Spring is far away - 67
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 67 | How have you been
මම සද්ද නොකර ඉස්සරහා බලාගත්තා. රන්වේ එක මං එද්දිම පටන් අරගෙන නිසා දැන් එන්නෙ ටිකෙන් ටික ඇඩ්වාන්ස්ඩ් අයිටම්. එන මොඩ්ල්ස්ලා දිහා බලන් ඉඳලා මම නිකන් රාදිතාගෙයි හේෂාන්ගෙයි පැත්ත බැලුවා ඇස් කොනින්. රාදිතා ආසාවෙන් වගේ බලන් හිටියත් හේෂාන් තාමත් ෆෝන් එකේ. එහෙම වෙන එක පුදුමයක් නෙවෙයි. මොකද හේෂාන් ආස නෑ මේ වගේ එයා ආස නැති විකාර වැඩ වලට එයාගෙ කාලය නාස්ති කරගන්න. එයා එදා ඉඳන්ම මේ වගේ ඒවා දැක්කම කියන්නේ,
❝ මේ බලනවකො මින්දි. මේ කෙල්ලො සරුංගල් වගේ එව්වා එල්ලගෙන යනවා. සමහර කෙල්ලො ඩස්බින් ඇතුලට බැහැලා යනවා වගේ ❞
එයා සෝෆා එකේ නිදියගෙන ටීවී එකේ යන රන්වේ ශෝ එකක් දිහා බලන් එහෙම කිව්ව හැටි මට මතක් උනා. එදා මං එක්ක විහිළු කරලා සතුටින් ජීවත් උනත් අද ඔයාට බෑ රාදිතා එක්ක ඒ විදිහට සතුටු වෙන්න. සමහරවිට ඔයා ටනාෂියා එක්ක එහෙම ජෝක් කරලා දැන් ලිවින් ටුගෙදර් කරනවා ඇති නේද.
රන්වේ එක ඉවර උන ගමන්ම මට ඕනි උනේ ගෙදර යන්න. අද මගෙ හිතට හරි නෑ. ඇයි කියන්න මම දන්නෙත් නෑ. මාස ගාණක් සතුටින් හිටියා මම හේෂාන් ආයෙමත් මගෙ ජීවිතේට එන්න කලින්. ඒත් දැන් එයා මගෙ ජීවිතේට ආයෙමත් ඇවිත් මට දුකක් ගේන්න හදනවා. මම හිතපු දේ හරිද. එයාද මට දුකක් ගේන්න හදන්නේ, නැත්තම් මමද මටම දුකක් ඇති කරගන්න හදන්නේ ?
"කොහෙද මින්දි ඔයා හිටියේ.. මම ඔයාව හෙව්වා හැම තැනම."
මම අක්කයි අයියයි එක්ක ෆොටෝස් ගන්න තැනට වෙලා ඉද්දි තියෝන් එහෙම කියාගෙන මගෙ ලඟට ආවා. මට ඔහොම්ම තියෝන් එක්ක මේක ඇතුලෙන් එළියට පැනගන්න තිබුණොත් හොඳටම ඇති. දැනටමත් මගෙ ඔළුව රිදෙනවා, වොමිට් වෙන්නත් වගේ.
"තියෝ.. අපි පොඩ්ඩක් එළියට යමුද ?"
"Why ?"
"මගෙ ඔළුව රිදෙනවා ටිකක්."
"හ්ම්."
අයියටයි අක්කටයි ටිප් එකක් දීලා එයාගෙ අතින් අල්ලගෙන මම හොටෙල් එකෙන් එළියට ආවා. එතකොට වෙලාව දොළහයි. වෙනදට තියෙන සැර අව්ව අද නෑ වැහි කළුවක් නිසා. ඉතින් මං කාර් එක පේන මානේ ඉඳන් ඔළුවත් අල්ලගෙන හැම අතටම ඇවිද්දේ හිත වගේම ඔළුවත් නිදහස් වෙන්නමයි. මම ටිකක් පැනික් උනාම, වොරි උනාම මේ විදිහට හැසිරෙන බව තියෝ දන්නවා.
"Do you feel sick ?"
"Little bit."
තියෝ මගෙ ලඟට ඇවිල්ලා එහෙම ඇහුවා. අද එයා ලස්සනයි නිල් පාට වෙස්ට් කෝට් එකයි, බ්ලේසර් එකයි, කලිසමටයි. සුදු ජාතික කෙනෙක් නිසා එයා කොහොමත් හැන්ඩ්සම්.
ටක් ටක්..
පිටිපස්සෙන් ඇහුණු හීල්ස් දෙකක සද්දෙට මමයි තියෝයි ඔළුව හරවලා බැලුවා. හේෂාන් මගක ඉඳන් බලන් ඉද්දි රාදිතා අපි ඉස්සරහටම ආවා. මේ වතාවේ රාදිතා මොන වගේ අරමුණකින් මං ලඟට එනවද මම දන්නෑ. ඒත් එයා මොනවා හරි කිව්වොත් මට අනිවාර්යයෙන්ම මෙතන කලන්තයක් වත් හැදෙනවා. මොකද ඒ තරම්ම මම අපහසුවෙන් ඉන්නේ.
