Spring is far away - 88
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 88 | I'm sorry 2
"මට.. සමාවෙන්න.. හේෂාන්.. I'm.. sorry.."
මම එහෙම කියද්දි මගෙ ඇස් වල කඳුළු පිහදපු එයා මාව ඒ පපුවට හේත්තු කරගත්තා. එයාගෙ ඉන වටෙන් අත දාපු මම ඒ පපුවට ගුලි වුණා. මේ සුවඳ මට හරි සමීපයි වගේම හුරුයි. ඉතින් වෙන කොහෙද මේ වගේ සැනසීමක් මට ලේසියෙන්ම ලැබෙන්නේ ?
"මම හිතුවෙ නෑ මෙහෙම දෙයක්. මම ආත්මාර්ථකාමී වෙලා මම හරි කියලා විතරක් හිතුවා."
"ඔයා සාධාරණයි. ඇත්තටම ඔයා කිසිම දෙයක් දැනගෙන හිටියෙ නෑනේ.
නෑ මම වැරැද්දක් කලා එයාට. ඒ වරද වෙනුවෙන් මම මෙහෙම සමාව අරගෙන මදි. ඒ හිත රිදුණා නම් ඒ රිදුණු තරමටම මාවත් රිද්දයි දෛවයෙන්ම. වාසනාවකට වගේ මේ හැමදෙයක්ම මට විශ්වාස කරන්න පුළුවන් උනා තවත් තර්ක විතර්ක නැතුව. ඒත් එයා මොන දේ උනත් මටමයි ආදරේ කියන එක තවමත් මට විශ්වාස කරගන්න බෑ. රාදිතා වගේ ලස්සන මිස් යුනිවර්ස් උන ගෑනු ළමයෙක් මැරි කරන්න ඉද්දි ඇයි එයා මේ මාවම හොයන්නේ. ඒකට හේතුව මම එයාට දැනුණු නිසාද, එයාගෙ හිතේ තවමත් මට ඉඩක් තියෙන නිසාද ?
"අඬන්න එපා. ඔයා අසනීප වෙයි."
දැනටමත් මගෙ නහය බ්ලොක් වෙලා වගේ. ඒ නිසාම මම එයාගෙ පපුව උඩින් අයින් වුණේ ඇස් වල ඉතුරු උන කඳුළු පිහදගෙන. මම දෙවියන් වහන්සේට ස්තූති කරනවා මට මේ ඇත්ත පෙන්නලා දුන්නට. ඒ වගේම මේ ප්‍රශ්නේ, මගෙ ඔළුවෙ තිබුණු නූල් බෝලෙ ගැට එකින් එක ලිහලා දැම්මට.
"දැන් රෑ වෙලානේ. අපි යමු හොටෙල් එකට. මට හෙට බ්‍රයිඩ් තාත්තාගෙ ප්ලේස් එකට යන්න ඕනි."
"හ්ම්ම්."
එයාගෙ අතත් අල්ලගෙන මම නැගිට්ටා. ටික වෙලාවක් යද්දි අපි හොටෙල් එකටත් ගියා. මහන්සි නිසායි හිත රිදිලා අඬපු නිසායි මම එයාට කලින් වොශ් එකක් දාගත්තා. ඊට පස්සෙ එයා ඇතුලට ගියා. එතකන් මම නයිට් ඩ්‍රෙස් එක දාගෙන බැල්කනියෙන් ඉඳගත්තා. අහස්ට පිං දෙන්න ඕනි හේෂාන්ට මේ ගැන හොයා ගන්න උදව් කරාට. නැත්තම් අද මම මේ දේවල් ගැන දැනගන්නෙ නෑනේ. මොනවා උනත් එයාලා මේ එවිඩන්ස් හොයන්න ජීවිතෙත් පරදුවට තියාගෙන ගොඩක් මහන්සි වෙලා තියෙනවා. ඒකට හරියන්න මම අහස්වයි සංජානාවයි එකතු කරන්න ඕනි මොන බාධකය ආවත්.
රෑට කෑවෙත් නෑ අපි දෙන්නා. කන්න තරම් පිරියක් තිබුණේ නෑ දෙන්නටම. මොකද අද හිතේ තිබුණු ලොකු ප්‍රශ්නයක් විසඳුන නිසා. ඉතින් මම නිදිමත නිසා ඇඳට ගිහින් මගේ පැත්තෙන් හාන්සි වුණා. ඒ එක්කම එයා ටේබල් එක ඉස්සරහින් ඉඳ ගත්තේ මොනවා හරි විශේෂ වැඩක් කරන්න වෙන්න ඇති.
"ඔයා නිදාගන්නෙ නැද්ද ?"
"මට වැඩක් තියෙනවා. ඒක කරලා ඉවර වෙලා එන්නම්."
