Spring is far away - 61

Spring is far away - 61

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 61  |  You broke my heart

Previous


"මි..මින්දි ?"


ටනාෂියාට කියන්න දෙයක් නෑ. හේෂාන් එකපාරටම මගෙ ඉස්සරහට එනවා දැකලා මම අතින් පෙන්නුවේ තව එක අඩියක් වත් ඉස්සරහට එන්න එපා කියලා. මගෙ ඇස් වලින් වැටුණු කඳුළු කම්මුල් දිගේ පල්ලම් බැස්සා.


"Im sorry.. ඔයාලා ඔයාලට ඕනි දේවල් කරගන්න. මම ආයෙ ඩිස්ටර්බ් කරන්නෙ නෑ."


එහෙම කියපු මං එයාලට හිනාවක් පෙන්නලා කොරිඩෝ එක මැද්දෙන් දුවගෙන ගියේ හෝල් එකට. මට ඉන්න බෑ තවත් මෙතන. පපුව රිදෙනවා හරියට. මට බෑ හේෂාන්ට ලැජ්ජ බයක් නෑ වගේ මූණ දෙන්න. මට හරි ලැජ්ජයි එයා ටනාෂියා එක්ක හැසිරුණු විදිහට.


හෝල් එකෙන් එළියට ආපු මං ගාඩ්න් එක මැදින් වේගෙන් වේගෙන් ගේට්ටුව දිහාවට යන්නයි ගියේ. ඒත් මග දුරක් යද්දි මගෙ අතින් කවුරු හරි අඳිනවා වගේ දැනුණා.


"මින්දි.."


ඒ තේෂාන්. මම හොරෙන් යන්න හැදුවත් එයා මාව අල්ලගෙන. දැන් එයා මගෙන් ඇයි යන්නෙ කියලා ඇහුවම මම කියන්න ඕනි එයාගෙ අයියා වෙන ගෑනු ළමයෙක් එක්ක රූම් එකක නරක විදිහට හැසිරෙනවා කියලද.


"ඇයි ඔයා යන්නේ ?"


"යන්නෙ නැතුව මට මේවා බලන් ඉන්නද කියන්නෙ තේෂාන් ?"


"ඇයි.. මොකක්ද උනේ ?"


"ඔයාගෙ අයියගෙන් අහන්න. මම හිතුවා රාදිතාට විතරයි මගෙ හිත රිද්දන්න ඕනි කියලා. ඒත් ඔයාගෙ අයියා කරලා තියන දේවල් වලින් මගෙ හිත විතරක් නෙවෙයි රිදෙන්නේ. මුළු ඇඟම ගිනි ගන්නවා වගේ මට දැනෙන්නේ."


මම මගෙ පපුවට අත තියලා එහෙම කියද්දි තේෂාන් මං දිහා බලාගෙන හිටියේ පුදුමෙන්. එයා අයියාගෙ කෙරුම් නොදන්නවා ඇති. ඒත් වැඩි කාලයක් නෑ මේවා ලෝකෙට එළි වෙන්න.


"ඇයි අයියා මොකක්ද කරලා තියෙන්නේ ?"


"අවුරුදු අටක් මට ආදරේ කරලා, මේ එෆෙයා එක කඩන්න ඕනි නිසා මාව රවට්ටලා රට යවලා එයා වෙන ගෑනු ළමයි එක්ක හොටෙල්ස් වලට ගිහින් තියෙන්නේ මගෙන් කිසිම දෙයක් නොලැබුණු නිසාද. මම දන්නවා එයා මං එක්ක ඉන්නකම්ම ඒ වගේ දේවල් මගෙනුත් හෙව්වා. ඒත් ඒ එයා මං එක්ක විතරක් ඉන්න ඕනි නිසා ඒ දේවල් හොයනවා වෙන්න ඇති කියලා මම හිතුවා. මට ලැජ්ජයි එයා මේ වගේ දෙයක් කරලා කිව්වම."


"ඔයා කියන කිසිම දෙයක් මට තේරෙන්නෙ නෑ මින්දි. ඉස්සෙල්ලා මට කියන්න මොකක්ද උනේ කියලා."


"මට සමාවෙන්න තේෂාන් ඔයාගෙ අයියට මෙහෙම කියනවට. ඒත් එයා අද මගෙ හිතේ තිබුණු විශ්වාසය බින්දා. මම හිතුවට එයා තාමත් මං වෙනුවෙන් බලන් ඉන්නවා කියලා, ඒත් එයා ටනාෂියා එක්ක......Enough."


