Spring is far away - 74
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 74 | Impossible 2
"ආ.. මං එක්ක තරහා මිනිස්සුන්ට මම කැමති නෑ."
එහෙම කියපු මම කේක් කෑල්ල තියෝන්ගෙ කටට ඔබලා එතනින් ගියා. කට වටේම අයිසින් නාපු කොල්ලා මට රවද්දි එයාගෙ යාළුවෝ එයාටම හිනා වුණේ බඩත් අල්ලගෙන. පළි ගන්නවා නම් පළි ගන්න ඕනි එහෙම. එවෙලේ ඔෆිස් එකේදි එයා මට දාපු ලොකුකම් වලට හරියන්න මම දැන් ලොකුකම් දාන්න ඕනි.
"උබ සජීව දැක්කෙ නැද්ද."
මම දුල් ලඟට යද්දි කෙල්ල එහෙම ඇහුවා. අද මම වගේම දුල්නෙත්මියි සංජානායි දෙන්නම දම්පාට එකම ජාතියේ ගවුම් ඇඳලා හිටියා බ්‍රයිඩ්මේඩ්ස්ලා වගේ. ඒත් දැන් මෙතනින් එක බ්‍රයිඩ්මේඩ් කෙනෙක් අඩු වෙලා.
"අහස් එක්කද දන්නෑ."
"අප්පා මට ඒක අමතක උනානේ. ශුවර් එහෙනම් දෙන්නා එක්ක කොහෙ හරි ඇති."
දුල් එහෙම කිව්වා. මාත් සජීව හොයන්න කියලා හොටෙල් එක පැත්තට ගියා. වෙරළ අයිනේ තිබුණු හොටෙල් එකේ බිල්ඩින් හදලා තිබුණේ චයිනීස් ට්‍රැඩිෂනල් හවුස් වල ස්ටයිල් එකට. ලී වලින් හදලා තියෙන වරෙන්ඩා එකක් දිගේ මම බීච් එකේ අනිත් සයිඩ් එකට ගියා.
එහෙවත් එයාලා හිටියේ නෑ. ඈත පාර්ක් එකේ මගෙ පාර්ටි එකට ආපු හැමෝගෙම වගේ වාහන නවත්තලා තිබුණා. එතනවත් ඒ දෙන්නාගෙ චායාවක් වත් පෙනුණේ නෑ මට. ඉතින් මම ආයෙමත් පාර්ටි එක පැත්තට ගියා. වෙනසකටත් එක්ක මම අද ලස්සන ඉවෙන්ට් එකක් කරන්න පුරුදු උනා මීට සතියකට විතර කලින් ඉඳන්ම. පාර්ටි එක ඉවර වෙන්න කලින් මට ඒක ඉදිරිපත් කරන්නත් ඕනි හැමෝම ඉස්සරහා.
(ළමයි.. ගොඩක් අය කතාව අතෑරලා ගිහින් වගේ. මම කතාව දෙන්න පරක්කු වෙන්න් නෑ. මම Bot එකට වෙලාවට දෙනවා. පරක්කු වෙනවා නම් එතනින් වෙන්නේ. මේ එපිසෝඩ් එක මීට දවස් තුනකට කලින් මම බොට් එකට දුන්නේ. කවදා මේක වැටෙයිද දන්නෑ. ඒ නිසා මං එක්ක තරහා වෙන්න එපා.)
මට හාප් එක ප්ලේ කරන්න පුළුවන් නිසාම මම හිතුවා හැමෝටම මගෙ දක්ෂතාවය පෙන්නන්න. හවස හය හමාර පහුවෙද්දිම මම හාප් එකත් අරගෙන බීච් එකට ගියේ හැමෝම මැද්දෙන් ඉඳගෙන ඒක ප්ලේ කරන්න ආසාවෙන්.
"Wow.. Can you play these too ?"
"yes, I can."
"So let's play a nice song."
ඔෆිස් එකේ ඉන්න සමහර ෆොරින් ගර්ල්ස්ලා එහෙම කියද්දි මම හැමෝම මැද්දෙන් ඇවිත් හාප් එකත් තියාගෙන ඉඳගත්තා. රෝස පාටින් අහස හැඩවුණ, බල්බ් වැල් වලින් සරසපු වෙරළක, සීතල හුළඟක් එද්දි දෙනෝදාහක් මැද්දේ හාප් එක ප්ලේ කරන්න මම එක දවසක් හීන දැක්කා. ඉතින් අද ඒ දවස උදාවෙලා.
I do recall now, the smell of the rain
Fresh on the pavement, I ran off the plane
That July ninth, the beat of your heart
It jumps through your shirt
I can still feel your arms
මම ආසම සින්දුවක් වුණ 'Last kiss' තමයි මම වාදනය කරන්න තෝරගත්තේ. සමහර අවස්ථාවල ඒ සින්දුව ඇහෙද්දි මගෙ ඇස් වලින් හේතුවක් නැතුව කඳුළු එනවා. මගෙ පරණ මතක අවුස්සලා දාලා මාව රිද්දන්න පුළුවන් තවත් සින්දුවක් මේක. ඒ නිසාම මම යාළුවෙක්ගෙන් Chords ඉල්ලගෙන පුරුදු උනා.
