Spring is far away - 82

Spring is far away - 82

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 82  |  The Beach


Previous 


"මැරිලා ගියාවේ."


"Are you serious සුදූ ?"


"Yeah.. මගෙ හැම ගෝල් එකක්ම සක්සීඩ් උනාට පස්සෙ එයා මැරිලා ගියත් එකයි මට. මට ඕනි මින්දිට වඩා Billionaire ගර්ල් කෙනෙක් වෙන්න. යුවසිංහ ගෲප් එක අපේ අතට ලැබෙනවා නම් මම ඕනිම දෙයක් කරනවා ඩැඩී. ඔයා කිව්වොත් හේෂාන්ව මට මරන්න කියලා, මම ඒකත් කරනවා. මොකද හේෂාන් කියන්නෙ මට නිකමෙක්."


රාදිතාගේ වචන කොච්චර නම් විෂ සහිතද කියලා තේරෙනවා කවුරු හරි පිට කෙනෙක් අහගෙන හිටියොත්. ඇන්ඩෲස්ට තමන්ගෙ දුවගෙ විෂ දැනෙන්නෙ නෑ තමනුත් ඒ වගේ නිසා. රාදිතා මුලදි මෙහෙම කතා කරපු, වැඩ කරපු ගෑනු ළමයෙකුත් නෙවෙයි. මේ හැම විෂක්ම කෙල්ලගෙ මනසට ඇතුළු කලේ වෙන කවුරුත් නෙවෙයි එයාගෙ තාත්තාමයි. සමහරවිට රාදිතා තමාගෙ අම්මා ළඟ හැදුණා නම් මින්දි වගේම ගෑනු ළමයෙක් වෙනවා නිසැකයි.


"ඒත් ඔයා ඔයාගෙ ටු බී හස්බන්ඩ්ට ඔහොම කතා කරන්න එපා සුදූ. ඔයා දන්නවනේ අපිට මෙච්චර ලක් එකක් ආවෙ හේෂාන් නිසාම තමයි."


"I know."


එහෙම කියපු රාදිතා කාමරෙන් එළියට ගියා. දැන් කෙල්ල ඉස්සරට වඩා නිශ්ශබ්ද වෙලා ඉන්නෙ මින්දි හේෂාන්ගෙන් වෙන් වුණ නිසා. අනික මින්දිගෙ හිතේ හේෂාන් ගැන නරක අදහස් පිරිලා තියෙන නිසා හේෂාන් මින්දිට ලං වෙන්න උත්සහ ගත්තත් මින්දි ඒක කරන්න ඉඩ දෙන්නෙ නැති එකත් රාදිතාගෙ හිතට ලොකු සහනයක් වගේම සතුටක් ගෙනවිත් දුන්නා.


අලුත් දවසක් 🌞☁️🍃..


උදේම ඔෆිස් එකට ගියපු පාර අක්කා මාව ඇදගෙන ගියා කාර් එකට. යන්නෙ කොහෙදවත් නොකියා එයා මාව ෆැක්ටරි අවුට්ලට් එකකට එක්කගෙන ගියා. එතන තිබුණේ රයින්ස්ටෝන් වලින් වර්ක් කරපු ඩ්‍රෙසස්, බ්ලේසර් වගේ දේවල්. වටේම ඉන්න අය අක්කට ඔළුව නවලා හිනා වෙනවා. ඒ උනාට මට තේරෙන්නෙ නෑ එයා මාව මෙතෙනට ගෙනාවෙ ඇයි කියලා. මේක අපේ ෆැක්ටරි වල අවුට්ලට් එකක් නම් නෙවෙයි.


"කොහෙද මේ මාව ඇදගෙන යන්නේ ?"


"ඔයාගෙ ඩීඩී සොනාරා මතකද."


"මොකද අමතක. එයා රාදිතාටත් ඩිසයින් කරනවනේ."


"එහෙනම් මතකද ඔයාගෙ බර්ත්ඩේ එක දවස."


"Yeah."


"එදා ඔයාගෙ ඩ්‍රෙස් එක වගේම ඩ්‍රෙස් එකක් රාදිතා ඇඳගෙන හිටියා මතකයිද ?"


"ආ.. ඔව්."


"ඒකෙ ඇත්ත නැත්ත පෙන්නලා දෙන්නයි මම මේ හදන්නේ ?"


"මොකක්ද ඒකෙ ඇත්ත නැත්ත ?"


"එයාට ඕනි හැමෝම ඉස්සරහා ඔයාව හෑල්ලුවට ලක් කරන්න. රාදිතාගෙ ඩිසයින් එක කොපි කරා කියලා."


"ඒත් මම නෙවෙයි එයාගෙ ඩිසයින් එක කොපි කලේ. ඩීඩී ඉස්සෙල්ලාම හැදුවේ මගෙ ඩ්‍රෙස් එක."


"No.. එයා ඔයාටයි රාදිතාටයි එකම ඩිසයින් එක පෙන්නලා ප්ලෑන් එකකට අනුවයි මේ හැමදෙයක්ම කරලා තියෙන්නේ."


"What ?"


