Spring is far away - 41
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 41 | The red mark
"මිස් ටනාෂියා සර්ගෙ ප්‍රයිවට් සෙකට්‍රි."
"What ?"
කොහෙවත් නැති ඔළුව කැක්කුමක් එක්ක මගෙ ඔළුවට ගලක් වැටුණා වගේ. මට අභිමානි කිව්ව් එක ආයෙ අහන්න පුළුවන් නම්.
"ඔව්.."
"එතකොට ඔයා ?"
"මම එයාගෙ ඇසිස්ටන්ට්."
මං මෙච්චර කල් හිතුවෙ අභිමානි හේෂාන්ගෙ සෙකට්‍රි කියලා. එතකොට හේෂාන්ගෙ ප්‍රයිවට් සෙකට්‍රි ටනාෂියාද. එයාට කවදාවත් එහෙම කෙනෙක් ඉඳලා නෑ. අනික එහෙම සමීපව ගෑනු ළමයෙක් තියාගෙන එයාට පුරුදුත් නෑ.
ප්‍රයිවට් සෙකට්‍රි ?
ටනාෂියා ?
ප්‍රයිවට් සෙකට්‍රි ටනාෂියා උන එක තමා මට තියන ප්‍රශ්නේ. මං දන්න කාලෙ ඉඳන් එයාට එහෙම කෙනෙක් ගන්න උවමනාවක් නෑ.
"හේෂාන්ට කලින් හිටියෙ මේල් සෙකට්‍රි කෙනෙක් නෙවෙයිද ?"
"අහ් ඔව්.. එයා රිසයිනේෂන් අරන් අයින් උනාට පස්සෙ මිස් ටනාෂියා තමයි එතනට ආවේ."
"දැන් කොච්චර කල්ද ?"
"අම්.. දැනට අවුරුදු දෙකකට විතර කලින්."
අවුරුදු දෙකකට විතර කලින් කියන්නෙ මම රට ගියපු කාලෙ. මට මතකයි එදා පාර්ටි එකට ආපු දවසෙ ටනාෂියා කිව්වා,
❝ ඔයාව එයාපෝර්ට් එකේ දාලා ආපු දවසෙ රෑ තමයි මට එයාව හම්බුණේ. එදා ඉඳන් එයයි මායි යාළුවො. සමහර දවස් වලට එයා මට කෝල් කරනවා. නැත්තම් මම එයාට කෝල් කරනවා ❞
මං දන්නෙ නෑ එයාලා අතර මොන වගේ සම්බන්ධයක් තියනවද කියලා. ඒත් මගෙ හිතට ආවෙ එසේ මෙසේ ඉරිසියාවක් නෙවෙයි. ඇයි ඒ කියලා මං වත් දන්නෑ.
"හ්ම්.. ටනාෂියායි හේෂානුයි ගොඩක් එකතුද ?"
"අහ්.. නෑ එයාලා හැමදාම හම්බවෙන්නෙත් නෑ මෑම්."
එකපාරටම වීදුරු දොර ඇරෙද්දි මං ලඟට ගියේ අරුෂි මැඩම් ආපු නිසා. ඒ එක්කම ටනාෂියාත් එළියට එනවා මං දැක්කා. මොනා උනාද දන්නෑ ඉන්වෙස්ටිගේෂන් එකට.
"මොකක්ද කිව්වෙ මැඩම් ?"
"මට සතියකට යන්න වෙනවා අමේලියා."
"මොකක් 😨 ?"
"ඔව්.. සර් කිව්වා ඉක්මනින් හැම දෙයක්ම හොයාගෙන මාව පුළුවන් තරම් ඉක්මනින් ආයෙ ගන්නම් කියලා."
"එතකොට අර එවිඩන්ස් ?"
"මට හිතෙන්නෙ එයාලා මගෙ ෆෝන් එක හැක් කරලා වගේ."
"ඒත් ඔයාගෙන් ඒ Documents Send වෙලා තියෙන්නෙ කොහොමද ?"
"ඒ හැමදෙයක්ම වෙලා තියෙන්නෙ මාස ගාණකට කලින්. මං ගිය දවස් ටිකේම Gmail Account එක චෙක් කලේ නෑනෙ මින්දි. ඒ Email එක ලිස්ට් එකේ පහලම තියෙන්නෙ. මට ඒ ගැන හොයලා බලන්නවත් වෙලාවක් තිබුණෙ නෑ."
"එතකොට.."
"Dont worry අමේලියා.. සමහරවිට සර් අලුත් කෙනෙක් ගෙනෙයි මේ සතියට දෙකට."
"එතකොට මේකෙ වැරැද්ද ඔයාට වැටුණොත් 🥺."
"ඒක මං වෙන්න දෙන්නෙ නෑ."
