Spring is far away - 45

Spring is far away - 45

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 45  |  Who

Previous


"Don't waste my time. Get out."


එයා කියන නිසාම මං එළියට ගියා. දැන් ඉතින් මට අද දවසම නිකන් ඉන්න පුළුවන් වෙයි. මොකද මෙයා මං එක්ක තරහින් නිසා ආයෙ මට වැඩක් දෙන්නෙ නැති පාටක් තියෙන්නේ.


ලන්ච් ටයිම් එක ආපු වෙලේ මං මගෙ ටේබල් එකේම හිටියා. මොකද අද මට වෙනදා නැතුව දිනුමිගෙන් කෙසෙල් කොලේ ඔතපු බත් එකක් හම්බුණා. ඇත්තටම මං ආස නෑ මේ විදිහට ඔෆිස් එක ඇතුළෙ කන්න. ඒත් දැන් දිනුමි මට ඕනෑවට වඩා සලකනවා මම හේෂාන් ඇත්ත කියයි කියලා. අහ් එයා දැන් දිනුමි නෙවේනේ. ඩිස්නි රොජර්ස් නේ.


වෙලාව ගියේ මටත් නොදැනි. සැලෝමි මං හිතුවා වගේ මට ආයෙ කතා කලේ නෑ. සමහරවිට මං එක්ක තරහින් ඇත්තේ. මමත් වැරදියි තමයි. මට මුලදිම කියන්නයි තිබුණේ මම තාම වැඩ ඉගෙන ගන්නවා කියලා.


රෑ උනා 🌨️🌛💙..


ඩේවිඩ් මට එන්න ලොකේශන් එක එවලා තිබ්බා. ඒක යක්කල පැත්තට වෙන්න තිබුණ ටුවරිස්ට් හොටෙල් එකක්. ටිකක් ලස්සනට යන්න ඕනි නිසා මං අලුත් එකක් අරන් ඇන්දා. මේ දවස් වල ලංකාවෙ ප්‍රචලිතම ෆැෂන් බ්‍රෑන්ඩ් එක ඩී මාර්ටිනස්. Versace, Balenciaga වගේම ලොකු නමක් උරුම කරගත්තු ලංකාවේ කෝටිපතියන් යන එකක්.


ඒක ඇතුලට මං ගියෙ දවස් දෙකයි. සුදු පාට ගවුම විස්සකටත් වැඩියි. අද මං අඳින්න හදන එකත් ඊට වැඩියි. හේෂාන් ඇන ඇන කියනවා නම් එයාගෙ සල්ලි නාස්ති කරන්න කියලා, පොඩ්ඩක් නාස්ති කරාම මොකෝ. රාදිතා දවසින් දවසට ඇඳලා අයින් කරන ඒවා එක්ක බැලුවම මට එච්චර වියදමක් නෑ.


කලුපාට හීනි උරපටි කවුල් නෙක්ලයින් එකක් තියන දණහිසෙන් පහල දිගට ඇඟේ ගානට තියන ගවුම හරි චාම්. ඒක තමයි මං තෝරගත්තු එක. ඒත් නිකන් සැටින් රෙද්දට රුපියල් විසි අට දාහක් මොකටද මංදා 😑. ඒකට ගැලපෙන තනි පටියක් තියන සිල්වර් හීල්ස් දෙකයි බෙල්ලට හිරවෙන මාලෙයි දාලා කොණ්ඩෙ කර්ල් කරාම ඇත්තටම මං රාදිතාට වඩා ලස්සනයි කියලා හිතුණා.


හත හමාර වෙද්දි ගෙදරින් පිටත් උන මං අට වෙද්දි හොටෙල් එක ඉස්සරහා. මාමා මාව දාලා කාර් එකත් අරගෙන ගෙදර ගියේ ආයෙමත් එන්න කෝල් කරන්න කියලා.


ලස්සන ශැන්ඩෙලියර් ලයිට් එකකින් සමන්විත රත්තරන් පාටට හුරු දුඹුරු පාට මල් කැටයම් ගියපු බිත්ති වලින් වට උන වින්ටේජ් මැන්ෂන් එකක්. හරියටම කියනවා නම් යුවසිංහ බංගලාව වගේම පරණ ලක්ස්රියස් ඩිසයින් එකකට හදපු එකක්.