අක්කත් හිටපු ගමන් මාව පුදුම කරන්නේ රොකට් එකක අඟහරු වලට යනවා වගේ. මාව ඇදගෙන හිටපු එයා ඩමී එකක තිබ්බ බ්ලේසර් එකක් ඉස්සරහා හිට ගත්තා. ගෝල්ඩ් පාට Sequins වලින්ම විතරක් හැඩ දාපු සිංහල වචනයෙන් කිව්වොත් සරල එකක්.


"මේ රාදිතාට ඩිසයින් කරපු එක. මේ වගේම එකක් මමත් ඔයාට ඩිසයින් කරා ඩීඩීට කියලා. හැබැයි ඔයාගෙ එක හදලා ඉවර වෙන්න කලින් එයා මේක හදලා රාදිතාට දෙන්නයි යන්නේ. හේතුව දෙනෝදාහක් ඉස්සරහා ඔයාව ලැජ්ජ කරන්න රාදිතා ඩීඩීට සල්ලි දීලා තියෙනවා, ඔයාට හදන සමහර ඩිසයින්ස් එයාට කලින්ම එවන්න කියලා."


ඉතින් කියලා තමා මට අහන්න වෙන්නේ. මම දන්නවා මාව දැකපු පළවෙනි වතාවේ රාදිතා කලේ හොඳම ගණයේ රඟපෑමක්. පසුවට එයාගෙ කලින් ගතිගුණ එළියට ආවෙ ලස්සනට. මට මතකයි අද වගේ, එදා එයා හේෂාන්ට මම යවපු ශර්ට් එක ඉරලා මට ආයෙ එවපු එක. ආයෙ ඉතින් තව කවර කතාද. දැන් ඇන්ඩෲස්ට මට ලං වෙන්න අපහසු නිසා අනිවාර්යයෙන්ම එයාගෙ දුව මගෙන් මොන යම් විදිහකින් හරි පළිගන්නයි බලන් ඉන්නේ. ඉතින් ඒකයි, ඒකට මගෙ ඩිසයින්ස් අල්ලගෙන දඟලන්නේ.


"ඔයා කොහොමද මේවා දන්නේ ?"


"මම ඩීඩීගෙ Phone එක චෙක් කරා. එතකොට තමයි මැසේජස් වලින් මේ දේවල් පෲ කරගන්න ලැබුණේ."


"ඉතින් ඔයා ඩීඩීව අයින් කරනවද ?"


"ඔව් මට ඒක කරන්න වෙනවා. නැත්තම් ඔයාගෙ ඩිසයින්ස් රාදිතාගෙ අතට යයි හැමදාම."


"ඒත් එයා තමයි ලංකාවෙ හොඳම ඩ්‍රෙස් ඩිසයිනර්. එයාව අපේ කම්පැනි එකට නැති කරගන්න එක ලොකු පාඩුවක් අක්කේ."


"ඒත් මේ දේවල් මෙහෙම වෙන්න දෙන්න බෑ 😤."


"හරි අපි ඒකට වෙන ඇක්ශන් එකක් ගමු."


"මොකක්ද ගන්න තියෙන ඇක්ශන් එක ?"


"මට අලුත් ඩීඩී කෙනෙක් ගමු. ඒ අතරේ මෙයාවත් තියාගමු. හැබැයි මෙයාට දැනගන්න තියන්න එපා අපි මේ ගැන දන්නවා කියලා."


"එයා කොහොමත් දැනගන්නෙ නෑ."


"එහෙනම් මම කිව්ව විදිහටම කරමු. එතකොට අපිට පාඩුත් නෑ, මගෙ ඩිසයින්ස් පිට යන්නෙත් නෑ. That's all."


මම දන්නෙ නෑ අක්කා මාව මෙච්චර දුරක් උස්සන් ආවේ මේක පෙන්නන්නද කියලා. ඒත් මේක කලින්ම දැනගත්තු එක හොඳයි. නැත්තම් මට අගෞරවයක් වෙනවා. මට මතකයි එදා හේෂාන්ගෙ බර්ත්ඩේ එකේදි අපි දෙන්නම ස්ටෝන්ස් වලින් වැඩ දාපු ඩ්‍රෙස් දෙකක් ඇන්දා. ඒ වගේම එයා මගෙ බර්ත්ඩේ එක දවසෙත් මගෙ ඩ්‍රෙස් එකට සමානව ඩ්‍රෙස් එකක් ඇන්දා. දකින මිනිස්සු ඇත්ත නොදන්න තාක්කල් මම වැරදිකාරි වුණොත් මගෙ තත්වෙට හොඳ නෑ. ඒ වගේම රාදිතා ගහන මේ ගේම් එකෙන් මම එයාට දිනන්න දෙන්නෙත් නෑ.


"ඒ උනාට මට මේක එහෙම අතාරින්න බෑ ලේසියෙන්. අඩුම ඔය සොනාරාගෙ කනට එකක් වත් ගහන්න ඕනි මට 😤."


"මිනිස්සුන්ගෙ කනට ගැහුවා කියලා, තර්ජනය කරා කියලා අපිට මොනවද ලැබෙන්නේ. ඒ නිසා ඒ දේවල් කරලා අපි අපේ ප්‍රතිරූපය කිලිටි කරගන්න ඕනි නෑ."


