THE MAFIA BOSS🖤

THE MAFIA BOSS🖤


CHAPTER 20🍁🖤🍁🖤



🖤🍁

SPECIAL CHAPTER 🖤🍁

https://telegra.ph/THE-MAFIA-BOSS-04-11



 "මේ සෙල්ලම අද ඉවරයක්ම කරලා දාමු එමා මැතිව්"



 කන ලගම එහෙම මුමුනලා ඒ මනුස්සයා මොකක්ම හරි දෙයක් බෑග් එකකින් එලියට අදින සද්දයක් විතරයි ඇහුනේ...... 



ආය විනාඩි ගානක නිශ්ශබ්දතාවයක් ඇති උනේ.


එයාගේ ග්‍රහනෙන් මාව ටිකෙන් ටික ලිහිල් උනා.


එයත් මගෙන් ඈත් උනා.මන් හිටිය තැනටම වෙලා හිටියේ වෙන්නේ මොනාද කියලයි මන් කරන්න ඕනේ මොනාද කියලයි හිතා ගන්න බැරුව ඉද්දී.


මන් හයියෙන් හුස්ම ගන්න සද්දේ විතරයි ඇහුනේ.


මන් එහෙමම ඉස්සරහට හයියෙන් ඇවිදින්න ගත්තේ ඒකේක බඩුවල හැප්පිලා සමහර දේවල බිම වැටිලා කැඩිලා යන සද්දේ ඇහෙද්දී.


ඒ කිසි දෙයක් මට ගානක් උනේ නෑ.මට ඕන උනේ මේ නරක හීනෙන් ඇහැරෙන්න.ඒත් මේක හීනයක් නෙමෙයි.ඇයි මටම හැමදේම වෙන්නේ.


මන් ඇවිදින එක නතර කරේ ලයිට් ඔක්කොම ඔන් උනු නිසා.


මන් ඇස් දෙක තද කරලා වහගත්තේ තව ටිකකින් වෙන්න යන දේ දන්නේ නැතුව.


එක්කෝ මන් මැරෙයි නැත්තම් ජීවත් වෙයි.ඕන දෙයක් තවත් මේ දේවල් එක්ක හැප්පෙන්න බැහැ මට.


"මේ පැත්ත හැරෙනවා මෝඩ කෙල්ල"


ඒ පිටිපස්සෙන් ඇහුනු කටහඩ හුරු ගතියක් දැනුනේ.


මට හැරෙන්න ඕන උනේ නෑ,බයක් දැනුනා.


"හැරෙන්න රශෙල්"


ඒක ඇහිලා හුස්ම නතර උනා කිව්වොත් හරි.ඒ කටහඩ ඒ හැමදේටම වැඩිය මට රශෙල් කියලා කතා කරන මේ ලොකේ එකම කෙනා.


කදුලු එක දිගට කම්බුල දිගේ ගලන් යද්දී මන් පිටිපස්ස හැරිලා බැලුවා.


එයා කැප් එක ගැලෙව්වා.


ඔව් කෙවින් එයා..එයා.. මගේ ඉස්සරහා


මන් ඇස් දෙක තදකරලා වහලා ආය ඇරියේ මේක හීනයක්ද කියලා හිතන ගමන්.


නෑ හීනයක් නෙමෙයි මන් ගෙනාපු ශවර්මා එකත් භාගයක් කන ගමන් මන් දිහාම පොඩි එකෙක් බලනවා වගේ බලන් ඉන්නවා.



තව තප්පරයක් ඉන්නේ නැතුව මන් දුවන් ගියේ කෙවින් ලගට.දුවන් ගිය වේගෙන්ම මන් කෙවින්ව බදා ගත්තා.ඒ බදාගත්ත වේගෙට එයා අඩි දෙකක් විතර පස්සට ගියා.



"කෙවින්.........ඔයා......"


