Spring is far away - 65
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 65 | We are not strangers
"රාදිතා ලංකාවට ඇවිත් හේෂාන්. ඔයා ලේට් වෙන්නෙ නැතුව එයාපෝර්ට් එකට යන්න."
මින්දි යනකම් බලන් හිටපු හේෂාන් එයාගෙ ෆෝන් එකට ආපු කෝල් එක ආන්ස්වර් කළාම ඇහුණේ රාදිතාගේ හොඳම යාළුවාගේ කටහඬ. තවත් වෙලා බලන් ඉන්නෙ නැතුව හේෂාන් ටේබල් එකෙන් නැගිට්ටා.
"Okay.. මං එන්නම් ඉක්මනින්."
කැෆේ එකෙන් එළියට ආපු කොල්ලා කාර් එක ලඟට ගියා. ඒ යද්දි ටනාෂියා හිටියේ නෑ. මින්දිගෙ වචන නිසාමද කොහෙදෝ ටනාෂියා ගිහින් කියලා කොල්ලට තේරුණා.
"Let's go to the airport ඉෂාන්."
"හරි සර්."
හේෂාන් ඩ්‍රයිවර් එක්ක එයාපෝර්ට් එකට ගියා. ඒ යද්දි රාදිතාගෙ යාළුවොත්, මීඩියා වලිනුත් ඇවිල්ලා තිබුණා. මේ දවස් වල අහස් ඉන්නෙ එයාපෝර්ට් එකේ. එයා දැන් වැඩ කරන්නේ ගොඩාක් ෆොරිනර්ස්ලා එක්ක. ඉතින් හේෂාන් අහස් එක්ක පැත්තකට වෙලා හිටියේ රාදිතාගෙ යාළුවො එක්ක ඉන්න බැරි නිසා.
"මින්දිව හම්බුණාද ?"
"හ්ම්ම්.."
හේෂාන් මූඩ් ගහලා ඉද්දි අහස්ට හිතාගන්න පුළුවන් මින්දිව හම්බවෙලාමයි කියලා. ගොඩක් වෙලාවට හේෂාන් දුකෙන් වගේ නිශ්ශබ්දව ඉන්නේ එයාගෙ පරණ මතක ඇවිස්සුනාමයි.
"ඇයි.. බැන්නද මොකක් හරි කියලා."
"ඇයි බනින්න මම මොකක්ද කරපු වරද 😒."
"එහෙනම් මූඩ් ගහලා ඉන්නෙ ඇයි ?"
"එයා ආයෙමත් මං ඉස්සරහා ඇඬුවා."
"ශුවර් උබමයි අඬවන්න ඇත්තේ."
"ඔව් මම තමයි ඇඬෙව්වේ. ඒත් මම හිතුවෙ නෑ එයා තාමත් මගෙ වචන වලට ඒ තරම් දුක් වෙයි කියලා."
"දැන් දුක් වෙනවා කියලා තේරුණානේ. අදින් පස්සෙවත් නොකියා ඉන්න එක තමයි හොඳම දේ."
ගොඩක් වෙලාවට හේෂාන් ලෙඩේ නිසා තරහා අරන් හැම කෙනෙක්ටම එහෙම කතා කරන බව අහස් දන්නවා. අනික කොල්ලා කොහොමත් එහෙම කෙනානේ. එයාගෙ තරහට හේතුවක් නෑ වෙලාවකට.
"අන්න රාදිතා එනවා."
අහස් එහෙම කියද්දි හේෂාන් පිටිපස්ස බැලුවා. රාදිතා එයාගෙ කම්පිටිශන් එකට ගියපු හැමෝම එක්ක එනවා. අද මීඩියා වලින් එයාපෝර්ට් එක සම්පූර්ණයෙන්ම පිරිලා රාදිතා එන නිසා.
"මගෙ සුදූ."
කොහෙවත් ඉඳන් ආපු ඇන්ඩෲස් එකපාරටම හේෂාන්ට කලින්ම රාදිතා ලඟට ගිහින් කෙල්ලව තුරුලු කරගත්තා. රාදිතාගෙ වැඩ අල්ලන්නෙ නැති නිසාම ශෂීන්ද්‍රවත් තේෂාන් වත් කෙල්ල පිළිගන්න ආවෙ නෑ.
"ඩැඩී.."
තද රෝස පාට දිග ගවුමක් ඇඳලා කොණ්ඩෙත් කඩලා දාලා රාදිතා හරි ලස්සනයි. බැරි වෙලාවත් මින්දි මේ ගවුම ඇන්දා නම් කොච්චර ලස්සනට ඉඳීවිද කියලා හිතද්දි හේෂාන්ට මැවිලා පෙනුණා මින්දිව.
"හේෂාන්."
රාදිතා ඇවිත් හේෂාන්ගෙ පපුවට තුරුලු උනා. ඒත් කොල්ලා ගල් පිළිමයක් වගේ ඔහේ බලන් ඉන්න විදිහ අහස්ට පෙනුණා.
"I miss you so much bae."
"Me too."