එතන බිමට එළලා තිබුණ දිග රතු කාපට් එක දිගේම මං ඉස්සරහට ඇදුණා. හැම ටේබල් එකකම වගේ පිරිමි ළමයි තමන්ගෙ ආදරවන්තිය එනකම් බලන් ඉන්නවා. ඒත් මං යන්නෙ නම් මගෙ බෝයි බලන්න නෙවෙයි.


"මින්දි ?"


එකපාරටම මට ඇහුණෙ එහාට වෙන්න තිබුණ බාර් එකෙන් කවුරු හරි කතා කරනවා වගේ. ඉතින් මං හැරුණා.


"රුසිරු ?"


"ඔයා කොහෙද මෙහෙ ?"


මං ගාවට වයින් වීදුරුවකුත් අතේ තියන් ආපු රුසිරු මගෙ උඩ ඉඳලා පල්ලෙහාට බැලුවෙ පුදුමෙන් වගේ.


"ඔයා මෙහෙ ?"


"මං වයිෆ් එක්ක ආවා. අද අපේ ෆ්‍රස්ට් ඇනිවසරි එක."


"අහ් එහෙමද."


"මේ රෑ ඔයා මොකද ආවෙ ?"


"කෙනෙක් කරදර කරනවා මාව හම්බවෙන්න ඕනි කියලා. එයා බලන්න ආවෙ."


"එහෙනම් දැන් මෙයා Blind date වලටත් එනවානේ."


Blind date තමයි. එහෙම එකක් උනොත් එහෙම තමයි අවුල කියන්නේ. ඩේවිඩ් කියන්නෙ සුද්දෙක්. මම ලංකාවෙ හය හතර නොදත් අහිංසක කෙල්ලෙක් නේ. මට වෙන රටවල් වල අය විශ්වාස නෑ ලංකාවෙ අය තරම්. අනික මම මේ ලෝකෙ වැඩිපුරම විශ්වාස කරන පිරිමියා හේෂාන් විතරයි.


"එහෙම එකක් නෙවෙයි රුසිරු. එයා මෙහෙ කෙනෙක් නෙවෙයි ඕස්ට්‍රේලියන් කෙනෙක්."


"අම්මට සිරි. සුද්දෙක්ද ?"


"ඔව්.. හේෂාන්ගෙ තාත්තගෙ යාළුවෙක්ගෙ පුතෙක්. මාව මීටින් එකකදි දැකලා ඩේට් එකකට එමුද ඇහැව්වා. ඉතින් බෑ කියන්න බැරි නිසාම මං හා කිව්වා."


"හේෂාන් අයියා දැනගත්තොත් ඔයාව උල තියනවා අනිවා."


"කරන්න දෙයක් නෑ රුසිරු. බෑ කිව්වා නම් ඊටත් වඩා කරදර."


"මොනවා උනත් පරිස්සමින්. මට නම් විශ්වාස නෑ ඔය සුද්දන්ව. උන් මෙහෙ ගෑනු ළමයින්ව රවට්ට ගෙන ගෙනිහින් විකුණනවානේ."


"මොකක් 😟 ?"


රුසිරු එහෙම කියද්දි මං නිකන්ම වෙවුලන්න ගත්තා. ඒත් එහෙම උවමනාවක් තියනවා නම් ඩේවිඩ් මාව මේ වගේ මිනිස්සු පිරිලා ඉන්න තැනකට ගෙන්නන්නෙ නෑනේ.


"ඔව්.. ටිකක් පරිස්සමින්. මට අල්ලන්නෙ නෑ සුද්දගෙ ඉන්වයිට් එක."


"ඔයාලා දැන්ම යනවද රුසිරු ?"


"නෑ.."


එහෙනම් මට බයක් නෑ. එයාලා ඉන්නවා නම් මට බැරි වෙලාවත් උදව්වක් ගන්න පුළුවන් නේ. ඩේවිඩ් ඇවිත් ඈත ටේබල් එකක ෆෝන් එක ඔබ ඔබා ඉන්නවා අහම්බෙන් ඇස් හරෝපු මට පේනවා.


"හ්ම්.. එයා අතන ඉන්නවා. මං යන්නම්."


"හරි මින්දි.. පරිස්සමින්."


"හදිස්සියට කියන්නත් අමතක උනානේ. හැපි ඇනිවසරි දෙන්නට."


"අහ්.. තැන්කියු."