අරුෂි මැඩම්ගෙ පිටිපස්සෙන් හිටපු ටනාෂියා එහෙම කිව්වා. අරුෂි මැඩම් ගියාට පස්සෙ මං වැඩ අහගන්නෙ කාගෙන්ද. තාම මට මෙහෙ වැඩ ගැන 50% ක් වත් තේරෙන්නෙ නෑ.
"හේෂාන්ට විශ්වාසයි අරුෂිව. එයා අද වෙනකම් අපිට කිසිම දේකින් වැරැද්දක් කරලා නෑ."
මං බිම බලාගෙන කල්පනාවක්. දැන් අලුත් කෙනෙක් ගෙනාවම මං කොහොමද ඒ කෙනාට හැඩ ගැහෙන්නෙ. එයා නරක කෙනෙක්ද හොඳ කෙනෙක්ද දන්නෑ. අනික එයා ගෑනු ළමයෙක්ද පිරිමි ළමයෙක්ද කියලා මං දන්නෙ නෑ.
"මං යන්නම් අමේලියා.."
"ඔයා ඉක්මනින් එනවා නේද ?"
"ඔව් මං එනවා.. වැරැද්ද මගෙ නොවුනොත් විතරක්."
අරුෂි මැඩම් එහෙම කියලා මාව හග් කරා. මං එයා යන හැටි බලන් හිටියේ ඇස් වල කඳුළුත් රඳවන්. එයා හරි හොඳ කෙනෙක්. මං දන්නවා මේ හැම දෙයක්ම කරන්න ඇත්තෙ ඇන්ඩෲස් වෙන්න ඇති. ඒ මනුස්සයාට ඕනි මාව කොහොම හරි මෙතනින් එළවන්න. ඒත් මං මේකට මැදිහත් වෙලා මොකක් හරි කරන්න ඕනි.
එක්කො අරුෂි මැඩම්ට සාධාරණයක් කරන්න ඕනි..
නැත්නම්,
මං කම්පැනි එකෙන් අස් වෙන්න ඕනි..
"මට තේරෙනවා ඔයා ඉන්න තත්වෙ.. කොහොමත් මං අරුෂිට මෙතනින් යන්න දෙන්නෙ නෑ. හේෂානුත් ඕකට ඉඩ දෙන එකක් නෑ.
මං කඳුළු පිහදගත්තෙ ටනාෂියා දිහා බලන ගමන්. එයා ඇයි අපි වෙනුවෙන් මෙච්චර දේවල් කරන්නෙ. විශේෂයෙන්ම මට හිතෙනවා එයා මට උදව් කරන්න හදනවා කියලා.
"සමහරවිට හෙට අලුත් කෙනෙක් ඒවි. මං ඒ ගැන හේෂාන් එක්ක කතා කරලා බලන්නම්.. So don't worry"
"ප්ලීස් ටනාෂියා.. පුළුවන් නම් මාව මෙතනින් Suspend කරලා හරි අරුෂි මැඩම්ව ගෙන්නන්න."
"නෑ.. එහෙම ඕනි නෑ. සේරටම කලින් අපි ඇත්ත හොයාගන්න ඕනි. මේක කලේ වෙන කෙනෙක් නම්."
"මට විශ්වාසයි මේක කලේ වෙන කෙනෙක්."
"මාත් හිතන්නෙ එහෙම තමයි.. So.. Take care. I will go. If you have any need contact me soon. Do you have my number ?"
"Yeah."
එහෙම කියපු එයා එතනින් ගියා. ටනාෂියා ගොඩක් උසයි කෙට්ටුයි. එයා හැම වෙලේම අඳින්නෙ තද පාට පෙන්සිල් ඩ්‍රෙසස්. ගොඩක් උසත් දානවා. සමහරවිට එයාගෙ දෙතොල් රතුපාට කරන්නෙ එයාගෙ ආසම පාට රතු නිසා වෙන්න ඇති. එයාගෙ පිට මට්ටමට තියෙන, මහත කැරලි කොණ්ඩෙත් අගිස්ස රතු පාටින් පාට ගන්නලා තියෙන්නෙ.
එයාගෙ මේ හැම තේරීමක්ම සරාගී ගෑනු ළමයෙකුට සමානයි. එයාගෙ කිසිම පෙනුමක් නෑ ඩිටෙක්ටිව් කෙනෙක්ට සමාන වෙන. ඒත් එයාගෙ කොලිෆිකේශන් බැලුවම එහෙම කියන්නත් බෑ.