"ඒ උනාට.."


"ප්ලීස්.. අපි සයිලන් එකේ බලාගෙන ඉමු මේක ඉදිරියටත් වෙනවද කියලා. එහෙම නොවුණොත් මේක අතෑරලා දාමු."


මම කියන එක අක්කා පිළිගන්නෙ නෑ 50% ක් වත්. ඒක එයාගෙ හැටි. සමහරවිට එයාගෙ අම්මා එයා වගේම පණ්ඩිත කෙනෙක් වෙන්න ඇති. ඇයි ඉතින් මම කියන දෙයක් තියා අයියා කියන දෙයක් වත් කනට ගන්න කෙනෙක් යෑ. මම දන්නවා මම දැන් කිව්ව දේත් එයා කනට ගන්නෙ නෑ. ඒත් ප්‍රශ්නයක් ඕනෑවට වඩා දුරදිග ගෙනියනවාට මම කිසිසේත්ම කැමති කෙනෙක් නෙවෙයි.


"දැන් ඇයි මාව මෙහෙට එක්කගෙන ආවේ ?"


"හෙට අපි නිව් අරයිව්ඩ් අයිටම්ස් වලට දාන ඩ්‍රෙසස් වගයක් තියෙනවා. ඒකෙන් ඔයාට හිතෙන ඒවා තෝරගන්න. මතකයිනේ. ඔයාට මං එක්ක නිව් යෝර්ක් වලට ට්‍රැවල් කරන්න තියෙනවා. ඊට පස්සෙ අපිට ආයෙ ඕස්ට්‍රේලියා වලට යන්න තියෙනවා. එහෙටත් මට ඉන්විටේශන් එකක් එවලා තියෙනවා."


"මම නැතුව ඕවට යන්න බැයිද ?"


"ඇයි ඔයා අකමැති මං එක්ක මේවට යන්න 🙄."


"අකමැති නෑ. මෙහෙම මට හොඳයි. ඔයා ඔයාගෙ ඇසිස්ටන්ට් එක්ක යන්න."


"එහෙම බෑ. මට ඕනි ඔයාටත් මගේ දේවල් කියලා දෙන්න. නැත්තම් මම නැති දවසක මේ දේවල් ඔයාට Handle කරන්න තේරෙන්නෙ නෑ."


එහෙම කියපු අක්කා මගෙ අතින් අල්ලගෙන ඇදගෙන ගියේ ඊළඟට නිව් අරයිව්ඩ් ලිස්ට් එකට අවුට් කරන ඩ්‍රෙසස් පෙන්නන්න. මට තේරෙන්නෙ නෑ එයාගෙ වැඩ ගැන. විශේෂයෙන්ම එයා මේ මාවත් ඇදගෙන යන්න හදන ෆැෂන් ශෝ එක ගැන. එතෙනට එන්නෙ ඉන්ටර්නැෂනල් මොඩ්ල්ස්ලා. ඒ අය ඉස්සරහා මම කොහොම හැසිරෙන්නද කියලා මටවත් හිතාගන්න බෑ. මොකද මම දන්න ඇමරිකන් මොඩ්ල්ස්ලා පවා මට එදාට සියැසින් දැක බලාගන්න පුළුවන්.


........


දවස් දෙක තුනක් ගෙවිලා ගියා. ඒ අතරේ මාව හම්බවෙන්න ජෝන් ඇවිත් ගියා. හේෂාන් ටනාෂියාව සම්පූර්ණයෙන්ම අතෑරියත් ටනාෂියා තවමත් හේෂාන් පස්සෙන් යන එක නැවතිලා නෑ. විශේෂයෙන්ම ටනාෂියා එදා හේෂාන්ගෙ ෆෝන් එකට දාපු මැසේජ් ටික ගැන මට කිසිම දෙයක් හොයාගන්න ලැබුණෙ නෑ. හැබැයි මම ජෝන්ට ඒ ගැන හොයන්න කිව්වා.


"මෙන්න.. මේක උබේ.. ඇඳගෙන ඉක්මනින් එළියට එන්න. අක්කා බීච් එකේ එයාගෙ යාළුවො එක්ක."


එකපාරටම දුල්නෙත්මියි සංජානායි ඇවිත් මගෙ අතට මොනාද මංදා කෑලි දෙකක් වීසි කරලා ගියා. හොඳට ඇස් ඇරලා කෙල්ලො දෙන්නා දිහා බලද්දි ඇඟ ෆුල් කවර් වෙන ස්විම් සූට් දෙකක් ඇඳලා යටින් දිග ශෝල් එකක් ගැට ගහලා, පන් වලින් වියපු හැට් දෙකකුත් දාගෙන ඩබල මගෙ දිහා කන්න වගේ බලන් ඉඳලා සන්ග්ලාස් දෙක දාගෙන කැට්වල්ක් එකට ඇවිදගෙන ගියා හොටෙල් එකෙන් එළියට.