මං එයාලට ඔළුව වනලා ඩේවිඩ් ඉන්න තැනට ගියා. එකපාරටම එයා මාව දැක්කා විතරයි පුදුම වෙලා වගේ නැගිටලා මගෙ උඩ ඉඳලා පහලට බැලුවා. එහෙ රටේ ඕනි තරම් සුද්දියො ඉද්දි මං වගේ ලා දුඹුරු පාට කෙල්ලෙක්ට මොකද කතා කරනවද මංදා ඩේට් වලට.


"Wow.. You look like an angel."

(වාව්.. ඔයා නම් සුරංගනාවියක් වගේ)


"Thank you mister david."

(ස්තූතියි මිස්ටර් ඩේවිඩ්)


මං එයා එක්ක හිනා උනා. ඩේවිඩ් කළුපාට කෝට් එකක් දාලා කළු වෙස්ට් කෝට් එකට ගැලපෙන්න කළු බෝ එකකුත් දාලා. මගෙ ඩ්‍රෙස් එකටම එයත් ගැලපෙන්න ඇඳලාවගේ.


"Sit.."

(ඉඳගන්න)


එයා අතකුත් දික් කරලා පුටුව පෙන්නද්දි මං ශේප් එකේ පුටුව ඇදලා ඉඳගත්තා. මට මෙතන කම්ෆටබල් මදි. ඇයි ඒ කියන්න මම දන්නෙත් නෑ.


"Was it difficult to come here ?"

(එන්න අපහසුවක් උනේ නැහැනේ)


"No mister david."

(නැහැ)


"Don't call me mister. Call me David."

(මට මිස්ටර් කියන්න එපා. ඩේවිඩ් විතරක් කියන්න)


"Oh.. sorry."

(ඔහ්.. සමාවෙන්න)


මං හිනා වෙලා එහෙම කිව්වා. එකපාරටම අපි ඉන්න තැනට ආවෙ සර්වන්ට් කෙනෙක්. එයා හොඳම බ්‍රෑන්ඩ් එකක විස්කි බෝතලයකුයි ග්ලාස් දෙක තුනකුයි සී ෆුඩ්ස් වගේ මොනා හරියි ගෙනත් තියලා ගියා.


මං ඒ දිහා බය වෙලා බලාගෙන ඉද්දි ඩේවිඩ් ග්ලාස් එකක් අරගෙන ඒ විස්කි බෝතලේ කඩලා අඩක් පිරෙන්නම දාලා මගෙ පැත්තට දික් කලා. විස්කි වල රහ මගෙ උගුරට නිකන්ම දැනුණා එයා දික් කරපු ග්ලාස් එක දැක්කම.


"I am..."

(මම..)


"Come on girl.. Take a sip."

(කෝ ළමයෝ.. චුට්ටක් ගමු)


මං අදි මදි කරද්දි ඩේවිඩ් එහෙම කියලා මගෙ මූණ ලඟටම කලා. ඉතින් මං ග්ලාස් එක අතට අරගත්තා. එයාත් එයාගෙ ග්ලාස් එකට තුනෙන් දෙකක්ම දාගෙන එක උගුරට දාගත්තා.


එයා බලන් ඉන්න නිසාම මාත් උගුරක් වගේ බිව්වා. මේ ඇල්කොහොල් කියන ජාතිය පිරිමින්ට වතුර වගේ උනාට මට ගින්දර වගේ. බීපු ටික උගුරෙන් පල්ලෙහාට යන්නෙ උගුර පුච්චගෙන වගේ. ඒ කාලෙ හේෂාන් ගෙනවිත් මං එක්ක බීලා තියනවා. ඒත් මං එදා එක වීදුරුවයි බිව්වෙ.


"Your dress is so beautiful. Where did you get it from ?'

(ඔයාගෙ ඩ්‍රෙස් එක නම් මාරම ලස්සනයි. කොහෙන්ද ගත්තේ)


"It's brand new from D. Martinez."

(ඩී මාර්ටිනස් එකේ අලුත් එකක්)


"I see."

(මට පේනවා)


ආයෙමත් උගුරක් දාගත්තු මං එයා දිහා බැලුවා. එයා බොන්නෙ මේ දෙවනි වීදුරුව. මොන දේ කරන්නත් මං සිහියෙන් ඉන්න ඕනි. ඒ නිසා වැඩිය බොන්න හොඳ නෑ.


"Anyway, you are very beautiful Mindi. I think you are the most beautiful person I have seen in Sri Lanka."