But now I'll go
Sit on the floor wearing your clothes
All that I know is I don't know
How to be something you miss
I never thought we'd have a last kiss
I never imagined we'd end like this
Your name, forever the name on my lips
මගෙ වාදනය දිහා හැමෝම බලාගෙන හිටියේ වශී වෙලා වගේ. ඔව් එහෙම වෙන්න ඕනි. මොකද මේ වගේ නිස්කලංක පරිසරයක, හවසක, මුහුද අයිනේ මේ වගේ ලස්සන සංගීතයක් අහන්න කාටවත් නිදහස් වෙලාවක් නෑ. මොකද ඒ තරම්ම දැන් ඉන්න මිනිස්සු කාර්යබහුලයි. එහෙම කාර්යබහුල වෙන මිනිස්සුන්ට එයාලගෙ ආතතිය අඩු කරගන්න තියෙන එකම විසඳුම සංගීතයට සවන් දෙන එක.
සින්දුව ප්ලේ කරලා ඉවර වෙද්දි හැමෝම අත්පුඩි ගහලා මට තෑන්ක් කලා. සමහර අයගෙ ඇස් වල කඳුළු. ඒ අයත් මම වගේම වේදනාත්මක මතක වලට යටවෙලා ජීවිතේ සමහර අවස්ථාවල අන්තිම බිංදුවට වෙනකම් අසරණ වුණ අය වෙන්න ඇති.
"Enjoy your time.. Thank you."
එහෙම කියපු මම හාප් එකත් අරගෙන නැගිටලා එතනින් හොටෙල් එකට ගියා. හොටෙල් එක ඇතුලේ රූම් එකකින් හාප් එක තියලා මම ආයෙමත් එළියට බැස්සේ බීච් එකේ අනිත්පැත්තට යන්න හිතන්. ඉතින් මම වැල්ල දිගේම ඇවිදගෙන මුහුද පැත්තට ගියා.
හැමදාම මම හොඳට හිටියට, සමහර වෙලාවට, සැරෙන් සැරේට මට හේතුවක් නැති දුකක් වගේම පසුතැවිල්ලක් ඇති වෙනවා. මුලදි මම හිතුවත් ඒකට හේතුව පහුගිය කාලෙ වුණ දේවල් කියලා, ඒත් ඇත්තටම ඒ දේවල් වලට වඩා ගැඹුරු දෙයක් මගෙ හිත ඇතුළෙ තැන්පත් වෙලා තියෙනවා කියලා මට තේරෙනවා. හැබැයි ඒ ගැඹුරු දේවල් ගැන මට කිසිම අදහසක් ගන්න බෑ කොච්චර හිතුවත්.
හැමදාම මෙහෙම තනියම ජීවත් වෙන්න ගියොත් මම මානසික ලෙඩෙක් වේවි. ඒත් තනියම මගේ පාඩුවේ ජීවත් වෙනවා හැරෙන්න මට දැන් කරන්න දෙයක් ඇත්තෙන්ම ඉතුරු වෙලා නෑ. හේෂාන්ව අමතක කරලා වෙන කෙනෙක්ට ආදරේ කරන්නද මම. මෙච්චර කාලයක් එයාට කරපු ආදරේට මම එහෙම පිටුපාන්නෙ කොහොමද. එහෙම උනොත් නම් මට මගෙ ආත්මයම දඬුවමක් දේවි. එයාගෙ තැන වෙන කෙනෙකුට දුන්නට.
කල්පනාවක හිටපු මම පියවි සිහියට ආවේ මගෙ කකුල් වලට මුහුදු වතුර ගෑවුණු නිසා. ඉක්මනින්ම මම ගවුමත් උස්සගෙන මුහුදු රැල්ල ගෑවෙන නොගෑවෙන තරමට පස්සට ගියා. රැල්ලට අහුවුණු පාර ගවුමේ යට තෙත් වෙලා, බරවෙලා, වැලි කැට පවා ඇලවිලා.
"......"
තීරෙ දිගේම ඇවිදගෙන යද්දි මම එකපාරටම නැවතුණේ මගෙ ඉස්සරහා හිටපු කෙනා දැකලා. පාර්ටි එකේ මම මෙච්චර වෙලා නොදැකපු එයා දැන් මගෙ ඇස් ඉස්සරහා.
"හේෂාන්.."
මම එයා දිහා බලලා අඩියක් තිබ්බේ ඉස්සරහට යන්න හිතන්. ඒත් උලක් වගේ තිබුණු එක සිප්පි කටුවක් මගෙ යටිපතුලේ ඇණුනේ මගෙ ඇස් වලින් කඳුළු මතුවෙන තරමට වේදනාවක් දෙද්දි.
