Spring is far away - 69

Spring is far away - 69

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 69  |  Don't hurt yourself

Previous


"ශ්ශ්.. නංගිට ඇහෙයි."


මහීකට ඒක කියන්න නොදී මහීෂා එහෙම කිව්වා. මහීකට අද වගේම මතකයි මින්දිගේ අම්මාට අන්තිමට අත්වුණ ඛේදවාචකය. ඒ වගේ දෙයක් ආයෙමත් නංගිට හරි වෙනවා බලන් ඉන්න බැරි නිසාම මහීක හිතුවා හේෂාන්ටවත් මින්දිටවත් එකතු වෙන්න ඉඩ නොදෙන්න.


📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං


එකපාරටම මහීෂාගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. ඒ නිසාම එයා පැත්තකට ගිහින් ඒක ආන්ස්වර් කලා.


"මොකක්.. මේ දැන්.. මට එන්න බෑ මම වැඩක."


"My god.. හේමාල් එනවා කිව්වද. එයාගෙ අපොයිමන්ට් එකේ ඩේට් එක අද නෙවෙයිනේ."


"අයියෝ මට අමතක උනානේ.. මං ඉක්මනින් එන්නම්."


එහෙම කියලා කෝල් එක කට් කරපු මහීෂා මින්දි ගාවට ගිහින් එයාගෙ ඔළුව අතගෑවා.


"ඇයි ?"


"මට යන්න වෙනවා අයියේ. හේමාල් එක්ක ශූට් එකක් තියෙනවා අද අපිට. ලංකාවෙ ලස්සනම මේල් මොඩ්ල් එතෙනට එද්දි කොහොමද මම නොයා ඉන්නේ."


"හ්ම්ම්.. එහෙනම් ඔයා දැන් යන්න."


"හරී.. මං හවස එන්නම් මෙහෙ. අද රෑට ඔයා ඉන්නවනෙ මෙහෙ."


"ඔව්. මෙයාව මෙහෙම තියලා යන්න බෑනේ."


"හරි එහෙනම්. මං ඉක්මනින් එන්නම්."


එහෙම කියපු මහීෂා එතනින් ගියා. මහීෂා කොහොමත් බිසී කෙනෙක්. එයා මොඩ්ල් කෙනෙක් නිසාම එයාට වෙලාවක් නෑ ගෙදර එන්නවත්. ඒ බව මහීක හොඳටම දන්නවා. මෙහෙම විනාඩි පහක් විතර ගියා.


"ම්ම්.."


මම ඇස් දෙක අරිද්දි අයියා මට එහාපැත්තෙ ඉඳගෙන බිම බලාගෙන ලොකු කල්පනාවක. බිම බලාගෙන කියලා මම හිතුවට එයාගෙ ඇස් යොමු වෙලා තිබුණේ ටැබ් එකක ස්ක්‍රීන් එකක් උඩ.


"නැගිට්ටද ?"


අයියා එහෙම අහද්දි මම කොණ්ඩෙත් හරියට හදාගෙන දකුණු අත දිහා බැලුවා. එවෙලෙ මට නොදැනුණු ඒ වේදනාව දැන් හොඳටම දැනුණා. මට මතකයි මම, ඔෆිස් එක ඇතුලේ එල්ලලා තියෙන අම්මගෙ පිංතූරෙට හයියෙන් හගලා ඒක බිමට දැම්මා. ඒ නිසාමයි මගෙ අත මේ තරම් තුවාල උනේ. කමක් නෑ අත විතරක් නම්. ඒත් මගෙ හිත ?


"දැන් කොහොමද ?"


"හොඳයි අයියේ."


"හ්ම්.. නංගි ඔයාගෙන් දෙයක් අහන ඕනි මට."


"කියන්න අයියේ ?"


"මේ ගැන ඔයාට මොකක්ද කියන්න තියෙන්නේ ?"


එහෙම කියපු අයියා මට පෙන්නුවේ එයාගෙ ටැබ් එක. ටැබ් එකේ ප්ලේ වෙන වීඩියෝ එක දැක්කම මගෙ ඇඟ සීතල වුණා වගේ. මොකද මම බලාපොරොත්තු උනේ නෑ අයියා මට මේ වගේ දෙයක් පෙන්නයි කියලා.


එදා ඇන්ඩෲස් පාර්ක් එක ඉස්සරහට ඇවිත් මගෙ ඩයරි එක කාණුවට වට්ටපු විදිහ සීසීටීවි එකක රෙකෝඩින් එකක් විදිහට අයියගෙ ටැබ් එකේ ප්ලේ වෙද්දි මම ඒ දිහා නිහඬව බලන් හිටියා. මම අද වෙනකම් අයියට නොකියපු දේවල් වලින් ප්‍රධානම මාතෘකාවක් තමයි ඇන්ඩෲස්.


"ඇයි මට මේ ගැන කිව්වේ නැත්තේ ?"


"කොහෙන්ද ඔයාට මේක ?"