(මොනවා උනත් ඔයා ගොඩාක් ලස්සනයි මින්දි. මම හිතන්නේ ඔයා තමයි මම ලංකාවෙදි දැකපු ලස්සනම ගෑනු ළමයා)


"Really ?"

(ඇත්තටම)


"Yeah.. I mean, you should be selected as Miss Pageant."

(ඔව්.. මම නම් කියන්නේ ඔයයි පැජෙන්ට් යන්න ඕනි කියලා)


මට හිනා වෙන්න විතරයි තිබුණේ. රාදිතාට ඇහුණා නම් ගිනි තියනවා මෙතන. එතකොට එයා කියන්නෙ මම ලංකාවෙන්ම ලස්සනම ගෑනු ළමයා කියලද. මෙයා බොරු නොකියනවා නම් හොඳයි. නැත්තම් මගෙ අහිංසක සිතුවිලි පව්.


"Ah.. You better be joking, David."

(ඩේවිඩ්.. ඒක විහිළුවක් නම් හොඳයි)


මං එතන තිබුණු උස ඉලිප්සාකාර ජනේලයෙන් එළිය බැලුවා. වැස්සක පෙර නිමිත්තක් නම් නෑ. හොඳට හඳ පායලා තියනවා. ඒත් මට එකපාරටම මතක් උනා ඩේවිඩ් ගෙන් ප්‍රශ්නයක් අහන්න.


"Is your fiance okay ?"

(ඔයා මැරි කරන්න ඉන්න කෙනා කොහොමද)


එයාගෙ ෆියන්සි යුවසිංහ පරම්පරාවෙ කෙනෙක් කිව්වනේ. ඒත් මට ඒ ගැන අහන්න බැරි උනා. එයා කාගෙ දුවද දන්නෑ, අඩුම තරමෙ ලස්සනද දන්නෑ.


"Oh shit.. don't remind that girl."

(ශිට්.. එපා මතක් කරන්න ඒ කෙල්ලව)


එයා ජීවිතේ එපා වෙලා වගේ අහක බලාගෙන ආයෙමත් උගුරක් දාගත්තා. ඒ දෙන්නා අතර ප්‍රශ්නයක් තියනවාද දන්නෑ එහෙම කිව්වේ. මට පේන්නෙ නම් ඩේවිඩ් එයාට අකමැතියි වගේ.


"Why.. you don't like her ?"

(ඇයි.. ඔයා ආස නැද්ද එයාට)


"Who would like a girl like that ?"

(කව්ද ඒ වගේ කෙල්ලෙකුට කැමති වෙන්නේ)


"Why ?"

(ඇයි)


"That girl just looks like a cowgirl."

(ඒ කෙල්ල නිකන් ගොඩේ කෙල්ලෙක් වගේ)


"Why do you say that ?"

(ඇයි එහෙම කියන්නේ)


එයා කියන්නෙ එයා බඳින්න ඉන්න කෙනා ගොඩේ කියලද. ඒත් යුවසිංහ පරම්පරාවෙ කෙනෙක්ට එහෙම කියන්නෙ ඇයි එයා.


"That girl is not suitable for me. Always in gowns, too shy to talk. She does not have any fashionable look."

(එයාව මට ගැලපෙන්නෙ නෑ. හැමවෙලේම ගවුම් ඇඳලා, කතා කරන්න ලැජ්ජයි, කිසිම පෙනුමක් නෑ)


එහෙනම් ඒකයි මේ. එයා සංස්කෘතික ගෑනු ළමයෙක් වෙන්න ඇති. එහෙම අය තමන්ට හොඳට සලකනවා කියලා මෙයාට තේරෙන්නෙ නෑනේ. ඔව් ඉතින් රට සුද්දියො දැකලා මේ කෙල්ලව ගොඩේ විදිහට පේනවා ඇති. ඒත් ඩේවිඩ්ට පුළුවන් නේ එයාව වෙනස් කරලා ගන්න.


"If you can change her, do it."

(ඔයාට එයාව වෙනස් කරන්න පුළුවන් නම්, ඒක කරන්න)


"change ? She is not a changeable person. I said two or three times. But she didn't listen."

(වෙනස් කරන්න.. එයා වෙනස් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි. මම දෙතුන් පාරක් කිව්වා. ඒත් ඇහුවෙ නෑ)


"I see.. Then.. what are you thinking of doing ?"

(එහෙමද. එතකොට ඔයා මොකක්ද කරන්න හිතන් ඉන්නේ)


"I don't know, But I don't like this marriage. I am going to do this because my daddy insists."

