

🖤🍁


CHAPTER 21🖤🍁

https://telegra.ph/THE-MAFIA-BOSS-04-13-2


"මන් හිතුවා වගේම තමුසේ සල්ලි පස්සේ යන ජරා එකියක්"


ශෙරාඩ් මගේ දිහා බලන් එකපාර එහෙම දෙයක් කියද්දී මට ගොඩක් තරහා ගියා.


"කට තියන පලියට කියවන් එන්න එපා ශෙරාඩ්."


මන් දන්නේ නෑ මාව වෙව්ලනවා.මේ ටික කියාගත්තෙත් බොහොම අමාරුවෙන්.


"ඇයි එහෙම කිව්වොත් තමුසේ මොනා කරන්නද?තමුසෙගේ මහලොකු කෙවින් බොනෙටිට කියන්නද?තමුසේ මන් කිව්වා කියලා මතක තියාගනින් ඌ මැරෙන්නේ මගෙ අතින්"


ශෙරාඩ් ඇස් රතු කරන් එහෙම කිව්වේ.


"ඇයි ඔයාට එයත් එක්ක තියෙන ප්‍රශ්නේ මොකද්ද?එයාටයි ඩේමියන්ටයි මේක අදාල ඔයා ඇයි දගලන්නේ"


කෙවින්ව මරන්නේ උගේ අතින් කිව්වම ඇත්තටම මට තරහා ගියා.එහෙම මිනිහෙක්ව මරන්න මෙයාලට මෙච්චරම ලේසිද.අනික ඇත්තටම ශෙරාඩ් ඇයි මෙච්චර නටන්නේ.මුලාට් උනු ඩේමියන් පාඩුවේ ඉද්දී මේකා ඇයි මේ තරම් දගලන්නේ.


"මොකද මන්........"

ශෙරාඩ්ට කියලා ඉවර කරන්න උනේ නෑ.ඩේමියන් එයාව නැවැත්තුවා.


"එමා ඔයා කොහොමද අරූව දන්නේ"


ඩේමියන් එහෙම ඇහුවම ඇත්තටම මට දෙන්න උත්තරයක් තිබ්බේ නෑ.මන් මොනා කියන්නද?


"එමා උත්තර දෙන්න"

ඩේමියන් මගේ දිහාම බලන් ඇහුවේ.


"ඇයි මන් උත්තර දෙන්නේ.ඒවට උත්තර දෙන්න ඔය දෙන්නා මගේ කවුද?ඇත්තටම ඇයි ඔයාලා දෙන්නා මට මෙච්චර වද දෙන්නේ.මට ඔයාලත් එක්ක කතා කරන්න කැමති නෑ.මට පාඩුවේ ඉන්න දෙන්න"


ඩේමියන්ට එහෙම කිව්ව එක ඇත්තටම අසාධාරණයි.මොකද එයා මට උදව් කරලා තියනවා.ඒත් මේ ඇති.මට සාමාන්‍ය විදියට ඉන්න ඕනේ.මෙයාලා එක්ක පැටෙලෙන්න ඕනේ නෑ මින් පස්සේ.


"තමුසේ එකක් මතක තියාගනින් හොදට කෙවින් මැරුම් කන්නේ මගේ අතින්.එතකොට තමුසෙ,තමුසෙව මන් මරන්නේ නෑ.තමුසෙගේ ජීවිතේම මන් අපායක් කරනවා.ඇයි මන් ජීවත් වෙන්නේ කියලා තමුසේ හිතන තරමට මන් තමුසෙට වැඩක් දෙනවා.එතකන් නටපන්."


ශෙරාඩ් මගේ පැත්තට නැමිලා එහෙම කියලා පුටුවටත් පයින් ගහලා එතනින් ගියා.


මායි ඩේමියනුයි මූනට මූන බලන් හිටපු එක කරේ.


එයාගේ ඇස් වලින් මට මොනාහරි කියන්න උත්සහ කරනවා.ඒත් ඒක කියන්න එයා පසුබට වෙනවා.අනේ මන්දා.


"ඔයා කෙවින්ගෙන් ඈත් වෙන්න.එහෙම නැත්තම් මට ඒක කරන්න වෙයි.ඒත් මන් කැමති නැහැ ඔයාට රිද්දන්න.සෝ උගෙන් අයින් වෙන්න"


මට හිතාගන්නවත් බැරි දෙයක් කියලා ඩේමියන් ගියා.ඇයි එයා එහෙම කියන්නේ.එයාට මොකද්ද තියන අයිතිය මට එහෙම කියන්න.


