Spring is far away - 81
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 81 | Messages
"අවසානෙට ඔයා මේකද ඔයාගෙ ආදරේට දුන්න වටිනාකම. එයා ඔයාව සතුටින් තිබ්බ ඒ කාලෙට ඔයා එයාට දුන්න තෑග්ගද මේ. ඔයා නොදන්නවා උනාට එයා සැනසීමෙ මැරුණෙ නෑ. එයාට අන්තිම හුස්මෙදිත් ඔයාවයි දරුවවයි මතක් වෙන්න ඇති. ඒත් ඔයාට......."
"මින්දි.."
හේෂාන් මගෙ අත උඩින් එයාගෙ අත තියලා මගෙ මූණට ලං උනා. මම මගෙ හිතට එන දුකට තිනුලිට කෑ ගැහුවට, හිරුෂාන් මං එනකම් වත් ජීවත් උනේ නෑ කියලා අදටත් මතක් වෙද්දි මගෙ පපුවෙ ගින්දරක් ඇවිලෙනවා.
"Stop this."
තරහා ගිහින් හිටපු මාව ටිකක් හරි සන්සුන් වුණේ එයාගෙ කටහඬට. නැත්තම් තව මට මොනවා කියවෙයිද දන්නෑ. ඉස්සර තරම් මට දැන් ඉවසන්නත් බෑ දුකක්, තරහක් දැනුනම.
"එයාගෙ ගෙදරටම ඇවිත් ඔයා මෙහෙම එයාට කෑ ගහන එක හරි නෑ නේද."
මට විතරක් ඇහෙන්න එයා එහෙම කිව්වා. මේ හොඳටම ඇති. කොච්චර කිව්වත් තිනුලිව හදන්නත් බෑ, දැන් එයාට සමාව ගන්න හරි හිරුෂාන් ඉතුරු වෙලත් නෑ.
"Sorry මම බැන්නට. ඒත් මම කවදාවත් ඔයා මේ කරපු දේට සමාව දෙන්නෙ නෑ මිසිස් රත්නසිරි. ඒකට ඔයාට දෛවයෙන් වත් සමාවක් ලැබෙන එකක් නෑ. ඔයාට එයාව උවමනාම වෙලේ ඔයා එයාව අත ඇරලා කරගත්තෙ ලොකු පාප කර්මයක්."
එයාගෙ ගෙදරටම ඇවිත් එයාට බනින එක හරි නෑ තමයි. ඒත් දැන් මගෙ හිත ටිකක් නිදහස්. මොකද මම මගෙ හිතේ තියන් හිටපු දුකක් නිදහස් කලා. ඒත් මම මේ ඩයරි එක නම් තිනුලිගෙ අතට දෙන්නෙ නෑ. මොකද ඒක ගන්න එයා සුදුසු නෑ.
"අම්මී.."
එකපාරටම තරප්පු පෙළින් කවුරු හරි දුවගෙන එනවා ඇහුණා. හැබැයි ඒ කටහඬ නම් පොඩි ළමයෙක්ගේ. මම හැරිලා බලද්දි සුදුම සුදු දෙවනි පංතියේ ඉගෙන ගන්න වයස පිරිමි ළමයෙක් දුවගෙන ඇවිත් තිනුලිගෙ ඇඟේ එල්ලුණා. කලින් මම හිතුවා හරියටම හරි. මේ ඉන්නෙ හිරුෂාන්ගෙ එකම පුතා. එයා දැන් ගොඩාක් ලොකු වෙලා. විශේෂම දේ තමයි පුතා තාත්තගේ කාබන් කොපියක් වගේ.
"මේ ඉන්නෙ ඔයාගෙ පුතාද ?"
හේෂාන් එහෙම අහද්දි තිනුලි එයා එක්ක හිනා වෙලා ඔළුව වැනුවා. පුතා අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බැලුවා මිසක හිනා උනේ වත් නෑ. අපිව අඳුනන්නෙ නැති නිසා වෙන්න ඇති.
"ජනිත්‍ය.. මෙයා විතරයි මට ඉන්නේ."
"එතකොට හස්බන්ඩ් ?"
"එයා අද වැඩ ඔෆිස් එකේ. අනිත් දවස් වලටත් ෆ්‍රී නෑ. එයාටත් ශූටින් තියෙනවා."
"හ්ම්ම්."
මම කිසිම දෙයක් නොකියා ජනිත්‍ය බබා දිහා බලාගෙන හිටියේ මේ මූණෙන් හිරුෂාන්ගෙ මූණ මවාගන්න. හිතුවා වගේම ඒ පොඩි මූණෙන් මට එයාගෙ තාත්තා අසම්පූර්ණත්වයක් නැතිව පෙනුණා. ඉතින් මම පොඩ්ඩක් වත් වැරදි නෑ මේ ඉන්නෙ හිරුෂාන්ගෙ කාබන් කොපියක් කියලා කිව්වට.
"අම්මී."
"ම්ම් ?"
"කව්ද මේ ?"
"මේ ඉන්නෙ අම්මිගෙ කලින් බොස්.. මේ ඉන්නෙ එයාගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක්."
