Spring is far away - 85
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 85 | Yes, It's me
"I'm sorry mister."
තත්පරයක් යන්නත් කලින් එයාගෙ ඇඟෙන් අයින් වෙලා මම රොබ් එක හදාගෙන ඒ මූණ දිහා බැලුවා. ලයිට් ඩිම් වුණ වෙලේ දැනුනට වඩා දැන් ඇඟ සීතල වුණා මගෙ ඉස්සරහා ඉන්න කෙනා දැකලා. සුදු පාට ශර්ට් එකට කළු පාට ඩෙනිමක් ඇඳලා, සුදු පාට ශූස් දෙක දාගෙන හිටගෙන ඉන්න මේ කෙනාට තිබුණේ හේෂාන්ගෙ මූණ. ඒත් කොහොමද එහෙම වෙන්නේ. එයා කොහෙද නිව් යෝර්ක් වල. නෑ මේ නම් මගෙ Ex උන හේෂාන් නෙවෙයි.
"Is there any problem ?"
ඒ කටහඬමයි. ඒත් මම ලංකාවෙන් එද්දි හේෂාන් යුවසිංහ හිටියේ ලංකාවේ. එහෙව් එකේ එයා මගෙ ඇස් ඉස්සරහා මේ විදිහට ඉන්න බෑ. අනික මම ආපු හොටෙල් එකේ, මට ඉස්සරහා තියෙන රූම් නම්බර් එකේම ඉන්නවා කියන එක කොහොමත්ම වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි.
"It looks like a problem with the lights in my room."
මම මගෙ රූම් එකට ඇඟිල්ල දික් කරලා එයාට එහෙම කියද්දි එයා කන්ෆියුස් වෙලා වගේ බලාගෙන හිටියා. අඳුනන්නෙ නැති මනුස්සයෙක් වගේනේ එයා මගෙ මූණ දිහා බලන් ඉන්නේ. එහෙනම් මේ හේෂාන් වගේම තවත් කෙනෙක්ද ?
"Madam, what is the matter ?"
(මැඩම් මොකක්ද අවුල)
එකපාරටම මාත් එක්ක ඉස්සෙල්ලා කතා කරපු හොටෙල් එකේ ඇසිස්ටන්ට් එක්ක සර්වන්ට්ලා වගයක් දුවගෙන ආවා. ඒ එක්කම මෙච්චර වෙලා ගල් ගිලලා වගේ බලාගෙන හිටපු හේෂාන් වගේ එක්කෙනා එයාගෙ අතේ තිබ්බ දිග කෝට් එක මගෙ ඇඟට පෙරෙව්වා. දෙවියනේ. මට දැන්නේ මතක් උනේ මම ඉන්නෙ රොබ් එක පිටින් කියලා.
"It looks like a problem with the lights in my room. Please check it."
(මගෙ රූම් එකේ ලයිට් වල අවුලක් වගේ. කරුණාකර ඒක බලන්න)
"Sorry for the inconvenience madam. We will check it."
(සිදු වූ අපහසුතාවයට කණගාටුයි මැඩම්. අපි ඒක චෙක් කරන්නම්)
"Thanks."
මම එහාට වෙද්දි එයාලා රූම් එක ඇතුලට ගියා. ඈශ්ලිත් මගෙ සද්දෙ ඇහිලද මංදා එළියට ඇවිත්. එයත් නිකන් මගෙ ඉස්සරහා ඉන්න කෙනා වගේම ගල් ගිලලා වගේ බලන් ඉන්නවා. මට තේරෙන්නෙ නෑ මොකක්ද මේ වෙන්නෙ කියලා. ඉස්සෙල්ලා ලයිට් ඩිම් වෙන්න ගත්තා, ඊට පස්සෙ බැල්කනියේ දොරෙන් කව්ද එබුණා වගේ, අන්තිමට හේෂාන් වගේම පෙනුම තියෙන පිරිමි ළමයෙකුත් හම්බුණා.
"Madam, The lights in this room have been damaged due to a sudden power outage. It will take about a day to fix."
(මැඩම්, විදුලි ඇණහිටීමකින් කාමරයේ බල්බ් පිච්චිලා ගිහින්. මේක හදන්න දවසක වගේ කාලයක් යයි)
"What ?"
එයාලා රූම් එක චෙක් කරලා ඇවිත් එහෙම කිව්වා. ආවා විතරයි මම මේකට. මේ වගේ ලොකු ලක්ස්රියස් හොටෙල් එකකට උනත් කරුමයක් කරලා තියෙන මම වගේ මනුස්සයෙක් ආවොත් ශෝර්ට් එකක් හරි වෙනවා.
"We apologize for the inconvenience. But there is no room to stop madam. The reason is that today the rooms of the hotel are full."