"හේෂානුයි මායි මහීකටයි මහීෂාටයි කියලා ආවේ යනවා කියලා. ඒත් ඔයාටයි ඔයාගෙ Boyfriend ටයි කියන්න අමතක උනානේ. ඒකයි ආවේ."
රාදිතා තියෝට 'ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්' කියලා ඉන්ට්‍රිඩියුස් කරපු එක හේෂාන් ඇහුණා. ඒ ඇස් මගෙ පැත්තට හැරිලා ඒ වෙද්දිත්. කළු ශර්ට් එකට තද කොළ පාට බ්ලේසර් එකක් දාලා එයා තියෝන් පරද්දන තරමට ලස්සනයි අද. ඇත්තම කතාව නම් හේෂාන් යුවසිංහ කියන්නේ ලංකාව කියන පුංචි රටේ නම්බර් වන් බිස්නස්මන් විතරක්ම නෙවෙයි. ලංකාවේ ලස්සනම පිරිමි ළමයාත් එයා. මට විතරක් නෙවෙයි, දකින ඕනිම කෙනෙක්ට බයක් සැකක් නැතුව කියන්න පුළුවන් ඒක.
හේෂාන් දිහා බලන් හිටපු මාව එකපාරටම දෙපැත්තට වැනෙන්න ගත්තේ ඇස් දෙකත් බොඳ වෙලා යද්දි. මට කෙලින් හිටගෙන ඉන්න අපහසුයි කියලා තේරුණ නිසා තියෝන් මගෙ අතෙන් අල්ලගත්තා. එයාගෙ අත තදින් අල්ලගෙන මම බිම බලාගත්තේ ඇස් වල පෙනීම හරි යනකම්. ටික වෙලාවක් යද්දි මගෙ පෙනීම යථාතත්වෙට පත් උනා. ඉතින් මම රාදිතාගේ පැත්ත බැලුවේ එයාට යන්න කියන්න හිතන්. ඒත්..
මම දැක්කා ඒ තද අළුපාට ඇස් අමුතුම තරහකින් පිරිලා තියෙන විදිහ. ඒ වගේම ඒ ඇස් එල්ල වෙලා තිබුණේ කොහෙටද කියලාත් මම හොඳටම දැක්කා. මාව වැටෙන්න නොදී මගෙ අල්ලෙන් තද කරන් අල්ලන් ඉන්න තියෝගේ අතටයි හේෂාන්ගෙ බැල්ම යොමු වෙලා තිබුණේ. ඒ ඇස් මම මීට අවුරුදු අටක් ආදරේ කරපු හේෂාන්ගෙ තරහින් පිරුණු ඇස් වගේ. ඒත් ඇයි ඔයා මේ තරම් තරහින්. ඔයා ටනාෂියා එක්ක එච්චර දුර ගිහින් තියෙනවා නම් තියෝන්ට මගෙ අතින් අල්ලන්නවත් බැයිද ඔයා ඉස්සරහා. ඒ කියන්නේ ඔයා ඉරිසියයිද මාව වෙන කෙනෙක් අල්ලනවට. ඒ ඉරිසියාව ඇති වුණේ ඔයා තාමත් මට ආදරේ නිසාද ?
"හරි.. ඔයාලා යන්න."
"Okay."
රාදිතා එහෙම කියලා එතනින් ගියා. ඒත් හේෂාන්ගෙ ඇස් තවමත් මගෙයි තියෝගෙයි දිහාවට තිබුණේ. හේෂාන් එන්නෙම නැති නිසාද කොහෙද රාදිතා ඇවිත් එයාට කතා කලා. රාදිතාගේ අත එයාගෙ උරහිසට වදිද්දිම එයා ලාවට ගැස්සුනා.
"මින්දි.. Let's go."
"හ්ම්ම්.."
එයාලා එයාලගෙ කාර් එක ලඟට යද්දි මායි තියෝනුයි මගේ කාර් එක ලඟට ගියා. මාව කාර් එකට දාපු තියෝ එයාගේ කාර් එකට ගියා. ඩ්‍රයිවර් එක්ක මම ගෙදර යන්න පිටත් උනා.
මොන දේ නැතත් මට එක දෙයක් තේරෙනවා. තියෝ හේෂාන් ඉස්සරහා හිතලමයි මාව ඇල්ලුවේ. ඒ වගේම හේෂාන් කැමති නෑ මම තියෝට ලං වෙනවට. ඒ කියන්නේ තියෝයි හේෂානුයි, දෙන්නට දෙන්නා අකමැතියි. ඒ වගේම ජෙලස්. බැරි වෙලාවත් මම නැති වෙලාවක තියෝව හේෂාන්ට හම්බුණොත් මොනවායින් මොනවා වෙයිද දන්නෑ. මොකද මම හේෂාන්ව මගෙ ජීවිතෙන් අයින් කලත් එයා මගෙ Ex නිසා මම හොඳටම දන්නවා එයාගෙ හැටි එදා ඉඳන්ම.
........
"හේෂාන්.. කව්ද තියෝන් කියන්නේ ?"