ලෝකෙ අනිත්පැත්තට හැරුණද. මේ දෙන්නා ඇයි ලියෝටාර්ඩ් වගේ සූට් ඇඳගෙන මොඩ්ල්ස්ලා වගේ හැසිරෙන්නේ. සමහරවිට අක්කා මෙයාලටත් උගන්නන්න ඇති එයාගෙ මොඩ්ල් ස්ටයිල් එක. අද මම මේ ගමන, මේ ඩබලත් එක්ක ආවෙත් අක්කාගේ බල කිරීමට. අද එයාගෙ යාළුවෙකුගේ ස්පෙෂල් ඩේට් එකක් නිසා අපි දවල් ආවා වැඩිය මිනිස්සු නැති, බීච් එකට. අක්කා නම් යාළුවො එක්ක අර දිග පුටු වල දිගා වෙලා ජූස් බිබී අව්වෙ කර වෙනවා ඇති. එහෙව් එකේ මටත් මේවා ඇඳගෙන ගිහින් කර වෙන්නද කියන්නේ ?


සුදු පාට, ඉස්සරහින් පොටවල් දෙකක් ගැට ගහන්න තියෙන ටොප් එකයි, ඒකටම ගැලපෙන දිග ශෝල් එකයි මගෙ අතේ තිබුණේ. මගෙ ටොප් එක අක්කගෙ එක වගේම කොටයි. දුල්ගෙයි සජීගෙයි වගේ ලියෝටාර්ඩ් පෙනුමක් නෑ. ඒත් කොහොමද මම මෙහෙම ඇඳුමක් අඳින්නේ. මම ජීවිතේට මෙහෙම ඇඳුමක් ඇඳලා තිබුණෙත් නෑ අඳින්න හිතුවෙත් නෑ.


"නංගී.. Are you ready. හැමෝම ඔයා එනකම් බලාගෙන ඉන්නේ 😒."


අක්කා මගෙ රූම් එක ඉස්සරහට ඇවිත් කෑ ගහනවා. මේ ඇඳුම අඳින්න පුළුවන් මට, ඒත් ඒක ඇඳගෙන මට මේ රූම් එකෙන් නම් එළියට බහින්න බෑ කියලා මම දන්නවා. අක්කට මාව කඹයක් දාගෙන වත් ඇදගෙන තමයි යන්න වෙන්නේ.


"අප්පා.. තවම රෙඩි නැද්ද. මම ඔයාට ෆයිව් මිනිට්ස් දෙන්නම්. ඉක්මනින් ඕක ඇඳගෙන එළියට එන්න. හැමෝම අහනවා ඔයා කෝ කියලා."


දොරත් වහගෙන අක්කා එළියට ගියා. ගවුම ගලවලා මම ඒක ඇඳගෙන ශෝල් එකත් ගැට ගහ ගත්තා. සමහරවිට හේෂාන් තවමත් මගෙ බෝයිෆ්‍රෙන්ඩ් උනා නම් අද මාව ගෙදර ගියොත් හම ගහයි, ඇයි මේ වගේ එකක් ඇන්දෙ කියලා. ඒත් අක්කගෙ යාළුවො ඉස්සරහා මට ලැජ්ජ වෙන්නත් බෑ, අක්කා ලැජ්ජ කරන්නත් බෑ.


"ඔය මොකක්ද ඔය ?"


ගවුම එක්ක තිබ්බ ශෝල් එක මම උඩ ඇඟ වැහෙන්න දාගෙන එද්දි අක්කා එහෙම ඇහුවේ ඉනටත් අත් දෙක ගහගෙන. මම අතපය අකුලගෙන ඉද්දි එයාට මාව පේනවා ඇත්තේ කකුළුවෙක් වගේ වෙන්න ඇති.


"මම මේවා අඳින්න ආස නෑ."


"ඇයි ආස නැත්තේ ?"


"මගෙ ඇඟ පේනවනේ."


"ඉතින් මොකද ?"


"මිනිස්සු බලනවනේ."


"මිනිස්සු නැත්තං සත්තු බලන්නද."


"ඒ උනාට......"


"මේක අපේ ඇඟ. අපි කරන්න ඕනි අපිට ඕනි දේ. අපි කොහොමද ලස්සනට ඉන්නේ, අන්න එහෙමයි අපි අඳින්න පළඳින්න ඕනි. නොදියුණු ප්‍රාථමික ජීවීන්ට මේ සූට් එක පේන්නෙ නිකන් මැජික් එකක් වගේ. හැබැයි ඔයා මතක තියාගන්න නංගි. අපි මේ ඉන්නේ හයි ක්ලාස් හොටෙල් එකක. මේ හොටෙල් එකට එන්නේ අපි වගේ මිනිස්සු විතරයි. අපි වගේ හිතන පතන මිනිස්සු විතරයි. ඒකයි අපි මේකට ගැලපෙනම තැන තෝර ගත්තේ. නොදියුණු ප්‍රාථමික ජීවීන් මේක ඇතුලට එන්නෙ නෑ. ආවත් එයාලට අපිට හිනාවෙන්න, ලංකාවෙ සංස්කෘතිය කනවා කියන්න බෑ..... බ්ලා බ්ලා බ්ලා.."


