Spring is far away - 62

Spring is far away - 62

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 62  |  You broke my heart

Previous


අලුත් දවසක් 💕🌞🌿..


උදේම මං ඇඟ හෝදලා කාමරේට ආවේ අවසාන වතාවට යුවසිංහ ගෲප් එකට යන්න හිතන්. කණ්නඩිය ඉස්සරහට යන්න ගියපු මම එකපාරටම නැවතුණේ ඇඳ උඩ තියන ලා නිල් පාට ගවුමකුයි නෙක්ලස් එකකුයි දැකලා.


"ආ.. කෙල්ල නැගිට්ටද. Good Morning ඉතින්."


"ගුඩ් මෝර්නින් දුල්."


"ඊයෙ මායි සජීයි දෙන්නා ශොපින් පාරක් ගියා උබ පාර්ටියට යනකම් ඉඳලා. ඒ ගිහින් උබට ගවුමක් ගත්තා. අද මේක ඇඳගෙන යන්න."


එහෙම කියපු දුල් කාමරෙන් එළියට ගියේ ටවල් එකත් අරගෙන. මං ඒ ගවුම ලඟට ගිහින් ගවුම අතට ගත්තා. හරි පුදුමයි මට. එදා ඇසිඩ් වැදිලා පිච්චිලා අයින් කරපු මම ආසම ලා නිල් පාට අත්පටි ගැට ගහන ගවුම වගේම එකක් එයාලා හොයලා ගෙනවිල්ලා. ඒ ගවුම මම ආසම ගවුමක් උනේ හේෂාන් මට ඒක උපන්දිනේකට තෑගි දුන්න නිසා.


ආයෙමත් ඒක මගෙ ඉස්සරහා. හේෂාන් දුන්න නිසාම මං ඒ ගවුමට ගොඩාක් බැදුණා. අද එයා එක්ක මම කළකිරීමෙන් හිටියත් එදා ඒ මම වැඩිපුරම ආදරේ කරපු කෙනා නිසා අදටත් මට මේ ගවුමට ආස හිතෙනවා. ඉතින් වැඩි වෙලා යන්න කලින් මම ගවුම ඇඳලා කොණ්ඩෙ පීරන්න කණ්නඩිය ඉස්සරහට ගියා. දීලා තිබුණු නෙක්ලස් එකත් දැම්මම මං හයි ක්ලාස් ගෑනු ළමයෙක් වගේ.


කොච්චර ප්‍රශ්න ගොඩක, වේදනාවන් ගොඩක හිර වෙලා හිටියත් මේ දුඹුරු පාට ගෑනු ළමයා වෙනදා වගේම හරි ලස්සනයි. හිනා උනාම කාටවත් හිතන්න බෑ මම ඇතුලාන්තයෙන් කොච්චර නම් අඬනවාද කියලා.


ඉතින් කොණ්ඩෙත් පොඩ්ඩක් කර්ල් කරලා මං එළියට බැස්සෙ දුල් බයිසිකලේ අරගෙන එළියට බහිද්දි.


"බුදු අම්මෝ. මෙයාව බයික්කෙ නම් අරන් යන්න බැරි වෙයි වගේ."


සජී එහෙම කිව්වේ දුල්ට මාව ඇස් වලින් පෙන්නන ගමන්. දුල් බයික් එක අතාරින සයිස් එකට මං දිහා බලාගෙන ඉන්නවා. මට අහන්නත් හිතයි අද මොකක් හරි විශේෂත්වයක් තියනවද කියලා. ඒත් එහෙම උනොත් එයාලා දැනගන්නවා ඊයෙ මම හැමදෙයක්ම අහන් ඉඳලා කියලා.


"කොහොමත් ඔයාගෙ බයික්කෙ ගිහාම මගෙ කොණ්ඩෙ අවුල් වෙනවා. ජැකට් එකක් නැද්ද සජී ?"


"ඉන්න මං ගේන්නම්."


එහෙම කියපු සංජානා ජැකට් එකක් ගෙනවිත් දුන්නා. මං ඒක කොණ්ඩෙ වැහෙන්න දාගත්තා. කාර් එකේ යද්දි ඕනිම හෙයාස්ටයිල් එකක් කරන් ගිහෑකි. ඒත් බයික් එකේ යද්දි කොණ්ඩෙට වෙන දේ මම හොඳටම අත් විඳලා තියනවා. ඒකත් දුල් එක්කම බයික් එකේ ගිහින්.


"එහෙනම් අපි යන්නම් සජී."