"අහ්."
මම කකුල අල්ලගෙන වැටෙන්න යද්දි, මගෙ ලඟට දුවගෙන ආපු හේෂාන් එයාගෙ අත් දෙකෙන්ම මාව අල්ලගද්දි මාත් එයාව අල්ලගත්තේ වෙන කරන්න දෙයක් තිබුණේ නැති නිසා. එයාගෙ ඇඟට වාරු වුණ පාර එදා ලයිබ්‍රි එකේදි වගේම මගෙ දෙතොල්, එයාගේ ලා නිල් පාට ශර්ට් එකේ කොලර් එකේ රෝස පාටට වැදුණා.
"මොකද උනේ ?"
"එකපාරටම මගෙ කකුල උළුක් උනා.. දැන් හරි.."
යටි පතුලෙන් දැනෙන වේදනාවට මට කෑ ගැහුවැහැකි. ඒත් එයා ඉස්සරහා ආයෙමත් මේ මින්දි දුර්වලයෙක් වෙන්නෙ නෑ කියලා මම මටම පොරොන්දු වුණා. අනික මගෙ වේදනාවන් ගැන හොයලා බලන්න දැන් එයාට අයිතියක් නෑ. එයා දැන් රාදිතාගේ. හුදෙක්ම අපි වෙන් වෙලා ගියපු ආදරවන්තයෝ විතරමයි.
"ඔයාගෙ ශර්ට් එක.."
"ඒක ප්‍රශ්නයක් නෑ."
එදත් ලයිබ්‍රි එකේදි එයා එහෙම කිව්වා. ඉතින් අදත් කියනවා. එදා නම් අපි විතරයි එතන හිටියේ. ඒත් අද එයා එක්ක රාදිතාත් ඇති. බැරි වෙලාවත් එයා දැක්කොත් මේ මාර්ක් එක, එයා හිතයි මම මෙතන හේෂාන් එක්ක එකේක ඒවා කරලා කියලා.
"රාදිතා ආවා නේද ?"
"ඔව්."
"එයා මේක දැක්කොත් හිතයි මම ඔයාව කිස් කරලා කියලා."
මම එහෙම කියද්දි එයා එයාගෙ ශර්ට් එකේ කොලර් එක හරවලා බැලුවා. හිතුවට වඩා තදට ලිප්ස්ටික් පාර වැදිලා තියෙනවා. හරියට නිකන් මම හිතලම කිස් කරලා වගේම.
"එයා ඕනි දෙයක් හිතපු දෙන්. මම දන්නවානෙ වැරදීමකින් ඒක උනේ කියලා."
එයා එහෙම කියද්දි මම එයාට පිටිපස්සෙන් ඈතින් එන කෙනා දිහා බැලුවා. තද රෝසපාට එකක් ඇඳන් ඉන්න කෙනෙක් අපි ලඟට එනවා පෙනුණා. ඒත් ඉස්සර තරමට මට දුර පේන්නෙ නැති නිසාත්, අඳුර වැටෙන්න පටන් අරන් නිසාත් මට අඳුනගන්න බැරි වුණා ඒ එන්නෙ කව්ද කියලා.
"හේෂාන්."
ටික වෙලාවක් යද්දි ඈතින් ආපු රාදිතා හේෂාන් ලඟටම ඇවිත් එයාව පිටිපස්සෙන් තුරුලු කරගත්තේ උරහිසෙන් ඔළුව තියාගන්න ගමන්. මේ හැමදෙයක්ම හීනෙට සමානයි. ඇත්තටම ගොඩාක් දුරට සමානයි.
"මම ඔයාව හැමතැනම හෙව්වා බබා."
"මම මින්දි එක්ක කතා කර කර හිටියේ."
"සොරි මම ඔය දෙන්නට ඩිස්ටර්බ් කලා නම්."
එහෙම කියපු රාදිතා ඉස්සරහට ඇවිත් එයාගෙ ඉනෙන් අත දාගත්තා. හුලඟෙ යන කෙහෙරැලි අස්සෙන් මම බලාගෙන හිටියේ රාදිතා දිහා. එදා මම දැකපු හීනෙ වගේම රාදිතා ඇඳගෙන හිටියේ මගෙ ගවුමෙම තද රෝසපාට එක. ඒත් කොහොමද එහෙම උනේ.
'ලැවෙන්ඩර් ස්ටාර්ස්' කියලා නම තියලා අක්කා මටමයි මේ ගවුම හදලා දුන්නේ. එයා කිව්වා මේ ගවුම වගේ ගවුමක් මට කලින් කිසිම කෙනෙක් ඇඳලත් නෑ අඳින්නෙත් නෑ කියලා. එහෙව් එකේ කොහොමද මෙහෙම උනේ. එකම දවසේ එකම වෙලාවක මායි රාදිතායි දෙන්නම එකම වර්ගයේ, එකම රෙද්දෙන්, සමාන ඩිසයින් එකකට ගවුම් දෙකක් ඇඳන් ඉන්නෙ කොහොමද.