රාදිතා හැමදාම කරන්නේ තුරුලු වෙලා හේෂාන්ව සිපගන්න එකම තමයි. ඒත් කොල්ලට ඒ ගැන කිසි ගාණක් නෑ. රාදිතා දන්නවා ඒ ඇයි කියලා. ඒත් කෙල්ල වෙනදා වගේ තර්ක කරන්න යන්නෙ නෑ දැන්.
"බබා.. අද මම ඔයා එක්ක ඉන්නවා."
"මාත් එක්ක ?"
"ඔව්.. මගෙ යාළුවෙක්ගේ ප්ලේස් එකක් තියෙනවා. අපි නයිට් එකට එහෙ යමුකෝ."
"අද මම බිසී ටිකක්."
"අනේ ප්ලීස්.. මට ඕනි මේක Celebrate කරන්න ඔයා එක්ක තනියම."
රාදිතා එයාගෙ ඔළුව උඩ තිබුණු Miss Universe ක්‍රව්න් එක පෙන්නලා එහෙම කිව්වේ හිනා වෙන ගමන්. වටේම තියෙන කැමරා වලින් රෙකෝඩ් වෙනවා ඒ දෙන්නා ලං වෙලා ඉන්න විදිහ.
"ඔයා ඉස්සෙල්ලාම ගිහින් මීඩියා එක්ක කතා කරලා ඉන්න."
"කියන්න අපි යනවා නේද ?"
හේෂාන් යන්න හදද්දි රාදිතා කොල්ලගෙ බ්ලේසර් එකෙන් ඇද්දා. එක තැන නැවතිලා ගල් පිළිමයක් වගේ බලන් ඉන්න හේෂාන් රාදිතා ඇද්දටවත් හෙල්ලුනේ නෑ.
"බලමු."
"ඇයි බලමු කියන්නේ. මම කොච්චර කාලෙකින්ද මේ ආවේ 🥺."
රාදිතා පොඩි ළමයෙක් බලන විදිහට බලලා එහෙම අහද්දි හේෂාන් හිතුවා කෙල්ලට කැමැත්ත දෙන්න. නැත්තම් මීඩියා ඉස්සරහා දෙන්නම ලැජ්ජ වෙනවා.
"හ්ම්ම්.. මං එන්නම්."
"ඔයා නම් දැන් ශෝක් බබා."
"Not that.. ගිහින් කතා කරන්න අර අයට."
හේෂාන් ඇස් වලින් එහෙම පෙන්නලා එතනින් ගියා. රාදිතා සතුටින් එයාගේ කම්පිටිශන් එකේ අයත් එක්ක කතා බහ කරලා මාධ්‍යයටත් කතා කලා. වැඩි වෙලා ඉන්න තරම් වෙලාවක් නැති නිසා හේෂාන් අහස්ටත් කියලා ආයෙමත් ඔෆිස් එකට යන්න පිටත් උනා.
හවස් උනා 🦊🍂🧡..
ඔෆිස් එකේ කට්ටිය එක්ක මීටින් කරද්දි මට හරියට තරහා යනවා. සමහර පරණ අයගේ අදහස් වෙනස් වෙන්නෙ නෑ. ඒත් දැන් මම CEO වෙන්න ඉන්න නිසාම එයාලා මගෙ පිටින් යන්නත් එඩිතර වෙන්නෙ නෑ. ඉස්සර යුවසිංහ ගෲප් එකේ වැඩ කලා වගේ නෙවෙයි. ඩී මාර්ටිනස් කියන්නේ ෆැෂන් බ්‍රෑන්ඩ් එකක්. ඒක කරන CEO ට පවා ෆැෂන් ගැන දැනුමක් තියෙන්න ඕනි. හොඳ වෙලාවට මට එහෙම දැනුමක් තිබුණේ කලින් ඉඳලා. නැත්තම් මට මෙච්චර ඉක්මනින් බිස්නස් වර්ල්ඩ් එකට එන්න වෙන්නෙ නෑ.
"Ashley.. Schedule a meeting for half past seven, right now."
දොරෙන් ඇතුළු වෙද්දිම මම සාලෙටම ඇහෙන්න එහෙම කිව්වේ ඈශ්ලි මං එද්දි සාලෙ කොහෙ හරිම ඉන්න නිසා. මම උඩට යන්න හදද්දි වැඩ කරන ගෑනු ළමයා ට්‍රේ එකක් අතේ තියන් ඉන්නවා දැක්කා. ඒ මගෙ බේත් ටික.
"නෝනා බේත් ටික බීලම යන්න. නැත්තම් රෑට බොන්න වෙලාවක් නැතුව යනවා."
වැඩ කරන ගෑනු ළමයා වුණ අවාරා ලඟට මම බේත් ටික බොන්න යද්දි ඇහුණා ඈශ්ලිගෙ හීල්ස් දෙකේ සද්දෙ. ඒ එක්කම කෙල්ල මගෙ ඉස්සරහට ආවේ ටැබ් එකත් අතේ තියන්.