"ඇන්ඩෲස් මේ සීසීටීවි කැම් එක තිබුණු ශොප් එකට ලොකු ගාණක් දීලා තියෙනවා මේ ටික ඩිලීට් කරන්න කියලා. නිවුස් එක ආපු ගමන්ම මම ඒ ශොප් එකෙන් ඊට වඩා වැඩි ගාණකට මේ වීඩියෝ එක ගත්තා."


ඇන්ඩෲස් එහෙම නොකර හිටියොත් ඒක පුදුමයක්. එයාට ඕනි හැම අතින්ම රජ වෙන්නයි එයාගෙ දුවව රැජිණක් කරවන්නයි. මට පුදුම නෑ දැන් රාදිතාගෙ අම්මා රාදිතාවයි ඇන්ඩෲස්වයි දාලා ගියේ ඇයි කියලා. ඇත්තටම ඇන්ඩෲස් කියන්නේ මාෆියා බොස් කෙනෙක්වත්ද. මට වෙලාවකට එහෙමත් හිතුණා.


"ඔයා දන්නවද නංගි. ඇන්ඩෲස් කියන්නේ අන්ඩර් වර්ල්ඩ් එකේ බැබලුණු චරිතයක් ඒ කාලේ. එයා මිනිස්සු ගොඩාක් මරලා තියෙනවා හැමෝටම හොරෙන්. දැන් එයාට ඒ දේවල් කරන්න බෑ හේතුව රාදිතා පැජන්ට් ගියපු නිසා. ඒකයි එයා හේෂාන් මාර්ගෙන් නම්බර් වන් Father in law වෙන්න හදන්නේ."


"What ?"


ඇන්ඩෲස් මම හිතුවා වගේම අන්ඩර් වර්ල්ඩ් එකේ කෙනෙක්ද. ඒකද එයා එදා මාවත් ස්නයිපර් එකක් ඒම් කරලා බය කරන්න හැදුවේ. අයියා හැමදෙයක්ම කියද්දි මට විශ්වාස කරගන්න බැරි උනා.


"මම කැමති නෑ මේ මනුස්සයාගෙන් ඔයාට කරදරයක් වෙනවට. So මට කියන්න නංගි. මොකක්ද මම ඇන්ඩෲස්ට කරන්න ඕනි. මම ඒ මනුස්සයා මරන්නද නැත්තම් ලීගල් ඇක්ෂන් එකක් ගන්නද ?"


"නෑ එපා. අයියා මුකුත් කරන්න ඕනි නෑ. දැන් මම හේෂාන්ගෙන් අයින් වෙලා ඉන්න නිසා මට ආයෙමත් ඇන්ඩෲස්ගෙන් කිසිම කරදරයක් නෑ."


"ඔයා හිතන පතන විදිහ සම්පූර්ණයෙන්ම වැරදියි. ඔයා හිතන්න එපා ඔයා හේෂාන්ගෙන් වෙන් වුණා කියලා."


"ඇයි ?"


"ඔයා එයාගෙන් කොහොම වෙන් උනත් එයා තාමත් ඔයා ගැන ඇලට් එකේ ඉන්නේ. එක රාදිතාට හරි ඇන්ඩෲස්ට හරි මීටර් උනොත් එහෙම, ඔයා හිතන්න එපා ඇන්ඩෲස් ආයෙමත් ඒ ස්වරූපයෙන් ඔයා ලඟට නෑවිදින් ඉඳී කියලා."


ඒ කියන්නේ අයියා හේෂාන් ගැනත් හොයනවා. නැත්තම් හේෂාන් මං ගැන ඇලට් එකේ ඉන්න බව එයා දන්නෙ නෑනේ. ඒත් මට කමක් නෑ කවුරු මං ගැන ඇලට් එකේ හිටියත්. දැන් මම මින්දි අමේලියා රූපසිංහ. මොකටද මම ඇන්ඩෲස්ට බය වෙන්නේ. මගේ නිගමනය අනුව මට දැන් ෆර්නැන්ඩස් පවුලට වඩා බලයක් තියෙනවා.


"කමක් නෑ අයියේ. කොහොම උනත් මම බය නෑ කාටවත්."


"ඔයා බයවෙන්න ඕනිත් නෑ මං ඉන්නකම්. මමයි අක්කයි ඉන්නවා ඔයාගෙ හැමදේකටම. ඒත් ඔයා මේ දේවල් නොකියා අපෙන් හංගන්න ට්‍රයි කරන එකට නම් මම පොඩ්ඩක් වත් ආස නෑ නංගි. ඔයා අපිට මේවා නොකියන්නේ ඔයාට අපිව විශ්වාස නැද්ද ?"


අයියා එහෙම අහද්දි මම සද්ද නොකර බිම බලාගත්තා. මම අකමැතිම දෙයක් ඔය පරණ මතක හාරවුස්සන එක. ඒකයි මම එයාලට ඒ දේවල් නොකියා හිටියේ.


"නෑ.. එහෙම එකක් නෑ. මම ආස නෑ ඔයාලවත් මේ ප්‍රශ්න වලට පටලන්න."


