THE MAFIA BOSS🖤

THE MAFIA BOSS🖤


CHAPTER 21🖤🍁


🖤🍁


CHAPTER 20🖤🍁

https://telegra.ph/THE-MAFIA-BOSS-04-13


 ඒ මූනේ හිනාව නිකන් අද උබලා ඔක්කොම ඉවරයි කියන්න වගේ.


අපි දෙන්නම කාර් එකට නැග්ගට පස්සේ කෙවින් කාර් එක ස්ටාර්ට් කරලා පාරට දැම්මා.


කෙවින්ගේ මූනේ හිනාව පිරිලා.


"මොකද තනියෙන් හිනා වෙන්නේ"


මන් එයාගෙන් එහෙම ඇහුවම මන් දිහා බලලා ආය ඉස්සරහා බලන් එලවන්න ගත්තා.


"අද වෙන්න යන දේ ගැන හිතලා"

හිනාවෙලාම ඒක කිව්වා.


"ආහ් ඒක ද මන් හිතුවේ මාව හම්බුනු එකට කියලා"


මන් එහෙම කියලා අනික් පැත්ත බලාගත්තා.


"අයියෝ ඕකනේ කරන්න බැරි"


එහෙම කියලා එයාගේ එක අතකින් මගේ අත අල්ලගත්තා.


"ඔයා මේ බොරුවනේ කරන්නේ,ඔයා මාව බලන එක ඒ තරම්ම සතුටු නම් ඔයා එහේට ගිය ගමන්ම මාව කන්ටෑක් කරගෙන."


මන් තරහ මූනකින් එහෙම කිව්වේ.


"ඔයා දන්නවද මන් කොහොමද එහෙම හිටියේ කියලා ඔයා නැතුව"


මන් දිහාම බලන් එහෙම අහද්දී මන් නෑ කියන්න ඔලුව වැනුවා.


"මන් ඒ දවස් ටිකේ හිටියේ ඉස්සරහට මන් ඔයත් එක්ක ඉන්න යන විදිය හිතාගෙන.ඒවා මතක් කරද්දී තව දවස් ඉවසන එක අවුලක් උනේ නෑ."


ඒ තරමට මෙයා මොනාද හිතුවේ.


"මොනාද ඒවා.මන් අහන්නේ ඒ තරමට ඔයා මොනාද හිතුවේ"


මන් ඇහුවේ ඉවසිල්ලක් නැතුව


"ගොඩක් දේවල්,ඔයා මන් ලගට ආවට පස්සේ ඉස්සරහට ඔයත් එක්ක ඉන්න විදිය.කොච්චර දුරට හිතුවද කියන්නේ මන් ඉටලි වල හොදම ප්‍රී ස්කූල් එක වෙනකන්ම හොයලා බැලුවා.ලමයිව දාන්න"


ඉස්සරහා බලන්ම හිනා වීගෙන කෙවින් ඒක කිව්වේ.


"ඇයි සද්දයක් නැත්තේ.."


මගෙන් කිසි උත්තරයක් නැති කොට කෙවින් එහෙම ඇහුවේ.


"මන් දන්නේ නෑ ඕවට මොනා කියන්නද කියලා"


මන් එහෙම කියලා ඉස්සරහා බලා ගත්තා


"හා කියන්න ඇති.මන් අහන හැමදේටම කිසි බයක් නැතුවා හා කියන්න ඉතුරු ඒවා මන් බලාගන්නම්"

අල්ලන් හිටපු මගේ අත තව තදට අල්ලන ගමන් එයා එහෙම කිව්වේ.


"හා"

මන් හිනාවෙලාම එහෙම කිව්වේ එයාව ටිකක් අවුස්සන්න එක්කමයි


මන් දිහා හිනා වෙලා බලන් ඉදලා ඉස්සරහා බලා ගත්තා.


එයාගේ තව එක එක කතා අහන අතරේ අපි හොටෙල් එකට ආවා.


මන් හිතුවා වගේම නිව්යෝර්ක් වල තියෙන හොදම හොටෙල් එකක තමයි පාර්ටි එක.