"මම දන්නෑ."
යන ගමන අතරතුර රාදිතා අහද්දි හේෂාන් ඒ විදිහට උත්තර දුන්නේ ඇස් අහකට හරවන්. රාදිතා විශ්වාස කලා තියෝන් මින්දිගේ අලුත් බෝයිෆ්‍රෙන්ඩ් කියලා.
"ඔයා ගෙදර යන්න රාදි.. මම මෙතනින් ඔෆිස් එකට යනවා."
යුවසිංහ ගෲප් එකේ බිල්ඩින් එක ඉස්සරහම කාර් එක නවත්තලා තියෙද්දි හේෂාන් කාර් එකෙන් එළියට බහින්නයි හැදුවේ. ඒත් රාදිතා කොල්ලගෙ අතින් අල්ලගත්තා.
"Why ?"
"ඔයාට ජෙලස්ද තියෝන් මින්දිව ටච් කරපු එකට ?"
රාදිතා එහෙම අහද්දි හේෂාන් මුකුත් නොකියා හිනා වෙලාම කාර් එකෙන් බැස්සා. රාදිතා ග්ලාස් එක පහත් කරලා දොරේ එල්ලිලාම කොල්ලා උත්තරයක් දෙනකම් බලන් ඉන්නවා.
"මොකටද. මට අදාල නෑ ඒක."
"ඒත් ඔයා එවෙලේ හිටියේ වෙනම කල්පනාවක. ඔයා ඒ කල්පනා කලේ තියෝන් ගැන නෙවෙයිද ?"
"මම කිව්වනේ රාදිතා. මට එයා ගැන කිසිම Interest එකක් නෑ."
හේෂාන් එහෙම කියලා එතනින් යද්දි රාදිතා ඉක්මනින්ම කාර් එකෙන් බැස්සා. කෙල්ලට ඕනි උනා හේෂාන්ට කියන්න තියෝන් මින්දිගේ අලුත් බෝයිෆ්‍රෙන්ඩ් කියලා.
"හේෂාන්.. තියෝන් කියන්නේ මින්දිගෙ අලුත් බෝයිෆ්‍රෙන්ඩ්."
"රාදි !!"
හේෂාන්ට තරහා ගිහින් සද්දෙන් එහෙම කතා කරද්දි රාදිතා ගැස්සිලා ගියා. එන්ට්‍රන්ස් එකේ එහෙට මෙහෙට ගියපු මිනිස්සුත් බය වෙලා වගේ බලන් හිටියේ වෙනදා නැතුව හේෂාන්ට තරහා ගිහින් ඉන්න නිසා.
"හේෂාන් ?"
"I'm sorry. ආයෙ මට ඔය වගේ වැඩක් නැති දේවල් කියන්න එපා."
එහෙම කියපු හේෂාන් එන්ට්‍රෙන්ස් එකෙන් ඇතුලට ගියා. රාදිතා බලන් හිටියේ ඒ නොපෙනී ගියපු රුව දිහා. ගෙවුණු මාස එකොළහට රාදිතා හරි සතුටින් හිටියේ මින්දි පේනතෙක් මානෙක නැති නිසා. ඒත් මින්දි ආයෙමත් හේෂාන් ඉස්සරහට එද්දි රාදිතාට ඉවසන්න බෑ.
'ඔයා හිතන්න එපා මින්දි මම මේ ගේම් එක අත ඇරියා කියලා. හේෂානුයි ඔයයි වෙන් උනා. හැබැයි හේෂාන්ගෙ හිත තාමත් ඔයා ළඟ. ඒකත් කඩලා බිඳලා දාන්න නම් මට තියෝන්ව මේකට ගාවගන්නම වෙනවා'
'වැඩි දවසක් යන්න කලින් ඔයාව හේෂාන්ට කුණු ගොඩක් වෙයි මින්දි. බලන් ඉන්නවා. මේ රාදිතා සයිලන්ට් එකේ බලන් ඉන්නේ ඒ දේ වෙනකම්'
ලාවට කට කොනේ හිනාවක් ඇදෙද්දි රාදිතා එහෙම හිතන් ආයෙමත් කාර් එකට නැග්ගා. දැන් කෙල්ල මිස් යුනිවර්ස් උන නිසා වැඩිය එළියට බහින්න බෑ. අනික ගොඩාක් ඉවෙන්ට්ස් කට් කරලා තමයි කෙල්ල අද මේ ගමනටත් ආවේ. මහීකයි මහීෂායි දෙන්නාව රාදිතා අඳුනනවා ඒ කාලේ ඉඳන්ම. මොකද කෙල්ල අඳින ගොඩාක් ඩිසයින් ඩී මාර්ටිනස් එකේ ඩිසයින් තමයි. ඒ හින්දම කෙල්ලට නොයා ඉන්න බෑ මේ වගේ ඉවෙන්ට් වලට.
ටික වෙලාවක් ගියා..
