Spring is far away - 58
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 58 | The light pink dress
ඇස් පියාගද්දිම මට මතක් වෙන්නේ අද උදේ ඉඳලා මේ වෙනකම්ම මට වුණ දේවල්. ඇන්ඩෲස් මට ස්නයිපර් එක ඒම් කරපු විදිහ, හිරුෂාන්ගේ මරණ දැන්වීම් හැමතැනම අලවලා තියන විදිහ ඇස් පියාගද්දි මට මැවිලා පෙනුණා මේ දැන් වුණ දේවල් වගේම. මට තියන ප්‍රශ්නෙ ඇන්ඩෲස් මම එතන ඉන්නවා කියලා දන්නෙ කොහොමද කියන එක. එදා රාදිතාත් මට ඇවිත් කනට ගැහුවේ මම එතන ඉන්නවා කියලා දැන දැන ආවා වගේ නේ.
ඒ කියන්නේ ඇන්ඩෲස් මගෙ ෆෝන් එක විතරක්ම නෙවෙයි, සම්පූර්ණයෙන්ම මාවම හැක් කරලා වගේ..
අලුත් දවසක් 🌞☁️🍃..
"Good morning අංකල්.. හේෂාන් අද ඔෆිස් ගියෙ නැද්ද ?"
ටනාෂියා ඊයෙ රෑ ඉඳන් හේෂාන්ව කන්ටැක් කරගන්න බැලුවා. ඒත් කෙල්ලට බැරි උනා එයාව කන්ටැක් කරගන්න. මොකද කොල්ලා කෝල්ස් ආන්ස්වර් කරන්නෙත් නෑ, මැසේජ් බලන්නෙත් නෑ.
බැරිම තැන කෙල්ල යුවසිංහ බංගලාවට ගියේ හේෂාන්ව හොයාගෙන. ඒ යද්දි ශෂීන්ද්‍ර කොහෙ හරි යන්න කාර් එකට නගිනවා දැකලා කෙල්ල එහෙම ඇහුවා.
"ආ.. Good Morning දුව.. ලොකූ අද ඔෆිස් ගියේ නෑ. ඇඟට අමාරුයි කියලා ගෙදර හිටියා."
"එහෙමද. එයාට ගොඩාක් අමාරුද ?"
"එහෙම නෑ. ඇඟට මහන්සියි වගේ කියල කිව්වේ."
"ආ.. එයාව මට මීට් වෙන්න පුළුවන්ද ?"
"ඇයි බැරි. දුව යන්න එයා ස්කෝර්පියන් ගාඩ්න් එකේ ඇත්තේ."
"Thank you අංකල් 😊."
ශෂීන්ද්‍ර දන්නෙ නෑ හේෂානුයි ටනාෂියායි මේ තරම් එකතු ඇයි කියලා. එයා කාර් එකට නගිද්දි කාර් එකේ එහා පැත්තෙ ඉඳන් හිටපු නුවන්ති ටනාෂියා ගාඩ්න් එකට යන හැටි බලන් හිටියා.
"මහත්තයා."
"ඇයි ?"
"ඒ ගෑනු ළමයා එච්චර හොඳ කෙනෙක් නෙවෙයි වගේ."
"ඇයි එහෙම කියන්නේ ?"
"මට එහෙම හිතෙනවා. අඳින විදිහ ටිකක් අමුතුයි. එදත් මං දිහා අමුතු තාලෙකට බැලුවේ. අපේ දෝණි වගේ නෑ පොඩ්ඩක් වත්."
"ඩිටෙක්ටිව් කෙනෙක් කිව්වනේ. ඒ නිසා ඔයාට එහෙම පේනවා ඇත්තේ. අපේ ලොකූ එහෙම ගොඩක් ගෑනු ළමයි එක්ක් කනෙක්ෂන් තියන කෙනෙක් නෙවෙයිනේ. පේනවනේ එයාට රාදිවත් ඇලජික් හැටි."
"ඒකත් ඇත්ත තමයි. ඒත් මට ඇහිලා තියනවා මේ දෙන්නා ෆෝන් එකෙන් කතා කරනවා. එතකොට අපේ එක්කෙනා කිව්වා ඒ දෙන්නා මීට් වෙලා තියෙන්නේ Blind date එකකින් කියලා. මම දන්නෙ නෑනේ ඔය දැන් කාලේ වචන වල තේරුම්."
"Blind date ?"
ශෂීන්ද්‍ර නුවන්ති දිහා අමුතුම තාලෙකට බලද්දි ඒ වචන වල තේරුම් නොදන්න නුවන්ති ප්‍රශ්නාර්ථයක් ඉතිරි වුණු මූණෙන් බලාගෙන හිටියා.