කෙවින් කාර් එක ඉස්සරහ පාර්ක් කරලා.කාර් එකෙන් බැහැලා ඇවිත් මගේ පැත්තේ ඩෝර් එක ඇරලා එයාගේ අත දුන්නා මට බහින්න.මාත් ඒ අත අල්ලන් බැස්සා කාර් එකෙන්.


එයා කී එක එතන හිටපු හොටෙල් ස්ටාර්ෆ් එකේ කෙනෙක්ට පාර්ක් කරන්න දීලා මගේ පැත්ත හැරුනා.


මන් එයාගේ අත තදින් අල්ලගත්තා.


"ඔයා ලෑස්තිද?"මන් කෙවින්ගෙන් ඇහුවේ ඒ ඇස් අමුතු සතුටකින් දිලිසෙද්දී.



"ඔව් මන් සතියක් තිස්සේ මේ දවසට ලෑස්ති උනේ"


ඉවසිල්ලක් නැතුව කෙවින් ඒක කිව්වේ.


"අපි යමු"

කෙවින් මාවත් එක්කන් ඇතුලට ගියා.


එතන මෙයින් හෝල් එකෙන් වම් පැත්තට වෙන්න තිබ්බ හෝල් එකේ තමයි පාර්ටි එක යන ගමන් තිබ්බේ.



"කෙවින් අපි ගොඩක් පරක්කුයිද?පාර්ටි එක පටන් අරන් ගොඩක් වෙලා වගේ නේද?"


මන් එහෙම ඇහුවේ ඒ වෙද්දි අපි හිටිය හරියේ කවුරුත් හිටියේ නැති නිසා.


"විනාඩි පහලොවක් විතර පරක්කු ඇති අපි.මන් හිතලමයි පරක්කු කලේ.පරක්කු වෙලා හැමෝගෙම ඉස්සරහින් කැපී පේන්න යන්න ඕනේ එතකොට තමයි ගැම්මක් තියෙන්නේ"


එයා එහෙම කියලා පාර්ටි එකේ හෝල් එකට යන්න තියන ලොකු ඕක් දොර ඉස්සරහා නැවතිලා ඉදලා කිව්වේ.


එතනින් අපි දෙන්නට දෙන්නා විනාඩියක් විතර බලන් ඉදලා ඇතුලට ගියා.


ඇතුලට යද්දිත් හැමෝම වගේ දාලා තිබ්බ මේස වටේට වාඩි වෙලා හිටියේ.


ලේඩි කෙනෙක් මොනා හරි මයික් එකෙන් කියන ගමන් හිටියේ මට ඒක අහන්න තරම් උවමනාවක් තිබ්බේ නෑ.මගේ පපුව හයියෙන් ගැහෙනවා සීයක විතර සෙනගක් මැද්දේ මෙහෙම යද්දී ඇත්තටම පොඩි අපහසුතාවයක් දැනුනා.


වටේ හැමෝගෙම ඇස් තිබ්බේ අපි දෙන්නා ලග.අපිව දැකලා එයාලා සමහරු අනිත් කෙනාට මොනා හරි කියා ගත්තා.අනිත් සමහරු තාම අපි දිහාම බලන් හිටියා.


කෙවින් කිසි ගානක් නැතුව මාව අරගෙන ගියේ ඉස්සරහම තිබ්බ මේසේ ලගට ඒක හිස් වෙලා තිබ්බේ.


එතන මේසේ මැදම "මිස්ටර් බොනෙටි" කියලා ගහලා ඒ මේසේ වෙන් කරලා තිබ්බේ.


මට වාඩිවෙන්න පුටුව ඇදලා දීලා මන් වාඩි උනාට පස්සේ මගේ ලගින්ම කෙවින් වාඩි උනා.


මන් මගේ අතෙන් දනහිසට අල්ලන් හිටියේ මන් පොඩ්ඩක් වගේ කලබල වෙලා හිටියේ.මේ වගේ ලොකු ඉවෙන්ට් එකකට ආපු පලවෙනි වතාව මේ.


