Spring is far away - 68

Spring is far away - 68

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 68  |  Stop this nonsense

Previous


"Excuse me මෑම්.. මෑම්ව මීට් වෙන්න ඩිටෙක්ටිව් කෙනෙක් ඇවිත් ඉන්නවා."


එකපාරටම ගෑනු ළමයෙක් ඇවිත් එහෙම කිව්වා. මම ඔළුව උස්සලා බැලුවේ 'ඩිටෙක්ටිව්' කියන වචනෙ ඇහුනම. දැන් මට කියන්න එපා ඔය ඇවිත් ඉන්නෙ හේෂාන් එක්ක Physical Connection තියන දවසින් දවස එකේක පිරිමින්ට විකිණෙන රහස් නියෝජිත ටනාෂියා කියලා.


"Who ?"


"මිස් ටනාෂියා ජොස්ෆයින් සැන්චෙස්."


ලැප් එකේ කීබෝඩ් එක උඩම මගෙ අතේ ඇඟිලි ටික එකට මිරිකුණේ මම ආසවත් නැති නමක් මාස එකොළහකට පස්සෙ මට ආයෙමත් ඇහුණු නිසා. අලවලා තිබුණු ‍රතුපාට ෆේක් නේල්ස් ටික 'ටික් ටික්' සද්දෙන් ගැලවිලා කී බෝඩ් එක උඩටම වැටුණා.


"Appointment එකක් දාලද ?"


"ඔව් මෑම් ඊයෙ........"


"එහෙනම් ඇයි මට කිව්වෙ නැත්තේ !!"


රූම් එක දෙවනත් වෙන්න මම එහෙම අහද්දි ඒ ගෑනු ළමයා ගැස්සිලා ගියේ ඈශ්ලිත් සෝෆා එකෙන් නැගිට්ටවෙද්දි. මගෙ තරහා අසාධාරණ නෑ, මට ටනාෂියාගේ නම මතක් වෙද්දිත් එන තරහා එක්ක බැලුවම.


"Sorry මෑම්.. මම ඒක එච්චර හිතුවෙ නෑ."


"එන්න කියන්න."


තරහා යම්තාක් දුරකට පාලනය කරගෙන මම එහෙම කියද්දි ඒ ගෑනු ළමයා මට ඔළුව වනලා මගෙ රූම් එකෙන් එළියට ගියා. දැන් මට තියෙන ප්‍රශ්නේ ටනාෂියා මොන හේතුවකට මාව හම්බවෙන්න එනවද කියලා.


Click..


දොර ඇරෙද්දිම මම ලැප් එක දිහා බලාගෙන හිටියා. දැන් නම් මම කරපු වැඩේ මට කරන්න හිතෙන්නෙත් නෑ. මොකද ඒ තරම්ම මමත් නොසන්සුන් මගෙ හිතත් නොසන්සුන්.


"After a long time.. Miss Rupasinghe."

(ගොඩ කාලෙකින්.. මිස් රූපසිංහ)


"Really ?"

(ඇත්තටම)


පුටුවට හේත්තු වෙලා මම එහෙම අහද්දි ටනාෂියා අමුතු විදිහට හිනා උනා. සුදුත් කලුත් මිශ්‍රිත කොට ගවුමක් ඇඳලා කොණ්ඩෙ අගිස්සත් රතුපාට කරලා ඉන්න ටනාෂියා අදත් එදා වගේමයි. අන්න ඒ නොවෙනස් වීම නිසා තමයි මගෙ හිතේ මගේ 'හතුරා' කියන Category එකට ටනාෂියා විතරක්ම ඇතුලත් උනේ.


"Don't you remember.. ඔයා එදා මිස්ටර් යුවසිංහගෙයි මගෙයි මීටින් එකට ඇවිත් හිටියනේ."


"Of cause.. ඔයා මට එතනින් යන්නත් කිව්වනේ."


