Spring is far away - 87
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 87 | l'm sorry
මමයි ඈශ්ලියි දෙන්නම කැෆේ එක ඇතුලට ගිහින් හොඳ ටේබල් එකක් බලලා ඉඳගන්නයි ගියේ. ඒත් එකපාරටම මට හුරු පුරුදු කෙනෙක්ගෙ පෙනුමක් ලාවට පෙනුණා. ඉතින් මම ඒ පැත්ත හැරිලා බැලුවේ මම හිතපු කෙනාමද ඒ ඉන්නෙ කියන සැකය තහවුරු කරගන්න.
"Mr. David 😳 ?"
මම ඩේවිඩ් හිටපු ටේබල් එක ඉස්සරහට ගිහින් එහෙම ඇහුවා. මගෙ කටහඬට හැරිලා බලපු එයාගෙ මූණෙත් තිබුණේ මාව දැකලා හරියට පුදුම උනා වගේ පෙනුමක්. ඔව් ඒක එහෙම වෙන්න ඕනි. හේතුව මම මේ වගේ රටකට ලේසියෙන් එන්නෙ නෑනේ, වැදගත් වැඩකට මිසක.
"Mindi.. After a long time 😮."
මට මතකයි එදා මෙයා ඩ්‍රින්ක්ස් අරන් වැඩි වෙලා පිස්සුවක් නැටුවා රෙස්ටුරන්ට් එකක. ඊට පස්සෙ මම තනියම ඩ්‍රයිවින් ලයිසන්ස් නැතුව එයාව දාගෙන එයාගෙ ගෙදරට එක්ක ගියා. අන්තිමට එයාව ගිහින් දාලා එද්දි හේෂාන් මාව කිඩ්නැප් කරන්න හැදුවා. ඒ විතරක් නෙවෙයි එයා මට හරියට බැන්නා. ඒත් ඒකෙන් උනේ එයා එදා මට තවත් ලං වුණ එක.
"How have you been, David ?"
"I'm fine. But I can't believe you are in front of me. I think.. It's been a long time since we last talked.
"You are correct."
"So what are you doing in New York ?"
"Um.. I came with my sister for her photoshoot."
"Really.. When did you come here ?"
"The day before yesterday."
ඩේවිඩ් ලිතිනිව මැරි කරන්න හිටියේ. ඒත් වෙඩින් එකට දවස් දෙක තුනක් තියලා ඩේවිඩ් ඇත්තම කතාව කියලා මැරේජ් එක නවත්තලා දැම්මා කියලා මට ආරංචි උනා. එයාට අවසානෙට හරි ඒක කර ගන්න ලැබුණු එකට මම සතුටු වෙනවා. මොකද එයා මැරි කලා නම් අද එයා මෙහෙම නිදහසේ සතුටින් ඉන්නෙත් නෑ මැරේජ් ලයිෆ් එක සක්සස් වෙන්නෙත් නෑ.
"Who is this girl behind you ?"
"She is my assistant. Ashley Stelliana."
ඩේවිඩ් ඈශ්ලිව පෙන්නලා අහද්දි මම කෙල්ලව අඳුන්නලා දුන්නා. ඒත් ඈශ්ලි නම් ඩේවිඩ් දිහා බැලුවේ අතේ ඇඟිලි එකට පොඩි කර කර ලැජ්ජාවෙන් වගේ. ඇත්තටම කියනවා නම් ඈශ්ලිගෙ මූණත් රතු වෙලා. දෙයියනේ මේ කෙල්ල මෙච්චර ලැජ්ජ වෙන්නෙ මොකටද කොල්ලෙක් ඉස්සරහා. අනික වෙනදට මෙහෙම නෑනේ.
"Ashley.. This is David. He is a friend of mine."
"Ah.."
කෙල්ල වෙන මුකුත්ම කියන්නෙ නැතුව බිම බලා ගත්තා. වෙනදට ඩේවිඩ් වැඩිපුරම බැලුවෙ මම දිහා, වර්ණනා කළෙත් මාව. දැන් එයාගෙ ඇසුත් තියෙන්නෙ ඈශ්ලි ගාව. මට තේරෙනවා දැන් නම්. මේ දෙන්නා, දෙන්නට කැමතියි වගේ.
"It's nice to meet you."
ඩේවිඩ් එහෙම කියලා ඈශ්ලිට අත දික් කලා. ඈශ්ලිත් එයාට අත දීලා හෑන්ඩ් ශේක් කලා. මේ දවස් වල මගෙ ඇස් වලට පේන්නම කපුකම් වෙනවා වැඩියි. ඉස්සෙල්ලාම සජී, ඊට පස්සෙ ඈශ්ලි. මේ යන විදිහට ඇත්තටම ඈශ්ලි ඩේවිඩ්ට කැමති වගේ මට තේරෙනවා.
"Mindi.. I have urgent work. I need to get to it now. So.. see you another day."
"Ah It's okay david."
