Spring is far away - 64
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 64 | Tears & Begin
💕🌍🌿🌸
මාස 11 කට පසු..
කොළඹ නගරය හරි කලබලයි. එක විනාඩියකට පාර හිස් නොවෙන තරම්. තදබදය නිසාම විවිධාකාර හෝන් හතර වටින්ම ඇහෙනවා. මේ දිහා 'තියෝන්' වීදුරුවෙන් බලාගෙන හිටියේ විසි වෙනි තට්ටුවේ මීටින් එකක් අතරතුර.
"මින්දි අමේලියා රූපසිංහ.. එයා ලේසි පහසු කෙනෙක් නෙවෙයි."
"මිස්ටර් මහීක රූපසිංහ එක්ක ගහපු ඩීල්ස් අපිට මින්දි එක්ක කතා කරන්නවත් බැහැ සර්."
"අනික දැන් යුවසිංහ ගෲප් එකයි ඩී මාර්ටිනස් කම්පැනි එකයි දෙකම කරට කර ඉන්නේ. මේ දෙකම ෆොරීන් එක්ස්චේන්ජ් මාකට් එකේ හයි ලෙවල් එකේ තියන කම්පැනි දෙකක්."
"යුවසිංහ හොටෙල් එකට යන හැම ෆොරීන් කෙනෙක්ම ඩී මාර්ටිනස් එකෙන් තමයි ක්ලෝතින් කරන්නේ."
"එයාලා අපිට ඉහලට යන්න දෙන්නෙම නෑ. හැමදාම නම්බර් වන් වෙලා ඉන්නේ."
හැමෝම මින්දිගේ ක්‍රියාපටිපාටිය ගැන කතා වෙද්දි තියෝන් නිශ්ශබ්දව අහන් ඉඳලා එයාගේ හොඳම යාළුවා ගාවින් වාඩි වුණා. මේ එයාගේ කම්පැනි එක නොවුණත් එයා රහස් සාමාජිකයෙක් විදිහටයි මෙතන ඉන්නේ.
"ඒක ඒ දෙන්නගේ දක්ෂතාවය. හේෂාන් යුවසිංහ වගේම මින්දි රූපසිංහත් හොඳට එක්ස්පීරියන්ස් තියන අය. හේෂාන්ට ඒක ලැබුණේ එයාගෙ තාත්තාගෙන්. ඒ වගේම මින්දි මේ මාස ගාණට බිස්නස් වර්ල්ඩ් එක හරි ඉක්මනින් අල්ලගත්තා."
තියෝන් එහෙම කියද්දි එතන හිටපු මැනේජර් කෙනෙක් හයියෙන් හිනා උනේ තියෝන්ට සමච්චලයට වගේ. හැමෝටම පුදුමයි මින්දි හිතාගන්න වත් බැරි පුංචි කාලයකින් බිස්නස් අතට ගත්තා කියන එක.
"ඔයා මොනවද දන්නෙ මිස්ටර් තියෝන් විලියම්ස්. අපි බිස්නස් කරන්නේ ටුවෙන්ටි ෆයිව් ඉයර්ස් ඉඳන්. මට නම් ශුවර් නෑ මින්දි ගැන රාවෙ යවලා මහීකම Company එක Handle කරනවද කියලා."
එයා එහෙම කියද්දි තියෝන් කෙටි හිනාවක් පාලා ටේබල් එකෙන් නැගිට්ටා.
"ස්මිත්. මට ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්කන් ඩේට් එකකට යන්න තියනවා. I'll go."
"තියෝන්ට ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා කී දෙනෙක් ඉන්නවද. මේ හන්ඩ්ර්ඩ් එක්කෙනා වෙන්න ඕනි 😄."
"But.. This is my last one."
(ඒත් මේ මගේ අවසාන එක)
"If so, it would be good."
