Spring is far away - 86
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 86 | The lily bouquet
"දැන් මට මොකක්ද කරන්න කියන්නේ 😑."
"අපි දෙන ඩ්‍රෙස් එක ඇඳලා ශූට් එකට ලෑස්ති වෙන්න කියන්නෙ."
"මට බෑ ඔය බාග කෑලි අඳින්න."
"හරි මම ඔයාට ටිකක් දිග ඩ්‍රෙස් එකක් සෙට් කරලා දෙන්නම්."
"මගෙ ඇඟ ඕනෑවට වඩා නොපෙනෙන ඩ්‍රෙස් එකක් නම් මම කැමතියි. එහෙම නොවුනොත් මම එන්නෙ නෑ පැත්තකට වත්."
"හරි.. එන්නකො යන්න මාත් එක්ක. මම ඩිසයිනර්ට කියලා එකක් ඔයාට Choose කරලා දෙන්නම්."
එහෙම කියපු අක්කා මාව ඇදගෙන ගියේ එකේක විදිහේ ඩ්‍රෙසස් තියෙන රූම් එකකට. දිග ඒවා කොට ඒවා, මම එහෙදි අඳිනවා වගේ නෝමල් ඒවත් එතන තිබුණා. ටික වෙලාවක් ඒ ඩ්‍රෙසස් ටික චෙක් කරපු අක්කා දණහිසෙන් පහලට තියෙන ලා නිල් පාට අත් පටි ගවුමක් අරගත්තා. දෙපැත්තෙන් ලොකු පොකට් දෙකක් තියෙන Voluminous Skirt එකක් තියෙන ගවුමක්.
"මේක කොහොමද ?"
"හොඳයි."
"එහෙනම් අර රූම් එක ඇතුලට ගිහින් ඕක චේන්ජ් කරගෙන එන්න. මේකප් එකකුත් දාලා හෙයාස්ටයිල් එකත් රෙඩි කරන්න ඕනිනේ."
"හ්ම්ම්."
මම එහෙම කියලා රූම් එක ඇතුලට ගියා. ඒ ගවුම නම් ලස්සනයි. ඒත් පපුවට පහලින් බඩ හරියෙන් ත්‍රිකෝණාකාර හිඩැස් දෙකක් පෙලට තියෙනවා. මට මතකයි මීට සමාන ෆැශන් එකක් ඒ දවස් වල ලංකාවටත් ඇවිත් තිබුණා. ඒත් මම ගත්තෙ නෑ ඒ එකක්වත්. කමක් නෑ කියලා ඒක ඇඳගෙන මම චේන්ජ් රූම් එකෙන් එළියට ආවා. මම එද්දි අක්කා හල්ටර් නෙක්ලයින් එකක් තියෙන, පැත්තෙන් ටිකක් උස ස්ප්ලිට් එකක් තියෙන දිග ටයිට් ඩ්‍රෙස් එකක් ඇඳලා හද හදා ඉන්නවා.
"වාව්.. ඒ ඩ්‍රෙස් එක නම් සුපර්."
මගෙ ඩ්‍රෙස් එක දිහා බලලා අක්කා එහෙම කිව්වා. ඒත් මට නම් මේක සුපර් එකක් නෙවෙයි. පුළුවන් තරම් ඉක්මනට මම මේ විකාර ශූට් එකෙන් අයින් වෙලා යන්න ඕනි.
"අපි යමු හෙයා එක හදන්න."
අක්කා මාව එක්කගෙන ගියා මේකප් ආර්ටිස්ට් කෙනෙක් ඉන්න රූම් එකට. එයා මට මගෙ පාටටම ගැලපෙන ෆවුන්ඩේෂන් එකක් දාලා දුඹුරු පාට මැට් ලිප්ස්ටික් එකක් ගෑවා. වෙනම ලෑෂස් දාන්න ගියෙ නෑ, තිබ්බ ටිකට මස්කාරා ගෑවා මිසක්. දැන් නම් මගෙ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. වෙනදට මම මෙහෙම මේකප් කරන කෙනෙක් නෙවෙයිනේ. අවසානෙට තව ගෑනු ළමයෙක් ඇවිත් මගෙ කොණ්ඩෙ හැදුවා. උඩින් පෝනි ටේල් එකක් දාලා, ටේල් එකේ කොටස කර්ල් කරලා ඔළුවට තද වුණ කොණ්ඩෙ තැනින් තැනට සිල්වර් පාට රයින්ස්ටෝන් ඇලෙව්වා.
"All Finished."
එයාලා එහෙම කියද්දි මම පුටුවෙන් නැගිටලා රූම් එකෙන් එළියට ගියා. අක්කා දොර ලඟට වෙලා මම එනකම් බලාගෙන ඉන්නවා. එයා නම් සයිඩ් එකට කොණ්ඩෙ කර්ල් කරලා, මම ඔෆිස් යන්න දානවා වගේ.