"ඔයාට කොහෙන්ද මගෙ ඩිසයින් එක."
මම එහෙම අහද්දි රාදිතා කන්ෆියුස් වෙලා වගේ මගෙයි හේෂාන්ගෙයි මූණ දිහා මාරුවෙන් මාරුවට බැලුවා. හේෂානුත් පුදුමෙන් වගේ අපි දෙන්නාගෙ එක සමාන පෙනුම දිහා බැලුවා.
"මගෙ ඩිසයිනර් පෙන්නපු ඩ්‍රෙස් වලින් හේෂාන්ම තමයි මට මේක Choose කරලා දුන්නේ."
"Impossible."
හේෂාන් තෝරලා දුන්නා නම් මෙතන තියෙන්නෙ ඩීඩීගෙ අවුලක්. සමහරවිට අක්කා අර කලින් කෙනාටම කියලා මගෙ ඩ්‍රෙස් එක ඩිසයින් කලාද දන්නෑ. මොකද එයාමනේ රාදිතාටත් ඩ්‍රෙස් ඩිසයින් කරන්නේ.
"Anyway.. Thanks මගෙ බර්ත්ඩේ පාර්ටි එකට ආපු එකට. අක්කා තමයි මේ පාර ඉන්විටේෂන් යවලා පාර්ටි එක ඕගනයිස් කලේ. ඒ නිසා මම වැඩිය හොයන්න බලන්න ගියෙ නෑ."
"හ්ම්ම්.. Happy Birthday මින්දි. මම ගිෆ්ට් එක අක්කගේ අතට දුන්නා."
"Thank you හේෂාන්. මං ඒක බලන්නම්."
දෙවියන්ට පින් සිද්ද වෙන්න රාදිතා හේෂාන්ගෙ ඇඟේ වෙලි වෙලි ඉන්නවා මිසක් කොලර් එකේ තිබුණ ලිප්ස්ටික් පාර දැක්කෙ නෑ. කොහොමටත් එයාට ඒක දකින්න තරම් සිහියක් නෑ. ඇයි ඉතින් මගෙ ඉස්සරහා හේෂාන්ගෙ ඇඟේ එල්ලි එල්ලි රඟපාන්න ඕනිනේ.
"ඔයාලා දැන්ම යනවද."
"ඔව් අපි යන්න ඕනි."
"එහෙනම් පරිස්සමින් යන්න."
මම ඒ දෙන්නට ඔළුව වනලා අනිත්පැත්තට හැරුණේ යන්න හිතාගෙන. හීනෙ වගේම ගොඩාක් දේවල් සිද්ධ වුණත් තාම මට මාව නැති වුණේ නෑ. මම ඒක වෙන්න ඉඩ තියන්නෙත් නෑ. මොකද මට ඕනි වෙන දේවල් බලාගෙන මගෙ පාඩුවේ ජීවත් වෙන්න. අනික මට තව කරන්න වැඩ ගොඩාක් ඉතුරු වෙලා තියෙනවා.
කොහොම හරි අන්තිමට මගෙ බර්ත්ඩේ පාර්ටි එකත් ඉවර වුණා..
හොටෙල් එක අස් කරනවා තවමත්. බීච් එකේ ඉඳන් ගෙදරට ටිකක් දුර නිසා ඉක්මනින් යන්න පිටත් වෙන්න ඕනි. අයියා නම් රූම් එකේ නානවා ඇති. අක්කා ගියා රැල්ල පාගන්න ලෑස්ති වෙන්න කියලා 🤦. ඒ අස්සෙ මම ලොකු ප්‍රශ්නෙකට හිරවෙලා. ගවුම ගලවගන්න බැරුව මම බීච් එක අයිනේ පොල් ගහක් යට ලී බංකුවකින් වාඩි වෙලා ඉන්නවා කාගෙ හරි උදව්වක් බලාපොරොත්තුවෙන්.
දැනටමත් පිටයි, ඉනයි දෙකම තද වෙලා තුවාල වෙලා වගේ රිදෙනවා. වෙලාවකට ලක්ස්රි ලයිෆ් එකත් එපා වෙනවා මේ වගේ දේවල් නිසා. මොනවා කරන්නද ඉතින්. මගෙ කැමැත්තට ඉඩ දීලා, මට අක්කටයි අයියාටයි ලැජ්ජාවක් වෙන්න අඳින්නත් බෑනෙ.
"මම ඔයාව හැම තැනම හෙව්වා."
එකපාරටම මගෙ පිටිපස්සෙන් තියෝන්ගෙ කටහඬ ඇහුණා. මාත් එක්ක තරහා අයට මම මොකට කතා කරන්නද. ඒ නිසා මම සද්දයක් වත් නොකර ඈත බල්බ් වැල් දිහා බලාගත්තා.
"This is for you."