(මම දන්නෙ නෑ. මම කැමති නෑ මේ විවාහයට. මම මේක කරන්න යන්නේ තාත්තාගේ කැමැත්තට)


"But you will lose happiness there."

(ඒත් එතන ඔයාට සතුටක් නැතිවේවි)


"There is nothing to do. I like to be single. Then I can be free and happy. But now..."

(කරන්න දෙයක් නෑ. මම ආස තනිව ඉන්න. එතකොට මට සතුටින් නිදහසේ ඉන්න පුළුවන්. ඒත් දැන්....)


එයා ගොඩාක් අවුලෙන් කතා කලේ. මට එයාට උදව් කරන්න බෑ. මොකද එයාලා එක්ක බැලුවම මම නිකන්ම නිකන් වැලි කැටයක් විතරයි.


"Forget it.. look at you. The way you dress is gorgeous. You are an elegant lady. You are completely different from her."

(අමතක කරන්න. බලන්න ඔයා දිහා. ඔයා අඳින විදිහ හරි ලස්සනයි. ඔයා වැදගත් කාන්තාවක් වගේ. ඔයා ඒ කෙල්ලට වඩා ගොඩාක් ලස්සනයි)


මං Elegant lady කෙනෙක්ද. ඇත්තටම මං එච්චරම ලස්සනද. මාව එච්චරම උසස් කෙනෙක් වගේ පේනවද. ඒත් ඩේවිඩ් දන්නෙ නැතුව ඇති මම අනාථයෙක් කියලා.


"You look like an actress. Do you know why I told you that ?"

(ඔයා ඇක්ට්‍රස් කෙනෙක් වගේ. ඔයා දන්නවද ඇයි මම එහෙම කිව්වෙ කියලා)


"No.."

(නෑ)


"The reason is because of your beauty. You always think about your beauty.. your body.. your appearance."

(හේතුව ඔයාගෙ ලස්සන. ඔයා ඔයා ගැන හිතනවා, ඔයාගෙ ලස්සන ගැන, ඇඟ ගැන, පෙනුම ගැන)


මම ඒවා ගැන හිතනවා නම් ශෝක්. මට මගෙ ඇඟ ගැන තියා. වෙලාවකට මූනෙ Eyebrows Shape කරන්නත් අමතක වෙනවා. අද මෙහෙම හරි අඳින්නෙ යුවසිංහලා එක්ක වැඩ කරන නිසා. නැත්තම් ගොඩේ වගේ ඉන්න බෑනෙ.


"Your hairstyle is very beautiful for your round face. That dress also looks beautiful on your skin tone. But if you had a red lipstick.. it would suit you very well."

(ඔයාගෙ හෙයාස්ටයිල් එක ඔය රවුම් මූණට හරි ලස්සනයි. ඔයා අඳින විදිහ ඔයාගෙ ස්කින් කලර් එකට මැච් වෙනවා. තව ඔයා දෙතොල් රතුපාට කරලා හිටියා නම් තවත් ලස්සනයි)


රතු පාට ලිප්ස්ටික් එකක් ගාලා නෑ මං අද වෙනකම්. මට හේෂාන් ගාන්න දුන්නෙත් නෑ. එයා කිව්වෙ මට ගැලපෙන්නෙම දුඹුරු පාට කියලා විතරයි.


"I like your way. But that girl... I don't like her at all."

(මම ආසයි ඔයාගෙ විදිහට. ඒත් අර කෙල්ල. මම ආස නෑ ඒ කෙල්ලට පොඩ්ඩක් වත්)


කතාවෙන් කතාව මං වීදුරුවම ඉවර කරලා. ඔළුවත් කැක්කුමයි වගේ දැන් නම්. ඒත් ඇතුලෙන් ඇහෙන ලස්සන පියානෝ වාදනයට නිකන්ම මගෙ හිත නිවිලා වගේ. දැනටමත් ඩේවිඩ්ගෙ මූණත් රතු වෙලා හොඳට මත් වෙලා. එයා බොන්නෙ මේ දහ වෙනි වීදුරුව වෙන්න ඇති.


"David.."


එයා ආයෙමත් එකක් අරගෙන බොන්න යද්දි මං වීදුරුවට අත තිබ්බා. ඒ එක්කම එයාගෙ නිල් පාට ඇස් යොමු උනේ මගෙ ඇස් වලට.