(අපි සමාව අයදිනවා වුණ අපහසුතාවයට . ඒත් වෙන ඉන්න හිස් රූම් නෑ මැඩම්. හේතුව අද හොටෙල් එකම ෆුල් වෙලා)
"Where am I then ?"
(එතකොට මම කොහෙද ඉන්නේ)
"She will stay with me."
(එයා මං එක්ක ඉඳී)
හේෂාන් වගේ එක්කෙනා එහෙම කියලා මගෙ ඉනෙන් අත දාගත්තා. කොහොමද එයාට අවසරය ලැබුණේ මගෙ ඉනෙන් අල්ලගෙන එයාට හේත්තු කරගන්න. මම එයාව අඳුනන්නෙත් නෑ හරියට.
"But sir......"
"She is my to be wife. We booked two rooms due to a small dispute. But she will stay in my room later today."
(එයා මගෙ වයිෆ් වෙන්න ඉන්න කෙනා. අපි රූම් දෙකක් බුක් කලේ රණ්ඩුවක් නිසා. ඒත් අදින් පස්සෙ එයා මං එක්ක ඉඳී)
මොකක්ද මෙයා කියන්නේ. මම එයාගෙ වයිෆ් වෙන්න ඉන්නවා කියනවා, අපි අද ඉඳන් මේ රූම් එකේ එකට ඉන්නවා කියනවා. නොදන්න කෙනෙක් එක්ක මම කොහොමද එකට ඉන්නේ එක රූම් එකේ. ඒත් මෙයා හේෂාන් වගේ, හැම පැත්තෙන්ම බැලුවම. සේරටම හපන් හොටෙල් එකේ අය කන්ෆියුස් වෙලා කන්ෆියුස් වෙලා එයයි මායි දිහා මාරුවෙන් මාරුවට බලනවා.
"Can you confirm that sir ?"
(ඔයාට ඒක තහවුරු කරන්න පුළුවන්ද සර්)
"Yes.. She will do it."
(ඔව්.. ඇය ඒක කරයි)
හොටෙල් එකේ අය එයා කියන එක පිළිගත්තේ එයා ලොකු කෙනෙක්ගේ පුතෙක් නිසාද. මට අසාධාරණයක් වෙන්න යද්දි ඈශ්ලිවත් කට ඇරියෙ නැති එක මටත් පුදුමයක්. කොහොමද මම මේ කෙනා එක්ක එකට ඉන්නේ. මම මෙයාව දන්නෙ නෑ. මේ හේෂාන් නම් නෙවෙයි. හරියට නිකන් මාව අඳුනන්නෙ නැති ගානට හැසිරුණේ ඉස්සෙල්ලා.
"Okay.. We will be back soon sir."
(හරි.. අපි ඉක්මනින් එන්නම් සර්)
හොටෙල් එකේ අය එහෙම කියලා එතනින් යන්න ගියා. දැන් මෙතන ඉතිරි වෙලා ඉන්නෙ මේ හේෂාන් වගේ එක්කෙනයි ඈශ්ලියි මමයි විතරයි. කරපු දේට හොඳ පදෙන් අමතන්න ඕනි උනත් මට ඕනි උනා ඉස්සෙල්ලාම මේ කෙනා කව්ද කියලා දැනගන්න.
"Hi.. I would like to know who you are.. Um.. You look just like my ex. Maybe you know him. He is Heshan Yuvasinghe."
(හායි.. මම කැමතියි ඔයා කව්ද කියලා දැන ගන්න.. අම්.. ඔයා මගෙ Ex වගේ. සමහරවිට ඔයා එයාව දන්නවා ඇති. එයා තමයි හේෂාන් යුවසිංහ)
"Yes, It's me."
(ඔව්.. ඒ මම)
එහෙම කිව්ව එයා එයාගෙ රූම් එකේ දොර කාඩ් කී එකෙන් ඕපන් කරලා මගෙ මූණ දිහා බැලුවා. මම හිටියටත් වඩා පුදුම උනා. මේ හේෂාන්ද එතකොට. ඒත් එයා කොහොමද මෙහෙ ඉන්නේ, අනික එයාට මෙහෙ එන්න කිසිම හේතුවක් නෑනේ. ඒකත් මගෙ හොටෙල් එකේම නැවතුණේ කොහොමද ?
"Come inside."
එයා එහෙම කියලා දොරත් ඇරගෙන බලාගෙන ඉන්නවා. මගෙ මනස කියන නූල් බෝලෙ ගැට දහයක් විතර එක උඩ එක ගැහිලා. ඒ ගැට ලිහා ගන්න නම් මට එයා එක්ක කතා කරන්නම වෙනවා. මේ දැන්ම.
"Thank you."