නෑ මට වචන එන්නේ නෑ එයාගේ පපුවටම ගුලි වෙලා ඔහේ ඇඩුවා.


මන් විනාඩි ගානක් එහෙම හිටියා.


කෙවිනුත් මොකුත් නොකියා මගේ ඔලුව අතගාන්න ගත්තා.


"සොරි රශෙල්......මන් හිතුවේ නෑ ඔයා මේ තරම් එමෝශනල් වෙයි කියලා"


විනාඩි ගානක නිහඩතාව බිදලා කෙවින් කතා කරන්න ගත්තා.


"කතා කරන්න එපා මාත් එක්ක.මොකද්ද ඔයා මේ කරන්න හදන සෙල්ලම ආහ්.පොඩ්ඩක් හරි මන් ගැන හිතුවද?"


බොරු තරහකින් මන් එයාට බැන්නේ එයාගෙන් ඈත් වෙලා.


"අයියෝ ඕකනේ බැරි.කෝ එන්න එන්න තව ටිකක් මෙහෙම ඉදලා ඔක්කොම කියන්නම්"


එහෙම කියලා එයා මාව ආය එයා ලගට ඇදලා අරන් බදා ගත්තා.


මාත් ඒකට අවනත වෙලා පාඩුවේ හිටියේ ඇත්තටම මටත් මේ වෙලාවේ මේ දේ ඕන උනා.


"රශෙල්..."

කෙවින් හිමීට මට කතා කරන්න ගත්තා.


"හම්"

මන් ඇස් දෙකත් වහගෙන ඒ පපුවට ඔලුව තියන් ඇහුවේ.


"ඔයා මන් මැරුනා කියලා විශ්වාස කරාද?"


එයා එහෙම ඇහුවම මන් හිමීට ඇස් ඇරියා.


"මන් දන්නේ නෑ කෙවින්.හැමදෙයක්ම සිද්ද උනේ ඒ දේ ඇත්ත කියලා මගේ හිතට කියන ගමන්.ඒත් මට ලොකු බලාපොරොත්තුවක් තිබුනා ඔයා එයි කියලා.හැබැයි ඔයා කිව්වා වගේ ගිහින් මට කිසිම පනිවිඩයක් දුන්නේ නැතුව ඉද්දී මන් ගොඩක් බය උනා.කොටින්ම අවුරුදු තුනක් තිස්සේ නොගිය චර්ච් එකට මන් යන්න ගත්තා ඔයාට කරදරයක් වෙන්න එපා කියලා ප්‍රේ කරන්න"


මට නොදැනිම කදුලු ගලද්දී මන් කෙවින්ට කිව්වේ එයා මගේ ඇස් දිහාම බලන් ඉද්දී.


"යන් ඉදගෙන කතා කරමු.හැබැයි අපිට වැඩි වෙලා නෑ "


කෙවින් එහෙම කියලා මාවත් එක්කන් සෝෆා එකට ගියා.


එයා වාඩි වෙලා ඒ ලගින්ම මාවත් වාඩි කරවලා මගේ උරහිසින් එයාගේ අත දාලා මාව එයා ලගටම කර ගත්තා.


"මන් නැතුව පාලුවෙන්ද හිටියේ"


කලින් වගේම පොඩි ලමයෙක් අහනවා වගේ ඒක ඇහුවේ.


"අපෝ නෑ එකපාර නොකියා යන්න ගියාට පස්සේ හරී සතුටෙන් හිටියේ"


මන් රවලා එහෙම කිව්වම හයියෙන් හිනා වෙන්න ගත්තා.


"හරි හරි ඉතින්.ඒ උනාට එදා ඔයා එනකන් මන් බලන් ඉදලා බැරිම තැන තමයි මන් ගියේ.ඒ ගිහිනුත් ඔයා එයි කියලා එක්සිට් එක ලග ගොබ්ලින්ටත් කොහොමහරි ශේප් එක දාලා කාර් එක නවත්තන් හිටියා,එකපාරක් යන්න කලින් මේ මූන බලලා යන්න,කොහොමහරි මන් බලාගත්තා ඔයාව"


කෙවින් එහෙම කිව්වේ මගේ කම්බුලක් මිරිකන ගමන්.


