Spring is far away - 66

Spring is far away - 66

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 66  |  We are not strangers 2

Previous


"ඇයි හිනා වෙන්නේ ?"


"අනේ මේ.. ඔයා දන්නවනේ මම යුවසිංහ හොටෙල් එකට එහෙම යන්න කැමති නෑ කියලා. ඒත් මට අපේ රන්වේ එකට ඕගනයිස් කරපු ස්ටේජ් එකයි ඩෙකරේශන්ස් ටිකයි බලන්න යන්න ඕනි. ඒකයි මේ ඔයාවත් එක්කන් යන්න හදන්නේ. නැතුව මට හේෂාන් බලන්න යන්න උවමනාවක් නෑ තියෝ."


"හ්ම් හ්ම්.. මං එන්නම්."


"එනවනේ."


"ඔව්.. ගේට් එක ඉස්සරහට ඇවිත් ඉන්න ෆයිව් මිනිට්ස් ගිහාම."


"ඕකේ."


එයා හේෂාන් ඩ්‍රයිව් කරනවාටත් වඩා වේගෙන් ඩ්‍රයිව් කරනවා. ඉස්සර මට තිබුණු බය දැන් ඩබල් වෙලා ඒ නිසා. හැබැයි මං එක්ක යද්දි නම් එයාට එහෙම යන්න දෙන්නෙ නෑ මං. කෝල් එක අරන් ඉවර වෙලා මම ඈශ්ලිගෙ පැත්තට හැරුණා.


"ඈශ්ලි.. මම හොටෙල් එකට යනවා. ඔයා ඔෆිස් එකට ගිහින් බලන්න. අද අක්කා එනවා කිව්වා."


"හරි මෑම්."


එහෙම කියපු මම මගෙ රූම් එකට ගියා. තද රෝස පාට අත් පටි දණහිසෙන් පහලට තියෙන පෙන්සිල් ඩ්‍රෙස් එකක් ඇඳගෙන ඒකටම ගැලපෙන රෝස පාට පොඩි හැට් එක දාලා කොණ්ඩෙත් කර්ල් කරලා සුදු පාට පබලු මාලෙකුත් දැම්මා. දැන් මම ඉස්සර මින්දි නෙවෙයි. මම දැන් ඩී මාර්ටිනස් කම්පැනි එකේ CEO. අනික ඒක ෆැෂන් බ්‍රෑන්ඩ් එකක්, මගෙ අක්කා මොඩ්ල් කෙනෙක්. එහෙව් එකේ මමත් ඒ විදිහට යන්නම ඕනි.


කොහොමත් මම ආසයි වින්ටේජ් ස්ටයිල් එකට. ලංකාවේ ගොඩාක් Celebrities ලා කරන්නේ එකම ෆැෂන් එක, නැත්තම් Uk වල පහුවුණ පරණ ඇඳුම් ඇඳගෙන ඉන්ස්ටග්‍රෑම් වල නළියන එක. ඒත් මම ඒ වගේ නෙවෙයි. මම දැන් ජනප්‍රිය කෙනෙක්. මිනිස්සු මාව අඳුනනවා. ඒත් මම කවදාවත් අනිත් අය අඳින විදිහේ ඇඳුම් අඳින්න ආස නෑ. මම පුළුවන් තරම් බැලුවේ අනිත් අයට වඩා වෙනස් පෙනුමක් ගන්න.


මං යද්දි තියෝ ගේට් එක ගාව. පර්ස් එකත් අතට අරගෙන ඉන්ටර්ලොක් ගල් අතුරපු අඩිපාර දිගේ මම කාර් එක ලඟට ගියා. මම එද්දි මට කාර් එකේ දොර ඇරලා දෙන එකත් තියෝගෙ පුරුද්දක් එදා ඉඳන්.


"වාව්.. අද නිකන් බාර්බි කෙනෙක් වගේ. ඔයාට පින්ක් ලස්සනයි මින්දි."


"ඩාර්ක් පින්ක් අවුලක් නෑ. ඒත් බේබි පින්ක් වලට මම ආස නෑ."


"I know that.. අපි යමුද එහෙනම්."


"Okay.. Let's go."


තියෝ ගියපු විදිහට අපි විනාඩි දහයක් යන්නත් කලින් එතන. අද ටුවරිස්ට්ලා ගොඩාක් ඇවිත් හොටෙල් එකට. ඒ තරමට සුදු ජාතිකයෝ කළු ජාතිකයෝ හැම තැනම වගේ හිටියා. තියෝන් කාර් එක පාක් කරලා බහිද්දි මාත් එළියට බැස්සා.