"ඔව් මම එහෙම කලා. මොකද මීටින් එකට මට ඕනි උනේ මිස්ටර් යුවසිංහ විතරයි."


"හ්ම්ම්."


මම මේ කතාවේ අගක් මුලක් දන්නෙ නෑ. ඒත් හේෂාන් මේ වගේ කෙනෙකුට අහු වෙන්න තරම් මෙයාගෙ තියෙන විශේෂ දේ මොකක්ද. එයාගෙ ලස්සනද. නැත්තම් මේ කෙසඟ සුදුම සුදු ඇඟද, නැත්තම් මේ හීනි දිග දුඹුරු පාට ඇස්ද ?


"කොහොමත් ඔයා මට කැමති නෑනේ."


"ඒකට හේතුවක් තියෙනවා ටනාෂියා. ඔයා ඒක හොඳටම දන්නවා."


දන්නෙ නෑ වගේ එයා අහද්දි මට ඉවසන්න අමාරුයි. ජීවිතේට මට මේ තරම් තරහක් දැනිලා නෑ. මගෙ තරහා කොහොම පිටවෙයිද කියන එක දැන් තීරණය වෙන්නෙ ටනාෂියා මාත් එක්ක කතා කරන මාතෘකාවෙන්.


"Nevermind. මට කියන්න ඔයාට මොකක්ද තියෙන Reason එක, මාව මීට් වෙන්න ?"


"මට ඕනි ඔයාගෙ හිතේ තියෙන ඔය පටලැවිල්ල ලිහන්න."


"පටලැවිල්ල 🙄 ?"


"Yeah.. හේෂාන් ගැන තියෙන පටලැවිල්ල."


ටනාෂියා එහෙම කියද්දි මගෙ අත යට තිබුණු සුදුපාට හාෆ්ශීට් කොලේ එක මිටට මිරිකුණේ හේෂාන්ගෙ නම ඇහුණු නිසා. ඈශ්ලි මං දිහාත් ටනාෂියා දිහාත් මාරුවෙන් මාරුවට බැලුවා.


"ඔයා හිතනවා වගේ එයා මගෙ පස්සෙන් එන්නෙ නෑ."


"ඔයා ඒ ගැන කතා කරන්න ආවා නම් දැන්ම මෙතනින් ගියොත් ඔයාට හොඳයි මිස් සැන්චෙස්."


මම නොසන්සුන් මාවම පාලනය කරගන්න උත්සහ ගත්තේ එහෙම කියන ගමන්. පරණ දේවල් ආයෙ මට මතක් කරලා මාව රිද්දන්න උවමනාවක් ටනාෂියාට තියනවාද කියලා මම දන්නෙ නෑ. ඒත් එයා හදන්නේ මගෙ ලිමිට් පන්නන්න.


"නෑ මින්දි මට මේක ඔයාට කියන්නම ඕනි. ඔයා ඉන්නේ ලොකු Misunderstand එකක. මට මේක කියන්න ඉඩ දෙන්න."


තව මොනවට ඉඩ දෙන්නද ටනාෂියා. මම හැමදෙයක්ම ඇස් දෙකෙන් දැක්කා, මට හැමදෙයක්ම කන් දෙකට ඇහුණා. එදා ඔයා හොටෙල් එකේ රූම් එකක හේෂාන් එක්ක කිස් එකක හිටපු විදිහ, මාව තවදුරටත් එපා කියලා හේෂාන් මට යන්න කියපු විදිහ මට අද වගේම මතකයි. එහෙව් එකේ ඔයා මට කියන්නේ ඔයා කියන මේ දේවල් විශ්වාස කරන්න කියලද ?


"හේෂාන් නෙවෙයි මාව හොයන් ආවේ. මමයි මේ හැමදේටම වැරදි. ප්ලීස් ඒක පිළිඅරගෙන ආයෙමත් හේෂාන්ට රිද්දන්නෙ නැතුව ඉන්න බලන්න."