මම හීල්ස් දෙකත් තනි අතින් ගලවන ගමන්ම සාලෙට ආවා. දැන් ඉතින් ඈශ්ලි නැට්ට වගේ මගෙ පස්සෙන් තමයි. එයා මාත් එක්ක යන්න එන්නෙ නැත්තේ බාත්රූම් එකට විතරයි. සමහර වෙලාවට බාත්රූම් එක අයිනේ ඉඳන් එයා කියෝනවා. මම ඇතුළෙ ඉඳන් අහගෙන ඉන්නවා.
"මෑම්.."
"Yes ?"
"මම දැක්කා හේෂාන් සර්ට තරහා ගිහින් ඉන්නවා."
"කොයි වෙලේද ?"
"තියෝන් සර් මෑම්ගේ අතින් අල්ලපු වෙලේ. මම පිටිපස්සෙ ඉඳන් බලන් හිටියේ. ඇත්තටම ඇයි මෑම් හේෂාන් සර්ට එච්චර තරහා ගියේ. හේෂාන් සර් මෑම්ගේ කවුරුවත් නෙවෙයිනේ."
මං සෝෆා එකකින් ඉඳගෙන හීල්ස් දෙක ගලවලා පැත්තකින් තියද්දි ඈශ්ලි එහෙම කිව්වා. අද වෙනකම් කාත් එක්කවත් හරියට කතා නොකරපු එකේ ප්‍රතිපලය මේක. ඈශ්ලි දන්නේ හේෂාන් මගෙ හිතවත් කෙනෙක් කියලා විතරයි. ඒත් කෙල්ලට අද අමුත්තක් තේරිලා තියෙනවා එයා ඇස් දෙකට දැකපු දේ නිසා.
"ඔයා එහෙමද හිතන් ඉන්නේ ?"
කකුල් දෙක උඩින් වැලමිට තියන් මම ඉස්සරහා දොර පැත්ත බලාගත්තා. ඈශ්ලි විතරයි මගෙ සමීපතමයෙකුගේ හැටියටවත් දැනට මේ ගැන දන්නෙ නැති එකම කෙනා.
"ඇයි ඒක වැරදිද මෑම් ?"
"ඔව් සම්පූර්ණයෙන්ම වැරදියි."
"ඇයි ?"
ඈශ්ලි මගෙ රහස් පිටට දෙන්නෙ නෑ. මම මේ දේ කිව්වත් නොකිව්වත් එයාගෙන් පිට යන්නෙ නෑ. ඒ නිසා මම හිතුවා එයාගෙ මේ සැකය දුරු කරන්න. හැබැයි මේ දේ දැනගත්තම එයාගේ රියැක්ෂන් එක කොහොම වෙයිද කියලා මට හිතාගන්න බෑ.
"හේෂාන් කියන්නෙ මගෙ Ex."
"What 😱."
මට හිතුණා ඈශ්ලි එහෙම රිප්ලයි එකක් දේවි කියලා. ඈශ්ලිගේ පුදුමයේ තරම කියනවා නම් එයාගෙ ඇස් පුපුරන තරමට ලොකු වෙලා.
"එතකොට මෑම් සර්ට ඩේට් කරාද ?"
"ඔව් අපි Eight years ඩේට් කලා."
"මට නම් අදහන්නත් බෑ."
"බැරි උනත් ඒක තමයි ඇත්ත."
ඈශ්ලි ටැබ් එකත් අතේ තියන් ලොකු කල්පනාවක්. එයාවත් ඒ තරමට ආදරේ කරලා නැතුව ඇති අවුරුදු ගාණක්. ආපස්සට හැරිලා බලද්දි වර්තමානයේ ඉන්න මටත් හේෂානුයි මායි අවුරුදු අටක් ආදරේ කරාද කියන එක විශ්වාස කරන්න අමාරුයි.
"අපි ලිවින් ටුගෙදර් කලා මම සිඩ්නි යන දවස වෙනකන්ම. ඒත් එදා එයා මගෙන් ගිවප් උනා රාදිතා මැරි කරන්න වෙන නිසා."
"අනේ.. I'm sorry මෑම් ඇහුවට 🥺."
"කමක් නෑ. දැන් මම අඬපු කාලය ඉවරයි ඈශ්ලි. මම ආයෙ ඒවා මතක් කරන් අඬන්නෙ නෑ. මම මටම ප්‍රොමිස් උනා."
"ඇත්තටම මෑම් හරි ශක්තිමත්. මම උනා නම් ඕවා මතක් කර කර හැමදාම අඬනවා. අවංකව ආදරේ කළාම, අපේ වැරැද්දක් නැතුව අපි ආදරෙන් පැරදුනාම හිතට ලොකු දුකක් එනවා මෑම්."
"හ්ම්ම්.. මම දන්නවා ඒ ෆීලින්ග් එක. ඒක තමයි ලෝකෙ තියෙන Worst ම ෆීලින්ග් එක."
