Spring is far away - 63
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 63 | Season 01 finale
දැන් වෙලාව හරියටම දහයයි. මම කාර් එක දිහා බලලා ඉස්තෝප්පුවට ගිහින් ශූස් දෙකත් ගලවලා දොරෙන් ඇතුළු උනා.
ඔළුව උස්සලා බලපු මම දැක්කේ දුල්නෙත්මියි සංජානායි එක සෝෆා එකක ඉඳගෙන ඉන්න විදිහ. අනිත් සෝෆා එකේ හේෂාන්ගෙ වයස වගේ පිරිමි ළමයෙකුයි ඒ වයසම වගේ ගෑනු ළමයෙකුයි ඉඳගෙන හිටියා.
"මින්දි.. ඔයා ආවද ?"
දුල්නෙත්මියි සංජානායි සෝෆා එකෙන් නැගිටිද්දි මම තව ටිකක් ඇතුලට ආවේ හිමින් සීරුව අඩිය තියන ගමන්. ඒ එක්කම මාව දැකලා ඒ ඇවිත් හිටපු දෙන්නත් නැගිට්ටා.
"නංගි.."
එකපාරටම එතන හිටපු මගෙ පාටම පිරිමි ළමයා මං දිහා බලාගෙන එහෙම කිව්වා. මම දුල්නෙත්මියි සංජානායි දිහායි හැරිලා බැලුවා. දෙවියන් වහන්ස මට කියන්න නම් එපා මේ ඇවිත් ඉන්නේ... මගේ...
"මින්දි.. මේ ඉන්නෙ ඔයාගෙ අයියයි අක්කයි. මහීක රූපසිංහයි මහීෂා රූපසිංහයි."
මම ඒ දෙන්නා දිහාවට හැරුණා. එයාලා මගෙ පාටමයි. මගෙ හැඩහුරුකම් එයාලටත් තිබුණා. පොඩ්ඩක් ඉන්න. දුල්නෙත්මි මොකක්ද ඒ කිව්ව නම් දෙක ?
මහීක රූපසිංහ ?
මහීෂා රූපසිංහ ?
නියම සිහියට ආවම මගෙ ඇඟම සීතල වුණා වගේ. මහීක කියන්නේ මම දැන් යන්න හදන ඩී මාර්ටිනස් එකේ CEO, ඒ වගේම හේෂාන්ගෙ යාළුවා. මහීෂා කියන්නේ ලංකාවේ ලස්සනම දක්ෂම රන්වේ මොඩ්ල්. එයා ඉන්ටර්නැෂනල් ගියපු කෙනෙක්. එහෙම අය කොහොමද මගෙ අයියයි අක්කයි වෙන්නේ ?
"බයවෙන්න එපා බන්. එයාලා ගාව එවිඩන්ස් තියනවා. ඊයෙ රෑත් එයාලා ආවා මෙහෙ. ඇවිත් අපිට හැමදෙයක්ම කියලා, පෙන්නලා ගියේ."
සජී එහෙම කියද්දි මං ඒ දෙන්නා දිහා බැලුවා. මෙච්චර කාලයක් එයාලා මාව හොයාගන්න බැරුවද හිටියේ. කෙල්ලො දෙන්නටත් උවමනා වෙලා තිබුණේ මේ දෙන්නව මට මුනගස්වන්නද ?
"ඔයා.. මගෙ.. අයියද ?"
මගෙ ඇස් වල ආයෙමත් කඳුළු. කොහොම විශ්වාස කරන්නද මගෙ සහෝදරියයි සහෝදරයායි මෙහෙම දෙන්නෙක් කියලා. දුල්නෙත්මියි සංජානායි මට කවදාවත් බොරු කරන්නෙ නෑ. එයාලා මේ සැරේ මගෙ භාරකාරයෝ මට ගෙනවිත් දීලාද.
"මං ඔයාගෙ අයියා. මේ ඉන්නෙ ඔයාගෙ අක්කා."
"ම්ම්.. ඔයාව හොයාගන්න අපි කාපු කට්ටක්."
ඒ දෙන්නා එහෙම කියද්දි මං තවත් බලාගෙන හිටියේ නෑ. මම අයියාව තුරුලු කරගත්තේ හැමෝම බලාගෙන ඉද්දි. මගෙ කඳුළු වලට එයාගෙ සුදු ශර්ට් එක තෙත් වෙලා.