හොඳටම තරහා ගිහාම අක්කා එක දිගට කියවගෙන යනවා මිස අහන් ඉන්න කෙනාගෙ මූණ දිහාවත් බලන් නෑ. ඉතින් මම එයාට අතින් පෙන්නුවේ 'ඔය ඇති' කියලා. ටික වෙලාවක් යද්දි මම එයා කියන එව්වා අහගෙනම බීච් එකට ගියා. එයාගෙ යාළුවෝ නම් ශෝල් වලින් වත් ඇඟ කවර් කරන් නෑ. මොකද එයාලට හුරු ඇති මෙහෙම ඇඳලා. ඒත් මට හිතෙන්නෙ මම නූල් පොටක් නැතුව ඉන්නවා වගේ.


"මේ ඉන්නෙ මගෙ නංගි. මින්දි අමේලියා."


අක්කා එහෙම කියද්දි හැමෝම මගෙ දිහා බැලුවා. කම්මුල් වලට ලේ පුරලා මූණ එක්කම මොකක්ද වෙද්දි මම බිම බලා ගත්තා. එයාලාත් අක්කට ගැලපෙනම එයාගෙ ජාතියේම අය තමා. මං දිහා බලපු විදිහටම මට තේරුණා.


"එයාව මම අදමයි දැක්කේ. She is so beautiful 😍."


"මාත් අදමයි දැක්කේ. කොහෙද ඉතින් අපි බිසීනේ. බලන්න එන්නවත් ටයිම් එකක් නෑනේ 🤧."


"වාව්.. මහීගෙ නංගි හරි සෙක්සිනේ."


අන්තිමට කිව්ව එක ඇහිලා මට කොහෙවත් නැති කැස්සක් අල්ලද්දි, දුල්නෙත්මි මගෙ ලඟට ඇවිත් ජූස් එකක් පෙව්වා. නැත්තම් අද දවසටම මට කැස්ස ඉවරයක් වෙන එකක් නැති වෙයි. ජීවිතේට මෙහෙම ඇඳුමක් අඳින්න අකමැති මට දැන් ඇඳලා දැනෙන අපහසුවට වඩා මෙයාලා මෙහෙම සෙක්සි කියන වචනෙ දාලා මාව වර්ණනා කරාම දැනෙන අපහසුව වැඩියි.


"මේ.. අපි අතන ගලට යමුද ?"


"ඇත්තටම යමුකෝ. මම ඕක දවස් ගාණක ඉඳන් දකින්නේ. කොහෙද ඉතින් තනියම යන්න බයයිනේ."


අක්කලා හැමෝම එකේක ඒවා කතා වෙද්දි මම පැත්තක ඉඳගෙන ඉන්න කෙල්ලො දෙන්නා ගාවට ගියා. බලන්න එපැයි ස්විම් සූට් එකක් ඇන්දම දෙන්නගෙ තියෙන පොශ් ලයින් එක. මං දිහා බලන්නෙ වත් නැතුව ජූස් දෙකක් බොනවා. දැන් කොහොමත් ඒ දෙන්නම ස්වාධීනව ජීවත් වෙන ගෑනු ළමයි දෙන්නෙක්. මමත් තනියමනේ ජීවත් වෙන්නේ.


"ඔයාලා දෙන්නා ඕක අඳින්නෙ නැතුව හිටියා නම් මම අද සතුටින්."


"අපි ඉතින් ජීවිතේට ඇඳලා තිබුණෙ නෑනේ. ඒ හින්දා අඳින්න හිතුණා."


"ඒත් ඔයාලට ලැජ්ජ හිතෙන්නෙ නැද්ද කවුරු හරි දකීවි කියලා."


"අපි ගෑනු ළමයි ටික විතරයිනේ මෙතන ඉන්නේ. වෙන අය නෑනෙ. ඒ නිසා අවුලක් නෑ. අනික මේ හොටෙල් එකට හැමෝටම එන්න බෑනේ."


"හැමෝටම නම් එන්න බෑ තමයි. ඒත් මට හිතෙන්නෙ මගෙ ඇඟ පිටට ඕපන් වෙලා වැඩියි කියලා."


"අපෝ නෑ.. ඔය තියෙන්නෙ තමුසෙට සෙක්සි බොඩි එකක්. පිටත් නිකන් නාරාහේන්පිට වගේම තියෙන්නේ 😌."


"Huh.. Are you kidding me."


ජූස් එකත් මාරම සීතලයි. මම අහලා තියෙනවා ගොඩාක් අව්වෙ ඉඳලා, මහන්සි වෙලා කූල් බොන්න එපා කියලා. ඉතින් ඒක නොබී මම ලොකු කුඩයක් යට දිගාවෙන පුටුවකින් ඉඳගෙන අක්කලා පොඩි ගලක් උඩට උඩට නගින හැටි බලාගෙන හිටියා. එක වෙලාවකට මට හිතෙනවා මේ වගේ ජීවිතයක් මට ලැබුණු එක වාසනාවක් කියලා. ඒත් තවත් වෙලාවකට හිතෙනවා මට මම අකමැතිම දේවල් කරන්න හම්බ වුණ එක අවාසනාවක් කියලා.


