Spring is far away - 78
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 78 | You liar
"මේ ගෙදර CCTV තිබුණද ?"
මම එහෙම ඇහුවේ මීට කලින් මගෙ ඇස් වලට වෙනස් දෙයක් පෙනුණු නිසා. සාලෙ උඩ බිත්තියක වගේම කාමරේත් උඩ බිත්තියක CCTV එකක් තිබිලා ගලවපු ලකුණු තිබුණා.
"ඔව් තිබුණා. කොහොමද දන්නේ ?"
"සමහර තැන් වල වෝල් එකේ හුණු මතු වෙලා තියෙනවා. හරියට නිකන් ඇණ ගලවලා වගේ."
"ඔව් ඒක හරි. තැනින් තැන සිකියුරිටි කැමරා තිබිලා තියෙනවා."
"එතකොට ඒවාගෙ රෙකෝඩින්ග්ස් නැද්ද. තිබුණා නම් අම්මා මේ ගෙදර ඉන්නවා වැටිලා ඇති."
"එකක් තියෙනවා. ඔයාගෙ අම්මා කාමරේ ඔයා එක්ක ඉන්න එකක්."
අයියා එහෙම කියද්දි මගෙ ඇඟ පුරාම මල් පිපුණා වගේ. ඒ කියන්නෙ මට පුළුවන් අම්මා ජීවමානව ඉන්න වීඩියෝ එකක් බලන්න. ඒත් ඒකත් අයියා මට පෙන්නන්නෙ නැතුව ඉඳීද දන්නෑ, පසුවට පෙන්නන්නම් කියලා.
"ඒක තියෙනවද ඔයා ගාව ?"
"නෑ.. තිබ්බ පෙන් එක නැති වෙලා."
අයියා එහෙම කියලා අර හිස් ෆොටෝ ෆ්‍රේම් තියෙන තැනට ගියා. සාමාන්‍යයෙන් එයා එහෙම පොඩි දෙයක් වත් නැති කරගන්න කෙනෙක් නෙවෙයි. මට පේන්නෙ මෙයා මේ සැරෙත් මට කියලා ශේප් කරන්න දෙයක් නැතිකොට එහෙම බොරුවක් කිව්වාද කොහෙද.
"මේකෙ තිබ්බ අනිත් ෆොටෝ කෝ ?"
"ආහ්.. ඒ ටික තියෙනවා අතන බොක්ස් එක ඇතුලේ. ඉන්න මම අරන් එන්නම්."
සාලෙ කොනක තිබුණු පොඩි ලී පෙට්ටියක් ලඟට ගියපු අයියා ඒකත් පොකට් එකේ තිබ්බ යතුරකින් ඇරියා. මේ ගෙදරට ආපු වෙලේ ඉඳන් එයා මගෙ සීමාවක් නැතුව ගොඩාක් දේවල් හැංගුවා. ඒ වගේම තියෙන බඩු මුට්ටුත් පෙට්ටිවල දාලා හංගලා තියෙනවා. මොකක්ද මේ තරම් මේ ගෙදර මෙච්චර ආරක්ෂා කරන්න හේතුව. අනික මේකෙ ජීවත් උන කැලිෆෝනියාගෙ දුව මම වෙලත් ඇයි එයා මගෙ මෙහෙම එකේක ඒවා හංගන්නේ. මට ඒක කුතුහලයක්..
"මේ අපේ තාත්තයි ඔයාගෙ අම්මයි ගත්තු ෆොටෝ. අම්මා ගාව ඉස්සර පොඩි කැමරාවක් තිබිලා තියෙනවා. ඉතින් තාත්තා මෙහෙ ආවම එයාලා එකට ඉඳලා තමයි මේවා අරන් තියෙන්නේ."
අයියා මගෙ අතට දුන්න ෆොටෝ ටික අරගෙන මම එකින් එක විපරමින් බැලුවා. අම්මා තාත්තා එක්ක එකට සෙල්ෆි වගේ ගත්තු ඒවා, දෙන්නා ඉඳගෙන ඉන්න ඒවා ඒ අතර තිබුණා. මේ ෆොටෝ ටික දැක්කම මට මතක් උනේ මායි හේෂානුයි ඒ දවස් වල අපේ ගෙදර බිත්තියක් පිරෙන්න එල්ලලා තිබ්බ අපේ ෆොටෝ ටික. මගෙ අම්මයි තාත්තයි ගහලා තියෙන ෆොටෝ වලට සමාන ෆොටෝ අපි දෙන්නාත් ගහලා තිබුණා ඒ කාලේ.
"පිරිමියෙක් ජීවිතේට කරන්න හිතන්නවත් හොඳ නැති වැරැද්දක්. අපි හිටි හැටියෙම දකිනවා එකේක තැන් වල ඒකේක විදිහේ රූප. ඒත් අපි මතක තියාගන්න ඕනි ඒ දකින දකින හැම රූපෙ පස්සෙම නොයා ඉන්න. මොකද ඒකෙන් වෙන්නෙ ඔයා වගේම තව මිනිස්සු අසරණ වෙන එක."