"හ්ම්ම්."
එයා ඕනි වෙලාවක ඒවිනේ කියලා මම නිදාගත්තා. ටික වෙලාවක් මම කිසිම ප්‍රශ්නයක් නැතුව නිදාගෙන හිටියා. ඒත් තව තත්පර ගාණක් පහු උනාට පස්සෙ මගෙ ඉන වටෙන් අත් දෙකක් යනවා වගේ දැනුණා. හැරිලා බලද්දි එයා මගෙ ඉනෙන් අත් දෙකම දාලා මාව පිටි පස්සට ඇදලා ගත්තා.
"ගුඩ් නයිට්."
එයා එහෙම කිව්වා. පොඩි හිනාවක් දාපු මමත් එයාට 'ගුඩ් නයිට්' කියලා නිදා ගත්තා. අද මට ඇත්ත කිව්ව නිසා එයත් සැහැල්ලුවෙන් ඉස්සර වගේම මට ලං වෙලා ඉන්නවා. මමත් කලින් හැමදෙයක්ම අමතක කරලා ඇස් තදින් වහගෙන නිදා ගත්තා. නැත්තම් මේ තද හිසරදේ ඉවරයක් වෙන එකක් නැතිවෙයි.
අලුත් දවසක් 🌞☁️🍃..
උදේම නැගිටලා මම බාත්රූම් එකට ගිහින් අලුත් ඇඳුමක් දාගත්තා. ඊට පස්සෙ කිචන් එකට ගියා. ඊයෙ රෑ සර්වන්ට් කෙනෙක් මම දුන්න ඕඩර් එකකට එළවළු වගයක් ගෙනවිත් දුන්නා. මේ එළවළු ලංකාවේ ඒවා තරම් ෆ්‍රෙශ් නෑ. ඒ මදිවට පෙනුමෙනුත් හරි වෙනස්. ඉතින් ඒවා අමතක කරලා මම එළවළු තෝරගෙන කපන්න පටන් ගත්තා. අද බට්න් හතු ඩෙවල් එකකුයි අල කිරට හදන්නයි මම හිතුවා. මොකද එයා ඉස්සර ඉඳන්ම ආස දෙයක් බට්න් හතු කියන්නේ.
ක්‍රීක්..
එයා නැගිටලා බාත්රූම් එකට ගිහින් දොර වහන සද්දෙ ඇහුණා මට. ඒත් මම ඒ දිහා නොබලා බට්න් හතු එක කඩලා වෙනම භාජනයකට දැම්මා. එයාට උදේම, අර මැරි කරන්න ඉන්නවා කිව්ව අක්කගේ ෆැමිලි එක බලන්න යන්න ඕනි කිව්වනේ. හෙට හරි අනිද්දා හරි ඒ අක්කගේ වෙඩින් එක තියනවාලු මෙහෙ සුදු ජාතික පිරිමි ළමයෙක් එක්ක. සමහර විට එයා ඒකට මාවත් එක්කගෙන යයිද දන්නෑ.
"අහ්.."
එකපාරටම ඉන හරියෙන් කිතියක් දැනුණා. ඒකයි මට කෑ ගැස්සුනේ. මොකක්ද ඒ උනේ කියලා මම හැරිලා බලන්නත් කලින් එයා මාව, පිටි පස්සෙන් ඇවිත් තුරුලු කරගත්තා. අවුරුදු ගාණකට පස්සෙ එයා මෙහෙම මාව තුරුලු කරගත්තේ.
"රාදිතා මැරි කරන්න ඉද්දි ඔයා මට මෙහෙම ලං වෙන එක හරි නෑ නේද හේෂාන් ?"
"මේක මගෙ ලයිෆ් එක. මම කරන්නෙ මට ඕනි දේ. රාදිතා මැරි කරලා ඉද්දි උනත් ඔයා එක්ක මම හිටියට කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ."
"ඒත්.. ඒක වරදක් නෙවෙයිද ?"
"තමන් ආදරේ කරන කෙනාට ලං වෙන එක වරදක් කියලා කොහෙ හරි තියෙනවා ඔයා දැකලා තියෙනවද ?"
එයා එහෙම අහද්දි එළවළු කප කපා හිටපු මගෙ අත නිකන්ම නැවතුණා. ඒ කියන්නේ එයා මට විතරමද ආදරේ. එයා රාදිතා මැරි කරන්නේ මට ආදරේ කරන ගමන්ද. ඒත් කොහෙන්ද එයාට එතන සතුටක්. මම එයාගෙ ආදරේ වෙලා රාදිතා එයාගෙ වයිෆ් උනාම, හිත් රැවටෙන්නෙ අපි තුන් දෙනාගෙම නෙවෙයිද ?
"එතකොට රාදිතා ?"