"මින්දි කාම් ඩවුන්."


තේෂාන් එහෙම කියලා මගෙ උරහිස් දෙපැත්තෙන් අල්ලගද්දි මං එයාගෙ අත් එක අයින් කරලා දැම්මා. මම හිතුවට අන්තිමට තේෂාන්ගෙ ප්‍රපෝසල් එකෙන් අයින් වෙනවා කියලා, මට ඕනි ඒ තීරණය වෙනස් කරන්න.


"තේෂාන්. මට තවත් මෙතන ඉන්න බෑ. මම ආයෙ ඔයාලා ඉස්සරහට එන්නෙ නෑ, යුවසිංහ බන්ග්ලෝ එකටවත් මං එන්නෙ නෑ. ඔයාට ඕනි නම් මාව හම්බවෙන්න මට කෝල් එකක් දීලා වෙන තැනකට එන්න කියන්න. මේ මම ඔයාලගෙ ඉවෙන්ට් එකකට එන අවසාන වතාව.."


"එයාට මං වෙනුවෙන් ඉවසන්න බැරි නම්, රාදිතා වෙනුවෙන් ඉවසන්න බැරි නම්, මට මෙච්චර බොරු කියලා රවට්ටනවා නම් මම තවත් හේෂාන්ට ඇහුම්කන් දීලා වැඩක් නෑ තේෂාන්. මම එයාට ගොඩාක් ආදරේ කලා. ඒ ආදරේ අදටත් මගෙ හිතේ වෙනසක් නෑ. ඒත් මම අද හේෂාන් ගැන Disappoint උනා. එයා ගොඩක් වෙනස් වෙලා. මිනිස්සු කියන කතාව හරි. සල්ලි අතට ලැබුණම හැමෝටම හැම දෙයක්ම අමතක වෙනවා."


මට දරාගන්න බෑ එයා මෙහෙම කෙනෙක් උනා කිව්වම. එයා හැමදෙයක්ම ඉවසගෙන හිටපු කෙනෙක්. එයා කවදාවත් එකේක ආසාවල් පස්සෙ දුවපු කෙනෙක් නෙවෙයි. එක වතාවක් වැරදීමකින් උනා නම්, දෙවනි වතාවටත් ඒ කෙල්ල ගාවට යන්නෙ ඇයි. අනික එයා කන්වර්සේශන් එකක් අස්සෙන් ඒ කෙල්ලව එච්චර ආදරෙන් කිස් කරන්න තරම් මොන තරම් ඒ කෙල්ලට බැඳිලද. එයාට ඒක නවත්තන්න උවමනාවක් තිබුණෙත් නෑ.


"අපේ වෙඩින් එක නවතින්නෙ නෑ තේෂාන්. හේෂාන් මැරි කරන දවසෙම අපිත් මැරි කරමු. මම අකමැති නෑ මේකට. ඔයා ඕනි හැම දෙයක්ම ලෑස්ති කරන්න. ජැනුවරි රාදිතාගේ කම්පිටිෂන් එක පටන් ගන්නවානේ. එයා ආයෙ ලංකාවට ආවට පස්සෙ දෙන්නා මැරි කරනවානේ. එතකොට අපිත් මැරි කරමු. මේක තවත් පරක්කු කරන්න ඕනි නෑ. මම ඩී මාර්ටිනස් එකට ගියාට පස්සේ මගෙම කියලා ගෙදරක් හදා ගන්නවා. පොඩි කාර් එකකුත් ගන්නම්. එතකොට කාටවත් අත නොපා මට ඉන්න පුළුවන් නේ."


"ඔයා හොඳට හිතලද මේ කතා කරන්නේ ?"


"ඔව්.. මට හරි තරහයි හේෂාන්ගෙ වෙනස් වීම ගැන. මට ආයෙ මෙ වගේ දේවල් ඇස් දෙකට දකින්නවත්, කන් දෙකට ඇහෙන්නවත් ඕනි නෑ තේෂාන්. මම යනවා දැන්. හෙට මං රෙසිග්නේෂන් අරගෙන යනවා. That's all."