මම ඇතුලට ආවම එයා දොර වහලා ටේබල් එක ලඟට ගියා. අහඹු සිදුවීමක් උනත් මට මේක විශ්වාස කරන්න අමාරුයි. එයා මාව දන්නෑ වගේ මුලදි හැසිරුණ විදිහ නම් හරිම තාත්විකයි. පිරිමි සේරම මේ වගේ ඇක්ට් කරන්න දක්ෂ අයද දන්නෑ.
"ඇත්තටම මේ ඔයාමද හේෂාන් ?"
"ඇයි විශ්වාස කරන්න බැරිද ?"
"Actually.. I can't believe this.."
(ඇත්තටම මට මේක විශ්වාස කරන්න බෑ)
මම එහෙම කියද්දි එයා හැරිලා මගෙ ලඟට ආවා. මගෙ ඇස් දිහා ටික වෙලාවක් බලාගෙන හිටපු එයා එකපාරටම මගෙ කම්මුල් දෙපැත්තෙන් අල්ලලා මාව ඒ මූණට ලං කරගත්තේ මමවත් නොහිතපු විදිහට. මම කරදරේ වැටුණු වෙලාවේ එයා මගෙන් ප්‍රයෝජන ගන්න හදනවද කියලා මට සැකයි දැන්.
"ඇත්තටම ඔයාට විශ්වාස නැද්ද මං ගැන ?"
එයා එහෙම අහද්දි මගෙ ඇස් වලට කඳුළු පිරුණේ ඇයි කියලා මම දන්නෙ නෑ. සමහර විට ඒ තද අළු පාට ඇස් වල තියුණු බැල්ම අද නිවුණු ගිනි ගොඩක් වගේ සන්සුන් වෙලා තියෙන නිසා වෙන්න ඇති.
"දැන් වත් විශ්වාසද ?"
එහෙම කියපු එයා මාව පපුව උඩට තද කරගත්තා. ඒ එක්කම එයාගෙ පපුවේ වැදුණු මගෙ නහයට දැනුණා ඒ හුරු පුරුදු සුවඳ. මම ආසම බ්ලූ ඇට්ලස් ඇත්ලාන්ටිස් සුවඳ වෙනදා වගේම එයාගෙ ශර්ට් එකෙන් මගෙ නහයට ඇතුළු වුණා. දැන් නම් මට සීයට සීයක්ම විශ්වාසයි මේ ඉන්නේ මම ඒ කාලෙ ආදරේ කරපු, පසුකාලීනව මාව රිද්දපු හේෂාන්මයි කියලා.
"ඔයා මොකද මෙහෙ කරන්නේ ?"
මම ඔළුව උස්සලා එයාගෙන් එහෙම ඇහුවා. මේ මගෙ මනස කියන නූල් බෝලේ ගැටයක් ලිහන්න පුළුවන් එක ප්‍රශ්නයක්. මට මතකයි මම එයාපෝර්ට් එකේ ඉද්දි එයා ඉන්ස්ටග්‍රෑම් ස්ටෝරි එකක් දාලා තිබුණා, ඔෆිස් එකේ ඉන්නෙ කියලා.
"මගෙ නෑදෑ අක්කා කෙනෙක් මෙහෙ ඉන්නවා. එයාගෙ වෙඩින් එකට ජොයින් වෙන්න මම මෙහෙට ආවේ. තව එයාලගෙ කම්පැනි එකේ වැඩ වගයකුත් තියෙනවා."
"එතකොට මෙහෙට ආවේ කවදද ?"
"ඊයෙ රෑ."
"රාදිතා ආවෙ නැද්ද ?"
"නෑ.. එයාව එක්ක නොඑන තරමට හොඳයි. කොහොමත් දැන් මට එයා එක්ක කිසිම කනෙක්ෂන් එකක් නෑ."
එයා එහෙම කියන්න හේතුව, අහස් මට කිව්ව අර කොළ දෙක වෙන්න ඇති. රාදිතා ගැන ගොඩක් දේවල් ඒකෙ තියෙනවා කිව්වනේ. ඒත් මම අද වෙනකම් දන්නෙ නෑ ඒකෙ තියෙන, ඔය තරම්ම හිත කලකිරෙන දේ මොකක්ද කියලා.
"අභීයි මගෙ ඩ්‍රයිවයි ආවා මාත් එක්ක."
"හ්ම්ම්.. මම අක්කා එක්ක ආවා ශූට් එකකට. ඔයා දන්නවා ඇතිනේ ඒ ගැන."
"ඔව්.. මම දැක්කා ගොඩක් නිවුස් පේපර්ස් වල ඒ ගැන ආටිකල් ලියලා තිබුණා."
එයා එයාගෙ අත් දෙක මගෙ කම්මුල් වලින් අයින් කර ගත්තට පස්සෙ මම ටිකක් පිටිපස්සට උනා. එයාව අතෑරපු මට, දැන් ආයෙමත් මෙහෙම එයාට ලං වෙන්න හිත ඉඩ දෙන්නෙ නෑ. මොකද මට මතකයි එයා මාව රිද්දපු විදිහ, වචන වලින් වගේම, ක්‍රියා වලින්.