"හ්ම්ම්. පරිස්සමින් යන්න දෙන්නා. එද්දි පබ්ලික් ට්‍රාන්ස්පෝට් වල තමා එන්න වෙන්නෙ හැබැයි. මොකද අපි ඔෆිස් එකේනේ."


"කමක් නෑ."


"එහෙනම් රෙසිග්නේෂන් අරන් එන්න. All the best."


සජී අත් දෙකෙන්ම මහපට ඇඟිල්ල උස්සලා අත මිටමොලවා පෙන්නුවේ වැඩේ සාර්ථක වෙන්න කියලා. මාත් එයාට නොපෙනී යනකම්ම බායි කියාගෙන ගියා. හිතට නම් ටිකක් මොකක්ද වගේ. ආසාවෙන් වැඩ කරපු කම්පැනි එකකට මම අද සමුදෙන්න යන්නේ. ඒත් දැන් මට හිතෙනවා එතන CEO එයාගෙ සෙකට්‍රි එක්ක විකාර නටන ඒවා බල බල ඉන්නවාට වඩා ඩී මාර්ටිනස් එකට යන එක හොඳයි කියලා.


........


"තමුන්.. දැන් හැමදෙයක්ම කරලා මෙතෙනට එන්නෙ ඇයි ?"


ටනාෂියා හේෂාන්ව හම්බවෙන්න ඔෆිස් එකට එද්දි හේෂාන් ටනාෂියාගෙ ඇඟට කඩන් පැන්නේ යකෙක් ආවේස වෙලා වගේ. කොල්ලා හරි හිත් වේදනාවෙන් ඉන්නේ ඊයෙ මින්දි දැක්ක දේට.


"Im sorry හේෂාන්. මම හිතුවෙත් නෑ එහෙම දෙයක් වෙයි කියලා."


ඊයෙ මින්දි ඒ දෙන්නා දැකලා එතනින් දුවද්දි හේෂාන් එයාගෙ පස්සෙන් ගියා. ඒත් කොල්ලට මින්දිව හොයාගන්න බැරි උනා. ඒ වගේම තේෂාන් කිව්වා මින්දි එයාට කියලා ගියපු දේවල්. ටනාෂියා හේෂාන්ව ආයෙ කන්ටැක් කරගන්න හැදුවත් කෙල්ලට ඒක කරන්න බැරි උනා.


"දැන් එයා හැමදෙයක්ම දැකලා ඉවරයි. දැන් කොහොමද මං එයාට කියන්නේ ඔයා මට ඩ්‍රග්ස් දීලා මාව ඉන්ටොක්සිකේට් කරලා මගෙන් ඔයාගෙ හෝප්ස් සක්සස් කරගත්තා කියලා. එයා හිතනවා ඇති මම මහ ජරා කොල්ලෙක් කියලා."


"Calm down හේෂාන්. කෑ ගහලා ප්‍රශ්න විසඳන්න බෑනේ."


"කාම් ඩවුන් වෙන්නෙ කොහොමද මං. මම කවදාවත් මේ වගේ දේවල් වලට ආස කරපු පිරිමි ළමයෙක් නෙවෙයි ටනාෂියා. ඔයාමයි දෙවතාවක් මාව මේ වලට ඇදලා දැම්මේ. ඔයාටයි උවමනාව තිබුණේ මං එක්ක ඉන්න. නැතුව මම කවදාවත් ඔයා එක්ක නයිට්ස් ස්පෙන්ඩ් කරන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙවෙයි."


"මේ වගේ පොඩි දේවල් වලට කෑ ගහන්න එපා හේෂාන්. මම හිතන්නෙ ඔයා වෙන්න ඇති මගෙ ලයිෆ් එකටම මේ තරම් පොඩි දේකට පැනික් වුණ එකම කෙනා."


"අනිත් බෝයිස්ලට මේවා පැනික් වෙන්න දේවල් නොවුණට මට මේක පැනික් වෙන්න දෙයක් ටනාෂියා. ඔයා දන්නවා මම අවුරුදු දහයකටත් වඩා කාලෙක ඉඳන් මින්දිට ආදරේ කරන්නේ. ඒ ආදරේ අදටත් අඩුවක් නොවුණ බව ඔයා දන්නවා. මට මගෙ පාඩුවේ ඉන්නයි ඕනි. ඒත් ඔයා ඇවිත් මින්දිගෙ හිතේ මං වෙනුවෙන් තිබ්බ ඒ විශ්වාසය කඩලා දැම්මා."


"ඉතින් ඒක හොඳ දෙයක් නෙවෙයිද ?"