මම එහෙම කියලා තේෂාන්ගෙ අත අතෑරලා ගේට්ටුව දිහාවට දිව්වා. මම කොහොම හිතේ හයිය අරන් තේෂාන්ට කතා කරාද මංදා. ඇස් වලින් වැටෙන්න මෙච්චර කඳුළු මට හම්බුණේ කොහොමද කියලා මට හිතාගන්න බෑ. ඒත් ඒ කඳුළු වලට මගෙ දුක දියවෙලා යන නිසාම මම අඬන එක නැවැත්තුවේ නෑ. කරුවල වෙලා තියන පාර අයින දිගේම මං ගියා. දැන් වෙලාව නවයත් පහු වෙලා. මෙවෙලෙට බස් එකක් හොයන්න තියා හිතන්නවත් බෑ.


හොටෙල් එකෙන් ගොඩක් ඈතට ඇවිත් මං ටවුන් එකට ආවා. ත්‍රීවිල් පාක් එකේ එක ත්‍රීවිල් එකක් වත් නෑ. ඉතින් මං ගෙවල් පාරට හැරිලා දිගටම ගියා. ඇත්තටම මට එවෙලෙ ඇහුණ දේ හීනයක්ද නැත්තම් ඇත්තක්මද ?


❝ අමතක කරන්න එපා අපි සෙක්ස් පාට්නර්ස්ලා කියලා ❞


❝ ඔයා වගේ ඩීසන්ට්, ලස්සන බෝයි කෙනෙක් එක්ක නයිට් එකකට යන්න මට ලොකු ඩ්‍රීම් එකක් තිබුණා ❞


❝ මං ඔයාට ආදරේ කරන්නත් ලෑස්තියි හේෂාන් ❞


❝ මින්දිට වඩා ඔයාට මාව දැනුණෙ නැද්ද. ඔයා එයාට වඩා මට ලං උනේ නැද්ද ❞


❝ ඉතින් එයාව අමතක කරන්න ඉක්මනින් ❞


❝ කවුරුත් නැතත් මං ඔයාට ඉන්නවා ❞


ටනාෂියා කියපු දේවල් වගේම හේෂාන් එයාලා 'සෙක්ස් පාට්නර්ස්ලා කියපු විදිහ මගෙ ඔළුව ඇතුළෙ තාමත් දෝංකාර දෙනවා. ඉවසන්න බැරි තැන මම ඔළුවත් අතින් අල්ලගෙන අහකට උනා.


"ටනාෂියා.. තමුසෙ කොහොමද මගෙ හේෂාන්ගෙ හිත දිනා ගත්තේ. ඒ මනුස්සයාව මේ තරම් වෙනස් කරන්න තමුන්ට මොනාද තියෙන්නේ. ඇයි හේෂාන්ව අතාරින්න බැරි. Blind Date ගියා නම් එක සැරයක් ඇයි ආයෙමත් වතාවක් ඒ වැරැද්දම කරන්න එයාට ඉඩ දුන්නේ."


"තමුන් හිතන් ඉන්නෙ මේ දේවල් කරලා තමුන්ට වැඩි කල් ජීවත් වෙන්න පුළුවන් කියලද."


ඔව්.. ටනාෂියා වැඩි කාලයක් යන්න කලින් ඇන්ඩෲස්ගෙ ඉලක්කයක් වෙනවා. එයාලා දෙන්නගෙ Physical Connection එක ගැන රාදිතා දැනගෙන කියන්නේ ටනාෂියාගෙ අවසන් හුස්මට වැඩි කාලයක් නෑ. මම හේෂාන්ව කිස් කරා කියලා ස්නයිපර් රිෆයිල් එකකින් මාව මරලා දාන්න හදපු ඇන්ඩෲස්, ටනාෂියා හේෂාන් එක්ක එච්චර ලං වෙලා ඉන්නවා කියලා දන්නවා නම් එක විනාඩියක් වත් බලාගෙන ඉන්නෙ නෑ.


ඒත් මට බය තියෙන්නේ මේ දේවල් නිසා හේෂාන්ගෙ ජීවිතේටත් තර්ජනයක් වෙයිද කියලා. මට කළකිරුණා එයා ගැන. ඒත් එයාගෙ ජීවිතේට මොනවා හරි උනොත් එහෙම මට දරාගන්න අමාරුයි.


Peek..


එකපාරටම කාර් එකක් හෝන් ගහනවා ඇහිලා මං හැරුණා. ඒ එක්කම මං දැක්කේ කහපාට ලයිට් එළියක්. තවත් මුකුත් හිතන්නත් කලින් මාව ඒ වාහනේ වැදිලා බිමට වැටුණා.