තියෝන් සුද්දෙක්. ඉතින් එයා එක්ක යද්දි දුඹුරු පාට මාව පේන්නෙ නිකන් තැඹිලි ගෙඩියකට කපුටෙක් වහලා වගේ. හේෂාන් එක්ක යද්දි මම ටිකක් ශේප් උනේ එයා එළියට බැස්ස ගමන් අව්වට රෝස පාටට පේන නිසා. ඒත් තියෝන්ට තියෙන්නේ සුදුමැලි වුණ රට කෙනෙක්ගේ හමක්. ඉතින් එයා එක්ක යද්දි මාව එහෙම පේන එක ගැන වෙන කතා ඕනි නෑනේ.


එදා වගේම අදත් යුවසිංහ හොටෙල් එකේ 'Yuvasinghe Group' කියලා ගහලා තිබුණු ගෝල්ඩ් පාට අකුරු ටික උදේට වැටෙන ඉර එළියෙන් දිළිසෙනවා. මට මතකයි මමයි හේෂානුයි දෙන්නා එදා මීටින් එකට මෙහෙ එද්දි එයා මැනේජර්ට කිව්වා බුද්ධා ස්ටැචූ එකයි ජේසුස් ස්ටැචූ එකයි දෙකක් සයිඩ් දෙකෙන් තියන්න ඕනි කියලා. ඉතින් අද ඒ ස්ටැචූ දෙකම කිරිගරුඬ වලින් හදලා හරි ලස්සනට පරිපූර්ණව. දැන් තිබ්බට වඩා හැමදෙයක්ම වෙනස් උනාට හොටෙල් එක නම් වෙනස් වෙන්නෙ නෑ අලුත් දේවල් එකතු වෙනවා මිසක.


ටික වෙලාවක් හොටෙල් එක දිහා බලන් ඉද්දි මට මතක් උනේ ගොඩාක් කල් අමතක වෙලා තිබුණු මගෙ ජීවිතේ වෙනස් කරපු සිදුවීමක්.


❝ මොකද උනේ මින්දී ❞


❝ රාදිතා.. ආ යූ මෑඩ්. ඇයි එහෙම කරේ ❞


❝ අනේ මං හිතුවා මින්දි බැස්සයි කියලා. මං දැක්කෙ නෑ එයාගෙ අත. මට ඕනි උනේ එයාට හෙල්ප් කරන්න ❞


❝ ඔය ජෙල් එකට ඉක්මනින් අඩු වෙනවා මැඩම්. බය වෙන්න එපා ❞


රාදිතා විසින්ම කැඩුව දකුණු අත දිහා බලන් එදා වුණ ඒ සිදුවීම මම මතක් කලා. රාදිතා හිතන්න නැතුව ඇති මගෙ අත ඒ විදිහට කැඩෙයි කියලා. ඒ වගේම එයා හිතන්න ඇති මගෙ අත ඉක්මනින් හොඳ වෙයි කියලා. ඒත් එයා එහෙම හිතලා තිබුණා නම් එයා සම්පූර්ණයෙන්ම වැරදියි.


❝ මිස්ටර් මහීක.. මින්දිගෙ දකුණු අතේ Metacarpal Bone එකක් කැඩිලා තියෙන්නේ. ඒකයි එයාට ඒ අත සැරෙන් සැරේට කැක්කුම් අල්ලන්නේ ❞


❝ ඒකට මුකුත් කරන්න බැයිද ඩොක්ටර් ❞


❝ පුළුවන් සර්ජරි එකකින්. ඒත් අවුරුද්දක් විතර යනකම් එයාට ඒ අතින් වැඩ කරන්න දෙන්න බෑ. මේ Bone එක කැඩිලා තියෙද්දිත් මින්දි දකුණතට බර දීලා වැඩ කරලා තියෙනවා. ඒ හින්දා කැඩුණු Bone එක හිතුවට වඩා වෙන පැත්තකට මූව් වෙලා. සර්ජරි එක කරත් නැතත් මින්දිට දකුණු අතට කිලෝ දෙකකට වඩා බර දෙන්න බෑ. එහෙම උනොත් අත තවත් පෑරෙනවා. ඔයාලා මොන ඩිසිෂන් එක ගත්තත් මින්දිට බර උස්සන්න දෙන්න බෑ. කොටින්ම කියනවා නම් එයාට මැරි කරපු දවසක එයාගෙ බබාවවත් උස්සන්න බැරි වේවි ❞