"මොකක් ඔයා මාව දැක්කා,ඒ කොහොමද මට තේරෙන්නේ නෑ ඔයා කොහොමද මාව දැක්කේ.."


මන් එහෙම ඇහුවේ හැමදේම පැටලිලා තිබ්බ නිසා.



හැමදේම සීරියස් මූඩ් එකකින් කියන් ගිහින් අන්තිම ටික කිව්වේ කින්ඩි හිනාවක් දාගෙන.


"ඒ උනාට ඔයාට එක කෝල් එකක් දෙන්න තිබ්බා මට අඩුම මෙසේජ් එකක්.මන් කොයිතරම් ඔයා ගැන හිතලා බය උනාද කියලා මන් විතරයි දන්නේ"


මන් එහෙම කිව්වේ මන් මේ දවස් වල හිටපු විදිය දන්නේ මන් විතරක්ම නිසා.


"ඇයි ඒ ඇයි මන් ගැන හිතලා ඒ තරමටම බය උනේ ආහ්"


ටිකෙන් ටික මගේ මූනටම ලං වෙලා කෙවින් එහෙම අහද්දි මට දෙන්න උත්තරයක් තිබුනේ නෑ.


"මන් දන්නේ නෑ"


මන් එහෙම කියලා බිම බලාගත්තේ ඒ ඇස් වලට අහු නොවී ඉන්න.මාවම මට අමතක කරවන බැල්මක් ඒක.


"ආහ් එහෙමද එතකොට මැඩම් කියන්නකෝ මට උනු ප්‍රොමිස් එක ඒ විදියටම රැක්කා නේද මන් නැති දවස් ටිකට."


මට ලං වෙලා එහෙම ඇහුවම තමයි මන් මූන උස්සලා එයා දිහා බැලුවේ.


"නෑ මන් ඇයි ඒක රකින්නේ.මට හොද කොල්ලෙක් හම්බුනා.ඔයා ඔයාගේ ප්‍රොමිස් එක රැක්කේ නැති එකේ මන් මොකටද ඔයාකිව්ව ඒවා විතරක් කරන්නේ.මන් හොයා ගත්තා මට ගැලපෙන බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක්ව.එයා මාව එයාලගේ ෆැමිලි එකේ අයටත් ඉන්ට්‍රඩිවුස් කරා.එයාලත් මට කැමතී."


ඇයි කියන්න මන් දන්නේ නෑ මන් කෙවින්ට කිව්වේ ශෙරාඩ්ව මතක් කරන ගමන්.


"හීනෙන් තමයි"


කෙවින් එහෙම කියලා හිනා උනා.


"නෑ ඇත්තටම මන් ඔයාට එයාව පෙන්නන්නම්කෝ දවසක"


මන් එහෙම කියලා නැගිට්ටේ එක විදියටම ඉදන් ඉදලා කකුල නිකන් කරන්ට් වදිනවා වගේ වෙද්දී.


නැගිට්ට ගමන් කෙවින් ආය ඇදලා එයා ලගට ගත්ත පාර නැවතුනේ එයාගේ ඔඩොක්කුවෙන්.


"ඌව මරලා ඔයාව බලෙන්ම මන් මන් ගාවට ගන්නවා.ඔයාට අමතක උනාද මන් මාෆියා ලීඩර් කෙනෙක් කියලා "


මගේ මූනට වැටිලා තිබ්බ කොන්ඩ කෑල්ලක් පස්සට කරන ගමන් කෙවින් එහෙම කියද්දී අමුතුම හැගීමක් මට ඇති උනේ.