කෙවින් මගේ දනහිසට තියන් හිටිය අත උඩින් එයාගේ අත තියලා මන් දිහා බලලා ඇස් දෙක චුටි කරලා කලබල වෙන්න එපා කියලා කිව්වා.


එයා මාව ගොඩක් හොදින් තේරුම්ගන්නවා හැමතිස්සෙම.මන් හොද හුස්මක් අරන් සන්සුන් උනා.


පැයක් විතර එක එක අය ඉස්සරහට ඇවිත් කතා කරන එක විතරයි කරේ.


ඊට පස්සේ තමයි හැමෝම එක එක්කෙනා ලගට ගියේ කතා කරන්න.තව සමහරු ඩ්‍රින්ක්ස් ගන්නවා.ගොඩක් අය තමන් හිටපු තැන්වලින් නැගිටලා ගිහින් වෙන අය ලග කතා කරන ගමන් හිටියේ.


"හෙලෝ මිස්ටර් බොනෙටි"

මන් ගැස්සිලා වගේ ඒ ඇවිත් අපේ මේසෙන්ම වාඩි උන කෙනා දිහා බැලුවා.කෙවින් ගේ වයසම වගේ කෙනෙක්.ඒකෙනා කෙවින්ට කතා කරාට ඒ ඇස් තිබ්බේ මන් ලග.


"ඉතින් මිස්ටර් ලෙවෝන් කාලෙකට පස්සේ නේද?"


කෙවින් එහෙම කියලා ඒ කෙනා දිහා හරි අමුතු හිනාවක් එක්ක බැලුවේ.


"ඔව් කාලෙකට පස්සේ.ඉතින් කවුද මේ ඒන්ජල්"


ලෙවෝන් කියන කෙනා මන් දිහාම බලන් එහෙම ඇහුවේ.


"ශී ඊස් මයි ගර්ල් ෆ්‍රෙන්ඩ් එමා,එමා මැතිව්,එතකොට එමා මේ මගේ බිස්නස් පාට්නර් කෙනෙක් මිස්ටර් ලෙවෝන්"


කෙවින් එයාව ඒ විදියට එයාව මට හදුන්නලා දුන්නම එයා එයාගේ අතක් මගේ පැත්තට දික්කරා.මාත් එයාට හෑන්ඩ් ශේක් කරලා හිනා උනා.


" නිව්යෝර්ක් වල මේ වගේ ඒන්ජල්සා තව ඉන්නවද මිස්ටර් බොනෙටි"


මන් කම්මැලි බැල්මකින් ඒ මිනිහා දිහා බැලුවේ.


"නෑ මන් දන්න තරමින් මේ තරම් ලස්සන ඒන්ජල් කෙනෙක් මෙහේ නෑ.ඉටලි වලත් නෑ"


කෙවින් මගේ අතක් එයාගේ අත්වල පටල ගන්න ගමන් එහෙම කිව්වේ ලෙවෝන් අපි දෙන්නා දිහාම බලන් ඉද්දී.


"හරි මිස්ටර් බොනෙටි ඔයා පාර්ටි එක එන්ජෝයි කරන්න අපි පස්සේ හමබවෙමු,බායි ඒන්ජල්"


අපි දෙන්නටම එහෙම කියලා ඒ මිනිහා නැගිටලා ගියා.


"පිස්සෙක් මහා ඕකා"

එයා ගියාම කෙවින් එහෙම කිව්වේ යන ඌ දිහාම බලාගෙන.


"මටත් හිතුනා ඒක නම්"

මන් එහෙම කිව්වම කෙවින් හයියෙන් හිනා වෙලා ආය කතා කරන්න ගත්තා.


"හරි එමා අපි දැන් විශේශම කෙනාව මීට් වෙන්න යමු"


නැගිටලා මට නැගිටින්න එයාගේ අත දික්කරන ගමන් කෙවින් කිව්වේ.


මාත් ඒ අත අල්ලන් නැගිට්ටේ ඒ කිව්ව කෙනාව හම්බවෙලා එයාගේ මූනේ ඉරියව් කෙවින්ව බලලා වෙනස් වෙන විදිය බලාගන්න.