"එදා ඔයා එක්ක බ්‍රේකප් වෙලා හේෂාන් එයාපෝර්ට් එකෙන් ගෙදර ගියෙ නෑ. එයා ක්ලබ් එකකට ගිහින් හොඳටම ඩ්‍රින්ක්ස් අරන් පාරෙ වැටිලා ඉද්දි මට එයාව මීට් උනේ."


"එයා ගැන මට දුක හිතුණු නිසා මම එයාව මගෙ ප්ලේස් එකට එක්කගෙන ගියා. එදා අපි ලං උනේ එයා අන්කොන්ෂස් වෙලා හිටපු නිසා. ඒකට එයා මගෙන් සමාව ඉල්ලුවා. ඒත් ඊට පස්සෙ අපි ලං වුණ වාරෙ වැරද්ද මගේ. මමයි එයාට ඩ්‍රින්ක්ස් දීලා එයාව අන්කොන්ෂස් කලේ. මට ඕනි උනා එයා එක්ක........."


"ඇති !!"


මේසෙ තියෙන වාස් එකත් පොලවේ ගහලා මම නැගිටිද්දි ඈශ්ලි මගෙ ලඟට ආවා. එතකොට තමුන් කියන දේ මම විශ්වාස කරන්න ඕනිද ටනාෂියා. තමුන් වගේ දවසින් දවස අතින් අතට යන කෙල්ලෙක් කියන දෙයක් මේ මම විශ්වාස කරන්න ඕනිද..


"මින්දි මේක ඔයා තේරුම් ගන්න ඕනි. අදින් පස්සෙ ඔයා හේෂාන්ව ඔහොම රිද්දන්න එ..........."


"Stop this nonsense !!"

(නවත්තනවා මේ විකාර)


කෑ ගහපු පාර මගෙ උගුරෙන් ලේ රසක් ආවා මට. කොහොමද මම ඉවසන්නේ තමුන් මගෙ ඉස්සරහට ඇවිත් හේෂාන් ගැන මටත් වඩා දුක් වෙනවා වගේ කතා කරද්දි.


"මගෙ හැමදෙයක්ම උදුරගෙන තමුන් අන්තිමට කියන්න එන්නෙ මේකද ටනාෂියා. තමුන්ට ඕනි හේෂාන්ගේ සල්ලි අරන් එයාව පාවිච්චි කරලා අන්තිමට ඒ මනුස්සයාව නැත්තටම නැති කරලා දාන්න. තමුන් ඒ වගේ පහත් මානසිකත්වයක් තියෙන කෙල්ලෙක් කියලා මම මුලදිම දැනගත්තා."


රූම් එකම දෙවනත් වෙන්න කෑ ගහද්දි ඈශ්ලි මාව ඇවිත් අල්ලගත්තා. ඒත් මට මෙවෙලේ කාගෙන්වත් උදව්වක් ඕනි නෑ මාව සන්සුන් කරගන්න. ඒ හින්දම මම ඈශ්ලිව තල්ලු කරලා දැම්මේ කෙල්ල සෝෆා එකට වැටෙද්දි.


"මම ආවේ ඔයාගෙන් මෙහෙම කතා අහන්න නෙවෙයි මින්දි. ඔයා මට කතා කරන විදිහ අන්තිමයි. මම හිතුවා ඔයා කලින් මින්දිමයි කියලා."


"නෑ... නෑ... නෑ..."


ලඟම තියෙන වීදුරුවට මම අතින් ගහගෙන ගහගෙන ගියේ තරහා පිට කරන්න වෙන ක්‍රමයක් නැතිකොට. ඈශ්ලි මාව අල්ලගන්න එද්දි මම ඒ ලඟම තියෙන ෆොටෝ එකකට හයියෙන් ගැහුවේ ඒ ෆොටෝ එකේ වීදුරුව කුඩු වෙලා යද්දි.


