Spring is far away - 40
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 40 | What
"ඩොක්ටර්.."
"ඕහ්.. කව්ද ?"
ඒ ඩොක්ටර් මං ලඟට යද්දිම හැරුණා. ඔව් මේ එයාම තමා. මේ මූණ මට මතක තිබ්බ එක වාසනාවක්..
"ඩොක්ටර් හේෂාන්ව දන්නවා නේද ?"
"ඔව්.. මිස්ටර් යුවසිංහගෙ ලොකු පුතානෙ."
"ඔව්.. ඩොක්ටර් දන්නවද හේෂාන්ව බලන ඩොක්ටර් ව."
"ආහ්.. ඒ ඩොක්ටර් විජේසිංහ."
"ඩොක්ටර්ට පුලුවන්ද මට, ඩොක්ටර් විජේසිංහ ඉන්න තැන කියන්න."
"එයා මෙවෙලෙ ඇත්තෙ ස්ටාෆ් ලොන්ජ් එකේ. ආහ් නෑ.. අර එන්නෙ.. අන්න එයා."
සුදු උස තිස් ගානක විතර වයස ඩොක්ටර් කෙනෙක් පෙන්නලා ඒ ඩොක්ටර් යන්න ගියා. මං ඒ ඈතින් එන ඩොක්ටර් එනකම් බලාගෙන හිටියා.
"ඩොක්ටර් ද විජේසිංහ කියන්නෙ ?"
"ඔව් මං තමයි."
"අ.. ඩොක්ටර්ද හේෂාන්ව බලන්නෙ ?"
"ඔව්.."
"මට පොඩ්ඩක් ඩොක්ටර් එක්ක කතා කරන්න පුළුවන්ද. එයා ගැන."
"අයිම් සොරි. මට ඔයා කව්ද කියලා දැන ගන්නෙ නැතුව එහෙම කියන්න බෑ."
"මම එයාගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. මින්දි අමේලියා."
මං එහෙම කියද්දි ඒ ඩොක්ටර් කට ඇරන් වගේ බලන් හිටියා. හැමෝම මගෙ නම අහලා තිබුණට මාව දැකලා නෑනෙ. මං එදා දැක්කා යූ ටූබ් එකේ චැනල් එකක දාලා තියනවා මගෙයි හේෂාන්ගෙයි ගැන මොකක්ද විස්තරයක්.
"ඒ ඔයාද ?"
"ඔව්.. එයා මට කිසිම දෙයක් කිව්වෙ නෑ ඩොක්ටර්. එයාගෙ අම්මා තාත්තා වත් මට කියන්නෙ නෑ. අඩුම තේෂාන් වත්."
මං තේෂාන්ට නම විතරක් කියලා කතා කරද්දි ඩොක්ටර් තව ටිකක් කන්ෆියුස් වෙලා බලන් හිටියා. එයාලා දන්නෙ නෑ තාම මං එයාගෙ ෆියන්සි කියලා.
"ඩොක්ටර්ට පුළුවන් නම් කියන්නකො මොකක්ද එයාට තියන ප්‍රශ්නෙ කියලා. මට ඇත්ත දැනගන්න ඕනි."
"මුකුත් නෑ.. එයාව මං මගෙ යාළුවෙක්ට කන්ටැක් කරලා දුන්නා. එයාගෙ ප්ලේට්ලට් කවුන්ට් එක බැහැලා. ටිකක් දුර්වලයි. ඒකයි."
"ඒක එයාට ගොඩාක් බලපානවද ඩොක්ටර්."
"අපෝ නෑ.. එයාට Treatment කළාම හරියයි."
"තැන්කියු ඩොක්ටර්. ඔයා මට ලොකු උදව්වක් කලේ."
"ඒක සුළු දෙයක්."
"මං යන්නම්."
මං එහෙම කියලා අනිත් පැත්ත හැරුණා විතරයි මට ඉස්සරහින් ඉන්න දෙන්නා දැකලා මං බය උනා. ඒ වෙන කවුරුත් නෙවෙයි. ඩොක්ටයි මායි කතා උන කෙනායි එයාගෙ තාත්තයි..
හේෂාන්..
දුල්නෙත්මියි සංජානායි දෙන්නා ඈත ඉඳන් බලන් ඉන්නවා. මට විශ්වාස කරන්න බෑ එයා මගෙ ඉස්සරහා ඉන්නවා කිව්වම. මෙවෙලෙ.