"සීක්‍රට් එෆෙයා එකක් තිබුණත් එදා තාත්තාට තිබුණා ඔයාගෙ අම්මට එහෙම වරදක් නොකර ඒක දුරදිග යන්න කලින් නවත්තලා දාන්න. බැරි වෙලාවත් එදා ඔයා චර්ච් එක ඉස්සරහට ගිහින් දාන වෙලේ ඔයාව වෙන කාට හරි අහු උනා නම් අද ඔයාගෙ ජීවිතේ විනාශ වෙලා ගොඩක් කල් නංගි."
"අනික ඔයා ගෑනු ළමයෙක්. තමන්ගෙම කියලා වැඩිහිටියෙක් නැති තැන, තනිවෙලා ඉන්න තැන ගෑනු ළමයෙක් නොදැනුවත්වම තමන්ගෙ ජීවිතේ නන්නත්තාර කරගන්නවා. මම දෙවියන්ට පිං දුන්නා ඔයා අදටත් ලස්සනට රෙස්පෙක්ටබල් විදිහට ජීවත් වෙන එකට. ඇත්තටම එදා හේෂාන් වගේ බෝයි කෙනෙක් නැතුව මගෙ තාත්තා වගේ කෙනෙක් ඔයාට ලැබුණා නම් අද ඔයාටත් වෙන්නෙ ඔයාගෙ අම්මට වෙච්චි දේමයි."
අයියා කිව්ව කතාව හරියටම හරි. මමයි හේෂානුයි අවුරුදු ගාණක් ලිවින් ටුගෙදර් කලා. හැබැයි අපි තේරුම් අරගෙනයි හිටියේ ලිවින් ටුගෙදර් කියන්නෙ සෙක්ස් නෙවෙයි කියලා. බැරි වෙලාවත් එදා එයා වෙනුවට වෙන පිරිමි ළමයෙක් හිටියා නම් අද මම අයියා කියන විදිහටම නන්නත්තාර වෙලා ගොඩාක් කල්. ඒ වගේම මේ වෙද්දි මම පොළවට පස් වෙලා තියෙන්නත් පුළුවන් මගෙ අම්මා වගේම. ඒ අතින් බැලුවම හේෂාන් හොඳ පිරිමි ළමයෙක්. ඒත් පසුකාලීනව වුණ දේවල් එක්ක බැලුවම මට හිතුණා, එයාට එයාව කන්ට්‍රෝල් කරගන්න බැරි උනේ ඇයි කියලා.
"මේ ෆොටෝ ටික මම ගෙනිච්චාට කමක් නැද්ද."
"ගෙනියන්න."
අයියා කිව්ව නිසා මම කාර් එක ලඟට ගිහින් දොර ඇරලා ඒ ෆොටෝ ටික ඩෑෂ් බෝඩ් එක උඩින් තිබ්බා. එතන ඉඳන් ගෙදර දිහා බලද්දි මට බය හිතෙනවා. මොකද ඒ තරම්ම ගුප්ත පෙනුමක් තියෙන්නේ ගෙදර වහලේ ඉඳලාම. වහලෙට උඩින් පේන කන්ද මුදුනෙම කුරුසයක ලකුණක් පේනවා. ඒ කියන්නේ මේ ළඟ තියෙනවා චර්ච් එකක්.
ටික වෙලාවක් ගෙවුණා. අයියයි මායි ගෙදර වටේම රවුමක් දාලා කිචන් එකටත් ගියා. පරණ කෝප්ප, පිඟන් තාමත් කැඩුණු බිඳුණු විදිහටම තියෙනවා. තේ කොළ දාලා තිබුණු වීදුරු බෝතලේ ඇතුළෙ තේ කොල පුස් බැඳිලා වගේ ඉතුරු වෙලා තියෙනවා. මට හිතාගන්න බෑ මෙච්චර ලොකු ගෙදරක අම්මා තනියම ජීවත් උනේ කොහොමද කියලා. මොකද උස වහල තියෙන ගෙවල්වල ඉන්න මම හරි බයයි. සිවිලිමක් තිබුණට කමක් නෑ. ඒත් මෙහෙ ඒකත් නෑනේ. එතකොට උඩ බලද්දි තේරෙනවා ගෙදර කොච්චර ලොකුද කියලා.
"මේ වත්ත අක්කර පහක් තියෙනවා. ඉස්සර මේ හැම තැනම මල් තියෙනවා ෆොටෝ වල වැදිලා තියෙනවා. ඒත් දැන් අවුරුදු විස්සකටත් වඩා මනුස්සයෙක්ගේ කටහඬක්වත් ඇහෙන්නෙ නැති නිසා තිබ්බ තණකොළත් මැරිලා ගිහින්."