කෙවින් හෙමීට මගේ ලිප්ස් වලට බර වෙද්දී මට දන්නෙම නැතුව ඇස්පිය උනේ.ඒ හැගීම විදගන්න.


ඒත් ඊලග තප්පරේම මන් එයාගෙන් ඈත් උනේ එදා ගාර්ඩන් එකේ ශෙරාඩ් මාව කිස් කරපු විදිය මතක් වෙලා.


"රශෙල් ඇයි මේ.."

මගේ මූන අත් දෙකෙන්ම අල්ලන් කෙවින් අහද්දී මන් මොකුත් නොකියා ඒ නලලින් පොඩි කිස් එකක් තියලා එයාගෙන් ඈත් උනා.


"දැනට මේක කමක් නෑ"


කෙවින් එහෙම කියලා මගේ පස්සෙන්ම කිචන් එකට ආවා.


"මේ එතකොට ක්ලබ් එක ලග ඉදලම ඔයාද මගේ පස්සෙන් ආවේ"


මන් ඇහුවේ ග්ලාස් එකකට වතුර එකක් ගන්න ගමන්.


"ඕ"

එහෙම කියලා කෙවින් පිටිපස්සෙන් ඇවිත් මාව බදාගත්තා.


"කො අයින් වෙන්න,මෙච්චර දවස් එන්නෙත් නැතුව අඩුම කෝල් එකක්වත් නැතුව දැන් බොරුවට එන්න එපා"


මන් බොරුවට එහෙම කිව්වේ තප්පරයක් වත් එයා ඈත් වෙනවට කැමැත්තක් නැතුව.


"හරි හරි දැන් ආවනේ,හැබැයි ඒකේ පොඩි කේස් එකක් තියනවා"


කෙවින් මාව එයාගේ පැත්තට හරවලා එහෙම කිව්වේ.


ඒ කිව්ව ගමන් මගේ මූන වෙනස් උනා.ඒක කෙවිනුත් දැක්කා.


"හරි ඔය ඇයි දැන් මූඩ් ගහලා.මේ අහන්නකෝ මන් අද ආවේ ඔයාව නොබලා ඉන්න බැරිම තැන.ඒක තමයි පලවෙනිම රීසන් එක මන් ආපු.තව පොඩි රීසන් එකක් තියනවා.ඒ අද නවයට පටන් ගන්න අවුරුදු තුනකට සැරයක් විතරක් තියන හැම රටේම ටොප් බිස්නස්මන්ලා එකතු වෙන පාර්ටි නයිට් එක අද.මට මීට මාස තුනකට කලින් ඉන්විටේශන් ලැබුනේ. ඒකට මුලාට් අනිවා එනවා.ඒ වගේම දැනට මුලාට්ට විතරක් උඩින් ඉන්න රෙක්ස් කියන ලෝකෙන්ම නම්බර් වන් මාෆියා ලීඩර් එනවා.මන් ඌව දැකලා නම් නෑ.ඌ ව දන්නේ අතේ ඇගිලි ගානටත් අඩු සෙට් එකක් විතරයි.මුලාට් ඌව දන්නවා.ඉතින් උන් ඔක්කොම මැරුනා කියලා හිතන් ඉන්න මාව අද දැක්කම උන්ගේ රියෑක්ශන් ටික මිස් නොකර බලා ගන්න ඕනේ. අනික මන් අද ආවේ ඔෆීශියල් විදියට ෆුල් පවර් එක මගේ අතේ තියන්'


ඒ කතා කරේ නිකන් කෙවින් නෙමෙයි ඉටලි මාෆියා වලම ලීඩර් උන කෙවින්.


"මාත් ආසයි ඔයාව මරන්න හදපු උන් ඔයාව දැක්කම රියෑක්ට් කරන විදිය බලන්න."


මන් ජීවිතේට දැකලා නැති මුලාට් කියන එකා ගැන වෛරයකින් මන් එහෙම කිව්වේ උන් කෙවින්ගේ හතුරෝ නිසා.