තිනුලි මට ඇඟිල්ල දික් කරලා එහෙම කියද්දි මම හේෂාන් දිහා බැලුවා. මොකක්ද එයා කිව්වේ. මම හේෂාන්ගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලද එයා හිතන්නේ. එහෙනම් එයා සම්පූර්ණයෙන්ම වැරදියි. මට දැන් හේෂාන් යුවසිංහ එක්ක කිසිම කනෙක්ෂන් එකක් නෑ. එහෙම තිබුණොත් ඒක සාධාරණ හේතුවක් මත.
නොහිතපු විදිහට ජනිත්‍ය බබා ඇවිත් හේෂාන්ගෙ ඔඩොක්කුවට පැන්නා. මම දන්නවා, එයා බබාලට ආස උනාට අල්ලන්න කැමති නෑ. ඒ වගේම අද වෙනකම් එයා බබෙක් අතින් අල්ලලා වත් නැතුව ඇති. කොහොමත් එයා වචනෙන්, සිප වැළඳ ගැනීම් වලින් ආදරේ පෙන්නන කෙනෙක් නෙවෙයි.
"අංකල් එනාද බබා එක්ක සෙල්ලම් කලන්න."
බබා එහෙම කියද්දි හේෂාන් අපහසුවෙන් වගේ හිනා උනා. අවුරුදු හයක් හතක් වුණත් ජනිත්‍ය පෙනුමෙන් වගේම මනසිනුත් පොඩියි වගේ. එයා කතා කරන විදිහ පවා හුරතල්. ඒකෙන්ම පේනවා එයාගෙ අම්මා, අලුත් තාත්තා එක්ක එකතු වෙලා එයාව හුරතල් කරලා හදනවා කියලා.
"ජනී.. මෙහෙ එන්න. අංකල්ට කරදර කරන්න එපා."
තිනුලි සැරෙන් වගේ කතා කරද්දි බබා අඬන මූණක් හදාගත්තා. ඒ මූණ දැක්කම නම් හේෂාන් පවා උණුවෙන තත්වයක් තියෙන්නේ.
"It's okay."
එයා බබාගෙ ඇස් වල තිබ්බ කඳුළු පිහදලා දැම්මා. ඔයාගෙ හිතේ තියෙන ඔය අනුකම්පාව දරුවන්ට විතරද පෙන්නන්නේ හේෂාන්. ඔයාට එදා බැරි උනා මගෙ කඳුළු දැකලත්, ටනාෂියාව අතෑරලා ඇවිත් ආයෙ එහෙම කරන්නෙ නෑ කියලා කියන්න. මගෙ ඉස්සරහා එච්චර දරුණු උන ඔයා ඇයි මේ දරුවා ඉස්සරහා වෙනම කෙනෙක් වෙලා ඉන්නේ ?
"මම මොනවා හරි හදන් එන්නද ?"
"No thanks.. අපි හදිස්සියේ මේ ගමන ආවේ."
සුහඳව කතා කරලා තේ බිබී හිනා වෙන්න ඉතුරු වෙලා නෑ මට. හිරුෂාන් ගැන එයාට කියන්න ගියපු මමයි වැරැද්ද කලේ. මුලදි හිතුවත් මේ ඩයරිය අයිති වෙන්න ඕනි තිනුලිට කියලා, ඒත් ඒක වැරදියි. මේක සදහටම මං ගාව තිබුණාවේ. කළගුණ දන්නෙවත් නැති ගෑනු කෙනෙක් ලඟ තියෙනවට වඩා ඒක හොඳයි.
"මේ ඩයරි එක මම ඔයාට දෙන්න හිතන් හිටියේ. ඒත් මේක මගෙ ළඟ තිබුණ දෙන්. ඔයාට බලන්න ඕනි නම් මාව කන්ටැක් කරගෙන ඉල්ලගන්න."
"මම හැමදෙයක්ම අමතක කරලා සතුටින් ජීවත් වෙනවා. මට ආයෙ ඒ පරණ මතක එපා. අනික දැන් වෙන්න තියෙන දේවල් හැමදෙයක්ම වෙලා ඉවරයිනේ."
තිනුලි එහෙම කියද්දි මම කට ඇරියේ සතුටින් ජීවත් වෙන හැටි කියලා දෙන්න. ඒත් හේෂාන් මගෙ අතින් අල්ලගෙන කියන්න හදපු එක නැවැත්තුවා. මේ හොඳටම ඇති. ලිමිට් එක පැනලා හොඳ වචන ටිකක් කියවුණොත් පොඩි බබත් බය වෙයි.
"හේෂාන්.. අපි යමු. මට ඉම්පෝර්ටන්ට් වැඩක් තියෙනවා."
"හ්ම්."
මම නැගිට්ට ගමන්ම එයත් නැගිටලා බබාව බිමින් තිබ්බා. අනුන්ගෙ ගෙදරකට ගිහින් මම කෑ ගහන එක වැරදියි. ඒත් හිරුෂාන් ගැන මතක් වෙද්දි මට දැනෙන්නෙ එසේ මෙසේ වේදනාවක් නෙවෙයි. අහම්බෙන් මට හම්බුණු එයා, අවසානෙ මට කටුක ජීවිතේ කියන්නෙ මොකක්ද කියලා කියාදීලා යන්නම ගියා. ඉතින් එයාට සාධාරණයක් වෙන එකක් නෑ තිනුලිගෙන් කවදාවත්ම.