ගෙදර පිටිපස්සෙ වේලිච්ච තණකොල වලින් වැහුණු කන්ඩියක් උඩ ඉඳගෙන අයියා එහෙම කිව්වා. මාත් එයාට එහාපැත්තෙන් ඉඳගෙන ඈත පහත් බිම දිහා බලාගත්තා. ගෙදර ඉඳන් ඉඩමේ පිටිපස්සට අක්කර හතර හමාරක් විතර තියෙනවා තීරයක් විදිහට. හැබැයි වෙන උස ගස් නෑ වේළුණු තණකොළයි කටු පඳුරුයි මිසක්. ඉඩමේ ඈත මායිමෙන් ඝන කැලෑවක් පටන් ගන්නවා. කැළෑවයි ඉඩමයි වෙන් වෙන්නේ තාර දාපු පටු පාරකින්. මම උනා නම් දවල්ටවත් මෙහෙම ගෙදරක ජීවත් වෙන්නෙ නෑ ඇත්තමයි. අම්මට තිබුණා වගේ හයිය හිතක් මට නෑනෙ කොහොමත්.
"එතකොට අම්මා විතරමද මෙහෙ හිටියේ ?"
"මුරකාරයෙකුයි ගෙදර වැඩ කරන්න ටැමිල් ගර්ල් කෙනෙකුයි ඉඳලා තියෙනවා. අනික ඒ කාලේ මේ වත්ත වටේම වැටේ හැම කණුවකටම එක බල්බ් එක ගානෙ තිබිලා තියෙනවා. ඒ නිසා වත්තම එළිය වෙලා තියෙනවා."
"මෙහෙ ළඟ පාත ගෙයක් ඇත්තෙම නැද්ද ?"
"මුරකාරයා මේ ළඟ වත්තක ගෙදරක් හදාගෙන හිටියා කියලා ආරංචියි. ඒත් දැන් නම් පේන තෙක් මානෙක කඩන් වැටුණු බිත්තියක් වත් නෑ. සේරම කැලේ වැහිලා."
"අර ඈත පේන චර්ච් එකෙත් කවුරුත් නැද්ද ?"
"ඉස්සර හිටියා ගොඩාක් වයස ෆාදර් කෙනෙක්. එයාත් තනියම ජීවත් උනේ. ඔය කන්දෙ නරි ඉන්නවලු. ඒ නිසා මිනිස්සු කවුරුත් චර්ච් එකටවත් යන්නෙ නෑ. හැබැයි දැන් නම් කොහොමද දන්නෑ."
"මෙහෙ හරි පාළුයිනේ එහෙම බැලුවම."
"ඔව්.. ඔයාගෙ අම්මා ඉන්නකම් මෙහෙ මෙහෙම පාළු වෙලා තිබුණෙ නෑ නංගි. ඒත් එයා නැති වුණායින් පස්සෙ මේ සේරම නිකන් කනත්තක් වගේ උනා."
"ඒ ඇයි ?"
"ස්වභාධර්මයට උහුලන්න බැරි මරණයක් ඔයාගෙ අම්මට උරුම උනේ."
එන්න එන්නම අයියා මගෙ හිතේ ගින්දරට දර දැම්මා මිසක, නිවන්න පොඩි උත්සහයක් වත් ගත්තෙ නෑ. එයා මේ ගැන නොකියනවා නම් මාත් එයාගෙන් ඒ ගැන අහලා වදයක් වෙන්න යන්නෙ නෑ. සමහරවිට මාව මෙහෙ එක්කන් ඇවිත් මට මේ දේවල් මෙහෙම හරි කියලා එයා කලේ, එයාගෙ හිතේ අවුරුදු ගාණක් පත්තු වෙවී තිබ්බ ගින්නක් යම්තාක් දුරකට නිවාගත්තු එක වෙන්න පුළුවන්.
"මගෙන් ආයෙ කවදාවත් ඒ ගැන අහන්න එපා. හරිම වෙලාව ආවම ඔයාට මම මේ හැමදෙයක්ම කියන්නම්. එතකන් මේවා අමතක කරලා සතුටින් ජීවත් වෙන්න."
"හ්ම්ම්."
අයියා මගෙ ඔළුව අතගාද්දි මම එයාගෙ අතින් අල්ලගත්තා. කතා කරන විදිහෙන්, හැසිරෙන විදිහෙන් මට හිතාගන්න පුළුවන් අයියා ගොඩාක් දේවල් හිතේ හිර කරගෙන ඉන්නවා කියලා. එයාට දැන් ඒ දේවල් කියන්න ගෑනු ළමයෙක් වත් නෑනේ. අනික මැරි කරන්න හිටපු කෙනාත් ඇක්සිඩන්ට් එකකින් නැති උනාම එයාගෙ හිත වේදනාවෙන් පිරිලා ඇති අදටත්.
"අපි යමු දැන්.. කලම්බු යද්දි හවස් වෙයි ගොඩක්."
"හ්ම්ම්."
මම එතනින් නැගිටලා ඈත පල්ලම දිහා බැලුවා. පල්ලමේ ඈත බිමේ එක කොටසක් තියෙනවා. එතන තණකොල වල පාට වෙනස් වගේම පස ඉස්සිලා තියෙන ගතියක් පේනවා. සමහරවිට ඉස්සර එතන වගාවක් තියෙන්න ඇති. ඒ නිසා පස සරුවට වගේ පේනවා ඇත්තේ.