"Wow.. ඔය විදිහට ආයෙ ලංකාවට ගියොත් ඉපදුනේ ලංකාවේ කියලාවත් හිතාගන්න බැරුව යනවා."
"මට මේක ඇඳගෙන ඉන්න අමාරුයි.. පුළුවන් නම් ඉක්මනින් අපි ශූට් එකට යමු."
මම එහෙම කියද්දි අක්කා රවලා වගේ මගෙ මූණ දිහා බැලුවා. ඉතින් මම ඇත්තනේ කිව්වේ. දැනටමත් මාව කසනවා වගේ මේක ඇඳන් ඉදලා. මගෙ අඳෝනාව අහන් ඉන්න බැරි නිසාමද කොහෙද අක්කා මාව ඇදගෙන ගියා වෙනම හෝල් එකකට. ගිහින් පඩි පෙළක් අයිනේ නැවතුණා. පහල ගොඩක් අය ලෑස්ති වෙලා හිටියා. ඒ අතර ජෙනිෆර්, වියානා, බෙලා, එරිකා කියන ෆේමස්ම ඇමරිකන් මොඩ්ල්ස්ලා ටික හිටියා.
"Oh.. This is Maheesha Rupasinghe, From Sri Lanka. And this is her younger sister Mindi Amelia."
මම අක්කා එක්ක පඩිපෙළ බහිද්දි ජෙනිෆර් එහෙම කියලා හැමෝටම මාවයි අක්කවයි අඳුන්වලා දුන්නා. අපි පහලට ගියාට පස්සෙ ගොඩක් අය අපි එක්ක හෑන්ඩ් ශේක් කරා. මං එක්කත් සමහර අය කතා කරා. ඒත් එයාලා වැඩිය අනිත් මොඩ්ල්ස්ලා එක්ක කතා කරන්නෙ නෑ එයාලා පරණ අය නිසා. ටිකක් ලොකුකමින් ඉන්නේ.
අවසානෙට ශූට් එක පටන් ගත්තා. අක්කා මීට අවුරුදු ගාණකට කලින් තෝරපු ඉන්ටර්නැෂනල් මොඩ්ල් ශෝ එකෙන් ලංකාවෙන් හිටපු එකම, ලස්සනම ඇඟක් තියෙන, පැහැපත් හමක් තියෙන කෙනා උනා. ඉතින් එයා පැජෙන්ට් ගිය රාදිතාට වඩා ෆේමස්. එහෙව් එකේ මේ වගේ චාන්ස් එකක් එයාට ලැබුණ එක අහන්නත් දෙයක් නෙවෙයි. ඒත් මේ මැගසීන් එකට මම හවුල් වුණ ෆොටෝ එකක් ගියොත් එහෙම මුළු ලෝකෙම පුදුම වෙයි කොහෙවත් ඉන්න කෙල්ලෙක් ලෝක ප්‍රසිද්ධ මැගසීන් එකකට ගියෙ කොහොමද කියලා.
පැය ගාණක් එකේක පෝසස් වලට හිටියා අපි. විශේෂයෙන්ම අක්කා. මම හිටියේ දෙක තුනකට විතරයි. එතනින් එහාට මම ඉන්න කැමති උනෙත් නෑ මට ඉන්න තරම් මානසිකත්වයක් තිබුණෙත් නෑ. කොහොම හරි හවස හතර වෙද්දි අක්කටයි මටයි පුළුවන් උනා එළියට එන්න. අක්කා මාවයි ඈශ්ලිවයි දෙන්නවම හොටෙල් එක ඉස්සරහින් දාලා එයාගෙ ප්ලේස් එකට ගියා. තවත් පරක්කු නොවී අපි දෙන්නම ඇතුලට ගියා. මම එලෙවේටර් එකට නගිද්දි ඈශ්ලි කට හදාගෙන එනවා මොනා හරි කියන්න.
"හේෂාන් සර් එක්ක මෑම් රණ්ඩු උනාද ?"
"ඒ මොකටද ?"
"නෑ ඉතින්.. දැන් දෙන්නා තරහයිනේ."
"තරහා නෑ මම එයා එක්ක. තිබ්බ කනෙක්ෂන් අතෑරියා විතරයි. ඊයෙත් මම එයා එක්ක හොඳින් කතා කලා, අදත් මම එයා එක්ක එහෙම කතා කරනවා, හෙටත් කතා කරනවා."
"හ්ම්ම්.. බැරි වෙලාවත් මොනවා හරි උවමනාවක් උනොත් මෑම් මට කතා කරන්න."
"බලමු."