"අපි යන්නම්."
අපි දෙන්නම බබාගේ ඔළුව අතගාලා ගෙදරින් එළියට බැස්සා. වෙනදාට අහස කළු කරලා තිබ්බට මහ ලොකුවට වැස්සෙ නෑ. ඒත් අද අහස කළු වලාකුළු වලින් බර වෙලා තියෙන්නෙ අයිස් කැට වගේ වතුර බිංදු වැටෙන ලකුණු පෙන්නලා. ඉතින් වැඩි වෙලා ඉන්නෙ නැතුව එයයි මායි කාර් එකට නැඟලා එහෙන් පිටත් උනා.
"ඔයා ඔයාව කන්ට්‍රෝල් කරන්න පුරුදු වෙන්න. නැත්තම් ඕක ප්‍රශ්නයක් වේවි ඔයාටම."
"තමන්ට තමන්ව කන්ට්‍රෝල් කරන්න බැරි මිනිස්සු දෙන අවවාද අනුශාසනා මම භාර ගන්නෙ නෑ හේෂාන්."
මෙච්චර කල් ඔයා මට හින්ට් ගැහුවනේ. දැන් මම ඔයාට හින්ට් ගහන්නම්. ඔයා විසින් මාව රිද්දපු තරම ඔයාටම දැනෙන්න ඕනි හේෂාන් යුවසිංහ. මේ මින්දි කලින් මින්දි වෙන්නෙ නෑ තව දුරටත්. මගෙ හිතේ තිබ්බ ඒ ආදරය සෙනෙහස ඔයා විසින්මයි එදා බිඳලා දැම්මේ. ටනාෂියා එක්ක එකතු වෙලා.
"I said before.. ටනාෂියාගෙයි මගෙයි අතර කිසිම කනෙක්ෂන් එකක් තිබුණෙ නෑ."
"මම හැමදෙයක්ම දැක්කා."
"ඒ දේවල් මගෙ කැමැත්තෙන් උන දේවල් නෙවෙයි මින්දි. ඔයා මට චෝදනා කරන එක නැවැත්තුවොත් හොඳයි."
"චෝදනා නෙවෙයි හේෂාන්. මම කතා කරන්නෙ ඇත්ත. මගෙ ඇස් දැකපු දේ. ඔයා දන්නවනේ මම සාමාන්‍යයෙන් දෙයක් මගෙ ඇස් වලින් දකිනකම්, කනට ඇහෙනකම් විශ්වාස කරන්නෙ නෑ කියලා."
"ඒත් ඔයා දන්නෙ නෑ කනට ඇහෙන දේවල් ඇස් වලට පේන දේවල් පවා විශ්වාස කරන්න හොඳ නෑ කියලා."
"එහෙනම් මට ඔයාම කියන්න මොකක්ද මෙතන ඇත්ත ?"
වෙනදා අහන ප්‍රශ්නෙම මම අදත් අහනවා ඔයාගෙන්. ප්ලීස් හේෂාන් මට ඒකට උත්තර දෙන්න අදවත්. මම ලෑස්තියි ඔයා කියන දේ විශ්වාස කරන්න. ඒත් අදත් ඔයා වෙනදා වගේම මේ ප්‍රශ්නෙ මග හැරියොත් මට ආයෙ ඒක අහන්න හිතෙන්නෙ නැති වෙයි.
"ඒක කියන්න වෙලාව ආවම මම කියන්නම්."
"ඒ කියන්නෙ ඔයා කැමති නෑ ඒ ගැන කියන්න."
"ඔව් මම ආස නෑ, මම ආස නැති දේවල් ගැන කතා කරන්න. ඒ මතක මට ආයෙ ඕනිත් නෑ."
"එහෙනම් මම ආයෙ අහන්නෙත් නෑ. I'm sorry."
මම එහෙම කියලා ග්ලාස් එකෙන් එළිය බලාගද්දි එයා මගෙ දිහාවට හැරුණා. මම ආස නෑ ඔයා එක්ක තර්ක කරන්න. ඒ නිසා මෙතනින් මේ කතාව නැවතුණාවේ. තිනුලි කියපුවා එක්ක මට ටිකක් තරහා ගිහින් හිටපු නිසායි හේෂාන්ගෙනුත් මේ වගේ දේවල් අහන්න තරම් මානසිකත්වයක් ආවේ.
ටික වෙලාවක් යද්දි අපි නිගම්බු ටවුන් එකට ආවා. ටවුන් එකේ ෆාමසි එකක් ඉස්සරහින් කාර් එක නවත්තපු එයා ඩෑෂ් බෝඩ් එකේ මොනාද මංදා බිල් වගයක් ඇද්දා. සමහරවිට තවමත් පරණ අසනීප හොඳ නැතුව ඇති. කොහොමත් එයා බේත් බොන්න ට්‍රීට්මන්ට් කරන්න හොර කෙනෙක් නේ. මාත් එක්ක හිටපු කාලෙ මම එයාට බලෙන් හරි ඒ දේවල් කලා. ඒත් රාදිතාට ඒ ගැන වගේ වගක් නැතුව ඇති.