හවස 3 ට විතර අපි එහෙන් පිටත් උනා. එතකන්ම අපි කලේ ගෙදර බලලා, වත්ත වටෙත් ඇවිදලා කතා කරපු එකනේ. අද වෙනදට වඩා ට්‍රැෆික් ටිකක් අඩු නිසා හවස හය වෙද්දි ගෙදරට ආවා. ආපු ගමන්ම මම නාලා කොණ්ඩෙත් වේලගෙන වරෙන්ඩා එකේ පුටුවකින් ඉඳගත්තා. කළුපාට අහසේ තැනින් තැනට පිහිටලා තිබුණු ඒ තරු රටා අද වෙනදට වඩා පැහැදිලිව මම් ඉඳගෙන ඉන්න තැනට පෙනුණා.
📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං
එහා පොඩි මේසයක් උඩ තිබ්බ මගෙ ෆෝන් එකට කෝල් එකක්. ඉක්මනින් ඒක අතට ගත්තු මම කෝල් කරන්නෙ කව්ද බැලුවා. වෙනදා වගේම මගෙ දකුණු අත කෝල් කරන්නේ. මිස්ටර් තියෝන් විලියම්ස්.
"අද අයියා එක්ක ට්‍රිප් එකක් ගිහින් ආවා නේද."
"කොහොමද දන්නේ ?"
"මම ආවා ඔයාගෙ ප්ලේස් එකට. ඒත් මේඩ් කිව්වා ඔයා අයියා එක්ක කැන්ඩි ගියා කියලා."
"ඔව් මම අම්මගෙ කලින් ගෙදර බලන්න ගියා."
"කොහොමද එහෙ ?"
"වරදක් නෑ ඉතින්."
ඉස්සර තියෝන් මෙහෙම කෙනෙක් නෙවෙයි. සිංහලෙන්ම කිව්වොත් එයා ක්ලබ් ගිහින් හැම ගෑනු ළමයා එක්කම පාහේ පිසිකල් කනෙක්ෂන්ස් තියලා ලයිෆ් එක එන්ජෝයි කරපු කෙනෙක්. ඒ කාලේ මම එයාට ඇඩ්වයිස් දෙද්දි එයා මට කිව්වෙ වැදි බණ කියනවා කියලා. එක දවසක් එයා මට කිව්වා මම වයිල්ඩ් ගර්ල් කෙනෙක් කියලා. ඒත් දැන් මම කනෙන් ඇදලා හොඳවයින් කියලා දුන්නම, ෆෝන් එකෙන් දේශන දුන්නම මගෙ කන් කරච්චලේ අහගෙන ඉන්න බැරුව එයා ඒ කරන වැරදි වැඩේ නවත්තනවා.
"ඔයා දැක්කද රාදිතාගෙ අප්ඩේට් එක."
"මොන අප්ඩේට් එකද ?"
"ඉන්ස්ටා අප්ඩේට් එක."
"මොකක්ද දාලා තියෙන්නේ ?"
"අද ඒ දෙන්නා නයිට් එකක් ගන්නවා කියන්නේ. ලයිෆ් එක එන්ජෝයි කරනවා කියලා ඔයාගෙ Ex ට නෙක් කිස් එකක් දීලා ලස්සන සෙල්ෆි එකක් ගහලා අප්ලෝඩ් කරලා. තාම අප්ඩේට් එක ඇවිත් වන් හවර්. ඒත් ලයික් ෆිෆ්ටි තවුසන්ඩ්."
නෙක් කිස් එකක්. එහෙනම් මාව රිද්දන රාදිතා කරපු දෙයක් ඒ. මම හිතුවා රාදිතා වෙනස් වෙලා කියලා. ඒත් එයා එදා හේෂාන්ට මම දුන්න ශර්ට් එක ඉරලා ආයෙමත් මට එවලා ඔප්පු කරලා පෙන්නුවා එයා කලින් මෝඩ රාදිතාමයි කියලා. පැජන්ට් ගිහින් කොච්චර සෙල්ෆ් ඩිෆෙන්ස් එකක් තිබ්බත් වැඩක් නෑ කරන වැඩ ළඳ බොළඳ නම්. මම එයාට වඩා බාල කෙනෙක් වෙලත් මගෙ මනස ඊට වඩා දියුණුයි එහෙම බැලුවම.
"ඉන්නකො මම ඔයාට ස්ක්‍රීන්ශොට් එකක් ගහලා එවන්නම්."
"හ්ම්."
තියෝන් කෝල් එක කට් කලා. මම හ්ම් කිව්වෙ ඇයි කියන්න මම දන්නෙත් නෑ. හැබැයි ඒ ෆොටෝ එක දැක්කොත් මගෙ හිත රිදෙන්න ඉඩ තියෙනවා. මොකද මම ආදරේ කරපු කෙනාට ඒ වගේ ටොක්සික් කෙල්ලෙක් ලං වෙද්දි මට ඉවසන්න බෑ. ඇයි හේෂාන්ට මම වගේ ගතිගුණ තියෙන ගෑනු ළමයෙක් හම්බුණේ නැත්තේ. එහෙම කෙනෙක් ලැබුණා නම් අද මෙච්චර ප්‍රශ්නත් නෑ, මට ඒ කාලෙ අර විදිහට තර්ජන එල්ල වෙන්නෙත් නෑ.
