Spring is far away - 44
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 44 | Who
"හේෂාන්ට Blood Cancer එකක්."
නුවන්තිටයි ශෂීන්ද්‍රටයි තේෂාන්ටයි තුන් දෙනාටම අඬන්න තරම් දුකයි. ඒත් එයාලා එවෙලෙම බලාපොරොත්තුවක් ඇති කරගත්තා හේෂාන් ගැන. මොකද මේක කැන්සර් එකේ ෆ්‍රස්ට් ස්ටේජ් එක නිසා.
"බය වෙන්න එපා. අපිට Treatment වලින් පුළුවන් ඔයාව ඉක්මනින් සනීප කරගන්න."
"මට හරි සතුටුයි."
හේෂාන් එහෙම කියලා බිම බලන් හිනා වෙද්දි ඩොක්ටර් වගේම අනිත් අයත් පුදුම උනේ මේක හිනාවෙන්න කාරණාවක් නොවුණ නිසා.
"මං බලාගෙන හිටියෙ මේ දවස එනකම්."
එහෙම කියලා කොල්ලා පුටුවෙන් නැගිටිද්දි ඩොක්ටර් සනෙලුත් පුටුවෙන් නැගිට්ටෙ හේෂාන්ට දුකට පිස්සු හැදිලා කියලා හිතලා.
"දැන් වත් මට සැනසීමක් තියෙයි."
"ලොකු.."
"තාත්තෙ මට හදිස්සි Meeting එකක් තියනවා. මං ඒකට දැන් යන්න ඕනි."
හැමෝම බලාගෙන ඉද්දි හේෂාන් එතනින් ගියේ කිසිම ගාණක් නැතුව. හැමෝටම හිතාගන්න බෑ එයා ඇයි ඒ ගැන කිසිම තැකීමක් නොකළේ කියලා.
"එයාට තනියම ඉන්න දෙන්න. සමහරවිට එයා දුකින් ඇත්තේ."
ඩොක්ටර් එහෙම කිව්වට ඇත්ත වුනේ ඒක නෙවෙයි. ගෙදර ගියාට පස්සෙ ශෂීන්ද්‍ර ඔෆිස් එකට කෝල් කරලා ඇහුවම හේෂාන් වෙනදා වගේම ඉන්නවා කියලයි දැනගන්න ලැබුණේ. බැරි තැන එයාලා හේෂාන් ගෙදර එනකම් බලන් හිටියා.
"පුතේ.. මට තේරෙනවා ඔයා ඉන්න තත්වෙ.. ඒත්..."
"මං ගැන බොරු බලාපොරොත්තු තියන් වගේ කතා කරන්න එපා තාත්තේ. එක්කො මං මැරෙයි. නැත්තම් මං ජීවත් වෙයි. වෙන ඕනි දේකට මූණ දෙන්න ඔයාලත් ලෑස්ති වෙන්න."
"ඇයි ඔයා මෙහෙම කතා කරන්නෙ ?"
"ඔය ලෙඩේ ගැන ආයෙ මං එක්ක කතා කරන්න එපා තාත්තේ. මම කැමති නෑ ඒකට."
එහෙම කියලා හේෂාන් උඩට ගියා. නුවන්ති අම්මා ගොඩාක් දුක් උනා. ඊට වඩා ශෂීන්ද්‍ර දුක් උනා. ඒත් ඒ හැම දෙයක්ම අවසානෙ හේෂාන්ට අංශු මාත්‍රයකින් වත් දුකක් තිබුණෙ නෑ.
°•°•°•°
හේෂාන් මෙහෙම හැසිරෙන එක සනෙල්ට මහ ලොකු පුදුමයක් නෙවෙයි. ඒත් වටින ජීවිතයක්, හොඳ මනුස්සයෙක් නැති වෙනවට සනෙල් පොඩ්ඩක් වත් ආස නෑ.
"හේෂාන්.. ප්ලීස්.. Treatment මගාරින්න එපා. ඒකෙන් වෙන්නෙ ඔයාව තවත් ලෙඩ කරවන එක."
"මට අමතක උනා."
"එහෙනම් ඒක පුදුම අමතක වීමක්. හරියට නිකන් ඔයා හුස්ම ගන්න අමතක කලා වගේ."
හේෂාන්ට එහා පැත්තෙන් ඉඳගත්තු සනෙල් වීදුරු ජනේලයෙන් පේන ශෂීන්ද්‍රගේ රුව දිහා බලා ගත්තා. සනෙල්ට දුකයි ශෂීන්ද්‍ර හේෂාන් දිහා බලාගෙනම අඬනකොට.