"දෙයක් ගන්න තියෙනවා. මම ඉක්මනින් එන්නම්."
මම කියපු දේවල් වලට තරහා ගන්නෙ නැතුව එයා මාත් එක්ක හොඳට කතා කරලා කාර් එකෙන් බැහැලා එළියටත් ගියා. හිතාගන්න බැරි විදිහට එයා වෙනස් වෙලා. හරියට නිකන් හැඟීමක් දැනීමක් නැති ගලක් වගේ මනුස්සයෙක් හා සමානව.
"හ්ම්ම්.."
දිග හුස්මක් හෙලලා මම ශීට් එකට හේත්තු උනා. ඒ එක්කම අපි දෙන්නගෙන් කාගෙ හරි ෆෝන් එකකට මැසේජ් එකක් ආවා. හොයන්න බෑ හරියටම කාගෙ එකටද ආවෙ කියලා. ඒත් මම ස්ක්‍රීන් එක ඔටෝ ඔන් වුණ, ඩෑෂ් බෝඩ් එක උඩ තියෙන ෆෝන් එක ගත්තා. වැරදීමකින් වගේ මම අරගෙන තියෙන්නෙ එයාගෙ ෆෝන් එක. මොකද මේ ෆෝන් එකට මැසේජ් එක ඇවිල්ලා තියෙන්නෙ ටනාෂියාගෙන්.
❝ ඔයා මාත් එක්ක තරහින්ද ඉන්නේ ❞
❝ මම දන්නවා හේෂාන් මම ලොකු වැරැද්දක් කලේ. ඒත් දැන් මම කලින් ටනාෂියා නෙවෙයි. මම ගොඩක් වෙනස් උනා ඔයා නිසා. සෝ ප්ලීස්. එක වතාවක් මම කියන දේ අහන්න. වුණ හැමදෙයක්ම මම පැහැදිලි කරන්නම් ❞
මොනවද එයා පැහැදිලි කරන්න හදන්නේ. මැසේජ් ටික දැක්කම මට හිතුණා ටනාෂියාට රිප්ලයි කරන්න හේෂාන් වගේම. ඒත් එහෙම කළොත් මම කරන්නෙ ලොකු වරදක්. මොකද මේක හේෂානුයි ටනාෂියායි අතර තියෙන ප්‍රශ්නයක්. ඒත් ඇයි ටනාෂියා මෙහෙම දෙයක් කියන්න හේතුව. ඒ දෙන්නා කනෙක්ෂන් තිබ්බ එකට තමන් විතරක්ම වැරදියි වගේනේ ටනාෂියා මැසේජ් කරලා තිබුණේ. අනික හේෂාන් දැන් ටනාෂියාව ගණන් ගන්නෙ නැද්ද කොහෙද. ඒ නිසානේ 'ඔයා මාත් එක්ක තරහින්ද ඉන්නේ' කියලා දාලා තිබුණේ.
මට අමුත්තක් දැනෙනවා. මම නොදන්න මොනවා හරි වෙලා තියෙනවා. මේ දෙන්නගෙ කනෙක්ෂන් එකේත් මොකක් හරි හැංගුණු දෙයක් තියෙනවා. ඒත් හේෂාන් කැමතිත් නෑ මට ඒ දේවල් ගැන කියන්න. මම ඒ ගැන ඇත්ත කියන්න කියලා කිව්වොත් අහස් පවා මගාරිනවා 'ඒක ඔයා අදාල වෙලාවට දැනගනීවි' කියලා. මේ දේවල් එක්ක බලද්දි මට හිතෙනවා මම හේෂාන්ට තදින් කතා කරලා කරන්නෙ ලොකු වරදක් කියලා. ඒත් ඇයි එයාලා මගෙන් මේ දේවල් හංගන්නේ ?
මැසේජ් දෙක දිහා තව දුරටත් මම බලාගෙන හිටියා. ඒත් මැසේජ් දෙක වට වෙලා තියෙන ලොක් ස්ක්‍රීන් එකේ වෝල්පේපර් එක දැක්කම මට උන් හිටි තැන් අමතක උනා. ඒකෙ තිබුණේ එදා නුවරඑළියේ ට්‍රිප් එක ගිහින් අපි එකට ඉඳලා ගත්තු ෆොටෝ එක. මම එයා දුන්න දම්පාට ගවුම ඇඳලා එයා ලඟම ඉන්නවා. ඇයි තාමත් එයා මේ ෆොටෝ එක ලොක් ස්ක්‍රීන් එකේ වෝල්පේපර් එකට දාගෙන ඉන්නේ. එයා දැන් රාදිතාව මැරි කරන්නයි ඉන්නේ. අනික එයාමයි කිව්වෙ එයා මට දැන් ආදරේ නෑ කියලා. එහෙව් එකේ..... No.. This is impossible..