"අහ්.. හේෂාන්.. තාත්තේ.. ඔයාලා මෙහෙ ?"
"ඔයාගෙ සැකේ හරිද ?"
එයා එහෙම අහද්දි මගෙ කට ලොක් උනා. දෙයියනේ එයාට මං ඩොක්ටර්ගෙන් අහපු ඒවා ඇහුණද දන්නෙ නෑ. ඇහිලා වගේ තමයි මගෙන් එහෙම ඇහුවේ.
"දැන් හැම දෙයක්ම හරිද.. හැම දෙයක්ම දැන ගත්තද."
"අහ්.. මං එහෙම මුකුත් ඇහුවෙ නෑ."
තාත්තා හේෂාන් දිහායි මං දිහායි දෙන්නම දිහා බලනවා. කියාගන්න දෙයක් නැතුව මං බිම බලන් ඉන්නවා. ඒත් මට මෙතන තවත් ඉන්න බෑ. එහෙම උනොත් හේෂාන් මට බනීද දන්නෑ.
"මං යන්නම්.."
මං එහෙම කියලා ඩොක්ටර් පාස් කරගෙන ගියා. මං දැක්කා හේෂාන් මගෙ පිටි පස්සෙන් එනවා වගේ. දුල්නෙත්මියි සංජානායි දෙන්නා ඉස්සරහින් එළියට යයිනේ. මං සයිඩ් එකෙන් යනවා. එතකොට හරිනේ.
"තැන්කියු ඩොක්ටර්.."
ඩොක්ටර් විජේසිංහගෙ කරට තට්ටු කරපු හේෂාන් එතනින් ගියේ ඩොක්ටර් ඔළුව වනද්දි..
........
මං ඉක්මනින් ගාඩ්න් එක අයිනෙ තිබ්බ කොරිඩෝව දිගේම වේගෙන් වේගෙන් ගියා. එත් ටික දුරක් යද්දි මගෙ අතේ තව අතක් පැටලෙනවා දැනුණා..
"මින්දි.."
"අහ්.."
එයාගෙ අත් දෙකෙන් මං නිකන්ම ඇදිලා ගියා. ඊයෙ උණ ගතිය තාමත් ඒ විදිහටම තියනවා වගේ මට දැනුණේ ඒ ස්පර්ශයෙන්.
"ඔයාට ඒක දැනගන්නම ඕනි නම් මගෙන් අහන්න තිබුණා. ඇයි ඩොක්ටර්ගෙන් ඇහුවේ."
"අයිම් සොරි හේෂාන්.. මට ඒ ගැන දැනගන්නෙ නැතුව ඉන්න බැරි උනා."
මම හිතුවා එයාට තරහා යයි කියලා. ඒත් එයා මගෙ උරහිස් දෙකෙන්ම අල්ලගෙන ඔහේ කතා කරනවා. බොරු කියලා මටම තේරුමක් නෑ. ඉතින් මං ඇයි ඇත්ත නොකියන්නේ.
"ඔයා මං ඕසී ගිහින් ආපු දවසෙ ඉඳන්ම වෙනස් වෙලා. සුදුමැලි වෙලා. අනික ඔයා හොස්පිටල් යනවා වැඩියි. ඔයාට වෙනදට වඩා ඉක්මනින් තරහා යනවා.."
"එදා මං අහද්දි තාත්තා කිව්වා ඔයාව සයිකෙයාට්‍රිස්ට් කෙනෙක්ට පෙන්නුවා ඔයා Depressed වෙලා ඉන්නෙ කියලා. මං ඊයෙ අහද්දි තේෂාන් කිව්වා ඔයාට එනර්ජි අඩු වෙලා කියලා. මට මේ කිසි දෙයක් තේරෙන්නෙ නෑ. ඊයෙ ඔයාට හොඳටම උණ තිබුණා. එසේ මෙසේ රත් වීමක් නෙවෙයි ගිනි ගන්නවා වගේ. මෙච්චර කල් ලෙඩක් නැතුව හිටපු ඔයා එකපාරටම මෙහෙම ෆේන්ට් වෙලා වැටෙන්න හේතුවක් තියෙන්න ඕනි හේෂාන්.."