(එහෙම උනොත් හොඳයි)
ඩී මාර්ටිනස් කම්පැනි එකේ මැනේජින් ඩිරෙක්ටර් වුණ තියෝන් විලියම්ස් රුසියානු සම්භවයක් තියන පිරිමි ළමයෙක්. එයාගෙ ලා නිල්පාට ඇස්, තඹ පාටට හුරු කළුපාට කොණ්ඩේ, වීදුරු වගේ විනිවිද පේන හම, හැඩිදැඩි ඇඟ දැක්කම ලංකාවෙ ඉන්න හැම ගෑනු ළමයෙක්ම වශී වුණා. හැබැයි එක්කෙනෙක් හැර.
"හේෂාන්.. මහීක එන ටයිම් එකක් කිව්වෙ නැද්ද ?"
"Maybe nine o clock."
(සමහරවිට නවය වෙයි)
හේෂාන් කාර් එකෙන් බැහැලා බ්ලේසර් එකේ බොත්තම දාගත්තා. කොල්ලා කලම්බු ආවේ මාසෙකට පස්සෙ වගේ. ඒ නිසා පොඩි නුහුරු ගතියකුත් තිබුණා. ඒත් ඒක මගහැරලා කොල්ලා වින්ටේජ් ස්ටයිල් එකට තිබුණු කැෆේ එක ඉස්සරහා හිටගත්තා.
"ඔයාට රාදිතා එද්දි එයාපෝර්ට් එකේ ඉන්න ඕනි නේද."
"හ්ම්ම්. මේකට මහ ලොකු ටයිම් එකක් යන එකක් නැතිවෙයි. Agreement එකට එයා සයින් කරන්න ඕනි. That's all."
බිස්නස් නොලේජ් එක වගේම සාමාන්‍ය පිරිමි ළමයින්ට වඩා පෙනුමත් තිබුණු නිසාම දැන් ඉස්සරට වඩා වැඩිපුර ගෑනු ළමයින්ගේ අවධානය හේෂාන්ට යොමු වෙලයි තිබුණේ. අනික හේෂාන්ගෙ ලංකාවට ආවේණික නොවුණු රෝස පාටට හුරු සුදු හම, තද අළුපාට සිහින් ඇස් නිසාත් අලුතෙන් බ්‍රාන්ච් වලට ආපු ගෑනු ළමයිනුත් දැන් පස්සෙන්.
"හිටියට වඩා ටිකක් හොඳ නිසා දැන් ලස්සන වෙලා."
ටනාෂියා ලඟම තිබුණු ටේබල් එකකට හේත්තු වෙලා එහෙම කියද්දි හේෂාන් කෙටි හිනාවක් දාලා මේන් රෝඩ් එක දිහාවට ඇස් යොමු කරා.
"As I told you before.. No compliments needed."
(කලින් මම කිව්වා වගේ.. වර්ණනා ඕනි නෑ)
එහෙම කියපු හේෂාන් ටනාෂියාට ඇස් යොමු කලේ රවාගත්තු බැල්මකින්. මීට අවුරුදු දෙකකට කලින් උන වැරැද්ද ආයෙ වෙනවට හේෂාන් පොඩ්ඩක් වත් කැමති නෑ. ඒකෙන් උනේ මින්දිත් තමාගෙන් නොපෙනෙන දුරට ඈත් වුණ එක.
"ඔයා මගෙ සෙකට්‍රි විතරයි. ඔයා ඔයාට ඕනි රෝල් එක විතරක් කරන්න ටනාෂියා. අතීතයේ උන දේවල් දැන් මට වැඩක් නෑ. ඒ වගේම ඒ දේවල් ආයෙ වෙන්නෙත් නෑ."
"හරි ඉතින්.. මං මුකුත් වැරදි දෙයක් කිව්වෙ නෑනේ. බොරුවට තරහා ගන්න එපා. එහෙම උනාම මට ඔයාව පේන්නේ කකුල් මතු වුණ ජම්බෝලයක් වගේ."