"එයාට දැන් 32 ක්. ඉස්සර අපි වගේ නෙවෙයිනේ දැන් පිරිමි ළමයි. හැම ගෑණු ළමයම ආශ්‍රය කරලා බලනවා. එහෙම බලද්දි මීට් උන කෙනෙක් වෙන්න ඇති."
ශෂීන්ද්‍ර එහෙම කිව්වා.
"ඒ කියන්නේ ඒ ගෑනු ළමයා එක්ක අපේ ලොකූට එෆෙයා එකක් තියනවා කියලද ?"
"ඔයාට ඉතින් ඔය වචන වල තේරුම් කියන්න ගියොත් එහෙම වෙන එකක් හිතා ගන්නවා. Let's go."
නුවන්ති රවලා අහක බලාගත්තා. ටනාෂියා ස්කෝර්පියන් ග්‍රාස් ගාඩ්න් එකට යද්දි හේෂාන් ඔෆිස් එකේ වැඩ වගයක් කර කර හිටියේ. කෙල්ලව දැක්ක පාර හේෂාන් බලලා ආයෙමත් ලැප් එක දිහා බලාගත්තා.
"ඒ පාර ගෙදරට එන එක පුරුද්දක් කරගත්තද ?"
"Why.. ඒ තරම්ම මට අකමැතිද ?"
"නෑ. මං කියලා තියනවානේ. මීට් වෙන්න ඕනි නම් ගෙදර නැතුව ඕනි තැනක්."
"ඔයා නිකන් මට කතා කරන්නේ ඔයාගෙ මිස්ට්‍රෙස්ට කතා කරනවා වගේනේ."
ටනාෂියා එහෙම කියලා ලැප් එක ගාවින්ම මේසය උඩ ඉඳගෙන ස්ක්‍රීන් එකට ඇඟිල්ල තිබ්බා. හේෂාන්ගේ ලැප් එකේ Wallpaper එකට තිබුණේ එයා මින්දි එක්ක ගත්තු සෙල්ෆි එකක්.
"අපි දෙන්නා ගැන දන්නවා නම් මිනිස්සු හිතන්නෙ එහෙම තමයි. මට ඉන්ටොක්සිකේට් වෙන්න ඩ්‍රින්ක්ස් වලට ඩ්‍රග් එකක් දාලා මාව අන්කොන්ෂස් කරලා මං එක්ක දෙවනි පාරටත් නයිට් එකකට ගියේ ඔයාට තියන උවමනාවට. පළවෙනි පාරත් මාව ලං කරගත්තෙ ඔයා, දෙවනි පාරත් ඔයා. නැතුව මම කිසිම දවසක මින්දිගෙන් මිස වෙන ගෑනු ළමයෙක්ගෙන් වන් ප්‍රසන්ට්වත් දෙයක් බලාපොරොත්තු උනේ නෑ ටනාෂියා."
හේෂාන් පුටුවට හේත්තු වෙලා ටනාෂියා දිහා ඇසුත් හීන් කරන් බැල්මක් යොමු කරේ එහෙම කියන ගමන්. ඒත් ඒ කියපු හැම දෙයක්ම හමුවේ කෙල්ලගෙ මුවගේ තිබුනේ හිනාවක්.
"වෙන බෝයිස්ලා නම් මං එක්ක ඉන්න අකමැති නෑ. ඔයානේ මේ බොරුවට දඟලන්නේ."
"මම අනිත් අය වගේ නෙවෙයි ටනාෂියා. මගෙ හිතේ ඉන්නෙ එක්කෙනයි. ඒ කෙනාට විතරමයි මං ආදරේ. මං ඉන්නවා නම් ඉන්න ආසත් එයා එක්ක විතරයි."
"Enough.. Let's stop this."
"මං ඇත්ත කිව්වේ."
"I know. But ඔයා තව ටිකකින් ස්ට්‍රෝබෙරි ගෙඩියක් වගේ වෙනවා බලන් ඉන්න බැරි නිසයි මං එහෙම කිව්වේ."
ටනාෂියා එහෙම කියද්දි හේෂාන්ට එයාට අමතරව වෙන ගෑනු ළමයෙකුගේ කටහඬකුත් ඇහුණා. ඉතින් කොල්ලා එබිලා බැලුවේ කව්ද එන්නෙ කියලා.
"සුදු අයියේ."
"ඩිස්නි ?"