"ඒකයි මම ඩොක්ටර්ව හොයන් ආවේ."
කම්මුල් දිගේ පෙරෙන කඳුළු මං අත් දෙකෙන්ම පිහ දැම්මෙ එයාගෙ මහපට ඇඟිලි මගෙ කඳුළු පිහන්න ඉස්සෙද්දි. මට බෑ හේෂාන් ඉස්සරහා දුර්වල ගෑනු ළමයෙක් වෙන්න.
"මට තේරෙනවා ඔයාට දැනෙන දේ.. ඒත් මින්දි.. ඔයා දැන් මං ගැන කෙයා කරලා වැඩක් නෑ."
එයා එහෙම කියද්දි මගෙ පපුවටත් මොකක්ද උනා වගේ. කොහොමද ඔයා ඔහොම කියන්නෙ. අපි අතර තිබුනෙ ආවට ගියාට ඇතිවුණ සම්බන්ධයක් නෙවෙයි.
"අපි අපේ එෆෙයා එක නැවැත්තුවෙ මීට අවුරුදු ගානකට කලින්. තව මාස ගානකින් මගෙ මැරේජ් එක."
"ඔව්.. මං දන්නවා. ඒත් මං තාමත් අනිත් අය ගැන වද වෙවී ඉන්නවා. මට බෑ අනිත් අය වගේ එකපාරටම වෙනස් වෙන්න."
මම ටිකක් තදින් කියලා එයාගෙන් එහාට ගියා. ඒ ඇස් තාම මට යොමු වෙලා. කියන්න දේවල් ගොඩක් තිබිලත් හිර කරන් ඉන්නවා වගේ එයාගෙ ඇස්. මේ නම් වෙනදට ඔෆිස් එකේදි දකින හේෂාන් යුවසිංහට වඩා හාත්පසින්ම වෙනස් මනුස්සයෙක්ගෙ ප්‍රතිරූපයක්..
"හැමදාම වරද්දන්නෙ නැතුව බේත් ටික ගන්න, Treatment කරන්න. මං ප්‍රාර්ථනා කරනවා ඔයා ඉක්මනින් හොඳ වෙන්න කියලා."
"මින්දි.."
මං එහෙම්ම එතනින් දුවලා අර දෙන්නා ගාවට ගියා. හේෂාන් මගෙ හිත රිද්දෙව්වොත් මට ඒ හොඳටම ඇති දුක් වෙන්න දවසටම. මට ආයෙ අද දවසටවත් ඒ රූපෙ දකින්න නොලැබේවා කියලයි මං ප්‍රාර්ථනා කරන්නෙ.
"මොකක්ද බන් ඒ උනේ.. එකපාරටම දිව්වා. ඩොක්ටර් කෙනෙක් ඒක්ක කතා කරා. ඒ අස්සෙන් හේෂාන් තාත්තා එක්ක අපිවත් තල්ලු කරගෙන එතෙන්ට දුවන් ආවා."
"අපි යමු."
මං එහෙම කියලා කාර් එකට නැග්ගා. අර දෙන්නා දෙන්නට දෙන්නගෙ මූණ දිහා බලලා කාර් එකට නැග්ගා. මට ටික දුරයි ඩ්‍රයිව් කරන් එන්න හම්බුණේ.
"Hey.. How dare you avoid my question ?"
(මේ.. ඔයා කොහොමද මගෙ ප්‍රශ්නෙ මගාරින්නෙ.. ආ)
පැසෙන්ජර් ශීට් එකේ ඉඳන් මට ඇඟිල්ලෙන් ඇන ඇන දුල්නෙත්මි අහනවා. අහපු ප්‍රශ්නෙ මගාරින්න හේතුවක් නෑ මට. ඒත් එතෙනට හේෂාන් එන්න කලින් මට කාර් එකට නැඟලා යන්නයි ඕනි උනේ.
"මං ඒ ඩොක්ටර්ගෙන් අහන්නයි ගියෙ හේෂාන් ගැන. එයා මේ දවස් වල අසනීපෙන් ඉන්නවා කිව්ව නිසා."
"එයා කැමති නෑ වගේ ඔයා ඒ ගැන දැන ගන්නවට."