ටික වෙලාවක් ටනාෂියා දිහා බලන් හිටපු මං රූම් එකට ගියා. ඉතුරු වුණ වැඩ ටිකකුත් මට තිබුණා. ඒ ටික කර කර ඉද්දි නිකන්ම වෙලාව හරි ගියා. මොනා උනත් අරුෂි මැඩම් නැති නිසා මට ගොඩක් අවුල්. වෙනදට එයාගෙ ඔෆිස් එකට ගිහින් මං එයාගෙන් වැඩ අහගන්නවනෙ.
රෑ උනා 🌨️🌛💙..
උස් හඬින් ඇහෙන සින්දුවත් එක්කම සමාජ ශාලාවේ නටන අනිත් ගෑණු ළමයි දිහා ටනාෂියා බලාන හිටියේ අඩවන් ඇස් වලින්. එයාගෙ අතේ තිබුණ වයින් වීදුරුවත් ඒ දෑඟිලි අස්සෙන් වැටෙන්න වගේ.
"හේෂාන්.. ඔයා කොහෙද ඉන්නෙ.. මම කීයෙ ඉඳන්ද ඔයාට කෝල්ස් ගන්නෙ ?"
"පොඩ්ඩක් ඉන්න මං එන ගමන්."
"ම්ම්... ඉක්මනින් එන්න."
ටනාෂියා ෆෝන් එක කට් කරන්න හදද්දිම එකපාරටම ඒ ෆෝන් එක වැටෙන්නයි ගියේ. ඒත් කොහෙන්වත් ආපු අතක් ඒ ෆෝන් එකත් එයාගෙ අතත් අල්ලගත්තා.
"අද වැඩි උනාද ?"
"ජෝන් ?"
ටනාෂියාගෙ ඉන දෙපැත්තෙන් අල්ලගත්තු එයා ඒ වයින් ග්ලාස් එක ටේබල් එක උඩින් තිබ්බා. කෙල්ලට කෙලින් හිටගන්න පණ නෑ වගේ හතර අතට වැනෙනවා.
"අද කාව හොයන්නද ආවේ ?"
"John, it's been four days since my mission was successful."
"එහෙනම් ඉතින්.. ඇයි මෙතන ?"
"කෙනෙක් වෙනුවෙන්.."
"කව්ද ඒ.. වාසනාවන්තයා 😌."
කකුල් වලින් බාගයක්ම ඇරිලා තියන රතුපාට දිලිසෙන ගවුම දිගේම ගියපු ජෝන්ගෙ අත නැවතුණේ ටනාෂියාගෙ අතකට අහු වෙලා.
"අපේ Affair එක ඉවර කලා ජෝන්.. ඒක මං ඉවර කලා 😴."
"No.. මොන මෝඩයාද ඒ කතාව කිව්වෙ ඔයාට ?"
"මම මයි ඒක කලේ. එදා ඔයාත් ඒක ඇක්සෙප්ට් කලා."
"Joshey.. I told you let's forget old things. You don't know how much I loved you. So..."
ජෝන් ටනාෂියාගෙ මූණට වැටුණ කෙස් රොදක් එයාගෙ අතින් අහකට කලා. කෙල්ලත් ඒකට කැමැත්තෙන් වගේ හිටියේ ඇස් දෙකත් පියාගෙනයි.
"We can start our things as before. Don't you like it ?"
"What the hell are you talking about ? leave me alone."
තමාගෙ ඉස්සරහා හිටපු හැඩි දැඩි තරුණයාවත් තල්ලු කරගෙන ටනාෂියා එතනින් එළියට ආවේ ඇවිදගන්නවත් හයියක් නැතුව. එකපාරටම හීල් එක කාණු කැටයකට අහු උන නිසා කෙල්ල වැටෙන්නයි ගියෙ.
"අහ්.."
ටනාෂියා නිකන්ම තල්ලු වෙලා ගියේ හේෂාන්ගෙ ඇඟ උඩට. කෙල්ල ඔළුව උස්සලා බලද්දි හේෂාන් රවාගෙන බලාන ඉන්නවා.
"ඔයා ආවද හේෂාන් ?"
"ඔයාට ඉන්වෙස්ටිගේෂන් එක ගැන කතා කරන්න ඕනි මේ විදිහටද ?"
ටනාෂියාව කාර් එකේ බඳට තල්ලු කරපු හේෂාන් ඉක්මනින් එයාගෙ ශර්ට් එක පිහදගත්තා. කෙල්ල බොහොම අමාරුවෙන් කාර් එකට හේත්තු උනේ කුතුහලයෙන් හේෂාන් දිහා බලන ගමන්.
"ඇයි.. මං එක්ක තරහින්ද ඔයා.. ටිකක් ඩ්‍රින්ක්ස් ගත්තා කියලා ?"
හේෂාන්ට තරහා ගිහින් අහක බලාගත්තා. දැන් පැයකට විතර කලින් කෝල් කරලා ඉන්වෙස්ටිගේෂන් එක ගැන තොරතුරක් ලැබුණා කිව්ව කෙනා දැන් ක්ලබ් එකේ වෙරි මතේ.