ඈශ්ලි ස්ටෙලියානා. කෙල්ලට තාම අවුරුදු විසි හතරයි. බෝල මූණට බෝතල් අඩි කන්නඩි දෙකක් දාලා, හයි පෝනි ටේල් එකක් දාලා, රතුපාට ලිප්ස්ටික් එකක් ගාගෙන, දණහිසෙන් වියතක් විතර උඩට තියෙන පෙන්සිල් ස්කර්ට් එක ඇඳලා හැම වෙලේම ඉන්නේ. මම කියන හැමදෙයක්ම තර්ක කිරීමක් නැතුව රොබෝ කෙනෙක් වගෙ කරනවා. සමහර වෙලාවල් වලට මට හිතුණා එයා රොබෝ කෙනෙක් කියලා.
"මෑම්.. මෑම්ට කියන්න ස්පෙෂල් දෙයක් තියෙනවා."
ඈශ්ලි මාස එකොළහක ඉඳන් මගෙ සෙකට්‍රි. අද වෙනකම් එයා මට පිටුපාලා නෑ, ඒ වගේම මම කියපු දෙයක් නොකර ඉඳලා නෑ. හේෂාන්ට ටනාෂියා වගේ නැට්ටිච්චියක් ප්‍රයිවට් සෙකට්‍රි කරගන්න උවමනාව තිබුණට මට උවමනාවක් නෑ බෝයි කෙනෙක් ළඟ තියන් පිසිකල් කනෙක්ෂන් තියන්න.
"කියන්න."
ඈශ්ලි කියන දේ අහගෙනම මම වතුර වීදුරුව බීලා මට තද ඔළුව කැක්කුමට ඩොක්ටර් Recommend කරලා තිබුණු අවසාන පෙත්තත් බීලා දැම්මා.
"අද රාදිතා ෆර්නැන්ඩස් ඇවිල්ලා ලංකාවට. මැඩම් ඕනි නම් බලන්න. දැන් පෙන්නනවා නිව්ස් වලට එයාව."
ඈශ්ලි මාස ගාණකින් මට රාදිතාගෙ නම මතක් කරලා එහෙම කිව්වා. රාදිතා මිස් යුනිවර්ස් ගියා. ගියා විතරක් නෙවෙයි. අවුරුදු ගාණකට පස්සෙ ලංකාවට ක්‍රව්න් එකත් අරගෙන ආවේ. කම්පිටිශන් එකේ හිතුවෙවත් නැති විදිහට අන්තිමට ස්ටේටස් වල ගෑනු ළමයෙකුයි රාදිතායි ඉතුරු උනා.
❝ The miss universe, Two thousand twenty three is ❞
❝ Sri Lanka ❞
ටීවී එකෙන් මට ඇහුණා නිවේදිකාව ඒක කියන විදිහ. ඒ වගේම මම ඇස් දෙකෙන් දැක්කා රාදිතා කිරුළු පළඳින විදිහ. මේ කිරුල එයාට ලැබුණු එකට මම හදවතින්ම සතුටු වුණා. ඒත් එ ගතිගුණ එයා තාමත් හදන් නැත්තම් මට ඒකට සතුටු වෙන්න බෑ.
ඈශ්ලි ඔන් කරපු ටීවි එකෙන් මම දැක්කා රාදිතා අද එයාපෝර්ට් එකට ආපු විදිහ. ඒ වගේම ඇන්ඩෲස්ව තුරුලු කරගත්තු විදිහ. ටික වෙලාවක් යද්දි රාදිතා හේෂාන්ව තුරුලු කරගන්න විදිහත් පෙන්නුවා. දන්නවද චැනල් එකේ අය කිව්වෙ මොකක්ද කියලා.
"කෝටිපති ව්‍යාපාරික හේෂාන් යුවසිංහගේ එකම ආදරවන්තිය තමයි මෙලෙස කිරුළු පැළඳුවේ."
හිනා වෙන්නද අඬන්නද නෙවෙයි. හයියෙන් හිනා වෙන්නද නැත්තම් කටකොනින් හිනා වෙන්නද කියලයි මට අහන්න තියෙන්නේ. රාදිතා හේෂාන් මැරි කරන්න වගේ වගක් නැතුව හිටියේ යුනිවර්ස් යන්න ඕනි නිසා. දැන් එයාලගේ වෙඩින් එක කන්ෆර්ම් කරයි. ඈශ්ලි මම කියන්නත් කලින් ටීවි එක ඕෆ් කරලා ටැබ් එක අරගෙනම මගෙ පැත්තට හැරුණා.
"ඈශ්ලි.. අයියට කියන්න එයාටත් මීටින් එකට ජොයින් වෙන්න කියලා. මේක Urgent Matter එකක්."
"ඕකේ මෑම්."
ඈශ්ලි එහෙම කියන්නත් කලින් මම තරප්පුවෙන් උඩට ගියා. හරි මහන්සි දවසක් අද මට. ඒ නිසාම මම ඇඳුම් සේරම ගලවලා බකට් එකට දාලා ඉක්මනින් බාත්රූම් එකට ගියා. ශවර් එකෙන් එන සීතල වතුර මගෙ ඇඟ උඩට වැටෙද්දි මට දැනෙන්නේ මම අලුතෙන් ඉපදෙනවා වගේ. ඉස්සර කොච්චර නම් මම මේ ශවර් එක යටට වෙලා ඇඬුවද. ඒ විදිහට නම් මම ආයෙ අඬන්නෙ නෑ කවදාවත්.
