💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
පෙර කොටසට
💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph
Episode 21

මෙන්න මෙයා තමා බ්ලැකීගේ හුරතලා වයිටා.
මොකක් සිංහයෙක් ( නේත්‍ර )
ඔව් නේත්‍ර මෙයා හීලැයි . හැබැයි මෙයා කන්ට්‍රෝල් බ්ලැකීටයි . මටයි කවිශ්ටයි විතරයි .දැන් මූ ඉන්නේ සාංකාවෙන් වගේ මොකද බ්ලැකීව දැක්කේ නැති නිසා. මේ වගේ වෙලාවක මෙයාව එලියට ගත්තොත් කන්ට්‍රෝල් කරන්න පුලුවන් බ්ලැකීට විතරයි
හ්ම් මගේ ප්‍රින්සස් ගැන මට පුදුමයි .( භානුක )
මේ විදිහට හැමෝම Blackyගේ ප්ලෑන් එකට රෙඩි වෙද්දි අපි යන් අතීතේ පැත්තට,
අපේ අයිටම් වලට වෙලාව ආවා . ඉතින් අපි අපේ අයිටම් ටික අපි හිතුවටත් වඩා හොදට කරා
මායි අභීයි දෙන්නා ලස්සනට ඩාන්ස් කරන ගමන් සින්දු තුනක් කිව්වා
ඊට පස්සේ මායි ,අභියි , පොඩි ,මැන්ටලෙයි එකතු වෙලා සාගරේ වගේ සින්දුව ඩාන්ස් කරන ගමන් කරා. පහලින් දාල තියෙන්නේ ඒක.
අපි හැමෝම අපේ අයිටම් ටික ඉවර කරාට පස්සේ කොන්සර්ට් එකේ වැඩ ඉවර උනා
සුද්දී
ඕ
මැනිකේ
ඇයි අභී මේ ම්ම්
පරිස්සමට හාද. මට අමුත්තක් දැනෙනවා මැනික
බය වෙන්න එපා ම්ම්ම් මොකුත් වෙන්නේ නෑ. අපේ අයියා ඔයාලත් එක්ක ඔයාලගේ ගෙදර යනවනේ මන් අම්මි, අප්පච්චි එක්ක යනෝ. පරිස්සමට යන්න හාද
පරිස්සමින් ම්ම්
කියලා එයා මගේ නලලට දෙතොල් තද කරා . මන් ඇස් පියාගෙන ඒ පහස විද ගත්තේ මන් ඒකට මාරම ආස නිසා.
ඊට පස්සේ මන් අම්මි ,අප්පච්චී එක්ක කාර් එකට නැග්ගා.මගේ හිතටත් මොකක්දෝ අමුත්තක් දැනුනත් මන් ඒක අභීට නොකිව්වේ එයා තවත් කලබල වෙන නිසා.
අපි මග දුරක් යද්දි එක පාරම අපේ වාහනේට ඉස්සර කරලා වාහනයක් නවත්තලා ඒකෙන් කලු ඇදගත්ත මිනිස්සු වගයක් බැස්සා. අප්පච්චි මටයි අම්මටයි ඇතුලේ ඉන්න කියලා එලියට ගියා. එවෙලෙම ඒ මිනිස්සු මගේ අප්පච්චිට ගහද්දි අම්මි මාව කාර් එකේ හැන්ගෙන්න කියලා බැහලා ගියා. ඒ මිනිස්සු මගේ අම්මිව ,අප්පච්චිව මරලා දාලා ඒ දෙන්නව වාහනේ ඇතුලට දාලා ලොකු වාහනයකින් අපෙ කාර් එක හැප්පුවා . මට එතනින් එහාට කිසිම දෙයක් මතක නෑ
අදින් අතීතේ කතාව ඉවරයි ලමයි .
අදින් පස්සේ යන්නේ වර්තමාන කතාව විතරයි හොදේ.
මගේ ලස්සන ලමයෝ පරිස්සමට ඉන්න .
ඔයාල කැමති නම් ඇඩ් වෙන්න ලස්සන ලමයෝ
මගේ චැනල් එක
https://t.me/+Kf19MqXuMZQ4YzJl
කමෙන්ට් එකක් දාගෙන යන් හාද
දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්
මන් ඔයාලගේ රයිටර්,
@Secret_Girl🖤