එහෙම කියපු තියෝ මම එයා දිහා බලාගෙන ඉද්දිම වැල්ලෙ මගෙ ඉස්සරහා දණ ගහලා මට රින්ග් එකක් තියෙන බොක්ස් එකක් දික් කලා. කෙලින් හිටගන්නවත් කකුල් පණ නැති නිසා මම ඉඳගෙනම එයා දිහා කන්ෆියුස් වෙලා බලන් හිටියා.
"Thank you."
ටික වෙලාවක් බලාගෙන හිටපු මම එහෙම කියලා ඒ බොක්ස් එකේ තිබුණු රින්ග් එක ගත්තා. ඒත් ඒ රින්ග් එකේ බාගයයි තිබුණේ. උඩ ටික රින්ග් එකක් වගේ තිබුණට පහල ටික ඇත්තෙන්ම නෑ.
"ඔයා 😑."
"Why.. හිතුවද මම රින්ග් එකක් දෙයි කියලා 😄."
"ඔයාට මාව ජෝක් එකක්ද ?"
"නෑ මම රිටන් එක ගත්තා."
"මොකේටද ?"
"කේක් කෑල්ල කවපු එකට."
එහෙනම් ඒකයි මෙයා මේ. ඒත් මට ලස්සන රින්ග් එකක් හම්බවෙනවා කියලා බලාපොරොත්තු දීලා මෙහෙම රවට්ටපු එක නම් වැරදියි. රින්ග් එකේ උඩ තිබුණේ Amethyst ගලක් වගේම එකක්. ඒකයි වැඩිපුරම මට ඒකට හිත ගියේ. ඒත් කොල්ලො කෙල්ලොන්ට සෙකන්ඩ් වෙන්නෙ නෑ කියලා එයා මගෙන් රිටන් එක අරගෙනත් ඉවරයි ඒ රින්ග් එකෙන්.
"මම අමුතුවෙන් ගිෆ්ට් දෙන්න ඕනි නෑනේ."
එහෙම කියපු තියෝ මට එහාපැත්තෙන් ඉඳගත්තා. මාව වෙවුලන තරමට සීතල හුලඟක් එද්දි එයා උඩ ශර්ට් එකේ බොත්තම් දෙක තුනක් ගලවගෙන බංකුවට හේත්තු උනා.
"හේෂාන් හොඳ ගිෆ්ට් එකක් දුන්නා නේද එහාපැත්තට ගිහින්."
කට කොනින් හිනාවක් රඳවන් තියෝන් එහෙම කියද්දි මම ක්ෂණිකව එයාගෙ පැත්තට හැරුණා. ඒ කියන්නේ එයා දැකලද මම හේෂාන් එක්ක එහාපැත්තෙ තනියම කතා කරනවා ?
"දුන්න කිස් එක කොලර් එකේ තිබුණා. මොනවා උනත් රොමෑන්ටික් කිස් එකක්."
මගෙ ඇස් දිහා බලාගෙන එයා එහෙම කියද්දි මම මුහුද දිහා බලාගත්තා. කලින් මම හිතුවා හරියටම හරි. එතන වුණ සිද්ධිය නොදන්න අය හැමෝම හිතන්නේ මමයි හේෂානුයි එතන වැරදි විදිහට හැසිරුණා කියලා. අනික තියෝ මගෙන් මෙහෙම ප්‍රශ්න අහනවා නම්, රාදිතා ඒක දැක්ක පාර හේෂාන්ගෙන් මොනවා අහන්න ඇත්ද.
"තියෝ ඔයාට අර හඳේ මැද මොනවා හරි තියනවා වගේ පේනවද ?"
මම හඳට ඇඟිල්ල දික් කරලා එයාගෙන් එහෙම ඇහුවා. ඒ එක්කම එයා හඳ දිහා බැලුවා. මං හිතන්නේ එයාට මේක පැහැදිලි කරලා දෙන්න හොඳම ක්‍රමය මම තෝරගත්තා.
"ඔව්.. හඳේ බනී කෙනෙක් ඉන්නවා වගේනේ පේන්නේ."
"ඒත් ඇත්තටම බනී කෙනෙක් නෑ. ඒ තියෙන්නෙ ආවාට."
"I know."
"ඉතින් හඳේ බනී කෙනෙක් ඉන්නවා වගේ පෙනුණත් ඇත්තටම ඒ තියෙන්නෙ ආවාට නම්, ඔයා කොහොමද එක සලකුණක් දැක්ක ගමන් කියන්නේ මමයි හේෂානුයි කිස් කලා කියලා ?"
මම එහෙම කියද්දි එයා නිශ්ශබ්ද උනා. රණ්ඩු කරලා දේශන දෙනවට වඩා හොඳම දේ උදාහරණ අරගෙන ඒ කෙනාට ඒ දේ කෙටියෙන් පැහැදිලි කරලා දෙන එක. ඉතින් දැන් මම, මට උගන්නන්න එන පණ්ඩිතයින්ට ඇත්ත වටහලා දෙන්නෙ එහෙම. මට වැඩිපුරම ඔහොම ටෝක් දෙන්න ඉන්න එක්කෙනත් තියෝම තමයි. එයා දැනටමත් මගෙන් මෙහෙම පැහැදිලි කිරීම් සීයකටත් වඩා අහලා ඇති.