ඩොක්ටර් එහෙම කියද්දි අයියා මගෙ මූණ දිහා බැලුවා. ඒක තමයි රාදිතා මට දුන්න අමතක නොවෙන තෑග්ග. අයියා මට අලුත් ගෙදරක් දුන්නා. මම මුලදිම අයියට කියන්නයි හිටියේ මට ඒ ගෙදර තනියම ජීවත් වෙන්න ඉඩ දෙන්න කියලා. ඒත් ඩොක්ටර් හැමදෙයක්ම කිව්වට පස්සෙ අයියා මට ගෙදර වැඩ කරලා දෙන්න අවාරාව ගෙනාවා. සර්ජරි එකත් කරලා වැඩක් වෙන්නෙ නෑ කියලා දැනුණු නිසාම මං ඒක කළෙත් නෑ. ඉතින් අද මම ශක්තිමත් උනත් මගෙ දකුණත ශක්තිමත් නෑ. සමහරවිට මේක වුණේ රාදිතාගේ අතින් කියලා දන්නවා නම් අයියා රාදිතාව ඉතුරු කරන්නෙත් නෑ. ඒ වගේම රාදිතා කරපු දෙයින් මෙච්චර දෙයක් උනා කියලා දැනගත්තා නම් හේෂාන් ඉවසන්නෙත් නෑ.


කොහොම හරි අපි හොටෙල් එක ඇතුලට ගියා. පහල තියෙන ෆන්ශන්ස් වලට හදපු ඒ හෝල් එක අපි හිතපු විදිහටම සුදු පාටින් හදලා තිබුණා. දිගට හදලා තියෙන රන්වේ ස්ටේජ් එක, පිටිපස්සෙ ලොකු ස්ක්‍රීන් එක, මේ හැමදෙයක්ම හරි ලස්සනට ඕගනයිස් කරලා තිබුණා. දැන් ඉතින් අනිද්දා තියෙන රන්වේ එක ලංකාවේ තියෙන හොඳම රන්වේ එක වේවි.


"මේ හේෂාන්ගෙ ෆැමිලි ෆොටෝ එකද ?"


තියෝන් කොරිඩෝ එකක එල්ලලා තිබුණු යුවසිංහ ෆැමිලි ෆොටෝ එක ඉස්සරහින්ම නැවතිලා එහෙම ඇහුවා. මමත් එයා එක්ක නැවතුණේ ඒ ගෝල්ඩ් පාට බිත්තියේ මැද එල්ලලා තිබුණු A0 සයිස් එකේ ෆොටෝ එක ඉස්සරහා.


"ඔව්.. අම්මයි තාත්තයි මල්ලියි අයියයි."


තියෝන් හැමෝම දිහා බලන හැටි මම දැක්කා. එයා මාරුවෙන් මාරුවට හේෂාන්ටයි තාත්තටයි ඇස් යොමු කරද්දි මම බැලුවේ ෆොටෝ එකේ තාත්තා ලඟම වාඩි වෙලා ඉන්න අම්මා දිහා.


මම හිතුවා වගේ නෙවෙයි හැමදෙයක්ම සිද්ධ වුණේ. මේ මාස එකොළහට වුණේ නැති දෙයක් නෑ කිව්වොත් වැරදි නෑ. අසනීපෙන් හිටපු නුවන්ති අම්මා මම අයියලා එක්ක ගිහින් මාස දෙකක් යද්දි නැති උනා. එයාට තිබුණු අසනීපයි හේෂාන් ගැන හිතලා හිත් තැවුලෙනුයි එයා මේ ලෝකෙන් යන්නම ගිහින් තියෙන්නේ. ඒත් හේෂාන් ගැන අම්මා ඒ තරම් වද වෙන්න හේෂාන්ට මහ ලොකු ලෙඩක් තිබුණෙ නැති බව මම දන්නවා..


ෆියුනරල් එකට නොයා බැරි නිසා මම ගියා අයියයි අක්කයි එක්ක. තේෂානුයි තාත්තයි එදා තමා මම අන්තිම පාරට දැක්කේ. එයාලා ගොඩාක් දුකින් හිටියේ. අම්මා අන්තිම මොහොතේ මාවත් හොයලා තිබුණා. ඒත් මට කෝල් කරන්නත් කලින් අම්මා අන්තිම හුස්මත් හෙලලා ඉවරයි. හැබැයි ෆියුනරල් එක දවසෙ මම හේෂාන්ව කොතනකවත් දැක්කෙ නෑ. හැමෝටම හොරෙන් මම ගෙදර හැමතැනම එයාව හෙව්වා ගිහින්. ඒත් එයා පේන්න හිටියේ නෑ. සමහරවිට එයා එදා දුකින් කොහෙ හරි පැත්තකට වෙලා හිටියද දන්නෙ නෑනේ.


"හේෂාන්ට නංගි කෙනෙක් හිටියා. ඒත් එයා හාර්ට් එකේ මොකක්ද අවුලක් වෙලා නැති වුණාලු."


"එහෙමත් එකක්ද."