"කොහෙද.. ඔයාලා.. මෙච්චර කල් හිටියේ.. ඇයි.. ඇයි මාව.. දාලා ගියේ.. ඔයාලට.. මාව.. වටින්නෙ.. නැද්ද.. පොඩ්ඩක්වත්.."
මම එහෙම කියද්දි ඒ දෙන්නම මාව තුරුලු කරගන්නවා වගේ මට දැනුණා. ඒ දෙන්නා විතරක් තියාගෙන ඇයි අම්මයි තාත්තයි මාව අනාත නිවාසෙ ඉස්සරහින් තියලා ගියේ.
❝ අපිට මේ දරුවාව එපා. මෙයා අපි නොහිතපු වෙලාවක අපි ගාවට ආපු කෙනෙක්. අපිට දැන්ම දරුවො ඕනි නෑ ❞
කියලා කොලේක ලියලා එච්චර වටින මාලයක් දීලා ඇයි එයාලා මාව එතන දාලා ගියේ. අයියයි අක්කයි හදා ගත්තා වගේ මාව හදා ගත්තෙ නැත්තෙ ඇයි. මට එයාලගෙන් මේ දේවල් වලට උත්තර ලැබෙයිද.
"කියන්න දේවල් ගොඩාක් තියනවා මින්දි. ඒත් ඒ හැමදේම කියලා ඉවර කරන්න ගියොත් දවසක් මදිවෙයි."
"කෝ.. එයාලා.."
මම අයියාගෙ පපුව උඩින් ඔළුව උස්සලා බැලුවා. එයාලා දෙන්නා මූණට මූණ බලා ගත්තා. පෙනුමෙන් නම් ලොකු ප්‍රශ්නයක් තියනවා වගේ.
"අපි ඉඳගෙන කතා කරමුද ?"
"හ්ම්ම්."
මගෙ ඔළුව අතගාලා එයාලා එහෙම කියද්දි මම ඒ වචනෙට කීකරු වෙලා සෝෆා එකෙන් ඉඳගත්තා. ලොකු දුකක හිටපු මට එකපාරටම පුදුමයක් එක්කාසු වුණාම පපුව රිදෙනවාත් වගේ.
"ඔයාගෙ බ්ලඩ් ගෲප් එක බී පොසිටිව්, එහෙම නෙවෙයිද ?"
"ඒක හරි."
එයාලා ෆයිල් එකක් ඇදලා අරගෙන මගෙ අතට දුන්නා. ඒකෙ තියෙන්නේ එයාලගෙ DNA රිපෝර්ට් දෙක. අපි තුන් දෙනාගෙම බ්ලඩ් ගෲප් එක සමානයි. ඒ වගේම මගෙ උරහිසේ තියන බර්ත්මාක් ඩොට් එක අක්කාගෙ උරහිසෙත් තියනවා මට පෙනුණා එයා ඇඳන් ඉන්න ඕෆ් ශෝල්ඩර් ඩ්‍රෙස් එකෙන්. අනික එයාලා මගෙ පාටමයි. අයියත් අක්කා වගේමයි. ඒත් මම ඒ දෙන්නට වඩා ටිකක් වෙනස්.
"අපි ඔයාව හොයාගෙන ඉස්සෙල්ලාම ගියේ ඕෆනේජ් එකට. අපිට සිස්ටර් කිසිම ඩීටේල් එකක් දුන්නෙ නෑ ඔයා ගැන. ඊට පස්සෙ අපි ඔයා ගියපු ස්කූල් එකට ගියා. ඔයාගෙ ෆ්‍රෙන්ඩ්ස්ලා හොයන් ගියා. ඒත් ඒ අයවත් අපිට හොයාගන්න හම්බුණේ නෑ. එක ගර්ල් කෙනෙක් කිව්වා ඔයා හේෂාන් එක්ක කලම්බු ආවා කියලා.."