"ඔයාට හිතෙන්නෙම නැද්ද ඒක වැරදීමකින් උන දෙයක් කියලා."
"ඇත්ත එහෙම වෙන්න ඇති. ඒත් දකින මිනිස්සු හිතන්නෙ එහෙම."
"හයේ ඉලක්කමක් උනත් පැති දෙකකින් බැලුවම පේන්නේ වෙනස් විදිහටනේ. මට හයේ ඉලක්කම උනාට අනිත් මිනිස්සුන්ට ඒක නවය වගේ පේනවා. ඒත් ඇත්තටම ඒක හය."
"ඒ කියන්නේ ඔයාලා දෙන්නා අතර එහෙම දෙයක් උනේ නෑ ?"
"නෑ..සීශෙල් එකක් පෑගුණ නිසා මම වැටෙන්න ගියා. එවෙලෙ හේෂාන් මාව අල්ලගත්තා. එතකොට තමයි එයාගෙ ශර්ට් එකේ මගෙ ලිප්ස්ටික් ගෑවුණේ."
"එහෙනම් රාදිතා දකින්න ඇති ඒක."
"ඔව්.. දකින්න ඇති. ඒත් එනිටයිම් ඇක්ටින් නිසා හේෂාන්ට මුකුත් කියන්න නැතුව ඇති."
රාදිතා හොඳ රඟපෑමක් කරනවා මිස් යුනිවර්ස් උනාට පස්සේ. හැබැයි ඔය රඟපෑම ඇතුළෙ මොකක් හරි ලොකු දෙයක් හැංගිලා තියෙනවා. තාත්තයි දුවයි ඊළඟට මොනා කරන්න යනවද කියලා කව්ද දන්නේ. සමහරවිට මේ පාර එයාලා හේෂාන්ට කරදරයක් කරන්න ඉඩ තියෙනවා. මොකද දැන් එයාලට මට බලපෑමක් කරන්න පුළුවන් ඉඩකඩ ගොඩාක් අඩුයිනේ.
"ඔයා අපි එක්කද යන්නේ ?"
"ඔයාගෙ ඩ්‍රයිවර් ගියා ගෙදර."
"Why ?"
"ඇයි ඉතින් අද රෑ 12 ට කිරි උතුරන්න ඕනි නැද්ද ?"
"ආ ඔව්නේ. අපි ඉක්මනින් ගෙදර යමු ලබන අවුරුද්ද වෙන්න කලින්."
එහෙම කියපු මම නැගිට්ටා. අද දිනේ December 31. වෙලාව හරියටම අට හමාරයි. එකොළහ වෙද්දි වත් ගෙදරට යන්න පුළුවන් උනොත් මටත් අවාරා එක්ක කිරි උතුරන්න පුළුවන්. සමහරවිට අයියයි අක්කයි අද මගෙ ගෙදර නවතී. එයාලත් ඒවට ලෑස්ති වෙන්න මෙහෙන් ඉක්මනින් යයි.
"මම නම් ලබන අවුරුද්දෙත් නිදාගන්නවා. බොරුවට කිරි උතුරන්නෙ නෑ."
එයා එහෙම කිව්වා. තව පැය ගාණකින් අලුත් අවුරුද්දක් උදාවෙනවා. ඒ වෙද්දිත් අපි හොටෙල් එකේ හිටියොත් වැඩක් වෙන්නෙ නෑ. ඒ නිසා ඉක්මනින් යන්න ඕනි ගෙදර.
"මම ගවුම මාරු කරන් වොශ් කරගෙන එන්නම්."
එහෙම කියපු මම ගවුමත් උස්සගෙන එතනින් ගියා. මම ඈතට යනකම් බලාගෙන ඉඳලා එයා මුහුද දිහා බලාගත්තා. මට හරි ප්‍රශ්නයක් තියෝන් හේෂාන් එක්ක මෙච්චර තරහා ඇයි කියලා. තියෝ කලින් හේෂාන්ව දන්නෙත් නෑ. ඒත් කොහොමද මෙහෙම තරහක් එයාගෙ හිතේ ගොඩනැගුණේ. බලන බලන හැමවෙලේම තියෝ හේෂාන්ගෙ ඇද ගැන කියන්න වචන දිව අග තියාගෙන ඉන්නේ. කොච්චර කිව්වත් හේෂාන් එක්ක පැටලෙන්නමයි බලන්නේ. මට පේන්නෙ නම් තියෝගෙ හිතේ මමයි හේෂානුයි ආයෙ එකතු වෙයි කියලා ඉරිසියාවක් තියෙනවද කොහෙද.
........