එයාට කෝල් එකක් ආපු නිසා එයා එතනින් ගියා. ඒ එක්කම මම ටේබල් එකකින් ඉඳගත්තා. මට ඉස්සරහින් ඈශ්ලිත් ඉඳගත්තා. බොන ඩ්‍රින්ක් එකක් බීලා හරි ඉක්මනින් අක්කා ඉන්න තැනට යන්න ඕනි. නැත්තම් එයා කෝල් ගනී මම මෙච්චර පරක්කු ඇයි බලන්න. එයාගෙ කෝල්ස් ආන්ස්වර් කලේ නැත්තම් අන්තිමට මට අයියගෙනුත් කෝල් දෙක තුනක්ම ඒවි.
"ඩේවිඩ් ලස්සනද ?"
මම එහෙම අහද්දි ඈශ්ලිට බිබී හිටපු කොෆී එක ඉස්පොල්ලෙ ගියා. මම නැගිටලා ගිහින් කෙල්ලගෙ පිටට තට්ටු කලා. නැත්තම් බිව්ව කොෆී ටික ටික හිර වෙලා මොකක් හරි වෙයි.
"මම පැනික් වෙන්න දෙයක් කිව්වෙ නෑනේ."
"නෑ.. මෑම් එහෙම ඇහුවෙ ඇයි ?"
"නිකන්. ඔයා ඩේවිඩ් දිහා බලාගෙන හිටියනේ ගොඩක් වෙලා."
"No mam. මම එයාව මීට කලින් කොහෙ හරි දැකලා තියෙනවා. ඒකයි බැලුවේ."
"I saw you blushing."
මම එහෙම කියද්දි ඈශ්ලි ආයෙමත් මගෙ රතු උනා. ඉතින් මම ආයෙ එයා එක්ක ඒ ගැන කතා කරන්න ගියේ නෑ. එහෙම උනොත් එහෙම කෙල්ල මිරිස් කරලක් වගේ පාට වෙලා පුපුරලා යාවි. කොහොම හරි අවසානෙට අපි ශූට් එක තියෙන තැනට ගියා. ශූට් එකක් කිව්වට අද එයාලා රන්වේ එකක් යනවා. හැබැයි ඒක ගොඩක් තැන් වල ලයිව් යනවා කියලා තමයි මට දැනගන්න ලැබුණේ. ඒ නිසා මම කැමරා එකක් පේන තෙක් මානෙක හිටියේ නෑ. මොකද බැරි වෙලාවත් මාව කොහෙන් හරි වැදුනොත් ඉවරයි.
රෑ උනා 🌨️🌛💙..
මම රන්වේ එක ඉවර වෙලා ආයෙමත් හොටෙල් එකට ගියා. ගිහින් වොශ් එකක් දාගෙන දිග ගවුමක් ඇඳගත්තා. ඉස්සර ඉඳන්ම මම ආසයි යෝක්ෂයර් ගවුම් වලට. යටින් කොල පාට රැලි දෙක තුනක් තියෙන සුදුපාට බෝරිච්චි අත් ගවුම හිරට ඇන්දම ඇත්තටම මම ලස්සනයි. සමහරවිට එයා මාව දැක්කොත් 'ලස්සනයි' කියන්න බැරි නෑ. ඒත් මට තියෙන ප්‍රශ්නේ එයා තවම රූම් එකට ආපු නැති එක ගැන.
බෑග් එකත් අතේ තියාගෙන මම කල්පනා කරනවා එයා ගැන. මම තාමත් එයාට ආදරෙයි එයා මාව මොන විදිහට රිද්දුවත්. වෙන කෙනෙකුට Ex කියන වචනෙ පවා ශාපයක් උනාට මට එයාව වටිනවා. මොකද එයා වෙනුවෙන් තියෙන මගෙ සෙනෙහස වෙන කිසිම පිරිමි ළමයෙකුට මොන දේ කලත් ලබා ගන්න බෑ. ඒ වගේම එයාට ඇර වෙන කාටවත් මම මාව අයිති කරගන්න දෙන්නෙ නෑ. මම හිතන දේවල් කාට හරි ඇහුණොත් එහෙම ඒ අය හිතයි මම බොළඳයි කියලා. ඒත් ඇත්තටම මේක බොළඳ කමක් නෙවෙයි. මගෙ හිතේ එයාට තියෙන ආදරෙත් සීනි බෝල ආදරයක් නෙවෙයි. අදටත් හෙටටත් මතුවටත් මම ලෑස්තියි එයා වෙනුවෙන් හැමදෙයක්ම දරාගන්න. එයාට හයියක් වෙන්න.
🎶 Ding
එකපාරටම එයා දොර ඇරගෙන ආවා. කළු ඩෙනිමට තද රතුපාට ශර්ට් එකක් ඇඳලා ගිහින් තියෙන්නේ අද උදේ. හැබැයි ඒ පෙනුමටත් එයා හරිම ලස්සනයි. සල්ලි ඩොලර් මිලියන ගණන් කොච්චර නම් තිබුණත් සරලකම තමා එයාගෙ අංක එක. හැබැයි එහෙමයි කියලා එයා කැමති නෑ කාලෙන් කාලෙට එන ෆැෂන් කරන්න.