"ප්‍රශ්න වලට පටලන්න දෙයක් නෑ නංගි. අපි මේ ප්‍රශ්න වලට පැටලිලා ඉවරයි මුල ඉඳන්ම."


අයියා එහෙම කියද්දි මම සද්ද නොකර බලන් හිටියා. ඒ කියන්නේ ඇන්ඩෲස්ට අයියා එක්කත් මොකක් හරි ඇරියස් එකක් තියෙනවා. මට ඕනි ඒ මොකක්ද කියලා දැනගන්න. ඒත් මෙවෙලේ අයියා ඒක මට කියන්න තරම් සන්සුන් මානසිකත්වයකින් නෙවෙයි ඉන්නේ.


"Nevermind.. ඔයාට ඔච්චර බ්ලීඩ් වෙලා තියෙන්නේ අතේ Vein එකක් කැපිලා නිසා කියලා ඩොක්ටර් කිව්වා. හෙටයි අනිද්දයි ගෙදර ඉඳලා ඕක ටිකක් හොඳ උනාම ඔෆිස් එකට යන්න."


"හ්ම්ම්."


"අක්කත් දැන් ඉඳලා ශූට් එක කරන තැනට ගියා Emergency වැඩක් නිසා."


"එහෙමද."


"ඔව්."


ටනාෂියා ආපු වෙලේ මම මගෙ අත ගැහුවේ අම්මගෙ ෆොටෝ එකට මට මතක විදිහට. දැන් ඒක හදලද කියලා අයියගෙන් අහන්න හිතුණා මට.


"අර ෆොටෝ එක.."


"අම්මගෙ ෆොටෝ එකද ?"


"ඔව්."


"ඒක මම ආයෙ හැදෙව්වා. ලැප් එකත් ඩැමේජ් වෙලා. ඒත් ඕනි ෆයිල්ස් ටික චිප් එකක තිබුණා."


"Sorry අයියේ. මට එවෙලේ තරහා ගියා. ඒ වගේම ඒ තරහා මට කන්ට්‍රෝල් කරගන්න බැරි උනා. ඒකයි මෙච්චර දෙයක් උනේ. මම ආස නෑ අයියේ ටනාෂියාට."


"මට තේරෙනවා ඔයාට දැනෙන දේවල්. ඉතින් ඔයා අසාධාරණ නෑ."


"හ්ම්ම්."


මගෙ අයියා හරි නිහඬ චරිතයක්. මට වැඩිය තද පාට එයා හදවතින්ම කතා කරන, මනුස්සකම පිරුණු, හොඳ බුද්ධියක් තියෙන කෙනෙක්. ඒත් තරහා ගියොත් නම් නාහෙට අහන්නෙ නැති කෙනෙක්. ඒ වගේම එයාත් හේෂාන් වගේ නිහඬ චරිතයක්..


එහෙම වෙන්න හේතුව වුණේ අයියගේ කළින් ආදරේ. මම වගේම අවුරුදු ගාණක් එයත් ගෑනු ළමයෙක්ට ආදරේ කරලා තියෙනවා. ඒත් එයා ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා ගියාට පස්සෙ අයියා සයිලන්ට් වෙලා තියෙනවා. අයියා ඒ ගැන කා එක්කවත් කියන්න කැමති නෑ. ඒත් මට අක්කා මේ ගැන එයා නැති වෙලාවක එහෙන් මෙහෙන් කියලා තියෙනවා. මනුස්සයෙක් නිහඬ කෙනෙක් වෙන්න ලොකු හේතු කාරණා බලපානවා කියලා මට තේරුණා කාලයක් යනකොට, එක එක්කෙනා විඳපු අත්දැකීම් දැනගන්න ලැබුණාම.


අයියා ගියාට පස්සෙ මම මගෙ ෆෝන් එක ලඟට ගත්තා. උදේ උන දේත්, මම එවෙලෙ කෑ ගහපු විදිහත් මතක් වෙද්දි මට හරි පුදුමයක් දැනුණා මං ගැනම. ඇයි මම ටනාෂියාට එච්චර දරුණු විදිහට බැන්නේ. වෙනදා දැනෙන්නෙ නැති තරහවක් ඇයි මට එවෙලෙ දැනුණේ.


ඒ කියන්නේ මම තාමත් හේෂාන්ට ආදරෙයිද ?


මම ටනාෂියා එක්ක එච්චර වෛරයක් ඇති කරගත්තේ එයා හේෂාන් එක්ක කනෙක්ෂන්ස් තිබ්බ එකට ඉරිසියා නිසා. ඔව් මම ඉරිසියයි අවුරුදු අටක් මාත් එක්ක හිටපු එයා එහෙම වෙන ගෑනු ළමයෙක් එක්ක කනෙක්ෂන්ස් තියනවාට. අනික එයා දැන් රාදිතාව මැරි කරන්න ඉන්නේ. මීට මාසෙකට කලින් එයාලා Announce කලා ඒ දෙන්නා තව මාස හතරකින් මැරි කරනවා කියලා. එහෙම තියාගෙනත් ඒ කෙල්ල තාමත් හේෂාන්ගෙ ඇඟේ එල්ලිලා නම් ඉන්නේ, මම පොඩ්ඩක් වත් ආස නෑ ඒකට.


📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං


එකපාරටම ෆෝන් එකට කෝල් එකක් එද්දි මාව ගැස්සුනේ මම කල්පනාවක හිටිය නිසා. නොදන්න නම්බර් එකක් ඒක. ඉතින් මම කෝල් එක ආන්ස්වර් කරලා කන ළඟින් තියාගත්තා.


"මින්දි.."


ආන්ස්වර් කරපු කෝල් එකෙන් හේෂාන්ගෙ කටහඬ ඇහෙද්දි මම ඇඳ උඩ ඉන්ද වුණා. කෝල් එකක් ගත්තු ගමන් හෙලෝ කියන්නෙ නැතුව මගෙ නම කියන එකම කෙනා එයා.


"හේෂාන් ?"


"ඔව් එයා තමයි."


මම ටනාෂියාට බැනපු එකට එයාට තරහා ගිහින් මට කෝල් කලේ බනින්නවත්ද. කිසිම දෙයක් නොකියා මම නිහඬතාවය රැකගෙන අහගෙන හිටියා.


"කොහෙද තුවාල උනේ ?"


"......"


හරි නම් එයා අහන්න ඕනි ටනාෂියාට බැන්නෙ ඇයි කියලා. ඒත් ඇහුවේ මට තුවාල වුණාද කියලා. ඒ කියන්නේ ඔයා තාමත් මං ගැන හොයනවද. නැත්තම් මේක බොරු රඟපෑමක්ද.


"ඇයි මගෙන් අහන්නෙ නැත්තේ ටනාෂියාට බැන්නෙ ඇයි කියලා ?"


"අහපු දේට උත්තර දෙන්න."


වෙනස් වෙලා කියලා හිතුවට පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ වගේ ඔයා.


"අත පොඩ්ඩක් කැපුණා."


"ටනාෂියා ආපු එක මමවත් දන්නෙ නෑ. So ඒකට මම සමාව ඉල්ලන්නම්. But don't hurt yourself in the next time."


එයා මගෙන් සමාව ඉල්ලද්දි මට ඉස්සර මින්දිව මතක් උනා. හේෂාන්ගෙ මේ වචන ඉස්සරහා කොච්චර කෙරුවත්, ගලක් වගේ ඉන්න මාව දියවෙන්න බලනවා.


"ඔයා හරි නම් කියන්න ඕනි ඕක නෙවෙයි හේෂාන්."


"එහෙනම් ?"


"ඔයා අහන්න ඕනි මම ටනාෂියාට බැන්නෙ ඇයි කියලා."


"ඔයා හිතනවද ඔයා ටනාෂියාට බැන්නා කියලා මට රිදෙනවා කියලා. එහෙනම් ඔයා Misunderstand එකක ඉන්නෙ මින්දි."


"ඒ කියන්නේ ඔයා දැන් ටනාෂියා ගැන වොරි වෙන්නෙ නෑ කියන එකද ?"


මම එහෙම අහද්දි එයාගෙන් කිසිම සද්දයක් නෑ. මාත් හැඟීම් වලට ඉඩදීලා ඕන නැති දේවල් ඇහුවා කියලා මට තේරුණෙත් පස්සෙ.


"ආයෙ ඔහොම දේවල් කරගන්න එපා මාත් එක්ක. Good Night."


එහෙම කියලා එයා ෆෝන් එක කට් කලේ මම 'Good night' කියන්නත් කලින්. ටනාෂියා එක්ක පිසිකල් කනෙක්ෂන්ස් තියපු හේෂාන් යුවසිංහ ආයෙමත් එයාගේ Ex ලවර් ගැන හොයනවාද. ඒක නම් මට පුදුම සහගතයි.


"මම දන්නවා.. ඔයා ටනාෂියාව මගෙ ලඟට එව්වේ ඔයාගෙ ප්ලෑන් එකකට කියලා."


මේසෙ පොතක් අස්සෙ තිබුණු එයාගෙ ෆොටෝ එක අරන්, මම ඒක මගෙ ඇස් ඉස්සරහට ගත්තා. අළු පාට ටයි එකයි, තද නිල්පාට බ්ලේසර් එකක් ඇඳලා අව්වේ කාර් එක ලඟට යනවා එයා. මොකක් හරි ටීවී චැනල් එකකින් හොරෙන් ගත්තු ෆොටෝ එකක් මේක. ඒ වගේම මම ඒ කාලේ ආසම ෆොටෝ එකක් මේක. අව්වට අළුපාටට දිළිසෙන ඒ ඇස්, කළුපාට දිළිසෙන කොණ්ඩෙ, රෝස පාටට හුරු හම, මේ හැමදෙයක්ම එයාට ලැබිලා තියෙන්නේ මොඩ්ල් කෙනෙක් තරමට ලස්සනට. ඒත් එයා අකමැතිම Subject එකත් ඒක.


"ඔයා බොරුවක් කලා.. එහෙම නෙවෙයිද.."