"හොඳ දෙයක්.. කොහොමද ඒක හොඳ දෙයක් වෙන්නේ ?"


"ඔයා මීට කලින් මට දෙයක් කිව්වා මතකද ?"


එහෙම කියපු ටනාෂියා හේෂාන් ගාවට ගියා. මේසෙ ඉස්සරහා හිටපු හේෂාන් ටනාෂියා තමා ලඟට එද්දිම තියන තරහට පස්සට ගියා.


"ඔයා හිතන් ඉන්නෙ ඔයා මේ කැන්සර් එකෙන් මැරෙනවා කියලනේ. ඔයාගෙ තියන මුරණ්ඩුකමට ඔයා එහෙමනෙ හිතන්නේ. ඉතින් ඔයාට මතක නැද්ද ඔයා එක දවසක් මං එක්ක කිව්වා මේ ලෙඩෙන් ඔයා මැරෙන්න කලින් මින්දිව ඔයාගෙ ඇස් මානෙන් අයින් කරන්න ඕනි කියලා."


"ඔව් මං කිව්වා. ඒත් එයා දැන් මම ගැන මොනවද හිතන්නේ. ඔයා එවෙලෙ මාව කිස් කලා. මින්දි කියන වචන වලට විශ්වාසය තියන කෙනෙක් නෙවෙයි. එයා ඇස් වලින් දකින දේට විශ්වාසය තියන කෙනෙක්. එයා දැක්කා අපි කිස් කරන විදිහ. ඔයා මාව තුරුලු කරන් ඉන්න හැටිත් එයා දැක්කා. මම වෙනදා වගේම ඔයාගෙ පිස්සු වැඩ ඉවසගෙන හිටපු එක තමයි කරපු ලොකුම වැරැද්ද."


"ඉතින් ඒ වැරැද්ද ඔයාට පොසිටිව් හෙල්ප් එකක් නෙවෙයිද. මින්දි දැක්කා ඔයා මං එක්ක ඉන්නවා. එයා දැන් හිතන්නෙ ඔයාගෙ මිස්ට්‍රෙස් මම කියලා."


"ඒක කොහොමද හෙල්ප් එකක් වෙන්නෙ ටනාෂියා. Are you nuts ?"


"No.. එයා ඔයාගෙන් සෙපරේට් වෙන්නේ හොඳ හිතින් නෙවෙයි නරක හිතින්. ඉතින් ඔයා ගැන නෙගටිව් විදිහට හිතාගෙනයි එයා ඔයාගෙන් දැන් සෙපරේට් උනේ."


"ඒකෙ කොහෙද හෙල්ප් එකක් තියෙන්නේ. එයා මට වෛර කරයි හැමදාම. මම වෙනස් වෙලා කියලා."


"හේෂාන්.. Listen to me."


එහෙම කියපු ටනාෂියා හේෂාන්ගෙ උරහිස් වලට අත් තිබ්බා. කෙල්ල හරි ආසයි තරහින් පිරුණාම නොසන්සුන් වෙන හේෂාන්ගෙ තද අළු පාට ඇස් වලට. ඒත් එයා කැමති නෑ කොල්ලා තමන් එක්ක තරහින් ඉන්නවට.


"ඔයාට ඕනි මින්දිව අයින් කරන්නනේ. දැන් එයා අපි එකට ඉන්න විදිහ දැක්කා. එයා ඔයා එක්ක තරහින් ඉන්නේ. එතකොට ඔයා මැරුණට මින්දිට දුකක් නෑ. ඒ වගේම ඔයා මැරුණත් ඔයා එක්ක තියන තරහට, එයාට ඔයාගෙ ෆියුනරල් එකටවත් එන්න හිතෙන්නෙ නෑ."


ටනාෂියා මීට කලින් කොච්චර උත්සහ ගත්තත් හේෂාන්ට මේ ලෙඩෙන් එයා මැරෙන්නෙ නෑ කියලා කියන්න, ඒත් කොල්ලා කිසිම දෙයක් කනකට ගන්නෙ නෑ. එයාට තියන එකම දුක එයා මැරුණොත් මින්දිට බලාගෙන ඉන්න බැරිවෙයි කියන එක. ශෂීන්ද්‍ර වගේම නුවන්තිත් තේෂානුත් හේෂාන්ට ඔය වගේ මනස්ගාත ඔලුවට දාගන්න එපා කියලා කොච්චර කිව්වත්, හේෂාන් එයාගෙ මුරණ්ඩුකමට එයාලගෙ කීම් අහන්නෙ නෑ.