"ඔයාට දුක නැද්ද.. ඔයාගෙ තාත්තා අඬනවා."
"මං තාත්තට පුළුවන් තරම් කියලා දුන්නා. ඒත් එයාලා මං ගැන ඕනෑවට වඩා කෙයා කරනවා."
"එහෙම කරන්නෙ ඔයා දුක් විඳිනවා බලන් ඉන්න බැරි නිසා."
"මටත් මං දුක් විඳිනවා බලන් ඉන්න බෑ."
"ඒක හරි. ඒ නිසාම තමයි අපි ඔයාට ට්‍රීට්මන්ට් මිස් කරගන්න එපා කියන්නෙ. මෙහෙම ගියොත් තවත් ඉස්සරහට ඔයාට ගොඩාක් දුක් විඳින්න වෙයි. ඔයාට පේනවනෙ ඔයාගෙ ලෙඩේම තියන අනිත් මිනිස්සු ඉන්න විදිහ."
"මම මේ ලෙඩේ හොඳ කරගන්න ගිහින් විඳින දුක ඔයාලට තේරෙන්නෙ නෑ."
දවසින් දවස වේලෙන් වේලට දෙන බේත් නිසාම කොල්ලගෙ ඇඟ දුර්වල වෙලා. ඒ මදිවට කොණ්ඩෙ හැලෙන්නෙ මැරිලා වේළුණු ගහකින් කොළ හැලෙනවා වගේ. සමහර වෙලාවට එන තද ඔළුව කැක්කුමයි උණයි දැන් හේෂාන්ට වහ කදුරු වගේ.
"එහෙම වෙන්නෙ ඔයා ට්‍රීට්මන්ට් නොකරන නිසා."
"කවදා වෙනකම් මං මේ වදේ විදින්නද. පුළුවන් නම් මට එක සැරේ මැරෙන්න පුළුවන් බේතක් දෙන්න."
සනෙල්ට කියාගන්න දෙයක් නෑ. ඒ නිසාම එයා හේෂාන් දිහා හිස් බැල්මකින් බලාගෙන හිටියා. සමහරවිට කොල්ලට වෙන මොනා හරි ප්‍රශ්න ඇති කියලා සනෙල්ට හිතුණා.
"ඔයාට පර්සනල් හිතට වද දෙන කාරණාවක් එහෙම තියනවද ?"
"නෑ."
"එහෙනම්..."
සනෙල්ගෙ හිතට ආවෙ එකම එක අදහසක්. ඒ නිසාම එයා නැගිටලා ඇවිත් හේෂාන් ඉස්සරහින්ම හිටගෙන ඒ ඔළුව අතගෑවා.
"මට හිතෙන විදිහට මේ හැම දෙයක්ම ආදරේට සනීප කරන්න පුළුවන්."
කලින් තමන් දිහාට එල්ල නොවුණ හේෂාන්ගෙ බැල්ම මේ සැරේ සනෙල්ට එල්ල වුණා. ගොඩාක් මිනිස්සුන්ගෙන් අහන්නෙ නැති ප්‍රශ්නයක් තමයි සනෙල් හේෂාන්ට යොමු කලේ.
"ඔයාට වැඩිපුරම ආදරේ කරන කෙනාට පුළුවන් මේක සනීප කරන්න."
රෑ උනා 🌨️🌛💙..
එළියෙ පුටුව උඩට වෙලා මං අහස දිහා බලන් හිටියා. වැහි කරුවලක් පේනතෙක් මානෙක නැති තද නිල් අහස පුරාම සුදු පාටින් දිළිසෙන තරු ගොඩායි. හැම මනුස්සයෙකුගෙම කාර්ය බහුල දවසේ විරාමය රෑ තමයි. ඒකයි රෑ අහස මෙච්චර ලස්සන වෙලා තියෙන්නෙ. අහස පුරාම තැන තැන මල් පිපිලා වගේ තියන තරු දැක්කම හිත නිවෙනවා හරියට.