ටික වෙලාවක් ගත වුනා 🌴🏖️️🐧🐋..


"මට තේරෙන්නෙ නෑ බන්. මෙච්චර බිසී වීක් එකක, ෆ්‍රී තියෙන එකම දවසේ උබට මෙතෙනටම එන්න ඕනි උනානේ."


අහස් වැල්ලෙ තියෙන බංකුවකින් ඉඳගෙන එහෙම කිව්වේ පිටිපස්සෙන් ගාට ගාට එන හේෂාන් දිහා බලාගෙන. කොච්චර අයිස් කුට්ටියක් වගේ ඉන්න හැදුවත් හේෂාන්ගෙත් හිතේ එකේක අදහස් තියෙනවා. ඉතින් කොල්ලා වැල්ලෙ උඩට මතු වෙලා තියෙන ලස්සන සිප්පි බෙල්ලො ඇහිඳිනවා.


"ශුවර්ද එදා මින්දිව කිඩ්නැප් කරන්න ආවෙ ඇන්ඩෲස්ගෙ මිනිස්සුමයි කියලා."


විනාඩි පහක් විතර සිප්පි ඇහිඳලා ඇවිත් බංකුව උඩින් තියලා හේෂාන් ඊට එහා පැත්තෙන් ඉඳ ගද්දි අහස් එහෙම ඇහුවා. දැන් එයාලට කතා කරන්න ඉතුරු වෙලා තියෙන එකම මාතෘකාව එදා වුණ සිද්ධිය.


"අපි දන්නෙ නෑනේ රාදිතා එව්වද කියලා."


"හැබැයි රාදිතා හැසිරෙන විදිහෙන් නම් එහෙම කරයි කියන්නත් බෑ. මොකද රාදිතා දැන් යුනිවර්ස් වෙලා ඉන්න නිසා මේ වගේ වැඩ කරන්න වෙලාවක් නෑ. අනික මේ වගේ දේවල් කරා කියලා නම නැති කරගන්න ආසත් නෑනේ."


"ඒත් එයා ඇන්ඩෲස්ට අනුබල දුන්නා නම් ?"


"හැබැයි ඒකත් වෙන්න පුළුවන්.. ඔය මොනවා උනත් මින්දිට පරිස්සම් වෙන්න කියන්න වෙනවා. මොකද ආයෙ මෙහෙම දෙයක් වෙන්න 100% ක්ම ඉඩකඩ තියෙනවා හේෂාන්."


"You're correct."


තමායි මින්දියි එකතු වෙනවට මිනිස්සු මේ තරම්ම අකමැති ඇයි කියලා වෙලාවකට හේෂාන් කල්පනා කරා. මොකද ඒ කාලෙ දෙන්නගෙ සම්බන්ධය කඩන්න උවමනාව තිබුණු මිනිස්සු හැමෝම එදා නොහිටියා නම් අද මින්දි එක්ක තමා සතුටින් ජීවත් වෙලා ඉන්නවා කියලා මතක් වෙන නිසා.


"ශෂීන්ද්‍ර අන්කල් දැන ගත්තොත් එහෙම මේ දේවල්...."


"තාත්තා සේරටම කලින් හැමදෙයක්ම අවුල් කරලා දායි. අදම මගෙයි රාදිතාගෙයි මැරේජ් එක නතර කරලා දායි. ඒත් තාත්තට තේරෙන එකක් නෑ ඒකෙන් ලොකු විනාශයක් වෙන්නෙ අපිටමයි කියලා."


"හ්ම්ම්.. ඒක ඇත්ත. අපි පුළුවන් තරම් අංකල්ගෙන් මේක හංගන්නම ඕනි."


"මැරේජ් එක එකපාරටම නැවැත්තුවොත් අනිවාර්යයෙන්ම ඇන්ඩෲස් කලබල වෙලා අපේ ප්ලෑන්ස් සේරම අවුල් කරලා දායි."


"හ්ම්ම් 🤔."


මුදුන් වෙලා තියෙන ඉර පහතට පහතට යන හැටිත් අව්වේ අඩු වීමත් එක්ක මුහුදේ රළ වැඩි වෙලා. කොටින්ම කියනවා නම් රැල්ල ඇවිත්, බංකුව උඩ ඉඳන් ඉන්න ඒ දෙන්නගේ දෙපතුල් වල පවා වදිනවා. ඈත එහාට වෙන්න ගෑනු ළමයි ටිකක් ඉන්නවා දැක්කත් ඒ දිහා හේෂාන් බලන්න ගියේ නෑ. මොකද එහෙම අඳුනන්නෙ නැති අය දිහා බලන්න කොල්ලට පුරුද්දක් නෑ.


"එදා මින්දි එක්ක මම නිගම්බු ගිය වෙලේ ටනාෂියා මට මැසේජස් වගයක් දාලා තිබුණා."


"ඔයා මොකද කිව්වේ ?"


"මම මොනවා කියන්නද. ආයෙ මේ ගැන කතා කරන්න ගියොත් මට මොන විදිහේ දේවල් කිය වෙයිද දන්නෑ."