"හ්ම්.. මට තේරෙනවා.. ඔයා අපි වගේ ගර්ල්ස්ලාට ආස නෑනෙ. ඔයා ආස මින්දි වගේ ක්ලබ් යන්නෙ නැති ගර්ල් කෙනෙක්ට නේ."
"ඔයාට ඇවිදගන්න බැරි නිසාද මට මෙතෙනට එන්න කිව්වෙ ?"
"අම්.. එහෙමමත් නෑ.. අපි යමුද ඇතුලට ?"
"මං ඔය ජරාවල් අස්සෙ රිංගන්නෙ නෑ."
"අම්මෝ සැර. මම අදමයි දන්නෙ හේෂාන් යුවසිංහ මෙච්චර වසයි කියලා 😦."
"නගින්න.. මං ගෙදරට දාලා එන්නම්."
"Noo.. මට ඔයා එක්ක කතා කරන්න ඕනි.."
"මොනාද ?"
ඒ පාර හේෂාන්ට තරහා ගිහින් කාර් එකේ දොර හයියෙන් වහලා දැම්මා. රෑ එකොලහටත් කිට්ටුයි. ඒ උනාට ටනාෂියාට යන්න ගාණක් වත් නෑ.
"මට ජෝන්ට ඔයාව පෙන්නන්න ඕනි."
"මම ඔයාගෙ ෆියන්ස් වත් බෝයිෆ්‍රෙන්ඩ් වත් නෙවෙයි ටනාෂියා. ඔයා මගෙ සිකියුරිටි ඔෆිසර් විතරයි."
"No.. මම ඔයාගෙ ප්‍රයිවට් සෙකට්‍රි.. ඒ වගේම ඔයාගෙ.. Blind date ගර්ල්.."
ටනාෂියා හේෂාන්ගෙ මූණටම ලං වෙලා කියද්දි හේෂාන් කාර් එකට හේත්තු උනා. ඒපාර ටනාෂියා හයියෙන් හිනා වෙනවා. කොල්ලට නිදිමතත් එක්ක.
"I am a detective. But sometimes I am a shameless woman."
"ප්ලීස්.. නගින්න වාහනේට."
"ම්ම්.. බෑ.."
"ටනාෂියා.. මම ඔයා වගේ කෙනෙක් නෙවෙයි. මම ලෙඩෙක්. මට නිදාගන්න ඕනි. ගිය දවස් ටිකේම මට නින්දක් නෑ."
"දැන්ද ඔයාට මතක් උනේ ඔයා ලෙඩෙක් කියලා.. අනිත් දවස් වල නිදි වරද්දි ඔයාට මතක් උනේ නැද්ද ඔයා ලෙඩෙක් කියලා ?"
"......"
වයින් අධි මාත්‍රාවෙන් පෙවිලා හිටියත් ටනාෂියා ඇත්ත කතා කරද්දි හේෂාන්ට කර කියාගන්න දෙයක් නෑ. ජීවිතේ ගැන බලාපොරොත්තු අත් ඇරගෙන ඉන්න කෙනෙකුට කොහොමත් මෙහෙම කතා කියලා වැඩක් නෑ කියලා වෙරි මතේ ඉන්න ටනාෂියාට තේරෙන්නෙත් නෑ.
"Never mind.. මං දන්න හේෂාන් එදා ඉඳන්ම මුරණ්ඩුයි නෙ."
"මම මේ කියන අවසාන වතාව.. Please get in the car."
හේෂාන් කාර් එකේ දොර ආයෙ ඇරලා බලන් ඉන්නවා. ටනාෂියා හයියෙන් හිනා වෙනවා. දැන් නම් හේෂාන්ට දාඩියත් දාලා මේ කෙල්ල කාර් එකට නග්ග ගන්නෙ කොහොමද කියලා කල්පනා කරලා.
"මං කියන්නද දෙයක්.. ඔයාට ඔය Expression එක ගැලපෙන්නෙ නෑ හේෂාන්.. ඔයා ලස්සනම රතුපාට ජම්බු ගෙඩියක් වගේ තරහා ගිහින් ඉද්දි."
ටනාෂියා අතින් ජම්බු ගෙඩියක හැඩේ පෙන්න පෙන්න හිනා වෙනවා. තව ටිකක් හිටියොත් කොල්ලා නිකම්ම ජම්බු ගෙඩියක් වෙනවා.
"මම ගෙදර යන්නද.. නැත්තම් ඔයා නගිනවද කාර් එකට ?"
"Ooh.. ඔච්චර කේන්ති ගන්න එපා. මං ඔයාට කිව්වෙ Sip එකක් ගමු කියලනේ."