❝ ඔයාට අත්ගුණේ තියනවා. ඔයාට පුළුවන් මනුස්සයෙක් ඉක්මනින්ම සනීප කරන්න ❞
❝ තැන්කියු මින්දි ❞
කොච්චර කෙරුවත් ඒ කටහඬ මගෙ මනසට එනවා මයි. මොනවා උනත් අද උන දේ හීනයක් වගේ. රාදිතා එකපාරටම මට මිස්ට්‍රෙස් කියලා බැනගෙන බැනගෙන ගියා. හේෂාන් මට තැන්කියු කලා. සැලෝමිගෙන් අවවාදයක් ඇහුවා. මේ සේරම නිකන් විකාරයක් වගේ. අද දවසටම එකම එක ආදරණීය මොහොතයි තිබුණේ.
ඒ එයාගෙ ඇස් මට ලං උන අවස්ථාව. බ්ලූ ඇට්ලස් ඇත්ලාන්ටිස් සුවඳ නැති උනත් එයාගෙන් එන චාම් සුවඳ එක්කම මාව භාවනාවක් කලා වගේ නිවිලා ගියා. වෙලාවකට ඇවිලිලා වගේ තියන ඒ ඇස් අද මං දිහා හරි අමුතු විදිහට බලන් හිටියා.
සමහරවිට එයා අද උදේ රාදිතා බැනපු එකට අවුලෙන් ඉන්න ඇත්තේ. හැබැයි අන්තිමට එයා මං එක්ක හිනා උනා. එයාගෙ හිනාවට මම හේතුවක් උනා නම් මට ඒ හොඳටම ඇති.
එකපාරටම මගෙ ඇස් යොමු උනේ කැලැන්ඩර් එකට. අද නොවැම්බර් 23. තව දවස් හතකින්, ඒ කියන්නෙ අද වගේම දවසක් මම ආසම කරන දවසක් වුණා. ආසම කියන වචනෙත් වැරදියි එහෙම බැලුවම. ආදරණීය දවසක්.
ඒ හේෂාන්ගෙ උපන්දිනේ. ඊට මාසෙකට පස්සෙ මගෙ උපන්දිනේ. ඒ කියන්නෙ December 31. මං ආසම මාස දෙකක් අවුරුද්දෙ අවසාන මාස දෙක කියන්නේ. මොකද මෙච්චර කල් ගෙවපු අවුරුද්දෙ අවසානයේ සමාලෝචනය ලියන්නෙ නොවැම්බර් දෙසැම්බර් මාස දෙක.
එකේක ඒවා හිතලා බඩිගිනිත් එක්ක. උදේ බීපු සුප් එකෙන් තාමත් මං. ඉතින් මං සද්දයක් වත් නැතුව කිචන් එකට ගියේ දිනුමි උයලා ඉවර ඇති කියලා හිතන්. ඒත්,
"උයන එකක් කන්නෙ නැත්තම් මං මොනා කරන්නද අයියේ. මම දවසම උයනවා. ඒ ටික මමම කාලා විසි කරනවා."
එයා කා එක්ක හරි කෝල් එකක්. මට කතා කරන කෙනාගෙ කටහඬ නම් වැඩිය ඇහෙන්නෙ නෑ. ඒත් දිනුමි කතා කරන්නෙ මං ගැන වගේ.
"ගෑස්ට්‍රික් හැදෙයි කියලා මමත් කිව්වා. ඒත් කියන දෙයක් අහන්නෙ නෑ. එයත් ඔයා වගේම මුරණ්ඩුයි."
"අහ් ඔව් ඔව්.. අත නම් දැන් හොඳයි. ඒත් තාමත් නිල් පාටට වගේ පාර හිටලා තියනවා. ඒ කැලල මකන්න නම් බැරි වෙයි."
"මොකක්.. Tea tree oil වලට මැකෙනවද. එහෙනම් මං ශේප් එකේ කියලා බලන්නම්."
එයා කෑම ටික මේසෙ උඩින් තිය තියාම කෝල් එකක්. මොනවා උනත් අනිත්පැත්තෙන් කතා කරන කෙනා මං ගැන ගොඩාක් කෙයා කරන කෙනෙක් වගේ. නැත්තම් හාර හාර අහයි යෑ.
"වෙන මුකුත් අවුලක් නෑ හේෂාන් අයියේ."
හේෂාන් අයියා ??
දිනුමි කතා කරන්නෙ හේෂාන්ටද. ඒත් ඇයි එයා එහෙම කතා කරන්නේ. එයා හේෂාන්ට මං ගැන විස්තර කියන එක මහ ලොකු පුදුමයක් නෙවෙයි. ඒත් දිනුමි 'හේෂාන් අයියා' කිව්වෙ යුවසිංහ බංගලාවේ ලොකු පුතා වෙන හේෂාන් යුවසිංහටද ?