"ඔයා කැමති නම් ශූට් එක ඉවර වෙනකම් මං එක්ක ඉන්න. කොහොමත් ඔයා මෙහෙ තනියම ඉන්න එකනේ. මගෙන් කිසිම කරදරයක්, බල කිරීමක් වෙන්නෙ නෑ ඔයාට."
මම දන්නවා ඔයාගෙන් මට කරදරයක් වෙන්නෙ නෑ කියලා. ඒත් අක්කා හරි අයියා හරි දැනගත්තොත් මම ඔයා එක්ක ඉන්නවා, සේරම ඉවරයි. අනික දැනටමත් මගෙ රූම් එකේ අවුල ගැන හොටෙල් එකේ අය අක්කට කෝල් කරලා කියන්න ඇති. අයියත් දන්නවා නම් කලබල වෙයි අනිවාර්යයෙන්.
"හොටෙල් එකේ එක රූම් එකක් හරි Available උනොත් මම ඒකට යනවා. එතකන් තමයි ඉන්න තැනක් ඕනි."
"ඒක තමයි මම කිව්වේ. ඔයා කැමති නම් ඉන්න. ගොඩක් දවස් වලට මම රෑ වෙනකම්ම නෑ. ඔයාට නිදහසේ ඉන්න පුළුවන්."
"හ්ම්ම්."
මම බෑග් එකත් බාගෙට ඇරලා, සේරම බඩු මගෙ රූම් එක ඇතුලෙ දාලා තමයි එයා එක්ක මෙතන සැනසීමෙන් කතා කරන්නේ. ඒත් ඕනි කරන Documents ටික එහෙම මෙහලකට නැති වෙලා තිබුණොත් අක්කගෙන් බැනුම් තමයි. ඊටත් හපන් හෙට උදේ මම කොහොම හරි ශූට් එකට යන්නම ඕනි ලෝකෙ අනිත්පැත්තට පෙරළුනත්.
"මම මේක සෙට්ල් කරන් එන්නම්."
එහෙම කියපු මම එයාගෙ රූම් එකෙන් එළියට ගිහින් මගෙ රූම් එකට ගියා. හොටෙල් එකේ සර්වන්ට් කෙනෙක්ගේ උදව් ඇතුව මම මගේ බෑග් එකයි ඉතුරු බඩු ටිකයි හේෂාන්ගෙ රූම් එකට මාරු කලා. ඊට පස්සෙ අලුත් ඇඳුමක් ඇඳගෙන ගියා ඇසිස්ටන්ට් මැනේජර්ව හම්බවෙන්න. හොඳ වෙලාවට අක්කවයි අයියවයි ගිනි තියලා නෑ එයාලා. කියලා තියෙන්නෙ මාව වෙන රූම් එකකට මාරු කලා කියලා විතරයි. මමත් ගිහින් තව දුරටත් එයාලගෙ කටවල් වැහුවා, මම හේෂාන් එක්ක ඉන්නවා කියලා අක්කලට දැනගන්න නොදී.
"ශූට් එක කවද්ද ඉවර වෙන්නේ ?"
මම සෝෆා එක උඩ ඉඳගෙන ඇඳුම් ටික අලුතින් නවද්දි එයා මගෙන් එහෙම ඇහුවා. ශූට් එක ඉක්මනින් ඉවර උනත් අක්කට ගොඩක් වැඩ තියෙන නිසා මට මෙහෙන් එකපාරටම පනින්න බැරිවෙයි.
"සමහරවිට දවස් හතරක් විතර යයි."
මම එහෙම කියලා ආයෙමත් ඇඳුම් ටික හැදුවා. එයා ලොකු වැඩක ඉන්න ගමන් මගෙන් එහෙම ඇහුවේ. කොහොමත් එයාට වැඩ නැති වෙන්න බෑනේ. මෙහෙ ඉඳන් හරි එයා යුවසිංහ ගෲප් එක Handle කරන්න ඕනි, වැඩ හරියට වෙනවද බලන්න ඕනිනේ.
"රාදිතා ඔයා එක්ක එන්න දැඟලුවේ නැද්ද ?"
"නෑ.. එයාට ගොඩක් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා මිස් යුනිවර්ස් උන නිසා."
"හ්ම්ම්.. තාත්තා හොඳින් ඉන්නවද ?"
"ඔව්.. පහුගිය ටිකේ වැස්ස නිසා උණ වගේ තිබුණා. මම එද්දි නම් ටිකක් අඩුයි."