"හ්ම්ම්.. එයා ආසයි නංගි කෙනෙක් ඉන්නවා නම්. හරියට නිකන් අපේ අයියා වගේ. නංගි කෙනෙක් නැතුව පිරිමි ළමයෙක්ගේ ජීවිතෙන් වැඩක් නෑ කියලනේ එයා කියන්නේ."


"හ්ම්ම්.. එතකොට මටත් හිතෙනවා නංගි කෙනෙක් හිටියා නම් කියලා."


තියෝට ඉන්නේ මල්ලිලා දෙන්නෙකුයි අක්කා කෙනෙකුයි. මම එයාලව දැකලා තියෙන්නෙ ෆොටෝ වලින් විතරයි. මොකද එයාගෙ ෆැමිලි එකම ඉන්නෙ Russia වල.


"මින්දි.."


තියෝ එකපාරටම මට කතා කරද්දි මම ෆොටෝ එකෙන් එයාගෙ පැත්තට ඇස් හැරෙව්වා. ඒ එක්කම එයා මට එයාගෙ නිල් ඇස් වලින් පෙන්නුවේ මගෙ පිටිපස්ස. ඉතින් මම හැරුණේ කව්ද ඉන්නෙ බලන්න.


"Long time no see.. Miss Rupasinghe."


ලා රෝස පාට ස්කර්ට් එකකුයි ඊට වඩා ලා ශර්ට් එකකුයි ඇඳන් හයි පෝනි ටේල් එකක් දාලා ඉන්න රාදිතා මගෙ පැත්තට ආවේ එයාගේ අතේ තිබ්බ මුතු වලින් හදපු බෑග් එකත් වන වන. මාස එකොළහකට පස්සෙ මාව අඬවපු, මට හිඟන කෙල්ල කියපු, මාව පතුලටම පාගපු රාදිතා ෆර්නැන්ඩස්ව දකින පළවෙනි වතාව මේ. ඉතින් මම වෙනදා වගේම එයා එක්ක හිනා උනා.


"Its nice to meet you."


"Why.. We are not strangers.. Raditha."


එයා මගෙ ලඟට ඇවිත් හග් කලේ කම්මුලට කම්මුලක් තියන ගමන්. අදත් මාව අඬවන්න හිතන් ආවද දන්නෑ. නෑ එහෙම වෙන්න බෑ. දැන් එයා මිස් යුනිවර්ස් උන නිසා එහෙම හැසිරෙන එකක් නෑ.


"ඔයා දැන් ගොඩාක් වෙනස් වෙලා. මට අඳුන ගන්නත් බැරි උනානේ 😪."


"එහෙම ඇති. ඔයා අදමනේ මාව දැක්කේ. D Martinez බ්‍රෑන්ඩ් එකේ CEO විදිහට."


"You're correct.. හැබැයි දැන් ලස්සනයි ඉස්සරට වඩා."


"Thank you."


පුදුමයි තවම මට එයාගෙන් කිසිම ඇනුම් පදයක් අහන්න හම්බුණේ නැති එකට. මම එයා දිහා බලන් ඉද්දි එයා තියෝන් දිහා අමුතු විදිහට බැලුවේ තියෝන්ගේ පෙනුම නිසා වෙන්න ඇති.


"මේ අලුත් බෝයිෆ්‍රෙන්ඩ්ද ?"


"ඔයා එහෙම හිතනවා නම් එහෙම හිතන්න. නැතත් ප්‍රශ්නයක් නෑ මට."


"එහෙනම් මං හිතන්නම් ඒ ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා."


ඔයා ඔහොම හිතන එක සාධාරණයි රාදිතා. මොකද ඔයා හැමදාම මාව මැනපු විදිහට අදත් මනින්න එපැයි. ඒත් මම එහෙම දවසින් දවසට පිරිමි ළමයි මාරු කරන කෙල්ලෙක් නෙවෙයි. මම එදා ආදරේ කලේ හේෂාන්ට, අදත් මම ආදරේ හේෂාන්ට, ඉදිරියටත් මම ආදරෙයි හේෂාන්ට. ඒ ගැන මම ඇර වෙන කවුරුත් දන්නෙ නැතිවෙයි.


"මම ලංකාවෙ ඉද්දි ක්ලෝතින් කරන්නේ ඔයාලගෙ බ්‍රෑන්ඩ් එකෙන්මයි. ඔයාලාගෙ අයිටම්ස් සුපර් කොලිටි. ඇත්තටම මහීකට තැන්කියු කරන්න ඕනි මේ වගේ බ්‍රෑන්ඩ් එකක් ලංකාවට ගෙනාවට."


"ගොඩාක් අය එහෙම කියනවා."


"හ්ම්ම්.. මට නිව්ස් එකක් ආවා ඔයා ඊයෙ හේෂාන්ව මීට් උනා කියලා."