"I don't like alcohol."
"Listen to me boy, you need to drink a little bit of them."
"ටනාෂියා. තමුන්ට ඕනි මගෙ යකා අවුස්සගන්නද ?"
"Um.. Never mind.. ඔයාට මතකද ඔයාට ඉස්සෙල්ලාම මාව හම්බුණ දවස ?"
"මම කැමති නෑ කලින් දේවල් මතක් කරන්න."
හේෂාන් එහෙම කියලා ඉක්මනින් ටනාෂියාව කාර් එක ඇතුලට ඇදලා දාලා දොර වහලා කාර් එකට නැග්ගා. නැත්තම් අද මෙතනින් යන්න හම්බවෙන්නෙ නෑ කීයටවත්..
ටනාෂියාට අදටත් මතකයි හේෂාන් හම්බුණ විදිහ. එදා කොල්ලා හිටියෙ මෙලෝ සිහියකින් නෙවෙයි. එවෙලෙ තිබ්බ අහිංසක පූස් පැටියෙක්ගෙ වගේ මූණ අදත් තියනවා නම් කියලා කෙල්ලට හිතුණා.
අලුත් දවසක් 🌞☁️🍃..
"Temporary Manager කෙනෙක් අද එනවා කිව්වා."
මං අරුෂි මැඩම්ගෙ කෝල් එක නිසාම ෆෝන් එකත් ටේබල් එක උඩින් තියලා ලෑස්ති වෙන්න ගත්තා. අලුත් හීනි පටි සුදු පාට ටයිට් ඩ්‍රෙස් එකක් සෙට් උන නිසා ඒක ඇඳලා රතු පාට මල් වැටුණු ශෝල් එකක් දාගත්තා. අද ටිකක් ලස්සනට යන්නත් එපැයි අලුත් මැනේජර් එන නිසා.
"එහෙමද ?"
"ඔව්.. මට කලින් හිටියා ටිකක් වයස මැඩම් කෙනෙක්. එයා හරි හොඳයි. මටත් වැඩ කියලා දුන්නෙ එයා. එයාගෙ දුවයි පුතයි දෙන්නම බෑන්ක් මැනේජර්ස්ලා කිව්වා. ඒ එක්කෙනෙක් තමයි එන්නෙ."
"එයාත් හොඳයි නම් කමක් නෑ. නැත්තම් මට දවසම බැන බැන ඉඳීද දන්නෑ."
"ඒ පිරිමි ළමයා නම් එහෙම නෑ."
කතාවෙන් මං කොණ්ඩෙ ගෙඩියක් ගහලා පොඩි කැරලි දෙකක් දැම්මා. අද සමහර විට රාදිතා එන්න බැරි නෑ. අලුත් මැනේජර් එන නිසා. එයාව අවුස්සන්න තියන එකම වැඩේ මම ලස්සනට යන එක තමා.
අරුෂිගෙ කෝල් එක ඉවර උන ගමන්ම මං ඉක්මනින් ඔෆිස් එකට ගියා. ඒ ගිහින් කාර් එක පාක් කරලා ඇතුලට යන්න හදද්දිම කෝල් එකක් සංජානාගෙන්.
"කියන්න."
"ඉස්සරහා කැෆේ එකට එන්නකෝ.. මම ඒකෙ ඉන්නෙ."
"ඒ මොකද 😧 ?"
"හදිස්සියක් නෙවේ. උදේට කෑවෙ නෑ මං. දැන් බඩිගිනියි. මෙතන තනියම කන්නත් බෑනෙ."
"හ්ම්.. පොඩ්ඩක් ඉන්න."
මං සෙහස් ඉන්නවාද බලාගෙනම කැෆේ එක ඇතුලට ගියා. යද්දි මැද හරියෙ ටේබල් එකක ඉඳගෙන ඉන්නවා සංජානා. මූණෙන් පේන්නෙ නම් මාවත් කන්න සයිස් බඩිගින්නක්.
මං හැමෝම මැද්දෙන් යද්දි කැෆේ එකේ වැඩ කරන පිරිමි ළමයිනුයි ආපු කට්ටියයි කන්න වගේ බලන් හිටියා. දැන් නම් මට තේරීගෙන යනවා මට ඉස්සරට වඩා අවධානය හම්බවෙනවා කියලා.
"බුදු අම්මෝ.. ඩයස්ගෙ නංගි පරාදයි 😨."
"ඇයි මොකෝ.. අවුල්ද ?"
මං එහෙම කියාගෙන පුටුවක් ඇදලා ඉඳගත්තා. කැෆේ එකේ ඉන්න හැම කෙනෙක්ගෙම ඇස් මගෙ ඇඟේ. කොටින්ම කියනවා නම් ආපු කපල් වල හැම කොල්ලෙක්ම වගේ බලන් හිටියා.