"මෑම් !!"


බිඳුණු වීදුරු කෑලි බිමට වැටෙද්දි මම ඒ ෆොටෝ එකේ වටිනාකම ගැනවත් හිතන්නෙ නැතුව බිමට දමලා ගැහුවා. දැනටමත් මගෙ දකුණු අත ඒ වීදුරු කටුවලට තුවාල වෙලා ලේ ගලනවා.


"මම ගොඩාක් Disappoint උනා ඔයා ගැන මින්දි. ඔයා දැන් ගොඩාක් වෙනස් වෙලා."


"ඔව් මම වෙනස් වෙලා. තමුන්ට පේනවද මම වෙනස් වෙලා. දැන් මම අමනුස්සයෙක්. මම කලින් හිටපු මින්දි නෙවෙයි. මම තමුන්ව මරනවා.."


"මෑම් එපා."


මාව පස්සට ඇදලා ඈශ්ලි එහෙම කිව්වා. දැනටමත් මගෙ අතින් වැටෙන ලේ වලින්ම මගෙ සුදුපාට ශර්ට් එකත් තෙත් වෙලා ගිහින්.


"තමුන් යනවා යන්න මෙතනින්. මට ඕනි නෑ තමුන්වත් හේෂාන්වත් ආයෙමත්. මගෙ ඇස් ඉස්සරහට ආයෙ එන්න හිතන්නවත් එපා. Get out from there !!."


"I say get out."

(මම කිව්වෙ එළියට යනවා)


මම කෑ ගහද්දි ටනාෂියා රූම් එකෙන් එළියට ගියා. කොහොමද ටනාෂියාට හයියක් ආවේ මගෙ ඉස්සරහටම ඇවිත් මේ මාව මේ විදිහට කලින් වගේම රිද්දන්න. කොහොමද ඒ කෙල්ල මට මෙහෙම කතා කරන්නේ ඇවිත්.


"I am not a b*tch like you.. You are the worst f*ckin b*tch I've ever seen."


ඈශ්ලි මාව අල්ලගෙන හිටියත් මට තිබුණු තරහට මම මේසෙ උඩ තිබුණු හැම බඩුවක්ම එක සැරේ අතින් තල්ලු කරලා දැම්මේ බිමට වැටෙන්න. වැඩ කර කර හිටපු ලැප් එකත් බිමට වැටිලා කෑලි කැඩිලා ගියා.


"මෑම්.. Please calm down."


මාව පුටුවකින් ඉන්දවලා ඈශ්ලි මගෙ ළඟින් වාඩි වුණා. ගෙවුණු මාස ගාණට එයාවත් දැකලා නැතුව ඇති මම මේ විදිහට හැසිරෙනවා.


"ඇයි එයාලා මට මෙහෙම කරන්නේ ?"


මම මූණට අත් දෙක ගහගෙන අඬන්න යද්දිම ඈශ්ලි මගෙ අත් දෙක පහලට දැම්මා. මොකද දකුණතේ තිබුණු ලේ මගෙ මූණෙත් ගෑවෙන නිසා. සුදුපාට ශර්ට් එකේ තැනින් තැන ලේ පැල්ලම් ලේ බිංදු තැවරිලා.


"මෑම් ඇයි මෙහෙම මෑම්ටම Hurt කරගන්නේ වෙන අය නිසා."


"ප්ලීස් ඈශ්ලි.. ආයෙමත් එයාට මගෙ කම්පැනි එකට එන්න දෙන්නවත් එපා."