බෑග් එක අස් කරලා ඉවර වෙලා මම ආයෙමත් බාත්රූම් එකට ගියා. එයා ඉස්සරහා නයිට් ඩ්‍රෙස් එක ඇඳගෙන ඉන්න එක මටවත් එයාටවත් මැජික් එකක් නෙවෙයි. මොකද අපි අවුරුදු ගාණක් එහෙම එකට ඉඳලා තිබුණා. ඉතින් මම ඩ්‍රෙස් එක ඇඳලා ඒකට උඩින් ඕවර් කෝට් එකත් දාලා එළියට ආවා. වෙලාව හරියටම 12:00 යි. එයා බ්ලැන්කට් එකත් පොරවගෙන ඇඳේ එක පැත්තක නිදි. මෙවෙලේ එයා එක්ක එකම ඇඳේ මම නිදාගන්න එක හරි නෑ වගේ මට දැනෙන්නේ.
"එහා පැත්තෙන් නිදාගන්න.. ඕවගේ හිටියාම බැක් පේන් එනවා."
මම සෝෆා එකෙන් නිදාගන්න හදද්දිම එයා එහෙම කිව්වා. කිසිම ආදරයක්, බැඳීමක් නැති තැනක මම මොකටද එක ඇඳේ නිදාගන්න අදි මදි කරන්නේ. එයාගෙ ආරාධනාව පිළි ගත්තු මම වම් පැත්තෙන් හාන්සි වෙලා බ්ලැන්කට් එක පොරවගත්තා. එයා එහා පැත්තට හැරිලා නිදි. ඒත් ඒ සුදු මූණ මට හොඳට පෙනුණා වෝල් ලෑම්ප් එකේ එළියෙන්.
අදටත් කියන්න තරම් මහ ලොකු වෙනසක් නෑ. ගානට කපපු ඝන රැවුල, තද අළුපාට පොඩි ඇස්, තද අව්වට ගිහාම එන ෆ්‍රෙක්ල්ස්, රෝස පාට හීනි තොල්, මේ කිසිම දෙයක් වෙනස් වෙලා නෑ. ඉස්සර සමහර වෙලාවට මට හිතුණා එයා වෙන රටකින් උස්සන් ආපු කෙනෙක් කියලා. ඒත් පසුකාලීනව මම තාත්තාගේ පෙනුමත් දැක්කම තීරණය කරා ඒක එහෙම නෙවෙයි කියලා. මට වඩා කොච්චර ලස්සනද එයා. මොඩ්ල් කෙනෙක් උනොත් එයා අනිවාර්යයෙන්ම ඉන්ටර්නැෂනල් යනවාමයි මේ පෙනුමත් එක්ක. ඉතින් ටනාෂියා, රාදිතා වගේ ලස්සන ගෑනු ළමයිම තමයි එයාට ගැලපෙන්නෙත්.
'Good night'
කටින් නොකිව්වට හිතින් මම එහෙම හිතලා අනිත් පැත්තට හැරිලා නිදා ගත්තා. වෙනස්ම රටක වෙනස්ම තැනක උනත් දන්න කෙනෙක් එක්ක නිදාගන්න ලැබුණු එක නම් වාසනාවක්. නැත්තම් මාව ආගන්තුක හැඟීම් වලින් යට වෙලා හුස්ම හිර වෙන්නේ..
අලුත් දවසක් 🌞☁️🍃..
ඇඟට අමුතුම සනීපයක් දැනෙනවා. ඇස් ඇරලා බලද්දි බැල්කනියෙන් ඉර එළිය වැටිලා මල් පැළ වල වතුර බිංදු දිළිසෙනවා. ඒ තද නැති එළිය මගෙ ඇඟටත් වැටිලා අමුතුම රස්නයක් එකතු කරා. ඒත් මට දැනෙනවා මම දැන් ඉන්නේ ඊයෙ රෑ නිදාගත්තු පැත්තෙ නෙවෙයි කියලා. ඇත්තටම කිව්වොත් මම ඉන්නෙ එයාගෙ ලඟට ගුලි වෙලා..
ඊයෙ රෑ තිබුණු සීතලට මම එයාගෙ පපුව ලඟට ගුලි වෙලා, තවමත් ඒ විදිහටම ඉන්නවා. ඒත් වෙනදා වගේ ඒ අත් මගෙ ඉන දෙපැත්තෙන් තද වෙලා තිබුණෙ නෑ. ඒ ගැන මට තිබුණේ පුදුමයක්..