මේ ගැන හිතලා මගෙ ඔළුවත් රිදෙනවා. දැන් නම් Refreshment එකක් ඕනිමයි මට. ඒ නිසාම මම එයාගෙ ෆෝන් එක ඩෑෂ් බෝඩ් එකට දාලා කාර් එකෙන් එළියට ආවා. මේන් රෝඩ් එකෙන් එහා පැත්තෙ තිබුණේ කැෆේ එකක්. වැස්ස උනත් කමක් නෑ මට දැන් මොනවා හරි බොන්න ඕනි. කලින් මම හේෂාන්ට තදින් කතා කලා. ඒත් මට අමතක උනා අද උදේ මම අමාරුවේ වැටුණ වෙලේ එයාමයි මට මේ ගමන යන්න උදව් කලේ කියලා. ඉතින් ගන්න දෙයක් එයාටත් එක්කම ගන්නවා මං.
"මට කැපචිනෝ දෙකක්."
කාඩ් එකත් කවුන්ටර් එකට දීලා මම කැපචිනෝ දෙක රෙඩි වෙනකම් ලඟ මේසෙක ඔළුව තියන් හිටියා. තරහා ගිහින් හරි මෙච්චර වෙලා හොඳට හිටපු මම අර මැසේජ් දෙක දැක්කට පස්සෙ අවුල් ගියා වගේ. ඔව් මම අවුල් යන්නෙ නැතුව කොහොමද. තාමත් එයාගෙ වෝල්පේපර් එක මගෙයි එයාගෙයි සෙල්ෆි එක, ඉස්සර වගේ ටනාෂියා එක්ක පිසිකල් කනෙක්ෂන් තියන්නෙ නෑලු, ටනාෂියා ඒ වුණ දේවල් වලට වැරදියිලු. කොහොමද එහෙම වෙන්නේ ?
"හේෂාන්.."
මගෙ ඉස්සරහින් හිටගත්තු මින්දි හේෂාන්ගෙ කොලර් එකෙන් අල්ලගෙන ලඟට ගත්තා. මම හිතන්නෙ මේ මගෙ ඇතුළාන්තයේ ඉන්න මම මයි මගෙ ඇස් ඉස්සරහා මැවිලා පේන්නේ.
"මට ඇත්ත කියන්න. මම අහන් ඉන්නේ. මොකක්ද මේකෙ තේරුම ?"
එයාගෙ කොලර් එකෙන් අල්ලගෙන මම අහද්දි එයා දිගින් දිගටම බිම බලන් හිටියා. ටේබල් එකෙන් නැගිටපු මම මගෙ ඉස්සරහා හේෂාන්ට මම ම තදින් කතා කරන හැටි බලාගෙන හිටියා.
"මම වෙනස් උනේ නෑ මින්දි.. ඔයයි හිතුවේ මම වෙනස් උනා කියලා."
මට හිතාගන්නවත් බැරි උත්තරයක් එයා මගෙ ඉස්සරහා හිටපු මින්දිට දුන්නේ. දැන් නම් ඔළුව පුපුරන සයිස්. දරාගන්න බැරිම තැන මම ඔළුව අල්ලගෙන පුටුවකින් ඉඳගත්තා. යථාර්ථය මොකක් උනත් මගෙ අතින් වරදක් වෙලා නම් මට ඒක දරාගන්න බැරි වේවි.
"මැඩම්.. කැපචිනෝ දෙක හරි."
එකපාරටම මම කල්පනාවෙන් මිදුණේ ශොප් එකේ කෙනෙක් කතා කරපු නිසා. ඉස්සෙල්ලා මගෙ ඇස් ඉස්සරහා මැවිලා පෙනුණ හේෂානුයි මින්දියි දෙන්නම දැන් පේන්නවත් නෑ. ඒ වෙනුවට එයාලා මට ලොකු හිසරදයක් ඉතුරු කරලා යන්නම ගිහින්. ඉතින් මම ඔළුවත් අල්ලගෙන කැපචිනෝ දෙක දාපු බෑග් එකත් අරගෙන මේන් රෝඩ් එක ලඟට ගියා. හොඳට වටපිට බලලා පාර පැනපු මම කාර් එක ලඟට ගියා. මට පේනවා එයා ඇතුලට වෙලා ඉඳගෙන එයාගෙ ෆෝන් එක බලනවා.
කාර් එකේ දොර ඇරිය මම කැපචිනෝ දෙකත් අරගෙන ශීට් එකෙන් ඉඳගන්නයි ගියේ. ඒත් එකපාරටම මගෙ දොරේ තිබුණු අත වැලමිටට උඩින් වගේ කවුරු හරි අල්ලලා ඇද්දා. කව්ද කියලා ඔළුව ගසලා බලද්දිම මම දැක්කේ කළුපාට වෑන් එකකින් අත දාපු මනුස්සයෙක් විතරයි.
"අහ්.."