"අපේ තාත්තා ශෂීන්ද්‍ර අන්කල්ව අඳුනනවා හොඳට. ඒකෙන් මටත් හේෂාන් එක්ක ෆ්‍රෙන්ඩ්ශිප් එකක් පටන් ගන්න පුළුවන් උනා. යුවසිංහ ෆැමිලි එක නම්බර් වන් ෆැමිලි එකක්. ඉතින් අපි අතර හිතවත්කමක් තිබුණා. මම ටික කාලයක් යද්දි එයාට ඇත්ත කිව්වා. මම කිව්වා ඔයාව පෙන්නන්න කියලා. ඒත් එයා ඒකට ඉඩ දුන්නෙ නෑ."
ඒ කියන්නෙ හේෂාන්, මට අයියාව මුණ ගැහෙන්න නොදී බාධකයක් වගේ හිටියා කියලද. ඒත් ඇයි එයා එහෙම දෙයක් කලේ. එයාට උවමනාව තිබුණද මාව හැමදාම එයා ගාව තියාගන්න අයිතිකාරයින්ට නොදී ?
"ඇයි හේෂාන් එහෙම කලේ ?"
"ඔයා හේෂාන් ගැන වැරදියට හිතන්න එපා. එයා එහෙම කලේ ඔයාගෙ හොඳට. එයාට බය හිතිලා මම ඇත්තටම ඔයාගෙ අයියා නෙවෙයි කියලා. අන්තිමට එයාට මම පෲ කරලා පෙන්නුවා මම ඔයාගෙ අයියා කියලා. එතකොට ඔයා ලංකාවට ඇවිත් සිඩ්නි වල ඉඳන්. මම ගොඩාක් වෙලාවට හේෂාන්ගෙන් ඇහුවා ඔයාව හම්බවෙන්න යන්න. ඒත් එයා මට ඔයා ඉන්න තැනක් වත් කිව්වෙ නෑ.."
"හැබැයි එයා ඔයාගෙ අනිත් හැම ඩීටේල් එකක්ම මට කියලා තිබුණේ. අවසානෙට හේෂාන් මට කිව්වා ඔයා අපේ කුරුණෑගල අවුට්ලට් එකට එනවා කියලා. ඒ නිසා මම හේෂාන් දුන්න ඩීටේල්ස් වලින් ඔයාගෙ හැඩහුරුකම් මැනලා, ආසම පාටවල් බලලා ඩ්‍රෙස් එකක් ඩිසයින් කරලා Show room එකේ තියලා ඔයා එනකම් බලාගෙන හිටියා. ඔයා මීට දවස් දෙක තුනකට කලින් ආවා. හිතුවා වගේම ඔයා ඒ ඩ්‍රෙස් එකත් ගත්තා.."
"එදා මමයි මැනේජර්ට කතා කරලා කිව්වෙ ඔයාට ඔෆර් එකක් දෙන්න කියලා. අනික ඔයා එහෙ ආපු නිසා තමයි අපි ඔයාව කන්ටැක් කරගන්න පුළුවන් උනේ. මම ඔයාගෙ නම්බර් එක ට්‍රැක් කලා. ඊට පස්සෙ තමයි ඔයාව හොයාගෙන මෙහෙට ආවේ. ඒකත් ඔයා නැති වෙලාවක. ඔයාගෙ හිතේ අපි ගැන ට්‍රස්ට් එක හදන්න කලින් ඔයාගෙ බෙස්ටියො දෙන්නගේ හිත් වල ට්‍රස්ට් එකක් හදන්න ඕනි කියලා අපිට හිතුණා."
"ඔව් මින්දි. ඔයාගෙ අයියා ඊයෙ අපිට සේරම කිව්වා. අනික එදා ගෑනු ළමයෙක් ඇවිත් අපෙන් යුවසිංහ ගෲප් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද කියලා අහලා තියෙන්නෙත් ඔයාගෙ අයියගෙ කම්පැනි එකේ වැඩ කරන කෙනෙක්ලු."
එයාලා එහෙම කියනවා. එහෙනම් ඒක තමයි එදා මැනේජර් අමුතු විදිහට මට කතා කලේ. ඒ මදිවට ඒ ගවුම මම ආසම විදිහෙන්, මගෙ සයිස් එකෙන්ම ඩිසයින් කරලා තිබුණේ. අනික කව්ද එහෙම ගවුමෙන් බාගයක් අඩු කරලා ඔෆර්ස් දෙන්නේ ?