ටනාෂියා එහෙම කියද්දිත් හේෂාන් රෝස පාට වෙලා ඉවරයි. එදා හේෂාන් මින්දිව තමාගෙන් ඈත් කරන්න එහෙම කිව්වත් අද ඒ කරපු දේ වැරැද්ද කොල්ලට තේරෙනවා. මොකද මෙච්චර කාලයක් ගියත් මින්දි ඒ ඇස් ඉස්සරහටවත් ආවෙ නැති නිසා. සමහර අවස්ථාවල හේෂාන් ෆෝන් එක දිහාම බලාගෙන හිටියේ මින්දි කෝල් එකක් ගන්නකම්. ඒත් ආසාවට වත් ඒ කටහඬ අහන්න කෙල්ල ආවෙ නෑ. මේ නිසා හේෂාන්ට හරියට රිදුණා.
මේ මාස ගාණට ඒ ජීවිත කතා දෙකේම ගොඩාක් දේවල් වෙනස් වුණා. මින්දිට ගොඩාක් දේවල් ලැබෙද්දි හේෂාන්ට ගොඩාක් දේවල් අහිමි උනා. ඒ වගේම එක්කෙනෙක් සතුටු වෙද්දි තව කෙනෙක් ගොඩක් හිත් තැවුලෙන් හිටියා..
........
"ඔයාට ශුවර්ද.. ආයෙමත් හේෂාන් ඉස්සරහට යන එක ඔයාට අන්කම්ෆටබල් නැද්ද මින්දි ?"
ෆයිල් එක අතට ගත්තු මම කාර් එක කැෆේ එක ඉස්සරහින් නවත්තනකම් ඉඳලා තියෝන්ගෙ මූණ දිහා බැලුවා. ඒ මූණෙන් නම් මට පේන්නෙ එයා ආයෙමත් මගෙ Ex ඉස්සරහට යන්න එපා කියලා මට කියනවා වගේ.
"බිස්නස් ඩිස්කශන් වලට එයා මගෙ Ex කියලා මට අදාල නෑ තියෝ."
"එහෙනම් ගුඩ් ලක්. මං තර්ටි මිනිට්ස් ගිහාම එනවා කැෆේ එක ඉස්සරහට."
"Okay, Drive safely."
(හරී.. පරිස්සමින් යන්න)
මම තියෝන්ට එහෙම කියලා කාර් එකෙන් බැස්සා. එයා කැෆේ එකෙන් යනකම්ම මම ඒ දිහා බලන් හිටියා. මාස එකොළහකට පස්සෙ මම පළවෙනි වතාවට හේෂාන් ඉස්සරහට යන්නයි හදන්නේ. ඉතින් වෙනදා වගේම හදවත හරි වේගෙන් ගැහෙනවා. ඒත් මම ඒක පාලනය කරගෙන අනිත් පැත්තට හැරුණේ එයාලා එක්ක කතා කරන්න හිතන්.
"......"
හේෂාන් දිහා බලලා කතා කරන්න හදපු මම දැක්කේ එයා ලඟම ටනාෂියා හිටන් ඉන්න විදිහ. මම බලාපොරොත්තු උනේ නෑ හේෂාන්ගෙ ඇඟේ එල්ලෙන්න දඟලන ඒ නැට්ටත් එයාගෙ පස්සෙන් ඒවි කියලා. ඒ කියන්නේ හේෂාන් තාමත් ටනාෂියාව ඈත් කරලා නැද්ද ?
මගෙ බිස්නස් ඩිස්කශන් එකට ටනාෂියා කිසිසේත්ම අදාල කෙනෙක් නෙවෙයි. මේ ප්‍රොජෙක්ට් එක වෙන්නේ යුවසිංහ ගෲප් එකේයි ඩී මාර්ටිනස් බ්‍රෑන්ඩ් එකයි අතර. මට හම්බවෙන්න ඕනි යුවසිංහ ගෲප් එකේ CEO හේෂාන් යුවසිංහව විතරයි. ඉතින් මොකටද මම ටනාෂියා ඉන්න තැන මේ දේවල් කතා කරන්න යන්නේ.
එහෙම හිතාගෙන මම ටනාෂියා ලඟට ගියා. සෙන්ටිමීටර දහයක් විතර උස මගෙ හීල් එක සද්දෙන් බිම වදිද්දි ටනාෂියාගෙ ඇස් හැරුණේ මගෙ හීල් එක දිහාවට.