කෙවින්ගේ ඇස් හෝල් එක පුරාම ගිහින් එක තැනකින් නැවතුනා.එවෙලෙම කට කොනින් හිනා උනා එයා.


මාත් ඒ දිහාම බැලුවා එයා බලන් ඉන්න තැන තුන්දෙනෙක් හිටියා.එක්කෙනෙක් අපේ පැත්තට හැරිලා හිටියේ.අනිත් දෙන්නා අපි දෙන්නට පිටිපස්ස හැරිලා හිටියේ.


"මුලාට්........."

කෙවින් එහෙමම මුමුනන ගමන් මාවත් එක්කන් ඒ කට්ටිය ලගට ගියේ කිසි ඉවසීමක් නැතුව වගේ.


අපි ඒ කට්ටිය ලගට යද්දිම අපේ පැත්තට හැරිලා හිටිය කෙනා එතනින් ගියා.


"හායි මිස්ටර් මුලාට්"

ඒ කෙනා ලගටම ගිහින් කෙවින් එහෙම කියද්දී ඒ දෙන්නම එකපාර අපේ පැත්ත හැරුනා.


මන් ඇස් දෙකත් ලොකු කරන් ඒ දෙන්නා දිහා බැලුවේ මන් කොහෙත්ම බලාපොරොත්තු උනු දෙන්නෙක් නෙමෙයි එතන හිටියේ.


ඒ දෙන්නා කෙවින් දිහා පුදුමෙන් බලන් ඉදලා ඊට වඩා පුදුමෙන් මන් දිහා බැලුවේ.


ඔව් ඒ හිටියේ,


ශෙරාඩුයි ඩේමියනුයි


"ඉතින් මාව මේ විදියට දකින්න ඔයා බලාපොරොත්තු උනේ නෑ කියලා ඔය මූන දකිද්දිම මට කියන්න පුලුවන්"


කෙවින් එහෙම කියනවත් එක්කම ඒ දෙන්නගෙම බැල්ම ආය කෙවින් දිහා හැරුනේ.


ඒ දෙන්නම මොකුත් කිව්වේ නෑ.


"තමුසෙගේ අර ලොකුම බල්ලට මාව අල්ලගන්න බැරි උනානේ මුලාට්."


මහ කින්ඩි හිනාවක් දාන් එහෙම කිව්වට ඒ කටහඩේ තිබ්බේ තරහක් මිශ්‍ර සතුටක්.


'''ඉතින් තමුසේ පරාදයි මුලාට්.උබේ උන් සීයක් ඉදලත් තනි මාව උබට පරද්දන්න බැරි උනා.ඉතින් උබ වගේ එකෙක් කොහොමද තව දුරටත් මේ මාෆියා වල ඉන්නේ.ඒක මාෆියා එකටම කරන ලැජ්ජාවක්"


ඩේමියන් දිහාම බලන් කෙවින් එහෙම කිව්වම ඩේමියන් කෙවින්ගේ ඇගට පනින්න ගියේ ඒත් ශෙරාඩ් එයාව නවත්ත ගත්තා.


"උබට තරහා යනවද?තව ටික දවසක් ඉවසපන් මන් උබේ තැන උබට නැති කරලා උබව හොයන්නවත් නැති වෙන විදියට වැඩේ දෙන්නම්."


කෙවින් දත්මිටි කාගෙන එහෙම කිව්වේ.මන් දැක්කමයි කෙවින් මේ විදියට හැසිරෙනවා.


"ඒක උබටද අපිටද වෙන්නේ කියලා ඉස්සරහට බලාගමු"


ශෙරාඩ් එහෙම කිව්වේ කෙවින් දිහයි මන් දිහයි මාරුවෙන් මාරුවට බලන ගමන්.


"හෝව් හෝව් මිස්ටර් මේක ඔයාට අදාල නෑ.ඉතින් ඔය කට අඩු කරගනින් මගේ ඉස්සරහා සද්ද දාන් එන්න එපා"


කෙවින් ශෙරාඩ්ගේ ඉස්සරහට අඩියක් ගිහින් එහෙම කිව්වම ශෙරාඩ්ගේ ඇස් රතු වෙලා අත මිටමොලවන් කෙවින් දිහා බලන් හිටියේ.