දණහිස් දෙකට අත් දෙක තියන් මම බිම බලාගෙන ඇස් දෙක තද කරලා වැටෙන්න තිබුණු ඉතුරු කඳුළුත් වට්ටලා දැම්මා. ආයෙ මේ විදිහට අඬන්නෙ නෑ කියලා මම හිතාගත්තා. ඔව් ඒක එහෙම වෙන්න ඕනි. මේ මොහොතෙන් පස්සේ ආයෙමත් මගෙ ඇස් වලින් කඳුළු වැටෙන්න බෑ. ඒත් මේ වාක්‍යය මතක් කරන් මම හැමදාම රැවටෙන්න උත්සහ ගන්නවද.


එකපාරටම මගෙ රූම් එකේ දොර ඇරෙනවා වගේ සද්දයක් ඇහුණා. මම සෝෆා එකේ ඉඳන් බිම බලාගෙන ඉද්දි ඈශ්ලි සෝෆා එකෙන් නැගිට්ටා.


"සර්.. මෑම්ගෙ අත කැපිලා ලේ එනවා."


"What, කොහොමද එහෙම උනේ ?"


ඒ තියෝගේ කටහඬ. මම ඔළුව උස්සද්දිම තියෝන් මට එහාපැත්තෙන් ඉඳගත්තේ මගෙ අත් දෙකත් එයාගේ අත් දෙකට මැදි කරගන්න ගමන්. දැන් තියෝන් අයියාට මේ ගැන කිව්වම මම අයියට මොකද කියන්නේ. මම කොහොමද කියන්නේ ටනාෂියා ඇවිත් මට හේෂාන් ගැන කියවන්න ආවා කියලා.


"අපි හොස්පිටල් එකට යමු මින්දි. ඔයාගෙ Vein එකක් කැපිලා තියෙන නිසා බ්ලීඩ් වෙනවා."


"ප්ලීස් තියෝ.. මේක අයියට කියන්න එපා."


"What.. අයියට නොකියා කොහොමද. ඔයා මෙච්චර තුවාල වෙලා ඉද්දි කොහොමද අයියට නොකියා ඉන්නේ."


මම දන්නවා දැන් තියෝ අනිවාර්යයෙන්ම මම කියන දේ අබමල් රේණුවකටවත් ගණන් ගන්නෙ නෑ කියලා. ඒත් මේ ගැන හේෂානුත් දැනගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් වේවි.


"Get up.. අපි ඉක්මනින් හොස්පිටල් එකට යන්න ඕනි."


එහෙම කියපු තියෝන් මගෙ අතින් අල්ලගෙන මාව නැගිට්ටෙව්වා. ඔළුවත් රිදෙනවා වගේ දැන් නම්. ජීවිතේට මට මේ තරම් තරහා ගිහින් නෑ කියලා මමත් දන්නවා. ඒත් ඇයි මම එවෙලේ එහෙම ටනාෂියාට කතා කලේ. මගෙ හැඟීම්ද ඒ විදිහට තරහකට පෙරළුනේ ?


පැයක් දෙකක් ගෙවිලා ගිහින්..


"මින්දිට මීට කලින් මෙන්ටල් ඩිසෝඩර් එකක් තිබිලා තියෙනවද මහීක ?"


මින්දිගේ අතට බෙහෙත් දාපු ඩොක්ටර් එයාගෙ ඔෆිස් එකට ගිහින් මහීකගෙන් එහෙම ඇහුවා. මින්දි මෙහෙම කරගන්න හේතුව මහීක දැනගත්තා. ඒත් මේ තරම්ම වෙනදා නැතුව තරහා යන්න තරම් තමන් මින්දි ළඟ නොහිටපු කාලේ මින්දිට මානසික අවුලක් තිබුණද කියලා මහීක දන්නෙ නෑ. මොනවා උනත් කොල්ලා නිශ්ශබ්දව හිටියේ මින්දිව තමන් හොයා ගත්තේ මාස 11 කට කලින් කියන එක ඩොක්ටර්ගෙන් හංගන්න.


"නෑ ඩොක්ටර්.. මට මේ මාස ගාණට නංගිගෙන් එහෙම අවුලක් පෙනුණේ නෑ."