ඇඟ හෝදගෙන සුදු පාට සැටින් රොබ් එකත් ඇඳගෙන මම එළියට ආවා. ඉස්සර වගේ දිග කොණ්ඩයක් දැන් නෑ මට. ඉන ලඟට තිබුණු කළු කොණ්ඩෙ මම පිට මැදට කැපුවා. සිඩ්නි වල ඉඳන් ආපු විදිහටම මගෙ කොණ්ඩේ අවසානෙට තිබුණෙ නෑ. ප්‍රශ්න ගැන හිතලා කොණ්ඩෙත් ගිහිල්ලා හිතුවට වඩා. ඒත් දැන් ඉන්න මින්දිට මම හරි ආසයි. ඉස්සර ඇන්ඩෲස්ලා ඉස්සරහා හිඟන්නෙක් ගානට හිටපු මම දැන් එයාලට වඩා ඉහල තැනක. එයාලාවත් හිතන්න නැතුව ඇති මගෙ අනාථ දරුවෙක් විදිහට පටන් ගත්තු ජීවිතේ මේ විදිහට ඉවරවෙයි කියලා.
මම මටම අනාථයෙක් කියාගත්තා. ඒක තමයි මම කරපු ලොකුම මෝඩකම. මේ ලෝකෙ කිසිම කෙනෙක් අනාථයෝ නෙවෙයි. හැමෝම ඉපදෙන්නේ අම්මෙක් තාත්තෙක් ඇතුව. ඒත් එයාලා අපිව දාලා ගියා කියලා, අපි අනාථ නිවාසෙක අනාත දරුවෙක් විදිහට ලේබල් ගැහිලා ලොකු උනාට ඇත්තටම අපි අනාතයොද. හැමෝටම වාසනාවක් වගේ ඕරාවක් එන්නෙ නැද්ද. අයියයි අක්කයි හම්බුණු නිසාම මට ඒ වාසනාව පෑදුනා. මාත් එක්ක හිටපු අනිත් අනාථ ළමයිනුත් අද හොඳ තැන් වල ඉන්නවා ඉතින් එයාලත් මමත් තවදුරටත් අනාථයෝ නෙවෙයි කියලා මට හිතෙනවා.
සුදුපාට ටේබල් එක ඉස්සරහා තිබුණු පුටුවෙන් ඉඳගෙන මම ලැප් එක ඔන් කලා. මම මීටින් එකට මොන ඇඳුම ඇඳන් හිටියත් එයාලා මට දැන් මුකුත් කියන්නෙ නෑ. මොකද මම එයාලගෙ CEO. එහෙව් එකේ එයාලට එහෙම මට විරුද්ධව කිසිම දෙයක් කියන්න බෑ. ඒක තමයි මගෙ බලය. ඉස්සර මට හැමෝම කතා කලේ මින්දි අමේලියා කියලා. ඒත් දැන් මට හැමෝම කතා කරන්නේ මිස් රූපසිංහ කියලා. මේවා ගැන කල්පනා කරද්දි මට මං ගැනම සතුටක් දැනෙනවා.
"හැමෝම මේ ඩිසිෂන් එකට කැමති උනත් අකමැති උනත් මම කැමතියි. That's all."
මම එහෙම කියද්දි හැමෝම ඔළුව වැනුවා මම ලැප් එකේ ස්ක්‍රීන් එකෙන් දැක්කා. මම හිතුවා මුලදි CEO කියන පොසිෂන් එක නිකන් අකුරු තුනක් විතරයි කියලා. ඒත් ඒ අකුරු තුනේ තේරුම මට දැනෙන්නේ දැන් තමයි 😵.
ලැප් එකත් ඕෆ් කරලා මම කාමරේ ලයිට් එක ඕෆ් කලා. කන්න ආසාවක් නෑ අද. මගෙ හිත පිරිලා දවල් ඉඳන්ම. ඒකට හේතුව හේෂාන් දැකපු එක වෙන්න ඇති. ස්ටෑන්ඩ් ලෑම්ප් එකේ එළියෙන් මම අඳුරු වෙලා තියන කාමරේ මැද්දෙන් බැල්කනියට ගියා. අත් වැටට අත තියාගත්තු මං බැලුවේ පාරෙ යන වාහන දිහා. අයියයි අක්කයි මට එයාලගෙ කලම්බු රෝඩ් එකේ තියෙන බන්ග්ලෝ එක හදලා දුන්නේ තනියම ඉන්න කියලා. දැන් දුල්නෙත්මියි සංජානායි දෙන්නාත් හේෂාන් මට හදලා දුන්නා වගේ හැම පහසුකමක්ම තියෙන එයාලගෙම ගෙදරක ජීවත් වෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් කෙල්ලො දෙන්නා මාකටින් සෙක්ශන් එකේ හොඳ පොසිෂන් දෙකක.