"හරි හරි. ඔයා දන්නවනෙ මං ගැන. මම ගෙදර ඉන්නකම්ම මින්දිට කිසිම විදිහෙ සීරීමක් වත් වෙන්න දෙන්නෙ නෑ."
"හ්ම්ම්.. හැබැයි මට කතා කරපු විදිහටම මේ මාසෙ සැලරි එක එක හමාරක් ඕනි. ඇයි යකෝ. මං මෙතෙනට වෙලා මේ ගොඩේ ගවුම් කෑලි ඇඳගෙන කොන්ඩෙ ගොතාන උය උය ඉන්න ඕනි. මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. එයාව හම්බුණේ නෑ සතියකින්."
"මේ සුදු අයියේ.. විකාර නටන්නෙ නැතුව ඉන්නවා හරිද. තාත්තා කියන දේ අහන්න. එහෙනම් මං තියනවා. ගෝඩ් බ්ලෙස් යූ."
එහෙම කියලා දිනුමි ෆෝන් එක කට් කරලා මගෙ පැත්තට හැරුණා. මම උළුවස්සට හේත්තු වෙලා එයාගෙ කන්වර්සේෂන් එක අහන් හිටියා මිසක වෙන සිහියක් තිබුණෙ නෑ. දැන් මට පේනවා දිනුමි කෙල ගිලගන්නවත් බැරුව බලන් ඉන්න විදිහ.
"අනේ නෝනා.. බඩිගිනියි නේද.. මං බත් ටිකක් බෙදලා දෙන්....."
"ඔයා කව්ද ?"
ලඟම තියන ෆැන්ට්‍රිය උඩ තිබුණ සුදු පාට පිහිය අරගෙන මං එයාට දික් කලේ හිතේ සැක දහසක් මතු වෙලා තියෙද්දි. දිනුමි කියන්නෙත් ටනාෂියා වගේම මං ගැන ඔත්තු හොයන්න දාලා තියන කෙනෙක්ද. ඒත් එයා හේෂාන්ට අයියේ කියලා කතා කරන්නෙ ඇයි. එයාට ඕනි හේෂාන්ව අල්ලගන්නද ?
"මම.. මේ.."
"ඔයා කාටද ඒ කෝල් කරලා කිව්වෙ. ඒ කතා කලේ හේෂාන්ද ?"
දිනුමි හොඳටම බය වෙලා දාඩියත් දාලා. මං තාමත් පිහිය එයාට දික් කරගෙන. එකපාරටම මෙයා පැනලා මාව අල්ලගත්තොත් මට මොනා වෙයිද.
"පොලිස්ටේෂන් එකට කතා කරන්න කලින් මට කියන්න."
"මම.."
"එන්න එපා මගෙ ලඟට !!"
මං ටිකක් සද්දෙන් කියද්දි දිනුමි ගැස්සිලා මං දිහාවට පිය මනින එක නැවැත්තුවා. මට අහන්න තියෙන්නෙ එකම එක වැදගත් ප්‍රශ්නයක්,
"මට කියන්න.. ඇයි හේෂාන්ට අයියේ කිව්වේ ?"
"ඔය පිහිය පැත්තකට දාන්න. මං ඇත්ත කියන්නම්."
"නෑ.. මට මේ දැන්ම ඇත්ත දැනගන්න ඕන."
එහෙම කියපු මං පිහිය බෙල්ල ලඟට තියාගත්තේ දිනුමි බය කරන්න හිතන්. බෙල්ලට මිලිමීටර් ගාණක් ළඟින් නැවතුණ පිහිය දිහා බලාගෙන දිනුමි හඬ අවදි කලා.
"ඔව්.. හේෂාන් කියන්නෙ මගෙ අයියා. මම නුවන්ති ආන්ටිගෙ නංගිගෙ දුව. ශිරන්ති වීරසිංහගෙ."
එහෙනම් ඒකයි එයා හේෂාන්ට අයියේ කියලා කතා කලේ. ඒත් මං අදමයි දන්නෙ නුවන්ති අම්මට නංගි කෙනෙක් ඉන්නවාය කියලා. පෙනුමෙන් නම් දිනුමිගෙ නුවන්ති අම්මට හුරු ගතියකුත් තියනවා. එයාලා කළුයි කෙට්ටුයි උසයිනේ.