"හ්ම්ම්.. ඒත් මින්දිගේ හැසිරීම් වලින් පේනවා එයා මොනවා හරි දෙයක් ගැන ඕනෑවට වඩා වොරි වෙනවා කියලා."


"ඔව් ඩොක්ටර්.. නංගි එයාගෙ Ex ගැන තාමත් හිතනවා. මේ දවස් වල එයා නංගිගෙ හිත රිද්දලා තියෙන්නේ. දැන් නංගි කැමති නෑ එයාගෙ නමවත් මතක් කරන්න. ඒත් නංගිගෙ හිත ඇතුළෙ තාමත් එයා ඉන්නවා."


"එහෙමත් එකක්ද.. එයාලා ආයෙ එකතු කරන්න බැයිද අපිට ?"


"බැරිවෙයි ඩොක්ටර්. එයා දැන් වෙන කෙනෙක්ව මැරි කරන්න ඉන්නේ. ළඟදිම එයාගේ මැරේජ් එක තියෙනවා."


"Poor her."

(පව් එයා)


ඩොක්ටර් එහෙම කියද්දි මහීක නිශ්ශබ්දව බිම බලන් හිටියා. එයාට හිතාගන්න බෑ මින්දිව මේ වලෙන් ගොඩ ගන්නේ කොහොමද කියලා. මින්දි ලොකු ආගාධයක ඉඳන් තමාව ශක්තිමත් කරගන්න උත්සහ ගන්නවා වගේයි මහීකට දැනුණේ.


"මම හිතන විදිහට මින්දිට OCD කියන ඩිසෝඩර් එක තියෙනවා."


"ඩිසෝඩර් එකක් ?"


"ඔව්.. තමන් ආදරේ කරන අයට උමතු වෙලා, එයාලා අහිමි වුණ එකට වද වෙන, එයාලා ගැන වොරි වෙන, එයාලා අහිමිවෙයි කියන බය තියෙන ගොඩාක් අයට මේ ඩිසෝඩර් එක තියෙනවා. දීර්ඝකාලීනව මේක තිබුණම තමයි මේ විදිහට හැඟීම් ප්‍රකාශ කරන්න උත්සහ නොගන්නේ. එයා අඬන්න උවමනා වුණත් අඬන්නෙ නැත්තම්, එන තරහා පාලනය කරගන්න බැරි නම්, ඉස්සර ගතිගුණ දැන් වෙද්දි වෙනස් වෙලා නම් මට කියන්න වෙන්නෙ මින්දිටත් මේ ඩිසෝඩර් එක දීර්ඝකාලීනව තිබිලා තියෙනවා කියලා."


ඩොක්ටර් එහෙම කියද්දි මහීක දිග හුස්මක් පිට කරා. මාස එකොළහක් තමන් ළඟ හිටපු නංගිට මෙහෙම දෙයක් වෙනකම් තමන්ට කිසිම දෙයක් කරගන්න බැරි වුණ එකයි එයාගෙ හිතට තිබුණ එකම දුක.


"ඔයා ඒ ගැන වැඩිය හිතන්න එපා මහීක. මින්දිට ලොකුවට ට්‍රීට්මන්ට් කරන්න ඕනි නෑ. එයාට ඕනි එයාට නැතිවුණ ආදරේ. ඒක තිබුණොත් එයා ආයෙ සනීපවෙයි."


"ඒත් ඩොක්ටර්.. මම කොහෙන් ගෙනවිත් දෙන්නද එයාට ඒක."


"ඔයාලට පුළුවන් ඒක කරන්න. මින්දිගෙ Ex ම ඕනි වෙන්නෙ නෑ එයා සනීප කරගන්න. ඇත්තටම දැන් මින්දිට ඕනි ආදරය, සෙනෙහස, අවධානය, රැකවරණය වගේ දේවල්. එයා ගැන හොයලා බලනවා නම් එයා එක්ක වැඩිපුර කාලය ගත කරනවා නම් මේක ඉක්මනින් ඇරිලා යාවි. ඔයාට ඒක ඔයාගෙ නංගි වෙනුවෙන් කරන්න බැරි කමක් නෑනේ ?"