"කවුද යකෝ අදාල නැත්තේ.ඉස්සරහට බලාගනින් උබ කවුද අදාල කවුද අදාල නැත්තේ කියලා.එදාට උබ ගොඩක් පසුතැවෙයි."

ශෙරාඩුත් කෙවින් දිහාම එක එල්ලේ බලලා එහෙම කිව්වම ඇත්තටම මන් ගැස්සුනා.ඒ කිව්ව දේන් එයා අදහස් කරේ මොකද්ද?


"ඔව් ඔව් උබත් අදාලයි.මට උබත් එක්ක වෙනම දෙයක් තියනවා විසදගන්න"


කෙවින් මන් දිහා බලලා ආය ශෙරාඩ් දිහා බලලා එහෙම කිව්වේ.


මේ වෙලාවේ ඔහොම දෙයක් කියන්න ඕනෙද?ඇයි කෙවින්


මන් හිතෙන් දහස් වතාවක් පසුතැවුනා කෙවින් ශෙරාඩ්ට කිව්ව දේට.


"පුලුවන් දෙයක් කරපන්"

ශෙරාඩ් එහෙම කියලා ඩේමියන්ව ඇදන් එතනින් ගියා.


"මාර සතුටක් දැනෙන්නේ රශෙල් දැන් නම්.දැක්කද අරූගේ මූන?"

කෙවින් ආය අපි හිටපු මේසේ ලගටම ඇවිත් වාඩි වෙන ගමන් එහෙම කිව්වේ.


"එතකොට ඩේමියන්ටමද මුලාට් කියන්නේ "


මන් කෙවින්ගෙන් එහෙම ඇහුවේ මන් දැක්ක දේවල් හරියටම තහවුරු කර ගන්න.


"ඩේමියන් එහෙම එකෙක්ව නම් දන්නේ නෑ හැබැයි දැන් අපි දැක්ක දෙන්නගෙන් අර කටවහගෙන අහන් හිටපු බල්ලා තමයි මුලාට් කියන්නේ"


කෙවින් එහෙම කිව්වා.


"එයා තමයි ඩේමියන් "

මන් කෙවින්ට එහෙම කිව්වට එයා ඒක වැඩිය ගනන් ගත්තේ නෑ.


"ආහ් වෙන්න ඇති මට උගේ ඇත්ත නම වැඩිය ගානක් නෑ.ඒත් ඔයා කොහොමද එකව දන්නේ"


කෙවින් සීරියස් මූඩ් එකෙන් ඒක ඇහුවේ.


"ආහ්හ්....ඒක....මේ මන් ආර්ටිකල් එකක් දැක්කා එයාගේ බිස්නස් ආර්ටිකල් එකක් ඒකේ ඩේමියන් කියලා තිබ්බේ ඒකයි."


මට ඕන උනේ නෑ ඩේමියන්ව මන් කොයි තරම් දුරට දන්නවද කියලා කෙවින්ට කියන්න.


"එහෙමද හැබැයි අර ඔයාට කරදර කරා කිව්ව අර කටවැඩි එකාට නම් මන් හොද වැඩක් කරනවා"

මේසෙටත් පාරක් ගහන ගමන් කෙවින් ඒක කිව්වේ.


"ඔයාට ඒක මතකයිත් එක්කද?"

මන් නිකමට වගේ ඒක ඇහුවේ.


"මතකද අහන්නේ ඌ ඔයාට එච්චර දෙයක් කරලා මන් ඒක අමතක කරන්නේ කොහොමද?"

කෙවින් මගේ ඇස් දිහා බලාගෙනම එහෙම කිව්වේ.


"නෑ කෙවින් ඊටපස්සේ එයාගෙන් කිසි ප්‍රශ්නයක් උනේ නෑ.ආය වෙන්නෙත් නෑ ඒ නිසා ඒක අල්ලලා එයා එක්ක නිකන් රන්ඩු වෙන්න යන්න එපා.ඒ හැමදේම දැන් ඉවරයි තේරුනාද?"