"ගුඩ් මෝර්නින් මිස් අමේලියා. මම හිතුවා ඔයා යන්නම ගිහින් කියලා."


මම එන්ට්‍රෙන්ස් එකෙන් ඇතුලට යද්දි ලොබි එකේ හිටපු ෆාතිමා එහෙම කිව්වා. එයාලාට පුදුම ඇති මම දවස් ගාණක් නොආපු එක. හැබැයි එයාලා දන්නෙත් නෑ අද මම එන අවසාන වතාව කියලා.


"අද මම රෙසිග්නේෂන් ගන්නයි ආවේ. ආයෙ මං එන්නෙ නෑ ෆාතිමා."


"ඇයි ඒ. මොකක් හරි අවුලක් උනාද ?"


"ඔව්.. මම නිසයි අරුෂි මැඩම්ට ජොබ් එක නැති උනේ. ආයෙ එහෙම දෙයක් නොවෙන්න මම මෙතනින් යනවා."


"ඒත් මැඩම් ආයෙ ආවානේ."


"ආවද මැඩම් ?"


"ඔව්. අද එයා ආවා. සැලෝමි මැඩම් සර්ගෙ බර්ත්ඩේ එකට කලින් රෙසිග්නේෂන් දීලා ගියා."


"ඇත්තටම 😧 ?"


අරුෂි මැඩම් ආවා කියන්නෙ මට ලොකු සතුටක්. විනාඩි ගාණකට සැනසිල්ලක් ලැබුණා මට. අද යද්දි අරුෂි මැඩම්වත් හම්බවෙලා යන්න ඕනි. ඒත් ඔය හැමදේටම කලින් මම 9 වෙන්න කලින් ගෙදර යන්න ඕනි. දුල්නෙත්මියි සංජානායි ඔය ගෙන්නන්න හදන කෙනාව මට බලන්න ඉක්මනින් ගෙදර යන්න උවමනායි.


"මං යන්නම්. ගිහින් අරගෙන එන්නම්කෝ."


"හරී."


මං එහෙම කියලා ගියේ එම්ඩී ගාවට. එයා මට රෙසිග්නේෂන් දුන්නා. ඊට පස්සෙ කරගන්න ගොඩක් වැඩ තිබුණා. අන්තිමට මම පේපර්ස් සයින් කරලා සේරම ඉවර කරගත්තා.


"දැන් සේරම හරිද සර් ?"


"නෑ.. හේෂාන් සර්ගෙන් සයින් එකක් ගන්න. එතකොට ෆිනිශ්."


"......"


කරන්නම අමාරු දෙයක්. කොහොමද මම මේ සයින් එක ගන්න ගිහින් හේෂාන්ට මූණ දෙන්නේ. මම එයාට වැරැද්දක් කලේ නෑ. ඒත් එයා ටනාෂියා එක්ක රූම් එකක් ඇතුලට වෙලා කිස් කරන හැටි බලාගෙන හිටපු මට හේෂාන් දිහා බලන්නත් ලැජ්ජයි.


"හ්ම්ම්. Thank You සර්."


මං වෙන මුකුත් නොකියා හේෂාන්ගෙ ඔෆිස් එකට යන්න එලෙවේටර් එකට නැග්ගා. අපි කී සැරයක් නම් මේ එලෙවේටර් එක ඇතුළෙ හම්බවෙලා තියනවද. කොච්චර නම් ඔයා මට හින්ට් ගහලා තියනවද. ඒ හැමදෙයක්ම මට ධනාත්මක මතකයක්. ඒත්,


ඔයාගෙ උපන්දිනය වගේ මට වටින දවසක ඔයා මගෙ ඇස් ඉස්සරහම ටනාෂියා එක්ක කරපුවා කියලා එයාව බදාගෙන කිස් කරලා මට දුන්නේ සෘණාත්මක මතකයක්. ඔයා වෙනස් උනේ කොහොමද කියලා මම දන්නෙ නෑ. ඒත් වෙන ගෑනු ළමයෙක්ගේ ඇඟක් ඉස්සරහා, වෙන ගෑනු ළමයෙක්ගේ හැඟීම් ඉස්සරහා වහලෙක් වෙන්න තරම් ඔයා පහත් තත්වෙකට වැටුණේ කොහොමද.


එහෙම හිත හිතාම මං හේෂාන්ගෙ ඔෆිස් එක ඉස්සරහට ගියා. දොරට තට්ටු කරාට එයාට ඇහෙන්නෙ නෑනේ. ඒ හින්දම මම දොර ඇරගෙන ඇතුලට ගියා.