🔔 ටිං ටිං
තියෝ මට ස්ක්‍රීන් ශොට් දෙක එවද්දි මම ඒ දෙක ඕපන් කරලා බැලුවා. රාදිතා හේෂාන්ගෙ පපුවට හේත්තු වෙලා සෙල්ෆියක් ගහලා. හේෂාන්ගෙ ශර්ට් එකෙන් ඇරිලා තියෙන බෙල්ලත් උරහිසත් අතර කොටසෙ රාදිතාගෙ රතුපාට ලිප්ස්ටික් පාරක් හිටලා තියෙනවා ෆොටෝ එකට හොඳට පේනවා. ඒක දැක්කම මගෙ බඩ ඇතුළෙ සමනල්ලු වේගෙන් පියාඹන්න ගත්තා වගේ. යට කමෙන්ට් වලත් කට්ටිය එකේක විදිහේ දේවල් දාලා තිබුණා.
❝ ඒ දෙන්නා තමයි රියල් කපල් එක. ඇත්තටම මම ආසයි ඒ දෙන්නාගෙ මැරේජ් එක ඉක්මනින්ම බලන්න 😍 ❞
❝ Yeah.. They are enjoying their lives ♥️ ❞
ඇත්ත නොදන්න හැමෝම වගේ මැසේජ් කරලා තිබුණේ එහෙමයි. ඒත් එවෙලෙ ඔය කිස් එක හේෂාන්ගෙ නෙක් එකට වැදුනෙ කොහොමද, ඒක වුණේ කැමැත්තෙන්ද, උනාට පස්සෙ එයා කිව්වෙ මොකක්ද කියලාත් මම දැනටමත් දන්නවා.
❝ රාදී.. මම ආස නෑ මෙවට ❞
අවුරුදු අටක් එයා එක්ක ලිවින් ටුගෙදර් කරපු මම, එයා හැරෙද්දි වෙන්න යන දේ උනත් නිර්ණය කරලා කියන්න පුළුවන් කෙල්ලෙක්. ඉතින් රාදිතා එයාගෙ අවසරයකින් තොරව ඔය කිස් එක ඔතන තියද්දි එයා කිව්ව එකම වාක්‍යය ඒක.
"it's gonna be fun night, with him."
(එයා එක්ක, මේක ෆන් නයිට් එකක් වෙන්නයි යන්නේ)
රාදිතා කැප්ෂන් එකට දාලා තියෙන එක මම හිමිහිට මිමිණුවා. ඒ කියන්නෙ එයා අද හේෂාන් එක්ක එකට ඉන්නවා ඇති. එයා මේක මොන හේතුවක් අරඹයා කරනවාද කියලා මම දන්නෙ නෑ. ඒත් රාදිතා ලං වෙන්න හැදුවත් හේෂාන් නම් එයාට පොඩ්ඩක් වත් ලං වෙන්න උත්සහ ගන්න එකක් නෑ. මට ඒක විශ්වාසයි.
📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං
තියෝ ආයෙමත් මට කෝල් එකක් ගන්නවා. ඒත් බඩේ දැවිල්ලක් එක්ක අමුතු ෆීලින්ග්ස් මට ආපු නිසා මෙවෙලෙ කා එක්කවත් කතා කරන්න හිත දෙන්නෙ නෑ. දැන් මට ටිකක් නිදහසේ ඉඳලා මගෙ මේ කලබල උන හිත නිදහස් කරගන්න ඕනි.
"Sorry තියෝ.. මම ටයර්ඩ් වෙලා ඉන්නේ. හෙට අපි ඔෆිස් එකේදි මීට් වෙමු."
එහෙම කියපු මම ෆෝන් එක ටේබල් එක උඩින් තියලා හාප් එක ලඟට ගියා. මෙවෙලෙ මගෙ හිත නිදහස් කරගන්න පුළුවන් එකම ක්‍රමය මේක තමයි. එක ස්වරයක් හරි වැරදුනත් දන්න විදිහට සින්දුවක් ප්ලේ කරලා ඒ මියුසික් එකෙන් මම හිත නිවාගන්න පුරුදු වෙලා. ඉතින් වෙනදා වගේම හාප් එකත් කකුල් දෙකට මැදි කරන් මම ඇඳ ලඟම බිමින් ඉඳගත්තා. සිංහල සින්දු හැම එකකටම මම ආස නෑ. ඒත් අහම්බෙන් කනට ඇහුණු සමහර සින්දු වල වචන මගෙ හිතට හරි ඉක්මනින් කා වදිනවා..
කුරුලු ගීතය වී..
පෙම් ස්වරය මට ඇසුනි..
කුරුලු සර ගොලුවී.. මිහිමතේ..
තුරු කඩා වැටුනි..
සුවද මට දී පාට තැවරූ..
මල අරන් පිටවී..
මා රැවටුවා මල වී..
ඒ මලත් මැලවී..
ආදරේ මල ආයෙමත් පරවී..