"That's enough."

(මේ ඇති)


"don't be afraid. I'm still conscious."

(බයවෙන්න එපා. මම තාමත් සිහියෙන්)


එයා ඒ වීදුරුවත් ඉවර කලේ මං ආයෙ පුටුවෙන් ඉඳගද්දි. එයා දුක කියන්නද කොහෙද මාව හොයන් ඇවිත් තියෙන්නේ. දැන් නම් මගෙ බඩ දඟලනවා වගේ. මෙයාට වෙරි වැඩි උනොත් මට මොනා කරයිද දන්නෑ.


මං හැරිලා බැලුවෙ රුසිරු ඉන්නවද කියලා. එයාලා ගිහින් වගේ. දැනටමත් වෙලාව නවය හමාරයි. දෙවියනේ අපි එච්චර වෙලා කතා කරාද.


"I...."


සලාං..


එයා මොකක් හරි කියන්න ගිහින් වීදුරුව තියන්නයි ගියේ. එතන තිබුණ විස්කි බෝතලේ පෙරලිලා බිමට වැටුණේ එයාවත් මේසෙ උඩට වැටෙද්දි. කලින් කිව්වට එයා සිහියෙන් කියලා දැන් නම් එහෙම නෑ වගේ.


"Mister David."


මං ඉක්මනින් නැගිටලා එයාගෙ අතකින් ඇදලා පුටුවට හේත්තු කලා. වෙරි වැඩි වෙලා ඔළුවත් එක්ක කඩන් වැටුණා පුටුවෙ අත උඩට.


"Mister david. You are drunk. Let's go."

(මිස්ටර් ඩේවිඩ්. ඔයා බීලා ඉන්නේ. අපි යමු."


"No.. five minutes please."

(නැහැ.. කරුණාකරලා විනාඩි පහක්)


"Please david. Let's go."

(ප්ලීස් අපි යමු)


මං කොහොම හරි එයාව ඇදලා අරන් උස්ස ගත්තා. කොච්චර උනත් මට මේ මනුස්සයාව මෙතන දාලා එන්න හිත ඉඩ දෙන්නෙ නෑ. මෙතන උදේ වෙනකම්ම එයාට නිදියන්නයි වෙන්නේ.


"Let's go outside."

(අපි එලියට යමු)


මං එහෙම කියලා එයාව බොහොම අමාරුවෙන් එළියට එක්කන් ගියා. ඩේවිඩ් වැනෙන වැනිල්ලට මාවත් එක්කම බිමට වැටෙන්න වගේ. මාත් හෙන පණ්ඩිතයා වගේ ගියාට දැන් කොහොමද මං එයා ආපු කාර් එක හොයාගන්නේ ?


කාර් පාක් එකේ එකේක ජාතියේ කාර්. ඒ අතර මර්සඩීස් බෙන්ස් එකක්. සමහරවිට එයා මේකෙ ආවද දන්නෑ. පොඩ්ඩක් ඉන්න මෙතන බෙන්ස් දෙකක් තියනවා. එකක් තද නිල්, අනික කළු. දැන් මං කොහොමද කියන්නෙ ඩේවිඩ් ආවෙ මොකේද කියලා.


"Your car ?"


මං එහෙම කියද්දි එයා සාක්කුවෙන් කාර් එකේ යතුර දුන්නා. බට්න් එක ඔබපු ගමන්ම එතන තිබුණ කලුපාට එකේ සිග්නල්ස් පත්තු උනා.


පොඩ්ඩක් ඉන්න. එයාව එක්ක යන්න කලින් මට එයාගෙ ගෙදර ලොකේශන් එක දැනගන්න ඕනි. මිස්ටර් සෙබෙස්තියන් ඉන්නවා නම් මට අහ ගත්තැහැකි.


සෙබෙස්තියන්ට කෝලින් වෙන ෆෝන් එක මං කනට තියාගත්තා. එයාගෙ නම්බර් එක තිබුණා මං සිඩ්නි වල වැඩ කරද්දි ගත්තු නිසා. ටික වෙලාවක් යද්දි එයා ආන්ස්වර් කලා.


"Mister Sebastian. I apologize for calling at this hour. Are you busy ?"

(මිස්ටර් සෙබෙස්තියන්. මට සමාවෙන්න මේ වෙලේ කෝල් ගත්තට. ඔයා බිසීද)


"I'm in a meeting. What do you want to say ?"