ඔව් මං දුල්නෙත්මිගෙ කීමට එකඟයි. හේෂාන් එවෙලෙ කලබලෙන් දුවන් ආවා නම්, මං දුවද්දි නතර කරගෙන එහෙම ප්‍රශ්න ඇහුවා නම්, මගෙ කඳුළු ඒ අත් දෙකෙන්ම පිහින්න හැදුවා නම් එයා කොහොමද කියන්නෙ එයා තාමත්,
මම දුක් වෙනවට අඬනවට කමැතියි කියලා..
❝ මට තේරෙනවා ඔයාට දැනෙන දේ.. ඒත් මින්දි.. ඔයා දැන් මං ගැන කෙයා කරලා වැඩක් නෑ ❞
❝ අපි අපේ එෆෙයා එක නැවැත්තුවෙ මීට අවුරුදු ගානකට කලින්. තව මාස ගානකින් මගෙ මැරේජ් එක ❞
ඔයා කොච්චර බොරුකාර නළුවෙක්ද. ඔයාට මට කෙලින් කියන්න බැරි උනා මං ගැන තාමත් ඔයා Care කරනවා කියලා. ඔයාට මේ ජවනිකාවෙන් පරාදයි හේෂාන්..
යද්දි අටයි වෙලාව. මං ඉක්මනින් ගියේ මගෙ රූම් එකට. මට යද්දිම ඩේවිඩ්ගෙන් මැසේජ් එකක් ආවා වගේ දැක්ක නිසාම මං ෆෝන් එක ඔන් කලා.
❝ Dear, What about the day after tomorrow, to our meet ? ❞
❝ Sounds good mr. David ❞
❝ Then you should be ready by 8 pm. I will come and go with you ❞
❝ No, it doesn't matter. i will come ❞
එයාට මාව හම්බවෙන්න ඕනි අරමුණ මොකක්ද කියලා වත් මං දන්නෙ නෑ. මොනා උනත් හේෂාන් දන්නවා නම් මට යන්න දෙන්නෙත් නෑ.
"මෑම්.."
කෙනෙක් දොරත් ඇරගෙන දුවගෙන ආවා. මං දන්නවා 'මෑම්' කියද්දිම ඒ සෙකට්‍රි කියලා. හේෂාන්ගෙ Cousin අභිමානි.
"Yes ?"
"මෑම් ලොකු ප්‍රශ්නයක්.."
"මොකක්ද ?"
"අරුෂි මැඩම්ට."
"මොකක් ?"
අභිමානි කිව්ව නිසාම මං එයාගෙ පස්සෙන් ගියා. යද්දි මැඩම් හිටියෙ කන්ෆරන්ස් රූම් එකේ. එයා එක්ක Senior Director යි ඉතුරු Directors Board එකම හිටියා. මම ඒ මනුස්සයාව දැකලා තිබුණෙ නෑ වැඩිය. ඒත් මට පෙනුනා ඒ පෙනුමෙන් මෙයා ලේසි පහසු කෙනෙක් නෙවෙයි කියලා.
මං එතන දොරඇරගෙන ගියා කන්ෆරන්ස් රූම් එකට..
"Mr. Samarasinghe. What's going on ?"
(මිස්ටර් සමරසිංහ. මොකක්ද මෙතන වෙන්නේ)
මං දොර ගාව හිටගෙන බලාන හිටියේ එයා එක දිගට අරුෂි මැඩම්ට බනින හැටි. වරදක් නැතුව බනින එක වැරදියි.
"Oh.. are you standing here without fear because you also helped her ?"
(ආ.. දැන් ඔයා මෙතන ඇවිත් බය නැතුව හිටන් ඉන්නේ මෙයාට උදව් කරපු නිසාද)
"I don't understand what you mean sir. First tell me what is the reason to blame her ?"
(මට තේරෙන්නෙ නෑ සර් කිව්ව දේ. ඉස්සෙල්ලාම මට කියන්න ඇයි එයාට බනින්නේ)
එකපාරටම මැද පරිච්චේදයකින් පටන් ගත්තා වගේ සීනියර් ඩිරෙක්ටර් මට එහෙම කියද්දි මං කන්ෆියුස් උනා. මං දන්න හැටියෙන් මං වත් අරුෂි වත් මුකුත් වැරැද්දක් කලේ නෑ.
"This woman leaked personal information of our hotels. We lost two of our budget drafts because of her."
(මෙයා අපේ පර්සනල් ඉන්ෆෝමේෂන් එකක් ලීක් කරලා)
"Do you have evidence sir?"