එතකොට හේෂානුත් මෙච්චර දෙයක් කරලද. එයා මගෙ අයියට උදව් කරලා මාව හොයාගන්න. ඒත් ඇයි එයා ටනාෂියා එක්ක රූම් ගානෙ යන්නේ. මෙච්චර මං වෙනුවෙන් දේවල් කරලත් එයා ඇයි අද එහෙම හැසිරුණේ.
❝ මින්දි.. ඔයා මාව පුළුවන් තරම් ඉක්මනින් අමතක කරලා දාන්න ❞
❝ ඒකයි මම කිව්වේ ඔයාට මාව අමතක කරන්න කියලා. බොරුවට ඔයා ඔයාව රිද්දගන්න එපා ❞
❝ ප්ලීස් මින්දි.. මට මගෙ පාඩුවේ ඉන්න දීලා යන්න. මම මෙච්චර කියන දේවල් වලින් ඔයාට තේරෙන්නෙ නැද්ද ❞
ටනාෂියා එක්ක සම්බන්ධකම් තියලා මාව අමතක කරන්න හදනවා නම් අවසානෙ වෙනකම් අයියලාට මං ගැන කියපු, මාව හොයාගන්න උදව් කරපු කෙනා ඇයි මට එහෙම කිව්වේ. මොකක්ද මේ හේෂාන්ට වෙලා තියෙන්නේ.
"හේෂාන් හොඳ බෝයි කෙනෙ......"
"නෑ.."
මම එහෙම කියලා එයාලා දිහා බලද්දි එයාලා මං දිහා පුදුමෙන් බැලුවා.
"ඒ ඉස්සර. දැන් හේෂාන් ඉස්සර හිටපු අවංක, අහිංසක කෙනා නෙවෙයි. එයා ගොඩක් වෙනස් වෙලා."
"ඒත් එයායි අපිට මේ දේවල් වලට උදව් කලේ."
"එයා එහෙම කලේ එයාටයි ටනාෂියාටයි නිදහසේ ඉන්න, මාව ඔයාලට බාරදීලා දුරකට යවන්න වෙන්න ඇති."
එහෙම වෙන්න ඇති. ඒත් දැන් මං ඒ ගැන කල්පනා කරලා හිත පාරගන්න ඕනි නෑ. මට අද අහිමිවීමකුත් හිමිවීමකුත් දෙකක්ම ලැබුණා. ඒ ලැබුණු හිමිවීම මම සතුටින් බාරගන්න ඕනි. හැබැයි මට තරහයි වගේම දුකයි අම්මයි තාත්තයි මාව ඕපනේජ් එකට දාපු එකට.
"අම්මයි තාත්තයි කොහෙද. කෝ ඒ දෙන්නා ?"
"ඒක තමයි මෙතන තියන බිග් ස්ටෝරි එක. අපි හිතුවට මෙතන ලොකු පටලැවිල්ලක් තියනවා නංගි."
අයියා බැරෑරුම් පෙනුමක් මවාගෙන එහෙම කිව්වා. මොකක්ද තියන පටලැවිල්ල. එයා කියන්න හදන්නේ මම වැරදීමකින් ඕපනේජ් එක ඉස්සරහින් ගිහින් තියලා කියලද.
"මොකක්ද පටලැවිල්ල."
"අපේ තාත්තා මීට අවුරුදු අටකට කලින් නැති උනා. ඒ ඇක්සිඩන්ට් එකෙන් අපේ අම්මත් මැරුණා."
"මොකක් ?"
"ඔව්. හැබැයි ඒ නැති උනේ ඔයාගෙ අම්මා නෙවෙයි මින්දි."
"එහෙනම් ?"
"ඒ අපේ අම්මා. ඔයාගෙ අම්මා වෙන කෙනෙක්."
එයාලා කියන දේවල් විශ්වාස කරන්නත් අමාරුයි. ඒ කියන්නේ අපි එකම ලේ තියන අය උනත් අම්මලා දෙන්නෙක්ගේ දරුවො තුන් දෙනෙක්. ඒත් කොහොමද එහෙම උනේ.
"අපේ තාත්තාගේ සීක්‍රට් ලවර් ඔයාගෙ අම්මා. ඔයා ලැබෙද්දි ඔයාගෙ අම්මා නැතිවෙලා. මේ ඉන්නෙ එයා."