එහෙම කියපු මම එලෙවේටර් එකෙන් එළියට ඇවිත් මගෙ රූම් එකට ගියා. ඈශ්ලිත් එයාගෙ රූම් එකට ගියා. මම යද්දි හේෂාන් කොහෙ හරි ගිහින්. හැබැයි මම හදපු රාමෙන් එක කාලා ඒ කප් එකත් හෝදලා ගිහින් එයා. ඉතින් එයා එන්න කලින් නාගන්න ඕනි නිසා මම බාත්රූම් එකට ගියා. දවස බිසී උනාම නාපු ගමන්ම වැඩ පැත්තක තියලා නිදියන්න හිතෙනවා. ඒත් එයා ආයෙ එන්න කලින් රෑටත් මොනා හරි ඕඩර් කරන්නවත් ඕනි.
කොටු වතුර මලෙන් එන වතුර මැදට පැනලා මම හොඳට නාගත්තා. නාගෙන අලුත් ගවුමක් ඇඳගෙන බැල්කනියේ සෝෆා එකෙන් ඉඳගත්තා. බැල්කනි එකට හිතනවාට වඩා ලස්සනට ටවුන් එක පේනවා. විශේෂයෙන්ම ගස්, මල් වලින් බර වෙලා තියෙන විදිහ. පාරෙ හැම තැනම වාහන වල එළි කහ පාටින් රතු පාටින් කැපිලා පෙනුණා. ඒ වගේද අහස. හැන්දෑවෙ අහස කොච්චර ලස්සනද කියනවා නම් මම ආසම හවසට රාස්සි ඇවිත් අහසෙ එලන පාට පාට සේද වලට.
🎶 Ding..
රූම් එකේ දොර ඇරෙනවා සද්දෙ ඇහුණා මට. හැරිලා බලද්දි එයා ඇවිත් සපත්තු දෙක ගලවනවා සෝෆා එකක ඉඳන්. ඉතින් මම නැගිටලා ගිහින් එයා ඉස්සරහම සෝෆා එකකින් ඉඳගත්තා.
"රසයි රාමෙන් එක."
"ඒක මගෙ රෙසිපියක් නෙවෙයිනේ. පැක් එකේ තියෙන විදිහට හැදුවේ. ග්‍රීන්පීස් ටිකක් දැම්මා, එච්චරයි."
"ඒත් මම අහලා තියෙනවා. සමහර අයගෙ අතින් Instant Noodles හැදුවත් රසයි කියලා."
සෝෆා එකෙන් නැගිටපු එයා ඇඳ ලඟට ගිහින් උඩ ඇඳුම් එකින් එක ගලවන්න ගත්තා. මගෙ අතින් හදන දේවල් රසයි කියලා එයා ඒ කාලෙ කොච්චර නම් හීල්ලුවද. ඉතින් ඒ පුරුද්දට වෙන්න ඇති මේ අදටත් වර්ණනා.
ටික වෙලාවක් මම සෝෆා එකට හේත්තු වෙලා එයා ඇඳුම් එකින් එක ගලවනවා බලාගෙන හිටියා. මට මේ දේවල් නුහුරු දේවල් නෙවෙයි. මම දහස් වතාවකට වඩා එයාගෙ ඇඟ දැකලා ඇති. ඒත් මම ඒ දිහා වෙනදට හරි ඕනෑකමින් බලන්නෙත් නෑ. මට එහෙම කරන්න හිතුණෙත් නෑ. මොකද ඒ කාලෙ මම ලිවින් ටුගෙදර් කරපු ෆ්‍රස්ට් ඇන්ඩ් ලාස්ට් ටයිම් එක. සමහරවිට මේ සති දෙක තුනෙන් පස්සෙ අපි මේ තරම් ලං වෙන එකකුත් නෑ එකට නිදාගන්න වෙන එකකුත් නෑ.
"රෑට මොනවද කන්නේ ?"
"ඕඩර් කලා නම් හරි."
"මොන වගේ දෙයක්ද.. පැස්ටා වගේ."
"එහෙමත් අවුලක් නෑ."
එයා ටවල් එක ඇඳගෙන බාත්රූම් එකට යද්දි, මම එයාගෙ ඇඳුම් ටික එකතු කරා. වෙනදට එයා මේ සේරම එකතු කරලා හෝදන්න දානවා. ඒත් අද එයාට මහන්සි පාටයි. මමයි එයයි මොන වගේ තත්වෙක හිටියත් දැන් මම එයාට අනිවාර්යයෙන්ම උදව් කරන්න ඕනි. මොකද එයා ලෙඩෙක්, ඒ නිසා එයාට ඕනෑවට වඩා මහන්සි වෙන්න දෙන්න හොඳ නෑ. එහෙම හිතන් මම එයාගෙ ඇඳුම් ටික එකතු කරලා බාත්රූම් එක අයිනෙන් තිබ්බා. නැත්තම් ඕක හෝදන්න මතක් වෙන්නෙ නෑ අපි දෙන්නගෙන් එක් කෙනෙකුට වත්.
ක්රීක්..