"රාදිතා මැරි කරනවා මම. හැබැයි මට හැමදාම ඕනි ඔයාව විතරයි."
එහෙම කියපු හේෂාන් මගෙ බෙල්ලත් උරහිසත් අතර සිප ගැන්මක් තිබ්බේ මගෙ ඇඟම හිරි වට්ටලා. ඇඟ පණ නැතිව යනවා වගේ දැනෙද්දි මම එයාගෙ කම්මුලට අත තිබ්බේ ඒ මූණ තල්ලු කරන්න හිතන්. ඒත් එයා හරි ශක්තිමත්. එදාත් මට ඒක කරගන්න බැරිවුණ එකේ අත කැඩිලා ඉන්න මට දැනුත් ඒක කරගන්න අමාරු දෙයක්. නවත්තන්නෙ නැතුව එයා තව දුරටත් මගෙ බෙල්ල උඩ සිප ගැනීම් තිබ්බා.
"රාදිතා මට කරපු දේවල් වලට මම කිසිම දවසක රාදිතාට මගෙ ආදරේ දෙන්නෙ නෑ මින්දි. ඒ වගේ Ruthless කෙල්ලෙකුට මගෙ හිතේ පොඩි ඉඩක්වත් නෑ. එයාව මැරි කරලා මම කරන්නෙ, එයාට මාව එපා කරවන එක."
රාදිතා කරපු දේවල් වලට ඔයාට වගේම මටත් තරහයි. ඒත් එයාට දඬුවම් දෙන්න ඕනි මේ විදිහට නෙවෙයි. මෙවෙලෙ එයාට කරන්න තියෙන හොඳම දේ මේ මැරේජ් එක නවත්තන එක. ඒත් එහෙම කරන්න නම් හේෂාන්ට අවධානමක් ගන්නම වෙනවා. හේතුව තමන්ගෙ දුවගේ මැරේජ් එක නැවතුණා කියලා දැන ගත්තම ඇන්ඩෲස් නිකන් ඉන්නෙ නැති නිසා.
"ප්ලීස්.. මට මේ දවස් ටික විතරක් ඔයා එක්ක මේ විදිහට ඉන්න දෙන්න. මෙහෙන් ගියාට පස්සෙ අපි ආයෙ හම්බ වෙන්නෙ මගෙ මැරේජ් එකෙන් වෙන්න පුළුවන්. ආයෙ අපිට මෙහෙම කතා කරන්න, ලං වෙන්න චාන්ස් එකක් ලැබෙන එකක් නෑ මින්දි. ඔයාට මම රාදිතා මැරි කරනවා බලන් ඉන්න වෙයි."
එයා යථාර්ථය ගැන කියද්දි මගෙ ඇස් වලින් කඳුළු ආවා. මට හිතාගන්න බෑ එයා වෙන කෙනෙක් මැරි කරනවා මම මගේ ඇස් දෙකෙන් බලාගෙන ඉන්නෙ කොහොමද කියලා. ඇත්තටම මට දරා ගන්න බැරි වේවි මම ආදරේ කරන එයා වෙන කෙනෙක්ගෙ වෙනවා දකින කොට. එදයින් පස්සෙ මම හැමදාටම තනි වෙයි. එයා රාදිතා ළඟ දුක් විඳීවි. මම තනියම එයා දුක් විඳින විදිහ බලාගෙන වේදනා විඳියි. මට බෑ එහෙම වෙනවා බලන්න. ඒත් මම මොනා කරන්නද මේකට ?
මම හිමිහිට එයාගෙ පැත්තට හැරිලා ඒ කම්මුල් දෙකට අත තිබ්බා. බාගයක්ම රැවුලෙන් වැහුණු ඒ සිනිදු කම්මුල් දෙක මට සිප ගන්නම හිතයි. ඒත් මම එයාට මෙහෙම ලං උනොත් ආයෙමත් මට එයාව අතෑරගන්න බැරි වෙනවා.
"ඔයා ඔයාට හිතෙන දෙයක් කරන්න හේෂාන්. මම ඔයාට මුකුත් කියන්නෙ නෑ. ඒ වගේම ඔයා ගන්න ඕනිම ඩිසිෂන් එකකට මම ඇග්‍රී. If you wanna kill me, do it now. I agree with that too."
"I can't kill you. Cause I need you. You must be mine till the end of my life."