මන් එක්කො මේ තුන්දෙනාවම නොදැක ඉන්න තිබ්බේ.මේ දේවල් එන්න එන්න සංකීර්න වෙන එක විතරයි වෙන්නේ.


මන් එහෙමම නැගිට්ටේ එක දෙයක් කරනවා කියලා ස්ථිර කරගෙන.


මන් එහෙමම ගියේ හෝල් එක අයිනෙම තියන මිනි බාර් එක ලගට.

ඔව් මේ මගුල් ඔක්කොම ඔලුවෙන් යන්න කරන්න තියන එකම දේ.

හැබැයි මන් ඉස්සරහ මෙහෙම නෑ.ඇයි දැන් මන්මේ ඩ්‍රින්ක්ස් ගන්න දගලන්නේ.මන් දන්නේ නෑ.ඒත් දැන් මට ඒක ඕනෙමයි.විනාඩි ගානකට හරි මේ දේවල් අමතක කරන්න ඕනේ.


මේ මගේ පලවෙනිපාර ඩ්‍රින්ක්ස් ගන්න.

මන් මේක කරනවා.


මන් එතනට ගිහින් ස්ටූල් එකේ වාඩි වෙලා

"මට තියන සැර වැඩිම එක දෙන්න"

කියලා වැඩිය ගානක් නොකර කිව්වේ.


"මේක පලවෙනි පාර වගේ"

බාර්ටෙන්ඩර් එහෙම කිව්වේ පොඩි එකෙක් දිහා බලනවා වගේ.


"ඔව්"

මන් වැඩිය මොකුත් නොකියා එහෙම කියලා ඔහේ බලන් හිටියා.


"මෙන්න"

විනාඩි පහකින් විතර මගේ ඩ්‍රින්ක්ස් එක මන් ලගට දෙද්දී මන් ආය පාරක් හිතුවා මේක කරන්නම ඕනෙද කියලා.

ඔව් ආය හැරෙන්න බැහැ.මේකෙන් මට පැය කීපෙකට නිදහසක් ලැබෙනවනම් මන් මේ දේ කරනවමයි.ඒ තරමට මගේ මොලේ අවුල් වෙලා තියෙන්නේ.


ෆිල්ම් වල මන් බලලා තියනවා පලවෙනි පාර ඩ්‍රින්ක්ස් ගද්දී නිකන් පිච්චිලා යනවා වගේ ෆීල් එකක්ලු තියෙන්නේ.ඊට පස්සේ ශොට්ස් දෙක තුනක් බොද්දී ඒක හරියනවලු.


මන් ග්ලාස් එක කට ලගටම ගත්තේ එක උගුරටඒක බොන්න හිතා ගෙන.


එකපාර ග්ලාස් එකේ තිබ්බ ඔක්කොම ඇගට හැලුනේ මොකෙද්දෝ එකෙක් ඇගේ වැදිලා මන් දිහා නොබලම සොරි කියලා කියාගෙන යද්දී.


මට ඒකටනම් ඇත්තටම ගොඩක් තරහා ගියා.මන් එහෙමම හැරුනේ ඌට හොද දෙකක් කියන්න.


ඒත් ඒකා ඔහේ මාවත් පහු කරගෙන යන්න ගියා.අඩුම මන් උගේ මූනවත් දැක්කේ නෑ.අනේ මන්දා.


මන් එහෙමම ග්ලාස් එක තියලා නැගිට්ටේ ඇදුමේ ඒක හැලුනු නිසා.


ශිට් මන් එහෙමම හැලිච්ච ටික අතින් ගසලා දාලා වොශ්රූම් එක හොයන් ගියේ මේක හෝදගන්න.


වතුර ටිකක් අතට අරන් කොහොමහරි හෝදලා ශේප් කර ගත්තා.ඇදුම කලු නිසා අවුලක් නෑ.


මන් එහෙමම වොශ්රූම් එකෙන් අඩි දෙකයි ආවේ කොහෙන්දෝ ඉදන් ආපු කෙවින් මගේ අතින් ඇදගෙන එකපාර යන්න ගත්තා.


"ඒයි කොහෙද ඇදගෙන යන්නේ"

මන් ඇහුවේ කෙවින් එකපාර මෙහෙම එක්කන් යන්නේ ඇයි කියලා හිතා ගන්න බැරුව.