"මම වොශ් එකක් දාන් එන්නම්."
"හ්ම්ම්."
එයා ශර්ට් එක ගලවන ගමන් බාත්රූම් එකට ගියා. විනාඩි දහයක් විතර මම රූම් එක පුරාම ඇවිද ඇවිද හිටියේ එයා එනකම්. හරියට පැය කාලක් ගියාට පස්සේ එයා ටවල් එකෙන් ඔළුව පිහදන ගමන් එළියට ආවා. ඊයෙ වගේම මම අදත් අනිත්පැත්තට හැරිලා හිටියේ එයාට ඉතුරු ඇඳුම් ඇඳගන්න දීලා. දැනටමත් වෙලාව හතයි. පාක් එක වහන්න කලින් ගිහින් කතා කරලා එන්නත් ඕනි.
"අපි යමු."
ඒ පාර එයා කළු පාට ශර්ට් එකක් ඇඳලා. මම එයා දිහා බලාගෙන ඉද්දි එයා කී කාඩ් එක අරගෙන ඇවිත් දොර ඇරියා. ඉතින් තවත් පරක්කු වෙන්න කලින් අපි දෙන්නා පහලට ගියා එයාගෙ ඩ්‍රයිවර් එක්ක. මෙහෙන් එයාට වෙනම කාර් එකක් ලැබිලා තිබුණා එහෙ මෙහෙ යන්න. ඒක කෝටි අටක් කියලා මට ඈශ්ලි කිව්වා. ඒ විතරක් නෙවෙයි ඒ කාර් එකේ තියෙනවා වගේ Features මම අදමයි පළවෙනි වතාවට වාහනයකින් දැක්කේ.
"ඇයි ඔයාට මේක කියන්න පාක් එකටම යන්න ඕනි උනේ ?"
"ඔයාගෙ හිත නිදහස් වුණ වෙලාවක මම මේක කියන්න ඕනි. නැත්තම් ඔයාට තේරෙන්නෙ නැතිවෙයි."
එයා එහෙම කියලා ග්ලාස් එකෙන් එළිය බලා ගත්තා. මට කමක් නෑ කොහෙ ඉඳන් එයා මං එක්ක කතා කලත්. මොකද මට දැන ගන්න ඕනි එකම දේ 'මම නොදන්න පැතිකඩ' ගැන. ඉතින් මගෙ හිතේ තියෙන ඒ බලාපොරොත්තුව අද ඉෂ්ට වෙන්නයි යන්නේ.
විනාඩි දහයක දුර ගමනක් ඇවිත් එයයි මායි පාක් එක ඉස්සරහින්ම බැස්සා. වෙලාව හරියටම හත හමාරයි. ඒත් පාක් එකේ හැම තැනම දාලා තියෙන ලයිට් වලින් මුළු වටපිටම ඉර පායලා වගේ එළිය වෙළා. ඉතින් අපි පොඩි පොකුණක් ගාව තියෙන බෙන්ච් එකක් තෝරගෙන ඉඳ ගත්තා. මම මගෙ බෑග් එක එහාපැත්තෙන් තියලා එයාගෙ පැත්තට හැරෙද්දි එයා ලියුම් කවරෙකින් දුඹුරු පාට කොළ දෙකක් අතට ගත්තා.
"ඔයා මේ කොළ දෙක ගැනනේ අහන්නේ ?"
"ඕකද ඔයාලා දෙන්නා රාදිතාටයි ඇන්ඩෲස්ටයි විරුද්ධව එවිඩන්ස් එකක් විදිහට හොයා ගත්තා කිව්වේ ?"
"ඔව්.. ඔයාට පේන්නෙ මේක නිකන්ම නිකන් කොළ දෙකක් වගේද ?"
"ඔය කොළ දෙකේ තියෙන දේ නොදන්න තාක්කල් මම හිතන්නේ ඕක නිකන්ම කොළ දෙකක් කියලා තමයි."
"එහෙනම්.. දැන් බලන්න."
එහෙම කියපු එයා මට ඒ කොළ දෙක අතට දුන්නා. මේ කොළ වල ස්පර්ශයත් මට හරි හුරුයි, ඒ වගේම පාටත්. ඒත් කොළේ අනිත්පැත්ත හරවලා බලද්දි මම දැක්කා මගෙ අත් අකුරු වලින් රාදිතා මට කරපු දේවල් මම ම ලියලා තියෙනවා. දෙවියනේ ඒ කියන්නේ එදා ඇන්ඩෲස් මගෙ ඩයරියෙන් ඉරලා හංග ගත්තු කොළ දෙක හේෂාන්ගෙ අතට හම්බුණා කියලද ?