"I only wanted him. Not you."
(මට එයාවයි ඕනි. නැතුව ඔයා නෙවෙයි)
ටනාෂියාගෙ ඉස්සරහට ගිහින් මම එහෙම කියද්දි හේෂාන් මං දිහා බැලුවා. මම කිව්ව දේ නිසා ටනාෂියා අවුල් වෙලා වගේ හේෂාන් දිහා බැලුවා. හැබැයි මම කිව්ව දේ වැරැද්දක් නම් මට එහෙම පේන්නෙ නෑ.
"Ah.. Okay.. I'm leaving now.. Heshan."
(අහ්.. හරී.. මම යනවා.. හේෂාන්)
ටනාෂියා එහෙම කියලා හේෂාන් එක්ක හිනා වෙලා එතනින් ගියා. එයා යනකම් බලන් ඉඳලා මම හේෂාන් දිහා බැලුවා. ඒ වෙද්දිත් ඒ තද අළුපාට ඇස් තිබුණේ මගෙ ඇස් එක්ක යා වෙලා.
"මං හිතන්නේ අපි හම්බුණේ මාස ගාණකට පස්සෙ."
මම එහෙම කියලා එයාට අත දික් කලා. මාස ගාණක් දැක්කෙ නැති උනත් මට මේ අතේ උණුහුම හරි හුරුයි. හැබැයි අපි අද හෑන්ඩ් ශේක් කලේ කලින් ආදරවන්තයො විදිහට නෙවෙයි. බිස්නස් වර්ල්ඩ් එකේ මෙම්බර්ස්ලා විදිහට.
"Sorry මම ලේට් උනා නම්. Let's go inside."
එහෙම කියපු මං කැෆේ එකේ දොර ඇරගෙන ඇතුලට ගියා. මම ආසම ස්ටයිල් එකක් වින්ටේජ් ස්ටයිල් එක කියන්නේ. මම දන්නවා මම තරම්ම හේෂානුත් ඒ ස්ටයිල් එකට කැමතියි. ඒත් අද එයා දොර ලඟට වෙලා ඇතුලට එන්නෙ නැතුව බලන් ඉන්නවා.
ඉලිප්සියාකාර ජනේලයක් අයිනේ ටේබල් එකක් තෝරගත්තු මම එයා දිහා බලලා අතින් පෙන්නුවේ මෙතන හොඳයි කියලා. එතකොට තමයි එයා ටේබල් එක ලඟට ආවේ.
"මම හිතන්නේ අයියා ඔයාට කතා කරලා කියන්න ඇති හැමදෙයක්ම."
ටේබල් එකේ පුටුවකින් ඉඳගෙන මම එහෙම කියද්දි එයත් මට ඉස්සරහින් ඉඳගත්තා. තව දවස් පහකින් අපේ ෆ්‍රස්ට් රන්වේ එක තියෙනවා. ඒකට යුවසිංහ ගෲප් එකේ හෝල් එකක්ම අපි ගන්න හිතුවා. අපේ අයියා හේෂාන්ව හොඳට අඳුනන නිසා මේක කරගන්න ලේසි උනා. නැත්තම් එයාලගෙ හොටෙල් එකක් බුක් කරන්න හරි අමාරුයිනේ.
"හ්ම්.. මහීක හැමදෙයක්ම මට කිව්වා."
"හ්ම්ම්.. එහෙනම් ඔයාගෙ ෆයිනල් ඩිසිෂන් එක මොකක්ද ?"
"මම කැමතියි ඒකට."
"එහෙනම් අපි මේක සයින් කරමු."
මම එහෙම කියලා ෆයිල් එකෙන් ඕනි කරන පේපර්ස් ටික තෝරලා අරගෙන එයාගෙ අතට දුන්නා. එයා පේපර්ස් ටික කියවන විදිහ මම බලාගෙන හිටියා.