රාදිතාට කවුරු හරි ඒක කියන්න ඇති. ඒත් අපි මීට් උනේ ලව් කරන්න නෙවෙයිනේ. අපි බිස්නස් ඩිස්කශන් එකක් කලේ. එහෙව් එකේ එයාට ඒකට මුකුත් කියන්න බෑ.


"ඔව්.. අපි මීට් උන Reason එකත් ඔයාට නිව්ස් එකෙන්ම ලැබෙන්න ඇතිනේ."


"අහ්.. ඔව්.. මට මහීක ඉන්විටේශන් එකක් එවලා තියෙනවා රන්වේ එකට. කොහොමද ඒකට මම නෑවිත් ඉන්නේ."


"ඔව්.. ඔයා ටූ තවුසන්ඩ් ටුවෙන්ටි ත්‍රී වල පැජන්ට් නිසා නෑවිත් බෑනේ."


"ඔයාට ඒක තේරුණු එකට මට සතුටුයි.. Then.. අපි රන්වේ එකේදි මීට් වෙමුකෝ. I'm leaving now."


"Okay.. Take care."


රාදිතා ඉස්සර වගේ මාත් එක්ක රණ්ඩුවට එන්නෙ නැතුව පාඩුවේ යන්න ගියා එයාගෙ යාළුවෝ එක්කම. මට හරි පුදුමයි එයා වෙනස් වෙලා තියෙන විදිහ දැක්කම. කොහොමත් ඒකත් මගෙ හිතට නිදහසක්.


❝ රාදිතාව කොහොම හරි හදාගන්න බලන්න. එයා ගාව මං වගේම ගෑනු ළමයෙක් ඉන්නවා. ඔයාට පුළුවන් ඒ ගෑනු ළමයාව එළියට ගන්න ❞


❝ මං උත්සහ ගන්නවා. පුළුවන් උනොත් මම සතුටින්. නැත්තම් මං දුකින් ❞


මම එදා රාදිතා හදාගන්න කියද්දි හේෂාන් එහෙම කිව්වා. සමහරවිට එයා රාදිතාව හදාගන්න ඇති. ඒ නිසා රාදිතා මෙහෙම නිවිලා ඉන්නවා ඇති. රාදිතා යනවා බලාගෙන කල්පනාවක හිටපු මං එකපාරටම ගැස්සුනේ තියෝගෙ කටහඬින්.


"එයා ටිකක් අමුතුයි වගේ."


"හ්ම්ම්.. මම හේෂාන්ගෙ Ex නිසා එයා මං එක්ක කතා කරන්නේ ඒ විදිහට තමයි."


ගෙවුණු මාස එකොළහට මම වැඩිය කවුරුත් එක්ක කතා කලේ නැති නිසා තියෝන් මගෙ අතීතය ගැන ගැඹුරට විස්තර දන්නෙ නෑ. මම එයාට කියන්න ගියෙත් නෑ.


"අපි යමු තියෝ.. මට ගොඩාක් දේවල් තියෙනවා ෆිනිශ් කරන්න."


"Okay.."


ආයෙමත් මම තියෝ එක්ක ගෙදර ගියා. එයා මාව ගෙදරින් දාලා ආයෙ ඔෆිස් එකට ගියා. ගමනක් ගියපු නිසා මම ඇඟ හෝදගෙන බාත්රූම් එකෙන් එළියට ආවා. එතකොටයි මම දැක්කේ මේසෙ උඩ තියෙන බෑග් එකක්..


සුදු පාට බෑග් එකේ D Martinez කියලා කළුපාටින් ගහලා තියෙද්දි හිතාගන්න පුළුවන් අයියා මට අනිද්දට අඳින්න තියෙන ඩ්‍රෙස් එක ගෙනවිත් දීලා කියලා. ඉතින් මං ඒ ඩ්‍රෙස් එක බෑග් එකෙන් එළියට ගත්තා. Wine red පාට හීනි පටි ඇඟට තද වෙන්න තියෙන දිග ගවුමක්. ඩ්‍රෙස් එක දැක්කම පේනවා අක්කා තෝරලා තියෙන එකක් කියලා. එයා තමයි මේ වගේ සෙක්සි ටයිප් එකේ ඒවාට ආස.