ඩිස්නි හෑන්ඩ් බෑග් එකත් වන වනම ඒ දෙන්නා දිහාවට ආවා. ඩිස්නිව දැක්කා විතරයි ටනාෂියා ඉක්මනින් ටේබල් එකෙන් බිමට බැස්සා.
"එහෙන් ගියාට පස්සෙ මට ඔයාව හම්බවෙන්න එන්නත් බැරි උනානේ."
"හ්ම්ම්. මින්දි කෝල් කලේ නැද්ද ?"
"නෑ.. එයා කොහොමත් මට කැමති නෑනේ."
"ඇයි ඒ ?"
"ඔයාට මං සුදු අයියා කියනවාට එයා කැමති නෑ."
ඩිස්නි මූණත් ඇද කරගෙන එහෙම කියද්දි හේෂාන් කට කොනින් හිනා උනා. හේෂාන් හරියටම දන්නෙ නෑ තාම එදා සිද්ධියට උනේ මොන හේතුවක් උඩද කියලා.
"හ්ම්ම්.. ඔයා මට කිව්වා නේද ඇන්ඩෲස් මින්දිගෙ ඩයරි එක අරන් ගිහින් කියලා."
"ඔව්. ඒක නෙවෙයිනේ අරන් යන්න ඇවිත් තියෙන්නේ. තිබුණු කලබලේට මට කියන්නත් බැරි උනා. එයාලා ඇවිත් තියෙන්නේ මින්දිගෙ බ්ලූ ඩයමන්ඩ් නෙක්ලස් එකක් හොයාගෙන."
"බ්ලූ ඩයමන්ඩ් නෙක්ලස් එක ?"
ටනාෂියා හේෂාන් දිහා බලද්දි හේෂාන් ටනාෂියා දිහා බැලුවා. ඒත් හේෂාන්ට හිතාගන්න බැරි ඇන්ඩෲස් ඒක ගැන හොයන්නෙ ඇයි කියලා.
"හේෂාන්.. ඇන්ඩෲස් ගෙදර හිතලමයි අවුල් කරලා තියෙන්නේ. ඔයා දැක්කනේ CCTV රෙකෝඩින්. එයා වෙන මොකක් හරි හොයනවා වගේයි අපිට තේරුණේ. ඒ හොයද්දි තමයි එයාට ඩයරි එක හම්බවෙලා තියෙන්නේ. ඩයරි එකත් එයාගෙ එක ටාගට් එකක්. එයා ඒක හිතලම අරගෙන ගිහින් තියෙන්නේ මින්දි ඒකෙ හැමදේම ලියන නිසා වෙන්න ඇති. සමහරවිට ඒකෙ මින්දි මොනව හරි විශේෂ දෙයක් ලියලා ඇති."
"එතකොට බ්ලූ ඩයමන්ඩ් නෙක්ලස් එක ?"
"මම හිතන්නේ රාදිතා එයාට මින්දිගෙ කරේ තියන නෙක්ලස් එක ගැන කියන්න ඇති. ඇන්ඩෲස් හිතන් ඉන්නවා ඇති ඒ ඩයමන්ඩ් එකෙන් හදපු තව නෙක්ලස් තියනවා කියලා."
එදා මින්දිගෙ ගෙදර ඇන්ඩෲස් විනාශ කරලා ගියපු වෙලේ රෑම ඇවිත් හේෂානුයි ටනාෂියායි මොකක්ද වුණේ බැලුවා. ටනාෂියා හොයාගත්තා ඒ දෙන්නගෙ ෆොටෝ ඇන්ඩෲස් අතට ගියේ කොහොමද කියලාත්..
හේෂාන්ගෙ අතේ තියනවා පෙන් එකක්. ඒකෙ තමයි ඒ දෙන්නගෙ පොටෝ storage කරලා තිබුණේ. ඒ විතරක් නෙවෙයි ඒ දෙන්නගේ මතක ගොඩාක් තිබුණේ ඒක ඇතුලේ. ටනාෂියා හොයා ගත්තා රාදිතා මෙහෙ ආපු වෙලාවක හේෂාන්ගෙ ඔෆිස් රූම් එකට රිංගලා ඒ පෙන් එක අරන් තියන බව. පෙන් එක හොයාගන්න ලේසි වෙන්න හේෂාන් ටැග් එකක් එල්ලලා තිබුණේ "මින්දි" කියලා. ඒකෙන් රාදිතා මේක හොයාගෙන එයාගෙ ෆෝන් එකට ඒ හැම ඩීටේල් එකක්ම අරගෙන කියලාත් එයාලා හොයාගත්තා.
"ඒක ගොඩක් වටින එකක්ද සුදු අයියේ ?"