තාම වෙනස් වෙලා නෑ ඒ පෙනුම. මම අන්තිමට හම්බුණ වෙලේ එච්චර තරහින් කතා කරලා ගියත් එයාට අදටත් මං එක්ක කිසි තරහක් නෑ. ඒ තද අළුපාට ඇස් හරි සන්සුන්. වෙනදට ඒ සුදුපාට කම්මුල් වැහුණු රැවුල අද හරි ලස්සනට හැඩ කරලා. කලින් කලකිරීමෙන් හිටියා වගේ දැක්ක හේෂාන් යුවසිංහ ආයෙමත් අලුතෙන් ඉපදිලා වගේ දැන් මට පේන්නේ.
ඒත් තාමත් ඒ කටහඬින් මට වෙනදා වගේ හිත රිදෙන්න තරමේ දරුණු වචනයක් අහන්න ලැබුණේ නෑ. ගොඩ කාලෙකින් මම ඇඬුවේ නැති නිසා මට හිතෙනවා අද එයාගෙ වචනෙකට මම හිත රිදවන් වෙනදා වගේම අඬයි කියලා.
"I'm done."
(හරි)
එයා සේරටම සයින් කරලා පේපර්ස් ටික මට දික් කරලා එහෙම කිව්වා. එතකොටයි මම කල්පනාවෙන් පිටට ආවේ. ඉස්සර එයා මම දෙන ඕනි කොළයක් බලන්නෙ නැතුව අත්සන් කරනවා. ඒත් අද ඒ විශ්වාසයත් නැති වෙලා වගේ එයා ගොඩාක් වෙලා පේපර්ස් ටික කියෙව්වා.
"ඔයාලාගේ Decorations ගැන Instructions තියෙන ෆයිල් එක කලම්බු බ්‍රාන්ච් එකට අදම යවන්න."
"හරි මං අයියට කියන්නම්."
"හ්ම්ම්.. දැන් කොහොමද කම්පැනි එකෙ වැඩ ?"
එයා එකපාරටම එහෙම අහද්දි මම පුදුම උනා. සමහරවිට එයාටත් ආරංචි වෙලා ඇති දැන් කම්පැනි එක මමයි Handle කරන්නෙ කියලා. ඉතින් මං පොඩි හිනාවක් දාලා ජනේලෙන් පේන වැහි කළුවක් තියෙන අහස දිහා බලාගත්තා.
"හොඳයි.. රන්වේ ශෝ එක නිසා ටිකක් බිසී."
"I see."
එයා එහෙම කිව්වේ පොඩි හිනාවක් දෙතොල් වල රඳවන්. මෙච්චර වෙලා ලස්සනට තිබ්බ අහස අඳුරු වෙලා එකපාරටම. අහස අඳුරු වෙනවත් එක්කම මගෙ හිතටත් අමුතු සිතුවිලි ආවා.
"අපි මොනවා හරි බොමුද ?"
නිකන් දෙන්නට දෙන්නා දිහා බලන් ඉන්න වෙලේ එහෙම කරන එක හොඳයි කියලා හිතුණු මං එයාගෙන් එහෙම ඇහුවා. ඒ එක්කම එයා ඔළුව වැනුවේ 'හා' කියලා.
"කෝපිනේ ඔයා ආසම ?"
මම එහෙම කියද්දි එයා හිනා උනා. මට මතකයි ඒ කාලෙ එයා කෝපි වලට ආදරේ කරපු තරම. ඉතින් මං වේටර් කෙනෙක්ට කතා කරලා අපි දෙන්නට කෝපි දෙකක් ඕඩර් කලා.
"තාම අමතක වෙලා නෑ නේද ඒ ගැන."
මම මෙච්චර වෙලා බලාපොරොත්තුවෙන් හිටියේ ඔය වගේ කතාවක් තමයි. ඇස් වලින් විතරක් මම එයා දිහා බලද්දි ඒ ඇස් යොමු වෙලා තිබුණේ මගෙ ඇස් වලටමයි. වෙනදා වගේම ඒ දෙතොල් අග සියුම් හිනාවක්.
"ඒ දේවල් එච්චර ඉක්මනින් අමතක වෙන්න මම අමනුස්සයෙක් නෙවෙයි.. හේෂාන්.."