ගවුම ආයෙ කවරෙටම දාලා මම ඒක කබඩ් එකෙන් අරන් තිබ්බා. සමහරවිට අද හවස් වෙද්දිම මේ ගවුමට හරියට හීල්ස් දෙකයි, ජුවලරි ටිකයි මගෙ අතට එයි. මොකද ඩී මාර්ටිනස් එකෙන් එන මේ ඩිසයින් මටම විතරක් හදපුවා නිසා. සැහැල්ලු කලිසමකුත් ශර්ට් එකකුත් ඇඳගත්තු මම මේසෙන් වාඩි වුණේ ලැප් එකත් ඔන් කරන ගමන්. ඉස්සර මගෙ ලැප් එකේ තියෙන වෝල්පේපර් එක අද වෙද්දි නෑ. එයයි මායි ගත්තු ඒ සෙල්ෆි එක වෙනම ෆෝල්ඩර් එකක තිබුණත් ඒක ඩෙක්ස්ටොප් බැක්ග්‍රවුන්ඩ් එකේ තවත් තියන් ඉන්න මට මගෙ හිත ඉඩ දුන්නෙ නෑ. මොකද ඒ තරම්ම මට රිදුනා මගෙ Ex වුණ හේෂාන්ව මතක් වෙද්දිම.


❝ මින්දි.. ඔයා මාව පුළුවන් තරම් ඉක්මනින් අමතක කරලා දාන්න ❞


❝ ඒකයි මම කිව්වේ ඔයාට මාව අමතක කරන්න කියලා. බොරුවට ඔයා ඔයාව රිද්දගන්න එපා ❞


❝ ප්ලීස් මින්දි.. මට මගෙ පාඩුවේ ඉන්න දීලා යන්න. මම මෙච්චර කියන දේවල් වලින් ඔයාට තේරෙන්නෙ නැද්ද ❞


මම එදා හුස්ම හිරවෙන තරමට අඬද්දි ඔයා මට කිව්වේ එහෙමයි. ඒ වචන වලට මාව පිච්චුනේ නෑ, මට රිදුනෙත් නෑ. ඒත් ඒ වෙනුවට එදා මට මාවම නැති උනා කියලා මට තේරුණා. ඔව් ඒක හරියටම හරි. එදා ඔයාගෙන් මං වෙන් වෙලා ගියාට පස්සෙ මම තව දුරටත් ඔයාගේ Ex වුණ, ඒත් එහෙම වෙලත් ඔයාගෙන් සැරෙන් සැරේට ආදරේ වින්ද කලින් මින්දි අමේලියා උනේ නෑ. මේ මාස එකොළහ ගෙවෙද්දි මම ක්‍රමයෙන් ඩී මාර්ටිනස් බ්‍රෑන්ඩ් එකේ අනාගත උරුමක්කාරි වුණ මින්දි අමේලියා රූපසිංහ වුණා. එයා දන්නවා මම වෙනස් වුණා කියලා. ඒකයි එයා එදා කොෆි ශොප් එකේදි ඇහුවේ,


❝ කෝපිනේ ඔයා ආසම ❞


❝ තාම අමතක වෙලා නෑ නේද ඒ ගැන ❞


කියලා. මම ඔයා නිසා රිද්දගත්තා වගේ ඔයත් මම නිසා රිද්දගත්තද. ඒත් ඇයි ඔයාට රිදුනේ. දැන් ඔයා ටනාෂියා එක්ක පිසිකල් කනෙක්ෂන්ස් තියන්නෙ නැති නිසාද. කොහොමද ඔයා ඒක පාලනය කරගත්තේ. මට ඒක ප්‍රශ්නයක් හේෂාන්..


අලුත් දවසක් 🌞☁️🍃..


කළුපාට මර්සඩීස් බෙන්ස් එකක් අයියා මට දීලා තිබුණේ. තාම මම ඒකෙ වැඩ ඉගෙන ගන්නවා. කලින් මට තිබුණු කාර් එක වගේ නෙවෙයි නිසා ඩ්‍රයිවර් කෙනෙක් එක්ක තමයි මම ගියේ. ඉතින් අදත් මම ඩ්‍රයිවර් එක්ක යුවසිංහ හොටෙල් එකට ගියේ, ඊයෙ එයාලා එවලා තිබුණු වයින් පාට ටයිට් අත් පටි දිග ගවුම ඇඳලා කොණ්ඩෙත් සයිඩ් එකට කර්ල් කරලා.


මගෙ හීල්ස් දෙක 'ටක් ටක්' සද්දෙන් බිම වැදුනේ මම කාර් එකෙන් බැස්ස නිසා. ඒ එක්කම කොහෙවත් ඉන්න කැමරාකාරයො ටිකක් රෙඩ් කාපට් එක දෙපැත්තට රැස් උනා. ජීවිතේ පළවෙනි වතාවට මෙහෙම කවුරු හරි මාව ෆොටෝ ගන්න ඇවිත් තියෙන්නේ. ඒ කියන්නේ මීඩියා දැන් මාවත් හොයනවද ?


"මිස් අමේලියා.. අපිට ආරංචි උනා ඔයා මහීක රූපසිංහගේ බාලම සහෝදරී කියලා. ඒත් ඇයි ඔයා මෙච්චර කාලයක් එයාලා එක්ක හිටියේ නැත්තේ. ඔයා හිටියේ වෙන රටකද ?"