රෙදි ටික තියලා මම නැගිටිද්දිම එයා දොර ඇරගෙන එළියට ආවා. උළුවස්සට එක අතක් තියාගෙන හේත්තු වෙලා එයා මගෙ මූණ දිහා අමුතු විදිහට බලාගෙන හිටියේ ඉස්සර කෙනා වගේමයි. ඒ බැල්ම දරාගන්න බැරි කමට මම මගෙ ඇස් බිමට හරව ගත්තා.
"මම දන්නවා. අපි එදා නිගම්බු ගිහින් එද්දි ටනාෂියා මට එවපු මැසේජ් ටික ඔයා දැක්කා. ඔයාට ඒ ගැන ප්‍රශ්නයක් තිබුණත් ඔයා මගෙන් ඒ ගැන වචනයක් වත් ඇහුවෙ නෑ. කවදා වෙනකම් ඔයා ඔයාගෙ ඔය හිතේ තියෙන ප්‍රශ්න මගෙන් හංගන්නද ?"
එයා නොහිතපු දෙයක් කියද්දි මම ආයෙමත් වතාවක් ඒ ඇස් දිහා බැලුවා. එයා 'මම හැරෙද්දි දන්නවා' කියන කියමන මම හැමවෙලේම මතක් කරන්නෙ බොරුවට නෙවෙයි. එදා අවුලෙන් හිටපු මම වැස්සෙ සීතලේම, කූල් කැපචිනෝ දෙකක් ගේද්දි එයාට මගෙ වෙනස දැනෙන්න ඇති. එයා කියනවා වගේම මට අදටත් මතක් වෙනවා ඒ මැසේජ් දෙකේ කියලා තිබුණු ඒවා. එක වෙලාවකට මට හිතෙනවා ඔයා වැරදිකාරයෙක් නෙවෙයි කියලා.
"මම අද ඔයාගෙන් ඒකට උත්තර ඇහුවොත් ඔයා මට ඇත්තම කියනවද හේෂාන් ?"
"ඔව්.. මම ඇත්ත කියනවා. විශ්වාස කරන එක ඔයාගෙ අතේ."
"මට කියන්න. මේ හැමදෙයක්ම උනේ ඔයාගෙ කැමැත්තෙන් නෙවෙයි කියලා. ඔප්පු කරන්න ඔයා එදා මාව යුවසිංහ ගෲප් එකෙන් එළව ගත්තේ බොරු රඟපෑමක් කරලා කියලා."
"ඔව්.. මෙච්චර කාලයක් මම කරපු ගොඩක් දේවල් මගෙ කැමැත්තෙන් උන දේවල් නෙවෙයි. සමහර අවස්ථා වල මම නොදැනුවත්වම සමහර අයගෙ අතකොළුවක් උනා."
එයා එහෙම කිව්වෙ ඇන්ඩෲස්යි එයාගෙ දුවයි කරපුවා නිසා වෙන්න ඇති. එයාට දැන් රාදිතාව එපාම වෙලා තියෙන්නෙ කියලා එදා අරුෂි මැඩම් කිව්වනේ මට. අනික එයා අහස් එක්ක එකතු වෙලා පරිස්සම් කරන් ඉන්න කොළ දෙකත් එයා අද මට මෙහෙම ඇත්ත කියන්න යන එකට හේතු කාරණා වෙන්න ඇති.
"කියන්න මට. මං අහන් ඉන්න ලෑස්තියි."
"ඒක කියන්න වෙලාව නෙවෙයි දැන්."
"එහෙනම් කවදද ඔයා මට මේ දේවල් කියන්නේ ?"
හැම කෙනෙක්ම මගෙ කුතුහලය අවුස්සනවා මිසක, කවදාවත් මට දෙයක් කියලා නෑ හරියට. අයියත් එහෙමයි, අක්කත් එහෙමයි අහසුත් එහෙමයි, දැන් ඔයත් එහෙමයි හේෂාන්.
"හෙට හවස මං එක්ක පාක් එකට යන්න එන්න. මම එතනදි නිදහසේ කියන්නම් හැම දෙයක්ම."
එහෙම කියපු එයා රෙදි ටිකත් අරගෙන බාත්රූම් එකේ දොර වැහුවා. වහල තියෙන දොර ඉස්සරහා තනි වුණ මම, ඇතුලේ ශවර් එකේ වතුර වැටෙන සද්දෙ නිහඬව අහගෙන හිටියා. මීට මාස ගාණකට කලින්, ආයෙ එයාගෙන් කිසිම දෙයක් අහන්න අවශ්‍ය නෑ කියලා හිතපු මින්දි අද මෙහෙම තත්වෙකට වැටුණු එක සාධාරණයි, ටනාෂියා එවපු මැසේජ් ටික දැක්කම. තවත් වෙලා එතන හිටන් ඉන්න බැරි නිසා මම ඇඳට ගිහින් ඔළුව තියා ගත්තා. හිතුවට වඩා ඔළුව කකියනවා දැන් නම්.