"ඔ..ඔයාට කොහෙන්ද මේක ?"
"එක දවසක් මම රාදිතාව මීට් වෙන්න එයාගෙ ගෙදරට ගියා. එදා ඇන්ඩෲස්ගෙ රූම් එකේ තිබුණු ලොකර් එකකින් මම මේක ගත්තේ."
ඒ කියන්නේ හේෂාන්ට සැකයක් දැනිලා තියෙනවා එයාලා ගැන. එයා මේ කරලා තියෙන්නේ කාටත් කරන්න අපහසුම, වටිනාම වැඩක් තමයි. ඒත් මේකෙන් වෙන්නෙ එයාගෙ ජීවිතේටත් හානියක් වෙන එක. මම දන්නවනේ ඇන්ඩෲස්ගෙයි එයාගෙ දුවගෙයි හැටි. තමන්ගෙ වැරදි වහ ගන්න ප්‍රසිඩන්ට් උනත් මරලා දායි.
"ඇයි මින්දි ඔයා මට මේ දේවල් කිව්වෙ නැත්තේ ?"
"එයා ඔයාගෙ අත කැඩුවා. ඒකෙන් ඔයාගෙ Metacarpal Bone එක කැඩුනා. ඊට පස්සෙ සැලෝමි ලව්වා ඔයාව මගෙ කම්පැනි එකෙන් අයින් කරන්න හැදුවා. අන්තිමට එයා ඔයාව එදා මගෙ බර්ත්ඩේ පාර්ටි එක දවසේ හොටෙල් එකේ රූම් එකක හිර කලා. මට තේරෙන්නෙ නෑ ඔයා මේ දේවල් මේ තරම් ඉවසලා බලාපොරොත්තු උනේ මොකක්ද කියලා."
එයා මගෙන් එහෙම අහද්දි මම ඉස්සරහා පොකුණට පැත්තට ඇස් හරව ගත්තා. මම ආසයි කිසිම මනුස්සයෙක්ට හානියක් වෙන්නෙ නැතුව මේ ප්‍රශ්න විසඳෙනවා නම්. ඒකයි මම මේ දේවල් කියලා එයාවත් කාවවත් ගිනි තිබ්බෙ නැත්තේ. අනික ගහ මරාගෙන ප්‍රශ්න විසඳගන්න උවමනාත් නෑ. ඒකෙන් වෙන්නෙ අපිටත් හානියක් වෙන එක.
"මම කැමති උනේ නෑ ඔයාගෙයි රාදිතාගෙයි මැරේජ් එක බ්‍රේක් වෙනවට. මොකද ඔයයි රාදිතයි ආදරේ කරනවා නම්......"
"මම එයාට පොඩ්ඩක් වත් ආදරේ නෑ."
එකපාරටම හේෂාන් එහෙම කියද්දි මම ක්ෂණිකව හැරිලා එයා දිහා බැලුවා. මුලදි හැමෝමව අවිශ්වාස කරලා එයා රාදිතාව විශ්වාස කලේ ප්‍රපෝසල් මැරේජ් එකක් නිසාද. ඊයෙ වැටුණා වගේම ගැට ගොඩක් ආයෙමත් මගෙ ඔළුව ඇතුලේ ගොඩ ගැහිලා මම වත් නොහිතපු විදිහට.
"එතකොට ඔයා මෙච්චර කාලයක් රාදිතා එක්ක ඉඳලා කලේ මොනවද හේෂාන් ?"
"ඔයාට ආදරේ කරපු එක."
ඒ තද අළු පාට ඇස් වලින් එයා මගෙ ඇස් දිහා කෙලින්ම බලලා එහෙම කියද්දි මම ගොළුවෙක් උනා. එතකොට ගෙවුණු මේ කාලෙටම මම එයාව අතාරින්න හදන කොට එයා මට ලං වෙන්න උත්සහ කරලා තියෙනවද. නෑ නෑ එහෙම වෙන්න බෑ. ඒක කොහොමටවත් වෙන්න බෑ.
"ජෝක් කරන්න එපා.. ප්ලීස්.."
"ඔයා දන්නවනේ මම හැමවෙලේම ජෝක් කරන කෙනෙක් නෙවෙයි කියලා."
මම දන්නවා ඒක. ඒත් මිස් යුනිවර්ස් උන රාදිතාව මැරි කරනවා කියලා නිව්ස් පේපර්ස් වල පවා පබ්ලිෂ් වෙලා තියෙද්දි වෙලා තියෙද්දි එයා මොකක්ද මේ කරලා තියෙන්නේ. මගෙන් වෙන් උන එයාට හොර රහසේ මට ආදරේ කරන්න අයිතියක් නෑ දැන් කොහෙත්ම. අනික මේක රාදිතාට කරන අසාධාරණයක් නෙවෙයිද. රාදිතා කොච්චර නපුරු උනත් එයාගෙ හිතේ හේෂාන් ගැන දශමයක හරි ආදරයක්, සෙනෙහසක් තියෙනවා නේද. ඉතින් ඒකට හේෂාන් දෙන තෑග්ගද මේ ?