"මොනවා උනත් අපි හැමෝම ටනාෂියාට රැවටිලා බන්. විශේෂයෙන්ම මින්දි. මින්දි තමයි ටනාෂියා නිසා ගොඩාක් දුක් උනේ. ඇත්තටම ටනාෂියා කව්ද කියලා කලින්ම දැන ගත්තා නම් අපිට තිබුණා මේ හැම දෙයක්ම කලින්ම විසඳන්න."


"ඔයා නොදන්නවා උනාට අහස්, මට දැන් මේක ඇති වෙලා තියෙන්නේ. මට හිතෙනවා අදම මේක ඉවරයක් කරලා දාන්න. මේ සේරම මගෙ අතින්ම මරන්න තරම් තරහයි මට."


"එච්චර හිතන්න එපා. අපි ඉවසීමෙන් වැඩේ කරමු. ඉතිරි සාක්ෂි ටිකත් හොයා ගත්තට පස්සෙ අපි මේ සේරම නීතියෙන්ම විසඳමු."


අහස් හේෂාන්ගෙ පිටට තට්ටු කරන ගමන් එහෙම කිව්වා. වුණ හැමදෙයක්ම මතක තියාගෙන නිහඬව ඉන්න එක තමයි දරාගන්න අමාරුම හේෂාන්ට. එයා දන්නවා අද වෙනකම් තමන්ට මින්දි වෙනුවෙන් සාධාරණයක් කරන්න බැරි වුණා කියලා. ඒ වගේම මින්දි අද වෙනකම් හෙළපු හැම කඳුලකටම හේතුව තමා කියලා මතක් වෙද්දි කොල්ලට තමා ගැනම දුකක්, කළකිරීමක් ඇති වෙනවා.


"හේෂාන්.."


"ඇයි ?"


"පොඩ්ඩක් දකුණු පැත්තෙ ඈත බලන්නකෝ 😦."


"මොකක්ද අවුල ?"


මෙච්චර වෙලා ඈත නට නටා හිටපු ගෑනු ළමයි ටික සේරම ටිකක් ලඟට ඇවිත් තියෙනවා අහස් දැක්කා. ඒ වගේම ඒ අතර මින්දි වගේම ගෑනු ළමයෙකුත් ඉන්නවා වගේ කොල්ලට පෙනුණා. ඒත් අහස්ගේ කීමට ඒ පැත්ත බැලුවට හේෂාන්ට එහෙම විශේෂත්වයක් පෙනුණේ නෑ බීච් එකේ.


"අර ඉන්නෙ මින්දි නේද ?"


"කෝ කොහෙද ?"


"අර අතන සුදුපාට ටොප් එකක් ඇඳලා ශෝල් එකක් ගැට ගහන් ඉන්නේ."


අහස් ලාවට ඇඟිල්ල දික් කරලා පෙන්නුවේ කැමරාවක් අතේ තියාගෙන කෙනෙක්ගෙ ෆොටෝ ගන්න ගෑනු ළමයෙක්ව. ඊට එහාට වෙන්න මින්දි ලස්සන Pose එකකට ෆොටෝ එකට පෙනිලා හිටියා. මින්දිව දුර තියලා හරියට අඳුන ගත්තට පස්සෙ හේෂාන් ඒ දිහා හොඳට බලාගෙන හිටියා.


"එයාලා අද බීච් එකට එන්න ඇති."


"එයාලා කිව්වේ ?"


"යාළුවො එක්ක. සමහරවිට අක්කා වෙන්න ඇති එක්කගෙන එන්න ඇත්තේ."


අහස් එහෙම කියද්දි හේෂාන් ආයෙමත් මින්දි දිහා හැරිලා බැලුවා. සුදුපාට එම්බ්‍රොයිඩර්ඩ් ටොප් එකක් ඇඳලා, ඉන කොටසත්, දණහිසෙන් පහලත් විතරක් පේන්න ශෝල් එක ගැට ගහලා ඉන්න කෙල්ලව, හැමෝම අතරින් කැපිලා පෙනුණා. අනික හේෂාන් කෙල්ලව ඒ විදිහට කවදාවත් දැකලා තිබුණෙ නෑ.


"උබ ඇයි මින්දි දිහා ඔහොම බලාගෙන ඉන්නේ ?"


අහස් ඒ පැත්ත කන්න වගේ බලාගෙන ඉන්නවා දැකලා හේෂාන් එහෙම ඇහුවේ රවාගෙන වගේ. එක වෙලාවකට හේෂාන්ටත් එකේක මානසිකත්ව පහල වෙනවා කියලා අහස්ට මතක් උනා.


"ලස්සනයි හැබැයි 😌."


"අනිත්පැත්ත හැරිලා වෙන අතක් බලා ගත්තොත් හොඳයි."


"නැත්නම් ?"


"නැත්තම් මං සංජානා දිහා බලන් ඉන්නවා 🤧."


"කෝ.. එයත් ඉන්නවද ?"


"ඔව් අර ඉන්නේ."