"නෑ.. මම මගෙ උපරිමයෙන් ට්‍රයි කරන්නම් එයා එක්ක කල් ගෙවන්න. මම ගොඩාක් බිසී නිසයි එයාව බලන්නවත් යන්න බැරි වුණෙ."


"එහෙනම් ඒ වැරැද්ද ආයෙමත් තියාගන්න එපා. මින්දිට පේරන්ට්ස්ලා නැත්තම් එයාට ඒ ආදරේ ඔයාගෙනුයි මහීෂාගෙනුයි ලැබෙන්න ඕනි. ඒක එයාට දෙන්න."


"හ්ම්ම්.. මං එහෙම කරන්නම් ඩොක්ටර්."


ඩොක්ටර් එක්ක කතා කරලා මහීක ඩොක්ටර්ගේ රූම් එකෙන් එළියට ආවා. මින්දි ගැන කල්පනා කර කරම එයා, මින්දි අතට බේත් දාලා හිටපු රූම් එකට ගියා. ඒත් ඒ රූම් එකේ හිටියේ ඈශ්ලි විතරයි.


"ඈශ්ලි.. මින්දි කොහෙද ?"


"තියෝන් සර් මෑම්ව කාර් එකට එක්කගෙන ගියා සර්. ඩොක්ටර්ස්ලා කිව්වා මෑම්ව ගෙදර ගෙනියන්න කියලා."


"හ්ම්ම්.. පුළුවන් නම් මහීට කෝල් එකක් දීලා කියන්න නංගිගේ ගෙදරට එන්න කියලා."


"හරි සර් මම මහී මැඩම්ට කියන්නම්."


ඈශ්ලි එහෙම කියද්දි මහීක ඒ රූම් එකෙන් එළියට ආවා. ඈශ්ලි මින්දිගේ ලේ ගෑවුණු සුදුපාට ශර්ට් එකත් අතට අරගෙන බෑග් එකකට දාගත්තා. අද මින්දි හැසිරුණු විදිහ මතක් වෙද්දි ඈශ්ලිගේ ඇඟත් එක්ක සීතල වෙලා යන්නේ මීට කලින් එයා තමන්ගෙ මැඩම්ගෙන් ඒ වගේ හැසිරීමක් දැකලා නැති නිසා. දැන් කෙල්ලට ප්‍රශ්නයක් හේෂානුයි ටනාෂියායි අතර රහස් සම්බන්ධයක් තියෙනවද කියලා. මොකද එවෙලේ ටනාෂියා මින්දිට කියපු දේවල් මින්දි ටනාෂියාට කියපු දේවල් ඈශ්ලිගෙ කනට හොඳට ඇහුණ නිසා.


"නංගි තාම නිදිද ?"


මින්දි ගෙදර ඇඳ උඩ නිදියන් ඉන්නවා දැකලා මහීෂා ඒ ලඟම ඉඳන් ඉන්න මහීකගෙන් එහෙම ඇහුවා. මින්දිගෙ දකුණු අත්ල සම්පූර්ණයෙන්ම වෙළුම් පටි වලින් වහලා.


"හ්ම්ම්."


මහීක එහෙම කියද්දි මහීෂා ඒ ලඟින්ම ඇවිත් ඉඳගත්තේ මින්දි දිහා බලන ගමන්. මින්දිට උන දේ නිසා මහීක උදේ ඉඳන්ම දුකෙන් හිටියේ.