බැල්කනියෙ සීතල දරාගන්න බැරි නිසා මම අත් දෙකත් එකට ගුලි කරන් කාමරේට යන්නයි හැදුවේ. ඒ එක්කම මගෙ ඇස් වලට පෙනුනේ හිස් බිත්තියේ ගෝල්ඩ් අකුරු වලින් අලවලා තියෙන 'D Martinez' කියන අකුරු ටික. එතකොට මට මතක් උනා ඒ නම හැදිලා තියෙන විදිහ.
මගෙ අම්මා ලංකාවෙ කෙනෙක් නෙවෙයි. එයාගෙ උපන් රට USA. එහෙ කැලිෆෝනියා වල හොස්පිටල් එකක තමයි එයා ඉපදිලා තියෙන්නේ. ඒ නිසාම අම්මාගෙ නම කැලිෆෝනියා මාර්ටිනස්. ඉස්සර තාත්තා අම්මට ලියුම් යවලා තියෙනවා Dear California Martinez කියලා. පසුකාලීනව ඒක Dear C Martinez වෙලා. ඊට පස්සෙ C ත් නැතුව ගිහින් නිකන්ම Dear Martinez වෙලා. ඒ වචන දෙකේ Dear කියන වචනය කෙටි වෙලා තමයි අපේ බ්‍රෑන්ඩ් එකේ නම 'D Martinez' කියලා හැදුණේ.
අම්මා මගෙ පාටමයි. හැබැයි මම විතරයි ලා දුඹුරු පාටට ඉන්නේ. අක්කයි අයියයි දෙන්නම ලංකාවෙ භාෂාවෙන් කළුයි. ඒත් ඒ දෙන්නා හරිම ලස්සනයි මටත් වැඩිය. ඉස්සර අම්මා Harp වාදනය කරලා තියෙනවා. ඉතින් මාත් හිතුවා Harp එකක් අරගෙන පුරුදු වෙන්න. මම හිතුවා අම්මගෙ හැකියාව මටත් ඇවිත් ඇති කියලා. හිතුවා වගේම මට මාස ගාණක් යද්දි හාප් එක ප්ලේ කරන්න පුළුවන් උනා. පොඩි පොඩි මුතු ඇට ටිකක් වීදුරුවක් ඇතුලට දානවා වගේ එක තතක් ඇඟිල්ලකින් අදද්දි ඇහෙන සද්දෙට මම හරියට ආදරෙයි. හිතුණු වෙලාවට මම ඒක ප්ලේ කරනවා. ඒත් අද මට බෑ මගෙ අත් දෙකම රිදෙනවා.
📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං
ශුවර් තියෝන්ගෙන් වෙන්න ඇති කෝල් එක. එයාට හිතුණු වෙලාවට එයා මට කෝල් කරනවා. ඉතින් එයා කියන දේවල් අහගෙන මම නිදාගන්නවා. දැන් මගෙ දුක කියන්න හම්බුණු අලුත් යාළුවා එයානේ.
"Hello."
ෆෝන් එක ඔන් කරලා කෝල් එකත් අරන් මම ඇඳෙන් හාන්සි උනා. දැන් ඉතින් කියන ඒවා අහගෙන හොඳට නිදියන්නයි තියෙන්නෙ මට.
"නිදිද ඔයා."
එයා එහෙම අහද්දි මම කියන්න හැදුවේ 'නෑ ඔයා කතා කරන්න ගත්තම නිදාගන්නවා' කියලා. ඒත් ඒක කියන්න කලින් මට ඇහුණේ ගෑනු ළමයෙක් කොඳුරනවා වගේ එයාට බස බස ගාලා මොනා හරි කියනවා.
"ගර්ල් කෙනෙක් එක්කද ඉන්නේ ?"
"What ?"
"මම ඇහුවේ ගර්ල් කෙනෙක් එක්කද ඉන්නෙ කියලා."
තරහින් මම එහෙම අහද්දි එයාගෙන් සද්දයක් නෑ. සද්දයක් නෑ කියන එකේ තේරුම අදත් ක්ලබ් එකෙන් ගෑනු ළමයෙක් ගෙදර ගෙනවිත් කියන එකද. ඔයා නම් හැදෙන්නෙ නෑ තියෝන්.
"ඇයි හිටියත්."
"ඔයා කවද්ද තියෝ ඕක නවත්තන්නේ. ඔයා හදන්නේ හේෂාන් වගේ එපා කරපු මනුස්සයෙක් වෙන්නද ?"
"මම මේ මගෙ ලයිෆ් එක එන්ජෝයි කරනවා මින්දි. මොකක්ද ඒකෙ තියෙන ප්‍රොබ්ලම් එක ?"
ප්‍රොබ්ලම්, එකක් නෙවෙයි ගොඩක්. ගෑනු ළමයි එක්ක ක්ලබ් වල නටලා නටලා අන්තිමට ගෙදර එක්කන් ඇවිත් කරන්න තියෙන සේරම කරන අය මම ඕනි තරම් දැකලා තියෙනවා. ඒත් එක කෙල්ලෙක්ගෙන් මට්ටු වෙලා තාමත් මෙයා හැදිලා නැති එකට මට දුකයි. බලන් ගිහාම හේෂාන් හොඳයි මෙයාට වඩා.