එහෙම කියලා අයියා මගෙ අතට දුන්නේ මගෙ අම්මා කිව්ව කෙනාගෙ ෆොටෝ එක. මම ඒක අතට අරගත්තා. ඒ ෆොටෝ එකේ ඉන්න කෙනා දැක්කම මගෙ ඇස් අදහාගන්න බැරි උනා.
කළව මැදට තියෙන සුදුපාට එම්බ්‍රොයිඩර්ඩ් ගවුමක් ඇඳලා කකුල් නවාගෙන ඒ වටෙන් අත් දෙක බැඳගෙන පුටුවක් උඩට වෙලා ඉඳගෙන ඉන්න මම වගේම කෙනෙක්. මගෙ පාටම මගෙ මූණම තියන එයා මගෙ අම්මා කියලා ඕනි කෙනෙක්ට දැක්කම හිතාගන්න පුළුවන්. එයාගෙ ඇඟත් මගෙ ඇඟ වගේමයි. ලා දුඹුරු පාට සිහින් දිග කකුල්, ඇඟ පුරාම පැතිරුණු එකම හමේ වර්ණය, ඉන ගාවට තියෙන තඹපාට මහත කැරලි කොණ්ඩේ මගෙ වගේමයි.
"ඔයාගෙ අම්මා Instrument ප්ලේ කරන කෙනෙක්. එයා මෙහෙ නෙවෙයි හිටියේ. නිව්යෝර්ක් වල තමයි එයායි එයාගේ අම්මයි තාත්තයි හිටියේ."
එයා Instrument ප්ලේ කරන කෙනෙක් නම් එදා තේෂාන්ගෙ යළුවාගෙ ගෙදර ගිහාම ඒ අම්මා කව්ද මංදා කෙනෙක් ගැන කිව්වේ, ඒ මගෙ අම්මා කියලා හිතන් වෙන්න ඇති.
❝ මට දැනුයි මතක් උනේ. අපේ අම්මලා දන්න Instrument ප්ලේ කරන කෙනෙක් හිටියා. එයාත් මින්දි වගේමයි ❞
❝ මේ දුව වගේමයි ඒ නෝනත්. මේ හැඩරුවමයි තිබුණේ ❞
❝ මගෙන් Instrument එකක් ප්ලේ කරන්න ඉගෙන ගන්න ආවා ඒ කාලෙ රට නෝනා කෙනෙක්. එයා මෙහෙ කෙනෙක් නෙවෙයි සිංහල කතා කරාට. නම නම් මට මතක නෑ. හැබැයි එක සැරේක පත්තරේක මුල පිටුවේ හිටියා ❞
❝ එයා හිටියේ මහනුවර. එහෙ ඉඳන් තමයි මෙහෙ ආවේ මගෙන් බටනලා ඉගෙනගන්න. හැබැයි ටික කාලයක් ඇවිත් නැවතුණා. මැරි කරලා බබා හම්බුණාම නැති උනා කියලා තමයි ආරංචි ආවෙ නම්. හැබැයි හරියටම දන්නෙ නෑ ❞
ඒ කියන්නෙ එයාලා දන්නවා මගෙ අම්මව. එයාලා එදා කියලා තියෙන්නෙත් මගෙ අම්මා ගැන. තේෂාන් ඒ ගැන හාර හාර ඇහුවේ හේෂාන් එයාට ඒ ගැන කියලා තිබ්බ නිසා වෙන්න ඇති. ඒත් මම එදා ඒ අය කිව්ව කිසි දෙයක් කනකට ගත්තෙ නෑ.
❝ අම්මා කිව්ව කතාව හරි මින්දි. ඇත්තටම මං ඔයා වගේ කෙනෙක් දන්නවා ❞
❝ සෝශල් මීඩියා වල ගර්ල් කෙනෙක් ඉන්නවා. එයා ලංකාවේ උනාට දැන් ඉන්ටර්නැෂනල් ගිහින් ඉවරයි. අන්න එයා වගේ ඔයා ❞
සමිත්ගේ වයිෆ් පවා එදා මට එහෙම කිව්වා. එයා කියලා තියෙන්නෙ මගෙ අක්කා ගැන. ඉන්ටර්නැෂනල් සුපර් මොඩ්ල් කෙනෙක් වුණ මහීෂා රූපසිංහ ගැන.