එකපාරටම මගෙ කැඩිලා තිබුණු අත බිම වැදුණා. වාහනේ වේගයෙන් මගෙ නොවැදුනත් වැටෙන්න යද්දි වැරදිලා අත තිබ්බ නිසා අත කැක්කුම් ඇල්ලුවා.


"Are you crazy.. මේ මහ පාරේ පාර මැද ඉඳගෙන මොන විකාරයක් කරනවද ?"


එකපාරටම කවුරු හරි පිරිමි කෙනෙක් එහෙම කියලා මගෙ අතින් ඇදලා නැගිට්ටෙව්වා. එයා මගෙ අත් වල තිබුණු වැලි පිහදැම්මා. අත රිදෙන නිසා මගෙ ඇස් වල කඳුළු නැවතුණේ නෑ.


"අහ්.. අනේ.. අල්ලන්න එපා."


එයා මගෙ තැලුම් පාර හිටලා තියන දකුණත අල්ලද්දි මට රිදුණා. ඉතින් මං අත අල්ලගෙන කෑ ගැහුවේ එයාට තවත් අල්ලන්න නොදී.


"ඔයාගෙ අත උළුක් උනාද.. Lemme see."


එයා මගෙ අත අරගෙන බැලුවා. ඒ එක්කම මම කොණ්ඩෙත් කන පිටිපස්සට කරන් එයාගෙ මූණ දිහා බැලුවා. දැකලා පුරුදු මූණක්. මීට කලින් කොහෙදි හරි මං එයාව දැකලා තියනවා.


"......"


මම එයාට සොරි කියන්න ගියේ. ඒත් මගෙ කට ලොක් උනේ ඒ ඇස් දැකලා. මගෙ අත බලන ගමන්ම එයා ඇස් වලින් විතරක් මං දිහා බැලුවා. තඹපාට කොණ්ඩෙ, රැවුල එක්කම එයාගෙ ලා නිල් පාට ඇස් වලින් මම අඳුන ගත්තා මේ එදා කොෆි ශොප් එකේදි මං දිහා බලලා කට කොනින් හිනා වුණ කෙනා කියලා.


"ඔයාගෙ අත.. ඒක කලින් කැඩිලද තිබුණේ ?"


හරි ගොරෝසු කටහඬකින් එයා එහෙම ඇහුවා. ඒ බැල්ම දිහා බලන් ඉන්න අපහසු නිසාම මං ඇස් අහකට හැරෙව්වා. මේ ලස්සනට නම් හිතා ගන්න පුළුවන් එයා ලංකාවෙ කෙනෙක් නම් නෙවෙයි. ඒත් හොඳට සිංහල කතා කරනවා.


"තියෝ.. What Happened my bae."

(මොකද උනේ බබා)


"It's small accident නූරි."

(ඒක පොඩි ඇක්සිඩන්ට් එකක්)


රාදිතා වගේම ඉන හරියට තියන ඇඟ බේරිලා පේන රතුපාට ටයිට් අත්පටි ගවුමක් ඇඳගත්තු ගෑනු ළමයෙක් කාර් එකෙන් බැහැලා එහෙම කියාගෙන ආවා. එයා මං දිහා උඩ ඉඳලා පහලට බැලුවා.


"Who is this ?"

(කව්ද මේ)


"I donno. She suddenly jumped to my car. She seems unconscious."

(දන්නෑ. ඇය එකපාරටම මගෙ කාර් එක ඉස්සරහට පැන්නා. පේන්නෙ නම් ඇය අසිහියෙන් වගේ)


එයා එහෙම කියද්දි ඒ ගෑනු ළමයා රාදිතා බලන බැල්මෙන්ම බැලුවා. ඒ දෙන්නා කොහෙ හරි ගිහින් එන පාටයි. ක්ලබ් යන ගෑනු ළමයෙක් වගේ මෙයා.


"ඔයාට හෙල්ප් එකක් ඕනිද. ඇයි ඔයා මෙවෙලේ තනියම ?"


"නෑ.. මට සමාවෙන්න මම හිතලා නෙවෙයි පැන්නේ. මං යන්නම්."


මං එහෙම කියලා යන්නයි හැදුවේ. ඒත් ඒ පිරිමි ළමයා මගෙ අතින් අල්ලගෙන. මං ආයෙමත් හැරුණේ ඇයි බලන්න. මගෙ අත අල්ලන් ඉන්න එයාගෙ අත දිහා බලලා අර ගෑනු ළමයා රවාගෙන වගේ බලන් ඉන්නවා.