හේෂාන් පෙන්නනකම්ම අහස් දැක්කෙ නෑ ඒ විදිහටම ඇඳලා සංජානායි දුල්නෙත්මියි දෙන්නත් ඒ ගොඩේ ඉන්නවා කියලා. සංජානාත් ඒ වගේ ඇඳුමක් ඇඳන් ඉන්නවා කියලා දැක්කම අහස්ගෙ මූණ පුදුමෙන් පිරිලා තියෙනවා දැක්කම හේෂාන්ට හිනා යන්නත් ආවා.


"පේනවා නේද මම නැති ටිකට නටන නාඩගම්."


"අවුලක් නෑ මෙතන හැමෝටම එන්න බැරි නිසා. නැත්තම් ඉවරයි."


"හ්ම්ම්.. ශුවර් එකටම මින්දිගෙ අක්කා තමයි මේවා උගන්නන්නේ."


"එයා නැත්තම් වෙන කව්ද. එයානේ ලංකාවේ ලස්සනම මොඩ්ල්. ඉතින් අනිත් අයවත් මොඩ්ල්ස්ලා වගේ මොඩිෆයි කරලා ගන්න එක එයාගෙ ඇටිටියුඩ් එකක්."


මහීෂා එයාගෙ යාළුවො එක්ක මින්දිවයි දුල්නෙත්මිවයි සංජානාවයි එක්කගෙන ඇවිත් තියෙන බව ඒ දෙන්නට පෙනුණා. දැන් විනාඩි කීපයක ඉඳන්ම ගෑනු ළමයෙක් මින්දිගෙ ෆොටෝ එකක් ගන්න උත්සහ කරනවා. ඒත් වටෙන් එන හුලඟ ඒකට බාධා කරනවා හේෂාන් දැක්කා. කර්ටන් බැන්ග්ස් කපපු මින්දිගේ පිට මට්ටමට තියෙන කොණ්ඩෙ මුහුදු හුලඟට හරි අකීකරුව එහෙ මෙහෙ යනවා, ඒ වගේම එයා බැඳගෙන ඉන්න ශෝල් එකත් එහෙට මෙහෙට යනවා. ඒත් ඒ සේරම හරි ගස්සන ගමන් මින්දි කැමරාව ඉස්සරහා ලස්සනට ෆොටෝ එකකට ඉන්න උත්සහ කරනවා.


"එයා මට තවමත් වෛර කරනවා ඇති නේද අහස්."


මින්දි දිහා බලාගෙන හේෂාන් එහෙම කියද්දි අහස් කොල්ලගෙ උරහිසින් අල්ලලා තට්ටුවක් දෙකක් දැම්මා. පහුගිය කාලෙදි වුණ දේවල් තවමත් හිතේ තියාගෙන කල්පනා කර කර ඉඳලා හේෂාන්ගෙ ලෙඩත් වැඩි වෙලා නිසා අහස් හැම වෙලේම කොල්ලට බැන්නා ඕවා අමතක කරන්න කියලා. ඒත් මෙයා හැදෙන්නෙ නෑනේ කවදාවත්.


"ඒත් එයා ඇත්ත දැනගත්තු දවසට එහෙම කරන එකක් නෑ බන්. සමහරවිට එයාට පසු තැවෙන්න වේවි උවමනාම වෙලේ ඔයා ළඟින් ඉන්න බැරි වුණ එකට."


"එයාවත් තවත් ප්‍රශ්න වල පැටලෙන්න ඕනි නැති නිසායි මම මේ හැමදෙයක්ම එයාගෙන් හැංගුවේ."


"බය වෙන්න එපා. ඇත්ත ඔයාගෙ කටින්ම දැනගද්දි එයා හැමදෙයක්ම තේරුම් ගනී."


"එයා එහෙම කරයිද ?"


"ඔව් මට හන්ඩ්ර්ඩ් ප්‍රසන්ට් ශුවර්."


එකපාරටම නිහඬ වුණ පරිසරය නිසාම හේෂාන්ට මතක් උනා එදා මින්දි අඬපු විදිහ. එදා විතරක්ම නෙවෙයි, මින්දි තමා නිසා කී වතාවක් ඇඬුවාද කියලා එයාට මතක් වෙද්දි තමා ගැනම පසුතැවිල්ලක් ඇති වෙනවා. ඒත් ඒ හැමදේටම තමා සම්පූර්ණයෙන්ම වැරදි නෑ කියලා එවෙලෙට හේෂාන්ට මතක් වෙන්නෙ නෑ. තමා වැරදිකාරයෙක් කියලා හිතෙනවා මිසක්.


...................................... 🖤 ...


ඊලඟ එපිසෝඩ් එකෙන් කතාව සම්පූර්ණයෙන්ම වෙන පැත්තකට හැර වෙනවා.. බලාගෙන ඉන්න 💀..


හිතා ගන්න බැරි තරමට සප්‍රයිස් වෙයි ඔයාලව. මෙච්චර කාලයක් ඔයාලාගෙ ඔළුවල තිබ්බ වැරදි වැටහීම සම්පූර්ණයෙන්ම අයින් වෙලා යාවි..


Sachy Collins

Report Page