එහෙම කියපු එයා මගෙ අත් දෙක පහලට දාලා, ඉනෙන් අත දැම්මා. මම දන්නවා ඊළඟට වෙන දේ. ඉතින් තවත් බලන් ඉන්නෙ නැතුව මම ඒ දෙතොල් සිප ගත්තා තදින්ම. ඒ එක්කම එයාත් මගෙ ඇඟෙන් තදින් අල්ලගෙන මගෙ තොල් හිමින් හපන්න පටන් ගත්තා. මම දැන් කලින් මින්දි නෙවෙයි. මම දැන් මම ගැන විතරයි හිතන්නේ. ඒ වගේම මම ආදරේ කරන කෙනාට මගෙන් මොනවා හරි උවමනා උනොත් මම කරන එකම දේ දෙපාරක් හිතන්නෙ නැතුව එයාට ඒ දේ කරන්න ඉඩ දෙන එක.
ටික වෙලාවක් යද්දි එයාම මගෙන් ඈත් උනා. ඒත් එයා තදින් හපපු නිසා මගෙ දෙතොල් රිදෙන්න පටන් අරගෙන. ජීවිතේ පළවෙනි වතාවට එයා මෙහෙම හැසිරුණේ. ඒ කාලෙ ආදරේ කළාට වඩා දැන් අපි ගොඩාක් ඇඩ්වාන්ස්ඩ් වෙලා. ෆ්‍රෙන්ච් කිස් එකකට වඩා එහා දෙයක් අපි අපෙන් එක්ස්පෙට් කරනවා කියලා ජීවිතේ පළවෙනි අද මට දැනුණා.
"රිදෙනවද ?"
මගෙ යටි තොල උඩින්, මහපට ඇඟිල්ලෙන් සියුම්ව පිරිමැදලා එයා එහෙම ඇහුවා. මම දෙපැත්තට ඔළුව වනලා පෙන්නුවේ නෑ කියන්න. ඒත් මට තේරෙනවා මගෙ තොල රතුවෙලා, උණුහුම් වෙලා කියලා.
"You hurt.. එහෙනම්.. මම එහෙම කරන්නෙ නෑ ආයෙ."
එයා එහෙම කිව්වේ මගෙ ඔළුව අතගාන ගමන්. මට දැනෙනවා, එයා වෙනදට නොදෙන ආදරයක් මට අද දෙනවා කියලා. ඒකට හේතුව එයා මාවම බලාපොරොත්තු උන නිසා වෙන්න ඇති. ඉතින් තව තත්පරයක් වත් පරක්කු නොවී මම එයාගෙ පපුවට තුරුලු උනා. මගෙ තුරුලු වීම බලාපොරොත්තු නොවුණු නිසාද කොහෙද එයාට ටික වෙලාවක් ගියා මාව තුරුලු කරගන්න.
"මම දැන් යන්න ඕනි."
"එන්නෙ කීයටද ?"
"හවස් වෙයි එන්න. මම Groomsman කෙනෙක්‍ට ඉන්නවා."
"What 😐."
ඒ කියන්නෙ, සිංහලෙන්ම කිව්වොත් එයා ඒ අක්කගෙ වෙඩින් එකේ යාළු මනමාලයෙක්. මට හිතුණා එයා මෙච්චරම එයාලාව මීට් වෙන්න යද්දි වෙඩින් එකට එයාගෙ සම්බන්ධයක් ඇති කියලා. මැවිලා පේනවා එයා ලස්සනට ෆොටෝස් වලට එහෙම ඉන්න විදිහ. ඒත් එයා මේකට යනවා ඇත්තේ තාත්තගේ බල කිරීමට වෙන්න ඇති. නැත්තම් එයා මේවට ආස කෙනෙක් නෙවෙයි. කොහොමත් හේෂාන් යුවසිංහට ඕනි තමන්ගෙ කම්පැනි එක Handle කරන්න මිසක්, වෙඩින් වල Groomsman ලා වෙන්න නෙවෙයි.
"Yeah.. අනිද්දට මම ඒකට අනිවාර්යයෙන්ම යන්න ඕනි. අද මේ යන්නේ මම අඳින කිට් එක සෙට්ද බලන්න."
"වාව්.. මට ආසයි බලන්නත්."
"මට ඔයාව එක්කගෙන එන්න කිව්වා අක්කා."
"What.. ඔයා අක්කට කිව්වද මං ගැන."
"ඔව්.. එයාට ඒක ගාණක් නෑ."
එයා හරි සැහැල්ලුවට අක්කට කියලා වගේ, වෙන ගෑනු ළමයෙක් රූම් එකේ තියන් ඉන්නවා කියලා. මෙහෙ කොහොමත් ඔය වගේ දේවල් වෙන නිසා ඒ අක්කටත් ගාණක් නැතුව ඇති. ඒත් මම කොහොමද එයා එක්ක එකට වෙඩින් එකට යන්නේ. අක්කා දැක්කොත් ඉවරයි. ඊට හපන් රාදිතා. එයා දැක්කොත් ෆොටෝ වලින් හරි මම ඉන්නවා, එහෙ ගිහාම හේෂාන්ට කනක් ඇහෙන්න නැතිවෙයි.