"අපේ තාත්තා මහීව හම්බවෙලා ඉද්දි ඔයාගෙ අම්මා එක්ක එෆෙයා එකක් පටන් අරන් තියනවා ඔයාගෙ අම්මා ඇත්ත දැනගෙන තියෙන්නේ ඔයාව ලැබෙන්න ඉද්දි."
"ඒ කියන්නේ මගෙ අම්මා තාත්තට රැවටිලා කියන එකද ?"
"ඔව් නංගි. මම පිළිගන්නවා තාත්තා ලොකු වරදක් කරලා. ඒත් ඒ දේවල් වෙලා ඉවරයි. දැන් අපි සහෝදරයෝ. එයාලා තුන් දෙනාම අපිව දාලා ගියා. දැන් අපිට අපි තුන් දෙනා විතරයි ඉන්නේ. ඉතින් අපි එකතු වෙලා ඉන්න ඕනි නෙවෙයිද ?"
"ඒක ඇත්ත."
"හ්ම්ම්.. මං දන්නවා ඔයා ඒ බ්ලූ ඩයමන්ඩ් නෙක්ලස් එක විසිකලා කියලා. ඒක දැන් තියෙන්නේ නිව්යෝර්ක් වල. මට හැම ඩීටේල් එකක්ම හම්බුණා. හැබැයි ඒක නැති වෙලා කියලා ඔයා දුක් වෙන්න එපා."
"ඇයි ?"
මම එහෙම කිව්වම අයියා එයාගෙ අතින් දිගෑරියේ කලින් තිබුණා වගේම නෙක්ලස් එකක්. ඒක රෝස් ගෝල්ඩ් එකක්. ඒත් පෙන්ඩන්ට් එකේ තියන ඩීප් බ්ලූ ඩයමන්ඩ් එක දැක්කම මගෙ ඇස් අදහන්නෙ නැති උනා.
"මේක.."
"ඔව්.. ඔයා විසි කලේ ඔයාට දුන්න ඩයමන්ඩ් නෙක්ලස් එක. මේක ඔයාගෙ අම්මගෙ නෙක්ලස් එක. ඉස්සර ඔයාගෙ අම්මා ගාව තිබිලා තියනවා ලොකු බ්ලූ ඩයමන්ඩ් එකක් දාලා තිබුණු නෙක්ලස් එකක්. ඒක දෙකට කඩලා තමයි ඔයාගෙ අම්මා ඔයාට එකක් හදලා තියලා, එයාගෙ එක හදලා කරට දාගත්තේ."
එහෙම කියලා අයියා මගෙ කරට ඒ නෙක්ලස් එක දැම්මා. ඒ බවක් දන්නවා නම් මම ඒ නෙක්ලස් එක ගඟට දාන්නෙ නෑ. මම හරි තරහෙන් හිටියේ අම්මයි තාත්තයි මාව හිතලම විසි කරලා ගිහින් කියලා.
❝ ඔයා දන්නවද.. එදා ඔයා විසි කරපු නිල් මැණික වගේම තව එකක් ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා කියලා ❞
❝ ඔයා අද මේ වගේ තැනක ඉන්න ඕනි කෙනෙක් නෙවෙයි ❞
❝ ඔයාට ඔයාගෙම කියලා ජීවිතයක් හම්බවෙයි මින්දි. මං ඒක හරි ගස්සනවා ඉක්මනින් ❞
❝ දැන්ම තේරෙන්නෙ නෑ. තේරෙන දවසක් එනකම්.. ඉවසගෙන ඉන්න ❞
එතකොට හේෂාන් මට එදා අඬද්දි තුරුලු කරන් කිව්වේ ඒ ගැනද. එයා එදා කිව්ව දේ මට එදා නොතේරුණත් අද හොඳටම තේරෙනවා. එයා මේ හැමදෙයක්ම දැනගෙනයි ඒ වෙද්දිත් ඉඳලා තියෙන්නේ.