"ඉන්න ඔයාටම බලාගන්න පුලුවන් වෙයි"


එහෙම කියලා කෙවින් හෝල් එකෙන් එලියට ඇවිත් කොරිඩෝ එකක් දිගේ එක්කන් ගියා.අන්තිමට අපි නැවතිනේ පූල් එක පේනමානේ.


"ඇයි මෙතන"


මන් එහෙම අහද්දී කෙවින් ඇස් වලින් පූල් එක දිහා පෙන්නුවා.


මන් ඒ දිහා බැලුවම් දැක්කේ පූල් එක ලගම අපිට පිටිපස්සෙ හැරිලා ෆෝන් එක කනේ ගහන් ඉන්න ශෙරාඩ්ව.


"ඉතින්?"

මන් එක ඇහිබැමක් උස්සලා කෙවින්ගෙන් එහෙම ඇහුවේ.


"ඔයා දවසක් කිව්වනේ මුට හොද පයින් පාරක් ගහන්න ඕනේ කියලා.මේක තමයි ඒකට හොදම චාන්ස් එක.ඔයා දැන් දෙන්න යන කික් එකෙන් ඌ පූල් එක ඇතුලේ ඉන්න ඕනේ හරිද?ගුඩ්ලක් එමා "

කෙවින් එහෙම කියලා මාව උරහිසෙන් අල්ලලා ඉස්සරහට කරා.


පිස්සුද මෙයාට


"පිස්සු කරන්න එපා කෙවින් යන් අපි මෙතනින්"

මාව ඇදන් ආපු විදියටම මන් එයාව ආපහු ඇදන් ගියේ එකපාර මෙයාට මොන පිස්සුවක් ගැහුවද කියලා හිතන ගමන්.


"මොනාද රශෙල් අපරාදේ හොදම චාන්ස් එක"

ආපහු හෝල් එකට ආවම පොඩි එකෙක් වගේ මූන හදාගෙන එහෙම කියනවා.


"ඇයි නිකන් ප්‍රශ්න දාගන්නේ"

මන් එයාගෙන් එහෙම අහද්දිම.

ආය අර ගෑනු කෙනා මයික් එක අරන් ඉස්සරහටම ගිහින් ඩාන්ස් ෆ්ලෝ එක ඕපන් කරා කියලා කිව්වා.


"එහෙනම් අපි අර හරියෙන් වාඩි වෙලා ඉමුනේද?"

මන් කෙවින්ගෙන් ඇහුවේ හැමෝම වගේ නැගිටලා ඩාන්ස් කරන්න යද්දී.


"පිස්සු කියවන්න එපා"

කෙවින් බොරු තරහා මූනක් මවන් ඒක කිව්වේ.


"ඇයි ඒ"

මන් එහෙම ඇහුවම එයා මොකුත් නොකියා මගේ අතින් අල්ල ගත්තා.


"ඔයා මාත් එක්ක ඉන්න හැම විනාඩියක්ම ඔයාට කවදාවත් අමතක කරන්න බැරි විදියට ස්පෙශල් වෙන්න ඕනේ.මන් කොහොමත් ඒක කරනවා..ඉතින් මේ විනාඩියත් ඒකම වෙන්න ඕනේ"

මගේ ඇස් දිහා බලන්ම හරි අමුතු කටහඩකින් එහෙම කියන්නේ මාව නිකන් එයාගේ පාලනේට අරන් වගේ.

ඊලග විනාඩියෙන් එයා මගේ අතින් අල්ලන් ඩාන්ස් ෆ්ලෝ එකේ.


ස්ලෝ මියුසික් එකක් ප්ලේ වෙද්දී අපි දෙන්නම හිටියේ ටිකක් අයිනට වෙන්න.

ඒ අතක් මගේ ඉන ලගින් අල්ල ගද්දි මගේ එක අතක් ඒ උරහිසින් අල්ල ගත්තා.


ඒ මියුසික් එකට ගැලපෙන්නම අපේ චලනයන් තිබ්බා.


එයාගේ ඇස් මගේ ඇස් දිහාමයි වැටිලා තිබ්බේ.

මාත් ඒ ඇස්වල ගිලිලා හිටියේ කිව්වොත් හරි.

අපි දෙන්නටම අපේ වටේ කවුද අපි කොහෙද ඉන්නේ කියන එක අමතක වෙලා ගිහින් තිබ්බේ.