"ම්ම්.. ඔයාට දෙයක් කියන්න අමතක උනා. මං ගාව අපේ ඇග්‍රීමන්ට් එකේ ඩොකියුමන්ට්ස් වගයක් තියෙනවා. ඕෆනේජ් එක හදන එකට. මම හැම පේපර් එකකටම සයින් එක දාලා තියෙන්නේ. දැන් ඕනි ඔයාගෙ සයින් එක. මම එද්දි රෑ වෙයි. ඊට කලින් ඔයාට සයින් කරලා තියන්න පුළුවන්ද. මොකද අද රෑම මම ඒවා අපේ කම්පැනි එකට යවන්න ඕනි."
"හරි මම සයින් කරන්නම්. ඔයා ටේබල් එක උඩින් තියලා යන්න ඒ ටික."
"හ්ම්ම්.. මම ගිහින් චේන්ජ් කර ගන්නම්."
එහෙම කියපු එයා කබඩ් එක ලඟට ගියා. මම එතකන් ව්‍යංජන දෙකම හදලා ඉවර වෙලා එයාට බත් බෙදලා මටත් බෙදා ගත්තා. අක්කා මට ඊයෙ කෝල් කරලා කිව්වා අද රන්වේ එකට යන්න එයා එක්ක එන්න කියලා. ඒත් මට යන්න හිතක් නෑ. ඇඟට හරි මහන්සියි වගේ දැනෙනවා. සමහරවිට නුහුරු තැනක ඉන්න නිසා වෙන්න ඇති.
එයා රෙඩි වෙලා, කාලා ඉවර වෙලා ගියා වෙඩින් එක තියෙන කෙනාගෙ ප්ලේස් එකට. මම ටිකක් දවල් වෙලා එයා අර දුන්න පේපර් ටික අතට අර ගත්තා. තව ඕෆනේජ් එකක් හදනවා කියන්නේ මම වගේ අසරණ වෙච්චි ළමයින්ට ආදරණීය නවාතැන්පළක් හම්බ වෙනවා කියන එක. මම දන්නවා අසරණ උනාම දැනෙන හැඟීම. එහෙම හැඟීමක් තමාව ආක්‍රමණය කරලා තියෙද්දි ඉන්න තැනකුත් නැති වෙලා, කන්න බොන්නත් නැති උනාම ඇඬෙන්න එනවා. ඉතින් මට එහෙම අත් දැකීම් තිබුණට මම මේ රටේ ඉන්න අනිත් ළමයින්ට එහෙම අත් දැකීම් ලැබෙන්න දෙන්නෙ නෑ. මගෙ සල්ලි සේරම ස්පෙන්ඩ් කරලා හරි මම ලංකාවට ඕෆනේජ් දෙක තුනක්ම හදනවා. ඒකට හේෂානුත් මට උදව් කරයි.
අන්තිමට මම කියවලා බලලා හැම පේපර් එකක්ම සයින් කලා..
හවස මම ඈශ්ලි එක්ක ඇවිදින්න ගියා. ඊයෙ අපි ගියපු පාක් එක ස්ප්‍රින්ග් සීසන් එකට කොච්චර ලස්සනද කියලා මට තේරුණේ දවල් එළියෙන් දැක්කම. උස ගස් වල රෝස පාට මල් හැදිලා. වැල් වල පාට පාටින් මල් පිරිලා, මල් පාත්ති වලත් එකේක වර්ගයේ මල් හැදිලා. මම මේ තරම් ලස්සනක් ලංකාවේ නුවරඑළියෙන් වත් දැකලා නෑ. වසන්තය කියන වචනය පවා කොච්චර නම් ලස්සනද. මනුස්සයෙකුගේ ජීවිතේට වසන්තය එනවා කියන්නේ මේ වගේ මල් පිපිලා සුවඳවත් වෙලා ලස්සන වෙන එකට නෙවෙයිද. හැබැයි මගෙ ජීවිතේ වසන්තය රැඳිලා තියෙන්නේ හේෂාන් මත. එයා මගෙ වුණොත් මට වසන්තය හැමදාටම උදා වේවි. නැත්තම් හැමදාම මගෙ ජීවිතේ කටු පඳුරු තියෙන කාන්තාරයක් වේවි.