"සුදු අයියා තමා කිව්වෙ සල්ලි දෙන්නම් ඔයාගෙ ගෙදර වැඩ කරන්න යන්න කියලා."
"මොකක්ද ඔයාගෙ ඇත්ත නම ?"
"ඩිස්නි."
"ඔයා ඩිටෙක්ටිව් කෙනෙක්ද, නැත්තම් ඉන්වෙස්ටිගේටර් කෙනෙක්ද, නැත්තම් ඉන්ටරොගේටර් කෙනෙක්ද, නැත්තම් පොලිස් ඩිපාර්ට්මන්ට් එකේ වෙන කෙනෙක්ද ?"
මං එක දිගට අහන් යද්දි එයා ආයෙමත් කන්ෆියුස් වෙලා බලන් ඉන්නවා. සමහරවිට මම මෙතන නොකිව්වට එයා අපරාධකාරයෙක් වෙන්නත් පුළුවන්.
"නැත්නම් අපරාධකාරයෙද, ප්‍රීසනර් කෙනෙක්ද ?"
"මං නිකන් මනුස්සයෙක්. මම එහෙම නරක කෙනෙක් නෙවෙයි."
මම ආයෙමත් කියවගෙන යන්න හදද්දි දිනුමි එහෙම කිව්වා. පොඩ්ඩක් ඉන්න. දැන් එයා දිනුමි නෙවෙයි.. ඩිස්නි..
"ඇයි හේෂාන් මෙහෙම මං ගැන හොයන්න කිව්වේ. කවදා ඉඳන්ද එයා මට එහෙම කිව්වෙ ?"
ඇත්තටම ඇයි හේෂාන් මං ගැන මෙච්චර කෙයා කරන්නේ. මම මැරි කරන්න කැමැත්ත දීලා තියෙන්නෙ තේෂාන් යුවසිංහට. නැතුව හේෂාන් යුවසිංහට නෙවෙයි.
"සුදු අයියා බයයි ඔයාට කරදරයක් වෙනවට. ඔයා මේ ගෙදර තනියමනේ ඉන්නෙ. ගෙවලුත් ළඟ නෑනේ. ඒ හින්දා ඔයාට උදව් කරගෙන මට ඉන්නයි කිව්වා."
"සුදු අයියා කියන්නෙ ඇයි ?"
"අපි චූටි කාලෙ එකට හිටියේ. මං එදා ඉඳන් එයාට කියන්නෙ සුදු අයියා කියලා."
"කීයක් දෙනවද ඔයාට ?"
"ඔයාට ඇත්ත කියන්න කලින් සල්ලි දෙන්න කිව්වම අයියා මට ඕනි ගාන දෙනවා."
"හ්ම්ම්.."
මං ඔළුව වනලා පිහිය පැත්තකින් තිබ්බා. මෙයාව මට මේ ගෙදරින් යවන්න තමයි උවමනාව තිබුණේ. එහෙව් එකේ මේක හොඳ චාන්ස් එකක් මට මේ කුණ්ඩවාලෙ යවාගන්න.
"දැන්ම බෑග් ටිකත් අස් කරගෙන යන්න මෙහෙන්."
"මොකක් 😟."
"ඔව්."
"අනේ මට බෑ යන්න. එහෙම උනොත් අයියා මාව මරයි."
"මට කරන්න දෙයක් නෑ. ඒක ඔයා එයා එක්ක බලාගන්න."
"ඒත් මම මේ රස්සාව කලේ නැත්තම් මට සල්ලි නෑ."
"ඇයි ඔයා ජොබ් එකක් කරන්නෙ නැද්ද ?"
මං ආයෙමත් එයා පැත්තට හැරුණා. පුදුමයි යුවසිංහ පවුලට හවුල් උන කෙනෙක් හරි මේ විදිහට අනාථ කෙල්ලෙක් ඉස්සරහා බැගෑපත් වෙනවට.
"මට යුනිවර්සිටි යන්න මාක්ස් මදි උනා. අම්මා මාව බියුටි ඇන්ඩ් මේකප් කෝස් එකකට දාලා තියෙන්නෙ. ඒත් ඒකෙ බඩු ගන්න ගොඩාක් සල්ලි ඕනි. ඒකයි මං අයියට කියලා මෙච්චර සල්ලි ගන්නේ."
"හරි.. ඔයාට ඕනි මුළු වියදම කියන්නකෝ. මං දෙන්නම්. ඒකත් අරගෙන මෙතනින් යන්න."
"බෑ.."