මන් බොරුවට ත් එක්ක එහෙම කිව්වේ තවත් ශෙරාඩ් එක්ක මාව ගෑවෙන විදියේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙනවට මන් කැමති උනේ නැති නිසා.


"හරි හරි ඒක පස්සේ බලමුකෝ.ඒක නෙමෙයි ඔයා අර කිව්වා නේද ශෙරාඩ් කියන එකාගේ යාලුවෙක්ට ඔයා උදව් කරා කියලා ඇයි අර උගේ ෆෝන් එක පවා එක පාරක් ඔයාලග තිබ්බේ උගේ නම මොකද්ද කිව්වේ මට හරියට මතක නෑ"


ඒකට මාව රත්වෙලා ගියා.එක බොරුවක් වහන්න දැන් බොරු සීයක් කියන්න වෙලා.


"ආහ් ඒ වෙන කෙනෙක් ඩි...ඩිලන් ....ඩිලන් එයාගේ නම.එයාව එදයින් පස්සේ මීට් උනේම නෑ."


මන් ගොත ගගා කිව්වට කෙවින්ගේ මූනෙන් තේරුනා එයා ඒක විශ්වාස කරා කියලා.


"මිස්ටර් වොට්සන්.... රශෙල් මට විනාඩියක් දෙන්න"


කෙවින් එහෙම කියලා නැගිටලා ගියේ අපෙන් ටිකක් ඈත හිටපු මැදි වයසේ කෙනෙක් ව දැකලා.



[ මේ කොටස යන්නේ ඩේමියන්ගේ පැත්තේ ඉදලා]

ශෙරාඩ් මාව ඇදන් ඇවිල්ලා එහෙමම පුටුවකට තල්ලු කරා.


මට මොනවත් හිතා ගන්න බැහැ.කෙවින් කියන බල්ලා මැරුනේ නැති එක පුදුමයක් වෙද්දී ඌත් එක්ක එමා හිටිය එක ඊට වැඩිය පුදුමයක්.


"කොහොමද බල්ලෝ එහෙම උනේඅරූ කිව්වනේ කෙවින්ව මැරුවා කියලා,කොහොමද අපේ ප්ලෑන් එක ගැස්සුනේ"


ශෙරාඩ් මගෙන් ඇහුවට මට උත්තර දෙන්න ඕන උනේ නෑ.මන් ඇත්තටම අවුලෙන් හිටියේ.කෙවින් මැරුනේ නැති එකට වඩා එමා ඌ එක්ක හිටිය එක මට අවුල්.


"උබ අහන්ද ඉන්නේ.අරූ කොහොමද පන පිටින් ඉන්නේ.ඒකත් අරකි එක්ක.උන් දෙන්නට තියන සම්බන්දේ මොකද්ද?"


යකා නැගලා ඉන්න වෙලාවේ මූ මාව තව අවුස්සනවා.


"මන් දන්නේ නෑ යකෝ.මාත් උබ දන්න ටිකමයි දන්නේ.කොහොමත් ඔය බල්ලා අපේ අතෙන් තමයි මැරුම් කන්නේ ඒත් එමා මොනාද ඌ එක්ක කරන්නේ."


මුල් ටික කේන්තියෙන්ම කියලා අන්තිම ටික මන්ශෙරාඩ් ගේ මූන බලන්ම ඇහුවේ ටිකක් සද්දේ අඩුවෙන්


මට එමාව වෙන එකෙක් එක්ක බලන්න ඕන උනේ නෑ.මොකද මන් එමාට කැමතී.එමා කියන්නේ මගේ දෙයක් මගේම විතරක් වෙන්න ඕන දෙයක්.


"ඌ ව කොහොමත් ඉවරයක් කරනවා.අරකිත් කොහොමත් මගේ අතෙන් මැරුම් කන්නේ උබ බය වෙන්න එපා"


ශෙරාඩ් මගුලක් කියනවා.මූ මෙහෙම කියද්දී මන් එමාට කැමතී කියලා මූට කියන්නේ කොහොමද


"දැන්නේ යකෝ මට තේරෙන්නේ...."