"ඔව්.. ඒකෙ පෙනුමෙන් දකින ඕනි කෙනෙක්ට පේනවා කොච්චර වටිනවද කියලා. ඩීප් බ්ලූ ඩයමන්ඩ් ලංකාවෙ තියෙන්නෙ එකමයි."
"එහෙම එකක් මින්දි වගේ කෙනෙක්ට කොහෙන්ද හම්බුණේ ?"
"මින්දි අනාථ කෙල්ලෙක් නෙවෙයි. එයා අම්මෙක් තාත්තෙක් ඇතුව ඉපදුනේ. අනාතයෝ කියන්නේ ඉපදෙද්දි අම්මයි තාත්තයි දෙන්නම නැති අයට."
හේෂාන් රවලා වගේ ඩිස්නිට කියද්දි ඩිස්නි ගැස්සුනා. ටනාෂියා දන්නවා කිසිම කෙනෙක් මින්දිව පහත් කරලා කතා කරනවාට හේෂාන් අකමැති බව.
"නෑ මං එහෙම එකක් කිව්වෙ නෑ."
"ඒ උනාට මතක තියාගන්න. කිසිම කෙනෙක් අනාථ නිවාසෙක හැදුණට අනාතයෙක් වෙන්නෙ නෑ. එයාලට පවුලක් නැති උනාට එයාලා අනාථයෝ නෙවෙයි."
"හේෂාන්. Don't be mad."
ටනාෂියා හේෂාන්ගෙ උරහිසට තට්ටුවක් දාලා එහෙම කිව්වා. එදා රාදිතා මින්දිට බැනපු විදිහට හේෂාන්ගෙ හිත හොඳටම රිදිලා තියෙන්නේ. ඒකයි කොල්ලා අනිත් පැත්තට රාදිතාටත් හොඳටම බැන්නේ.
"Sorry සුදු අයියේ. මම ඒක හිතලා නෙවෙයි කිව්වේ. ඉතින් කියන්නකෝ කොහොමද මින්දිට ඒක හම්බුණේ කියලා."
"මං දන්නෙ නෑ. එයා ඕපනේජ් එකට ගෙනවිල්ලා තියලා තියෙන්නේ ඒ නෙක්ලස් එක එක්ක. මම ගෙස් කරපු විදිහට නම් එයාගෙ අම්මයි තාත්තයි ජෙම් ඩීලර්ස්ලා වෙන්න ඕනි. නැත්තම් එච්චර වටින එකක් ලැබෙන්නෙ නෑනේ. අනික මින්දිට ඒක දෙන්න තරම් එයාලාට ලොකු වත්කමක් තියනවා."
"ඒක තමයි එහෙනම්."
"දැන් උන දේ උනානේ හේෂාන්. ඇන්ඩෲස්ට උවමනාව තියෙන්න ඇති මින්දිව ඒ ගෙදරින් එලවන්න. එයා ඒක කරා."
"ඒකෙන් උනේ මින්දිට දුක් විඳින්න වුණ එක."
හේෂාන් එහෙම කියලා ලැප් එකේ වෝල්පේපර් එක දිහා බැලුවා. කොච්චර නම් ප්‍රශ්න තිබුණත් මින්දි හැම දෙයක්ම දරාගෙන ජීවත් වෙන ගෑනු ළමයෙක් බව හේෂාන් දන්නවා. හැබැයි කෙල්ලගෙ අධි සංවේදීකම කොයි වෙලේ හරි ඒ ගමනට බාධාවක් වෙන බවත් කොල්ලා දන්නවා.
"Don't worry.. මං මින්දි ගැන හොයලා බලන්නම්. එයාට අපි හැමදේකින්ම උදව් කරමු."
"හ්ම්ම්."
හේෂාන් එහෙම කියලා පුටුවෙන් නැගිටලා ගාඩ්න් එකෙන් එළියට ඇවිදගෙන ගියා. වෙලාවකට කාලගුණය වගේ වෙනස් වෙන හේෂාන්ගෙ ගතිගුණ තාම ටනාෂියාට තේරුම් ගන්න බෑ. අඩුම තරමේ රාදිතාටවත්. ඒත් ඒ හිත මින්දි හරි ඉක්මනින් අඳුන ගන්නවා.
........
මං අතේ තිබුණු සල්ලි වලින් ටිකක් වැඩිපුර අරගෙන ඩී මාර්ටිනස් එකට ගියා. හේෂාන්ගෙ බර්ත්ඩේ එක දවසේ නිකන් ගවුමක් ඇඳන් ගිහින් එයාගෙ ඒ ලස්සන දවස ruin කරන්න බෑනේ. කොච්චර වියදමක් ගියත් මං එයා කිව්වා වගේම ලා පාට ගවුමක් ඇඳන් යනවා.