මං යන්න ගිහින් ආයෙමත් හැරුණා. ඇත්තටම යුවසිංහ නොවුණත් ඒ මුරණ්ඩු ගතිය මෙයාටත් තියනවා. සමහරවිට නෑදෑ නිසා වෙන්න ඇති.
"ඒකත් එහෙමද.. එහෙනම් මං මේ ගෙදරින් යන්නම්. ඔයා ඔයාගෙ සුදු අයියා එක්ක මෙහෙට වෙලා ඉන්න."
මං එහෙම කියලා මගෙ කාමරේට ගියා. වෙලාවකට මටත් මොළේ නැතුවම නෙවෙයි. ඩිස්නිව රවට්ටන්න මං ට්‍රැවලින් බෑග් එකත් අරන් අල්මාරියේ රෙදි ටික ඔබාගන්න ගත්තා.
"අනේ එහෙම කරන්න එපා මින්දි.."
"Sorry.. මම අනාත කෙනෙක් තමයි. ඒත් මේ විදිහට මට කවුරුත් සලකනවට මං ආස නෑ."
"හරි.. මං සුදු අයියට කියන්නෙ නෑ මේ ගැන. ඔයා ඇත්ත දැනගත්තා කියලා මං එයාට කියන්නෙ නෑ. ඒ වෙනුවට මං ඔයාට එයා ගැන විස්තර හොයලා කියන්නම්."
රෙදි දාන එක නවත්තලා මං ඩිස්නි දිහා බැලුවේ මගෙ උත්සහය ඕනෑවට වඩා සාර්ථක වෙද්දි. එයා කියෝගෙන කියෝගෙන ගියපුවාගෙන් මට බෙනිෆිට් එකක් නැතුවාම නෙවෙයි.
"ප්ලීස්.. කොහොමත් අයියා මේක දැනගත්තොත් මට බනිනවා. ඒ නිසා මං ඔයාට කියන්නෙ නෑ. මං ඔයා කියන ඕනිම දෙයක් කරන්නම්."
"මං කියන ඕනිම දෙයක් කරනවද ?"
"ඔව්.."
"ආයෙ හේෂාන්ට මං ගැන මුකුත් කියන්නෙ නැද්ද ?"
"නෑ.. ආයෙ කියන්නෙ නෑ."
"එහෙනම් මං මේ සතියට විතරක් ඔයාට අවසරේ දෙනවා. හැබැයි.."
"හැබැයි 😧 ?"
"හේෂාන්ගෙන් නිකරුණේ සල්ලි ඉල්ලන්න එපා. ඔයාට නොතේරෙනවා නෙවෙයිනේ. එයා ලෙඩෙක්. එහෙම එකේ එයා නින්දක් නැතුව බිස්නස් වැඩ වලට යට වෙලා අමාරුවෙන් හොයන සල්ලි නාස්ති කරන්න එපා. ඔයාට ඕනි මුළු ගාන කවුන්ට් කරලා දෙන්න. මං ඒක ඔයාට Cash වලින් දෙන්නම්."
"හරී.."
"දැන් යන්න."
"ඔයා කන්න එන්නෙ නැද්ද ?"
"මගෙ බත් එක වහලා ඔයා කාලා නිදාගන්න."
මං එහෙම කියද්දි ඩිස්නි යන්න ගියා. මට හේෂාන් ගැන දැනගන්න උවමනාවක් නෑ. මොකද ඒ නම ඇහෙද්දිත් වෙලාවකට මගෙ බඩ දඟලනවා. ඒත් මට එයා නොකියන සමහර දේවල් මෙයාගෙන් ලේසියෙන්ම අහගන්න පුළුවන් වේවි.
ප්ලෑන් එකට අනුව රෙදි ටික බෑග් එකට දාගත්තා තමයි. ඒත් දැන් ඒ ටික කලින් නවලා තිබ්බා වගේ ආයෙත් තියන්න ගිහාම තමා මට ස්ලැබ් එකෙන් තරු පේන්නෙ.
අලුත් දවසක් 🌞☁️🍃..
"ගුඩ් මෝර්නින් සැලෝමි මැඩම්.. මොකටද ඔයාට මාව හම්බවෙන්න ඕනි කිව්වෙ ?"