එහෙම කියලා මම සෝෆා එකෙන් නැගිටලා හීල්ස් දෙක අතට ගත්තා. ඔව් මම කිව්ව එකට මගෙ හදවතත්, මොළයත් එකඟයි. වැරැද්දක් නොකර චෝදනා ගොඩාක් පැටවිලා ආදරෙන් පැරදුනාම හිතට දැනෙන වේදනාව ඉවසන්න හරි අමාරුයි. ඒ වගේම ඒ වෙන් වුණ අය ආයෙමත් අපේ ඇස් ඉස්සරහට ඇවිත් අපිව රිද්දද්දි අපිව පුළුවන් තරම් අඬවද්දි දැනෙන වේදනාව ඉවසන්න බැරි තරම්. පුළුවන් අය ඒ කට්ට කාගෙන ජීවත් වේවි. ඒත් බැරි අය හරි ඉක්මනින් ජීවිතෙන් සමුගනීවි වේදනාවෙන් ඇති වුණ තුවාල නිසාම.
ඈශ්ලිට තවත් කිසිම දෙයක් නොකියා මම මගෙ රූම් එකට ගියා. මාස එකොළහක් මම සතුටින් හිටියා කිසිම ප්‍රශ්නයක් නැතුව. එතකොට මගෙ දුක හැංගිලා තිබුණේ. ඒත් දැන් හේෂාන් එක්ක බිස්නස් ඩිස්කශන් එකට ගියා විතරයි මගෙ හිත අමුතුම හැඟීම් වලින් පිරිලා. බාත්රූම් එකට ගිහින් මම ගවුම ගැලෙව්වේ රෝසමල් පෙති පිරුණු බාත් ටබ් එකට බහින්න හිතන්. ඒත් හිටිහැටියෙම මම නැවතුණේ බිත්තියේ තිබුණු උස කණ්නඩිය ඉස්සරහා.
ඇදයක්, කැළලක් වත් නැති මගෙ ඇඟ සම්පූර්ණයෙන්ම එකම වර්ණයකින් නිර්මාණය වෙලා තිබුණේ. මම විතරක් දැකලා තියෙන මේ ඇඟ මාත් එක්ක අවුරුදු අටක් එකට හිටපු හේෂාන්වත් මුළුමනින්ම දැකලා නෑ. ඒ වගේම මමත් රාදිතා වගේ ලස්සන ඇඟකට උරුමකම් කියන කෙල්ලෙක්. ඒත් මගෙ මේ ඇඟේ පිට තියෙන ලස්සන ඇතුලාන්තයෙන් ඒ විදිහට තිබුණේ නෑ. මගෙ ඇතුලාන්තයේ තියෙන්නේ පැලැස්තර වලින් වහපු ගැඹුරු තුවාල විතරමයි. ඒ තුවාල වහලා තියෙන පැලැස්තර වල බෙහෙත් බිඳක් ගෑවිලාවත් නෑ. ඇත්තටම කතාව නම් ඒ පැලැස්තර මම ගහ ගත්තේ මගෙ තුවාල හොඳ කරගන්න නෙවෙයි, තුවාල වහගන්න විතරයි.
අලුත් දවසක් 🌿🌻🦋..
සුදුපාට ශර්ට් එකක් ඇඳලා ඒකට උඩින් ට්‍රවුසර් එකකුත් ඇඳලා මං වෙනදා දාන කර්ල් හෙයාස්ටයිල් එකම දාගෙන ලෑස්ති වුණේ ඔෆිස් එකට යන්න. දවස් ගාණක් නිවාඩු ගත්තා හොඳටම ඇති. හොඳ නායකයෙක් නම් නිදහසට වඩා හාර්ඩ් වර්කින් ඕනිමයි. ඉතින් මම ඩී මාර්ටිනස් බ්‍රෑන්ඩ් එකට හොඳ නායකයෙක් වෙන්න ඕනි.
කම්පැනි එක ඉස්සරහින්ම බැහැලා මම පොකට් දෙකට අත් දෙක දාගෙන එන්ට්‍රෙන්ස් එකෙන් ඇතුලට ගියා. දැන් තමයි මට 'Good morning' කියන වචනේ වැල් පිටින් ඇහෙන වෙලාව.
"Good morning මෑම්."
ඉස්සෙල්ලාම මගෙ ලඟට දුවන් ආපු ඈශ්ලි කිව්වා.
"Good morning මැඩම්."
"Good morning madam. Have a nice day."
මාව දකින හැමෝම එහෙම කියන් යද්දි මට මුලදි හිතුනෙම ඒ හැමෝටම රිප්ලයි කරන්න. ඒත් අයියයි අක්කයි කියලා දුන්නා පොඩි පොඩි අයට ග්‍රීට් කරාම එයාලා කරේ නගින්නත් එනවා කියලා. ඒ වගේම CEO උනාම ලොකුකමට නපුරු විදිහට ඉන්න ඕනි කියලාත් එයාලා කිව්වා. කොච්චර කිව්වත් ඉතින් මට මගෙ කලින් ගතිගුණ යවන්න අපහසු උනා. ඒත් කොහොම හරි මම මගේ හොඳ පෙනුම යට ගහලා කොහෙවත් නැති නපුරුකමක් ඉස්මතු කරගත්තා.