නොහිතපු විදිහට මගෙ ඉනෙන් අතක් වට වෙලා මාව කාර් එක ඇතුලට ඇදලා ගත්තේ ශීට් එක උඩට වැටෙන විදිහට. කළු වෑන් එකේ මනුස්සයා මගෙ අතින් ඇද්දට ඊට වඩා ශක්තිමත් අතක් මාව කාර් එක ඇතුලට ඇදලා ගත්තේ. ඒ වෙන කවුරුත් නෙවෙයි, හේෂාන්ම තමයි. එයාගෙ පපුව උඩට වැටුණු මම දැක්කේ අර කළුපාට වෑන් එක දොරත් වහගෙන එතනින් විදුලි වේගයෙන් යනවා.
"ශිට්.."
කාර් එකේ ස්ටෙරින් වීල් එකට එයා අත මිට මොලවලා එකක් ගැහුවේ තරහින්මයි. මට තාමත් හිතාගන්න බෑ ඒ මොකක්ද උනේ කියලා. ඒත් ටික වෙලාවක් යද්දි මගෙ මනසට වැටුණා ඒ අය ඇවිත් මගෙ අතින් ඇද්දේ මාව ඒ කළු වෑන් එකට දාගන්න නේද කියලා.
"උන් ආවෙ ඔයාව කිඩ්නැප් කරන්න."
එයා ඈත යන වාහනේ දිහා බලාගෙන එහෙම කිව්වා. ශොප් එකෙන් මම ආවෙත් හොඳ සිහියෙන් නෙවෙයි. එහෙව් එකේ මම දුර්වල වෙලා ඉද්දි, හේෂාන් නොහිටියා නම් ඒ අය මාව අරගෙන ගිහින් ඉවරයි.
"ඔයා හොඳින්ද ?"
මගෙ දෙකම්මුල් වලින් අල්ලලා එයා එහෙම අහනවා. ආපු තද ඔළුව කැක්කුමට මම නිකන්ම එයාගෙ පපුව උඩට වැටුණා. ඒ එක්කම මට දැනුණේ මට හොඳට හුරු පුරුදු, මම ආසම කරන, දැනුනත් මාව නිවිලා යන සුවඳක්. ඔව් මේ එයාගෙ සුවඳ. නමින් බ්ලූ ඇට්ලස් ඇත්ලාන්ටිස් උනාට මේ එන්නෙ මට අවුරුදු අටක් ආදරේ කරපු හේෂාන්ගෙ සුවඳ. මොකද මට අමතක වෙන්නෙ එච්චර ඉක්මනින්. කාලයක් එයා මේක පාවිච්චිය නතර කලා. ඒත් දැන්..
"කාම් ඩවුන්."
ඇස් දෙක වහගෙන මම ඒ බෙල්ලට මගෙ නහය ලං කරා. එතකොට ඒ සුවඳ මගෙ හුස්ම එක්ක මිශ්‍ර වුණා වගේ මට තේරුණා. අසිහියෙන් නෙවෙයි මම මේ හැසිරෙන්නේ. මම හොයන්නේ ඒ සැනසීම. ඔයාගෙ සුවඳින් දැනෙන සැනසීම. මෙවෙලෙ මට ඕනිම දේ ඒක විතරමයි.
"ඔයා මීට වඩා පරිස්සම් වෙන්න ඕනි. අනිත් දවසේ කාර් එක චෙක් කරලා බොඩිගාඩ් කෙනෙකුත් එක්කගෙන එන්න."
එයා එහෙම කියද්දිත් මගෙ නහයත් දෙතොලත් එයාගෙ බෙල්ලෙ ස්පර්ශ වෙලා ඉවරයි. ඒත් එයාට කිසිම ගාණක් නෑ. නොහිතුවට කලින් මින්දි වගේම මේ මින්දි අමේලියා රූපසිංහත් ඒ සුවඳට උමතු වෙලා. තව දුරටත් මම එයාගෙ පපුව උඩින් නැගිටින්නෙ නැතිවම ඒ සුවඳ වින්දේ ඇතිවුණ සැනසීම නැති කරගන්න ලෝබ හිතුණ නිසා.
"I'm sorry."
එකපාරටම මට මතක් උනා මම මේ කරන දේ වැරදියි කියලා. ඒ නිසාම මම එයාට Sorry කියලා පපුව උඩින් නැගිටලා ශීට් එකේ හරියට ඉඳගත්තා. රාදිතා මැරි කරන්න ඉද්දි මම මෙහෙම එයාට ලං වෙලා ඉන්න එක හරි දෙයක් නෙවෙයි.
"එයාලා ආයෙ එන්නෙ නැතිවෙයිද ?"
"අදින් පස්සෙ එන එකක් නෑ."
එයා ස්ටෙරින් වීල් එක එක අතකින් මිරිකගන්න ගමන් එහෙම කිව්වෙ ඉස්සරහට ඇස් යොමු කරගෙන. ඒකෙන් කියන්නෙ එයා මේකට මැදිහත් වෙනවා කියලද. ඒත් එයා කොහොමද දන්නේ ඒ ආවෙ කාගෙ මිනිස්සුද කියලා. සමහරවිට ඒ ඇන්ඩෲස්ගෙ අය වෙන්න පුළුවන්. නැත්තම් රාදිතා තරහට එවපු අය. එහෙමත් නැත්තම් වෙන කවුරු හරි මම නොදන්න කෙනෙක් විසින් එවපු අය වෙන්න පුළුවන්. හැබැයි හේෂාන් කතා කලේ නිකන් එයා 100% ක් නිවැරදිව ඒ ආපු කල්ලිය එවපු කෙනා දන්නවා වගේ.