"ඔයාට තේරෙන්නෙ නැද්ද හේෂාන්. ඔයා රාදිතාව රවට්ටනවා කියලා. ඇයි මෙහෙම ගෑනු ළමයෙක්ට අසාධාරණයක් කරන්නේ ?"
"රාදිතා කියන්නෙ ඔයා වගේ අහිංසක ගෑනු ළමයෙක් නම් මම එයාට ඒ ගෞරවය දෙනවා මින්දි. ඒත් එයා එහෙම කෙනෙක් නෙවෙයි. එයා තමයි මම දැකපු ටොක්සික්ම ගෑනු ළමයා."
"ඇයි එහෙම කියන්නේ ඔයා ?"
"රාදිතාම තමයි ටනාෂියා එක්ක ඩීල් එකක් ගහලා මං එක්ක පිසිකල් කනෙක්ෂන් තියන්න කිව්වේ."
"මොකක් ?"
කිසිම විටෙක මම නොහිතපු දෙයක් එයා සැහැල්ලුවට කියලා දැම්මේ මගෙ ඇඟ අමුතු සීතලකින් ආක්‍රමණය කරද්දි. එතකොට ඒකද එයා සදහටම ටනාෂියා එක්ක තිබ්බ කනෙක්ෂන්ස් නවත්තලා දැම්මේ. අනික එදා අපි නිගම්බු ගිහින් එද්දි ටනාෂියා එයාගෙ ෆෝන් එකට දාලා තිබ්බ මැසේජ් දෙකටත් පාදක වෙච්චි හේතුව මේකද. ඔළුව තදේට රිදෙන්න පටන් ගද්දි මට මතක් උනා එදා එයාගෙ ෆෝන් එකේ ස්ක්‍රීන් එකට ආපු ටනාෂියාගෙ මැසේජ් දෙක.
❝ ඔයා මාත් එක්ක තරහින්ද ඉන්නේ ❞
❝ මම දන්නවා හේෂාන් මම ලොකු වැරැද්දක් කලේ. ඒත් දැන් මම කලින් ටනාෂියා නෙවෙයි. මම ගොඩක් වෙනස් උනා ඔයා නිසා. සෝ ප්ලීස්. එක වතාවක් මම කියන දේ අහන්න. වුණ හැමදෙයක්ම මම පැහැදිලි කරන්නම් ❞
එදා මට දැනුණා ඒ මැසේජ් දෙක පිටි පස්සෙ ලොකු කතාවක් ඇති කියලා. ඒ වගේම අහස් හේෂාන් දෙන්නම මට හැමදාම කිව්වේ 'ඔයා හැමදෙයක්ම වෙලාව ආවම දැනගනී' කියලා. එතකොට ටනාෂියාව හේෂාන් ගාවට එවලා තියෙන්නෙ රාදිතාද. ඒකත් මොන හේතුවකටද. සිංහලෙන්ම කියනවා නම් තමන්ගෙ ටු බී හස්බන්ව සිඩියුස් කරගන්න වෙන කෙල්ලෙකුට බාර දෙන්නෙ කව්ද. රාදිතා එච්චර මෝඩ වැඩක් කලේ මොන හේතුවක් අරඹයාද ?
"අපි ගිවප් උනත් ඔයා එක්ක මම හැමවෙලේම හිටපු නිසා රාදිතාට ඕනි උනා ඔයාට මාව එපා කරවන්න. ඒකට එයා ටනාෂියාව යූස් කරලා තියෙනවා. ඉස්සෙල්ලාම වන් මිලියන් දීලා එයාට මාව එයාගෙ පැත්තට නම්මගන්න කියලා තියෙනවා."
°•°•°•°
එදා මින්දිව එයාපෝර්ට් එකට දාලා එන දවසේ හේෂාන් ක්ලබ් එකට ගියා. තිබ්බ දුක නැතිවෙයිද බලන්න එයා ඩ්‍රින්ක්ස් ගත්තා. ඒත් ඒකෙන් උනේ එයාට අඩියක්වත් ඉස්සරහට ගන්න බැරි වුණ එක. ක්ලබ් එකෙන් එළියට ආපු කොල්ලා කාර් එක ලඟට යන්නයි උත්සහ කලේ. ඒත් තව දුර යන්න බැරි නිසාම එයා, ළඟ තිබ්බ ලයිට් කණුවක් අල්ලගෙන එතනම බිම ඉඳගත්තා.
එවෙලේ හේෂාන්ට මෙලෝ සිහියක් නෑ. මින්දිව අයින් කරලා දාලා, එයාපෝර්ට් එකේ තනි කරලා දාලා ආවම දැනුණු දුකට වගේම පසුතැවිල්ලට එයාට ලිමිට් එක පන්නලා ඩ්‍රින්ක්ස් අරගෙන මේ දේවල් අමතක කරන්න හිතුණා. ඒත් නොහිතපු විදිහට ආපු තද ඔළුව කැක්කුමයි, කැරකිල්ලයි ඇඟට පණ නැති ගතියයි ඒ හැමදේටම බාධාවක් උනා.