කොහොමත් මම ෆිල් කරපු ඇප්ලිකේශන් ටික ඒ කම්පැනි වලට දැම්මම වැඩි කාලයක් නොගිහින් ඉන්ටර්විව් යන්න ඒවි. මම අවුරුදු එක හමාරක්ම සිඩ්නි වල වැඩ කරලා තියන නිසා එක්ස්පීරියන්ස් ගැන එයාලා තවත් බලන එකක් නෑ.
"Welcome to D Martinez. මැඩම් මොකක්ද බැලුවේ."
එකපාරටම කළුපාට කෝට් එකයි ටයිට් ස්කර්ට් එකයි ඇඳගත්තු ගෑනු ළමයෙක් මගෙ ඉස්සරහට ඇවිත් එහෙම ඇහුවා. ඇත්තටම මම ගන්න ඕනි සරුංගල් වගේ ගවුමක්ද නැත්තම් සිම්පල් එක්ස්පෙන්සිව් එකක්ද ?
"Evening dress එකක් වගේ."
"නිව් අරයිව්ඩ් ඒවා තියනවා. මේ පැත්තේ."
එයා අතත් දික් කරලා ගියා. මාත් එයාගෙ පස්සෙන්ම ගියා. ටික දුරක් ගිහින් මං නැවතුනේ කළුපාට පසුබිමක ග්ලාස් වලින් වට කරලා තියන ඩමී එකක් ඉස්සරහා. ඒ ඩමී එකට අන්දලා තිබුණේ කෙට්ටු, සාමාන්‍ය උස කෙනෙක්ට ගැලපෙන ඇඟට ෆිට් වෙන දිග ගවුමක්.
ලා රෝස පාටින් තියන ගවුමේ අත් තිබුණේ සුදු පබළු පටියකින්. පෙනුමෙන් නම් ඒක ගොඩා චාම් උනත් ඒක ගොඩාක් එක්ස්පෙන්සිව් කියලා Showroom එකේ දාලා තියන විදිහටම මට පෙනුණා.
"......ඉක්මනින් සර්ට එන්න කියන්න."
කල්පනාවෙන් එළියට ආපු මං දැක්කේ කලින් මට කතා කරපු ගෑනු ළමයා තව ගෑනු ළමයෙක්ට එහෙම කියලා මං ගාවට දුවගෙන එනවා. එයාලා හිතන් ඉන්නවද දන්නෙ නෑ මේක මම ගන්න හදනවා කියලා.
"මැඩම් මේ ඩ්‍රෙස් එක තාම ආවා විතරයි. තාම සෙලිබ්‍රිටි කෙනෙක් වත් මේ වගේ ඩිසයින් එකක් ඇඳලා නෑ. මේක ටිකක් එක්ස්පෙන්සිව්. එයිටි ටූ තවුසන්ඩ් වෙනවා."
මම ගවුම දිහා බලන් ඉද්දි එයා එහෙම කිව්වා. ගාන ඇහුවම මං බෑග් එකේ පටිය තනි අතට මිරිකගත්තා. මේ සිම්පල් ඩ්‍රෙස් එක තාම කවුරුත් ඇඳලා නැති නිසාද මෙච්චර ගණන්. දැන් ඉතින් තියන ලක්ෂ දෙක තුනෙන් එකක් වියදම් කරලා හේෂාන්ගෙ පාර්ටි එකට අඳින්න විතරක් මේ ගවුම ගන්නකෝ. මරු අදහස් මගෙ මොලෙත් දෙන්නේ.
"එහෙමද. ඒක හරි චාම්. අමුතුම ලස්සනක් තියනවා."
"ඔව්. ඔය මැටීරියල් එක හරි සොෆ්ට් මිස්. දවසක් උනත් ඇඳගෙන හිටියත් කම්ෆටබල්. අනික ඔය කලර් එක මැඩම් වගේ බ්‍රවුන් ස්කින් තියන අයට මාරම මැචින්."
එයා එහෙම කිව්වට ඉතින් මට එච්චර වියදමක් දරන්න බෑනේ. ඒකෙ වටිනාකමෙන් බාගයක් උනොත් මට ගන්න පුළුවන්. මොකද මෙවෙලේ ජොබ් එකක් හොයා ගන්නකම් සල්ලි ඕනි කරනවා.
"Excuse me miss.. මිස් මේ ඩ්‍රෙස් එකට කැමතිද ?"