❝ දැනුයි මට තේරෙන්නෙ. මොන දේ කලත් මට ඔයාව ඕනි මින්දි. ඔයා නැති ජීවිතේ මට නිකන් හිස් ශීට් වගේ ❞
❝ තමන් ආදරේ කරන කෙනාට ලං වෙන එක වරදක් කියලා කොහෙ හරි තියෙනවා ඔයා දැකලා තියෙනවද ❞
❝ මට හැමදාම ඕනි ඔයාව විතරයි ❞
❝ I can't kill you. Cause I need you. You must be mine till the end of my life ❞
මාව තුරුලු කරන් එයා කිව්ව කතා මට එකපාරටම මතක් උනා. උදේ මාව කිස් කරලා, මට මෙහෙම කිව්වේ එයා මට ආදරේ නිසා නෙවෙයිද. රාදිතා වගෙ ගෑනු ළමයෙක් මැරි කරන්න ඉද්දි, ටනාෂියා වගේ කෙල්ලෙක් පස්සෙන් එද්දි එයා මාවම බලාපොරොත්තු වෙන්නේ මට විතරක්ම ආදරේ නිසානේ.
"මෑම්.."
"Yes.."
"හේෂාන් සර් මැසේජ් එකක් දාලා තියෙනවා මැඩම් එයා දුන්න පේපර් වලට සයින් කරාද කියලා අහලා."
බිමට නැවිලා ඩේසි මලක් අල්ල අල්ල හිටපු මම නැගිටලා ළඟ බෙන්ච් එකකින් ඉඳ ගත්තා. පේපර්ස් ටික නම් මම සයින් කලා. ඒත් සමහර පේපර්ස් නම් කියවන්න බැරි උනා. මොකද එතන පේපර්ස් සීයක් විතර තිබුණා. අනික සමහර ඒවාගෙ ඇතුළෙ තියෙන්නෙ මොනවද බලන්නවත් බැරි වෙන්න එයා ස්ටේප්ලර් කරලා තිබුණා. ඒත් ඒවටත් මම බය නැතුව සයින් කලා. එයා ඒවගෙන් මගෙ දේපල ලියා ගත්තත් මට මොකෝ. ඒ දේවලුත් මම එයාට දෙන්න ලෑස්තියි ඕනිම වෙලාවක. මගෙ ආදරේ වටිනාකම එයා ඉල්ලුවොත් මම මගේ ලඟ තියෙන හැමදේම එයාට දෙනවා දෙපාරක් හිතන්නෙ නැතුව.
"ඔක්කොටොම සයින් කරා කියන්න."
"හරි මෑම්. ආයෙ සර් කියලා තියෙනවා එයා එන්න ගොඩක් ලේට් වෙයි කියලා. Maybe ටෙන් ඔ ක්ලොක් වගේ."
"ඕකේ කියලා දාන්න."
ඈශ්ලි ඩේවිඩ්ව දැකපු දවසෙ ඉඳන් ටිකක් වෙනස්. හරියට නිකන් ජීවත් වෙන්නෙ පියවි ලෝකෙ නෙවෙයි වගේ. දැන් මට හිතෙනවා ඒ දෙන්නට කපුකමක් කරන්න. ඩේවිඩ් එහෙම නරක කෙනෙකුත් නෙවෙයි. අවුල තියෙන්නේ ලිමිට් නැතුව බොන එක. ඒත් ඩේවිඩ් හොයන ටයිප් එකේ ගෑනු ළමයෙක්ම තමා ඈශ්ලි ස්ටෙලියානා කියන්නේ.
"ඈශ්ලි.."
"Yes මෑම් ?"
"අපි ශොපින් කරන්න යමුද. මෙහෙ ලස්සන ෆැෂන්ස් තියෙනවා ස්ප්‍රින්ග් සීසන් එකට. Like ෆ්ලෝරල් ඩ්‍රෙසස් වගේ ඒවා."
"ඕකේ මෑම්. Lets go."
වටේ සිරි නරඹලා ඈශ්ලියි මායි දෙන්නම ශොපින් මෝල් එකකට ගියා. ලංකාවෙ නැති උනාට වෙස්ටර්න් කන්ට්‍රිස් වල සීසන් වලට වෙනස්ම ෆැෂන්ස් එනවා. ඉතින් ස්ප්‍රින්ග් සීසන් එකට ලස්සනම ෆැෂන්ස් මේ දවස් වල තියෙන්නේ. මම ලස්සන ෆ්ලෝරල් ඩ්‍රෙසස් ටිකක් අරගෙන ටොප්ස් ටිකකුත් ගත්තා. මෙහෙ ඉන්නකම් එහෙ මෙහෙ යන්න ලස්සනට අඳින්නත් ඕනි. ඒත් හේෂාන් කිව්වා නේද එයාගෙ අක්කගෙ වෙඩින් එකට මාව එක්ක ගෙන යනවා කියලා. ඒකටත් මම ඩ්‍රෙස් එකක් ගන්න ඕනි නේද. නෑ සමහර විට එයා මට ඩ්‍රෙස් එකක් ගෙනවිත් දෙයි. ඒ නිසා මම ඒක ගැන හිතන්න ඕනි නෑ.