"Hello."
කණුවට හේත්තු වෙලා කකුල් දෙක අතරට ඔළුව ගහන් ඉන්න පිරිමි ළමයෙක් දැකලා ටනාෂියා එතෙනට ඇවිත් කතා කලා. ටනාෂියාට නම් ක්ලබ් එක, ඩ්‍රින්ක්ස් කියන දේවල් හොඳට පුරුදුයි වෙන කාට නැතත්.
"ඇයි ඔයා මෙතන ?"
ටනාෂියා තමා ඉස්සරහින් හිටගෙන එහෙම අහද්දි හේෂාන් ඔළුව උස්සලා බැලුවේ මේ ආගන්තුක යුවතියව අඳුනගන්න. පෙනුමෙන් කොල්ලට තේරුණා මෙයා එසේ මෙසේ කෙනෙක් නෙවෙයි කියලා. ඒත් ඇඟට දැනුණු පණ නැති ගතිය නිසා කොල්ලට ටනාෂියාව මගාරින්න බැරි උනා.
"ඔයාට හෙල්ප් එකක් ඕනිද ?"
"No.. Mind your own business."
"Why.. මම ඔයාට හෙල්ප් කරන්න නේ අහන්නේ."
"මට ඕනි නෑ."
පූස් පැටියෙක් වගේ හොරෙන් බලලා හේෂාන් එහෙම කියද්දි ටනාෂියාට එයා ගැන අමුතු හැඟීම් පහල වුණා. ඒ දවස් වල හේෂාන් මහ ලොකුවට ජනප්‍රිය කෙනෙක් නෙවෙයි. ඒත් ටනාෂියා දැනගෙන හිටියා මේ ඉන්නේ ලංකාවේ කෝටිපති ව්‍යාපාරිකයෙක් උන ශෂීන්ද්‍ර යුවසිංහගෙ ලොකු පුතා කියලා.
"ගර්ල්ෆ්‍රෙන්ඩ් තරහා උනාද 😌 ?"
"මම කිව්වනේ වද නොදී යන්න කියලා."
"Sorry ඔයාට කරදරයක් නම් මාව. ඒත් ඔයාට අද දවසම මෙතන ඉන්න බෑනේ. කැමති නම් මං එක්ක මගෙ ප්ලේස් එකට යමු. මම ඔයාගෙ ඔය අන්කොන්ෂස් ගතිය යවන්නම්."
"Really ?"
"Yeah."
ඒ පාර නම් හේෂාන් වෙන කරන්න දෙයක් නැති නිසාම ටනාෂියාගෙන් උදව් ඉල්ලගෙන නැගිට්ටා. දැන් තමන්ට කාර් එක ඩ්‍රයිව් කරන්නත් බෑ කියලා කොල්ලා දන්න නිසයි ටනාෂියා එක්ක යන්න හිතුවේ.
"ඔයාට මම කිසිම කරදරයක් කරන්නෙ නෑ. ඒ නිසා බය වෙන්න එපා."
ටනාෂියාගෙ වචනේ විශ්වාස කරපු හේෂාන් ගියා කෙල්ල ඉන්න අපාර්ට්මන්ට් එකට. එදා එයාලා අතර දෙයක් වුණා නම් උනේ හේෂාන් අන්කොන්ෂස් වෙලා හිටපු නිසා. ඒ වගේම ටනාෂියාටත් ආශාවක් ඇති උනා හේෂාන්ට ලං වෙන්න. ඒ නිසා කෙල්ලත් ඒක වළක්වන්න ගියේ නෑ.
°•°•°•°
"එදා මම ටනාෂියා එක්ක හිටියා කියලා දැන ගත්තට පස්සෙ රාදිතාට ඕනි උනා ඒ සිද්ධිය එකට ගලපලා ටනාෂියාව මට තවත් ලං කරන්න. ඒකයි එයා ටනාෂියාට කියලා තියෙන්නේ මාව අතාරින්න එපා කියලා. ඊට පස්සෙ එදා සිද්ධියෙන් වෙන් වෙලා හිටපු එයා ආයෙමත් මගෙ ලඟට ආවා. දෙවනි පාර එයා මාව මටත් හොරෙන් ඉන්ටොක්සිකේට් කරා."
එහෙම කියපු එයා මොනාද මංදා තව කොළ දෙකක් මගෙ අතට දුන්නා. ඒ කොළ දෙකේ තිබුණේ රිපෝට් එකක්. ඒකත් බ්ලඩ් එකක් චෙක් කරපු රිපෝට් එකක්. කොළේ පහලම එක කවුන්ට් එකක තිබුණා එයාගෙ ලේ වලට ඩ්‍රග් එකක් වැඩි ප්‍රමාණයකින් ඇතුළු වෙලා තියෙනවා කියලා.