අපි මියුසික් එකට ගැලපෙන්න හෙමීට ස්ටෙප්ස් තිබ්බේ වචන වලින් අපි කතා නොකරට ඇස් වලින් අපි දෙන්නා ගොඩක් දේවල් කතා කරා.


විනාඩි දහයක් විතර එහෙම ඉද්දී කෙවින් හිමීට එයාගේ මූන මගේ මූන ලගටම ලන් කරා.

ඊලගට වෙන්න යනදේ දන්න නිසාමද මන්දා මන් ඇස් දෙක වහල එයාට ඒකට ඉඩ දුන්නා.

එයාගේ හුස්ම මගේ මූනේ වැදෙද්දි එකපාර වීදුරුවක් බිදුනු සද්දෙට අපි දෙන්නම ඈත් උනේ ටිකක් කලබලෙන් වගේ.


අපි දෙන්නා හිටපු ලගම ඩේමියන් ලග ග්ලාස් එකක් බිම වැටිලා තිබ්බා.


මන් ඒ දිහා බලන් ඉද්දී ඩේමියන් මන් දිහාමයි බලන් හිටියේ.


ඇයි මේ.ඇයි ඩේමියන් මේ විදියට හැසිරෙන්නෙ.

මට තව එතන ඉන්න ඕන උනේ නෑ.


"කෙවින් මන් ටිකක් වාඩ් වෙලා ඉන්නම්"

මන් කෙවින්ගෙන් උත්තරයක් ලැබෙන්න කලින්ම එතනින් ගියා.


"රශෙල් අපි දැන් යමු"

කෙවින් මන් ලගටම ඇවිත් කිව්වේ.


"හම්."

මටත් තව මෙතන ඉන්න ඕන උනේ නෑ.


අපි දෙන්නම එලියට ඇවිත් පාර්කින් එකෙන් කාර් එකත් අරන් පාරට දානකන් අපි අතරේ කිසිම කතාවක් තිබ්බේ නෑ.


"රශෙල් මන් අදම මෙහෙන් යනවා.ඔයාව එහෙමම ඩ්‍රොප් කරලා මන් එයාපෝර්ට් යනවා."


කෙවින්ගෙන් එහෙම දෙයක් මන් බලාපොරොත්තු උනේ නෑ


"ඒත් ඔයා ආවෙත් අදනේ ආපු ගමන්ම ඇයි යන්නේ?"

මන් එහෙම ඇහුවේ කෙවින් මන් දිහා බලලා ආපහු ඉස්සරහා බලන් ඩ්‍රයිව් කරද්දී.


"මන් එක දවසකට විතරයි ආවේ.එහේ මන් නැති දවස් ටිකට වැඩ ගොඩක් අවුල් වෙලා තියෙන්නේ.ඒවා හරිගස්සන්න මන් එහේ ඉන්නම ඕනේ.ඒවා ඉවරකරපු ගමන් මන් ආපහු එනවා.එදාට ඔයා මාත් එක්ක ඉටලි එන්න ලෑස්ති වෙලා ඉන්න."


කෙවින් එහෙම කිව්වට මට ආපහු නිකන් හැමදේම නැති උනා වගේ ෆීල් උනේ.


මන් මොකුත් කියන්න ගියේ නෑ.


අපාර්ට්මන්ට් එක ඉස්සරහා කාර් එක නැවැත්තුවා.


කෙවින් එහෙමම එයාගේ අත් දෙකෙන්ම මගේ මූන අල්ලලා මගේ මූන එයාගේ මූනට ලන් කරා.


"මන් ආපහු එනවා ඔයා ලගට ඉක්මනටම.ඒ එන්නේ හැමදාටම ඔයාව මගේම කරගන්න.එතකන් මගේ ප්‍ර්‍රොමිස් එක කඩන්නේ නැතුව ඉන්න.ඔයා ට වඩා මන් ඔයා නැතුව ගොඩක් අමාරුවෙන් එහේ ඉන්නේ.ඔයාට මගේම වෙන්න ඕනේ නම් මේ ටික දවස ඉවසන්න වෙනවා හරිද"


පොඩිලමයෙක්ට කියනවා වගේ ඒ ටික මට කියලා එයා මගේ නලලෙන් එයාගේ නලල තියා ගත්තා.


මාත් ඇස් දෙක වහන් ඒ හැගීම වින්දේ හැමදේම විනාඩියකට අමතක කරලා.


විනාඩි ගානක් එහෙම ඉදලා කෙවින් මගේ කම්බුලට පොඩි කිස් එකක් දුන්නා.