එකපාරටම කවුරු හරි පිරිමි කෙනෙක් කතා කරනවා ඇහිලා මම හැරුණා. ඒ කෙනා ඇඳන් හිටපු විදිහට මට තේරුණා එයා මෙතන මැනේජර් කෙනෙක් කියලා.
"සර්.. මේ ගර්ල් මේ ෆොටෝ එකේ ඉන්න ලේඩි වගේමයි නේ."
"ශ්ශ්.."
එක ගෑනු ළමයෙක් ඒ මැනේජර්ට මං දිහා බලලා මොකක් හරි රහසින් කිව්වා. එත් ඒක මට හරියටම ඇහුණෙ නෑ. මං ශොප් එකට ආපු වෙලාවේ ඉඳන් අන්කම්ෆටබල් සිටුවේෂන් එකක හිටියේ.
මැනේජර් මොකක් හරි පොඩි කොළයක් තියාගෙන ඒක දිහා බලලා එකපාරටම මං දිහා බැලුවා. ඒ කොලේ ඉඳන් මගෙ පැත්තට බැල්ම යොමු වෙද්දි එයාගෙ ඇස් ගැස්සුනා. ඇයි මෙතන අය මං දිහා අමුතු විදිහට බලන්නෙ. මගෙ ඇඳුමක වත් අවුලක්ද.
"අපිට පුළුවන් මිස්ට ඔය ගවුමට ඔෆර් එකක් දෙන්න."
"ඒ කිව්වේ ?"
"මිස් කැමති නම් අපි මේ ඩ්‍රෙස් එක මිස්ට ෆිෆ්ටි ප්‍රසන්ට් අඩු කරලා දෙන්නම්."
"What ?"
මම කන්ෆියුස් වෙලා එයාලා දිහා බලන් ඉන්නවා. එක ගෑනු ළමයෙක් මැනේජර්ට එන්න කිව්වා. දැන් මැනේජර් තව ගෑනු ළමයි දෙන්නෙක් එක්ක ඇවිත් මං දිහා බයවෙලා වගේ බලලා ගවුම ෆිෆ්ටි ප්‍රසන්ට් අඩු කරන්නත් අහනවා.
"ඔව්.. මිස් තමයි මේ ඩ්‍රෙස් එක ඉස්සෙල්ලාම ගන්න හදන්නේ. ඒ වගේම ඒක ෆිෆ්ටි ප්‍රසන්ට් අඩු කරපු නිසා මිස්ට පාඩුවක් වෙන්නෙ නෑ."
මම ඇඳගෙන ඉන්න ගවුම දිහා නැවිලා බැලුවේ කොහෙ හරි ඉරිලා කුණු ගෑවිලා තියනවද බලන්න. එයාලට මාව හිඟන්නෙක් වගේ පේනවද මට එච්චර ලොකු ඔෆර් එකක් දෙන්න යන්නේ. අනික මං දිහා බයවෙලා වගේ බලන්නේ.
"ඔරිජිනල් ඩ්‍රෙස් එකමද ලැබෙන්නෙ ඔෆර් එකට."
"ෆිෆ්ටි ප්‍රසන්ට් අඩු කරා කියලා ඩ්‍රෙස් එකේ කොලිටි එක වෙනස් වෙන්නෙ නෑ මැඩම්."
"හ්ම්ම්.. එහෙනම් මං ඒක ගන්නම්."
"මේ ඩ්‍රෙස් එකට වෙනම සයිස් එකක් තියනවා. මැඩම් මේ ඩ්‍රෙස් එක මැඩම්ට ෆිට් නොවුනොත් අපිට පුළුවන් දවසක් ඇතුලත එකක් මේඩ් කරලා දෙන්න."
"මේකෙ සයිස් එක මොකක්ද ?"
"Medium.. හයිට් එක සෙන්ටිමීටර් 130 යි, වෙස්ට් එක සෙන්ටිමීටර් 60 යි."
"ඒ මගෙ සයිස් එකනේ."
හරි පුදුමාකාරයි. ඒ ගවුම මගෙ සයිස් එකටම තියනවා කියලා ඇහුවම. හරියට නිකන් මටම හදවලා වගේ. මං ඒ ගවුම ලඟටම ගිහින් බැලුවා. මට ගැලපෙන පාටකින් මගෙ ඇඟේ සයිස් එකටම මේ ගවුම හදලා තියෙන්නෙ කොහොමද මෙහෙම.
"මිස්ටම තමයි ඒ ඩ්‍රෙස් එක ගැලපෙන්නේ."