ස්ට්‍රේට් කරපු කළු කොණ්ඩේ කන පිටිපස්සට කරලා මම එහෙම කිව්වේ බිමට ඇස් හරවන්. මම ඔයාගෙන් බලාපොරොත්තු උන වචනෙන් මාවම රිද්දගත්තා මේ සැරෙත්.
"අමනුස්සයෙක් නෙවෙයි නම් ඔයාට එක මොහොතකට හරි මාව බලන්න එන්න හිතුණෙ නැත්තෙ ඇයි."
එයා එහෙම අහද්දි ආයෙමත් වතාවක් මගෙ ඇස් හැරුණේ එයාගෙ ඇස් දිහාවට. නිකන් නෙවෙයි කඳුළුත් එක්ක. මම දන්නවා ඔයා ලෙඩෙක්. ඒත් ඔයා මගෙ හිත රිදෙව්වා එදා ගොඩාක්. මම දන්නෙ නෑ ඔයා ඒ දේවල් හිතලා කිව්වද එහෙම නැතුව කිව්වද කියලා. ඒත් එදයින් පස්සෙ මට හිතුනෙම නෑ ආයෙ ඔයා ඉස්සරහට ඇවිත් ඒ නරක මතක අවුස්සගන්න. ඒ නිසාම මං ඉවසගෙන හිටියා.
"ඔයාට මාව මතක් උනේම නැද්ද මින්දි ?"
ඉවසන්න බැරිම තැන මගෙ ඇස් වල පිරුණු කඳුළු කම්මුල් දිගේ පහලට වැටුණා. මෙහෙම කඳුළු වෙලා මගෙ ඇස් වලින් වැටෙන්නෙ හිත ඇතුළෙ තද කරන් ඉන්න මගෙම හැඟීම් නෙවෙයිද. ටනාෂියා නෙවෙයි මොන කෙල්ල එක්ක මොන විකාරයක් නැටුවත් මම දන්නෙ මෙච්චරයි..
මම තාමත් ඔයාට ඒ වගේම ආදරෙයි..
මගෙ කඳුළු දැක්කම එයාට ඉවසන්න බැරි බව මම දන්නවා. ඒත් එයාමයි මගෙ කඳුළු ආයෙමත් මට ගෙනවිත් දුන්නේ. කිසිම දෙයක් නොකියා මම බිම බලාගත්තේ කඳුළු පිහදගන්න හිතන්. ඒත් එක්කම එයා පුටුවෙන් නැගිටලා මගෙ මූණට ලං උනේ කම්මුල් වල කඳුළු පිහදාන්න.
"නෑ කමක් නෑ හේෂාන්."
එයාගෙ ඇඟිලි මගෙ කම්මුල් වලට මිලිමීටර් ගාණක් තියලා නැවතුණේ මම එහෙම කිව්ව නිසා. එයාගෙ ඉස්සරහම මම මගෙ අත් දෙකෙන්ම කඳුළු පිහදගත්තා.
"Sorry මම ඔයාව ඇඬෙව්වා නම්."
ආයෙමත් මගෙ ඉස්සරහින් ඉඳගත්තු එයා එහෙම කියද්දි මම හිනා උනේ වේටර් ගෙනවිත් දුන්න දුම් පිට වෙන උණු කෝපි කෝප්ප දෙක දිහා බලන්.
"සමා ඕනි නෑ.. ඔයා දන්නවා මේවා කවදා ඉඳන් වැටෙන ඒවද කියලා. අවුරුදු ගාණක් ගියත් මට මේ කඳුළු නවත්තගන්න බැරි උනා. ඒක ඉදිරියට වෙන එකකුත් නෑ."