(මම මීටින් එකක ඉන්නේ. ඔයාට මොකක්ද කියන්න ඕනි)


"It's about David. He is drunk. Can you send me the location of your place to drop him ?"

(ඩේවිඩ් ගැන. එයා බීලා ඉන්නේ. මට ඔයාලගෙ තැන ලොකේශන් එක එවන්නකෝ එයාව ඇරලවන්න)


"Oh.. Definitely. I will send. Can you drop him ?"

(ඔහ්.. හරි.. මම එවන්නම්. ඔයාට පුළුවන්ද එයාව ඇරලවන්න)


"Yes I can mister Sebasthian."

(ඔව් මට පුළුවන් මිස්ටර් සෙබෙස්තියන්)


"Thank you mindi.. Sorry for the trouble."

(ස්තූතියි මින්දි. සමාවෙන්න කරදරයට)


"It's okay."

(කමක් නෑ)


විනාඩියක් යන්නත් කලින් එයා මට ලොකේශන් එක එව්වා. එහෙම්ම ඩේවිඩ්වත් ඇදගෙන මං කාර් එකේ ෆ්‍රන්ට් ශීට් එකට ගිහින් එයාව ඉන්දෙව්වා. මාත් ඩ්‍රයිවින් ශීට් එකට නැඟලා යතුර දාලා ස්ටාර්ට් කලා.


මේ වගේ ලොකු කාර් එකක් මං පැද්දාමයි. මගෙ ඇක්සියෝ එක වගේ නෙවෙයි අලුත් ගැජමැටික්ස් තියෙන්නෙ. ඇක්සලේටර් එකයි බ්‍රේක් එකයි තියනවා නම් කොහොම හරි ගෙදරට යාගන්න තිබුණොත් ඇති.


පොලිසියෙන් ඉන්න එපා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම මං ඩ්‍රයිව් කරන් ගියා. මෙවෙලෙ මගෙ අතේ ඩ්‍රයිවින් ලයිසන්ස් තියා එන් අයි සී එකවත් නෑ. මඟ දුරක් යද්දි මට අමුත්තක් දැනුණා. අපේ කාර් එක පිටිපස්සෙන් කාර් එකක් ගොඩ වෙලාවක ඉඳන් එනවා වගේ. මට බයත් හිතෙනවා. කවුරු හරි අපිව ෆලෝ කරනවා වත්ද. බැරි වෙලාවත් කාර් එක හරස් කරලා මාව ඇදගෙන ගියොත් නිකන් ඉන්න ඕනි.


වෙලාව දහය හමාරයි. අපේ පස්සෙන් ආපු කාර් එක පේන තෙක් මානෙක නෑ. මං එහෙම්ම ගාඩ්න් එකේ කාර් එක නවත්තලා ඩේවිඩ්වත් උස්සගෙන දොර ගාවට ගියා. මේකත් නිකන් හොටෙල් එකක් වගේ තමයි. ඒත් දොර ඇරෙන්නෙ නම්බර් එකකින්.


"Mister David. Do you remember the door number ?"

(මිස්ටර් ඩේවිඩ්. ඔයාට මතකද දොරේ අංකය)


"It's 2203."


ඒක ගහලා ඇරියහම ඇතුළෙ තියන ලස්සන දැක්කම මට පිස්සු හැදුණා. මං ආසයි වින්ටේජ් ස්ටයිල් එකට. මේ හොටෙල් එකත් ඒ විදිහටම හදලා තියෙන්නේ. වක්‍රාකාර උන පඩිපෙළ දිගේ මීටර් පහක් විතර උස සිලින්ඩරාකාර ශැන්ඩෙලියර් ලයිට් එක මැණික් කැට වගේ දිළිසෙනවා.


මෙයාගෙ රූම් එක මොක උනත් කමක් නෑ කියලා මං උඩට එක්කන් ගියා. පුදුම ගමනක් මං ආවෙ. එයා වැනෙන වැනිල්ලට පඩි හතලිහකටත් වඩා නැග්ගා කිව්වම මටම පුදුමයි. ඒ නැග්ගම ලඟම තියන රූම් එකට මං එයාව එක්ක ගියා.