(ඔයාට සාක්ෂි තියනවද සර්)
Evidence කියන වචනෙ ඇහෙද්දිම ඒ මනුස්සයා මගෙ පැත්තට කොල වගයක් වීසි කලා. ඒ කොළ ටික ඇවිත් නැවතුණේ මම හිටපු තැන මේසෙ අයිනේ.
කාට හරි PDF වලින් ලීක් වෙලා තියෙන්නෙ අරුෂි මැඩම්ගෙ Gmail Account එකෙන්. මාකටින් සෙක්ශන් එකේ ටූ තවුසන්ඩ් ටුවෙන්ටි වල ෆයිල්ස් තුනක් වගේම, ටූ තවුසන්ඩ් එයිට් වල බජට් ඩ්‍රෆ්ට් එකක්, හොටෙල් එකේ නැවතිලා හිටපු කෙනෙක්ගෙ පර්සනල් ඩීටේල්ස් වගයක් ඒ ජී මේල් අකවුන්ට් එකෙන් ගිහින් තියනවා. ඒත් ගිහින් තියෙන්නෙ Unknown Gmail Account එකකට.
අරුෂි මැඩම් මේ වගේ දෙයක් කරන්න හීනෙකින් වත් හිතන්නෙ නෑ. එයා කවදාවත් යුවසිංහ ගෲප් එකට නරකක් වෙන කිසිම විදිහෙ ක්‍රියාවක් නම් කරන්නෙ නෑ. ඒකයි එයා මෙතන ඉන්න හොඳම එකම ෆීමේල් මැනේජර් උනේ.
දැන් ඒ මනුස්සයා මං දිහා සමච්චලයට වගේ බලන් ඉන්නවා. ඒත් මට කියන්න තව එක පොයින්ට් දෙකක් ඉතුරු වෙලා තියනවා,
1. මේ කම්පැනි එකේ රූල්ස් වලට අනුව කෙනෙක්ට පෞද්ගලිකව ගෙන්නලා අපහසුතාවයට පත් කරන එක පටහැනියි. හරි නම් එයාලා පළමුවෙන්ම මේක ගිහින් එයාලගෙ විධායක නිලධාරීන්ට දැනුම් දෙන්න ඕනි.
2. අරුෂි මිස්ගෙ ෆෝන් එකෙන් ගත්තු ඩීටේල් තමා මේ මට පෙන්නපු ස්ක්‍රීන් ශොට් වල ප්‍රින්ට් අවුට්ස්. ඒත් අරුෂි මැඩම්ගෙ මේ හැම දේකම ස්ක්‍රීන් ශොට් ගන්න නම් එයාගෙ ෆෝන් එකේ ලොක් එක දැනන් ඉන්න ඕනි.
අනික එයාලා අරුෂිගෙ ෆෝන් එක එයාගෙ කැමැත්තත් ඇතුව චෙක් කලා නම් කොහොමද හරියටම එයා කියන්නෙ. ඒ කියන්නෙ එයාලා චෙක් කරලා තියෙන්නෙ අරුෂිගෙ ෆෝන් එක විතරයි. එහෙම දෙයක් වෙන්න බෑ කොහොමත්. ඉතින්,
"This is against our company rules."
(මේක අපේ ආයතනයේ නීති වලට පටහැනියි නේ)
මං එහෙම කියද්දි ඩිරෙක්ටර් බෝඩ් එකේ සද්දයක් වත් නෑ. එක්කෙනෙක් වත් අරුෂිට වෙන මුකුත් කිව්වෙ නෑ. හේෂාන් නැති තැන මට අසාධාරණකම් වෙන්න දෙන්න බෑ.
"indeed it is."
(හරියටම හරි)
මගෙ පිටිපස්සෙන් ඇහුණ කටහඬට මං ඉක්මනින් හැරුණා. මොකද ඒ හේෂාන්ගෙ කටහඬ නිසා. මං ඉක්මනින් එතනින් අයින් උනේ එයාට යන්න ඉඩ දීලා. සමහරවිට එයාට මේ කිව්ව ඒවා සේරම මුල ඉඳලා ඇහෙන්න ඇති.
"No one can break the rules."