ශෙරාඩ් එකපාර මේසෙට ගහලා එහෙම කිව්වේ උට එකපාර මොකක් හරි මතක් උනා වගේ.


"මොනාද?"

මන් ඇහුවේ ඌ අපේ ඉස්සරහාම මේසේ වාඩි වෙලා හිටපු එමා දිහා ඇස් රතු කරන් බලන් ඉන්න ගමන්.


මාත් ඒ පැත්ත හිමීට බැලුවේ එමාව බලාගන්න.ඒත් කෙවින් එමාගේ අතෙන් අල්ලන් මොනාහරි කියනවා.


එමා ඒකී කෙවින්ට වශී වෙලා වගේ ඉන්නේ.ඌ කොහොමද එමාව අල්ලගත්තේ.

එමා කොහොමද කෙවින්ව දන්නේ....

මට පිස්සූ වගේ.


"මොනාද උබට තේරුනේ..."

මන් මගේ ඇස් එමාගෙන් ගන්නේ නැතුවම ශෙරාඩ්ගෙන් ඇහුවේ ඌ පුටුවට හේත්තු වෙද්දී.


"උබ හිතලා බලපන්.කෙවින් නිව්යෝර්ක් වලට ආපු දවසුයි.අරකිව අපි ට හම්බුනු දවසුයි මේ හැමදේම එක ලග උනු දේවල්....."


ශෙරාඩ් ගෙන් මීට එහා මට මොනවත් අහන්න ඕන උනේ නෑ.


"උබ කියන්න එන්නේ දැන් කෙවින් එමාව ප්ලෑන් කරලා අපි ලගට් එව්වා කියලනම් ඒක උබේ ඔලුවෙන් අයින් කර ගනින්.ඒක අහම්බෙන් උනේ උබ එමා ගැන වැරැද්දක් කියන්න ඕනවට මොකුත් කියන්න එපා."


මන් එහෙම කිව්ව ගමන් මූ එකපාර පුටුවෙන් නැගිට්ටා.


"වරෙන් අරූ ගියා අරකි තනියෙන් ඉන්නේ.ඒකිගෙන්ම අහගමු"


ශෙරාඩ් එක්කම මාත් නැගිට්ටේ එමයි කෙවිනුයි අතරේ තියන සම්බන්දේ හරියටම දැන ගන්න.


[මේ කොටස යන්නේ සාමාන්‍ය විදියට එමාගේ පැත්තෙන්]


කෙවින් වෙන කෙනෙක්ව හම්බවෙන්න මගෙන් ටිකක් ඈතට යද්දී මන් කල්පනා කරේ මන් මේ පැටලිලා ඉන්න ප්‍රශ්නේ ගැන.


මේකට කරන්න තියෙන්නේ එක දෙයයි.මේ වෙද්දී මන් දැන හෝ නොදැන මේ තුන්දෙනා එක්කම පැටලිලා ඉවරයි.ඒත් ඉස්සරහට මන් ඩේමියනුයි ශෙරාඩුයි අතරේ තියෙන හැමදේම නවත්තනවා.ඒ දෙන්නගෙන් මට කිසිම හොදක් වෙන්නේ නෑ කොහොමත් අනික ඩේමියන් කියන්නේ මුලාට් කියලා දැනගත්තට පස්සෙ මන් කොහොමත් එයාඑන් පරිස්සම් වෙන්න ඕනේ.


මන් එකපාර ගැස්සිලා බලන් හිටියේ මගේ ඉසාරහට එන ඩේමියන්වයි ශෙරාඩ්වයි.


නෑ නෑ මන් ලගට එන්න එපා.මන් හිතින් හිතන අතරෙම ඒ දෙන්නා ඇවිත් මගේ ඉස්සරහා පුටුවෙන් වාඩි උනා.


"මන් හිතවා වගේම තමුසේ සල්ලි පස්සේ යන ජරා එකියක්"


🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

මොනා හරි කියන් යන්න ඉතින්👀

Report Page