රෑ දහය හමාර වෙද්දි මමයි අක්කයි අයියයි අපේ ගෙදරට ආවා. හිතුවා වගේම අද එයාලා මං එක්ක නවතිනවා හෙට උදේම යන්න. ගෙදර ගියපු ගමන්ම මම නයිට් ඩ්‍රෙස් එක ඇඳගෙන ඇඳට නැග්ගා මහන්සියට ටිකක් රෙස්ට් කරන්න කියලා.
පහල අවාරා අක්කයි අයියයි එක්ක ලිප හදලා කිරි උතුරන්න ඕනි හැමදේම ලෑස්ති කරනවා. ඒත් මම තාම මහන්සියට සැපට නිදි. කොහොමත් එයාලා මට ඇහැරවන එකක් නෑ, මොකද මම අද හොඳටම දුර්වල වෙලානේ ඉන්නේ. තාමත් ගවුම නිසා තද වුණ ඇඟ රතුපාටට ඉරි හිටලා ඉදිමිලා තියෙනවා. වැල්ලෙ සිප්පි කට්ට ඇනුණු එකත් රිදෙනවා.
එහෙන් ගෙදර එද්දි මම අපේම බ්‍රාන්ච් එකක නවත්තලා ලා නිල්පාට ශර්ට් එකක් ගත්තා. ඒ වෙන කාටවත් නෙවෙයි හේෂාන්ට. මොකද එවෙලේ මගෙ ලිප්ස්ටික් ගෑවිලානේ එයාගෙ ශර්ට් එක සවුත්තු උනේ. මගෙයි වරැද්ද ඒ නිසාම මම මේ ශර්ට් එක අරගෙන එයාට යවනවා ඩිලිවරි කරලා. ඒක බාර ගන්නවද නැද්ද කියලා තීරණය වෙන්නෙ එයාගෙම තීරණය මත තමයි. මම මගෙන් උන වැරැද්ද හරිගස්සන්න ඕනිනේ කොහොම හරි. මොකද මම ආස නෑ කාටවත් ණය වෙන්න.
එකපාරටම සීතල හුළඟක් බැල්කනියේ ඇරලා තියෙන දොරෙන් කාමරේ ඇතුලට ආවා. දැනුණු සීතලට මම ඇඳෙන් නැගිටලා කෝට් එකත් පොරවගෙන බැල්කනියේ අත් වැට ලඟට ගියා. නිදිමතට ඇස් දෙකත් අත් දෙකෙන් පොඩි කර කර යද්දි එකපාරටම මොකක් හරි දෙයක් පුපුරනවා ඇහුණා. ඒ කියන්නේ අලුත් අවුරුද්ද උදා වෙන්න ලඟයිද ?
මම ඉක්මනින් ඔරලෝසුව දිහා බැලුවා. අලුත් අවුරුද්ද උදා වෙන්න තව තියෙන්නෙ හරියටම තත්පර දහයයි. අවුරුද්ද අවසානේ මගෙ එකම ප්‍රාර්ථනාව 'මට දුකක් ලැබෙන්න එපා, මම ප්‍රාර්ථනා කරන හැමදෙයක්ම මට ලැබෙන්න ඕනි' කියන එකයි. මම කල්පනා කරපු ටිකට තත්පර හතක්ම නාස්ති වෙලා ගිහින්. එහෙනම්,
තුනයි..
දෙකයි..
එකයි..
"මටයි එයාටයි දෙන්නටම සතුට ලැබෙන්න ඕනි."
එහෙම හිතපු මම ඇස් දෙක ඇරියා. 2024 අලුත් අවුරුද්ද උදාවෙලා තත්පරයකුත් පහු උනා. ඒ එක්කම උඩ අහසට වටේම ගෙවල් වලින් පාට පාට මල් වෙඩි එකතු උනා. මම අත් වැටට හේත්තු වෙලා ඇස් උඩට හරවලා බලාගෙන හිටියා ඒවා පුපුරනකම්.
තද රෝස, නිල්, කොළ, රතු, කහ, සුදු, පාට පාට වලින් මල් වෙඩි අහසම එළිය කරා. තැනෙන් තැන ඇහෙන රතිඤ්ඤා සද්දෙ, බට්ටො සද්දෙ අලුත් අවුරුද්දේ ගෙවෙන මේ අලුත් තත්පර ගාණේ ආගන්තුක හැඟීමක් ඇති කරනවා. අනිත් අයට වගේම මටත් එහෙම තමයි. ගෙවල් වල අය පාරවල් අයිනට බැහැලා තමන්ගේ දරුවො එක්ක නිලාකූරු පත්තු කරනවා. රතිඤ්ඤා වලට බය වුණ බල්ලො පාරෙ හතර වටේම දුවනවා. ඒත් අපේ ගෙදර කිසිම දෙයක් නෑ, හරි නිහඬයි.
