💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
පෙර කොටසට
💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph
Episode 09
ආ අර ඉන්නේ මෑන් 🌚 අම්මෝ සෑහෙන කාලෙකින් වගේ 🥺
අවී......🥺
මන් දුවන් ගිහින් අවීව බදා ගත්තා
එයා මගේ වයස. ඒ උනාට ඌ වෙලාවකට වැඩ කරන්නේ මගේ අයියා වගේ 😒😒
අඩෝ අඩෝ මේ මාවත් ගනින් 😒
ආහ් මෙන්න මෙහෙ වරෙන් පිස්සි ( අවි)
අපි ටිකක් වෙලා එහෙම හිටියා.
ඊට පස්සේ අපි කැෆෙ එක අපිට ඕනි විදිහට decorate කරන්න පටන් ගත්තා.
අපි තුන් දෙනාම ආස උනේ nature vibe එකෙන් අපේ කැෆේ එක decorate කරන්න
මන් ඔයාලට පෙන්නන්නම්කෝ අපේ කැෆේ එක opening එක දවසට 🌚
පැය කිහිපයකට පසු,
අම්මෝ මට හති
අර දෙන්න නම් පන දා ගෙන වැඩ 😒
ඒ උනාට මට නම් දැන් මහන්සි අනේ 😪 චුට්ටක් කයියට අල්ල ගන්න ඕනි 😁
අවී මේ ( මම )
ඕ මැනිකේ (අවී )
අපි දැන් මෙ වැඩේ ඉක්මනින් ඉවර කරන්න ඕනි. අපි ඇරෙන්න කිසිම කෙනෙක්ට සේනානායක කාරයට අනතුරක් කරන්න දෙන්න බෑ. ඌ දඩුවම් විදින්නේ මගේ අතින් 😡
ම්ම්... කෝමත් අපි ඒක ඉක්මනටම ඉවරයක් කරලා දාමු (අවී )
මේ භාවියෝ. අද සුදු කිව්ව පාර්ටි එක සේනානායක කාරයත් එනවා නෙද? ( විශූ )
ඔව් විශූ
මේ මේ ඕම හිටාන් කවුද යකෝ ඒ මන් නොදන්න අපේ විශුවගේ සුදු 🌚 ( අවී )
අනේ අවී ඔයා දන්නවා නේ 😒 ( විශූ )
ඔව් ඔව් මට විතරයි මේකි කියලා නැත්තෙ 😑
අනේ මේ පලාම් මන් දන්නෙත් නෑ බං 🥲 ( අවී )
ඒනම් අහන්නකෝ අවී අපේ මේ විශූ මැන්ටලේ ගේ සුදූ තමා.................
ඔච්චර අදින්නේපා බං ඕක ඉක්මනටම කියහන්කෝ ( අවී )
වෙන කවුද අනේ අපේ ඉසුම් අයියා 😌
හැබයි මෙහෙමයි ඒයි ඔයි කතාව මං දන්නෙත් මෙහෙ ආවට පස්සේ 😒🥲
හරි හරි අනේ මට ඉතිං කියන්න බැරි උනේ අපේ වැඩත් එක්ක 🥺 (විශූ )
ඒනම් එකත් ජය සිරි මංගලම් නේද භාවියෝ 🌚 ( අවී )
ආයෙත් අහලා 😁
මේ ඒක නෙවේ දැන් කොහොමද අපේ වැඩේ වෙන්නෙ ( අවී )
අවී මන් එහෙට යද්දී චූටි කැම් එකක් සෙට් කරන් යන්නේ . අපි තුන්දෙනා කෝල් එකෙන් සම්බන්දතාවය තියන් ඉන්න ඕනි.මොකද අපි තුන් දෙනාම දැනටමත් දන්නවා සේනානායකකාරයා හදන්නේ මිස්ටර් විජෙසිංහව මරන්න කියලා. ඒක අපි නවත්තන්න ඕනි.තවත් අහිංසක ජීවිතයක් නැති වෙන්න දෙන්නබෑ.
ඔව් ( අවි ,විශූ )
අවී ඔයා ටීම් එක රෙඩි කරන් ඉන්න ඕකේ?
ඔකේ
විශූ ඔයා නෝමල් ඉන්න ඔයා ලග ගන් එකක් තියා ගන්න. මට අර ඇදුමට යටින් මගේ කිට් එක අදින්න වෙනවා. ඒ වෙලාවට මට ඒක ඕනි වෙනවා. සෝ ගයිස් ප්ලීස් බි කෙයාෆුල් 🥺. කිසිම කෙනෙක්ට මොකුත් වෙන්න බෑ 🥺🥺
හරි ඔයත් පරිස්සමෙන් මැනික( අවී )
අපි තව ටික වෙලාවක් කැෆේ එක අස් කරලා ඉවර කරා.
මෙන්න මේගොල්ලෝ කැෆේ එකේ මේ ගැන කතා කරද්දි තවත් තැනක මිස්ටර් විජේසිංහ ආරක්ෂා කරන්න තව කට්ටියක් ප්ලැන් කරනවා. අපි යන් එතනට,🤔🤔🤔🤔