"ලංකාවෙ ඉන්නවා නම් ලංකාවෙ විදිහට ඇඳපම් බන්.. දැන් අර අහිංසක කොල්ලො සේරම ඉවරයිනේ. අද ඔයා කැෆේ එකේ ඉන්නකම්ම බල බල ඉඳී වැඩ කරන්නෙ නැතුව."
"අනේ මට මොකෝ 😒."
"ඇත්තටම ඔයා අද මාරම ලස්සනයි මින්දියෝ.. හේෂාන් දැක්කොත් එහෙම කලන්තෙ දාලා වැටෙනවා අනිවාර්යයෙන්."
"එයා මං මොන ඇඳුම ඇන්දත් කලන්තෙ දාලා වැටෙනවනේ මගෙ ඇඟ උඩට."
"මේ අහන්නකො මට බඩිගිනියි.. මොනා හරි කමුද දෙන්නා ?"
"මං කෑවෙ නෑ උදේට. ඒ උනාට බඩිගිනිත් නෑ. ඔයා කන්න මං ඉන්නම්."
"ටිකක් වැඩිපුර කනවා.. කැහුටු වෙලා නොපෙනී යන්නද ඕනි ?"
"අපෝ නෑ.. කන්න පිරියක් නැත්තම් ඉතින් මොනා කරන්නද ?"
එකපාරටම වේටර් කෙනෙක් ඇවිත් මෙනු එක දික් කලා. එයාගෙ ඇසුත් මගෙ පැත්තෙ. ඒ මදිවට මෙනු එකත් මගෙ පැත්තෙ. වැඩි කල් නොයවා සංජනා මෙනු එක අරගත්තා.
"මං ෆ්‍රයිඩ් රයිස් එකක් අරගන්නම්."
"හ්ම්.. ඕනි එකක් ගන්න. මං පේ කරන්නම්."
"දැන් ඉතින් සල්ලිකාරියෙක්නෙ ඔයා."
"අනේ මේ."
මං එහෙම කියලා මෙනු එක උදුරගත්තා. ඉක්මනින් යන්නත් ඕනි අද අලුත් මැනේජර් එනවද බලන්නත් එක්ක. ඒත් වේටර් පිරිමි ළමයාගෙ ඇස් මගෙ මූණෙ.
"අහ්.. මේ.. මට Mushroom soup එකක්."
ඒ කොල්ලා යන දිහා මං බලාගෙන හිටියේ. මාව දැක්කට පස්සෙ ශොප් එකේ අයට සේරම අමතක වෙලා කටර් වගේ වැඩ. සංජනාත් එදා මං අරන් දුන්න ශර්ට් එකකුයි පෙන්සිල් ස්කර්ට් එකයි ඇඳලා.
"අරුෂි මැඩම්ට මොකෝ.. ඉන්වෙස්ටිගේට් කරාද ඒ ගැන ?"
"හ්ම්.. එයා මේක හොයා ගන්නකම් Suspend කලා."
"අයියෝ.. එතකොට එයාද ඒක කලේ."
"නෑ.. ටනාෂියා කිව්ව විදිහට නම්.. ඒක වෙන කෙනෙක් වෙන්න ඇති කරලා තියෙන්නෙ."
"ආහ්.. හේෂාන්ගෙ අලුත් යාළුවා ටනාෂියානේ 🤔."
"හ්ම්ම්.."
ටනාෂියා හේෂාන් එක්කද දන්නෑ. මට කවදාවත් මෙහෙම ඉරිසියාවක් ඇවිත් නෑ. මං කවදාවත් කාටවත් ඉරිසියා කරපු ගෑනු ළමයෙක් නෙවෙයි. හේෂාන් ළඟ කීයක් ගෑනු යාළුවො හිටියත් වැඩක් නෑ මට. ඒත් ටනාෂියා..
ඒ නම ඇහෙද්දිත් මට බඩ දඟලනවා වගේ දැනෙනවා. බෝල අභී අරෙහෙම කිව්වට මට හිතෙනවා ටනාෂියා හේෂාන්ව උදුරගන්න ආපු මායාකාරියක් කියලා. ඉස්සෙල්ලාම මාවයි එයාවයි වෙන් කලේ රාදිතා. දැන් හේෂානුයි රාදිතායි වෙන් කරන්නද ටනාෂියා ඇවිත් ඉන්නෙ.
"මොකෝ කල්පනාව.."
හේෂාන් ගැන හිතන්න ගත්තොත් කාල තරණය කරා වගේ තමයි. ඒකත් අලුත් ටනාෂියා ගැන හිතද්දි ඊට හපන්.