ඇඳුම් වලට වගේද ගාන. මම මෙහෙම තැනක ඉන්න නිසා හොඳයි. නැත්තම් මම යුවසිංහ ගෲප් එකේ වැඩ කරන කාලෙ වගේ නම් හිඳෙනවා. පෙර කරපු කුසල කර්මයකටද කොහෙද දැන් මට පුළුවන් ප්‍රයිස් ටැග් එක බලන්නෙ නැතුව ඕනිම දෙයක් අරගන්න. ඒත් ඕනෑවට වඩා වැඩක් නැති දේවල් වලට නම් මම වියදම් කරන්නෙ නෑ. මොකද ඕන්නැති දේවල් වලට සල්ලි වියදම් කරලා මගේ ආර්ථික තත්වය පරිහානියට ලක් කරගන්න මට ඕනි නෑ.
කොහොම හරි මම ගෙදර ගිහින් ආයෙ ඩිනර් එක හැදුවා. එයා එන්න දහය වෙනවා කිව්වනේ. ඉතින් මම චිකන් ඩෙවල් එකක් හදලා, බතුත් හදලා එයා එනකම් බලාගෙන හිටියා. දහයට එනවා කිව්ව කෙනා තවම නෑ. ඊට පස්සෙ එකොළහට විතර එයා මට මැසේජ් එකක් එවනවා,
❝ මින්දි.. මම එන්න තව ටිකක් ලේට් වෙයි. දැනුයි කාර් එකට නැග්ගේ. ඔයා ඩිනර් රෙඩි කරාද. රෑට කන්නත් බෑ වගේ අද නම් මට ❞
ඩිනර් ලෑස්ති කරාට පස්සෙ මෙයා මාර කතානේ කියන්නේ. දැන් තමයි මට එයාව උස්සලා පොලේ ගහන්න තරහා එන්නේ 😑. ඉස්සරත් ඔහොම්මයි. කනවද නැද්ද කියන්නෙ නැතුව මම ඩිනර් රෙඩි කරාම කියනවා බඩිගිනි නෑ කියලා. මමයි ෆිගර් අවුට් වෙනවා කියලා නොකා ඉන්න ඕනි. ඒත් එයා තමයි එයාගෙ ෆිගර් එක මේන්ටේන් කරන්නේ. ඔව් ඉතින්. වැඩිය කෑවොත් අර හදලා තියෙන පැක් ටික නැති වෙලා ගිහින් බඩ ඉස්සරහට ආවොත් එහෙම.
හරියටම වෙලාව 12:05 යි.
🎶 Ding
රූම් එකේ දොර ඇරෙනවා සද්දෙ ඇහෙද්දි මම සයිලන්ට් එකේ හැරිලා බැලුවා එයා දිහා. යද්දි යට කරලා ගියපු කළු ශර්ට් එක දැන් උඩට ඇවිත්, බට්න්ස් දෙක තුනක්ම ගැලවිලා ගිහින්. ඒ මදිවට අතේ කළු පාට ලස්සන ලොකු බෑග් එකකුයි, තව අල්ල සයිස් පොඩි බෑග් එකකුයි තිබ්බා.
"ඔයා ඩිනර් රෙඩි කරාද ?"
"ඔයා කලින් කිව්වෙ නැති නිසා රෙඩි කලා."
"Sorry.. ඇත්තටම මට අමතක උනා ඒ ගැන කලින් කියන්න.
"කමක් නෑ.. මම ඔයා එන්න කලින් ඩිනර් අරගෙන කිචන් එකත් අස් කරා."
"එහෙනම් කමක් නෑ. මම ගිහින් වොශ් එකක් දාන් එන්නම්."
එහෙම කියපු එයා මගෙ ලඟට ඇවිත් පිටිපස්සට හංගගෙන හිටපු අත ඉස්සරහට ගෙනාවා. එයාගෙ අතේ රතු රෝස, ඩේසි මල් කලවම් ලොකු බොකේ එකක්. ඒක දැක්ක පාර මගෙ හිතට අමුතු සතුටක් ආවා. මොකද අවුරුදු ගාණකට පස්සෙයි එයා මට මෙහෙම බොකේ එකක් දුන්නේ. ඒකත් මම කැමතිම මල් ඉන්ක්ලූඩ් කරලා.
"Why are you staring.. This is for you."
එයා එහෙම කියද්දි මම හිනා වෙලා බොකේ එක අතට ගත්තා. මල් වල සුවඳ මගෙ නහයට එද්දි මම ඇස් පියා ගත්තා. ඒ එක්කම එයා මගෙ එක කම්මුලක් සිප ගත්තේ මම නොහිතපු විදිහට. ලැජ්ජාවට මම තව දුරටත් ඇස් පියාගෙන හිටියා. ඒත් වැඩි වෙලා මට එහෙම ඉන්න ලැබුණෙ නෑ. එයා මගෙ නහය මිරිකුවා රිදෙන්නම.