(කාටවත් නීති කඩන්න බෑ)
එයා එහෙම කියලා ගිහින් ෆයිල් ටික අතට ගත්තා. තත්පර දෙකක් තුනක් යන්න ඇති එයා ඒ ටික බලලා සීනියර් ඩිරෙක්ටර් ගාවට විසි කලා.
"How did you take these screenshots ?"
(කොහොමද මේ ස්ක්‍රීන් ශොට් ගත්තේ)
ඒ කියන්නෙ මට දැනුණ දේ හේෂාන්ටත් දැනිලා. ඒත් දැන් මේ මනුස්සයා බේරෙන්න සාධාරණ හේතුවක් කිව්වොත්..
"I checked her phone, sir."
(මම එයාගෙ ෆෝන් එක චෙක් කලා සර්)
"Arushi.. Did he check your phone ?"
(අරුෂි.. එයා ඔයාගෙ ෆෝන් එක චෙක් කලාද)
අරුෂි මැඩම් බය වෙලා වගේ බලාගෙන හිටියා හේෂාන් දිහා. මට තේරෙන්නෙ නෑ එයා මේකට වැරදිද නැද්ද කියලා. හැබැයි එයා වැරදි නැත්තම් මේක කියන්න එයා පසුබට වෙන්නෙ නෑ කීයටවත්.
"Um.. Yes sir."
(අම්.. ඔව් සර්)
මං හිටිතැනම ගල් වෙලා. හේෂාන්ගෙත් කට වැහිලා. අරුෂි කවදාවත්ම එහෙම දෙයක් කරන්නෙ නෑ කියලා මට 100% ම විශ්වාසයි.
"Okay.. Mister Samarasinghe, I have to suspend you until I know the truth. And Arushi you. Come to my office."
(හරි එහෙනම්.. මිස්ටර් සමරසිංහ මට ඔයාව ඉවත් කරන්න වෙනවා ඇත්ත දැන ගන්නකම්. සහ අරුෂි ඔයා මගෙ ඔෆිස් එකට යන්න)
එහෙම කියද්දි සීනියර් ඩිරෙක්ටර්ගෙ මූණෙන් මට පෙනුනේ සුළි කුණාටුවකට අහු වෙච්චි නැවක ඒ මේ අතට වේගෙන් නලියන රුවලක් වගේ.
"But sir...."
(ඒත් සර්)
"I think everyone must have heard what I said."
(මම හිතනවා හැමෝටම මං කිව්ව දේ ඇහුණා කියලා)
හේෂාන් ඒක කිව්වෙ ටිකක් තදින්. මං බලාගෙන අභී ඉක්මනින් ගැස්සෙන විදිහ. ඒ කෙල්ල කොහොමත් හේෂාන්ට බයයිනෙ.
"Abhimani.. Tell Tanashea to come as soon as possible."
(අභිමානි.. ටනාෂියාට ඉක්මනින් එන්න කියන්න)
"Ok sir."
(හරි සර්)
එහෙම කියලා එයා ගියා. උදේ කිසිම දෙයක් නොවුණා වගේ එයා නොබලාම ගියා. සීනියර් මට රවාගෙන යද්දි මං පස්සට වෙලා ඉඩ දුන්නා. අන්තිමට මං විතරක් කන්ෆරන්ස් රූම් එකේ තනියම. ඉතින් මං යන්න කියලා හදද්දි,
ස්ලිප්..
මගෙ හීල් එකට පෑගුණේ නමපු කොලයක්. මං ඒක අතට අරන් බැලුවා. කාගෙ හරි ෆාමසි ඉන්වොයිස් එකක්. නම බැලුවම තමයි දැක්කෙ ඒක හේෂාන්ගෙ කියලා. උදේ එයා හොස්පිටල් එන්න ඇත්තෙ මේකට වෙන්න ඇති. සමහරවිට එයා මේක සාක්කුවේ දාලා තිබිලා වැටුණද දන්නෙ නෑනෙ. අද ඩෙනිමක් නේ ඇඳන් හිටියේ. ට්‍රව්සර් එකක් වගේ බාගෙට ඔබාගන්න ඇති. එයාගෙ වැඩ එහෙමයිනෙ.
ඒත් මං දැන් කොහොමද මේක එයාට දෙන්නෙ. එයා අරුෂි එක්ක ඔෆිස් එකේ ඇත්තෙ. අභීගෙ අතට දෙන්නත් බෑ. මේක හේෂාන්ගෙ ප්‍රයිවට් දෙයක්නේ. එයා කාටවත් අසනීප ගැන කියන්නෙ නෑනෙ.