"මං බලාගෙන දැන් විනාඩි පහක් විතර ඈත බලාගෙන කල්පනාවක ඉන්න හැටි. ටනාෂියා ගැනද හේෂාන් ගැනද හිතන්නෙ ?"
"දෙන්නම ගැන."
"ඇයි මොකෝ අවුල ?"
"ටනාෂියා කියන්නෙ හේෂාන්ගෙ ප්‍රයිවට් සෙකට්‍රි."
"මොකක් 😧 ?"
සංජානාත් කන්ෆියුස් උනා. ප්‍රයිවට් සෙකට්‍රි කියද්දි මට ආපු අදහස්ම එයාගෙ මොලේටත් එන්න ඇති. අනික ඒ දෙන්නා එකතු වෙලා වැඩ කරන විදිහ, එකට ඉන්න විදිහ මෙයා දැක්කා නම් මටත් වඩා අවුල් යනවා.
"හ්ම්.. ඊයෙ ඉස්වෙස්ටිගේෂන් එක කලෙත් එයා. ඒ මදිවට හේෂාන් එක්ක හොඳට කතා කරනවා. ඒ දෙන්නා ලඟින් ආශ්‍රය කරනවාත් එක්ක."
"මං දන්න හේෂාන් කවදාවත්ම ගෑනු ළමයි ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් නෙවෙයි. එයා ඒ කාලෙ හැම ගෑනු ළමයෙක්ටම බෑ කිව්වනේ. අනික එයා ඔයාගෙන් කැමැත්ත ඇහුවෙත් අවුරුදු පහකට විතර පස්සෙ. එහෙම හැදිච්ච, කෙල්ලො ඇලජික් කොල්ලෙක් ප්‍රයිවට් සෙකට්‍රි කෙනෙක් තියන් ඉන්නවා කියන එක මට නම් අදහන්න බෑ."
"මම නැති අවුරුදු දෙකට මොනා හරි වෙලා තියනවා."
"මොනා වගේද ?"
"හේෂාන් ක්ලබ් එකට වත් ගියාද දන්නෑ. නැත්තම් ටනාෂියා වගේ කෙනෙක් හම්බවෙන්නෙ කොහොමද."
"ඔය ටනාෂියා මොන වගේද ?"
"නම ගහලා බලන්නකො Instagram එකේ. ඉන්නවා ඇති."
"මොකක්ද නම ?"
"ටනාෂියා ජොස්ෆයින් සැන්චෙස්."
"රට කෙනෙක්ද.. නමේ ලස්සන 😩."
"පෙනුමෙන් ඒ වගේ. ඒ උනාට හොඳට සිංහල කතා කරනවා."
සංජනා ෆෝන් එක අතට අරගෙන ටනාෂියාව සර්ච් කරනවද කොහෙද. මං එයාලාට නම කියලා තිබුණට හැඩ රුව කිව්වෙ නෑනෙ. ටික වෙලාවකින් සංජානාගෙ ඇස් බලි වෙනවා මං බලාගෙන.
"අම්මෝ මෙයා නිළියක් වගේනේ."
"ඇයි ?"
"හෙන කොටට ඇඳලා කොණ්ඩෙ අගිස්ස රතුපාට කරලා මාරම ලස්සනයිනෙ මෙයා."
"ඔව්.. හැබැයි කොටට ඇන්දෙ නම් නෑ ඔෆිස් එද්දි."
"මේ වෙන තැන්වල. රටවල් වල බීච් වල බිකිනි ගහලා ඉන්නවා, පාර්ටි වල රාදිතා වගේ බාග කෑලි ඇඳලා ඉන්නෙ. හැබැයි එයත් ඔයා වගේම ආස පෙන්සිල් ඩ්‍රෙස් වලට නේද ?"
"හ්ම්ම්."
"හේෂාන්ට හොඳ නැට්ටිච්චියක්ද මංදා අහු වෙලා තියෙන්නෙ."
"නෑ.. එයා ඩිටෙක්ටිව් කෙනෙක්. ගොඩාක් රටවල් වලට එයා යනවා. ඒ යද්දි ඉතින් ඔහොම අඳින්න එපැයි."
"ඒ උනාට එයා සුදුයි ලස්සනයි. උසත් නිසා දණ්ඩක් වගේ පේන්නෙ. කොහොම හරි ඔයාට වඩා පෙනුමට ඉන්නවා මින්දි."
"හ්ම්ම්.. ඒක තමයි හේෂාන්ගෙ හිත දිනාගන්න හේතුව වෙන්න ඇත්තෙ."
"ඔයත් මේ විදිහට ඉඳලා ෆොටෝ දැම්ම නම් ඉවරයිනෙ. එතකොට හේෂාන්ට මුකුත් ඕනි නෑ ඔයා ඇර 🤧."