"ඔයා මට සීයට දෙසීයක් ගැලපෙන්නේ ඔන්න ඔය නිසා රශෙල්"


කෙවින් එහෙම කියලා මාව ආයෙත් බදාගත්තා.


"හරි එහෙනම් ඔයා දැන් යන්න නවයට ඉන්න ඕනෙනේ.දැන් ගිහින් රෙඩි වෙද්දී වෙලාව හරියට තියෙයි."

මන් එහෙම කිව්වම කෙවින් මන් දිහාම බලන් ඉන්න ගත්තා.


"මාත් එක්ක ඔයත් එනවා මගේ පාට්නර් විදියට.මන් ඔයාවත් ඒකට එක්කන් යන්නමයි ආවේ.මේ ඉටලි මෆියා කින්ග් ගේ ක්වීන් කවුද කියලත් කට්ටිය දැන ගන්න එපැයි."


ඇහැක් ගහලා කෙවින් එහෙම කියද්දී මන් හිටියේ පුදුම වෙලා.මන් කොහොමද එකපාර එහෙම එන්නේ.


"ඔය ඇස් ලොකු කර කර මන් දිහා බලන්න එපා.මන් ඔක්කොම රෙඩි කරගෙනමයි ආවේ"


කෙවින් එහෙම කියලා ගෙස්ට් රූම් එකට ගිහින් එලියට ආවේ අතේ බෑග් දෙකක් එක්ක.


මෙව කොයි වෙලේද ගෙනාවේ.


"ආහ් මේකේ ඔයාගේ ඩ්‍රෙස් එක තියනවා පුලුවන් උපරිම විදියට ලස්සන වෙලා එන්න මේක ඇදලා"


කෙවින් එහෙම කිව්වේ මාව මගේ රූම් එකට තල්ලු කරන ගමන්.


"විනාඩියක් ඉන්න ඔයා කොහොමද මට කලින් ගෙදර ඇතුලට ආවේ.මන් අනික ලොක් කරලානෙ ගියේ"


මන් එහෙම ඇහුවේ ඒක මට ලොකු ප්‍රශ්නයක් උන නිසා.


"ඔයාට එක කී එකයිනේ දුන්නේ අනිත් එක්ස්ට්‍රා කී එකක් මන් ලග තියනවා."


හිනාවක් දාන් එහෙම කියලා මන් දිහාම බලන් ඉන්නවා.


"හරි කෝ ඉක්මනට අපි චේන්ජ් කර ගමු පරක්කු වෙනවා"


කෙවින් එහෙම කිව්වේ මන් ඉන්න රූම් එක ඇතුලට අඩියක් තියන ගමන්.


"හෝ හෝව් ඔයා කොහෙද එන්නේ.ඔයා යන්න අර රූම් එකට.මෙච්චර දවස් මාව තනියෙන් දාලා දැන් විතරක් එන්නේ මොකද?අරකටම යන්න"


මන් හිනාව පාලනය කරන් එහෙම කිව්වේ කෙවින් මූන් පොඩි එකෙක් වගේ තියන් ඉද්දී.


"අනේ රශෙල්....."


"නෑ නෑ යන්න දැන් ඉක්මනට"


මන් එහෙම කියලා කෙවින්ව එලියට තල්ලු කරලා දොර වැහුවා.


මොනාදෝ කුටු කුටු ගගා කියවනවා ඇහුනා එලියෙන්.


මන් එහෙමම ඇවිත් එයා දුන්නු බෑග් එකෙන් ඩ්‍රෙස් එක එලියට ගත්තා.


තනි කලු ස්ලීව්ලස් ඩ්‍රෙස් එකක්,ෆ්‍රන්ට් එකේ ලොකු ඕපන් එකක් එක්ක.ලස්සනයි හැබැයි.