මං එයාගෙ ඔෆිස් එක ගාවට ගියා. අභිමානි වටේ කැරකි කැරකි ඉන්නවා.
"මෑම්.. How can I help you ?"
"No thanks. මට මේක හේෂාන්ට දෙන්න ඕනි."
"දෙන්න මං දෙන්නම්."
"මේක පර්සනල් එකක්."
"අහ් මේ.. ප්‍රශ්නෙ කියන්නෙ මෑම්, සර් ඔෆිස් එකේ නෑ මිස් ටනාෂියායි, අරුෂි මෑම් යි විතරයි ඉන්නෙ."
එතකොට හේෂාන් මේ කොලේ හොයනවා ඇති මම කලින් හිටපු තැනට ගිහින්. මං එහෙම්ම එතනින් ආවේ කන්ෆරන්ස් රූම් එකට. ඒ යද්දි හේෂාන් බිම බල බලා ඉන්නවා.
එයා බය නැතුව ටනාෂියාව එයාගෙ රූම් එකේ තියලා තියෙන්නෙ මොන හේතුවක් නිසාද. ටනාෂියා එයාගෙ ලඟම යාළුවෙක් කියලා විතරයි මං දන්නෙ. සමහරවිට එයා මෙතන සිකියුරිටි ඔෆිසර් කෙනෙක්ද දන්නෑ. ඒ උනාට මට තියන පුදුමෙ ඉස්කෝලෙ කාලෙ ගෑනු ළමයි ඇලජික් කෙනෙක් දැන් කී දෙනෙක්ව ළඟින් තියන් ඉන්නවද කියලා. ඒ අතින් බැලුවම හේෂාන්ට මාව පොඩි ගොඩේ කෙල්ලෙක් වෙන්නත් පුළුවන් 🤷.
"මේකද හෙව්වෙ... සර්.."
පස්සෙයි මට මතක් උනේ සර් කියලා කතා කරන්න. එයා මෙතන මගෙ බොස් නේ. එයා කියන විදිහට මං වැඩ කරන්න එපැයි.
එයා පුදුම වෙලා ඒ කොලේ මගෙ අතේ තියනවා දැක්කම. හිතන්න නැතුව ඇති උදේ සිදුවීමෙන් පස්සෙ අපි ආයෙ හම්බවෙයි කියලා. මං හිමිහිට එයා ගාවට ගිහින් කොළේ දික් කලා.
"Thank you."
"ඒක සුළු දෙයක්.
එයා මගෙන් කොලේ ගත්තේ ඒ කොලේ දිහා බලාගෙන. මං එහෙම්ම යන්නයි හැදුවේ. ඒත් ඒ කටහඬ නිසා මං නැවතුණා.
"අ.. අයිම් සොරි මින්දි.. මං උදේ කියපු දේවල් ඔයාට අන්කම්ෆටබල් වෙන්න ඇති."
"නෑ.. මම අනවශ්‍ය දෙයක් ඇහුවෙ.. මං හිතන්නෙ."
නිල් පාට ශර්ට් එකට කළු ඩෙනිමක් ඇඳලා එයා හරි ලස්සනයි අද. ඒත් පුදුමයි එයා කැශුවල් අඳින විදිහට කම්පැනි එකට ආවා කිව්වම.
පොඩ්ඩක් ඉන්න..
එයාගෙ සුවඳ අද වෙනස් වෙලා. වෙනදට එන ඒ පැඟිරි සුවඳ අද අමුතුම එකක්. ඒ කියන්නෙ එයා බ්ලූ ඇට්ලස් ඇත්ලාන්ටිස් වලින් වෙන් වෙලාද. ඇයි එයා මෙච්චර කාලයක් පාවිච්චි කරපු පර්ෆියුම් එක වෙනස් කලේ ?
"ඔයාට ඒ ගැන සැකයක්........."
"ඇයි පර්ෆියුම් එක වෙනස් කලේ ?"
එයාගෙ කට නිකන්ම වැහුණා. තත්පර දෙකක් විතර යද්දි තමා මටත් තේරුණේ මං ඇයි ඒ වගේ ප්‍රශ්නයක් ඇහුවෙ කියලා. ඉක්මනින් කටට අත තද කරගත්තා මං.