❝ ඔයා කොහොමද මෙහෙම කතා කරන්නෙ හේෂාන් ❞
❝ මම ඔයාට ගොඩාක් ආදරේ කලා. අදටත් මම ඔයාට ඒ විදිහටම ආදරෙයි. අන්තිමට ඒ ආදරේට ඔයා දුන්න දඬුවමද මේ ❞
❝ ඇයි.. ඇයි මම ඔයාව අමතක කරන්නේ. කොහොමද මම අවුරුදු 8 ආදරේ කරපු ඔයාව අමතක කරන්නේ. ඔයාට ඒ දේවල් අමතක වෙන්න තත්පරයක් ගියාට මට එහෙම වෙන්නෙ නෑ හේෂාන්. මට හරියට රිදෙනවා ඔයා මෙහෙම හැසිරෙද්දි ❞
❝ ඔයාට ආයෙ කරදරයක් වෙන්නෙ නෑ මං. හැබැයි ආයෙ මං මෙහෙම ඔයා ඉස්සරහට එන එකක් නැතිවෙයි ❞
❝ ආයෙ මම ඔයා ගැන හොයන්නෙ නෑ. අවුරුදු අටක ආදරේට ඔයා රෙස්පෙක්ට් කරන්නෙත් නැත්තම් මමත් ඒ රෙස්පෙක්ට් එක අදින් පස්සෙ ඔයාට දෙන්නෙ නෑ ❞
මගෙ වචනද ඒකට හේතුව වුණේ. එයාගෙ වචන වලට මට රිදෙනවා වගේම මගෙ වචන වලටත් එයාට රිදෙනවද. මම එදා කිව්ව දේවල් තවමත් එයාගෙ මතකේ තියෙනවා ඇතිද. ඒ හැම දේකටම එයා මං එක්ක තරහින් ඇත්ද ?
❝ මට සමාවෙන්න මින්දි. මම ඔයාට ගොඩක් බනින්න ඇති. ඒත් මම ඉන්න තත්වෙ ඔයා දන්නවා නම්.. ❞
නැගිටලා නැති උනත් මට එයාගෙ කටහඬ ඇහුණා මගෙ මනස ඇතුලෙන්. මේ හොඳටම ඇති. දැන් මම නැගිටලා වොශ් එකක් දාගෙනම ශූට් එකට යන්න රෙඩි වෙන්න ඕනි. නැත්තම් අක්කටමනේ පරක්කු වෙන්නෙ මම නිසා. අනික ඉස්සර වගේ මගෙ නරක මතක වලට මාව ආක්‍රමණය කරන්න ඉඩ තියන්න හොඳ නෑ. ඒ කාලෙ කවුරු මොන දේ කිව්වත්, මම කාට මොන දේ කිව්වත් ඒවා දැන් වෙලා ඉවරයි. ඒ නිසා පුළුවන් තරම් උත්සහ කරන්න ඕනි මම, වර්තමානයේම ජීවත් වෙන්න.
එයා නැගිටින්න කලින් බාත්රූම් එකට ගියපු මම මූණ හෝදගෙන අලුත් හූඩි එකක් ඇඳගත්තා ට්‍රවුසර් එකට. එහෙ ශූට් එකට මම මහ ලොකුවට යන්න ඕනිම නෑනේ. තව ටිකකින් ඩ්‍රයිවර් එනවා කිව්වා මාව එක්කගෙන යන්න එහෙට. ඒත් පොඩි ප්‍රශ්නයක්. උදේට අපි දෙන්නම මුකුත් කාලා නෑ. එයා හොටෙල් එකේ කේටරින් එකෙන්ම කනවද දන්නෑ. ඒත් කෝකටත් කියලා මම ෆ්‍රිජ් එක ඇරලා බැලුවා එයා මොනවා හරි ගෙනවිත් දාගෙනද කියලා.
රාමෙන් හදන්න පුළුවන් නූඩ්ල්ස් පැකට් දෙක තුනක් ඇතුලේ තිබුණා. ඉතින් මම ඒ ටික අරගෙන ජග් එකට උණු වතුර එකක් ගහලා ඒ ටික පෙඟෙන්න දාන්න බලාගෙන හිටියා. ඩොක්ටර් මටත් කියලා තියෙනවා උදේට අනිවාර්යයෙන්ම කන්න, ගෑස්ට්‍රික් හදා ගන්න එපා කියලා. ඒ වගේම එයත් ලෙඩෙක්. එයාටත් ඩොක්ටර් එහෙම කියලා ඇති. එහෙව් එකේ මම කොහොමද මෙතනින් යන්නේ මුකුත් හදන්න අත් දෙකක් නෑ වගේ.
ඉතින් මම හැදුවා රාමෙන් දෙකක්. බිත්තරයක් දැම්මෙ නෑ එයා ඒවට ආස නැති නිසා. ඒ වෙනුවට ඇතුළෙ තිබ්බ ග්‍රීන්පීස් ටිකක් දැම්මා. සුවඳ එද්දි මට ඉවසන් ඉන්න නම් බෑ. බඩේ පනුවෝ ෆයිට් කරනවා කන්න කන්න කියලා. ඉතින් මම ඒකෙන් කොටසක් කප් එකකට දාගෙන කෑවා. එයා නැගිට්ට වෙලාවක කයිනේ එයාගෙ කොටස. එතකන් නිවෙන්න නොදී ඒක මම වෙන බාජනේකට දාලා වැහුවා.