එතන තිබ්බ වියන් වලින් වට වුණ ඇඳ උඩින් එයාව නිදි කෙරෙව්වා. ඇඳට දැම්මා විතරයි ඩේවිඩ් එහෙම්ම නිදි වගේ. බෝ එකට බෙල්ලත් හිර වෙලා නිසා මං බෝ එක ගලෝලා දැම්මා. හේෂාන් දන්නවා නම් මාව උල තියයි වෙන පිරිමි ළමයෙක් එක්ක කාමරේක ඉන්නවා දැක්කොත්. ඒකත් මම ඩේවිඩ්ගෙ ඇදුම් ගලෝනවා දැක්කොත්. මොනවා උනත් ඒ මනුස්සයා පව් නිසාම මං වෙස්ට් කෝට් එකේයි ශර්ට් එකෙයි බට්න් ගලෝලා Ac එක ඔන් කලා. හේෂාන් නෙවෙයි කවුරු හිටියත් මගෙ උණුවෙන හිත ඒ තීරණය තමයි ගන්නේ.


එදා ඉදන්ම මං ඕනෑවට වඩා කරලා මිනිස්සුන්ගෙ චෝදනාත් අහනවානේ. අදටත් මං ඒ විදිහටම වැඩ කරලා මිනිස්සුන්ගෙන් චෝදනා අහන්නමයි බලන්නේ.


"Sleep tight.. Mister David."

(හොඳට නිදාගන්න. මිස්ටර් ඩේවිඩ්)


මං එහෙම කියලා නැගිටින්නයි ගියෙ. ඒත් මට ඇහුණා මගෙ පිටිපස්සෙන් අඩි සද්දයක්. මං බය වෙලා හැරෙන්න යද්දිම,


"අහ්.."


එකපාරටම අතක් ඇවිත් මගෙ කට තද කරලා මගෙ ඉනෙන් අත දාගත්තේ මං හයියෙන් කෑ ගහන්න උත්සහ ගද්දි. ඒත් මූණට තද උන අත නිසාම මට මුකුත් කරගන්න බැරි උනා. එහෙම්ම මාව ඇඳිලා ගියේ පස්සට. වැඩි වෙලා යන්න කලින් මං කාමරෙන් එළියට ඇදගෙන ගියේ මගෙ ඇඟම සීතල වෙලා තියෙද්දි.


කලින් මං ඩ්‍රයිව් කරන් එද්දි කවුරු හරි අපිව ෆලෝ කරනවා වගේ තේරුණා. එතකොට මේකටද මාව ෆලෝ කරලා තියෙන්නේ. බිම දිගේ ඇදෙන අඩි උස දෙකෙන් ගැල වුණ ස්ටෝන්ස් දෙක තුනක්ම පඩි පෙල උඩට වැටුණේ මං නිකන්ම ගෙදර දොරෙනුත් එළියට ඇදෙද්දි. දෙවියනේ මේ ගෙනියන මනුස්සයා මට මොනා කරන්නද ගෙනියන්නේ. අනේ දෙවියන් වහන්ස. මාව බේරගන්න ඉක්මනින්.


බයට මගෙ ඇස් වලින් කඳුළුත් ඇවිත්. මූණට තද වුන අත නිසා මගෙ තොල් දෙකත් රිදෙනවා. ඒ මදිවට හුස්ම හිර වෙන්නත් වගේ. අල්ලගෙන යන කෙනා මාව අල්ලන් ඉන්න පරණ තරහකට පළි ගන්නවා වගේ.


එකපාරටම කාර් එක්ක දොරක් අරිනවා ඇහුණා විතරයි මාව තද නිල් පාට කාර් එකක් ඇතුලට තල්ලු වෙලා ගියා.


තඩ්..


කාර් එකේ දොර හයියෙන් වැහෙද්දි මං ඉක්මනින් නැගිටලා ග්ලාස් එකට අත් දෙක තියලා බැලුවේ ගේ පැත්තට යන කළු කෝට් එකක් දාගෙන ඉන්න උස පිරිමි රුව දිහා.


මං කාර් එකේ දොර අරින්න හැදුවම නිකම්ම ඇරුණා. මාව කිඩ්නැප් කරන්න ආවා නම් ඇයි එයා ආයෙ ගේ පැත්තට යන්නෙ. අනික මෙහෙම දොර ලොක් කරන්නෙ නැතුව නිකන්ම තියලා යන්නේ.


"කව්ද ඔයා ?"


................................................... 🖤 ...


කව්ද මෙයා ?


Sorry ළමයි කතාව කඩින් කඩ දෙනවට. මම Exam එක්ක බිසී මේ දවස් වල


Sachy Collins 

Report Page