"මං මේක ගන්නවා එහෙනම්."
ගවුම දිහා බලාගෙන හිටපු මගෙ අවසාන තීරණය ඒක. මේක දෙවියෝ මටම මවපු ගවුමක්ද කොහෙද. ඉතින් කොහොමද හිතකින් මෙතන දාලා යන්නේ එහෙම. මම ගවුමට කැමතියි කිව්වමත් ශොප් එකේ හිටපු අය මං දිහා කන්න වගේ බලන් හිටියා.
"හරි Miss.. අපි ඩ්‍රෙස් එක පැක් කරලා කවුන්ටර් එකට එවන්නම්."
"හ්ම්ම්."
මං එයාලා කිව්ව නිසා එතනින් ගියේ කවුන්ටර් එකට. හීල්ස් දෙකකුත් බලන්න ඕනි. ඒත් ගෙදර රෝස් ගෝල්ඩ් හීල්ස් දෙකක් තිබුණා. ඒක සමහරවිට ගැලපෙයි මේකට.
"සර්.. මහීක සර් කිව්ව සයිස් එකමයි මේ මැඩම්ගෙත් සයිස් එක."
"සර් දුන්න ෆොටෝ එකේ ලේඩිගෙයි මේ ගර්ල්ගෙයි කිසි වෙනසක් නෑ."
ගෑනු ළමයි දෙන්නෙක්ම මැනේජර්ට එහෙම කිව්වා. මැනේජර් බලාගෙන හිටියේ මින්දි ඈතට යන දිහා. එයාගෙ ඇස් අදහන්නෙත් නෑ තමාගෙ අතේ තියන පිංතූරයේ වගේම ගෑනු ළමයෙක් ඇස් දෙකට දැක්කා කිව්වම. ඉතින් වැඩි වෙලා නොයවා මැනේජර් තමන්ගෙ ෆෝන් එකෙන් කෝල් එකක් අරගත්තා.
"Hello සර්.. මං හිතන්නෙ අපි මැඩම්ව හොයා ගත්තා."
"ඔයලා නම ඇහුවද ?"
"නෑනෙ සර්."
"එහෙනම් ඉක්මනින් එයාගෙ නේම් එකයි ඇඩ්‍රස් එකයි පෝන් නම්බර් එකයි ගන්න කියන්න කවුන්ටර් එකේ ඉන්න ගර්ල්ට."
"හරි සර්. මං හොරෙන් ෆොටෝ එකක් නම් ගත්තා. හැබයි ඒකෙ පැහැදිලිව පේන්නෙ නෑ."
"ඒකට කමක් නෑ. මට මේ දැන්ම එයාගෙ ඩීටේල්ස් හොයලා එවන්න. Especially එයාගෙ නේම් එක."
"හරි සර්."
මැනේජර් කෝල් එක කට් කරලා හැරුණේ ගෑනු ළමයෙක් පැත්තට.
"ඉක්මනින් සිකියුරිටි ඔෆිසර්ට කියන්න සීසීටීවි චෙක් කරලා ඒ ගර්ල් යන එන රෙකෝඩ් ටික මහීක සර්ට යවන්න කියලා."
"හරි සර්."
"තව කෙනෙක් කවුන්ටර් එකට ගිහින් කියන්න එයාගෙන් නේම් එකයි, ඇඩ්‍රස් එකයි, කන්ටැක් නම්බර් එකයි ගන්න කියලා."
"හරි සර්."
එහෙම කියපු එක ගෑනු ළමයෙක් කවුන්ටර් එක ගාවට ගියා. මැනේජර් තවත් කෙනෙක්‍ට කෝල් කරන ගමන් එයාගෙ ඔෆිස් එකට ගියා.
විනාඩි දහයක්..
මම තාමත් එතන. තවත් තත්පර ගාණක් යද්දි එයාලා කළුපාට බොක්ස් එකක දාලා ගවුම ගෙනවිත් දුන්නා. මං කාඩ් එකත් අරගෙන කැෂියර් ගෑනු ළමයා ගාවට ගියා.
"මිස්.. මිස් තමයි අපේ බ්‍රාන්ච් එකට ආපු නම්බර් ටූ තවුසන්ඩ් බිල් එක. ඒ නිසා මැඩම්ට ප්‍රයිස් එකක් තියනවා. Congratulations."
මම ගවුමක් බැලුවම එයාලා බයවෙලා වගේ බලන් හිටියා. දැන් මම ප්‍රයිස් එකකුත් වින් කරලාලු. ප්‍රශ්න මදිවට දෙවියෝ ඇන ඇන ප්‍රයිසස්, ඔෆර්ස් පවා දෙනවද මංදා.