"වෙනස් කලේ නෑ. ඊයෙ ඒක ඉවර උනා. ආයෙ එකක් ගන්නකම් නිකන් එකක් ගහන් ආවේ."
"ආහ්.."
මට කියන්න දෙයක් තිබුණෙ නෑ. මං ශේප් එකේම එයාට ඔළුව වනලා එතනින් ගියා. ඒත් ටික දුරයි මං ගියේ.
"තැන්කියු මං නැති වෙලේ එතන Situation එක බලා ගත්තට."
"ඒකට කමක් නෑ. මිස්ටර් සමරසිංහ රූල්ස් වලින් පිට ගියා. ඒක අපි ඕනිම කෙනෙක් දන්නවනෙ සර්.."
මං තවත් මුකුත් නොකියා එතනින් ගියා. දැන් මට පේනවා එයාගෙ මූණ නළියන විදිහ. මොකද එයාට මට එක දෙයක් කියා ගන්න බැරි උනා,
❝ මට සර් කියන්න එපා මින්දි. ඇයි මට හේෂාන් කියලා කතා කරන්න බැරි ❞
අන්න ඒක.. සමහරවිට ඔයිට වඩා රෞද්‍ර වෙන්නත් පුලුවන්. මොකද මේ, එයා ඒ වාක්‍ය කියන පළවෙනි වතාව නෙවෙයි නිසා.
අරුෂි මැඩම්ව මං පැයකින් වත් දැක්කෙ නෑ. මං මගෙ ඔෆිස් එකට වෙලා හිටියෙ නිකන්. මොකද අද මට වැඩ බාරදෙන්න මැඩම් නැති නිසා. බැරිම තැන මං හේෂාන්ගෙ ඔෆිස් එක ගාවට ගියෙ අරුෂි එළියෙ ඉන්නවද බලන්න. දැනුත් අර බෝල අභී චිප්ස් වගයක් ගිල ගිල ඉන්නවා. මං යද්දි ආයෙ නැගිටලා එයාගෙ රූම් එකෙන් එලියට ආවා.
"මෑම්.."
"ඇයි ඔයා මට මෑම් කියන්නේ."
මං එකපාරටම එහෙම අහද්දි අභිමානි කන්ෆියුස් වෙලා බලන් ඉන්නවා. ඔව් ඉතින් එයා මට එහෙම කියන්න හේතුවක් එපෑ.
"මේ.. මැඩම් හේෂාන් සර්ගෙ.. බෙස්ටි නේද.. මම දැක්කා යූ ටියුබ් එකේ තියනවා.. අනික සර් Instagram එකේ දාලා තියෙන්නෙ සර්ගෙයි මෑම්ගෙයි ෆොටෝස්."
"ඒවා කොයි කාලෙ දාපුවද.. අනික දැන් අපි අතර....."
"සර් කියලා තියෙන්නෙ මට මෑම්ට එහෙම කතා කරන්නයි කියලා."
මට හිතුණා. එයාට උවමනාව තිබුණා කවදාම හරි මාව කම්පැනි එකට ගන්න. සමහරවිට එතකොට අභිමානිට එයා එහෙම කියන්න ඇති.
"එහෙමද.. හ්ම්.. තාම සර් මුකුත් තීරණයක් දුන්නෙ නැද්ද. දැන් ලන්ච් ටයිම් එකටත් ලඟයි."
"සර් ගෙදර ගියා. මිස් ටනාෂියායි අරුෂි මෑම් යි විතරයි ඉන්නෙ."
"හ්ම්.. ඒක නෙවෙයි මිස් අභිමානි.. මට ඔයාගෙන් අහන්න දෙයක් තියනවා."
"අහන්න මෑම්."
"ටනාෂියා හේෂාන්ගෙ කව්ද ?"
"මිස් ටනාෂියා සර්ගෙ ප්‍රයිවට් සෙකට්‍රි."
"What ?"
................................................... 🖤 ...
ප්‍රයිවට් සෙකට්‍රි ටනාෂියා කියන්නේ 😌
සොරි ළමයි. කතාව බෝරින් ඇති. මම මෙහෙ විකාරයක් නටනවා එක්සෑම් අස්සෙ..
Sachy Collins