"ඔයා මේක නිවෙන්න කලින් කන්න. මම ශූට් එකට යනවා."
මම ස්ටිකි නෝට් එකක එහෙම ලියලා පැන්ට්‍රි කබඩ් එකක ඇලෙව්වා. නැත්තම් එයාට පේන්නෙ නෑනේ මම මෙතන රාමෙන් එකක් හදලා වහලා කියලා. අන්තිමට කබඩ් එක ලඟම තිබුණු පොඩි බෑග් එකත් අරගෙන මම රූම් එකෙන් එළියට ගිහින් එලෙවේටර් එකෙනුත් පහලට ගියා. යද්දි හොටෙල් එක ඉස්සරහම කැබ් එක නතර කරලා. ඒක ඇතුලේ අක්කත් හිටියා.
"රූම් එකේ අවුලක් නැද්ද දැන් ?"
මම කැබ් එකට නගිද්දිම අක්කා එහෙම ඇහුවා. එයා දන්නෙ නෑනේ මම ඉන්නෙ මගෙ Ex එක්ක කියලා. අනික ඒ හොටෙල් එකේ වෙන රූම්ස් හොයාගන්න බැරි වෙයි. හේතුව දැන් මේ රටේ වසන්ත කාලය පටන් අරගෙන තියෙන්නේ. මට ගන්න තියෙන එකම විකල්පය, එයාට කරදරයක් නොවෙන විදිහට එයා එක්ක එකම රූම් එක ශෙයා කරගන්න එක. මොකද අක්කා මාව වෙන හොටෙල් වලට දාන්න කැමතිත් නෑනේ.
"අවුලක් නෑ."
"එහෙනම් කමක් නෑ. අයියා හරියට වොරි වෙනවා ඔයාට උන දේට."
"කමක් නෑ ඉතින්. දැන් මට රූම් එකක් තියෙනවනේ."
"හ්ම්ම්."
පාර දෙපැත්තේ හැම ගහකම පාට පාටින් මල් පිරිලා. මිනිස්සු තැනින් තැන ෆොටෝස් ගන්නවා, ශූට්ස් කරනවා. වසන්තය එන්නේ එක පාරයි. හැබැයි ඒ එන වසන්තය ටික කාලෙකට හරි මුළු ලෝකයම මල් සුවඳින් පුරවලායි යන්නේ. කැබ් එකේ ග්ලාස් එකෙන් මම බලාගෙන ගියා ඒ ලස්සන දිහා. මේ ශූට් එක ඉවර උන දවසක මම ඇවිදලා මේ ලස්සන පරිසරය එක්ක ෆොටෝස් ටිකක් ගන්නවාමයි.
ටික වෙලාවක් යද්දි අපි ශූට් එක තියෙන තැනට ගියා. ගොඩක් ජර්නලිස්ට්ලා, කැමරාමන්ලා එන්ට්‍රන්ස් එකේ වැට දෙපැත්තට වෙලා ඇතුලට යන ලෝක ප්‍රසිද්ධ මොඩ්ල්ස්ලාගේ ෆොටෝස් ගන්නවා. සමහර මොඩ්ල්ස්ලා බැනගෙන තමයි ඇතුළට යන්නේ. හේතුව කැමරා වලින් වදින ෆ්ලෑශ් ලයිට් එක නිසා ඇතුළට යන්නවත් පේන්නෙ නැති වෙන්න ඇස් නිලංකාර වෙන නිසා. අක්කත් බහිද්දි මම බැස්සා. මටයි අක්කටයි පිටිපස්සෙන් ඈශ්ලියි එලීනායි දෙන්නා ආවා. අක්කා නම් පිට තැනකදි යන්නෙ කැට් වෝක් නෙවෙයි ඩෝග් වෝක්. එයා එක අඩියෙන් ඇතුලට ගිහින් ඉවරයි. ඒත් එයාගෙ එක අඩියකට සාපේක්ෂව මට අඩි පහක් හයක් තියලා දුවන්න උනා ඇතුලට යන්න.
"Hey Mahee.. How have you been my girl."
(හේයි මහී.. කොහොමද ඉතින්)
අක්කයි මායි ඇතුලට ගියාම කව්ද මංදා කෙනෙක් සෝෆා එකකින් නැගිටලා එහෙම කිව්වා. ඇස් හොඳට ඇරලා බලද්දි ඒ හිටියේ ලඟදි ෆේමස් උන ජෙනිෆර් කියන මොඩ්ල් කෙනා. මගෙ කට වහගන්න අත තිබ්බ නිසා හොඳයි. දෙවියනේ මම මොන තරම් වාසනාවන්තයිද වෙනදට ටික්ටොක් වලින්, ශෝර්ට්ස් වලින්, දකින ඒ සෙක්සි මොඩ්ල් අද මගෙ ඇස් ඉස්සරහා ජීවමානව.