මේ සින්දුවට මම ආස උනත් මට සිද්ධ වෙනවා තව ටිකක් ප්ලේ කරලා පැක්ට්‍රිස් වෙන්න. මොකද එක තැනක නෙවෙයි මට වැරදුනේ. ඒත් මගෙ හිත සැටිස්ෆයි වෙලා ඉවරයි දැනටමත් ඒ සින්දුවෙන්. ඉතින් මම හාප් එක ආයෙමත් ස්ටෑන්ඩ් එක උඩින් තියලා ඇඳට පැන්නා. බැල්කනියෙන් එන හුලං පාර නිසා මට වෙනම AC ඔන් කරන්න ඕනි නෑ. සීතල වැඩි උනොත් විතරක් බ්ලැන්කට් එක පොරව ගන්නවා. එච්චරයි.
අලුත් දවසක් 🌞☁️🍃..
"My Bae.. නිදා ගන්නවා කියලා ඔහොම නිදා ගන්නවද අනේ. කෝ නැගිටින්න හොඳ ළමයා වගේ."
මදුරුවෙක් කන ළඟ කෑ ගහනවට වඩා සද්දෙන් රාදිතා කොඳුරද්දි හේෂාන් අමාරුවෙන් හරි ඇස් ඇරියේ තවත් කියවන්න ගත්තොත් උදේම කෙල්ලට කෑ ගහන්න වෙන නිසා. ඇස් ඇරලා හිමිහිට බලද්දි රාදිතා කොල්ලගෙ ඉන උඩත් වාඩි වෙලා කතා කරනවා.
"කවදා හරි අපි මැරි කරාට පස්සෙත් ඔයා මෙහෙම නිදා ගන්න ගත්තොත් එහෙම මට ඔයාව නැගිට්ට වන්න වෙනම එලාම් එකක් තියන්න වෙනවා 🤧."
"මම එහෙම තමයි රාදි. හැමදාම මම නැගිටින්නෙ පරක්කු වෙලා. ඒක ඔයා දන්නෙ නැති උනාට අනිත් අය දන්නවා."
එහෙම කියපු හේෂාන් ඇඳෙන් නැගිටලා ඉඳගත්තා. රාදිතා තවමත් ඒ උරහිස් වලින් අල්ලලා කකුල් දෙක උඩ වාඩි වෙලා පූස් පැටියෙක් බලන් ඉන්න බැල්මකින් බලාගෙන ඉන්නවා. සාමාන්‍යයෙන් මින්දි පවා දන්නවා කොල්ලා නැගිටින්න හොරයා කියලා. ඒත් රාදිතා ඒක දන්න එකක් යෑ කලින් ඉඳන්ම.
"ඒත් එහෙම බෑනේ. කවදා හරි අපි මැරි කරාම අපේ බබාලා ස්කූල් එකට ඩ්‍රොප් කරන්න ඕනි ඔයයි මායි එකට. ඉතින් එතකොට අපිට එකට නැගිටින්න ඕනි නැද්ද ?"
"ඔයා එහෙමද හිතන් ඉන්නෙ අපේ ෆියුචර් ලයිෆ් එක ගැන ?"
"ඇයි එහෙම නෙවෙයිද ?"
"නෑ."
"එහෙනම් ?"
"මම බිසී වෙද්දි මට ඒවා කරන්න බෑ. ඔයා එයාලව බලාගන්න රෙඩි වෙලා ඉන්න."
"ඒත් බබා..."
රාදිතා ආයෙමත් වතාවක් ඒ මූණට ලං උනේ පොඩ්ඩක් රොමෑන්ටික් වෙන්න හිතන්. ඒත් රාදිතා එක්ක රොමෑන්ටික් වෙන්න පොඩි අදහසක් වත් නැති හේෂාන් කෙල්ලගෙ ඉනෙන් අල්ලලා ඇඳ උඩින් තියලා ඇඳෙන් බිමට බැස්සා.
"ඔයා ඇයි මං එක්ක ඉන්න අකමැති. මම ගොඩක් දවසක ඉඳන් දකිනවා හේෂාන්. ඔයා මින්දි එක්ක ඒ කාලෙ මොන දේ කලත් ඔයා ඒ දේවල් මං එක්ක කරන්න කැමති නෑ."
"You are correct රාදි.. මම කැමති නෑ ඔයා එක්ක ඒ දේවල් කරන්න. මොකද මින්දියි මායි අතර කිසිම දෙයක් උනේ නෑ අද වෙනකම්."
"You liar bae.. ඔයා මට බොරු කරනවා. ඔයාලා එයිට් ඉයර්ස් ලිවින් ටුගෙදර් කලා. So ඔයාලා ගොඩාක් ලං වෙන්න ඇති එතකොට."
"ඔයා හිතන් ඉන්න විදිහ වැරදියි රාදි. මම කවදාවත් ගර්ල් කෙනෙක්ගෙන් ඒ වගේ දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක් නෙවෙයි."
"ඒත් මම ඔයාගෙ ටු බී වයිෆ්."
"Listen to me රාදි."