"ඉස්සෙල්ලාම රාදිතා නංගිගෙ අත කඩලා දැම්මා. දැන් ටනාෂියා ඇවිත් නංගිව මෙන්ටලි වැට්ටුවා. මට කියන්න මම ඉස්සෙල්ලාම මරන්න ඕනි ඇන්ඩෲස්වයි එයාගෙ මහලොකු දෝණිවයිද නැත්තම් ටනාෂියාද ?"


"Calm down අයියේ.. දැන් උන හැමදෙයක්ම වෙලා ඉවරයිනේ. මින්දි හේෂාන් එක්ක එෆෙයා එකක් පටන් ගද්දි එයාට කිසිම කෙනෙක් කියලා දීලා නෑ මේ එෆෙයා එක නැවතුණොත් මොනවා වේවිද කියලා. අනික කව්ද හිතුවේ ටනාෂියා හේෂාන් එක්ක පිසිකල් කනෙක්ෂන් තියලා කියලා."


"මටත් ඒක හිතාගන්න බෑ. හේෂාන් මල්ලි එහෙම කෙනෙක් නෙවෙයි මම දන්න හැටියෙන්. ඒත් ටනාෂියා කිව්ව දේවල් ඇත්ත වෙන්න ඇති. ඒක මිස්ටේක් එකක් වෙන්න ඇති."


"ඒවා නම් මම දන්නෙ නෑ.. ඒත් ටනාෂියා කිව්ව් ඒ සේරම ඈශ්ලිටත් ඇහිලා තියෙනවා. ඈශ්ලි මට ඒ ගැන කිව්වා. මම CCTV රෙකෝඩින්ස් පවා බැලුවා. මේක වෙන කිසිම කෙනෙක් දැනගන්න හොඳ නැති නිසා මම ඈශ්ලිට කිව්වා කාටවත් කියන්න එපා කියලා."


"ඒක හොඳයි."


හිතපු නැති විදිහට මින්දි ඇඳේ ඉඳන්ම එහෙට මෙහෙට පෙරලෙද්දි මහීෂා කියන්න ආපු දේවල් නොකියා සද්ද නොකර හිටියා.


"මම දන්නවා. හේෂාන් හොඳ කෙනෙක්. එයා කවදාවත් මෙහෙම කරන්නෙ නෑ. එයා නංගිව අතෑරියේ දෙමව්පියන්ගෙ බලකිරීම නිසානේ. ඒත් මට බයයි නංගි ආයෙමත් එයාට ලං වෙයිද කියලා."


"ඇයි ?"


"ඔයා දන්නවා මහී.. නංගිගෙ අම්මා අපේ තාත්තට රැවටුණා. ඒ වගේ මින්දිත් අසරණ උනොත් හේෂාන් නිසා එයාට අන්තිමට වෙන්නෙ අම්මා මැරුණු විදිහටම මැ......"


"ශ්ශ්.. නංගිට ඇහෙයි."


මහීකට ඒක කියන්න නොදී මහීෂා එහෙම කිව්වා. මහීකට අද වගේම මතකයි මින්දිගේ අම්මාට අන්තිමට අත්වුණ ඛේදවාචකය. ඒ වගේ දෙයක් ආයෙමත් නංගිට හරි වෙනවා බලන් ඉන්න බැරි නිසාම මහීක හිතුවා හේෂාන්ටවත් මින්දිටවත් එකතු වෙන්න ඉඩ නොදෙන්න.


................................................... 🖤 ...


මින්දිගෙ අම්මගෙ මරණය සැක සහිතයි නේද ?


ඉදිරියටත් කතාව මෙහෙම දෙන්න පරක්කු උනොත් පොඩ්ඩක් ඉවසන් ඉන්නවද. මම එහෙම එපි දෙන්නෙ නැතුව ලෝබ කමේ මගාරින කෙනෙක් නෙවෙයි. ලෙඩ නිසයි මේ සේරම. ඇත්තටම වෙන ගෑනු ළමයෙකුට මෙහෙම ලෙඩ හැදෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා ♥️..


Sachy Collins

Report Page