ග්‍රීට් කරපු හැමෝටම මම ඔළුව වනලා මගෙ ඔෆිස් එකට ගියා. ඉස්සර යුවසිංහ ගෲප් එකේදි තිබුණා වගේම මගෙ රූම් එකම සුදුපාටයි. මේසෙ උඩ තියෙන පතොක් පැලේ, බිම තියෙලා තියෙන බිගෝනියා පෝච්චි දෙක දිහා මම දහස් වතාවකටත් වඩා බලන් ඉඳලා ඇති. වැඩි වෙලා ඉන්නෙ නැතුව මම ගිහින් පුටුවෙන් ඉඳගත්තේ ඩයරි එකත් අතට ගන්න ගමන්. පෑන් තුඩෙන් ඩයරියේ ලියලා තිබුණු චෙක් බොක්ස් එක දිගේම මම ඇස් පහලට ගෙනිච්චා. සේරම බොක්ස් වල හරියක් වැටිලා තිබුණත් පහලම එකක හරියක් නෑ. ඒ තමයි,
"මෑම්.. ඩිසයිනින් සෙක්ශන් එකට අලුතෙන් එම්ප්ලෝයිස්ලා ඇවිත්. ඒ වගේම අලුත් ඩිරෙක්ටර් කෙනෙකුත් ඇවිත්."
චෙක් බොක්ස් එකේ ඉතුරු වෙලා තියෙන ඒ දේ ඈශ්ලි මගෙ රූම් එකට ඇවිත් හරියටම කිව්වා. සාමාන්‍යයෙන් මම ඔය වගේ සුළු වැඩ බලන්න යන්නෙ නෑ. ඒත් මට හිතුණා ළඟදි දවසක, හැම සෙක්ශන් එකක් පැත්තටම ගිහින් වැඩ පිළිවෙළට පිරිසිදුව වෙනවද බලන්න.
"මෑම්ට බලන්න යන්න ඕනි කිව්වා නේද. දැන් මෑම් යනවද ?"
"Yeah.. let's go."
මම එහෙම කියලා ටේබල් එකෙන් නැගිටලා දොරෙනුත් එළියට ගියා. ඈශ්ලිත් මගෙ පස්සෙන් නැට්ට වගේ එනවනේ. ඉතින් මං එයා එක්ක ඩිසයිනින් සෙක්ශන් එකට ගියා. වීදුරු කොරිඩෝවකින් සමන්විත ඒ ඩිසයිනින් සෙක්ශන් එක අනිත් කොටස් වලට වඩා ලොකු ඉඩක් අරන් තිබුණා. සාමාන්‍යයෙන් අපේ ගාමන්ට් වලට යවන ඩිසයින් හැදෙන්නේ මෙතනින් තමයි.
"හාහ්.. කොහොමද ඉතින්."
එකපාරටම මගෙ පිටිපස්සෙන් ඇහුණු හුරු පුරුදු කටහඬට මම හැරුණා. දණහිස ලඟට කහපාට අත් නැති කොට ගවුමක් ඇඳන් ක්‍රිෂ්නි මගෙ ඉස්සරහාට එනවා. හරි පුදුමාකාර හමුවීමක් මේක. මම හිතන්නේ ඉස්කෝලෙන් පස්සෙ පළවෙනි වතාවද කොහෙද මේ මෙයාව මට හම්බුණේ. සමහරවිට මෙයා අද අලුතෙන් එන්න ඇති.
"ක්‍රිෂ්නි.. How have you been ?"
"Im okay.. more than you."
ලොකුකමට කටකොනින් හිනාවක් මවාගෙන ක්‍රිෂ්නි එහෙම කියද්දි ඈශ්ලි හැදුවේ ක්‍රිෂ්නිට කියන්න 'CEO ට ඔහොමද කතා කරන්නේ' කියලා. ඒත් මම කෙල්ලට ටිප් එකක් දීලා කිව්වේ සයිලන්ට් එකේ ඉන්න කියලා. මොකද මට දැනගන්න ඕනි කලින් ක්‍රිෂ්නිමද මේ කියලා.
"ඔයා අලුත් එම්ප්ලෝයි කෙනෙක් නේද. අර ගියපු ගර්ල් වෙනුවට ඒ සීට් එකට ආවේ ඔයානේ."
"ඔයා කැමති නම් එහෙම හිතාගන්න."
මම එහෙම කියද්දි ක්‍රිෂ්නි සද්ද නැතුව බලන් හිටියා. හැබැයි ඒකත් ටික වෙලාවයි. ඊට පස්සෙ එයා කිව්ව දෙයින් මම හොඳට තේරුම් ගත්තා එයා පරණ ක්‍රිෂ්නිමයි කියලා.
"එහෙමද. ඔයා දන්නවද මම කව්ද කියලා ?"
"නෑනේ. ඇත්තටම ඔයා කව්ද ?"
"මම තමයි කුරුණෑගල බ්‍රාන්ච් එකේ ඩිසයිනින් සෙක්ශන් එකේ ඩිරෙක්ටර්. මගෙ කොලිෆිකේශන් හොඳ නිසයි මම මේ තැනට ආවේ. මම හිතන්නේ නෑ ඔයාට මගෙ තැනට එන්න පුළුවන් වෙයි කියලා."
"එහෙමද."
"ඔව්.. දැන් මම ඔයාලගේ ඩිරෙක්ටර්. So අද ඉඳන් ඔයා මට මැඩම් කියන්න පුරුදු වෙන්න."