"එයා මට ටොක්සික්ම ඩ්‍රග් එකක් දීලා මාව අන්කොන්ෂස් වෙන්න. පළවෙනි පාර වතුර එකකට කලවම් කරලා දීලා තියෙනවා. දෙවනි පාර පිල් එකක් විදිහට. එයා හොඳට ඩ්‍රග් යූස් කරන කෙනෙක්. එක දවසක් ප්ලෑන් එකක් ගැන කතා කරගන්න ඕනි කියලා ක්ලබ් එක ඉස්සරහට ගෙන්න ගෙන වතුර එකකට කලවම් කරලා දුන්නා, දෙවනි පාර මගෙ පාර්ටි එක දවසේ. අසනීප වැඩි වුණ නිසා මම රූම් එකට ආවා බේත් එකක් ගන්න. එවෙලෙ එයා මගෙ පස්සෙන් ඇවිත් මට පිල් එක අරන් දෙන්නම් කියලා, ඒ වෙනුවට එයාගෙ ඩ්‍රග් ඉන්ක්ලූඩඩ් පිල් එක දීලා මගෙ ඇඟට ඩ්‍රග් එක දැම්මා. එවෙලෙ තමා ඔයා අපි දෙන්නා කිස් කරනවා දැක්කේ. මට එවෙලේ එනර්ජි එක තිබුණෙ නෑ එයාව නවත්තන්න. ඒ තරමට ඒ ඩ්‍රග් එක ඉන්ටොක්සිකේට්."
"පස්සෙ ඩොක්ටර් මට පෙන්නුවා මේ ඩ්‍රග් එක නිසා මට වෙලා තියෙන දේ. ඔය බ්ලඩ් රිපෝට් එක ඊට පහුවෙනිදා ගත්තු එක. රාදිතාට ඕනි උනා ටනාෂියාට කියලා මාව ඔයාට එපා කරවන්න. ඒත් එයා ටනාෂියාට කිව්වෙ නෑ මට ආදරේ කරන්න කියලා. හැබැයි තමා එක්ක ඩීල් එක ගහපු රාදිතාවත් රවට්ටලා ටනාෂියාට ඕනි උනේ මට ලං වෙලා රාදිතාවයි ඔයාවයි දෙන්නම මගෙන් ඈත් කරන්න. කොටින්ම කියනවා නම් අන්තිමට ටනාෂියා රාදිතාට විරුද්ධ වෙලා ඇන්ඩෲස්ගෙ වැරදි ගැනත් මට එවිඩන්ස් හොයලා දුන්නා."
මම දන්නෙ නෑ ඇයි මගෙ ඇස් වලට කඳුළු ආවෙ කියලා. ඒ ආපු එක කඳුළක් කම්මුල දිගේ පෙරිලා ගිහින් බ්ලඩ් රිපෝට් එකට වැටුණා. එයා ඒක දැක්කා මම හිතන්නේ. ඔව් ඒක හරි. එයා දැක්කා මම අඬනවා. එයාට කලින් සලකපු විදිහ, බොරු චෝදනා පටවලා බැනපු විදිහ මතක් කරලා මම අඬනවා එයා දැක්කා. ඒ නිසාම එයා මගෙ කම්මුල් දෙකෙන් අල්ලලා ඒ කඳුළු පිහදලා දැම්මා. මම අනන්තවත් අහලා තියනවා කන් වලට ඇහෙන දේ නෙවෙයි ඇස් වලට පේන දේත් විශ්වාස කරන්න බෑ කියලා. ඒත් මගෙ තියෙන මුරණ්ඩුකමට මට බැරි උනා එයාව එක වතාවක් හරි විශ්වාස කරන්න.
❝ තමන්ට තමන්ව කන්ට්‍රෝල් කරන්න බැරි මිනිස්සු දෙන අවවාද අනුශාසනා මම භාර ගන්නෙ නෑ හේෂාන් ❞
❝ ඔයාට ඒ දේවල් අමතක වෙන්න තත්පරයක් ගියාට මට එහෙම වෙන්නෙ නෑ හේෂාන් ❞
❝ ඔයා මෙහෙම කියන්නේ ඔයාට ටනාෂියාව මිස්ට්‍රෙස් කරන් තියාගෙන ඉන්න ඕනි නිසාද ❞
❝ ආයෙ මම ඔයා ගැන හොයන්නෙ නෑ. අවුරුදු අටක ආදරේට ඔයා ගෞරවය කරන්නෙත් නැත්තම් මමත් ඒ ගෞරවය අදින් පස්සෙ ඔයාට දෙන්නෙ නෑ.. මිස්ටර් යුවසිංහ ❞
❝ ඒ කියන්නේ ඔයා තාමත් ටනාෂියාට ආදරෙයි ❞
❝ චෝදනා නෙවෙයි හේෂාන්. මම කතා කරන්නෙ ඇත්ත. මගෙ ඇස් දැකපු දේ. ඔයා දන්නවනේ මම සාමාන්‍යයෙන් දෙයක් මගෙ ඇස් වලින් දකිනකම්, කනට ඇහෙනකම් විශ්වාස කරන්නෙ නෑ කියලා ❞
අවුරුදු අටක් මං එක්ක ලිවින් ටුගෙදර් කරපු කෙනා දැන් කන්ට්‍රෝල් නැති කෙනෙක් වෙන්න හේතුව මම නිකමටවත් හොයලා බැලුවේ නෑ. මම කියපු දේවල් වලට එයාගෙ හිත නොරිදිලා තිබුණොත් තමයි පුදුම. මොකද මම කිව්ව දේවල් මතක් වෙද්දි මටම මං ගැන ලැජ්ජාවක් දුකක් දැනෙනවා.