"Let's go."
තවත් කිසිම දෙයක් නොකියා මම එහෙම කියලා ග්ලාස් එකෙන් එළිය බලාගත්තා. වටේ ඉන්න මිනිස්සුත් මේ සිදුවීම දකින්න ඇති. ඒත් හරියට වුණේ මොකක්ද කියලා එයාලටත් හිතාගන්න බැරි වෙන්න ඇති. මොකද මේ සිදුවීම උනේ තත්පර තුනක් ඇතුලත වගේ පොඩි කාලයක.
"මේක ඔයාට."
කවරෙන් එළියට ගත්තු එක කැපචිනෝ කප් එකක් මම එයාගෙ ඉස්සරහා ඩෑෂ් බෝඩ් එක උඩින් තිබ්බා. හොඳ වෙලාවට ඒ බෑග් එක වැටිලා තිබුණේ ගියර් එක උඩට. අනිත් එකත් අරගෙන මම ශීට් එකට හේත්තු වෙලා එළිය බලාගද්දි කළු වෙලා තිබුණු වලාකුළු වල ධාරිතාවය ඉක්මවලා ගිහින් වතුර බිංදු අයිස් කැට තරමට ලොකුවට පොළවට කඩාගෙන වැටුණා. හිතුවට වඩා ඒක තද වැස්සක්. ග්ලාස් එක ටිකෙන් ටික වතුර බිංදු වලින් වැහිලා යද්දි මම ඇස් පියාගත්තා.
ඇත්තටම ඔයාට ගොඩාක් ස්තූතියි හේෂාන්.. වෙන්න ගියපු විනාශයකින් ඔයා මාව බේරුවා..
........
"සුදූ.."
රාදිතා, කපපු නේල්ස් ටික ෆිනිශ් කර කර හිටියේ ඇඳට වෙලා. එකපාරටම ඇන්ඩෲස් රූම් එකට ආපු නිසා කෙල්ල කරන වැඩේ පැත්තකින් තියලා ඇඳෙන් ඉඳගත්තා.
"ඇයි ඩැඩී."
"මට දැන් ශෂීන්ද්‍ර කතා කරා."
"ඉතින් එයා මොනවද කිව්වේ ඔයාට ?"
"හේෂාන් ගැන කිව්වේ."
"ඕහ්.. මගෙ ටු බී හස්බන්ඩ් හේෂාන් යුවසිංහ ගැනද එයා කිව්වේ. ඉතින් මොනවද එයා ගැන අලුත් නිවුස් 😌."
"හේෂාන් ට්‍රීට්මන්ට් ආයෙ පටන් ගත්තු නිසා අලුත් රිපෝර්ට්ස් වල තියෙනවලු ලෙඩේ තිබ්බට වඩා අඩුවක්."
"ඉතින් ?"
"ඉතින් කියලා අහන්නේ.. ඒක කොච්චර හොඳ නිවුස් එකක්ද සුදූ."
"මොකක්ද ඒකෙ හොඳ ?"
"එයා සනීප උනොත් අපිට වාසියි ගොඩාක්."
"හහ්.. ඩැඩී තාම මේ මං ගැන දන්නෙ නෑ 😄."
එහෙම කියපු රාදිතා ආයෙමත් එයාගෙ කකුල් වල නියපොතු ටිකට ලස්සනට Transplant නේල් පොලිශ් එකක් ගාන්න පටන් ගත්තා. වෙනදට මේ ගැන හොඳට හාර හාර අහලා කතා කරන කෙල්ල අද ඒ ගැන ගණන් ගත්තෙ නැති එකත් ඇන්ඩෲස්ට පුදුමයක් ගෙනවිත් දුන්නා.
"හේෂාන් අපේ මැරේජ් එක නවත්තන පාටක් නෑ ඩැඩී. මම හිතුවට මින්දි ආයෙ එයාගෙ කරේ නගින්න එයි කියලා, ඒත් ටනාෂියා නිසා මින්දිට හේෂාන්ව එපාම වෙලා ඉන්නේ."
"Are you sure සුදූ. ඒ කෙල්ල අපිව රවට්ටනවද දන්නෙ නෑ."
"අපෝ නෑ ඩැඩී. මින්දි දැන් ගොඩාක් වෙනස්. එයා හැම එක්කෙනා එක්කම ඕනෑවට වඩා කතා කරන්නෙ නෑ. විශේෂයෙන්ම හේෂාන් එක්ක."
"ආයෙ කවදාවත් ඒ කෙල්ල හේෂාන්ට ලං වෙන එකක් නැති වෙයි නේද ?"
"Never ඩැඩී.. මම ඉන්නකම් එයාට ඒක කරන්න බෑ. බැරි වෙලාවත් එහෙම උනත් මම වර්නින් දෙන්නෙ නෑ. මට හොඳට මතකයි ඩැඩීගෙ ගන් එක තියෙන ලොකර් එක."