විනාඩි විස්සක් විතර ගියා..
ඇඳේ කොනක හාන්සි වුණ මට ඉබේටම ලාවට නින්ද ගියා. ඒත් ටික වෙලාවකින් මට ඇහුණා බාත්රූම් එකේ දොර අරිනවා වගේ සද්දෙ. නැගිටලා ඔළුව උස්සලා බලන්න හදද්දිම මගෙ ඔළුව උඩින් අතක් තද උනා. මේ උණුහුම නම් මට නුහුරු නෑ. ඒ වගේම මේ සුදු පාට දිග ඇඟිලිත් මට කවදාවත් ආගන්තුක වෙන්නෙ නෑ.
"ඔළුව රිදෙනවද ?"
"ටිකක්."
"පැනඩෝල් දෙකක් දෙන්නද ?"
"හ්ම්ම්."
ආයෙමත් මම ඉස්සර වගේම එයා ඉස්සරහා ළදරුවෙක් ගානට පත් වෙන්න යනවා. ඒත් ඇත්තම කතාව නම් අද මම මේ තත්වෙට පත් වෙලා ඉන්නෙ ඔයා මගෙන් හංගන දේවල් නිසා. හැම තැනින්ම මට ඇහෙන්නෙ හේෂාන් රාදිතාගෙ ඇත්ත දැන ගත්තා කියලයි කොළ දෙකක් හම්බුණා කියලයි මේ හැමදේටම හේෂාන් වැරදි නෑ කියලයි විතරයි.
"මේක බොන්න."
එයා මගෙ ළඟින් ඉඳගෙන මගෙ අතට පැනඩෝල් පෙති දෙකක් දුන්නා. ඔයා මට ඕනි තරම් හින්ට් ගහලා ඇති, මාව අඬවලා ඇති. ඒත් ඔයා තරම් මං ගැන හොයලා බලන කෙනෙක් මේ ලෝකෙ කොහෙවත් නැති බවත් මම දන්නවා. ඇත්තටම කියනවා නම් ඔයා මං ගැන කෙයා කරනවා සයිලන්ට් එකේ. ඒක තමයි හේෂාන් යුවසිංහ කියන කෙනාගේ විශේෂත්වය.
එයා දුන්න වතුර එකත් අරගෙන මම පැනඩෝල් දෙක බිව්වා. ඉස්සර වගේ මට ආයෙමත් තද හිසරදය ඇල්ලුවොත් ඉවර වෙන එකක් නෑ ආයෙ බේත් කෝස් එකක් කරනකම්. ඒ නිසා මේ ගැන මම වැඩිය හිතන්න හොඳ නෑ. මට එහාපැත්තෙ ඉන්න එයාටත් මේ දේවල් ගැන වැඩිය තැකීමක් නැත්තම් මමත් මොකටද ඒ ගැන හිතන්නේ. අනික හෙට පාක් එකට ගිහාම එයා මට හැමදෙයක්ම කියනවා කිව්වනේ.
"Thank you."
"ඔයා අකමැති නම් මම ආයෙ ඒ දේවල් ගැන මතක් නොකර ඉන්නම්."
එහෙම කියපු එයා නැගිටලා ගිහින් වතුර වීදුරුව සින්ක් එක ළඟින් තිබ්බා. මාත් ඇඳෙන් නැගිටලා බැල්කනියේ පොඩි සෝෆා එකෙන් ඉඳගත්තා. ඒ කියන්නෙ එයා මම හිතන දේවල් ගැනත් දන්නවා. මගෙ ඔළුව කැක්කුමටත් හේතුව දන්නවා.
"එහෙම එකක් නෑ."
එයා තවමත් ටවල් එක පිටින්. ඒ නිසයි මම එයාට ඇඳගන්න දීලා බැල්කනි එකට ආවේ. බැල්කනි එකෙන් පේන රෑ දර්ශනය ලස්සනයි. ඉස්සර ඉඳන්ම මම ආසම දේවල් දෙකක් තමයි හවස ඉර බහිනවා බලන්නයි, රෑට ටවුන් එකක උස බිල්ඩින් එකක ඉඳන් වටේ බලන්නයි. ඉතින් දැන් මම බලන් ඉන්නවා ඒ දෙකම දිහා. ටික වෙලාවක් යද්දි එයා ඇඳගෙන ඉවර වෙලා කාඩ් කී එකත් අරගෙන රූම් එකෙන් එළියට ගියා. සමහරවිට මොනවා හරි අරගෙන එන්නද දන්නෑ. ඒත් එහෙම වෙන්න බෑනේ. සාමාන්‍යයෙන් සර්වන්ට් කෙනෙක්ට අපි කෝල් එකකින් දැන්නුවාම ඇති, දෙයක් රූම් එක ඉස්සරහටම ගෙන්නගන්න.
📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං
තියෝන්ගෙන් කෝල් එකක්. අද මම මෙහෙන් ෆෝන් එකකට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් හදාගත්තා. කාටත් හොරෙන්. නැත්තම් ආපු දවස් දෙකට ටුවරිස්ට් කෙනෙක්ට එහෙම කරන්න බෑනේ.
"Hello."
"මොකද කරන්නේ ?"
"නිකන් ඉන්නවා."
"රූම් එකේ අවුලක් උනා කියලා මට මහීක අයියා කිව්වා. දැන් කොහොමද ඒක."
"දැන් නම් අවුලක් නෑ. මට ඉන්න අලුත් රූම් එකක් හම්බුණා. ශූට් එකෙත් එක දවසක් ඉවර උනා."
"හ්ම්ම්.. මට දැනගන්න ලැබුණා හේෂානුත් එයාගෙ අක්කා කෙනෙක්ගෙ වෙඩින් එකක වැඩ වගයකට ඔහෙට ආවා කියලා. එයා ඉන්නෙ ඔයාගෙ හොටෙල් එකේමද ?"
දිවැස් තියෙනවා වගේ තියෝන් එහෙම අහද්දි මගේ රෝමකූප පවා කෙලින් උනා. එයාලා කිසිම කෙනෙක් දන්නෙ නෑ මම දැන් ඉන්නෙ හේෂාන් එක්ක එකම රූම් එකේ කියලා. හැබැයි තියෝන් මට මෙහෙම කිව්වේ එයා මම හේෂාන් එක්ක ඉන්න බව දැනගෙන, ඒක තමා දන්නවා කියලා අඟවන්න වගේ.
"නෑ.. එයා ඉන්නෙ වෙන එකක."
"පුදුමයි. ශ්‍රී ලංකන් නම්බර් වන් බිස්නස්මන් ලක්ස්රියස් හොටෙල් එකක ඉන්නවා මිසක දෙකයි පනෙහෙ ඒවට යන්නෙ නෑනේ."
"සමහරවිට එයා මවුන්ටන් එකේ හොටෙල් එකක ඇති. එයා ආසයිනේ පාඩුවේ ඉන්න."
"එහෙම උනොත් හොඳයි ඉතින්."
දැන් නම් මට ශුවර්. තියෝන් ඇත්ත දැනගෙන තමයි කතා කරන්නේ. එකපාරටම බැල්කනියෙ ඇතුලට සීතල එන්න ගත්තු නිසා මම ඉක්මනින් ඇතුළෙ සෝෆා එකකින් ඉඳ ගත්තා. ඒ එක්කම හේෂාන් දොර ඇරගෙන ඇතුලට ආවේ සුදු පාටයි රෝස පාටයි මික්ස් වුණ ලිලී මල් බොකේ එකක් අරගෙනයි. කාටද මේක එයා ගෙනාවේ ?
"දැන් ඔයා ඩිනර් ගත්තද ?"
"ගන්න හදන්නේ."
"එහෙනම් මම හෙට කෝල් එකක් දෙන්නම්."
"ඕකේ."
"Take care, And good night."
"You too තියෝ."
මම එහෙම කියද්දි හේෂාන් මගෙ දිහා හැරිලා බැලුවේ මම තියෝන්ගෙ නම මෙන්ශන් කරපු නිසා වෙන්න ඇති. හේෂාන්ට තියෝ කැමතිත් නෑ තියෝට හේෂාන් කැමතිත් නෑ. මේ වෛරෙ පටන් ගත්තේ එදා මම රින්ග් එක ගන්න ගියපු දවසේ හින්ට් ගහ ගත්තු තැන ඉඳන් වෙන්න ඇති. කොහොම උනත් මගේ නිගමනය නම්, හේෂාන් මම වෙන පිරිමි ළමයෙක්ට ලං වෙනවට කැමතිත් නෑ තියෝ මම මගේ Ex ලවර්ට ලං වෙනවට කැමතිත් නෑ.
"ඔයා එකපාරටම කොහෙද ගියෙ කියලා මම බැලුවේ."
"මම කොහෙ ගියත් ඔයාට මොකද ?"
මල් එක තරහින් වගේ ඇඳට විසි කරපු එයා ටේබල් එක උඩින් කී කාඩ් එක තිබ්බේ මගෙන් ඇස් අහකට ගන්න ගමන්. මෙච්චර වෙලා මං එක්ක හොඳට කතා කරපු එයා එකපාරටම මෙහෙම දෙයක් කිව්වේ මම තියෝන් එක්ක කෝල් එකෙන් කතා කර කර හිටපු එක දැකපු නිසාද ?
"Sorry.. මම අනවශ්‍ය දෙයක් ඇහුවේ."