"......"


'දීපල්ලකො උත්තර' කිව්වලු. අනාත නිවාසෙක හැදුණ මට මීඩියා වලට මූණ දෙන්න තරම් ලොකු කන්ෆිඩන්ස් එකක් තිබ්බෙ නෑ. එහෙව් එකේ මට දැන් එයාලගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න බෑ. ඉතින් මම අඩිය ඉක්මන් කරලා ‍රෙඩ් කාපට් එක දිගේම හොටෙල් එක ඇතුලට ගියා. කැමරාකාරයො පේන්න නැති නිසා මම සද්ද නොකර කොරිඩෝ එක මැද්දෙන් ගියේ හෝල් එකේ දොර ලඟට. ඒත් දොර ලඟටම යද්දි එකපාරටම,


"මෑම්.."


මාව ගැස්සිලා අනිත්පැත්තට හැරුණේ කැමරාකාරයෙක් ඇවිත්ද කියන සැකේට. ඒත් මම බලද්දි එතන හිටියේ ඈශ්ලි. කෙල්ල පෝනි ටේල් එකත් දෙපැත්තට වන වනා මං ලඟට එනවා.


"සොරි මෑම්.. මං ලේට් උනා ටිකක්."


"ටිකක් ?"


"Um.. little bit."


කෙල්ලට බනින්න බැරි නිසාම මම දොර පැත්තට හැරුණා. ඒ එක්කම එතන කළුපාට අද්මිරාල් කිට් එකක් වගේ එකකින් සැරසුණු දෙන්නෙක් දොර ඇරියා. මම පරක්කු වැඩියි කියලා මට තේරුණේ හැමෝම මොඩ්ල්ස්ලා යන ට්‍රැක් වටේම පුටු වල ඉඳන් ඉන්නකොට. අයියාත් අක්කාත් දෙන්නම ඉස්සරහම පුටුවල. ශීට් අස්සෙන් කොහොම යන්නද මම අයියලා ගාවට. ඈශ්ලි දොර අයිනෙම හිටගෙන බලාගෙන ඉන්නවා.


මගෙ කකුල් දෙක ඉස්සරහා තිබුණේ පොඩි පඩිපෙලක් එක්ක සුදුපාට ට්‍රැක් එකක්. ඉස්සරහින් මොඩ්ල් කෙනෙක් මේ පැත්තට එන්න වගේ හදනවා. මට යන්න තියෙන එකම තැනත් මේ ට්‍රැක් එක විතරයි. හිතුවට වඩා රනවේ එකට ඇවිත් තියෙන කට්ටිය වැඩි නිසා පුටු අතරින් මට කොහොමත් යන්න බෑ දැන්. ඉතින් මම පඩිපෙළ නැඟලා ට්‍රැක් එක දිගේ ගියේ මිනිස්සු මැද්දෙන්.


මගෙ හීල්ස් දෙක ටක් ටක් ගාලා ට්‍රැක් එකේ වදිද්දි ඇවිත් ඉන්න මිනිස්සු හැමෝම වගේ මගෙ පැත්තට හැරුණා. ඉස්සරහා මට කෙලින් එන මොඩ්ල් ඇඟ වන වන ලතාවට එනවා. ඒත් මම පුවක් රිටක් වගේ ගවුමත් අල්ලගෙන ඔහේ යනවා. සේරම අය දැනටමත් මගේ පැත්තට හැරිලා ඉවරයි. ඉතින් මං සද්ද නොකර ඉස්සරහටම ගියා. ඇස් දෙක වටේ කරකවලා බලද්දි අයියායි අක්කයිත් මං දිහා බය වෙලා වගේ බලන් ඉන්නවා. ඇයි මම මෙහෙම ගියපු එක වැරදියිද ?


ටික වෙලාවක් යද්දි මාවත් පුදුම කරගෙන හැමෝම අත්පුඩි ගහන්න පටන් ගත්තා. දෙවියනේ එයාලා මාව පිළිගන්නවද. මේ මින්දි අමේලියා රූපසිංහව එයාලා පිළිගන්නේ අත්පුඩි ගහලා විසිල් කරලද. ලැජ්ජාවට මූණත් ‍රතු වෙලා. හැබැයි ඒක ගණන් නොගෙන මම මගෙ පැත්ත බලාගෙන අත්පුඩි ගහන අක්කයි අයියයි දිහා දිගින් දිගටම බලන් ඉස්සරහටම ගියා.


ඒත්..