එහෙම කියපු හේෂාන් රාදිතා ලඟටම ගිහින් ඒ මූණට ලං උනා. මීට දවස් ගාණකට කලින් මින්දි තමන්ට එවපු ශර්ට් එක පවා කීතු කීතු වලට ඉරලා දාලා තිබුණු, තාම වෙනස් වෙන්න හිතලා වත් නැති කෙල්ල තමන්ගෙ දරුවන්ගෙ අම්මා වෙනවට වත් හේෂාන්ගෙ හිතේ කිසිම කැමැත්තක් නෑ.
"ඔයා හිතනවා නම් අනිත් බෝයිස්ලා වගේ මාව එහෙම ඔයාගෙ පදේට නටවන්න පුළුවන් කියලා, එහෙනම් ඒක දැන්ම අමතක කළොත් හොඳයි. මොකද මම එහෙම කෙනෙක් නෙවෙයි. මතක තියාගන්න මම හේෂාන් යුවසිංහ."
"හ්ම්ම්.."
දිග හුස්මක් හෙලපු රාදිතා හේෂාන්ගෙ නිකටෙන් අල්ලගෙන ඒ මූණට ලං උනා.
"ලෝකෙ ඉන්න ලස්සනම ගර්ල් මම. ඒ අතින් ඔයා හරි ලකී මාව වයිෆ් කරගන්න තරම්. So ඔයාට මාව Miracle එකක් නෙවෙයිද බබා."
"ම්ම්.. ඔයා ගොඩාක් දඟලන්න ගියොත් ඔයාව කොහොමත් Miracle එකක් විතරක්ම වේවි. මගෙ අතින්ම."
තමාගේ කම්මුලක් හිමිහිට පිරි මැදලා හේෂාන් එහෙම කිව්වේ අමුතුම තාලෙකට කියලා රාදිතාට තේරුණා.
"හ්ම්ම් ?"
"හනිමූන් එක දවසට."
එහෙම කියපු හේෂාන් මුකුත් නොකිව්ව ගානට බාත්රූම් එකට ගියා. හින්ට් එක නොතේරුණු රාදිතා හේෂාන් ඔය කිව්ව 'හනිමූන් එක' එනකම් බලාගෙන ඉන්නවා.
"බබා.. ඔයාට මතකයි නේද මම කිව්වා. අපි අද ශොපින් කරන්න යනවා හොඳේ."
"හ්ම්ම්."
බාත්රූම් එකේ දොර ලඟට වෙලා රාදිතා කතා කරද්දි හේෂාන් 'හ්ම්ම්' විතරක් කියලා කණ්නඩිය ඉස්සරහට ගියා. තමාගේ හිත යටින් දුවන ප්ලෑන් එක අනුව රාදිතාට බොරු බලාපොරොත්තු දීලා හරි ලං කරලා තියාගන්න සිද්ධ වුණා කොල්ලට. නැත්තම් එයාට තිබුණා එදා මින්දි එවපු ශර්ට් එකට පවා එච්චර විනාශයක් කරලා ආපහු යවපු එකට බනින්න.
'බලාගෙන ඉන්න රාදිතා. හිතන තරම් හැම දෙයක්ම ලේසි වෙන එකක් නෑ ඉදිරියට' එහෙම හිතපු හේෂාන් කණ්නඩියෙන් පේන තමාගේ මූණටම වෙනස්ම හිනාවක් පෑවා.
........
හරියටම 9:42 යි. තේෂාන් නිව්සීලන්ඩ් ගිහින් ආයෙමත් ලංකාවට ආවා. ඉතින් එයා අද උදේම මාව මීට් වෙන්න ඕනි කියලා මට පාක් එකට එන්න කිව්වා. ඒ නිසාම මම පරක්කු නොකර ගියා එයාව බලන්න. ඒත් එයා තවම නෑ.
"අර එන්නෙ තේෂාන් සර්ගෙ කාර් එකද මෑම් ?"
ඈශ්ලි පාර පැත්ත බලලා එහෙම කිව්වා. හිතුවා වගේම තේෂාන්ගෙ කාර් එක ඇවිත් පාක් එකේ ගහක් යට නතර කලා. එයා මගෙ පැත්තට එද්දිම මම බෙන්ච් එකෙන් නැගිට්ටා. මගෙ හිතේ කිසිම ආදරයක් නැති, සෙනෙහසක් නැති පිරිමි ළමයෙක් මැරි කරලා මම කොහොම සතුටින් ඉන්නද. තාමත් මම තේෂාන් දැක්කම කල්පනා කරන්නෙ ඒක. ඇත්තටම මට පුළුවන් උනා නම් මේ මැරේජ් එක තාත්තාටත් දුක නොහිතෙන්න, හැමෝම ශේප් කරලා නවත්තලා දාන්න, ඇත්තමයි මම ඒක කරනවා.
"මම හිතුවා තව ගොඩාක් කල් ඉන්න වෙයි කියලා."