"ඔයා කොහෙද ඉන්නේ. ඩ්‍රොප් කරන්නද මම ?"


"Bae.. මොකටද මේ කොහෙවත් යන ගර්ල්ස්ලා ඩ්‍රොප් කරන්න අහන්නේ. Let's go."


"නූරි.. එයා හැප්පුනේ මගෙ වෙහිකල් එකට. එයාව මෙතන තියලා යන්න බෑනේ."


"But මට ට්වෙල් අ ක්ලොක් වෙද්දි මගෙ ප්ලේස් එකට යන්න ඕනි."


ඒ ගෑනු ළමයා දිගටම එයා එක්ක වාද කරනවා. ඉතින් මං එයාලා ගාවින් ඈත් වුණේ අනිත් පැත්තට හැරිලා පයින්ම ඉතුරු ටිකත් ගෙදර යන්න හිතාගෙන.


"ඔයාලා Argue වෙන්න ඕනි නෑ. මගෙ ගෙදර වැඩි දුර නෙවෙයි, ඒ නිසා මං යන්නම්. Thank you උදව් කළාට."


මං එහෙම කියලා හැරිලා මගෙ ගමන ගියා. මාව ඇක්සිඩන්ට් උනා විතරයි ඉස්සෙල්ලා උන හැම දෙයක්ම වගේ විනාඩි ගාණකට අමතක උනා. බැරි වෙලා වත් ඒ වාහනේ මීට වඩා වේගෙන් ආවා නම් මේ මගෙ ජීවිතේ අවසාන දවස වෙන්න තිබුණා.


ගෙදරට ලං වෙද්දි මං දුවගෙන ගියා. දුවගෙන ගිහින් මං ගේට්ටුව වහලා මල් ගහක් අස්සට ගියා. ඒ එක්කම ඒ දෙන්නා ආපු කාර් එක එතනින් වේගයෙන් ගියා. ඇත්තටම කව්ද ඒ පිරිමි ළමයා ?


ඒ නිල් ඇස්, තඹපාටට හුරු කළුපාට සුද්දෙකුගේ වගේ කොණ්ඩෙ, සුදු හැඩිදැඩි ඇඟ. හේෂාන් තරමටම ලස්සනක් ඒ පිරිමි ළමයාටත් තිබුණා. එයා මාව දන්නවද කැෆේ එකේදි අමුතු විදිහට හිනා වෙලා අද හොඳට කතා කලේ.


එයාගෙ නමට අර ගෑනු ළමයා කිව්වේ 'තියෝ' කියලා. ඒක එයාගෙ නික් නේම් එකද කොහෙද. අනික ඒ ගෑනු ළමයා හොඳ කෙනෙක් නෙවෙයි වගේ. ටනාෂියා වගේම ජරා කෙල්ලෙක් වගේ. හේෂාන් ටනාෂියා එක්ක නයිට් ස්පෙන්ඩ් කරනවා වගේ මේ බෝයිත් ඒ කෙල්ල එක්ක කොහෙ හරි යනවා වගේ.


තවත් මෙතනට වෙලා එකේක දේවල් ගැන කල්පනා කර කර ඉඳලා වැඩක් නෑනේ. ඉතින් මං ගේ ඇතුලට ගියා. බාත්රූම් එකට ගිහින් මම කරාබු දෙක ගලවලා, ගවුමත් ගලවලා ශවර් එක යටට ගියා. චාර්ලි චැප්ලින් කියනවා වගේ මාත් ආසම වැස්ස වෙලාවක හරි, ශවර් එක යට හරි අඬන්න. එතකොට කාටවත් බෑ මගෙ කඳුළු වතුරෙන් වෙන් කරලා අඳුන ගන්න.


ටයිල් බිත්තිය දිගේම රූටලා ගිහින් මාව බිම ඉන්ද වුණා. අඬලා මූණ වෙනස් වෙලා කියලා මට පේනවා ඉස්සරහා තියන කණ්නඩියෙන්. ඒ විතරක් නෙවෙයි මගෙ ඔළුව පුපුරන්න තරම් රිදෙනවා. මේ හැමදෙයක්ම එක සැරේ දරාගන්න මට කොහොම හයියක් ආවද මංදා.