"පරිස්සමෙන් රශෙල්,මන් ඉක්මනටම එනවා.ගිය ගමන් මන් කෝල් කරන්නම්"


කෙවින් එහෙම කිව්වම මන් හා කියන්න ඔලුව වනලා කාර් එකෙන් බැස්සා.


ආපහු හැරිලා බලන්නේ නැතුවම මන් ඇතුලට ගිහින් ලිෆ්ට් එකට නැග්ගා.


කලින් දවස් වල වගේම මගේ හිත දැන් මූසල හැගීම් ගොඩකින් පිරිලා.


සතුට කියන එක මට ඇයි සදාකාලික නැත්තේ.


මන් ගෙදර ඇතුලට ඇවිත් දොර වහන්න කලින් බැලුවේ ඩේමියන්ගේ ගෙදර ඩෝර් එක දිහා.


මට ප්‍රශ්න ඇති කරන්න එපා ඩේමියන් ප්ලීස්.


මන් ඒ දිහාම බලන් මුමුනලා ඇතුලට ගිහින් දොර වහගත්තා.



🍁



කෙවින් මෙහෙන් ගිහින් අදට සති දෙකයි.හැබැයි මේ සති දෙකට අපි රටවල් දෙකක හිටියත් හිතින් ගොඩක් ලන් වෙලා හිටියේ.


කෙවින් හැමදාම මට කෝල් කරනවා.අපි පැය ගනන් කතා කරනවා.ඒ අතරේ මන් කොලේජ් එකේ ෆයිනල් වලට රෙඩි වෙන ගමන් හිටියේ තව ටික දවසකින් එක්සෑම් පටන් ගන්න නිසා.


මේ දවස් ටිකම ඒකාකාරීව ගෙවිලා ගියේ කිසි වෙනසක් නැතුව.මන් ක්ලබ් එකේ වැඩෙත් කරගෙන පාඩම් වැඩත් කරගෙන කෙවින් එක්කත් පැය ගනන් කතා කරගෙන කාලේ ගෙව්වේ.ඒ අතරේ මන් සතියට දෙපාරක් විතර චර්ච් එකට ගියේ හිත නිදහස් කරගන්න.ඒ යන වෙලාවට මිස්ටර් රේමන් රොද්‍රිගෝස්ව හම්බුනා ගොඩක් වෙලාවල් වලට.සාමන්‍ය විදියට එයත් එක්ක ටික වෙලාවක් කතා කරලා එන එකත් පුරුද්දක් උනා.


අද උදේම මන් නැගිටලා බ්‍රෙක්ෆස්ට් අරන් ලෑස්ති උනේ ලයිබ්‍රි යන්න හිතන්.එක්සෑම් ලග නිසා මට ඕන කරන පොත් වගයක් ගන්න තිබ්බා.


බෑග් එකට ෆෝන් එකයිකාර්ඩ් එකයි තව පොඩි වතුර බෝතලෙයි හෙඩ්සෙට් එකයි දාලා මන් දොර ලොක් කරගෙන ලිෆ්ට් එක ලගට ඇවිදන් ආවා.


ලිෆ්ට් එක ඕපන් වෙලා එලියට ආපු කෙනාව දැක්කම මන් එහෙමම පස්සෙන් පස්සට යන්න ගත්තා.


මන් දිව්වා ආපහු දොර ලගටම දුවලා කී එක අරන් දොර ඕපන් කරන්න හැදුවට ඒ මගුල ඇරෙන්නේ නෑ.


කොහොමහරි ඩෝර් එක ඕපන් කරන් ඇතුලට ගිහින් වහන්න යද්දිම එයාගේ කකුල දොර අතරේ තිබුන නිසා දොර වැහුනේ නෑ.


දොරත් තල්ලු කරලා එයා ඇතුලට ආවේ මන් බයෙන් පස්සෙන් පස්සට යද්දී.


මන් ඇයි බය වෙන්නේ මට තේරෙන්නේ නෑ.


මේ මගේ ගෙදර මන් ඇයි මේ තරම් බය.


🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

බලාපොරොත්තු නොවූ දෑ බලාපොරොත්තු වන්න

(Comment වැඩි වීම මත ඒ බලාපොරොත්තු නොවූ දෑ යහපත් දෑ කරගත හැක😁)



මන්,

එක්කෝ ඕනේ නෑ.ඊලග Chapter එකෙන් හම්බෙමු🐰


Report Page