තව දේවල් කියන්න කියන්න කියලා මගෙ හිත බල කරද්දි මම, ඇඳන් හිටපු කොල පාට, උරපටි ටයිට් ගවුම අත් දෙකට මිරිකගත්තා. මාස එකොළහක් යද්දි මින්දි අමේලියා රූපසිංහ හිතුවට වඩා වෙනස් උනා. අදටත් මම අයියා එක්ක නොකියපු දේවල් තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ මාස ගාණට මම දුල්නෙත්මියි සංජානායි එක්කත් කතා කරන්න ඇත්තේ වචන දාහක් විතර වෙන්න ඇති. ඒ තරමට මම දැන් වෙනස් වෙලා. හිතේ හැම හැඟීමක්ම හිර කරන් හේෂාන් වගේම නිහඬ චරිතයක් වෙන්න වුණා මට.
එයා කෝපි කෝප්පේ හිස් කරන හැටි බලාගෙනම මමත් කෝපි එක හිස් කලා. තියෝන් කිව්වා හරි. බිස්නස් ඩිස්කශන් එකකට ආපු මං අන්තිමට, මං විසින්ම පරණ මතක අවුස්සලා අරගෙන මූඩ් එක අවුල් කරගත්තා. ඒ පරණ මතක ඇවිස්සෙන්න ලොකුම හේතුව හේෂාන්. හැබැයි එහෙමයි කියලා මම හැමදාම එයාගෙන් හැංගිලා ඉන්නද. අපි ටොප් ලෙවල් දෙකක ෆැමිලි දෙකක් නම් කොහොමද අපි අපෙන් හැංගිලා ඉන්නේ.
"සර්නේම් එකත් එක්ක ඔයාගෙ නම දැන් ලස්සනයි. ඉස්සර ඒක හරි අසම්පූර්ණයි."
එයා එහෙම කියද්දි මම හිනා උනා. මගෙ අසම්පූර්ණ නම සම්පූර්ණ කරන්න උදව් කලේ ඔයා. ඉතින් මට බෑ හිතක් පපුවක් නෑ වගේ ඔයාට ස්තූති නොකර ඉන්න.
"Thank you හේෂාන්.. ඔයා අපේ අයියාට මම ගැන කිව්වෙ නැත්තම් මම අද මෙතන නෑනේ."
ඔව් මං කිව්ව දේ හරියටම හරි. එදත් මම කිව්වෙම මම ඒ තැන හිටියේ හේෂාන් නිසා කියලා. ඉතින් අදත් මට කියන්න තියෙන්නෙ මම මේ තැන ඉන්නෙත් හේෂාන් නිසා කියලා. එයා අයියටයි අක්කටයි මාව හොයලා දෙන්න උදව් කලේ නැත්තම් මම අදටත් යුවසිංහ ගෲප් එකේ වැඩ කරගෙන දුක් විඳිනවා.
"ඔයාට ලැබෙන්න තියන හැමදෙයක්ම දැන් ලැබිලානෙ තියෙන්නෙ මින්දි. So ආයෙ කිසිම දේකට වොරි වෙන්න එපා."
"මට.. ලැබෙන්න තියෙන හැම දෙයක්ම ලැබිලා ?"
මම හිනා වෙලා එහෙම අහද්දි එයා මගෙ දිහා වියවුල් වෙලා බැලුවා. එයා එහෙම බලන එක සාධාරණයි. මට ඕනි හැමදෙයක්ම දැන් නොඅඩුව තියෙනවා. ඒත් එක දෙයක් ඇර. ඒ ඔයා..
"ඇයි එහෙම නෙවෙයිද ?"
"නෑ.. මට ඕනිම දේ මට ලැබිලා නෑ."
"මොකක්ද ?"
නොදන්න කෙනෙක් වගේ ඔයා ඔහොම අහද්දි මට හරි දුකයි. ඒත් කමක් නෑ. මේක මගෙ දෛවය නම් මොකටද මම තවත් ඒ ගැන හිත හිතා දුක් වෙන්නේ.
"කම්පැනි එකේ සම්පූර්ණ අයිතිය. ඒක තාම මට ලැබිලා නෑ. ඒක ලැබුනයින් පස්සෙ මට පුළුවන් රෝල්ස් රොයිස් එකක් ගන්න. දැනට මට ඒක කරන්න බෑ."