Unknown place,
ප්ලෑන් එක මතකනේ .හැමෝම පරිස්සමට. අක්කි ඔයා බඩු ටික රෙඩි කරා නෙද?
ඔව් නේත්‍ර මන් ඒ ටික සේරම රෙඩි කරා . කොහොමත් තුවාලයක් උනොත් බෙහෙත් කරන්න එපැයි . පරිස්සමට මොන දේ කරත්
බය වෙන්න එපා අනේ මොකුත් වෙන්නෙ නැ. නේද භානුක අයියේ.
ඔව් මල්ලි . අමතක කරන්න එපා අපිත් එක්ක ප්‍රින්සස් , ආයේ විශූ නන්ගිත් ඉන්නවා කියලා
බය වෙන්න එපා අයියේ එයාලට මොකුත් වෙන්න දෙන්නෙ නෑ.
ඕඕ පෙන්ස් මේ මොකක්ද මේ වෙන්නේ. මෙතන ඉන්නේ අපේ නේත්‍ර , ඉසුම් ,භානුක , නෙතු අක්කියානේ . මෙතන මොකක්ද වෙන්නෙ කියල ඉස්සරහට බලමු.
භාවිගේ පැත්තෙන්,
අපි තුන් දෙනා එන ගමන් restaurant එක්කින් කාලයි ආවේ 😚
පාර්ටි එකට ගියාට ඕකේ කීයට කන්න දෙයිද දන්නෑ නේ පෙන්ස් 🥲 එතකල් වේලි වේලි ඉන්න බෑනේ 😒 මගේ බඩේ පනු පැටව් පව්නේ හුම්😌
අපි ගෙදර එද්දි 5 වෙලාව .
නේත්‍රට කෝල ගත්තට එයා ආන්සර් කරේ නෑ
ඒ මනුස්සයාට office එකේ නින්ද ගිහින් ද දන්නෙත් නෑ 😒 නින්ද ගියත් මට මොකද ඇහැරුන වෙලාවක එන්නෙ නැතැයි හුම් 😤
හොද වෙලාවට අවී හිටියේ නැත්තන් අපි බස් එකේ එන්න එපැයි 😒 කෝමද හවසට තැලිලා පොඩි වෙලා බස් එකේ එන්න ගියාම 🥴
අවීට ගෙදරට ඇවිත් යන්න එන්න කිව්වත් එයාට වැඩ ගොඩයි නිසා එයා අපි දෙන්නව ඩ්‍රොප් කරපු ගමන් එහෙම්ම යන්න ගියා
පව් මගේ කොල්ලෝ කෙල්ලෝ ටික මං නිසා එයාලා වෙන මහන්සිය 😓
භාවියෝ මොකෝ මේ කල්පනාව
රෙඩි වෙන්න අයිඩියා එකක් නැද්ද
නෑ විශූ මන් මේ හිතුවේ මං වෙනුවෙන් උබලා සේරම වෙන මහන්සිය ගැන 😓
අනේ කෙල්ලේ ඒ ගැන හිතන්න ඕනි නෑ
අපි උබ එක්ක ඕනි දේකට ඉන්නවා සුදූ 😚
අනේ 🥺 ඒ වචනත් ඇති මට හයියට 🥺
මන් එහෙම්ම බදා ගත්තෙ මගෙ ගොන් විශුවව 😚
ඒයි ඒයි අහකට වෙනවා මෝඩියේ මගේ ඇගෙත් එක්ක කුනු ගාන්නේ නැතුව 😒
අනේ මේ යනෝ යන්න ගල් ඉබ්බි 😒
යන් යන් රෙඩි වෙලා එමු නැත්තම් උදේ වගේ කට්ටිය වැරදිලා හෝන් උඩ වාඩි වෙයි 🤭
මන් කාමරේට ගිහින් වොශ් එකක් දාගත්තා.
ඊට පස්සේ අර නපුරා දුන්න ගවුමයි box එකේ තිබ්බ ඒවයි එලියට ගත්තා.
Wow 😍🥺 ඒකේ තිබ්බා ලස්සන ගවුමක් .ඒකටම ගැලපෙන jewelry . මාරම ලස්සනයි
නපුරෙක් උනාට මොකෝ හොද තේරීමක් නම් තියෙනව වගේ 😌🤭
මෙ තියෙන්නෙ අපේ භාවි කෙල්ලට නේත්‍ර දුන්න දෙවල්




මේ අපේ නේත්‍රගේ costume එක👇🏻

මේ අපේ විශූගේ costume එක👇🏻

මේ අපේ ඉසුම්ගේ costume එක👇🏻

මේ අපේ නෙතූ අක්කිගෙයි, භානුක අයියගෙයි costumes👇🏻

ඔන්න ඉතින් අදට ඉවරයි 🌚
ඔයාලත් ලෑස්ති වෙලා එන්න පාර්ටි එකට යන්න අපිත් එක්ක 🙈
අපි බලමුකෝ පාර්ටි එකේදී මොනාද වෙන්නෙ කියලා . එහෙනම් රැදී සිටින්න ආයෙත් එන්නම් 😚❤️
දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්
මන් ඔයාලගේ රයිටර්,
@Secret_Girl🖤