එහෙම කියලා මම ෆෝන් එක පොඩි ටේබල් එක උඩින් තියලා ඉස්සරහට යන්නයි හැදුවේ. ඒත් එකපාරටම මාව ෆෝන් එක තිබ්බ ටේබල් එකේම පැටලුණා. පිටිපස්සට මාව ඇලවෙද්දි එයා ඉක්මනින් ඇවිත් මගෙ වම් අතේ මැදින් අල්ල ගත්තා. ඒත් ඒ මූණෙ තිබුණේ රවාගෙන ඉන්න බැල්මක්.
"Thank you...."
මම කියලා අත ගන්නයි හැදුවේ. ඒත් එයාගෙ අත මගෙ අත මැදින් තද වෙලා. ඉස්සෙල්ලා තිබුණට වඩා වැඩිපුර මගෙ අත තද වෙනවා වගේ මට දැනෙනවා. ඔව් ඒක හරි. එයා මගෙ අත චප්ප වෙන තරමට මිරිකනවා. අත මැද්දෙන් රිදුම් කද්දි මම එයා දිහා බැලුවේ ඇස් වල කඳුළු පුරවන්. මොකද එයා මෙහෙම මාව පිසිකලි රිද්දන්නේ අවුරුදු එකහමාරකට විතර පස්සේ.
"අහ්.."
බැරිම තැන මගෙ කටින් කෙඳිරියක් පිට උනා. ඒ එක්කම එයාගෙ අත මගෙ අතින් බුරුල් වෙන්න ගත්තා. මම මගෙ අත හංග ගද්දි එයා එයාගෙ අත දිහා බලාගෙන හිටියා අමුතුවට වගේ. එයා මාව මෙච්චර රිද්දුවේ මම තියෝන් එක්ක කතා කරපු නිසාද. එයා එච්චරම අකමැතිද මම තියෝන්ට ලං වෙනවට. ඒ කියන්නේ හේෂාන්ට ජෙලස් ඒ ගැන.
"Sorry."
මම සද්ද නොකර බලාගෙන ඉද්දි එයා එහෙම කියලා ආයෙමත් කී කාඩ් එකත් අරගෙන දොරත් ඇරගෙන එළියට ගියා. මල් බොකේ එකත් ඇඳට තරහින් විසි කරලා මගෙ අතත් රිදෙන්න මිරිකලා පෙන්නුවේ ඔයා තාමත් මට ආදරෙයි කියලද. මගෙ අතේ එයාගෙ ඇඟිලි පහම හිටලා රතු වෙලා. ඒ දිහා බලාගෙන මම ආයෙමත් සෝෆා එකෙන් ඉඳ ගත්තා. මේ රෑ එයා කොහෙ ගියාද දන්නෑ. සමහර විට එයා යන්න ඇත්තේ මං එක්ක තරහින් වෙන්න ඇති. කමක් නෑ එයා ආයෙ එයිනේ.
ටික වෙලාවක් ගියා..
ඕඩර් කරපු පැස්ටා එක මම ප්ලේට් දෙකකට බෙදුවා. එයා තවමත් නෑ. ඒ නිසා මම ඩයිනින් ටේබල් එකට වෙලා ඉඳගෙන බලාගෙන හිටියා. අන්තිමට මට නිදිමතක් ඇවිත් වැටෙන්න ගිහාම දොර අරිනවා සද්දෙ ඇහුණා. ඇස් ඇරලා මම කෙලින් වෙද්දි එයා කී කාඩ් එක ආයෙමත් ටේබල් එක උඩින් තියලා ගියේ මල් බොකේ එක ලඟට. මල් එක මම දාලා තිබ්බා වතුර භාජනේක.
"මම කෑම බෙදුවා. ඔයා කන්න එන්නෙ නැද්ද ?"
"එන්නම්."
එච්චරමයි කිව්වේ එයා. ඊට පස්සෙ හිටගෙනම ෆෝන් එකේ මොනවද මංදා ටයිප් කර කර හිටියා. ආයෙමත් පාරක් මට නිදිමතක් එනවා. එයා තව තත්පරයක් හරි ගෙවෙන්න කලින් මෙතෙනට ආවෙ නැත්තම් ආයෙමත් මගෙ ඔළුව වැටෙන්නෙ පැස්ටා එක උඩට. හිතුවා වගේම මට නිදිමත වැඩි වෙලා දෙවනි පාරටත් ඔළුව කඩන් වැටෙන්නයි ගියේ. ඒත් එකපාරටම එයා මගෙ කම්මුලට අත තිබ්බේ මගෙ ඔළුව පහලටම වැටෙන්නෙ නැති වෙන්න.
"නිදිමතයි නම් මං එනකම් බලන් ඉන්නෙ ඇයි. ඔයා කාලා නිදාගන්න."