"එහෙමද."
"අපිට පුළුවන්ද මැඩම්ගෙ ඩීටේල්ස් ටිකක් ගන්න. මොකද අපි ප්‍රයිස් එක එවන්නෙ ගෙදරට."
"මොකක්ද ප්‍රයිස් එක ?"
"අ.. සමහරවිට නිව් අරයිව්ඩ් අයිටම් එකක් වෙන්න පුළුවන්."
"හ්ම්ම්."
"මට පුළුවන්ද මිස්ගේ නම දැනගන්න."
"මින්දි අමේලියා."
"සර්නේම් එක ?"
එයා කොලේක ලියන ගමන් මගෙන් එහෙම ඇහුවා. Surname එකක් කොහෙන්ද මට. මම අනාත නිවාසෙ හැදුන ගෑනු ළමයෙක්. අනිත් අයට වගේ නම් දෙන්න අම්මෙක් තාත්තෙක් මට නෑ.
"ඒක ඕනිමද ?"
"අහ් කමක් නෑ. ඇඩ්‍ඩ්‍රස් එක ?"
"මම දැන් ඉන්නේ යාළුවෙක්ගේ බෝඩ් හවුස් එකක. ඒකෙ ඇඩ්ඩ්‍රස් එක ගැන නම් මං දන්නෙ නෑ."
"At least.. මැඩම්ගේ ෆෝන් නම්බර් එක දෙනවද ?"
"හ්ම්ම්.. ඒක xxxxxxxxxx."
"Thank you."
ඇඩ්ඩ්‍රස් එක දන්නවා උනත් මම නොකිව්වේ මගෙම හොඳට. එයාලා මෙච්චර මගෙන් ඩීටේල්ස් ගන්නෙ ඇයි. මේ පොඩි ගිෆ්ට් එකකට ඇඩ්ඩ්‍රස් කන්ටැක් නම්බර්ස් හිටන්.
"Thank you miss. Have a nice day."
කැෂියර් ගෑනු ළමයා එහෙම කියලා දුන්නු බෑග් එකත් අරගෙන මං ශොප් එකෙන් එළියට ආවා. දැන් ඉතින් බස් එකක් එනකම් මට බලන් ඉන්න වෙනවා පැය භාගයක් වත්. මොකද මේ පාරෙ බස් අඩු නිසා.
"සර් ඒ ගර්ල්ගෙ නම්බර් එක ගත්තා මං. එයා ඇඩ්ඩ්‍රස් එක් දෙන්න අකමැතියි වගේ."
"එයාගෙ නම මොකක්ද ?"
මැනේජර් ඇවිත් කැෂියර් එකේ හිටපු ගෑනු ළමයාගෙන් එහෙම ඇහුවා.
"මින්දි අමේලියා."
"නියමයි."
එහෙම කියපු මැනේජර් ආයෙමත් වතාවක් නම්බර් එකක් ටයිප් කරලා කෝල් එකක් ගත්තා.
"සර්.. ඒ ගර්ල්ගේ නම මින්දි තමයි."
"What ?"
"ඔව් අපි නම්බර් එක හොයා ගත්තා."
"Thank god.. මට ඒ නම්බර් එක එවන්න."
"සර් එයාව ෆලෝ කරන්න ඕනිද ?"
"නෑ එපා. එහෙම උනොත් එයාට දැනෙයි. මම මේ නම්බර් එක ට්‍රැක් කරන්නම්."
"හරි සර්."
එහෙම කියපු මැනේජර් කෝල් එක කට් කරලා ගියා. ඒ ගෑනු ළමයි හැමෝම බලාගෙන හිටියේ කලාතුරකින් ශොප් එකට ආපු නන්නාඳුනන අප්‍රසිද්ධ ගෑනු ළමයෙක් මැනේජර්ගේ අතේ තිබුණු ෆොටෝ එකේ පෙනුමට සමාන වුණේ කොහොමද කියලා.
"අනේ මංදා. සර් මොකට ඒ ගර්ල්ව හොයනවද කියලා."
"ඒක තමා."
................................................... 🖤 ...
මොකක්ද මේ D Martinez එකේ අවුල
කව්ද මේ මින්දිව හොයන කෙනා 🤔
ඒ ෆොටෝ එකේ මින්දි වගේ තව එක්කෙනෙක් ඉන්නවා කියන්නේ. කවුරු වෙන්න ඇතිද ඒ ?
කියවන අය කමෙන්ට් එකක් දාන් යන්න 😇
Sachy Collins