"Is this your sister ?"
"Yeah.. She is my one and only sister.. Mindi Amelia."
(ඔව්.. මගෙ එකම සහෝදරී.. මින්දි අමේලියා)
අක්කා එයාට මාව පෙන්නලා කියද්දි මගෙ කකුල් මැන්ඩලීන් ගහනවා වගේ. ඒ උනාට ඒක කන්ට්‍රෝල් කරගෙන මම ශේප් එකේ කියුට් හිනාවක් දැම්මේ ජෙනිෆර් ඉස්සරහා වෙන හැසිරෙන්න ක්‍රමයක් නැති නිසයි.
"It's nice to meet you.. Mindi 😊.."
එයා ඇවිත් මාව හග් කරද්දි මම කන්ෆියුස් වෙලා බලාගෙන හිටියා. ජීවිතේ පළවෙනි වතාවට මෙහෙම ලැජ්ජාවක් දැනුණේ. හරියට නිකන් ඇතින්නියො ගොඩක් මැද ඉන්න හා පැටියෙක් වගේ මං. මෙතන වෙන මෙලෝ දෙයක් තේරෙන්නෙ නැති, ශූට් ගැන මහ ලොකුවට දන්නෙ නැති කෙනෙක් මේ මං. එහෙව් එකේ කොහෙවත් ඉන්න මොඩ්ල්ස්ලා මාව තුරුලු කරගත්තම දැනෙන ආගන්තුක හැඟීම මාව පොළව යටට ගිලා බහින්න තරම් ලොකුයි.
"Maheesha.. What do you think if we take Mindi for this shoot?
(මහීෂා.. අපි මින්දිවත් ශුට් එකට ගත්තොත් මොකද)
"Good idea. But I don't know if she will like it."
(හොඳ අදහසක්..ඒත් එයා ඒකට කැමති වෙන එකක් නෑ)
"Why ?"
"The reason is that she doesn't like modeling."
(හේතුව එයා මොඩ්ලින් වලට කැමති නෑ)
"Damn it. But she is perfect in everything. What if we give her a chance ?"
(අප්පා.. ඒත් එයා පර්ෆෙක්ට් හැමදේකින්ම. අපි එයාට චාන්ස් එකක් දෙමුකො)
"Okay.. let's see about that."
(ඕකේ.. අපි බලමු)
මම බලාගෙන ඉද්දි අක්කා මගෙ මූණ දිහා බැලුවේ අද මාවත් ශූට් එකේ කොනක හරි තියන්න අන්දවලා ගන්නවා වගේ. මට ඔය ෆොටෝ වලට ඉන්න විදිහක්වත් තේරෙන්නෙ නැති එකේ මේ ඉන්ටර්නැෂනල් මොඩ්ල්ස්ලා ගොඩේ ලැජ්ජ වෙන්න වෙන්නේ.
"නංගි.. මං එක්ක යමු ඩ්‍රෙසින් රූම් එකට."
"What.. ඒ මොකටද ?"
"ජෙනිෆර් කියනවා ඔයාවත් ශූට් එකට ගමු කියලා."
"අනේ මට බෑ."
"පිස්සුද හලෝ.. මෙහෙම චාන්ස් එකක් කාටවත් ලැබෙන්නෙ නෑ. ඒකට ලක් එකක් තියෙන්න ඕනි. අනික මේ ශූට් එකේ හොඳම ෆොටෝස් ටික තව වීක් දෙක තුනකින් ලෝකෙ හැම මැගසීන් එකකම කවර් පේජ් එකට යනවා. ඒකෙන් ඇඩ්වාන්ටේජ්ස් ලැබෙන්නෙ ඔයාටමයි."
"ඊට පස්සෙ මටත් ඔයාට වගේ පාරෙ බැහැලා යන්න බැරිවෙයි."
"ඒක ලක් එකක් නෙවෙයිද. වර්ල්ඩ් ෆේමස් කැරැක්ටර් එකක් වෙන්න ලැබුණා කියන්නෙ ඔයා මාරම ලකී කෙනෙක් නංගි."
ජෙනිෆර් මෙතන ගිනි තියලා ගියා ශූට් එකට ලෑස්ති වෙන්න. අක්කා මෙතන කොහෙවත් නැති මාවත් ශූට් එකට ගන්න හදනවා. අයියත් අකමැති වෙන එකක් නෑ ඒකට. ඒත් මටත් මෙයාලට වගේ ඇඟ පේන ඇඳුමක් අඳින්න හම්බුණොත් තමයි තියෙන එකම ප්‍රශ්නේ.
"දැන් මට මොකක්ද කරන්න කියන්නේ 😑."
........................................................... 🖤 ...
දැන් ඔයාලා මට මොකක්ද කරන්න කියන්නේ ?
මින්දිටයි හේෂාන්ටයි ?
Sachy Collins