"ඔයාගෙ අම්මට අපේ තාත්තා අතින් උන අසාධාරණයට අපිට කරන්න තියන එකම දේ ඔයාව පරිස්සමින් බලා ගන්න එක. ඔයා මෙතන මෙහෙම දුක් විඳින්න ඕනි කෙනෙක් නෙවෙයි මින්දි. ඔයා මීට වඩා හොඳ තැනක ඉන්න ඕනි කෙනෙක්. So ඔයා අපි එක්ක යන්න එන්න ඕනි අපේ ප්ලේස් එකට."
එයාලා මගෙ අත් දෙක අල්ලගෙන එහෙම කියද්දි මම දුල්නෙත්මියි සංජානායි දිහා බැලුවා. එයාලා කැමති නම් මාව බාරගන්න මගෙ අකමැත්තක් නෑ. ඒත් මගෙ කෙල්ලො දෙන්නා ?
"මට මෙහෙම ඉන්න දෙනවද. හැබැයි මම ඔයාලා දෙන්නා අතාරින්නෙ නෑ."
"No.. මෙච්චර අමාරුවෙන් ඔයාව හොයාගත්තේ එහෙම අතාරින්න නෙවෙයි 😤."
අක්කා එහෙම කියලා මගෙ අත් දෙකෙන් තද කරලා අල්ලගත්තේ හෙල්ලෙන්නවත් බැරි වෙන්න.
"ඔයාට අපේ දේපල වලින් ෆිෆ්ටි ප්‍රසන්ට් අයිතියි නංගි. තාත්තා නැතිවෙන්න කලින් ඔයාටත් ෆිෆ්ටි ප්‍රසන්ට් ලියලායි ගියේ. ඒ නිසා ඔයා එන්නම ඕනි අපි එක්ක ඉන්න. ඔයාට මම වෙනම හවුස් එකක් දෙන්නම්."
"මට එන්න බැරි කමක් නෑ. ඒත් මං කැමති නෑ කාටවත් බරක් වෙන්න. අනික මම ආස මගෙ පාඩුවේ පොඩි ජොබ් එකක් කරගෙන සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙන්න."
"ඔයාව අපිට බරක් නෙවෙයි නංගි. ඔයාව අපි හොයන් ආවේ මෙච්චර කාලයක් ඔයාට වුණ අසාධාරණයට සාධාරණයක් කරන්න. එහෙම එකේ ඔයාට ආයෙ දුක් විඳින්න දෙන්න බෑ අපිට."
"ඒත්.. මගෙ යළුවො දෙන්නාට මොකද වෙන්නේ. එයාලා තමයි මං එක්ක හැමදේටම එකට හිටියේ."
"එයාලටත් අපි ප්‍රමෝශන් එකක් දීලා වෙනම ප්ලේස් එකක් හදලා දෙන්නම් ඔයා එක්කම ඉන්න. ඔයාලා සෙපරේට් වෙන්න ඕනි නෑ. ඔයා ඉස්සර වගේම ලයිෆ් එක ගෙවන්න. ඒත් අපි එක්කම ඉන්න. ඔයාට කරදරයක්වත් වෙන්න නොදී අපිට බලාගන්න පුළුවන් මින්දි."
මම සල්ලි, දේපල කෑදරෙන් ඉන්න ගෑනු ළමයෙක් නෙවෙයි. ඒත් එයාලගෙ කීමට එකඟ නොවීත් බෑ. අවුරුදු කීයකින්ද මේ සහෝදරයෝ මට හම්බුණේ. කොහොමද මාත් එයාලව දාලා යන්නේ. තාත්තා වැරැද්දක් කරා. ඒත් ඒකට අයියයි අක්කයි අම්මායි පලි නෑනේ.
"මට හිතන්න ටික කාලයක්......"
"හිතන්න මොනාද මෝඩ හරකියේ තියෙන්නේ. ඇක්සෙප්ට් කරනවා අයියා කිව්ව එක 😒."
දුල්නෙත්මි මට එකක් ඇනලා එහෙම කිව්වා. මං කෙල්ල දිහා රවලා බැලුවේ වැදුණු පාරට රිදුණු අත අතගාන ගමන්. මට වඩා හදිස්සිය මේ දෙන්නට.