අමුතුම බැල්මකින් වගේම හිනාවකින් මූණ හදාගෙන රාදිතා එහෙම කිව්වේ ජනේලයෙන් පේන තද වැස්ස දිහා බලාගෙන. තාත්තාට තියෙන බලය, රාදිතා තමන්ට උදව්වක් කරගන්න බලාගෙනයි ඉන්නෙ දැන්. කෙල්ලට අදාල නෑ ඒක මොන මොහොතේ වේවිද, කා වෙනුවෙන් වේවිද කියලා.
"හේෂානුත් ඉන්නෙ ෆැන්ටසි එකක ඩැඩී. එයා මට හැඬල් කරන්න අමාරු කෙනෙක් නෙවෙයි. ඒත් මේ කැන්සර් එක නිසා එයාට තරහා යනවා වැඩියි."
"ඔව් ඒක හරි. සමහරවිට ඔය ගති ටිකෙන් ටික ඇරිලා යයි ට්‍රීට්මන්ට් 100% ක්ම වැඩ කළොත්."
"දැන් එතකොට එයාව Recovery උනාට පස්සෙ අපිට තියෙන ඇඩ්වාන්ටේජ්ස් මොනවද ඩැඩී කියන විදිහට ?"
"යුවසිංහ ගෲප් එක හේෂාන්ගෙන් පස්සෙ යන්නෙ එයාගෙ අනාගත දරුවට. එයාගෙ අම්මා වෙන්න ඕනි ඔයා. මොකද එයා කිව්ව විදිහට එයා ගෲප් එක ලියන්නෙ දරුවට. දරුවගෙන් ඒ අයිතිය අම්මට ගන්න විදිහ මම හොඳට දන්නවා සුදූ. ඒ නිසා ඔයාට තියෙන්නෙ එයාව මැරි කරලා ඉක්මනින් දරුවෙක් හදාගන්න එක විතරයි."
"එයා මැරුණොත් ?"
"ඔයා මැරි කරලා ඔයාට දරුවා ලැබිලා ඉද්දි එයා මැරුණොත් දරුවා ලොකු වෙනකම් කම්පැනි එක ඔයාට සුදූ."
"වාව්.. Glad to hear that."
ඇන්ඩෲස් හිතන් හිටියට හේෂාන් නම්ම ගන්න ලේසියි කියලා, ඒත් එයාට ඒක කරගන්න ලැබුණේ නෑ. මොකද හේෂාන් තමන්ට බය නැති නිසා. වෙන කෙනෙක් නම් ඇන්ඩෲස් අන්ඩර් වර්ල්ඩ් එකට සම්බන්ධයි කියලා දැනගත්තම බය වුණත් හේෂාන් කවදාවත් බය වුණෙත් නෑ, එයා කියන දෙයක් පිළිපැද්දෙත් නෑ.
"ඔයා හේෂාන්ට කියන්න ට්‍රීට්මන්ට් ටික හරියට කරන්න කියලා."
"හ්ම්."
"එයාව මැරේජ් එක වෙනකම් ට්‍රීට්මන්ට් වලට යවලා ශේප් එකේ තියාගන්න. මොකද මැරේජ් එක කරන්නත් එයා ජීවතුන් අතර ඉන්න ඕනි."
"හ්ම්ම්.. ඊට පස්සෙ තමයි එයා දැනගන්නේ මේ රාදිතා කියන්නෙ කව්ද කියලා 😄."
"ඒ උනාට මැරි කරාට පස්සෙත් එයාව ශේප් එකේ තියාගන්න. නැත්තම් ඒකත් ප්‍රශ්නයක් වේවි."
ඇන්ඩෲස් එහෙම කියද්දි රාදිතා කට කොනින් හිනා වෙලා ඇඳෙන් නැගිට්ටා. නිමක් පේන්න නැති තද වැස්ස පැහැදිලිව පේන ජනේලය උස්සරහින් කෙල්ල හිටගෙන තිර රෙදි ඈත් කලා. ඒ වෙද්දිත් අහසේ ඒ මේ අතට විදුලි කොටනවා.
"මැරිලා ගියාවේ."
"Are you serious සුදූ ?"
"Yeah.. මගෙ හැම ගෝල් එකක්ම සක්සීඩ් උනාට පස්සෙ එයා මැරිලා ගියත් එකයි මට. මට ඕනි මින්දිට වඩා Billionaire ගර්ල් කෙනෙක් වෙන්න. යුවසිංහ ගෲප් එක අපේ අතට ලැබෙනවා නම් මම ඕනිම දෙයක් කරනවා ඩැඩී. ඔයා කිව්වොත් හේෂාන්ව මට මරන්න කියලා, මම ඒකත් කරනවා. මොකද හේෂාන් කියන්නෙ මට නිකමෙක්."
.................................................. 🖤 ...
රාදිතා මොන වගේ කෙල්ලෙක්ද කියලා අදහසක් ඕනි ඔයාලගෙන් 🥴
ඒ වගේම ටනාෂියා එවපු මේ මැසේජ් දෙකෙන් ඔයාට හිතෙන්නෙ මොකක්ද ?
Sachy Collins