හරි ලස්සන බොරුවක් හදලා මම එහෙම කියද්දි හේෂාන් හිනා වෙලා ඇස් අහකට හරවගත්තා. දැන් එයා හිතනවා ඇති මම සල්ලි වලට ඇබ්බැහි වෙලා කියලා. ඔව් මම සල්ලි වලට ඇබ්බැහි වෙලා. හැබැයි ඔයාට තරම් නැතුව ඇති.
"එච්චරම ආසද රෝල්ස් රොයිස් වලට."
"ඔව්.. දැනට ලංකාවට තියෙන්නේ තුනයි. එකක් ඔයාගේ. හතර වෙනි එක මගෙ වෙන්න ඕනි."
"හොඳ ගෝල් එකක්. එහෙම උනොත් ඔයා ලංකාවේ ෆ්‍රස්ට් වුමන් වෙනවා රෝල්ස් රොයිස් එකක් ගත්තු."
"ඒ ගෞරවයත් මට ලැබෙනවා නම් මම ඒකට කැමතියි."
එහෙම කියපු මම ජනේලෙන් පිටත බැලුවා. ඒ බලද්දියි දැක්කෙ තියෝන් කාර් එක නවත්තගෙන මට අත වනන හැටි. එයා මට දුන්නේ විනාඩි තිහයි. ඒත් මම දැනටමත් විනාඩි හතලිහක් අරන්.
"මම එහෙනම් යන්නම් හේෂාන්.. අහ්.. සොරි.. මිස්ටර් යුවසිංහ."
මම නැගිටලා එහෙම කියද්දි එයත් නැගිට්ටා. ඒ ඇස් වල තියුණු බැල්ම ආයෙමත් වතාවක් මගෙ ඇස් කෙලින් වැටුණා.
"Okay.. Miss Rupasinghe."
එයා මට වචන වලින් ගැහුවා වගේ එහෙම කියලා හෑන්ඩ් ශේක් කලා. තවත් එයා ඉස්සරහා ඉන්න අපහසු මම කැෆේ එකෙන් එළියට ගියා. කාර් එක ගාවට යද්දි තියෝන් මං දිහා බලන් ඉන්න විදිහ නම් හරි නෑ. ශුවර් එයාගෙ බිස්නස් මීටින් එකක් මං නිසා කඩාකප්පල් වෙලා ඇති.
"You're too late මින්දි.."
"Sorry තියෝ.. මට එච්චර දැනුණෙ නෑ ටයිම් පාස් වෙනවා."
"හේෂාන් නිසාද ?"
තියෝ එහෙම කියද්දි මම අපහසුවෙන් හිනා උනා. තියෝව මට හම්බුණේ මීට අවුරුද්දකට කලින්. ඉතින් එහෙව් එකේ එයා දන්නෙ නෑනේ හේෂාන්ගෙයි මගෙයි අතර තියෙන ඇත්තම සම්බන්ධය. එයා දන්නෙ අපි Ex Lovers ලා කියලා විතරමයි.
"ආයෙ හේෂාන්ගෙ නම මෙන්ශන් කරන්න එපා තියෝ. Let's go."
මම එහෙම කියලා කාර් එකට නැග්ගා. තියෝ මගෙ මූණ දිහා ටික වෙලාවක් බලන් ඉඳලා ඇවිත් කාර් එකට නැග්ගා. වෙලාවකට තියෝ හේෂාන්ට නොරිස්සන කතා කියද්දි මම තරහින් එහෙම කතා කරනවා. මුලදි නොහිතුණත්, තියෝ පර්සනලි හේෂාන්ට කැමති නෑ කියලා මට තේරෙනවා දැන්.
................................................... 🖤 ...
දැන් තමයි හොඳම Revenge එක පටන් ගන්නෙ ළමයි 😌
ඉතින් මම මේ ඔයාලට දෙන කතාවට ඔයාලා මට සහයෝගයක් දෙන්න ලයික් හරි රියැක්ට් එකකින් හරි 🖤
තව තව රසවත් දේවල් මම ඊලඟ එපිය යටින් ලියන්නම්. වැඩිය ලිව්වම කියවන්නත් එපා වෙනවනේ.
Sachy Collins