"මේක හොඳම අවස්ථාව හේෂාන්. එයා ඊයෙ අපි ගැන දැන ගත්තා. දැන් ඔයාට පුළුවන් මින්දිව නිකන්ම ඔයාගෙන් ඈත් කරන්න."


දොර අරිද්දිම මට ඇහුණා. ඒ මදිවට ඊයෙ වගේම ටනාෂියා හේෂාන්ගෙ උරහිස් වලින් අල්ලගෙන ඒ මූණට ලං වෙලා. හේෂාන් බිම බලාගෙන ඉන්නේ ඊයෙ මම දැක්ක එකට අවුලෙන් වෙන්න ඇති. මේ දොර ඇරෙනවා වැහෙනවා එච්චර ඇහෙන්නෙ නැති එකට පිං සිද්ධ වෙන්න මට අදත් එයාලා කියපු දේ හොඳට ඇහුණා.


"ඔයාලගෙ ප්ලෑන් එක සක්සස් උනා කියලා හිතාගන්න ටනාෂියා."


එහෙම කියපු මම එතෙනට ආවේ එයාලා මාව දැකලා ඈතට යද්දි. ටනාෂියා මං දිහා බලලා හිනා උනාට මම ටනාෂියා ගාවට ගිහින් ඒ මූණට ලං වුණා. එන තරහට මට කනට එකක් ගැහුවැහැකි. ඒත් මං එහෙම කරන්නෙ නෑ. මොකද ඒ අතුල් පාර නිසා හේෂාන්ට රිදුණොත්.


"මැරෙන්න ආසාවක් තියනවද ?"


"මින්දි ඔයා Misunderstanding එකක ඉන්......"


"මම ඇහුවේ මැරෙන්න ආසාවක් තියනවද කියලා ?"


"No."


ටනාෂියා හේෂාන් දිහා බයවෙලා වගෙ බැලුවා. ඉතින් මං කිව්වෙ ඇත්තක් නෙවෙයිද. තව ටික දවසයි ටනාෂියා ජීවත් වෙන්නේ. ඇන්ඩෲස්ගෙ අතින් වෙඩිල්ලක් ඔළුව පසාරු කරගෙන ගිහාම ඔය නැටිලි මුකුත් නෑ.


"ඔයා මොන දේ කලත් කමක් නෑ. මම මේ කියන දේ මතක තියාගන්න. ඔයා තවත් හේෂාන්ගෙ මිස්ට්‍රෙස් උනොත් ඔයාගෙ ජීවිතේ අන්තිම දවස ලං වෙනකම් ඔයා දන්නෙ නෑ. මම ඔයාට වර්නින් එකක් දුන්නේ. ඔයාට හිතා ගන්න බැරි වෙයි ඔයා මැරෙන්නෙ කාගෙ අතින්ද, කොහෙදිද, කීයටද කියලා වත්."


"ඇන්ඩෲස්ගෙ අතින්ද ?"


"තේරෙනවා නම් නොතේරෙන ළදරුවෙක් වගේ එකම වැරැද්ද කරන්න එපා ටනාෂියා. ඔයා ඩිටෙක්ටිව් කෙනෙක් උනාට ඒ අයට ඔයාව නිකන් ලේ, මස්, ඇට වලින් හැදුණු මනුස්සයෙක් විතරයි."


"එයා ඔයාට කරදරයක් කරන්න හැදුවද ?"


"ඇයි ඔයාලා ඔය තරම් මං ගැන හොයන්නේ. ඔයාලා ඔයාලගෙ දේවල් කරගන්න. මම මං ගැනම බලාගන්නම්. ඔයා බොරුවට මං ගැන කරදර වෙන්න ඕනි නෑ."


මං එහෙම කියලා මගෙ අතේ තිබුණු පේපර් එක හේෂාන්ට දික් කලා. එයා මං දිහා බලාගෙන ඉන්නේ මාව බලාපොරොත්තුවෙන් හිටපු ඒ අහිංසක මූණෙන්. නෑ මේ එයා නෙවෙයි. මේ ඉන්නේ සල්ලි වලටයි, එකේක ගෑනු ළමයින්ටයි වශී වෙලා ඉන්න ලංකාවේ ධනවත්ම බිස්නස්මන්.


"හේෂාන්.. මට මේක දැන්ම සයින් කරලා දෙන්න. හදිස්සියක් නිසා මට ගෙදර යන්න ඕනි."


"හ්ම්ම්."