මං උදේ ඉඳන්ම සැලෝමි තියලා ගියපු වැඩ ගොඩක හිර වෙලා හිටියේ. අන්තිමට ඉවර කරලා එයාට ගිහින් දීලා මගෙ ඔෆිස් එකට ආවා. ඒ ගිහින් වැඩි වෙලා යන්න ගියෙ නෑ මට සැලෝමි එන්නයි කිව්වා. පෙනුමෙන් නම් එයාට තරහා ගිහින් වගේ.
"මින්දි.. ඔයාට මේකවත් හරියට කරගන්න බැරිද. බලන්න මේකෙ කිසි පිළිවෙළක් නෑනේ."
"මං සේරම ඩීටේල්ස් චාර්ට් වලට දාලා වෙන වෙනම හදලයි තියෙන්නේ මැඩම්. එතකොට මැඩම්ට හොයා ගන්න ලේසියිනේ."
"හහ්.. හොයාගන්න ලේසි වෙන්නද ඕනි නැත්තම් ස්ටැන්ඩර්ඩ් විදිහට ඕනි කියලා ඔයා මට උගන්නන්න එන්න එපා."
ඊයෙ හොඳට හිටියා. ඒත් එකපාරටම මෙයාට මොකද මේ උනේ. හොඳට හොඳයි නරකට නරකයි කියලා මට තර්ජනය කලේ මේකටද.
"බලන්න.. මේකෙ ටයිපින් අන්තිමයි. මම ආස නෑ එක අකුරක් වත් වරදිනවට. මම බලපු මේ කොල දෙකේම වර්ඩ්ස් දෙකක්ම වැරදියි."
"කොළ විසි දෙකෙන් එකක හරි මිස්ටේක් එකක් නොතිබුණොත් නම් ඒක පුදුමයක් මැඩම්. මොකද මං මැඩම් කිව්ව නිසා එක පැයට ඔය ටික ටයිප් කලේ."
"ඔයා මට එකට එක කියන්න එනවද ?"
"නැහැ මැඩම්.. මට එහෙම කරන්න උවමනාවක් නෑ."
"පණ්ඩිත කතා කියන්නෙ නැතුව මේක අහගන්න. ඔයා ඉන්නෙ තුට්ටු දෙකේ ෆර්ම් එකක නෙවෙයි. මේක යුවසිංහ ගෲප් එක. ශ්‍රී ලංකන් නම්බර් වන් ෆොරීන් එක්ස්චේන්ජ් දෙන කම්පැනි එක. මේ වගේ තැනක ඉද්දි මීට වඩා කොලිෆයිඩ් වෙන්න ඕනි."
වරදින එක මිනිස් ගතියක්. එහෙම එකේ මෙයා මම මනුස්සයෙක් මැරුවා වගේනේ කෑ ගහන්නේ. මීට වඩා හොඳයි මේල් මැනේජර් කෙනෙක් ආවා නම්. ඇත්තටම අරුෂි මැඩම් දේවතාවියක් මෙයා එක්ක බැලුවම.
"අනික ඔයා ඇසිස්ටන්ට් මැනේජර්. එහෙම එකේ මෙහෙම වෙද්දි මට බලන් ඉන්න බෑ. ආයෙ මෙහෙම දෙයක් උනොත් මං අනිවාර්යයෙන්ම කම්ප්ලේන් කරනවා සර්ට."
සර් ඉන්නෙ මගෙ පැත්තෙ සැලෝමි. ඔයා තාම ඒක දන්නෙ නෑනේ. හේෂාන් මගෙ Ex කියලා දන්නවා නම් මෙයා මට මෙහෙම කතා කරන්නෙත් නෑ, හේෂාන් දන්නව නම් මට මෙයා මෙහෙම කතා කරනවා කියලා අලුත් මැනේජර් එක දවසින්ම ලෙෆ්ට්.
"Sorry මැඩම්. මං ආයෙ ඒ ටික හදන්නම්."
"පැය භාගයක් ඇතුලත ෆිනිශ් කරලා ගේනවා."
"හරි."
"මේ ඔක්කොම මුල ඉඳන් හදනවා."
"හහ් ?"
එයා කිව්වෙ පැය භාගෙන් ෆිනිශ් කරන්න කියලද. මම රොබෝ කෙනෙක් නෙවෙයි. මගෙ අතත් තාම හොඳ නෑ. එහෙව් එකේ කොහොමද මං මෙච්චර ඉක්මනින් ශීට් විසි දෙකක්ම ටයිප් කරන්නේ ?
රිප්.. රිප්..