මම කිව්ව නිසාදෝ ඈශ්ලි ඉවසන්නේ. නැත්තම් කෙල්ල කෙලින්ම කියනවා 'Get out from there' කියලා. මොනවා උනත් ක්‍රිෂ්නි හොඳටම ලැජ්ජ වෙන්න යන බව මට තේරුණා.
"ඔයා තවත් මෙතන හිටන් ඉන්න එපා. දැන්ම වැඩ පටන් ගන්න."
"මෙහෙ ?"
"ඇයි මට මැඩම් කියන්න බෑ වගේද."
ක්‍රිෂ්නි මගෙ මූණට ලංවෙලා එහෙම කියද්දි මම කට කොනින් හිනාවක් දැම්මා. මෙච්චර නාඩගමක් නටලත් මේ කෙල්ලට තේරෙන්නෙ නැද්ද තාමත්, මම මේ කම්පැනි එකේ CEO කියලා.
"එහෙම එකක් නෑ. ඒත් ඔයා ඒකට සුදුසු නෑ."
මම ඇසුත් හීන් කරන් එහෙම කියද්දි ක්‍රිෂ්නි මට පෙරලාම හිනා උනා හයියෙන්. අයියා හරි අක්කා හරි දැක්කොත් අනිවාර්යයෙන්ම මෙයාව රිසයිනඩ් කරලා දානවා.
"ඕෆනේජ් එකේ වගේම තමුන්ගෙ තාමත් ලොකුකම නේ. මතක තියාගන්නවා. මම මේ සෙක්ශන් එකේ ඩිරෙක්ටර්. තමුන් මම කියන විදිහටයි වැඩ කරන්න ඕනි."
ක්‍රිෂ්නි එහෙම කියද්දි මම සද්ද නොකර ග්ලාස් එකෙන් එළිය බලාගත්තා.
"මට මෙතන තමුන් එක්ක කතා කර කර ටයිම් එක Waste කරන්න බෑ. ඉක්මනින් තමුන් ගිහින් තමුන්ගෙ වැඩ පටන් ගන්නවා. ඒ වගේම මතක තියාගන්නවා අද ඉඳන් මට මැඩම් කියන්න."
එහෙම කියපු ක්‍රිෂ්නි එතනින් ගියේ ඩිසයිනින් සෙක්ශන් එකට. ක්‍රිෂ්නි යනකම් ඉඳලා ඈශ්ලි මට ලං උනේ 'මොකක්ද ඒ කරේ මෑම්' කියලා අහන්න වෙන්න ඇති. ඒත් මං ඈශ්ලිට මුකුත් කියන්න නොදී අතින් සංඥා කලේ සයිලන්ට් එකේ ඉන්න කියලා.
ක්‍රිෂ්නි යන පස්සෙන්ම මම සෙක්ශන් එකට ඇතුළු වුණා. මට ඉස්සරහින් යන ක්‍රිෂ්නි ලොකුකමින් ඇවිදගෙන ගියා. ටික වෙලාවක් යද්දි එතන හිටපු හැම Worker කෙනෙක්ම පුටුවලින් නැගිට්ටේ තත්පරයක් යන්නත් කලින්. ඔව් එයාලා එහෙම පුදුම වෙන්න ඕනි. මොකද මේ CEO මාස ගාණකට පස්සෙද කොහෙද සෙක්ශන් එකට ආවේ.
"Sit down all."
ක්‍රිෂ්නි එහෙම කියලා අත වනද්දි හැමෝම ක්‍රිෂ්නි දිහා බලන් හිටියා. දැන් එයා හිතන් ඉන්නේ මෙතන ඉන්න එකම මැඩම් එයා කියලනේ. ඒත් එයා දන්නෙ නෑ එයාගෙ ඩිරෙක්ටර්ගෙත්, ඒ ඩිරෙක්ටර්ස්ලාගේ එම් ඩී ගෙත් මැඩම් මම කියලා.
"මැඩම්.."
"Why ?"
"මින්දි මැඩම්."
එහෙම කියලා ගෑනු ළමයෙක් ක්‍රිෂ්නිට අතින් මාව පෙන්නුවේ මගෙ දිහාත් හොරෙන් බලන ගමන්.
"මැඩම් ?"
ක්‍රිෂ්නි එහෙම ඇහුවේ මට එයාලා මැඩම් කියන්නෙ ඇයි කියලා අහන්න වෙන්න ඇති.
"ඔව්.. මේ ඉන්නෙ අපේ කම්පැනි එකේ CEO. මිස් රූපසිංහ කියන්නේ මින්දි මැඩම්ට."
ඒ ගෑනු ළමයා එහෙම කියද්දි ක්‍රිෂ්නි මගෙ පැත්තට හැරුණා. මම නොවෙනස්ව ට්‍රව්සර් එකේ පොකට් දෙකටත් අත් දෙකම දාගෙන හිටියා. මම බලන් ඉන්න විදිහ දැකලද කොහෙද ක්‍රිෂ්නිගේ අතේ තිබුණු කොළ ටික බිමට වැටුණා.