එයා එහෙම කියලා මගෙ කම්මුලෙන් අත අරගෙන ටේබල් එකෙන් ඉඳගත්තා. වෙනදට මට පුළුවන් තරම් හින්ට් ගහන කෙනා දැන් මට සයිලන්ට් එකේ ආදරේ කරනවා වගේ පෙන්නනවා. වෙලාවකට මට හිතෙනවා මේ ඉන්නේ ඉස්සර මම ආදරේ කරපු හේෂාන් යුවසිංහමයි කියලා.
එයා කාලා ඉවර වෙලා බාත්රූම් එකට ගියා. මම ප්ලේට් දෙකත් හෝදලා නයිට් ඩ්‍රෙස් එක දාගත්තා. අද ටිකක් මහන්සි උන නිසා වෙන්න ඇති මට මෙච්චරම නිදිමත. ඉතින් එයා ආවට පස්සෙ මමත් ලෑස්ති වෙලා නිදාගන්න ගියා. මට වැඩිය එයාට මහන්සි නිසාද කොහෙද එයාට විනාඩි පහක් විතර යද්දි නින්ද ගියා. ඒත් මම තවමත් කල්පනා කරනවා එයා අද හැසිරුණ විදිහ ගැන. මම කිසිම විටෙක එයාගෙන් මෙහෙම දේවල් බලාපොරොත්තු උනේ නෑ, ලංකාවට යනකම් මට තාවකාලිකව ඉන්න තැනක් හොයා ගන්න බලාපොරොත්තු උනා මිසක.
අලුත් දවසක් 🌞☁️🍃..
ඊයෙ වගේම අදත් මට අමුත්තක් දැනුණා. ඇස් ඇරලා බලද්දි මම හිටියේ එයාට තුරුලු වෙලා. ඒ වගේම එයා මගෙ ඉනෙන් අත දාගෙන. මට දැනෙනවා ඈත් වෙලා ගියපු අපි ආයෙමත් ලං වෙන්න යනවා කියලා. එදා මම එයාව මගෙ ජීවිතෙන් අයින් කලේ ආයෙමත් කලින් තැනට ගන්නවා කියලා හිතාගෙන නෙවෙයි. ඒත් දැන් ඔයා මට එන්න එන්නම ලං වෙනවා තේරෙනවා.
එයාගෙ නින්ද කැඩෙන්න නොදී මම නැගිටලා ශූට් එකේ ඉන්න අක්කව බලන්න යන්න ලෑස්ති උනා. ආයෙමත් මට ශූට් එකට ජොයින් වෙන්න උවමනා නෑ. ඒත් අක්කගෙ තනියට, එලීනාගෙ තනියට මමයි ඈශ්ලියි දෙන්නම යන්න ඕනි. ඒ නිසා කළු පාට ටයිට් ඩ්‍රෙස් එක්ක් ඇඳලා කොණ්ඩෙත් කඩා හැලෙන්න දාලා මම ලෑස්ති උනා පුළුවන් තරම් ඉක්මනින්. ලෑස්ති වෙලා රූම් එකෙන් එළියට යද්දි ඈශ්ලි බලාගෙන ඉන්නවා දොර ලඟට වෙලා.
"Let's go Ashley."
"Okay මෑම්."
මායි ඈශ්ලියි මට එවපු කාර් එකක ගියා අක්කා ඉන්න, ශූටින් ඒරියා එකට. අද උදේට කෑවෙ නැති නිසා මට මොනවා හරි කන්න ඕනි වගේ. ඒ නිසා මම ඩ්‍රයිවර්ට කිව්වා මෙහෙ තියෙන හොඳ කැෆේ එකක් ඉස්සරහින් නවත්තන්න කියලා. කිව්වා වගේම ඩ්‍රයිවර් වින්ටේජ් ස්ටයිල් එකට හදපු කැෆේ එකක් ඉස්සරහින් කාර් එක නැවැත්තුවා.
"ඔයා මොනවා හරි බොනවද ඈශ්ලි ?"
"මට නම් කොෆී එකක් හොඳයි මෑම්."
මමයි ඈශ්ලියි දෙන්නම කැෆේ එක ඇතුලට ගිහින් හොඳ ටේබල් එකක් බලලා ඉඳගන්නයි ගියේ. ඒත් එකපාරටම මට හුරු පුරුදු කෙනෙක්ගෙ පෙනුමක් ලාවට පෙනුණා. ඉතින් මම ඒ පැත්ත හැරිලා බැලුවේ මම හිතපු කෙනාමද ඒ ඉන්නෙ කියන සැකය තහවුරු කරගන්න.
"Mr. David 😳 ?"
........................................................... 🖤 ...
හේෂාන් ඇයි මල් බොකේ එක විසි කරලා, මින්දිගෙ අතත් තදින් අල්ලලා තරහා ගිහින් යන්න ගියේ 🤔 ?
ඩේවිඩ් සුද්දා ආයෙ ඇවිත් නේ. එයාවත් කාට හරි දෙමු
Sachy Collins