මන් ඒකත් පරිස්සමට ඇදගෙන මිරර් එක ඉස්සරහින් වාඩි වෙලා මේකප්එක දාන්න ගත්තා.

කොන්ඩෙත් කඩලා දාලා රෙඩි වෙලා මිරර් එකෙන් පේන මන් දිහාම බලන් හිටියා.


ඇත්තටම අද මන් වෙනස්,අමුතු ලස්සනක් තියෙනවා.


මන් එහෙමම අනිත් බෑග් එකේ තිබ්බ හීල් එකත් දාගෙනම රූම් එකෙන් එලියට ආවා.


මට තිබ්බ පුදුමේ මෙයා කොහොමද මගේ ගානට හරියට ෆිට් වෙන විදියට මේවා තේරුවේ කියන එක.


මන් එලියට එද්දිම දැක්කේ මට කෙලින්ම සෝෆා එක ලග හිටන් ඉන්න කෙවින්ව.


ෆුල් බ්ලැක් සූට් එක ඇදලා,ශර්ට් එකේ බට්න් දෙකක්ම ගලවලා දාලා මාරම ලුක් එකක් තිබ්බේ එයාට.


මන් එහෙමම එයා ලගට ගියා.


මොකුත් නොකියා මන් දිහා කන්න වගේ බලන් ඉන්න එක විතරයි එයා කලේ.



"ලස්සන වැඩී, හොදටම වැඩී"


එහෙම කියලා මාව එයා ලගටම ඇදලා ගත්තා.


"ඔයත් ඕනවට වඩා හැන්සම් අද"

මන් කිව්වේ එයා දිහාම බලලා.


ආයෙත් ඒ ඇස් නතර උනේ මගේ ලිප්ස් වල.


"එපා කෙවින් ආය මට මේකප් කරන්න වෙලා නෑ"

මන් එයාගෙන් මිදිලා එහෙම කිව්වේ.


"කරාට පාඩු නෑ අද"


කෙවින් එහෙම කිව්වම මන් එයාගේ පිටට එකක් ගැහුවා.


"පරක්කුයි "


මන් එහෙම කිව්වට මේ මනුස්සයා තාම මාව ස්කෑන් කරලා ඉවර නෑ.


"ඉමුද අද එක්කෝ.යන්න ඕනේ නෑ වගේ"


කෙවින් එහෙම කියද්දී මගේ මුලු මූනම රතු වෙනවා කියලා මට දැනුනා


"යන් යන් පිස්සු නොකියා"


මන් එහෙම කියලා එයාගේ අතක් අල්ල ගත්තා.


"අද පාර්ටිය ගොඩාක් හොද වෙයි කියලා මට ශුවර්"


කෙවින් ඒක කිව්වේ ආඩම්බර හිනාවක් එක්ක.ඔව් එයා මැරුනා කියලා හිතන් ඉන්න උන් ඉස්සරහට මේ විදියට යන එක මාර ගැම්මක්.


"යන්ද මිස් එමා රශෙල් මැතිව්"


කෙවින් මගේ අතත් අල්ලන් මන් දිහා බලලා ඇහුවේ.


"යන් මිස්ටර් කෙවින් බොනෙටි"


මාත් එයාගේ අත අල්ලගෙන එහෙම කියලා දෙන්නා එක්කම ඩෝර් එක ලගට ගියා.


මට හිතුනෙම අපි දෙන්නා බ්ලැක් කලර්ම ඇදලා හැමෝගෙන්ම පලි ගන්න යනවා වගේ.


මන් ඒක මතක් කරගෙනම කෙවින්ගේ මූන දිහා බැලුවා.



ඒ මූනේ හිනාව නිකන් අද උබලා ඔක්කොම ඉවරයි කියන්න වගේ.


🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤


කෙවින්ව ආය ගෙන්නපු නිසා comment 1000 ක් ඕනේ.


බලාපොරොත්තු නොවූ දෑ බලාපොරොත්තු වන්න

Report Page