"අහ්.."
"ඊලඟට ඔයා රෙඩි වෙන්න වොශ් එකක් දාගන්න. I'm going."
එහෙම කිව්ව එයා බෑග් ටික මගෙ ළඟින් තියලා ශර්ට් එකත් ගලවලා අතට අරගෙන ඇතුලට ගියා. බෑග් ඇතුළෙ තියෙන්නෙ මොනවද බලන්න මම ඕපන් කරලා බැලුවා. වෙඩින් එකට අඳින ඩ්‍රෙස් එකයි ඒකටම ගැලපෙන හීල්ස් දෙකයි එයා ගෙනවිත් තියෙන්නේ. ලස්සන, Champagne color අත් වැටුණු ගවුමක්. ඒකටම ගැලපෙන Gold හීල්ස් දෙකක්. එයාගෙ චොයිස් එක එදා ඉඳන්ම හොඳයි කියලා මම දන්නවා. මොකද සමහර පිරිමි ළමයින්ට බෑ තමන්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට එයාගෙ චොයිස් එකේම ඩ්‍රෙසස් තෝරන්න.
ටික වෙලාවක් යද්දි එයා ටවල් එක පිටින් එළියට ආවේ වතුරත් පෙරි පෙරි. අද නම් මොකක් හරි වෙනසක් වෙලා තියෙනවා එයාගෙ. එද්දි ශර්ට් එකත් අවුල් කරගෙන ආවේ, මට මල් බොකේ එකකුත් ගෙනාවා, ඒ මදිවට රූම් එක තෙමන්නද කොහෙද තෙත පිටින් ඇවිත් එළියට. එයාව ගණන් ගත්තෙ නෑ වගේ මම ගිහින් බාත්රූම් එකේ දොර වහ හත්තා. කොච්චර Educated, Successful බිස්නස්මන් කෙනෙක් උනත් වෙලාවකට මහ අමුතු වැඩ කරනවා. ඒවා දැක්කම මට මගෙ හිනාව පාලනය කරගන්නත් බෑ.
"හ්ම්ම්.."
හැම ඇඳුමක්ම ඇඟෙන් අයින් කරලා මම ශවර් එක යටට ගිහින් නා ගත්තා. එයා මට මේ තරම් ලං වෙන්නෙ මට තියෙන ආදරේ නිසානේ. ඉතින් මාත් මොකටද එයාට බාධාවක් වෙන්නේ. මමත් හැමදාටම ආදරේ එයාට නම් එයා මගෙන් බලාපොරොත්තු වෙන හැමදෙයක්ම මම එයාට දෙන්න ඕනි. එයා මගෙන් ඉල්ලන්නේ ආදරේද, පිසිකල් කනෙක්ෂන්ස්ද, ජීවිතේද, ඒ හැමදෙයක්ම මම එයාට දෙනවා දෙපාරක් හිතන්නෙ නැතුව.
බිත්තිය පැත්තට හැරිලා හිටපු මම කොණ්ඩෙත් ඇදලා පිටිපස්සට කරන ගමන් ඉස්සරහට හැරුණා. ඒත් ලාවට ඇරුණු ඇස් පියන් අතරින්, මගෙ ඉස්සරහා හිටපු කෙනා දැකලා මම ගැස්සිලා ගියා. හේෂාන් මගෙ ඉස්සරහටම ඇවිත් ටවල් එක පිටින් බිත්තියට අතක් හේත්තු කරන් බලන් ඉන්නවා. එයාගෙ ඒ තද අළු පාට ඇස් දෙකේ අමුතු බැල්මට අහුවුණ මට බැරි වුණා ශවර් එකවත් වහන්න. මම ඇඟේ නූල් පොටක් වත් නැතුව ඉන්නෙත්. එයා මීට කලින් මාව එක සැරයක් මෙහෙම දැකලා තියෙන බව ඇත්‍ත. ඒත් එයා ඉස්සරහා මෙහෙම හිටන් ඉන්න මට ලැජ්ජාවක් දැනෙනවා.
මම දිගින් දිගටම එයාගෙ ඇස් දිහා බලාගෙන ඉද්දි එයා මගෙ ලඟට අඩිය තියන්න ගත්තා. ඒ එක්කම මමත් පස්සට ගියා. ඒත් වැඩි දුරයන්න කලින් මාව ටයිල් වෝල් එකේ වැදිලා නැවතුණා.
........................................................... 🖤 ...
ඊලඟ එපියෙ ඉඳන් 🔞 පටන් ගන්නවා. ඔන්න මට නම් මුකුත් කියන්න එපා 😆
Sachy Collins