❝ අමතක කරන්න එපා අපි සෙක්ස් පාට්නර්ස්ලා කියලා ❞


❝ මං ඔයාට ආදරේ කරන්නත් ලෑස්තියි හේෂාන් ❞


මම අඬන සද්දේ දුල්නෙත්මිටයි සංජානාටයි නෑහුනොත් පුදුමයක්. ඉකි ගගහා අඬනවා මිසක් වෙන කරන්න දෙයක් මට ඉතුරු වෙලා නෑ. මම ඇඬුවට යථාර්ථය වෙනස් වෙන්නෙත් නෑ. ටනාෂියා එක්ක මට එන්නේ එසේ මෙසේ තරහක් නෙවෙයි. මොකද එයයි හේෂාන් මෙහෙම තත්වෙකට ඇදලා දාලා තියෙන්නේ. අනික හේෂාන්. එයාත් දැනගන්න ඕනි එයාව කන්ට්‍රෝල් කරගන්න.


❝ I lost my control again ❞


ස්කෝර්පියන් ග්‍රාස් ගාඩ්න් එකේදියි කාර් එක ඇතුලෙයි අපේ ගෙදරයි ඔයා තුන් වතාවක් කන්ට්‍රෝල් ලොස්ට් වෙලා මාව කිස් කලා. එහෙම කලේ වෙනදා ටනාෂියා එක්ක හැසිරෙන පුරුද්දටද. ටනාෂියා නැති දවසට ඔයා මගෙන් ඒ ආශාවල් ඉෂ්ට කරගත්තද.


මම අදටත් ඔයාට රෙස්පෙක්ට් කරනවා හේෂාන්. ඒත් ඔයා මට ඒ රෙස්පෙක්ට් එක දෙන්නෙ නැද්ද. ඔයා බලාපොරොත්තුවෙන් මං හැමදාම වෙන කිසි කෙනෙක් ගැන නොහිතා ජීවත් වෙනවා. ඒත් ඔයා,


❝ කොහෙවත් යන කෙල්ලෙක් වෙන්නෙ කොහොමද ඔයාව මට ❞


❝ රාදිතාට බොරු ආදරයක් පෙන්නලා මං අද වෙනකම් ඇත්තටම ආදරේ කලේ ඔයාට ❞


මේ වචන බොරුද. ඔයා මාවත් අතකොලුවකට තියාගන්නද එහෙම දේවල් කියලා මගෙ හිත දිනා ගත්තේ. මම ඔයාව ගොඩාක් විශ්වාස කරා හේෂාන්. දැන් මං ඔයාව විශ්වාස කරන්නෙ බිස්නස් මන් කෙනෙක් හැටියට විතරයි. මට ඔයා එක්ක තිබුණු පෞද්ගලික විශ්වාසය බිංදුවටම වැටුණා.


"ඒයි.. ඒ පාර මොකක්ද අවුල. ඇයි ඔය අඬන්නේ ?"


"මින්දි.. ඇයි මේ දොර ලොක් කරන්. දැන් කීයෙ ඉඳන්ද ඕක ඇතුළෙ ඉන්නේ. අරින්න මේ දොර."


"මට.. මගෙ පාඩුවේ.. ඉන්න.. දෙන්නකෝ."


ඇති වෙනකම් අඬනවා මං. අඬලා මට මේ හැම දෙයක්ම ඉවරයක් කරලා දාන්න පුළුවන් නම් මං ඒක කරනවා. එදා ඇන්ඩෲස් මට තර්ජනය කරා හේෂාන්ගෙන් ඈත් වෙන්න, එහෙම නොවුනොත් මාව මරනවා කියලා. මම ලොකු හිතේ අමාරුවකින් හිටියේ එයාගෙන් කොහොම ඈත් වෙන්නද කියලා. දැන් මට ඈත් වෙන එක තමයි ගන්න තියන හොඳම විසඳුම.


හේෂාන් කවදා හරි කලින් හිටපු මනුස්සයාම වෙනකම් මං ඇඟිලි ගැනගෙන බලන් ඉන්නවා. සමහරවිට රාදිතාට ඒක කරන්න පුළුවන් වෙයි. නැත්තම් හේෂාන් ඇන්ඩෲස්ගෙ අතින් මැරෙයි.


ක්රීක්..


රොබ් එකත් ඇඟේ පටලවගෙන, දොරත් ඇරගෙන මම එළියට ආවා. මං එනකම්ම ඇඳ උඩ ඉඳන් හිටපු කෙල්ලො දෙන්නා මාව දැක්කම නැගිටලා ආවා. මම කොහොමද එයාලට මේක කියන්නේ. එයාලා මටත් එක්ක බනීවි.