මල් වෙඩි පත්තු වෙලා ඉවර වුණා. ඒ සතුට තිබුණේ උපරිම විනාඩි දහයක් වගේ. ඊටපස්සෙ වටේම නිහඬ වෙලා ගියා. මල් වෙඩිත් නැවතුණා. මේකට තමයි කියන්නෙ ජීවිතයේ හැමදෙයක්ම තාවකාලිකයි කියලා. ගොඩාක් අය සතුටු වෙන්නෙ අලුත් අවුරුද්දටයි, නව වසරටයි විතරයි. ඒත් මට ඕනි හැමදාම සතුටු වෙන්න. හැමදාම මගෙ අය එක්ක මේ වගේම නිලා පත්තු කරලා නිදහස් වෙලාව උපරිමයෙන්ම විඳින්න.
ආයෙමත් ඇඳට නැගපු ගමන් මම ෆෝන් එක බැලුවා. දැනටමත් නව වසරේ සුබ පැතුම් විස්සකටත් වඩා මට ඇවිත්. ඒත් ඒ එකකටවත් රිප්ලයි නොකර මම ආයෙමත් නිදාගත්තා. මොකද හෙට උදේම ඔෆිස් එකට යන්න තියෙනවනේ.
අලුත් දවසක් 🌞☁️🍃..
උදේම මම ලා නිල් පාට මල් වැටුණු සුදු පාට ටයිට් ගවුම ඇඳලා ඒකට ගැලපෙන්න නිල් පාටින්ම හීල්ස් දෙක දාලා ඔෆිස් එකට ගියා. අද එන්ට්‍රන්ස් එකේම ගහලා තියෙනවා 'Happy New Year' කියලා. දැන් මම ඇතුලට යද්දි හැමෝගෙන්ම මට ඕක අහන්න ලැබෙනවා කන උතුරන්න.
"හැපි නිව් ඉයර් මෑම්."
ඈශ්ලිගෙන් පටන් ගත්තා ඔන්න. අනිත් අයත් කියලා මට වදයක් වෙන්න කලින් මම ඉක්මනින් ඔෆිස් එකට යන්න ඕනි. නැත්තම් මග ඉඳන් 'Same to you' කිය කියා ඉන්න වෙන්නේ.
"සේම් ටු යූ.. මොනවද අලුත් නිව්ස් ?"
"ආ.. මෑම්ව හම්බවෙන්න ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් ඇවිත් ඉන්නවා."
"ප්‍රෙග්නන්ට් ලේඩි කෙනෙක් 😐."
"Yes මෑම්."
"Who ?"
"මිසිස් අරුෂි උහාසා කියලා කෙනෙක්."
ඈශ්ලි කියන්නෙ අරුෂි ගැනනේ. ඒත් එයා කොහොමද ප්‍රෙග්නන්ට් උනේ. මම දන්න හැටියෙන් අරුෂි මැඩම් මැරි කරලා නෙවෙයි හිටියේ. අනික එයා මොකටද මෙහෙ ?
"කොහෙද එයා ?"
"ලොබි එකේ මෑම්. මම කිව්වම මෑම් එන්න ලේට් වෙයි කියලා. එයා මෑම් එනකම් ඉන්නම් කිව්වා."
"Okay.. මීටින් එක ඩිලේ කරන්න ටෙන් පාස්ට් තර්ටි වලට. I'll be there soon."
"ඕකේ මෑම්."
ඈශ්ලි මගෙ ඔෆිස් එකට යද්දි මම ලොබී එකට ගියා. ගියපු කාලෙට මම අරුෂි මැඩම්ව දැක්කෙත් නෑ. එයාට කතා කරන්න ලැබුණෙත් නෑ. මටත් වෙලාවක් තිබුණේ නෑ එයාව බලන්න ගෙදරටවත් යන්න. අනික එයාගෙ නම්බර් පවා චේන්ජ් වෙලානේ. තත්පර ගාණක් ගිහින් මම ගිහින් ලොබී එකට එබෙද්දි රතුපාටයි කළුපාටයි ගවුමක් ඇඳගෙන කෙනෙක් ඉන්නවා. පිටිපස්සෙන් බලපුවාම පේනවා මේ ඉන්නෙ අරුෂි මැඩම්මයි කියලා. ඒ නිසාම මම ඉස්සරහට ගිහින් බැලුවා. මගෙ හීල්ස් වල සද්දෙ ඇහිලා එයා එකපාරටම නැගිට්ටා.
"මින්දි."
"අරුෂි මැඩම්."
ඈශ්ලි කිව්වා හරියටම හරි. මාස හයක හතක රවුම් බඩක් තියෙනවා දැන් අරුෂිට. ඒ කියන්නේ මම නොදැනුවත් උනාට එයා මැරි කරලා ඉන්න ඇති. නැත්තම් මෙහෙම වෙන්න බෑනේ.
................................................... 🖤 ...
කියවන හැමෝම රියැක්ට් එකක් දාන් යමු 🖤
කොහොමද අරුෂි ප්‍රෙග්නන්ට් උනේ 🤔
දැන් කියන්න එපා ඒකටත් හේෂාන් පලි කියලා 😪
Sachy Collins