"හහ්.. දකින දකින ගෑනු ළමයි එක්ක සෙක්ස් කරන එකද ලයිෆ් එක එන්ජෝයි කරනවා කියන්නේ. පිරිමි ළමයින්ට වෙන විදිහක් ඇත්තෙම නැද්ද ලයිෆ් එක එන්ජෝයි කරන්න ?"
"නෑනේ."
"මෝඩයෙක් වෙන එපා තියෝ. මතකනේ නූරි ඔයාට කරපු දේ. එකකින් මට්ටු උනේ නැද්ද ඔයා. ඇයි තාමත් ඔයා ඔහොම ක්ලබ් එකේ ගෑනු ළමයි එක්ක Blind Date වලට යන්නේ ?"
"මම ආසයිනේ ඒවට."
"අහ්.. ඒකත් එහෙමද. එහෙනම් කෝල් එක කට් කරලා ඒ ගෑනු ළමයා එක්ක ඕනි නැටුමක් නටාගන්න. මට බෑ ඕවා අහන් ඉන්න."
මට මතකයි නූරි කියන ගෑනු ළමයාව. මම හේෂාන්ගෙ බර්ත්ඩේ එක දවසේ හොටෙල් එකේ ඉඳන් එද්දි තියෝන්ගෙ කාර් එකට හැප්පුනානේ. එදා එයා එක්ක නූරි කියලා ගෑනු ළමයෙක් එයාගෙ ගෙදර ගියා. ඒ කෙල්ල තියෝන්ව රවට්ටලා ඉන්ටොක්සිකේට් කරලා ගෙදර වටින දේවල් ගොඩාක් අරන් ගිහිල්ලා තිබුණා.
"You can go now."
"But we've.."
"I said go."
තියෝ එහෙම කියලා ඒ ගෑනු ළමයා එළවනවා ඇහෙද්දි මට තනියම හිනා ගියා. ඒ කියන්නේ මේ කොල්ලා මගෙ බසටත් අවනත වෙනවා වගේ 😌. ඔව් ඉතින් එයාගෙ CEO කියන දේවල් අහන්නත් එපැයි.
"දැන් හරිද.. Are you happy now ?"
"Yeah.. හැබැයි ආයෙ ගෑනු ළමයි ගේන්නත් බෑ, ක්ලබ් යන්නත් බෑ. තේරුණාද ?"
"ක්ලබ් යන්නෙ නැතුව ඉන්න.. Are you crazy මින්දි. ඔයා කියන්නෙ මට වන්නියේ විදිහට ජීවත් වෙන්න කියලද ?"
"වන්නිය.. නෑ මේ කලම්බු. වන්නිය තියෙන්නෙ වෙන කොහෙවත්."
"ඒ උනාට මගෙ ෆ්‍රෙන්ඩ්ස්ලා මට හිනාවෙයි."
"මේ අහන්න තියෝ.."
මම එහෙම කිව්වේ අදත් තියෝට දේශනයක් දෙන්න හිතන්. හේෂාන් කරපු වැඩේම තියෝත් කරනවා බලන්න මම ආස නෑ. එයාව හදන්න බැරි උනාට මට තියෝව හදාගන්න බැරි නෑනේ.
"ගෑනු ළමයි එක්ක සෙක්ස් කරලා හරි පිසිකල් කනෙක්ෂන් තියලා හරි ලයිෆ් එක එන්ජෝයි කරන එක පිරිමිකමද. පිරිමි ළමයෙක් උනාම ගෑනු ළමයෙක්ට රෙස්පෙක්ට් කරන්න ඕනි. ඔය වගේ ගෑනු ළමයින්ට නම් රෙස්පෙක්ට් ඕනි නෑ. ඒත් හිත හදා ගත්තොත් නරකද එක ගෑනු ළමයෙක් එක්ක ජීවත් වෙන්න."
"මැරි කරාම කෙනෙක්ට කෝල් එකක් ගන්න තියෙන Freedom එකත් නැතුව යනවා."
"හැම එකටම නහයෙන් අඬ අඬ කෙකි වෙන ගෑනු ළමයි ඇති. ඒත් ඔයා ඒ වගේ විකාර මානසිකත්ව වලින් ජීවත් වෙන්නෙ නැති ගෑනු ළමයෙක් හොයාගන්න. එක්සාම්පල් එකක් විදිහට නිකන් මං වගේ."
"ඔයාමනේ කියන්නේ ඔයා වගේ අය මේ ලෝකෙ ඉන්නෙ එක්කෙනයි කියලා. ඉතින් කොහෙද තව ඔයා වගේ ගර්ල්ස්ලා."
"ඒක හරි.. ඒත් මගෙ ගතිගුණ ගෑවිලා හරි තියෙන තව කෙනෙක් කොහේ හරි ඉන්න පුළුවන්."
"එහෙනම් මට පොඩ්ඩක් කන්ටැක් කරලා දෙන්න."