පුටුවට හේත්තු වෙලා මම හිමිහිට මිමිණුවේ ඒ ෆොටෝ එක දිහා බලන්. බැන්ඩේජ් ඔතපු අත සැරෙන් සැරේට වේදනා දෙනකොට ඉවසන්න අමාරුයි. ඒ නිසාම මම ඒ ෆොටෝ එක පොතේ මැදට වෙන්න පිටු දෙකක් අතරට තියලා, පොත වහලා දාලා එතනින් නැගිටලා ගියේ බැල්කනියට.


❝ මං ඔයාට ගොඩාක් ආදරෙයි මින්දි ❞


❝ තමුසෙගෙ ලොකුකම තමුසෙම තියාගන්නවා. එද්දි මං චොකලට් එකක් වත් අරන් එන්නම් ❞


❝ තමුසෙ මගෙ විතරයි. එච්චරයි. ආයෙ මුකුත් අහන්න එපා ❞


❝ ඔයා නැතුව මට ඉන්න බෑ මින්දි ❞


❝ කවුරු අකමැති උනත් මං ඔයාව හොරෙන් හරි මැරි කරනවා. ඊට පස්සෙ අපි මේ ගෙදර ජීවත් වෙමු හොඳද ❞


හහ්.. බොරු බලාපොරොත්තු.. අවුරුදු ගාණක්ම මම විඳවන තත්වෙට පත්වෙන තරමට දෛවය මට එයා ලව්වා කියවපු අමූලික බොරු. අපි ආදරේ කරද්දි හේෂාන් කියපු කරපු හැමදෙයක්ම එයා එයාගෙ හිතට එකඟවමයි කිව්වේ, කලේ කියලා මම දන්නවා. ඒත් ඒ වචනම තමයි වර්ථමානයේ මාව විඳවන තත්වෙට පත් කලේ. ඒකයි මම හිතුවේ ගෙවුණු මාස එකොළහෙන් මාවම වෙනස් කරගන්න. මගෙ නම වෙනස් උනා, මගෙ ජීවත් වෙන පරිසරය වෙනස් උනා, ඒත් එක දෙයක් වෙනස් උනේ නෑ. ඒ තමයි මේ සෘණාත්මක මතක.


හේෂාන්ට ආදරේ කලා කිව්වම ඉස්සර මගෙ හිතේ ඇති වුණ ඒ සෙනෙහස දැන් මට දැනෙන්නෙ නෑ. මොකද මම මගෙ හැඟීම් එකට හිර කරලා පතුලෙන්ම තැන්පත් කලා. ඒත් හේෂාන් මගෙ ඉස්සරහට එන හැම වාරෙකදිම මම ආයෙමත් කලින් මින්දි වගේම වෙන්න හදනවා. කොහොම හරි මම ඒක කන්ට්‍රෝල් කරගන්න ඕනි. නැත්තම් මට ආයෙත් විඳවන්න වේවි.


අලුත් දවසක් 🌞☁️🍃..


දවස් දෙක තුනක්ම ගෙවිලා ගියා. අයියා මට වැඩිය වැඩ කරන්න දුන්නෙ නෑ. ඒත් මම අතත් බැඳගෙනම ලෑස්ති වුණේ ඔෆිස් එකට යන්න. මට බෑ මෙහෙම නිකමෙක් වගේ ගෙදරට වෙලා ඉන්න.


ලා රෝසපාට අත්දිග ගවුම ඇඳලා, ෆ්ලැට් සැන්ඬල්ස් දෙකක් දාලා මම ලෑස්ති උනා වෙනදා වගේම ලස්සනට. එළියට යද්දි අව්වට දාන ලා රෝස පාට, රෝස මල් වලින් හැඩ කරපු තොප්පියත් අතට අරගෙන මම කාර් එකට නැග්ගා. විනාඩි විස්සක් ඇතුලත මම ඔෆිස් එකටත් ගියා.


"මෑම්.. සර් දැන ගත්තොත් මෑම්ට බනීවි රෙස්ට් කරන්නෙ නැතුව ඔෆිස් එකට ආවා කියලා."


"I don't care."


එන්ට්‍රන්ස් එකෙන් එද්දිම ඈශ්ලි වෙනදා වගේම මගෙ පස්සෙන් එනවා. මට බලන්න ඕනි කම්පැනි එකේ දැන් මොනවද වෙන්නෙ කියලා. මොකද මම නැතිකොට මගෙ වැඩපිළිවෙළ ඒ විදිහටම සිද්ධ වෙන්න ඕනි මෙතන.


"අයියා කොහෙද ?"


අයියාගෙ රූම් එකේ එයාගෙ ෆෝන් එක ටේබල් එක උඩ තියෙනවා දැක්කමයි මම එහෙම ඇහුවේ. ඒ කියන්නේ එයා මං වෙනුවට ඔෆිස් එකට ඇවිත් තියෙනවා.


"සර් මීටින් රූම් එකේ මීටින් එකක්."