"මොකක්ද ප්‍රශ්නේ. මේ බලනවකො මූණ ඉදිමිලා තියන විදිහ. ඔච්චර අඬන්නෙ ඔළුව කැක්කුම හදාගන්නද මෝඩියේ ?"


"මින්දි ඔයා කිසිම දෙයක් අපෙන් හංගන්න එපා. හැම දෙයක්ම අපිට කියන්න. මොකක්ද අද උනේ. ඇන්ඩෲස් හරි රාදිතා හරි මොනවා හරි කිව්වද ?"


එ දෙන්නාගෙන් දැනටමත් මට බැනුම්. මම බිම බලාගෙන ඉන්න නිසා එයාලා එක්කගෙන ගිහින් මාව ඇඳ උඩින් ඉන්දෙව්වා. කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද අද උන සිද්ධිය ?


"හා.. දැන් අපිට කියන්න මොකද පාර්ටි එකේදි උනේ කියලා."


"හේෂාන්.."


"ඇයි එයා මොකක්ද කරේ මේ පාර ?"


"එයා ටනාෂියා එක්ක Physical Connection තියනවා."


"මොකක් 😨 ?"


සංජනා ඒක කිව්ව පයින්ම විශ්වාස කරා. එයාමයි මට කලින් කිව්වේ ඔය දේ වෙන වග. ඒත් මම හේෂාන් එහෙම කෙනෙක් නෙවෙයි කියලා විශ්වාසය තිබ්බා. දැනුයි මට තේරෙන්නෙ මම කොච්චර වැරදි විදිහටද හිතලා තියෙන්නෙ කියලා.


"එයා මගෙ ඇස් ඉස්සරහම ටනාෂියාව කිස් කලා. ඒ දෙන්නා තුරුළු වෙලා හිටියේ. මම දැක්කා හොඳටම."


"ඉතින් ඒකෙන් කියන්නෙ කොහොමද හේෂාන් එයා එක්ක පිසිකල් කනෙක්ෂන් තියනවා කියලා."


"එයාලා මගෙ ඉස්සරහම කිව්වා. මම හැම දෙයක්ම අහගෙන හිටියේ. ටනාෂියායි හේෂානුයි දෙන්නා......"


මං එයාලට හැම දෙයක්ම කිව්වා. අවසානෙ මගෙ ඇස් වලින් කඳුළු ආවා කලින් වගේම. මට තියන දුක එයා ටනාෂියා එක්ක දෙපාරක් ගියපු එක නෙවෙයි. කවදාවත් එහෙම නොකරපු කෙනෙක් දැන් ඒ වගේ දේවල් වලට පෙළඹුණා කිව්වම.


"හරි හරි දැන් අඬන්න එපා. අද යුවසිංහ ගෲප් එකෙන් කෝල් එකක් ආවා. ඔයාගෙ රෙසිග්නේෂන් හරි කිව්වා. හෙට ගිහින් මොකක්ද එකක් සයින් කරලා ගෙනියන්න එන්න කිව්වා."


"එහෙමද ?"


"ඔව්.. ඒකත් අරන් ඇවිත් ඔයා යුවසිංහ ගෲප් එකෙන් සදහටම අයින් වෙලා හේෂාන්ගෙනුත් ඈත් වෙන්න. එතකොට මෙච්චර අඬා වැලපෙන්න, දුක් වෙන්න ඕනි වෙන එකක් නෑ. එයා ඕනි ගෑනු ළමයෙක් එක්ක ඕනි දෙයක් කරගත්තාවේ. අවසානෙට ඔය හැමෝටම තේරෙනවා තමන් කරපු කියපු දේවල් වල රඟේ."


"හ්ම්ම්.. ඒත් මට බයයි."


"ඇයි.. හේෂාන් ඇන්ඩෲස්ගෙන් වෙඩි කයි කියලද ?"


"ඔයාට ඒක ජෝක් එකක් උනාට මට ඒක ජෝක් එකක් නෙවෙයි දුල්නෙත්මි. මට හේෂාන් එක්ක තරහයි. ඒත් එහෙම කවදාවත් එයාට මුකුත් වෙනවා මට බලන් ඉන්න බෑ."


"ඒත් මෙහෙම දිගටම ගියොත් ඒක තමයි වෙන්නේ."


"මට තියන එකම බය ඒක."