වැඩි වෙලා යන්න කලින් සැලෝමි මං පැයක් තිස්සෙ වෙහෙසිලා හදපු කොළ එක මිටියට ඉරලා බිමට අතෑරියා. කොල ටික කෑලි කෑලි වෙලා බිමට වැටෙද්දි මගෙ උත්සහයත් කැපවීමත් බිංදුවටම වැටුණා වගේ මට දැනුණේ.
"It's five minutes past eleven. I need this at thirty five."
එහෙම කියලා එයා බිමට වැටුණ කොළ කෑලි ටිකටත් පයින් ගහගෙන රූම් එකෙන් එළියට ගියා. මෙදා සැරේ නම් මට ආයෙමත් බැනුම් අහන්න වෙයි වගේ. මොකද පැය භාගෙකින් මට මේක ඉවර කරන්න බැරි නිසා.
තවත් මෙතන ඉන්නවා දැක්කොත් ඒකටත් බැනුම් අහන්න වෙන නිසා මං ඉක්මනින් මගෙ රූම් එකට ගිහින් ආයෙමත් මේ ටික ටයිප් කරන්න පටන් ගත්තා. අද රෑට මගෙ කැඩුණු අත අනිවාර්යයෙන් කැක්කුම් අල්ලනවා.
වෙලාව 11:35 යි..
මං තාමත් දහ අටවෙනි එකේ. මෙයා මට කලින් කොල ටික දුන්නා නම් ඒකෙ වැරදි දෙක විතරක් මං ටයිප් කරනවනේ. එකපාරටම මට කෝල් එකක් ආවා. ශුවර් සැලෝමිගෙන් වෙන්න ඇති. දැන් මට බනීවි කෝ පේපර්ස් ටික කියලා.
"වෙලාව හරි.. ඉක්මනින් මගෙ ඔෆිස් එකට එන්න."
මෙයා මාව ඉන්ස්පෙක්ට් කරනවා වත්ද. ඇයි මට මෙහෙම කරන්නෙ. ඊයෙ මට තර්ජනය කරලා අද මගෙ ටයිපින් ටික කීතු කීතු කරලා දැම්මා.
තවත් බනින්න කලින් මං ඉක්මනින් ගිහින් එයාට ෆයිල් එක දුන්නා. කොළ දහ අටයි. ඒක ප්‍රින්ට් කරන්නත් ටිකක් වෙලා ගියා.
"කෝ ඉතුරු ටික ?"
"ටයිප් කරන්න බැරි උනා."
"ශිට්.."
ආයෙමත් ෆයිල් එක කොළ ටිකත් විසිරිලා යන්න මේසෙ උඩට විසි කරපු එයා පුටුවට හේත්තු උනා. මං අහක බලාගත්තෙ එයා මං දිහා රවාන බලන් ඉන්න නිසා.
"මං දැන් මොකක්ද කරන්න ඕනි.. ඔයාට මේ වගේ බේසික් දේවල් උගන්නන එකද නැත්තම් මේ ජොබ් එකෙන් අයින් වෙන එකද ?"
දැන් එයා ජොබ් එකෙන් අයින් වෙන්නද හදන්නෙ මට කොළ හතරක් ටයිප් කරගන්න වෙලා මදි උනා කියලා. පැය භාගෙකට පුරෝපු කොළ විසි ගාණක් ටයිප් කරනවට මට ප්‍රමෝශන් එකක් හම්බවෙන්න ඕනි.
"මං ආස නෑ පොඩි බබාලා එක්ක වැඩ කරන්න. මොකද එයාලට දේවල් අමුතුවෙන් කියලා දෙන්න ඕනි. ඔයත් ඒවගේ. හැබැයි එහෙමයි කියලා මට ඔයාට වැඩ කියලා දිදී ඉන්න බෑනෙ."
"Sorry මැඩම්. මට විනාඩි දහයක් දෙන්න. ඉතුරු ටික ඉක්මනින් හදන් එන්නම්."
"විනාඩි දහයක්.. මං මේ හාෆ් එකත් බලාගෙන හිටියේ බොහොම අමාරුවෙන්."
එයා මගෙන් මොනාද බලාපොරොත්තු වෙන්නෙ. රොබෝ කෙනෙක් වගේ හැසිරීමක්ද නැත්නම් ඇබ්සලූට් කාර් එකක වගේ වේගයක්ද.
"Don't waste my time. Get out."
................................................... 🖤 ...
සැලෝමි නම් එසේ මෙසේ බඩුවක් නෙවෙයි ළමයි 😤
Sachy Collins