එකපාරටම මොඩ්ල් කෙනෙක් උන හුරුබුහුටි පෙනුමක් තියන ගෑනු ළමයෙක් එයාගෙ කකුල ලිස්සලා වැටෙනවා මම දැක්කා. මොන දේ උනත් කෙනෙක් කරදරේක වැටුනම උදව් කරන පුරුද්ද මට තිබුණා. ඒ හින්දම මම ආයෙමත් හැරිලා ඒ ගෑනු ළමයා වැටුණු තැනට ගියා. මේ වගේ තැනක ඒ ගෑනු ළමයාට උදව් වෙන්න කෙනෙක් ඉදිරිපත් නොවුණු එකට මට ගොඩාක් දුකයි. ඒත් අනිත් මිනිස්සු වගේ ගල් හිතක් තියෙන කෙනෙක් වෙන්න මට තවත් උවමනාවක් නෑ.


වැටිලා ඉන්න ගෑනු ළමයා ලඟට ගිහින් මම එයාට අත දික් කලා. හිනා වුණ එයා මගෙ අතින් අල්ලගෙන නැගිට්ටේ මට ස්තූති කරන ගමන්. එයා එක්ක කෙටි හිනාවක් පාලා මම හැරුණේ අයියලා ඉන්න දිහාවට යන්න. ඒත්..


'හේෂාන්'


මගෙ ඉස්සරහම ඉඳගෙන කවුරු එක්ක හරි කෝල් එකක එයා. රාදිතා මං දිහා අමුතු විදිහට බලන් ඉන්නවා. මට හරි අපහසුවක් දැනුණා එයාලා දෙන්නම මං දිහා අමුතු විදිහට බලන් ඉද්දි. ඉතින් මං තත්පරයක් යන්නත් කලින් අනිත්පැත්තට හැරිලා අයියා ලඟට ගියා. මෙච්චර වෙලා හොඳට තිබුණු මගෙ මූණ එකපාරටම වෙනස් වුන විදිහ අයියා අඳුනගත්තේ අක්කා අඳුනගන්නත් කලින්.


ඒත් එයා මගෙ අතින් අල්ලගත්තා මිසක මට වෙන කිසිම දෙයක් කිව්වෙ නෑ. මොකද එයා දන්නවා හේෂාන් ඉස්සරහා මම මොන තරම් අපහසුතාවයට පත් වෙනවද කියලා.


"නංගි.. හෙට මම එනවා කුරුණෑගලට අක්කා එක්ක."


"ගෙදරත් එනවද ?"


"ඔව්.. මට ඔයා එක්ක කතා කරගන්න දෙයක් තියෙනවා."


"මොකක් ගැනද ?"


"ඇන්ඩෲස් ගැන."


"......"


අයියා එකපාරටම එහෙම කියද්දි මම කන්ෆියුස් වෙලා එයා දිහා බැලුවා. මම අද වෙනකම් ඇන්ඩෲස් මට කරපු දේවල් අයියට කියලා නෑ. ඒත් අයියා දැන් ඒ දේවල් දැනගෙනද මගෙන් මෙහෙම අහන්නේ ?


"මොනවද.. ඇන්ඩෲස් ගැන ?"


"ඇන්ඩෲස් ඔයාගෙ ඩයරි එක කුණු කානුවකට විසි කරලා ඔයා ඒක අහුලගන්නකම් බලන් ඉන්න හැටි මම මගෙ ඇස් දෙකටම දැක්කා නංගි. මම අද වෙනකම් ඉවසන් හිටියේ ඔයා ඒ ගැන මට කියයි කියලා. ඒත් ඔයා නොකියා ඉද්දි මට තවත් ඉවසන් ඉන්න බෑ."


අයියා එක දිගට කියවන් යද්දි මගෙ කට නිකන්ම ලොක් උනා වගේ. මම හිතුවා හරියටම හරි. එයා එයාගෙ ඇස් දෙකෙන්ම දැකල තියෙනවා ඒ සිද්ධිය. ඒත් කොහොමද එයා ඒක දැක්කේ. කොහෙන්ද ?


"කොහොමද.. ඔයා.. ඒක.. දන්නේ.."


"ඒ ගැන අපි හෙට කතා කරමු. දැන් ඒකට වෙලාව නෙවෙයි."


එහෙම කියපු අයියා ඉස්සරහා බලාගත්තා. මට අයියාගෙන් එකදිගට ප්‍රශ්න අහන්නත් බෑ. එයා බිසී කෙනෙක් නිසා හැමවෙලේම ටයර්ඩ් වෙලා ඉන්නේ. එහෙව් එකේ ඉතින් මට එයාව තවත් ප්‍රෙශර් කරන්න බෑනේ.


................................................... 🖤 ...


මහීක ටිකක් Interest නේද ඇන්ඩෲස් ගැන 🤔


එයා කොහොම දැනගන්න ඇත්ද ඩයරිය විසි කරපු සීන් එක 🙄 ?


Sachy Collins

Report Page