තවත් කාලය නාස්ති නොකර මම තොප්පියත් අතට අරගෙන මීටින් රූම් එකට ගියා. රූම් එකේ දොර අරිද්දිම මට අයියගෙ කටහඬ ඇහුණා. ඒත් අයියට ඉස්සරහින් ඉඳන් ඉන්න කෙනා දැකලා මම හිටි තැනම තැවතුණා.


"මේ ප්‍රොජෙක්ට් එකට නංගි අකමැති වෙන එකක් නෑ හේෂාන්. අනික නංගිමයි කිව්වේ මේක කරමු කියලා."


"එහෙනම් ඇයි මට හොරෙන් ඇග්‍රීමන්ට් සයින් කරන්න හදන්නේ ?"


මම එහෙම ඇහුවේ අයියට ඉස්සරහින් ඉඳන් ඉන්න හේෂාන් දිහා බලන්. අයියා වැඩිය කැමති නෑ මායි හේෂානුයි ආයෙමත් ලං වෙනවට. ඒ නිසා වෙන්න ඇති මට නොකියා, මාව ගෙදර තියලා ඇග්‍රීමන්ට් සයින් කරන්න හදන්නේ.


"මගෙ අයිඩියා එකක් නම් ඔයාට එහෙම මට හොරෙන් ඒකට ඇග්‍රීමන්ට් ගහන්න බෑ අයියේ."


මම එහෙම කියලා ටේබල් එකේ ඉස්සරහම තිබුණු පුටුවෙන් ඉඳගත්තා. මගෙ පස්සෙන් ආපු ඈශ්ලි මට පිටිපස්සෙන් හිටගත්තා. තොප්පියත් මේසෙ උඩින් තියපු මම කකුලක් පිට කකුලක් දාගෙන හේෂාන් දිහා බැලුවා.


"ඔයා මං ගැන හොඳටම දන්නවනේ මිස්ටර් යුවසිංහ. ඔයාට කියන්න තිබුණා අපේ අයියට, හොරෙන් එකේක දේවල් කරලා මාව රවට්ටනවට මම ආස නෑ කියලා."


මම එහෙම කියද්දි හේෂාන් හිනා උනා..


"ඔයා තේරුම් ගන්නෙත් නෑනේ, මෙතන කවුරුවත් ඔයාව රවට්ටන්න හැදුවේ නෑ කියලා. තාම අපි ඇග්‍රීමන්ට් සයින් කලේ නෑ. මහීක මට තාම ඒ අයිඩියා එක ගැන විතරයි කිව්වේ. So don't be nervous."


හේෂාන් එහෙම කියද්දි මම නිශ්ශබ්ද උනා. සේරම අමුතු විදිහට හිනා වෙද්දි අයියා ටේබල් එකට පෑනකින් තට්ටු කලේ නිශ්ශබ්ද වෙන්න කියලයි. මොකද අයියත් ආස නෑ පොඩි සද්දෙකටවත්, මම වගේම.


"නංගි.. ඔයා කිව්වනේ ඔයාට ඕෆනේජ් හවුස් එකක් කරන්න ඕනි කියලා. ඔයා කිව්ව විදිහට ළමයි පන්සීයකට ඉන්න පුළුවන් බිල්ඩින් එකක් හදන්න දැන් රටේ තත්වෙත් එක්ක ලොකු කොස්ට් එකක් යනවා. ඒක අපිට තනියම දරන්න අමාරුයි. අනික ඒ හදපු ඕෆනේජ් හවුස් එක මේන්ටේන් කරන්න ගිහාමත් අපිට ඊටත් වඩා ස්පෙන්ඩ් කරන්න වෙනවා. ඒකට හොඳම Solution එක අපි දෙගොල්ලොම මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙන එක. හේෂානුත් කලින් ඉඳන්ම මට කිව්වා නේ වගේ දෙයක් කරමු කියලා. So මම එයාව මේ ප්‍රොජෙක්ට් එකට ජොයින් කරගන්නවා."


අයියා එහෙම කියද්දි මට හොඳ අදහසක් ආවා 💡. හේෂාන් මේකට ජොයින් වෙනවා නම් මට පුළුවන් මේකට විරුද්ධ වෙලා මගෙ එක ටාගට් එකක් සක්සස් කරගන්න.


"හොඳ අයිඩියා එකක්. ඉතින් මිස්ටර් යුවසිංහ කැමතිද ඩී මාර්ටිනස් එක්ක මේ ප්‍රොජෙක්ට් එක කරන්න ?"


"මගෙ එහෙම අකමැත්තක් කලින් ඉඳන්ම තිබුණෙ නෑ. එතකොට අපිට පුළුවන් ඩෙෆ්නි ඕෆනේජ් එකත් මේකට Affiliate කරන්න."


මම හිටපු ඕෆනේජ් එකත් හේෂාන් සල්ලි වලට ගත්තා. ඉතින් එයාට මේ ප්‍රොජෙක්ට් එකටත් මහ ලොකු දෙයක් වෙන එකක් නෑ. ඒත් මට තියෙන ප්‍රශ්නේ කොහොමද මම යුවසිංහලා එක්ක එකට වැඩ කරන්නෙ කියන එක.