"ඔයාට හිතන්න දෙයක් නෑ නංගි. ඔයාව අපි හිර කරලා තියන්නෙ නෑ. ඔයා නිදහසේ ඔයාගෙ කියලා දෙයක් කරගෙන යන්න. කිසි ප්‍රශ්නයක් නෑ. ඒත් ඔයා තවත් නම් මෙහෙ ඉන්න එපා. ඔයාලාට මෙතන වගේ පුංචි තැනක ඉන්න බෑනෙ මෙහෙම. මායි අක්කයි කියන දේ අහලා එහෙ යමු."
"හ්ම්ම්."
මට හිතාගන්න බෑ මම යන්න හිටපු ඩී මාර්ටිනස් එකේ CEO මගෙ අයියා කියලා. අනික රාදිතා හැම වෙලේම කියවන රන්වේ මොඩ්ල් මහීෂා රූපසිංහ කියන්නෙත් මගෙ අක්කානේ. හේෂාන් මොන වරද කලත් මේ අවස්ථාවේ ලොකු උදව්වක් මට කරලා තියෙන්නේ. ඒකට එයාට ගොඩාක් ණය ගැතියි. ඉතින් ඒ කරපු පිනෙන් වත් එයාට ටනාෂියා වගේ නැට්ටිච්චියක් එක්ක ගෙවන ජීවිතේ යථාර්ථය තේරෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
සමහරවිට මේක මගෙ ජීවිතේ ටර්නින් පොයින්ට් එකක් වෙයි. මම කොච්චර නම් දෙවියන් වහන්සේගෙන් සැනසීම ඉල්ලලා තියනවාද. ඉතින් ඒ නිසා දෙවියන් වහන්සේ මට මෙයාලව මුනගස්වන්න ඇති පහුවෙලා හරි.
"කැමතිද ?"
"ඔව්."
මං එහෙම කියද්දි අයියයි අක්කයි දෙන්නම මාව තුරුලු කරගත්තේ මමත් ඒ දෙන්නව තදින් තුරුලු කරගද්දි. මෙතනින් මගෙ ජීවිතේ වෙනස් උනොත් මට පුළුවන් මගෙ හීන වලට යන්න. මට ඕනි සතුට මට ලැබෙයි සමහරවිට.
දුල්නෙත්මිටයි සංජානාටයි දෙන්නටම මම කොච්චර නම් ණය ගැතිද. එයාලා තමයි අයියාටයි අක්කාටයි මාව හොයාගන්න අවසාන මොහොතේ උදව් කලේ. වෙන යාළුවෝ දෙන්නෙක් නම් ඉරිසියාවට එහෙම කරන්නෙ නෑ. ඒත් එයාලා මගෙ සතුට වෙනුවෙන් කිසිම කුහක කමක්, ඉරිසියාවක් නැතුව ඒක කලා. මං ඒ දෙන්නටත් ගොඩාක් ආදරෙයි.
හේෂාන් මට හදලා දුන්න ෆැන්ටසියෙන් එළියට ආවම මම මොන තරම් දුක් වින්දද සැබෑ ලෝකේ ගැට වලට අහු වෙලා. සමහර අවස්ථාවල මට හිතුණා මගෙ ජීවිතයට වසන්තයක් නැතුව ඇති කියලා. ඒත් දැන් මට තේරෙනවා මගෙ වසන්තය කොහේ හරි දුරක ඇති කියලා.
ඉතින් මං ඉක්මනින් ඒ වසන්තයට ලං උනොත් හොඳයි. සුවඳ මල් වලින් පිරුණු, පාට පාට සමනල්ලුන්ගෙන් කුරුල්ලන්ගෙන් පිරුණු, ඉර එළියෙන් පිනි බිංදු දිළිසෙන මල් වත්තක් වගේ මගෙ හදවතත් වසන්තයෙන් නෑවුණොත් මගෙ හිතට සතුටක් දැනේවි.
ප්‍රශ්න වලින් බැට කාපු මේ දුඹුරු පාට කෙල්ලට එහෙම වසන්තයක් උදා වුණොත් මුළු ලෝකයටම ඉවර නොවෙන වසන්තයක් උදා වේවි 🌷..
................................................... 🖤 ...
අලුත් මින්දිගෙන් හමුවෙමු එහෙනම්
මෙච්චර කල් කියවපු අය රියැක්ට් එකක් වගේම කමෙන්ට් එකක් දාන් යන්න.
Sachy Collins