"Sit down all."
මම එහෙම කියද්දි තමයි හැමෝම ඉඳගත්තේ. මීට කලින් ක්‍රිෂ්නි මම කිව්ව දේම එයාලාට කිව්වත් ඒ අය එයා කියන දේ ඇහුවේ නෑ මගෙ අණ පිලිපැද්දා මිසක්. මේක තමයි මගෙ බලය. ඩී මාර්ටිනස් බ්‍රෑන්ඩ් එකේ CEO වුණ මින්දි අමේලියා රූපසිංහගේ බලය.
එකපාරටම ක්‍රිෂ්නි නැවිලා ඒ වැටුණු පේපර්ස් ටික අහුලන්නයි ගියේ. ඒත් ඊට කලින් මගෙ හීල් එක ඒ සුදු පාට කොල උඩ තද වුණා. ඉබේටම උනා නෙවෙයි මම ඒක හිතලම කලා. මොකද මම දන්නවා මගෙ හීල් එකේ අඩිය Dirty වෙලා නෑ.
ක්‍රිෂ්නි ලැජ්ජාවේ අහක බලාගෙන. මම කට කොනේ හිනාවක් පෙන්නුවේ අනිත් Workers ලා ඉදිරියේ ක්‍රිෂ්නිට කලින් යාළුවෙක් වගේ කතා කරන්න බැරි නිසා. මොන කම්පැනි එකේ CEO උනත් මේ මින්දිගේ කලින් ගතිගුණ වෙනස් වෙලා නෑ තවමත්. ඒ කාලෙත් අදත් එයාලා අද මට මොන විදිහට කතා කලත් මම එයාලට කතා කරන්නේ කලින් මින්දි වගේම මනුස්සකමින්. මේ නපුරු CEO නිකන්ම නිකන් රඟපෑමක් විතරමයි.
"Apologies එපා මට. ඔයා ඔයාගෙ වැඩ ටික කරන් යන්න ක්‍රිෂ්නි."
එහෙම කියපු මම පේපර්ස් උඩින් හීල් එක අරගත්තා. තවත් වෙලා ක්‍රිෂ්නිව අපහසුතාවයට පත් නොකර මම එතනින් ආයෙමත් ආවා මගෙ ඔෆිස් එකට. මගෙ පස්සෙන් ආපු ඈශ්ලි මම පුටුවෙන් ඉඳගද්දිම කියවන්න ගත්තා.
"මෑම් ඇයි ඒ ගර්ල්ට, මෑම්ට එහෙම කතා කරන්න දුන්නේ ?"
"එයා මගෙ කලින් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඈශ්ලි."
"But ඒ ගර්ල් කතා කරපු විදිහ. මහීක සර් දන්නවා නම් රෙසිග්නේෂන් දෙනවා එවෙලෙම. Definitely."
"කමක් නෑ. ඒකෙන් එයා තේරුම් ගත්තනේ මම දැන් කව්ද කියලා. මට ඒ හොඳටම ඇති."
එහෙම කියපු මම ලැප් එක ඔන් කරලා අද දවසේ මට තියෙන හැම වැඩක්ම ගානට ටයිම් බැලන්ස් කරලා ප්ලෑන් කරන්න පටන් ගත්තා. ඒත් ඈශ්ලි මගෙ දිහා බලන් ඉන්නවා පුදුමෙන් වගේ.
"මම මෑම් උනා නම් ඉවසන්නෙ නෑ පොඩ්ඩක් වත්. ෆ්‍රෙන්ඩ් කෙනෙක් නම් ඔයාට ඔහොම කතා කරනවද 😤."
"ඈශ්ලි තාම මම කව්ද කියලා දන්නෙ නෑ. ඒ වගේම ඈශ්ලිට වගේ හොඳ යළුවෝ මට හම්බුණේ නෑ. හැමෝම මට ට්‍රීට් කලේ නෙගටිව් විදිහට. ආයෙ මගෙන් මේ ගැන අහන්නවත් හිතන්න එපා. Did you understand ?"
"Ah.. yeah."
මම ඈශ්ලි දිහා යටැසින් බලලා එහෙම කියද්දි ඈශ්ලි ලඟම තියෙන සෝෆා එකෙන් ඉඳගත්තේ වෙන වැඩකට අවධානය දෙන ගමන්. ඈශ්ලිට උනත් ඕනෑවට වඩා කියන්න යන්නෙ නෑ මං. හැමෝම අතේ දුරින් තියාගන්න ඕනි මොන දේ නැතත්. මොකද මට බෑ කලින් මින්දි වගේ පරණ මතක අවුස්සගෙන අඬන්න.
............................................... 🖤 ...
කතාව ටිකක් දිග් ගැස්සෙයි ලමයි. මේක මම ලිව්වෙ එහෙම වෙන්න තමා. ඒත් ඒ දිග්ගැස්සෙන්නෙ විකාර ලියලා නෙවෙයි, ප්‍රශ්නයි අබිරහසුයි විසඳලා 🫠
කමෙන්ට් එකක් දාන් යන්න හැමෝම 🌷
Sachy Collins