"අනේ මේ.. මට ඕවා හොයන්න බෑ. ඇයි මට වෙන වැඩ නැතුවට ඈ."
"ආහ් ඔව්නේ. දැන් ඩී මාර්ටිනස් එකේ CEO එක්කනේ මම කතා කරන්නේ 😅."
"Oo.. You remembered that ?"
"Yeah."
අදත් තියෝ එක්ක මම ගොඩාක් වෙලා කතා කලා. වෙනදට එයා කියන ඒවා අහගෙන මම ශේප් එකේ නිදාගන්නවා. ඒත් අද නම් එයාට හොඳවයින් මම කියලා දුන්නා ගෑනු ළමයි එක්ක කනෙක්ෂන්ස් තියනවට. හැබැයි එයා මම කියන දේවල් වලට හරියට අවනත වෙනවා. හේෂාන් වගේ නපුරෙක් නෙවෙයි තියෝ.
තියෝන් විලියම්ස්, හේෂාන්ට වඩා අවුරුද්දක් බාලයි. ඒ කියන්නෙ වයස 32 යි. ඒ උනාට හේෂාන් වගේ හැමදෙයක්ම ගැඹුරින් හිතලා තේරුම් අරන් කරන්නෙ නෑ මෙයා. කළොත් කරන්නෙම පොඩි එකෙක් කෙල නාගන්නවා වගේ වැඩක්. මෙච්චර කල් මම පුළුවන් තරම් හැම එකටම ටොකු ඇන ඇන කියලා දුන්නා. හැබැයි මම නැති දවසක මොනවා කරගනීවිද කියලා මට හිතාගන්න බෑ.
අයියායි අක්කයි මට තියෝව අඳුන්නලා දුන්නේ මම මෙහෙ ඉද්දි තනියම නිසා. කෙල්ලො දෙන්නාට හැමදාම නිවාඩු නෑනේ. ඒත් අන්තිමට මට උනේ කොහෙවත් ඉන්න බූරු පැටියෙක්ගෙ බූරු වැඩ බල බල හැම එකම ඇන ඇන කියලා දෙන්න 😑.
අලුත් දවසක් 🌞☁️🍃..
තද රතුපාට ගවුමකුත් ඇඳන් මම සාලෙට ආවේ නිදහසේ ඉන්න හිතන්. අද නම් මම ඔෆිස් එකට යන්නෙ නෑමයි කියලා හිතාගත්තේ ඔළුව රිදෙන නිසා. දැන් මම ඉන්නේ මන්දිරයක් වගේ තැනක. ඉස්සර තිබ්බ චූටි ගෙදර වගේ ගෙයක් ඉල්ලුවට අයියටයි අක්කටයි ඕනි උනේ මාව මේ තැන කුමාරිකාවක් වගේ තියලා තියන්න.
වින්ටේජ් ස්ටයිල් එකට හදපු මැන්ශන් එකක්. සාලෙ මැදින් දෙපැත්තට තියෙන පළල් පඩිපෙළ, තැනින් තැන තියෙන Antique දේවල්, ග්‍රැමෆෝන්, වින්ටේජ් ෆෝන්, මගෙ හාප් එක, පඩිපෙළට දකුණින් තියෙන බැලේ ස්ටැචූ එක, සාලෙ උඩ එල්ලලා තියෙන ශැන්ඩෙලියර් ලයිට් එක, මේ හැම දෙයක්ම මම ආසම විදිහට හදලා තිබුණා. ඒත් අදටත් මට මේ දේවල් ඕනෑවට වඩා වැඩියි වගේ.
"ගුඩ් මෝර්නින් මෑම්.."
ඈශ්ලි අදත් උදෙන්ම ෆයිල් එකක් අතේ තියන් වැඩ අල්ලන්න එනවා. ශුවර් අදත් ඔෆිස් එකට යන්න වෙන පාටක් තියෙන්නේ.
"මෑම් පොඩි අවුලක් තියෙනවා. මිස්ටර් විජේනායක කියනවා අපි අලුතෙන් ස්ටාර්ට් කරපු වෙඩින් ගවුන්ස් වල ප්‍රොජෙක්ට් අන්සක්සස්ෆුල් කියලා. අපිට ඒ ප්‍රොජෙක්ට් එකට වෙනම ෆැෂන් ඩිසයිනර්ස්ලා ගන්න වෙනවා කියලා සර් ඊමේල් එකකින් දාලා තියෙනවා. අලුතෙන් ඩිසයිනර්ස්ලා ගන්න නම් අපිට ඒකට වෙනම සෙක්ෂන් එකක් ඕපන් කරන්න වෙනවා. So......"
ඈශ්ලි බ්‍රේක් නෑ වගේ කියවගෙන යද්දි මම හිටපු විදිහටම මුකුත් නොකියා බලන් හිටියේ කෙල්ල තව ටිකක් කියෙව්වොත් මගෙ ඔළුව කැක්කුම දෙගුණ තෙගුණ වෙන නිසා. මම සද්ද නොකර බලන් ඉද්දි ඈශ්ලි කියවන එක නැවැත්තුවා.