"හේෂාන් කොන්ද පණ නැති මනුස්සයෙක් නෙවෙයිනෙ බන්. ඇන්ඩෲස් එයාට මොනවා කරන්නද. ඇන්ඩෲස්නේ යුවසිංහ පරම්පරාව පස්සෙ එල්ලිලා යන කටු කන බල්ලා."


"ඒ නිසාම තමයි මට බය. ඔය සහකාරයෝ, වැඩකාරයෝ තමයි අන්තිමට තමන්ගෙ හාම්පුතාව නොකියම මරන්නේ."


"ඒක හරි. ඒත් දැන් ඉතින් ඕවා අමතක කරන්න. ගිහින් ඇඳුමක් දාගන්න, ගොඩක් රෑ වෙලානේ."


එහෙම කියපු සංජානා මගෙ ඔළුව අතගෑවා. මං නයිට් ඩ්‍රෙස් එක ඇඳගෙන රොබ් එක ලිහලා ඇඳට නැග්ගා. ඇඳෙන් ඇලවෙනකම් ඉඳලා ඒ දෙන්නා ඇවිත් ඉඳගෙන මගෙ ඔළුව අතගෑවා. එයාලා නිදාගන්න කිව්වට අද රෑට නින්දක් එයිද කියන එක මට ශුවර් නෑ.


"හෙට ඔෆිස් යන්නත් ඕනිනේ. දැන් නිදාගන්න ඕවා අමතක කරලා."


"හ්ම්ම්."


මට නින්ද යනකම් එයාලා මගෙ ලඟටම වෙලා ඔළුව අතගෑවා. පැය භාගයක් ගියත් මට නින්දක් ආවෙ නෑ. ඒත් මං නිදි වගේ රඟපාලා පෙන්නුවා, එයාලත් මං නිසා කරදර වෙන නිසා.


"නින්ද ගිහින් නේද ?"


"හ්ම්ම්."


"එයා කීයටද එනවා කිව්වේ ?"


"හෙට උදේ නවයට විතර එනවා කිව්වේ."


"එහෙනම් ඊට කලින් අපි කෙල්ලව ගෙදරින් යවමු. ඔෆිස් ටයිම් එකට ඔයා ගිහින් ඩ්‍රොප් කරලා එන්න. කොහොම හරි නවය වෙන්න කලින් අපි එයාව මෙහෙන් යවන්නම ඕනි."


"හ්ම්ම්. මං අට වෙද්දි කෙල්ලව බස්සන්නම්. හවස ටැක්සි එකක එන්න කියමු."


"හරී."


එයාලා මොනවද මේ කියන්නේ. මාව ඔෆිස් ඇරලවලා එයාලා කාවද මේ ගෙදරට ගෙන්නන්න හදන්නේ. දුල්නෙත්මියි සංජානායි මගෙන් මොකක් හරි දෙයක් හංගනවා.


"කොහොමත් කෙල්ල හේෂාන් එක්ක ඇරියස් උන එක හොඳයි. එතකොට මේකට එක පයින්ම කැමති වෙනවානේ."


"ඔව්.. කොහොමත් මේක පිළිසකර උනාම හේෂාන් කියලා කෙනෙක් හිටියා කියලා මතකවත් හිටින එකක් නෑ."


"ඒක නියමයි."


ඒ දෙන්නා එහෙම කියලා කාමරෙන් ගියේ ලයිට් එකත් වහගෙන. රෑ එකොලහයි වෙලාව. මෙච්චර රෑ වෙනකම් එයාලා ඇහැරිලා ඉඳගෙන මොනවා කරනවද. අනික කව්ද ඔය හෙට උදේ නවයට එන කෙනා. ඒ දෙන්නා හෙට කව්ද එනවා කියද්දි මට මතක් උනේ දැන් පැයකට දෙකකට කලින් දැක්ක ඒ 'තියෝ' කියන පිරිමි ළමයා.


ඇයි මට එයාව මතක් උනේ. එයා ගෑනු ළමයි එක්ක රෝන්දෙ යන පිරිමි ළමයෙක් විතරයිනේ. සේරටම කලින් මට හොයාගන්න ඕනි ඔය දුල්නෙත්මියි සංජානායි කියන හෙට එන අය කව්ද කියලා.


.................................................... 🖤 ...


කව්ද මේ කෙල්ලො දෙන්නා හොරෙන් ගෙන්නන්න හදන කෙනා ?


කව්ද මේ තියෝ කියන්නේ 🙄


කියවන හැමෝම රියැක්ට් කරන් යමු..


Sachy Collins

Report Page