එයා කිසිම දෙයක් නොවුණු ගානට මට 'හ්ම්ම්' කියලා ටේබල් එකට ගියා. ටනාෂියා මං දිහා බලලා ඔළුව වනලා හිනාවක් දාගෙනම එළියට ගියා. මට හිතයි හේෂාන්ගෙන් අහන්න මේක ඇත්තක්මද කියලා. ඊයෙ එයා ටනාෂියාව කිස් කරනවා මම මගෙ ඇස් දෙකෙන්ම දැක්කත් මට තාමත් සියයට පනහකටත් වඩා ඒ ගැන ලොකු සැකයක් තියනවා. මම කොච්චර හිතින් ඇනුම් පද කිව්වත් එයාට, මට බෑ එයාගෙ මූණටම බනින්න. එයා ඕනි දෙයක් කරගත්තාවේ, මොකද මේක එයාගෙ ලයිෆ් එක.


එයා පෑනක් අරගෙන පේපර්ස් සයින් කරලා ගෙනවිත් මගෙ අතට දුන්නා. මම සද්ද නොකර ඒක අතට ගත්තේ ඒ ඇස් දිහා බලන ගමන්. මේ තමයි මම ජීවිතේ පළවෙනි වතාවට පිරිමියෙක් මත විශ්වාසය තිබ්බ එකම තද අළු ඇස් අයිතිකාරයා..


"ඔයාට ඇත්ත කියන්න මං අවස්ථාවක් දෙන්නම් හේෂාන්. මට කියන්න ඔයා ටනාෂියා ගාවට ගියේ කැමැත්තෙන්මද ?"


එයා දිහා මං ඇස් වල කඳුළු රඳවන් බලාගෙන හිටියා. ඒත් තත්පර ගාණක් ගියත් එයාගෙ කෙස් ගහක් වත් හෙලවුණේ නෑ. ඒ කියන්නේ කැමැත්තෙන්ම ගියා කියන එකද ?


"ඔව්."


එයා වෙන මුකුත්ම නොකියා මට එහෙම කියද්දි මගෙ ඇස් වල කඳුළු කම්මුල් වලින් පෙරිලා බිමට වැටුණා. කලින් කිව්වා වගේම එයාගෙ අත් දෙකෙන් මගෙ පපුව චප්ප වෙන්න මිරිකනවා වගේ වේදනාවක් මට දැනෙන්නේ.


"බොරු."


"නෑ."


"ඔයාට මට කියන්න මුකුත්ම නැද්ද ?"


"තියනවා."


"මොකක්ද ?"


මම හරි ආසාවෙන් ඒක ඇහුවේ. සමහරවිට එයා කියන්න හදන්නේ මම දැක්ක දේ ජෝක් එකක් කියලා වෙන්නත් පුළුවන්.


"පරිස්සමින් ඉන්න."


"......"


වචන වෙනුවට මගෙන් හුස්ම පොදක් පිට උනා. මෙච්චර දෙයක් වෙලත් එයාට කියන්න උවමනා උනේ පරිස්සමින් ඉන්න කියලද ?


"ඔයා කොහොමද මෙහෙම කතා කරන්නෙ හේෂාන්."


ආපු දුකට මම එයාගෙ ශර්ට් එකේ කොලර් එකෙන් ඇදලා ඒ මූණට ලං උනා. ඉස්සර එයා ගාවින් ආපු ඒ පැඟිරි සුවඳ අද අමුතුම සැරක් වෙලා. එයා වෙනස් වෙද්දි හැම අතකින්ම වෙනස් වෙලා.


"මම ඔයාට ගොඩාක් ආදරේ කලා. අදටත් මම ඔයාට ඒ විදිහටම ආදරෙයි. අන්තිමට ඒ ආදරේට ඔයා දුන්න දඬුවමද මේ ?"


"මින්දි.. ඔයා මාව පුළුවන් තරම් ඉක්මනින් අමතක කරලා දාන්න."


"ඇයි.. ඇයි මම ඔයාව අමතක කරන්නේ. කොහොමද මම අවුරුදු 8 ආදරේ කරපු ඔයාව අමතක කරන්නේ. ඔයාට ඒ දේවල් අමතක වෙන්න තත්පරයක් ගියාට මට එහෙම වෙන්නෙ නෑ හේෂාන්. මට හරියට රිදෙනවා ඔයා මෙහෙම හැසිරෙද්දි."


"ඒකයි මම කිව්වේ ඔයාට මාව අමතක කරන්න කියලා. බොරුවට ඔයා ඔයාව රිද්දගන්න එපා."