"හේෂාන් කලින් ඉඳන්ම ඕෆනේජ් හවුස් එකක් මේන්ටේන් කරන නිසා අපිට එයාගෙන් හෙල්ප් එකක් ගන්න පුළුවන් මේකට. මොකද කියන්නෙ නංගි. ඔයා මේකට ඇග්‍රීද ?"


"No.. I disagree with that."


මම එහෙම කියද්දි අයියා ක්ෂණිකව මගෙ මූණ දිහා බැලුවා. ඒත් ඒ හේෂාන්ගෙ මූණෙ තිබුණේ අමුතුම හිනාවක්. හරියට නිකන් මට හින්ට් ගහද්දි සමච්චලයට හිනා වෙනවා වගේ.


"ඇයි අකමැති.. මොකක් හරි අවුලක් තියනවාද ඒ අයිඩියා එකේ ?"


"නෑ."


"එහෙනම් ?"


"මම මේකට ඇග්‍රී වෙන්න කලින් මට මිස්ටර් යුවසිංහ එක්ක වෙනම ඇග්‍රීමන්ට් එකක් ගහන්න තියෙනවා."


එහෙම කියපු මං හේෂාන් දිහා බලද්දි එයත් මං දිහා බලාගෙන හිටියේ ඇහිබැමකුත් උස්සගෙන. මට ඒක පුදුමයක් නොවුනට හේෂාන්ගෙයි අයියගෙයි දෙන්නගෙම හිතට ඒක ලොකු පුදුමයක් ගෙනවිත් දෙන්න ඇති.


"Mister Yuvasinghe.. I want to talk to you in person."


"When ?"


"Right now."


මම එහෙම කියද්දි අයියා කන්ෆියුස් වෙලා බලන් හිටියා. මාත් 'මොන යකාට එන්න හදනවද' කියන එක නොදන්න හේෂාන් තවත් මුකුත්ම නොකියා ලාවට ඔළුව වැනුවා.


"Come with me."


මම හේෂාන්ට එහෙම කියලා ටේබල් එකෙන් නැගිටලා මීටින් රූම් එකෙනුත් එළියට ගියා. මම හේෂාන් එක්ක ප්‍රයිවට් එකේ කතා කරන්න ඕනි කියලා කියද්දි රූම් එකේ හිටපු හැම කෙනෙක්ම අපි දිහා අමුතුම හිනාවකින් බැලුවා. මම දන්නවා එයාලා හිතන දේ. එයාලා හිතනවා ඇති මට හේෂාන් එක්ක Get alone වෙන්න ඕනි කියලා. ඒත් ඇත්තම හේතුව දන්නෙ මම විතරයි.


මම ලඟම තියෙන රූම් එකකට ගිහින් සෝෆා එකක් ළඟ හිටගද්දි එයත් මගෙ ඉස්සරහට ආවා.  එයාට පිටිපස්සෙන් ඈශ්ලි හිටගෙන මම මොකක්ද කරන්න යන්නෙ බලනවා. ඔව් ඒක එයාලට පුදුමයක් වෙන්නම ඕනි. මට හැර.


"මොකක්ද ඔයාට මාත් එක්ක තියෙන ඇග්‍රීමන්ට් එක ?"


මට ඉස්සරහින් ඉඳගත්තු එයා එහෙම ඇහුවා. තේ කෝප්ප දෙකකට ජෝගුවෙන් තේ වත් කරපු මං එක කෝප්පයක් එයාට දුන්නා. ඈශ්ලි ඒ රූම් එකේ ඈත ඉඳන් බලන් ඉන්නවා.


"මිස්ටර් යුවසිංහ මම......"


"Stop මින්දි."


එකපාරටම එයා එහෙම කියද්දි මම දෙතොල් වලට ලං කරගත්තු තේ එකත් ආයෙමත් උකුල උඩට ගත්තේ ඒ රෝස පාට වෙලා තියෙන මූණ දිහා බලන්.


"ඇයි ඔයා මට සර්නේම් එකෙන් කතා කරන්නේ. මම නොදන්න මනුස්සයෙක්ද ?"


"නෑ.. මම බිස්නස් වැඩ වලදි සාමාන්‍යයෙන්......"


"ඒ උනාට මම කැමති නෑ ඒකට. ඔයාට මේ ඇග්‍රීමන්ට් එක කරන්න ඕනි නම් ඔයා මට නම කියලා කතා කරන්න."


මම මෙවෙලේ හේෂාන් කියන විදිහටම වැඩ නොකළොත් එයා මේ සේරම දමලා ගහලා යයි. ඊට පස්සේ අයියා මට බනීවි එයාට පෞද්ගලිකව කතා කරලා මෙතනින් එලවලා දැම්මා කියලා.


"Okay.. එහෙනම් මම කෙලින්ම මට කියන්න ඕනි වුණ කාරණාවට එන්නම් හේෂාන්."


"ඔව්.. කියන්න. ඔයා මේ ඇග්‍රීමන්ට් එකට සයින් කරන්නේ මං එක්ක තවත් දේකට ඇග්‍රීමන්ට් එකක් ගැහුවොත් විතරයි කියලානේ ඔයා කියන්නේ ?"