❝ ඔයා දන්නෙ නෑ කනට ඇහෙන දේවල්, ඇස් වලට පේන දේවල් පවා විශ්වාස කරන්න හොඳ නෑ කියලා ❞
මම හින්ට් ගහද්දි එයා එහෙම කිව්වා මට මතකයි. අද ඔයා හරි හේෂාන්. පේන දේවල් වලින් වගෙම ඇහෙන දේවල් වලින් කිසිම දෙයක් මනින්න හොඳ නෑ. එදාත් අදත් මම ඔයාට දුන්න දුකට සමහරවිට මට ඔයාගෙන් සමාව ලැබුණත් දෛවයෙන් සමාව ලැබෙන එකක් නෑ. ඉස්සර ඔයා නපුරු වෙලා මට හින්ට් ගහන්නේ ඒ ඔයාගෙ හැටි නිසා. ඒත් කවදාවත් එහෙම නොකරපු මමත් නපුරු වෙලා ඔයාට එහෙම කරා.
"එදා ඔයා රෙසිග්නේෂන් ගන්න ආවම මම ඔයාව එළව ගන්න වගේ කතා කලේ මගෙන් ඔයා ඈත් වෙන්න ඕනි කියලා හිතපු නිසා. ඒත් දැනුයි මට තේරෙන්නෙ. මොන දේ කලත් මට ඔයාව ඕනි මින්දි. ඔයා නැති ජීවිතේ මට නිකන් හිස් ශීට් වගේ."
මගෙ කම්මුල් වලින් අල්ලගෙන එයා එහෙම කියද්දි මගෙ ඇස් වලින් කඳුළු ගොන්නක් පහලට කඩන් වැටුණා. මට ඔයාව විශ්වාසයි මොන දේ කලත්. කලින් හිටපු ඔයා පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ, වෙනස් වෙලා කියලා මම හිතුවට. ඇත්තටම මේ ඉන්නේ මට ඉස්සර ඉඳන්ම ආදරේ කරපු හේෂාන් යුවසිංහම තමයි.
"ඔයා හිතනවා නම් මම කියන්නෙ බොරු කියලා, මං ගාව රාදිතා ටනාෂියා එක්ක ගහපු ප්ලෑන් එකේ ෆයිල්ස් පවා තියෙනවා. ලංකාවට ගියපු දවසක මම ඒක පෙන්......"
"ඇති.."
එයාගෙ තොල් වලට අත තියලා මම එහෙම කිව්වේ තවත් අහන් ඉන්න බැරි නිසා. අවුරුදු එක හමාරක්ම මම ඉඳලා තියෙන්නේ වැරදි වැටහීමක. ඒක පිළිගන්න මේ තියෙන සාක්ෂි හොඳටම ඇති මට. ඒත් දැන් මට හිතා ගන්න බැරි මම කොහොම එයාට මූණ දෙන්නද කියලා.
"මට.. සමාවෙන්න.. හේෂාන්.. I'm.. sorry.."
මම එහෙම කියද්දි මගෙ ඇස් වල කඳුළු පිහදපු එයා මාව ඒ පපුවට හේත්තු කරගත්තා. එයාගෙ ඉන වටෙන් අත දාපු මම ඒ පපුවට ගුලි වුණා. මේ සුවඳ මට හරි සමීපයි වගේම හුරුයි. ඉතින් වෙන කොහෙද මේ වගේ සැනසීමක් මට ලේසියෙන්ම ලැබෙන්නේ ?
........................................................... 🖤 ...
ඔන්න ලොකුම ප්‍රශ්නයක් විසඳුවා 😎
දැන් නම් මට සැනසීමක් දැනෙනවා. මොකද ගොඩක් රීඩර්ස්ලගෙන් වෙන ත්‍රෙට් අඩු වෙයි. නැත්තම් මාව ගෙදරට ඇවිත් මරලා පාර්සල් කරලා යවන සීන් එකක් තිබ්බෙ කට්ටියම 💀😁
Sachy Collins