තේෂාන් ලඟට එද්දිම මම එයාව හග් කලා. ඒ කාලේ හේෂාන්ගෙ පපුවට තුරුලු වෙද්දි මට එයාගෙන් දැනුණේ ආදරයක්. ඒත් දැන් මට එයාගෙ මල්ලිගෙන් දැනෙන්නේ හිතවත්කමක් විතරයි. ඒකට හේතුව මම තවමත් තේෂාන් ගැන 50% ක් වත් දේවල් නොදන්න නිසා වෙන්න ඇති.
"ආයෙමත් අයියගෙ මැරේජ් එකෙන් පස්සෙ මම යනවා. ඒ යද්දි මගෙ මැරේජ් එකත් අරගෙනයි යන්න හිතුවේ."
"ඒ කියන්නෙ හේෂාන්ගෙ මැරේජ් එක එක්කම අපිත් මැරි කරනවද ?"
මම එහෙම කියද්දි එයා මගෙ මූණ දිහා බලන් හිටියා. මොකක්දෝ කියාගන්න බැරි දෙයක් තියෙනවා වගේ එයා මගෙ මූණ දිහා දිගින් දිගටම බලන් ඉන්නවා. ඉතින් මම එයාට බෙන්ච් එකක් පෙන්නලා ඉඳගත්තා. ඔය හිතේ තියෙන දේ මට ඉක්මනින් එළියට ගන්න ඕනි. නැත්තම් ඒක මටත් වදයක් එයාටත් වදයක්.
"ඔයාට මට මොකක් හරි කියන්න දෙයක් තියෙනවද ?"
"කියන්න දේවල් ගොඩක් තියෙනවා. ඒත් කොහොම පටන් ගන්නද කියලා මට හිතාගන්න බෑ මින්දි."
දුර ඈතකට ඇස් යොමු කරන් එයා එහෙම කිව්වා. මේ හිතේ තියෙන දේ මට දැනගන්න පුළුවන් නම් ඒක මටත් ලොකු සැනසීමක්. ඒත් මට අමුත්තක් දැනෙනවා. අද තේෂාන්ගෙ වෙනස් හැසිරීම් එක්ක මට හිතෙනවා අදින් පටන් මගෙ ජීවිතේත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙන්න යනවා කියලා. ඒත් ඇයි එහෙම දැනෙන්නේ ?
"ඔයා ඕනිම දෙයක් කියන්න මට. මං අහන් ඉන්නේ තේෂාන්."
"ඇත්තටම මම මේක ඔයාට ටික කාලෙක ඉඳන් කියන්න හිටියේ. ඒත් ඔයා පහු ගිය කාලේ ප්‍රශ්න ගොඩක හිටපු නිසා මම සයිලන්ට් එකේ හිටියා."
"මොකක් ගැනද ඔයා කියන්න යන්නේ ?"
"අපේ මැරේජ් එක ගැන."
"ඒ ගැන මොකක්ද ?"
"ඔයා මේක කැමැත්තෙන්ද කරන්නේ ?"
එයා මගෙන් එහම අහද්දි මම නිහඬ උනා. ඇයි මේ වගේ දෙයක් මෙවෙලෙ එයා මගෙන් අහන්නේ. මම එයාට ලං වෙන්න අකමැතියි කියලා එයාට දැනිලා වත්ද. දැන් මට එයා අහන ප්‍රශ්නෙට දෙන්න කෙටි උත්තරයක් තිබුණත් ඒ උත්තරේ මම කිව්වොත් ඒ නිසාම එයාගෙ හිත රිදේවි අනිවාර්යයෙන්ම. ඒ නිසාම මම නිහඬව ඉන්න එක හොඳයි.
"මම දන්නවා. එදා අම්මා ඔයාට මාව ප්‍රපෝස් කරපු නිසයි ඔයා ඒකට කැමති උනේ. ඒත් ඔයා දැන් ඇත්තටම එදා කිව්වා වගේම මාව මැරි කරන්න කැමතිද මින්දි ?"
එයා මගෙ මූණ දිහා බලාගෙන එහෙම අහනවා. මට ඒ මූණ දිහා බලාගෙන 'නෑ' කියන්න හිත දෙන්නෙ නෑ. ඒත් ඇයි මම යථාර්ථයට පටහැනිව වැඩ කරන්නේ. මගෙ මනස ඇතුලාන්තය තේෂාන්ව හස්බන්ඩ් විදිහට බාරගන්න අකමැති නම් ඇයි මම වෙන අයව සතුටු කරන්න මගෙ සතුට නැති කර ගන්නේ. දැන් වත් ඇත්ත කියන්න මින්දි. නැත්තම් මේ මැරේජ් එකෙන් ඔයාටයි තේෂාන්ටයි දෙන්නටම දුක් විඳින්න වෙනවා. සමහරවිට මේක ඔයාට දෙවියන් වහන්සේ දුන්න එක අවස්ථාවක් වෙන්න ඇති, මේ බොරුවෙන් මිදෙන්න. ඉතින් ඒ අවස්ථාව මෝඩයෙක් වගේ මග හැරගන්න එපා මින්දි.
"නෑ."
................................................... 🖤 ...
තේෂාන්ගෙයි මින්දිගෙයි මේ බොරු එෆෙයා එක නවත්තලා දාමු නේද 🤧
රාදිතා පව් නේද 😅
Sachy Collins