"ඔව්.. ඒක හරි."


"Then.. මට ඒ ඇග්‍රීමන්ට් එක ගැන දැනගන්න ඕනි."


"හ්ම්ම්.."


තේ එකෙන් උගුරක් බීලම කෝප්පේ ටේබල් එක උඩින් තියලා මම එයාගෙ මූණ දිහා බැලුවා. ඒ මූණෙ තිබුණේ 'මම මොකක්ද කියන්න යන්නේ' කියලා දැනගන්න තියෙන කුතුහලයක්.


"ඔයාගෙ අයිඩියා එක මගෙ අයිඩියා එක එක්ක ගැලපෙනවා. ඉතින් අපි දෙපාර්ශවයම එකතු වෙලා මේක කරමු. ඒත් ඇග්‍රීමන්ට් එකට මම සයින් කරන්නේ මම කිව්ව දේ ඔයා කළොත් විතරයි හේෂාන්."


"අහ්.. ඔයා කියන දේ මම කරන්නම ඕනිද 😄."


"ඔව්.. නැත්තම් මම මේ ඇග්‍රීමන්ට් එක සයින් කරන්නෙ නෑ."


මම එහෙම කියද්දි එයා කට කොනින් හිනා වෙලා බිම බලාගෙන පොඩි කල්පනාවකට වැටුණා.


"That not a problem to me. මම මේ අයිඩියා එකට මහීකව ජොයින් කරගන්න හැදුවේ එයා මගෙ ෆ්‍රෙන්ඩ් කෙනෙක් නිසා. මට මේක තනියම කරන්න පුළුවන් ප්‍රොජෙක්ට් එකක්. So අකමැති නම් මගෙ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒක තනියම කරගන්න බැරි තරම් නැති මනුස්සයෙක් නෙවෙයි මං. So I'm leaving. Have a good day."


එහෙම කියපු හේෂාන් සෝෆා එකෙන් නැගිටලා යනවා දැක්කා මං. මේ ඉස්සර හිටපු හේෂාන් නෙවෙයි. ඉස්සර හිටපු කෙනා මගෙන් බෙල්ල හිර කරලා හරි අහනවා මොනවද මට ඕනි වෙලා තියෙන්නේ කියලා. ඒත් මේ හේෂාන් හින්ට් ගහලා හරි ලොකුකමින් ඇවිදගෙන ගියේ.


"මම කැමති නෑ ඔයා ටනාෂියා එක්ක Physically ලං වෙනවට."


මම එහෙම කියද්දි එයා මට කෙලින්ම නැවතුණේ දොරට අඩි දෙක තුනක් තියලා. මම එයා දිහා බලද්දි ඒ ඇස් මගෙ ඇස් එක්ක යා වුණා.


"What 😅."


"Yeah.. ඔයාට කරන්න තියෙන්නෙ එක දෙයයි හේෂාන්. ඒ මේක විතරමයි."


මම සෝෆා එකෙන් නැගිටලා එයාගෙ ඉස්සරහට ගියා. මම කිව්ව දේට එයා හිනාවෙන එක සාධාරණයි. මොකද මේක මට කිසිසේත්ම අදාල නැති ටොපික් එකක් නිසා. ඒත් මේ පුංචි ඇග්‍රීමන්ට් එකට එයා කැමති උනොත් ඒක එයාටම ලොකු වාසියක්.


"ඔයාගෙ අතින් ටනාෂියා වැරැද්දක් වුණා විතරයි කිව්වනේ. ඔයාලා හිතලා ලං වුණේ නෑ කිව්වනේ. ඉතින් ඔයාට බැරිකමක් නෑනේ ඒ ගර්ල්ගෙන් වෙන් වෙන්න."


"......"


"මම මේ ප්‍රොජෙක්ට් එකට කැමති වෙන්න නම් ඔයා ටනාෂියාව ඔයාගෙ ප්‍රයිවට් සෙකට්‍රි කියන පොසිෂන් එකෙන් අයින් කරන්න ඕනි."


"මම ඔයා කියන විදිහටද වැඩ කරන්න ඕනි ?"


මගෙ මූණටම ලං වෙලා හේෂාන් එහෙම කියද්දි මම මගෙ මූණ පැත්තකට හරවගත්තා. ඒ හුස්ම සැරෙන් සැරේට මගෙ කම්මුල් වල වදිද්දි මට දැනුණේ මීට අවුරුදු ගාණකට කලින් එයාගෙන් වින්ද ඒ ආදරයයි උණුහුමයි..


"ඒ කියන්නේ ඔයා තාමත් ටනාෂියාට ආදරෙයි."


"ඇයි ඔයාට ජෙලස්ද ?"


................................................... 🖤 ...


ජෙලස් නේද මින්දිට 😩


කතාවෙ වෙනස් දේවල් වෙන නිසා ඔයාලා හැම දෙයක් ගැනම ඉක්මනින් Judge කරලා චරිත ගැන නරක අදහසක් ඔළුවට ගන්න එපා..


Sachy Collins

Report Page