එයා එහෙම කියද්දි මම නිහඬ වෙලා එයාව අතෑරියා. එතකොට එයාට දැන් සල්ලියි, ටනාෂියායි ලොකු වෙලාද. මෙච්චර කාලයක් එයා වෙනුවෙන් බලන් හිටපු මේ මාව තුට්ටු දෙකට වැටිලද ?


"ඒ කියන්නෙ ඔයා ආසද මම ඔයාව අත ඇරලා අමතක කරලා දාලා ජීවත් වෙනවට ?"


"ඔව්.. ඔයා ඒකට පුරුදු වෙන්න ඕනි."


"ඔයා මෙහෙම කියන්නේ ඔයාට ටනාෂියාව මිස්ට්‍රෙස් කරන් තියාගෙන ඉන්න ඕනි නිසාද. එතකොට ඔයා රාදිතාටයි මටයි පිටු පෑවා."


හේෂාන් මුකුත් නොකියා අහක බලාගත්තා. ඒ මූණ දැක්කම මට ප්‍රශ්න දාහක් උනත් අහන්න හිතයි. ඒත් එයා මේ දේවල් කියන්නෙ එයාට ටනාෂියා එක්ක තව ඉන්න ඕනි නිසානේ.


"එතකොට මම ඔයාව විශ්වාස කරන්න ඕනිද. මම මේ රෙසිග්නේෂන් එක අරගෙන යන්නම් කියලා යනකම්ද ඔයා බලාගෙන ඉන්නේ ?"


"ප්ලීස් මින්දි.. මට මගෙ පාඩුවේ ඉන්න දීලා යන්න. මම මෙච්චර කියන දේවල් වලින් ඔයාට තේරෙන්නෙ නැද්ද."


"හරි මං යන්නම්. ඔයාට ආයෙ කරදරයක් වෙන්නෙ නෑ මං. හැබැයි ආයෙ මං මෙහෙම ඔයා ඉස්සරහට එන එකක් නැතිවෙයි."


"කමක් නෑ."


එයා කියන දේවල් වලින් මගෙ හිත කොච්චර නම් රිදෙනවාද කියලා එයාට ගාණක් නෑ. මගෙ හිතට හරි අමාරුයි. කොහොමද මම මේ දුක දරාගෙන මෙතනින් යන්නේ ?


ඉවසලා ඉවසලා අවසානෙට,


"මං යන්නම් එහෙනම්. ආයෙ මම ඔයා ගැන හොයන්නෙ නෑ. අවුරුදු අටක ආදරේට ඔයා ගෞරවය කරන්නෙත් නැත්තම් මමත් ඒ ගෞරවය අදින් පස්සෙ ඔයාට දෙන්නෙ නෑ.. මිස්ටර් යුවසිංහ."


මුල ටික සන්සුන්ව කිව්වත්, මට අන්තිමට වචන ටික කියවුණේ දත් මිටි කරගෙන. රෙසිග්නේෂන් එකත් බෑග් එකට දාගත්තු මම මූණ වහගෙනම එලෙවේටර් එකට නැග්ගා. කාටවත් මගෙ කඳුළු පේන්න ඕනි නෑ. කවුරුවත් මගෙ කඳුළු දකින්න ඕනි නෑ. මම මෙච්චර කල් හැමදෙයක්ම තනියම දරාගත්තා වගේම ඉදිරියටත් එන හැම ප්‍රශ්නයක්ම හිත් රිදීමක්ම තනියම දරාගන්නම්.


එලෙවේටර් එකෙන් බැහැලා මං ලොබි එක දිගේම එන්ට්‍රෙන්ස් එක ගාවට ගියා. මම හේෂාන්ට කොච්චර නම් හොඳට කතා කලත් අවසානේ එයා මාව ගණන් නොගෙන කතා කරලා මගෙ තරහා ඇවිස්සුවා. එන දුකට මට පුළුවන් එයාගෙ කම්මුලට පාරක් ගහලා කොහෙට හරි එක්කන් ගිහින් වද දීලා හිර කරලා තියාගන්න. අර නැට්ටිච්චි ගාවට නොයන්න. ඒත් ඒ හැමදෙයක්ම එයාගෙ කැමැත්තෙන් වෙන බව එයා මගෙ මූණටම කියල දැම්මා.


එන්ට්‍රෙන්ස් එකෙන් මං ගියෙ මූණත් බිමට හරවගෙන. ඒත් යුවසිංහ ලෝගෝ එක ගහලා තියන ග්ලාස් එක පාස් වෙද්දිම මගෙ ඇඟේ කවුරු හරි වැදුණේ මාව ඒ කෙනා පැත්තට හැරෙද්දි.