"Oh.. I'm so sorry මෑම්. මම හිතුවා මෑම් අදත් ඔෆිස් යන්න රෙඩි වෙලා ඇති කියලා."
"ඒකට කමක් නෑ. But ආයෙ ඔය විදිහට එකපාරටම කියවගෙන යන්න එපා. මට හිතාගන්න බෑ මොනවද ඔයා කිව්වෙ කියලා."
මම එහෙම කියද්දි ඈශ්ලි දත් කුට්ටමම පේන්න හිනා උනේ මාව ශේප් කරගන්න වෙන්න ඇති. කොහොමත් මම එයාට බනින්නෙ නෑ. ලව් කරන්න ඕනි වයසේ ඒවා නොකර මගෙ ගාවට වෙලා වැඩ කරලා පුළුවන් තරම් සල්ලි හොයලා අම්මත් එක්ක පාඩුවේ ජීවත් වෙනවා. පුදුම කෙල්ලෙක් එයා නම්.
📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං
එකපාරටම සාලේ කොනකට වෙන්න තිබ්බ වින්ටේජ් ෆෝන් එකට කෝල් එකක් ආවා. ඉතින් මම ඈශ්ලි දිහා බලලා අවාරා එන්න කලින් ගිහින් ෆෝන් එකේ ස්පීකර් එක කන ලඟින්ම තියාගත්තා.
"Hello."
"Hello.. Is this Miss Rupasinghe ?"
"Yes it's me."
"මම යුවසිංහ හොටෙල් එකෙන් කතා කරන්නේ."
"ඔව් කියන්න."
"අපි මිස්ටර් රූපසිංහට මේල් එකක් දැම්මා. ඒත් එයාගෙන් කිසිම Response එකක් නැති නිසා මැඩම්ව කන්ටැක් කරගත්තේ. හොටෙල් එකේ Decorations ෆිනිශ් කලා මැඩම්. පුළුවන් නම් ඔයාලගෙ ටීම් එකක් එවන්න ඒ ටික චෙක් කරන්න."
"ටීම් ඕනි නෑ, මං එන්නම්. Thank you for calling."
එහෙම කියපු මං ෆෝන් එක තියලා මගෙ ෆෝන් එක අතට ගත්තා. වෙන අයව යවන්න ඕනි නෑ මම ම යන්නම්. ඊට පස්සෙ ඔෆිස් එකේ හැමෝම දැනගනීවි එයාලගෙ CEO හොටෙල් එකට ගියා කියලා. ඊටත් පස්සෙ සේරම පිටිපස්ස කැඩිච්ව කඩි රැල වගේ එහෙට මෙහෙට දුවයි 'මේ වැඩේට CEO ටම යන්න උනානේ' කියලා. අවසානෙට මට තියෙන්නේ කන්ෆරන්ස් රූම් එකට ගෙන්නලා සේරන්ටම හොඳවයින් බනින්න 😌. එක්කෙනෙක් වත් වැඩ ගැන බැලුවෙ නෑ කියලා.
"තියෝ.. මාත් එක්ක ගමනක් යන්න එනවද ?"
"කොහෙද ?"
මට මැවිලා පේනවා එයා ඔෆිස් එකේ පුටුව උඩ ඉඳන් කන්ෆියුස් වෙලා ෆෝන් එක දිහා බලන් ඉන්න හැටි. හැබැයි යුවසිංහ නම අහපු ගමන්ම.....
"මාව එක්ක යන්න එන්න. අපි යමු යුවසිංහ හොටෙල් එකට."
"What.. මොකටද එහෙ යන්නේ ?"
මං කිව්වෙ නිකන්ද. තියෝන්ට මොකක් හරි අවුලක් තියෙනවා හේෂාන් එක්කයි යුවසිංහ නම එක්කයි. මොකද එයාට නම ඇහෙන්න බෑ මට කෑ ගහනවා ඇයි යන්නේ, මොකටද මතක් කලේ, දැන් වැඩක් නෑනෙ කිය කියා.
"හේෂාන්ව බලන්න. මම බත් එකකුත් ඔතාගත්තා එයාට දෙන්න. යන්න වාහනයක් නැති නිසයි ඔයාට කතා කලේ."
තව ටිකක් ඇවිස්සෙන්න මම එහෙම කිව්වේ තොලකුත් හපන්. ඒ පාර තියෝගෙන් කිසිම උත්තරයක් නෑ. හුස්ම පිට කරනවා විතරමයි ඇහුණේ.
"ඇයි එන්න බැයිද ?"
"ආහ්.. එන්නම්.. මාත් බත්මුලක් බැඳගෙන එන්නම්. ඩයපර්ස් පැක් එකක් ඔයා එද්දි අරන් එන්න."
මම එයාව විහිළුවට අරන් කියලා තේරිලාද කොහෙද තියෝ එහෙම කිව්වා. එකපාරටම මට හිනා ගියේ එයා ඒක කිව්ව තාලෙට.
"ඇයි හිනා වෙන්නේ ?"
...................................... 🖤 ...
රියැක්ට් කරන කමෙන්ට් කරන හැමෝටම Thank you..
Sachy Collins