"මට එයාගෙ මිස්ට්‍රෙස් වෙන්නද කියන්නෙ ?"
"එහෙම තනතුරක් උනත් නම්බුවක්, යුවසිංහ නම ගෑවිලා තිබුණොත්."
"අනේ.. ඊට වැඩිය හොඳයි මං.... කියන්නෑ."
සංජානා ඒ පාර හිනා වෙනවා. මට ඕනි නෑ මගෙ ඇඟට හේෂාන්ව වශී කරගන්න. එයාමයි මාව වෙන් කලේ. දැන් එයාමයි මං ගැන හොය හොය පස්සෙන් එන්නේ.
"මොනවා උනත් ප්‍රයිවට් සෙකට්‍රි කියන Position එක හොඳ එකක් නෙවෙයි."
"ඇයි ?"
"අපේ සර් ඉන්නවා නේද.. හැම වෙලේම බැලුවම ඔය ප්‍රයිවට් සෙකට්‍රි එක්ක ඔෆිස් එක ඇතුළෙ. ඒ දෙන්නා එතන කරන ඒවා අපි නොදන්නව යෑ."
"එහෙමද.."
"ඔව්.. දවසක් අපේ දුල්නෙත්මි ඔෆිස් එකට ගිහිල්ලා ඒ දෙන්නව දැකලා බය වෙලා."
මං ඕනි තරම් අහලා තියනවා ඔය වගේ කතා. ඒත් මට දරාගන්න බැරි එහෙම දෙයක් හේෂානුත් කළොත්. නෑ එයා එහෙම කරන එකක් නෑ.
"ඔයා ඒ ගැන හිතන්න එපා. මං හිතන්නෙ නෑ හේෂාන් එහෙම කෙනෙක් කියලා. ඒත්.."
"ඒත් ?"
"ටනාෂියා ගැන ඔයා ටිකක් හෙවිල්ලෙන් ඉන්න. ඔයා හේෂාන්ව පරිස්සම් කරගන්න."
"මං හිතන්නෙ නෑ හේෂාන් එහෙම කෙනෙක් කියලා. එයා කවදාවත් එහෙම කරන එකක් නෑ."
සංජානා මාව බය කරපු පාර මගෙ ඇඟත් සීතල වෙලා ගියා. මං දන්නවා ඉස්සර හිටපු හේෂාන් තමයි දැනුත් ඉන්නෙ කියලා. එයා එහෙම වෙනස් වෙන්නෙ නෑ. මට විශ්වාසයි.
කතාවෙන් කතාව සර්වන්ට් කොල්ලා කෑම ගෙනාවා. සංජානා නම් එක කටට ගිලිනවා. මම තාම සුප් එක බීගන්න බැරුව ලතැවෙනවා. තාමත් එතන හිටපු අයගෙ ඇස් මගෙ පැත්තෙ.
"දැන් රදීෂ මොකද දන්නෑ කරන්නෙ ?"
"මං ඒක අතෑරියෙ මීට අවුරුදු දහයකට කලින්."
"හරි ඉතින්.. දැන් හිතේ කෙනෙක් නැද්ද ඔයාගෙ ?"
"නෑහ්."
"බොරු.."
"ඇත්තටම නෑ."
එකපාරටම ඇස් අහකට ගත්තු මං දැක්කෙ අහස් එනවා. එයා මෙතනට එන එකත් පුදුමයක්. සමහරවිට හේෂාන් හම්බවෙන්න ඇවිත් එන්න ඇති.
අහස් දැක්ක පුදුමෙටත් එක්ක මගෙ කටින් ඒ නම නිකන්ම පිට උනා.
"අහස්.."
"පිස්සුද.. මගෙ හිතේ එහෙම එකක් නෑ. එයා මට කැමතියි කියලා කිව්වෙ ඒ කාලෙ. ඒත් දැන් එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඇති."
මං අහස් දිහා බලාගෙන දොඩවද්දි සංජනා ඒක එයාට කිව්වා කියලා හිතලා කියාගෙන කියාගෙන ගියා. මට හිනා ගියා අහස් ගැන කියද්දි සංජානාගෙ මූණ රතු උන හැටි දැකලා.
"මෝඩියේ.. මං කිව්වෙ අහස් මේ කැෆේ එකට ආවා කියලා."
"හහ්.. කෝ කොහෙද ?"
ඒ පාර සංජනා හතර වටේ බෙල්ල හරෝ හරෝ හොයනවා. බැරිම තැන මං කටත් තද කරගෙන ටේබල් එකට ඔළුව ගහගත්තෙ හිනාව හංග ගන්න.
................................................... 🖤 ...
අනේ මංදා මේ සංජානා නම් 😄
අහස්ට සෙට් කරන්නද එයාව ?
Sachy Collins