ලා රෝසපාටයි තද නිල් පාටයි පෙන්සිල් ඩ්‍රෙස් එකක් ඇඳලා කොණ්ඩෙ කර්ල් කරලා හීල්ස් දෙකක් දාපු, අතේ ෆයිල් එකක් තියන ගෑනු ළමයෙක් ලාවට හිනා වෙලා මගෙ දිහා බැලුවා. ඒ හමේ පාට, ඒ මේකප් එක, ඩ්‍රෙසින් ස්ටයිල් එක මට හා සමානයි. එයා මගෙ දිහා බලලා එන්ට්‍රෙන්ස් එකෙන් ඇතුලට ගියා. ඒ එක්කම ෆාතිමා එයාට ඔළුව නවලා හිනා වෙලාම කතා කරා.


"ගුඩ් මෝර්නින් ඇසිස්ටන්ට් මැනේජර් කස්තුරි."


හිනාවෙන්නද අඬන්නද මම. එදා මම වැඩ කරපු මගෙ තනතුරට අද මම රෙසිග්නේෂන් අරන් එළියට යද්දිම අලුත් ගෑනු ළමයෙක් එනවා. මගෙ අඩුව පුරවන්න එයා යුවසිංහ ගෲප් එකට ඇවිත්. කඳුළු පිරුණු ඇස් වලින් මම හිනා උනා. මට වඩා හොඳ කෙනෙක් එයාලට ලැබෙන්නයි යන්නේ. ඉතින් කොහොමද මම සතුටු නොවී ඉන්නේ.


සුදුපාට පඩි තුනම බැහැලා මම ඇවිදගෙන ගියේ මේන් රෝඩ් එකට. මම ප්‍රාර්ථනා කරනවා මට වුණ කරදර ඒ ගෑනු ළමයාට ලැබෙන්න එපා කියලා. කොහොමත් එහෙම වෙන එකක් නෑ. මම හේෂාන්ගෙ Ex නිසානේ මෙච්චර කරදර උනේ.


ඉතින් මං මේන් රෝඩ් එකට වෙලා හිටගෙන හිටියේ බස් එකක් එනකම්. ඒත් හිස් ටැක්සි එකක් එනවා දැකලා මම ඒකට අත ඇල්ලුවා. කාර් එකේ දොර ඇරලා මම නැග්ගා. ඩ්‍රයිවර්ට ඇඩ්ඩ්‍රස් එක දුන්නම වැඩි වෙලාවක් යන්න කලින් ගේ ඉස්සරහින්ම නැවැත්තුවා. මම සල්ලි දීලා බැහැලා ගේට්ටුව ගාවට ආවේ බෑග් එක හදන ගමන්. ඒත් හදිස්සියේ මගෙ ඇස් වලට යොමු උනේ මිදුලේ නවත්තලා තියන කළු පාට මර්සඩීස් බෙන්ස් කාර් එකක්..


"......"


මට දැනුයි මතක් උනේ 9 වෙද්දි කව්ද මංදා කෙනෙක් එනවා කියලා කෙල්ලො දෙන්නා කතාවුණ බව. දැන් වෙලාව හරියටම දහයයි. මම කාර් එක දිහා බලලා ඉස්තෝප්පුවට ගිහින් ශූස් දෙකත් ගලවලා දොරෙන් ඇතුළු උනා.


................................................... 🖤 ...


ඔන්න දැන් තමයි අවස්ථාව ඔයාලට, මේ ආවෙ කව්ද කියලා ගෙස් කරන්න❗


ළමයි මම කතාවට උඩින් ~You broke my heart~ කියලා එක එක වැකි දෙන්නේ අද කතාවේ අඩංගු දේ ගැන අඟවන්න.


හිතන්න එපා ඉන්දියන් කතාවක් වගේ අරෙහෙට බාල්දි මෙහෙට බාල්දි කියලා 😅. කතාව පටස් ගාලා කෙටි කතාවකි කියලා ගෲප් වලට දාලා මට ඉවර කරන්න තිබුණා. ඒත් මින්දිගෙ හැඟීම් මගෙ ඇඟිලි වලින් කී බෝඩ් එක උඩ ටයිප් වෙන එක නතර කරගන්න බෑ. ඒකයි කතාව මෙච්චර දිග් ගැස්සුනේ. හැබැයි Season 02 වලට එහෙම ගොඩාක් දුරට ඇදෙන එකකුත් නෑ, අනවශ්‍ය කතා ටයිප් කරන්නෙත් නෑ.


එහෙනම් ලෑස්ති වෙන්න Season 01 අවසානයට 🎉️


Sachy Collins




Report Page